11 September 2013

අපූරු ජන්ද අපේක්ෂකයා ..



ජන්දේ ගැන මට මුලින්ම අදහසක් ඇතිවුනේ ඉස්කෝලේ හයේ හතේ පංතිවල ඉන්න කාලේක.. දවසක් ඉස්කෝලේ අහවර වෙලා පාරට බහිද්දිම ඉස්සරහා තාප්පේ වැහෙන්නම ජන්ද පෝස්ටර් අලවල ඒවායේ එවුන්ගේ හිනාව එකෙකුට එකෙක් දෙවෙනි නැහැ, එහෙමත් එකෙක් තමයි  දත් දෙක තුනක් පෙන්නලා හිනා වෙලා උන්නේ අනිත් හැමෝම දත් තිස් දෙකට ආසන්න ගානක් හිනාවෙන් ප්‍රදර්ශනය කරලා තිබුනා .. කොහොම උනත් ඒ හිනා මුණු වලට ඒ කාලේ මම ප්‍රිය කළා.. පස්සේ තමයි දැන ගත්තේ උන්දැල ඒ හිනහා වෙන්නේ අපිටමයි  කියලා .මුලින්ම පෝස්ටර් වලින් හිනහව පෙන්නලා පස්සේ ජන්ද වරමින් පාර්ලිමේන්තුවට රින්ගුවට පස්සෙත් උන්දැල කලේ අපිව හිනස්සන එක විතරමයි...

පස්සෙන් පහු අපේ ගම් පළාතෙත් උන්දැල එක්කෙනා දෙන්නා පුංචි ජන්ද වලට ඉදිරිපත් වෙලා ප්‍රාදේශීය සභා වගේ එව්වට ගියා .. සල්ලිය බාගේ යහමින් තියෙන උන්දැල නම් ඉන් පස්සේ බලය හොයාගෙන දේශපාලනේට පය තිබ්බට මොකද එදා වේල හොයාගෙන කන සමහර උන්දැලත් ඇමතිලා මන්ත්‍රීලා පස්සේ දුවලා ජන්දේ ඉල්ලන්න ඉදිරි පත්වෙන එක ගැන  ඒ කාලේ හැටියට මගේ හිතේ ඇතිවෙලා තිබුනේ ලොකු ගැටලුවක් සමහරුන් තියෙන රස්සාව පවා නැති කරගෙන දේශපාලනේට ගිහින් ගමට වැඩ කරන්න වෙහෙසෙන්නේ ගමට තියෙන ආදරේටයි කියන වැරදි වැටහීම මට ඇතිවෙලා තිබුනට මොකද පස්සේ කාලෙක මම තේරුම් ගත්තා දේශපාලනය කියන්නෙත් හොද බිස්නස් එකක් තමයි කියන එක .. වැඩේ හරියට කලොත් තමන් විතරක් නෙමේ හත්මුතු පරම්පරාවම ගොඩ... ඒ ගමන් ඔය ඉදලා හිටලා පාරක් පාලමක් හැදුවම හොදටම ඇති ..

මෙන්න මේ කාලේ අපේ ගම් පළාතේ අපුරු ජන්ද අපේක්ෂකයෙක් හිටියා උන්දැ ගැන තමයි මේ කතාව ,

එදයි අදයි කියලා වැඩි වෙනසක් නැහැ මම මුන්දැ ගේ නම හරියට කිව්වොත් එහෙම ලංකාවේ ඇතුලත නොඅදුනන කෙනෙක් නැති තරම් . ඒ තරමටම මෙතුමා ජනප්‍රිය ධනවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක්. ආචාර්ය මහාචාර්ය වැනි නම්බු නාම පට්ටම් වලින් පිදුම් ලැබුවෙක්. ඒ කාලේ මම හිතාගෙන උන්නේ ආචාර්ය වරයෙක් මහාචාර්ය වරයෙක් වෙනවා කියන්නේ මොකක්හෝ විෂයකින් පරතෙරට පැමිණියෙක් කියලයි  ඒත් පස්සේ කාලේක මට තේරුණා ඒක මගේ වැරදි අදහසක් කියලා . මුදල් තියේනම්  ඔය පට්ටම් ඕනෑ තරම් අරගෙන නමට ඉහලින් එල්ල ගත්තෑකි හරිම සරලයි.. 

මෙතුමා එදාට වඩා අද ජනප්‍රියයි කිව්වොත් හරි.. ඒ හේතු කාරණා උඩ මට උවමනාවෙන්ම එක්තරා සීමාවක් සහිත රාමුවක සිට මේ ලිපිය ලියන්න සිදු වෙනවා.. මොකද නැත්නම් සුදු වෑන් රථයක අසුන්ගෙන  යන්න මගේ කිසිම කැමැත්තක් නැහැ නෙවැ.

මෙතුමාගේ අපූරු ක්‍රියා කලාපයක් තිබුනා.. සමහර විට මතු අනාගතයේ ජන්දේ ඉල්ලීමේ බලාපොරොත්තු ඇතිව එහෙම කළා වෙන්නත් පුළුවන් ඒ කොහොම වෙතත් ඒ කරපු දේවල් මෙතුමාටම පමණක් ආවේනික වෙච්ච දේවල් හැටියටම තමයි අදත් මම දකින්නේ... ආයේ ඉතින් මේවා වෙන කවුරුත් කරලත් නැහැ කරන්නෙත් නැහැ වන් ඇන්ඩ් ඔන්ලි අපේ කතා නායකයාගෙන්ම පමණයි .

වෙසක් කාලේට දෙන දන්සැල් වලින් බහුතරයක් උදවිය දැකලා ඇත්තේ කෑම, සිසිල්පැන්, තේ පැන් ඇතුළු බිම වර්ග හෝ මල් පහන් දන්සැල් විතරක් වෙන්ටැති... ඒත් අපිනම් සල්ලි දන් සැලුත් දැක්කා ඒ ඉතින් අපේ මෙතුමාට පින් සිද්ද වෙන්න .. අපරාදේ කියන්න බැහැ අහල ගම් හත අටක ගෑනු මිනිස්සු පෝලිම් ගැහිලා උන්නා දන්සැල වැද  පුදාගන්න  පෝලිම් ගැහිලා උන්නු මිනිසුන්ව අන්ඩු මට්ටු කරන්නත් වෙනමම ආරක්ෂකයෝ කිහිප දෙනෙක්ව යොදවන්න සිදුවුණා   .. නැත්නම් පොඩ්ඩ එහා මෙහා වෙද්දී ගුටි ඇනගෙන හරි පෝලිමේ ඉස්සරහට පැනලා මුල්‍යමය දානය ලබාගෙන පින් අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චෙතානාවෙන් හැමෝම මුසපත් වෙලයි උන්නේ ..  ඒ සංදියේ මම හිච්චි ගැටයා නැත්නම් ඔය පෝලිම් කෙළවරක මටත් ඉන්ට තිබුනා ..

 මාරු කාසි අහුරක් දෙකක් එහෙමත් නැත්නම් රුපියල් විස්සේ පනහේ කොල වලින් අතට අහුවෙන තරමේ අහුරක් මේ දන්සැලින් ලබා දුන්නා.. කාලේ හැටියට ඒ ලැබෙන මුදල හොදටම ප්‍රයෝජනවත් පැයක් දෙකක් පෝලිමේ ලැගල උන්නාය කියලා කාටවත් පාඩුවක් නැහැ මේකද මම මේ කියන කාලේ කියන්නේ පාන් රාත්තලක් රුපියල් තුනයි පනහට තුබුන කාලේ .. ඉතින් එහෙව් කාලේක මාරු කාසි අහුරු දෙක තුනක් නෝට්ටු අහුරක් ගන්න ආව මිනිස්සුන්ගෙන් දන්සැල් පෝලිම කිලෝමීටරයකටත් වඩා දික් වුනා කියන එක පුදුමයක් නෙමේ.. අද කාලේ මහා බත් දන්සැලකවත් මම එහෙව් පෝලිමක් දැකලා නැහැ.. කොහොම හරි ඔය වගේ දන්සැලක් අවසන් කරන්නේ මුන්දැගේ අතින් ලක්ෂ හය හතක් දන්දීලා අහවර කලාට පස්සෙයි. ඒකත් විශාල පිනක් නෙවැ.. බලමුකෝ ඒ පින් හේතු වල බල මහිම ඇතිවෙයිද කියලා ජන්දේ දිනන්න.. ඒක දැනගන්න වෙන්නේ අන්තිමට..

ඉතින් ඔය විදියට මහා දාන මාන පිංකම් වලට මෙතුමා ලෝබ නැතුව අත දිගහැරලා වියදම් කරන කාලේ අපේ පල්ලියේ සමිති සමාගමකින් කරන ව්‍යාපෘතියකට මුදල් අඩු පාඩුවක් වෙලා ඒක පියවා ගන්න අපි පිරිසක් සංවිධානය වෙලා  විදී නාට්‍යක් කලා.. මේ නාටකය රගදක්වන්නය කියලා අලුතින් නළු නිලියෝ හොයන්න ඕනේ වුනෙත් නැහැ සමිතියේ සාමාජිකයෝ වෙච්චි අපිම තමයි නළුවෝ උනෙත්...

විදී නාට්‍යක් යැයි කීවට අපි මේක කිසිම විදීයක නම් රගදෑක්වුයේ නැහැ.. ඒකට අපි තෝරාගෙන තිබුනා ධනවත් ව්‍යාපාරික නිවෙස් කිහිපයක්  ඒ නිවෙස් වලට ගොස් ඒ උදවියට විතරයි මේ නාට්‍යය පෙන්නුවේ.. ඉතින් අපිට ඒ ගෙවල් වලින් අත දිග ඇරලා ආධාර කළා.. ඒ අපේ නාට්‍ය ලස්සන නිසාම නොවේ  පල්ලියේ පියතුමා ඒ නිවෙස් කිහිපය දැනුවත් කරලා තිබුන නිසා හැකි පමණින් අපට  ආධාර කරන්නය  කියලා..

අපි මෙහෙම තෝරාගෙන හිටිය නිවෙස් අතරින් අද මගේ කතානායක ප්‍රභූ වරයාගේ බංගලාවත් ප්‍රධාන ඉලක්කයක් වෙලා තිබුනා .. අපිට වෙන් කරලා දීලා තිබුන දවසේ  අපේ කණ්ඩායමමගියා මේ ගෙදරටත් නාට්‍ය රගදක්වන්න. අපරාදේ කියන්න බැහැ උන්නැහේ අපිව බොහොම හොදට පිළිගත්තා විතරක් නෙමේ කෑමෙන් බිමෙනුත් හොදට සංග්‍රහ කරලා එහෙම අන්තිමේදී කිව්වා ...

“හොදයි පුතාලා දැන් එහෙනම් නාට්‍ය කරන්නකෝ ..හැබැයි රගපෑම් නම් සුපිරියට තියෙන්න ඕනේ ...”

උන්නැහේ එහෙම කියලා කට ගන්න හම්බ උනේ නැහැ, අපේ කොයිකටත් පණ්ඩිත ජනකාන්ත අයියා ගේ කට හැමතැනකදිම වගේ මෙතනදීත් අනිත් අයට වඩා ඉස්සරවුනා ..

“ආයෙත් අහලා අංකල්.. දෙන්නම් ආයේ ඇස්ටි හැලෙන්න ...”

අපි බලාගෙන ඉන්නැද්දි උන්නැහැගේ මුණ වෙනස් වුනා ඉස්සෙල්ලා තිබුන කුලුපහ හිතවත් ගතිය වෙනුවට ඒ මුනට ආරුඩවුනේ අපිව බියපත් කරවන තරමේ නපුරු පෙනුමක්.. කම්මුල් කේන්තියෙන් වෙව්ලන්න ගත්තා ..

“අංකල්.. කවුද යකෝ අංකල්.. මම තමුසේගේ අංකල්ද..ඈ ..කතාකරනවා ,

ලොක්කා ජනකාන්ත දිහාටම ඇගිල්ල දික්කරගෙන කෑගහන්න ගත්තා, ජනකාන්ත විතරක් නෙමේ ඒවෙලාවේ උන්දැ යකෙක් වගේ හැසිරුනු හැටියට අපි හැමෝමත්  බයවුනා...

“නෑ..නෑ,, අංකල් නෙමේ මට සමාවෙන්න සර්.සර් .” 

හොදටම බයවෙලා උන්නු ජනකාන්ත අයියා වෙව්ල වෙව්ලා ඒ වෙලාවේ උත්තර  දුන්නු ආකාරය  බලාගෙන හිටි අපි හැමෝගෙම හිත්වලට  දුකක් එක්වුනා කිව්වොත් මම වැරදි නැහැ..

“ඕයි..මිනිස්සුන්ගේ තරා තීරම බලලා ඒ විදියට ගරු නම්බු දීලා කතාකරන්න පුරුදු වෙනවා මින් පස්සෙවත් ..තේරුනාද ?..

“එහෙමයි සර් ..තේරුනා ...”

තව දුරටත් එතුමා නොනවත්වා අපිට බනින අතරේ.. තවදුරටත් ඉවසගෙන ඉන්න පුළුවන් කමක් අපිට තිබුනේ නැහැ ඒක නිසා ඕනෑ දෙයක් වෙත්දෙන් කියලා අපි එහෙම්මම හැරිලා බැස්සා එලියට.. තෙමහල් නිවසේ දෙමහලේ ඉදලා පඩි පෙළ බැහැලා ගේට්ටුව ලගට යනකොටම ආරක්ෂකයෝ දෙන්නෙක් ඇවිත් අපිව නැවැත්තුවා ..

“එක්කෙනෙක්වත් යන්න එපා .. ඔක්කොටම ආයේ මහත්තයා එන්න කිව්වා ..

ආරක්ෂකයෙක් එහෙම කියද්දී නම් මම හිතාගත්තා මේ පාර නම් හොද හෝටලේකින් බඩ කට පුරා කෑමක් දෙන්න තමයි හදන්නේ කියලා .එත් පෙර කල පිනකට  එහෙමවුනේ නැහැ ..

“හරි .දැන් වෙච්ච දේවල් අමතක කරලා ඔයාලා නාට්‍ය කරන්න ...”

අපිත් හිත යට තිබුනා අමනාපේ උඩට නොපෙන්වා නාට්‍යය කරලා ඉවරවෙලා පිටත්වුනා.. අපිට සැලකිය යුතු මුදලකුත් ලැබුනා  ..

ඒ මෙතුමාගේ මාන්නය පෙන්වපු එක අවස්ථාවක්..

ඊට පස්සෙ කාල වලදීත් අපිට සමිති සමාගම් වල අවශ්‍යතාවයන් වලට එතුමාගේ කාර්යාලයට යන්න වෙච්ච අවස්ථා තිබුනා , එත් පිරිමි පාර්ශවයේ කෙනෙක් ගිය අවස්ථා වලට වැඩේ සාර්ථක වුනේ නැහැ දවස් තුන හතර රස්තියාදු වෙන්නවුනා ඒකටත් අපි සාර්ථක පිලියමක් හොයාගත්තා ඒ තමයි සමිතියේ හිටිය හොදට ඇහැට කනට පේන තරුණියක්ව මේ වැඩේට යොදාගත්ත එක. වැඩේ සාර්ථකයි ඉන් පස්සේ දවස් ගණන් රස්තියාදු වෙන්න වෙච්ච වැඩ එක දවසෙන් අහවරයි.. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක් .. 

ඉදලා හිටලා ගමේ පාරේ තොටේදී මෙතුමාව දැක්කොත් ආයේ දෙපාරක් නෙමේ  තුන් හතර පාරක් හැරිලා බැලෙනවා.. වැරදියට වටහා ගන්න ඕනේ නැහැ ඒකටත් හේතු  තියෙනවා . එක්කෝ මෙතුමා ඉන්නේ අස්පයෙක් පිටේ, එහෙම නැත්නම් අස්ප කරත්තෙක හෝ හැඩ වැඩ දැමු  අන් දිග ගොන් කරත්තෙක.. ඉද  හිට අලියෙක් පිටේ යන අවස්ථාද නැතුවම නෙමේ..  

ගමන බිමන එහෙම වෙද්දී නිවසේ තියෙන බොහොමයක් බඩු භාණ්ඩ එහෙමත් රජ සිටු වරුන්ගේ හා සමානව නිර්මාණය කරවලා තිබෙනවා යැයි පැවසෙනවා... ඒකට හේතුව මෙතුමා රජවරු සිටුවරු නිලමේ වරුන්ට වැඩි ඇල්මක් දක්විමම තමයිලු  .

ඒ බව දන්නා බංගලාවේ ආවතේව කාරයෙක් උපායක් යොදාගෙන මඩිය තර කරගත්තු කතාවකුත් තියෙනවා (ලු).. මිනිහා කරලා තියෙන්නේ මෙතුමා එක්ක ඉද  හිට කතාවට වැටෙන්න අවස්තාවක් ලැබුන ගමන් මෙතුමාට රජතුමණි කියන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කිරීමට පෙළබිම.. එහෙම අමතන වාරයක් පාසා මුදල් නෝට්ටු කිහිපයක් ආවතේව කාරයාගේ අතේ තියන්නටත් මෙතුමා පසුබට වෙන්නේ නැහැලු ..

දවසක් මෙහෙම මෙතුමාට රජතුමණි කිය කියා ආමන්ත්‍රණය කර කර හිටි ආවතේව කාරයාට මොකක්දෝ උවමනාවකට මෙතුමාගේ බිරින්දෑ කතාකරලා තියෙනවා .. ආවතේව කාරයත් ගිය ගමන්ම අර ගැම්මෙන්ම ඇයි බිසවුන්නාන්සේ මට එන්න කිව්වේ කියලා අහලා... ඔය රජ කතාව ගැන අමනාපෙන් හිටිය බිරින්දෑට ඒක පාරම මේ මිනිහා බිසවුන්නාන්සේ කියපු එකට අසුහාරදාහටම නැගල “කොහෙද මනුස්සයෝ මෙහෙ රජවරු බිසෝවරු ඉන්නේ ..උබටත් පිස්සු උබේ මහා එකාටත් පිස්සු ...” කියලා ආවතේව කාරයව පන්නගෙන තියෙනවා..     දවසක් හොදම නැටුම් තෙල් වලින් සප්පායන් වෙච්ච ආවතේව කාරය ඕක ගම පුරාම කියව කියව ගියාලු හරි උජාරුවෙන්..


කොහොමින් කොහොමින් හරි පුංචි ජන්දයක් ලංවෙද්දි මෙතුමාත් ඒකට ඉල්ලුම් කලා.. බොහෝ උදවියට වගේම ධනයෙන් අඩුපාඩුවක් නැතිවුනාම බලය ලබාගැනීමේ ආශාව කියන සම්මතය තමයි මෙතනටත් බලපෑවේ  එහෙම නැතුව මෙතුමා දේශපාලනයෙන් හරි හම්බ කරගන්න  අදහසකින් ජන්දෙට ඉදිරිපත්වුනා කියලනම් හිතන්න අමාරුයි .

මෙතුමා ජන්දෙට ඉදිරිපත්වුනදා ඉදලම මේ බංගලාව මිනිස්සුන්ගෙන් පිරුනා කොයිවෙලෙත් මිනිස්සු හත් අටසීයක් ගෙදර ඉස්සරහා වත්තේ හිටියාමයි .. පෝස්ටර් ගහන්නද කැන්වස් යන්නද ස්ටේජ් ගහන්නද ඕනේ තරම් සෙනග උදව් කාරයන්ගේන්නම් කිසිම අඩුපාඩුවක් නොතිබුන ජන්ද අපේක්ෂකයෙක් කිවොත් හරි ... පෝස්ටර් වලින් පැය කිහිපයක් ඇතුලත මුළු පළාතේම තියෙන තාප්ප බිත්ති ටික වනසලා දන්නා පුළුවන් විදියේ කඩිසර ජනකායක් හිටියේ කොයිතරම් සෙනගක් හිටියත් මෙතුමා ඒ ඉන්න හැමෝටම හොදට සැලකුවා ..තුන් වේල කන්න බොන්න දුන්නා. ඒ විතරක්නම් මදෑ හැම කෙනාටම දෙතුන් සීය ගානේ බෙදලත් දුන්නා දවස ගානෙම මේ තරම් සෙනගක් පැල පදියම් වෙන්න හේතුවත් ඒකම තමයි .

මේ අයට මුදල් තෑගී බෙදලා දුන්නේ හරි පරිස්සමට කාවවත් මග නොඇරෙන්න ඒකට හොද ක්‍රම වේදයක් භාවිතා කලා මෙතුමා,  ඒකට යොදාගෙන තිබුනේ ඇතුල් වෙන්න සහ පිට වෙන්න දොර දෙකක් සහිත කාමරයක් එක දොරකින් පෝලිමේ සෙනග ඇවිත් එකා ගානේ කාමරේට ඇතුල්වෙලා මුදල් හෝ  තෑගී අරගෙන එහෙම්මම අනිත් දොරෙන් පිට වේලා යනවා.. කටවත් අසාධාරණයක් වෙන්නෙත් නැහැ හැමෝටම ලැබෙනවා එක්කෙනෙක්ට දෙපාරක් එන්නත් බැහැ.. කොහොමද වැඩේ ..

කොහොම හරි ජන්ද දිනය ලංවෙද්දි මෙතුමා ගණන් හදලා අනුමාන කලා මනාප මෙච්චරක් විතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ කියලා .. මම හිතන්නේ හැම අපේක්ෂකයම එහෙම බලනවා ඇති . මෙතුමා අරගෙන බැලුවම දැනට සහයට ඉන්න ජනතාවම විතරක් මනාප තුන ගානේ දුන්නොත් එතනම මනාප බරගානක් තියෙනවා , ඒ විතරක්ඈ උන්දැලගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මනාප තව ගමේ නිතර යන එන උදවියගේ මනාප එහෙම එකතු කරලා බැලුවම මෙතුමා දැනටම ජන්දේ දිනලා ඉවරයි මනාපම තියෙන්න ඕනේ බරගානක්.. ඉතින් මෙතුමා බොහෝම සතුටින් ජන්දේ දවස ගතකලා ..

පහුවදා ජන්ද ප්‍රතිපල බලද්දී මෙතුමා උඩින්ම පරාදයි..අර කියන්නේ ඇපත් නැහැ කියලා ආන්න එහෙමයි . ලැබිලා තියෙන මානප සංක්‍යාව ගණන් හදලා බලපුවාම ලගම හිටීය සහායකයන්ගෙන් ලැබුණානම් තියෙන්න ඕනේ ගානටත් වඩා මනාප සංක්‍යාව අඩුයි.. මගේ හිතේ අර ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ වැඩක් වෙලා තියෙන්නේ අරූ දායි මූ දායි කිය කියා හිතාගෙන හැමෝම වෙන වෙන උන්ට ජන්දේ දාල ...

කොච්චර අන්ත පරාජයක් ලබලා හිටියත් මෙතුමා මුනෙන් දුකක් කනගාටුවක් පෙන්නුවේ නැහැ කාටවත් ජන්දෙන් පස්සේ දවසෙත් වෙනදා වගේම හැමෝටම එන්න කියලා කිව්වා තෑගී දෙන්න .. මිනිස්සුත් ඉතින් ඔක්කොම ඇවිත් වෙනදා වගේම පෝලිමේ එක එකා වහලා තිබුන දොරෙන් කාමරේට ඇතුල්වෙලා එහා පැත්තේ දොරෙන් පිට වේලා එහෙම්මම පාරට බැහැලා ගියා... ඒත් වෙනදා වගේ සන්තෝෂ පාටක්නම් මුණු වල පෙනෙන්න තිබිලා නැහැ..

මොනවාද දන්නවද අන්තිමට දීලා තිබුණ තෑග්ග...






මුණ  පුරෝලා කම්මුල් පාරක්...



වෙනදා වගේම කාවවත් මග නොහැර හැමෝටම හොදට රිදෙන්න පාර දීලා තිබුනා .. ගුටි කාලා එලියට බැස්ස උන් ආයේ කාටවත් කියන්න ගියෙත් නැහැ ගිමිට කම්මුල අතගාගෙන ගෙදරම ගියා මිසක ...

ඔන්න ඔහොමයි පුංචි ජන්දයක් අහවරවුනේ එයින් පස්සේ මෙතුමා ආයේ කවදාවත් ජන්දේ ඉල්ලන්න ගියේ නැහැ ඒ මේ වෙච්ච නව නින්ගිරාව මතකේ තියෙන නිසාම වෙන්න ඇති , අද මෙතුමාගේ එක වියාපාරික ව්‍යාපෘතියක් නිසා කුඩා ළමුන් පාසල් සිසුන් හා තරුණ තරුණියක් ප්‍රයෝජනයක් ලබනවා සතුටු වෙනවා අන්න ඒ වැඩේටනම් මමත් මනාපයි

________________________________________________________________
ප.ලි :- මෙතුමා කව්දැයි ඉගියකින් හෝ අදුනාගත් කෙනෙක් සිටිනම් කෙලින්ම නම නොකියා ඉගියක් පමණක්ම කරන ලෙස ඉල්ලා සිටිමි.  
















41 comments:

  1. හික් හික් ආතල් ගොඩයි! රසවත්ව ලියා තිබෙනවා.. ම්ම්ම්,කව්ද කියලා නම් අදහසක් නෑ,හැබැයි මුලින් හිතුනා චමී කැළණියේද කියලා.. මේ "එයා" වෙන්න බෑනේ ඉතින් ආයේ චන්දෙ ඉල්ලුවේ නැත්තම්!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කරු ,මේ කැළණි උන්නැහේ නෙමේ බං, මෙතුමා ආයේ ජන්දේ ඉල්ලුවේ නැහැ..

      Delete
  2. ටෙලි නාට්‍යකට හොඳ කතාවක්.:)

    කවුද අනේ මෙයා? ඔක්කොම කමෙන්ට් කළාට පස්සේ කියනවද?

    ReplyDelete
    Replies
    1. හා.. මම ඔයාට විතරක් හොරෙන් කියන්නම්කො පොඩ්ඩ්යේ..

      Delete
    2. ඇයි බන් එයාට විතරක් හොරෙන් කියන්නෙ.... ඇයි අපි දැන ගන්න එක හොද නැද්ද?? මේක 35+ ද??

      Delete
    3. එයා ටෙලි නාට්ටිත් කරා පොඩ්ඩි

      Delete
  3. අර වැලිගම්පිටිය පැත්තට වෙන්න පුංචි සත්තුවත්තක් කරගෙන ගුරු පාරෙ යන කෙනා නේද ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් එතුමා ගැන තමා. ;)

      අපෙ යාලුවෙක් ඉන්නව ඒ පැත්තෙ අහල බලන්නම් කෝ..

      Delete
    2. එන්න සෑම්., එන්න සිරා ...අපි තුන්දෙනාම යමු සුදු වෑන් එකේ ..;)

      @සෑම්
      උබේ යාලුවා ඒ කාලේ චු කොල්ලෝ බං

      Delete
    3. ගු අකුරෙන් පටන්ගන්න නමක්ද?

      Delete
    4. "එන්න එන්න නිවාඩු කාලේ ඔබේ දුවා දරුවන් එක්ක එන්න බලල යන්න එන්න"

      :D

      Delete
    5. @විශ්ව රංගනාත්

      කට කට...

      Delete
    6. ඹව් යකෝ

      Delete
  4. හැක් හැක් හැක් චමියා මාට්ටු ,//"ඒ සංදියේ මම හිච්චි ගැටයා නැත්නම් ඔය පෝලිම් කෙළවරක මටත් ඉන්ට තිබුනා .."// උඹ සල්ලි ගන්න ගියානේද..? එහෙනං චන්දෙන් පස්සෙත් අනිවා යන්න ඇතිනේ ....................
    -//"වෙනදා වගේම කාවවත් මග නොහැර හැමෝටම හොදට රිදෙන්න පාර දීලා තිබුනා .. ගුටි කාලා එලියට බැස්ස උන් ආයේ කාටවත් කියන්න ගියෙත් නැහැ හිමිට කම්මුල අතගාගෙන ගෙදරම ගියා මිසක ..."// එතකොට කවුද උඹට මේක කිව්වේ ..?


    ඒ කියන්නේ කනේ පාර කාලා තමයි මේ සුදනා වගේ ලියන්නේ නේ. හැක් හැක් හැක් හැකෝ

    ReplyDelete
    Replies
    1. ගියපාර ච්මිය මට මාට්ටු .... මේපාර ඔක්කොටම මාට්ටු

      Delete
    2. @ඉවාන් පව්ලූශා
      ඒ කාලේ අපිට ජන්දේ නැහැ බං, ඉතින් ඔය පෝලිම් වලට රිංගන්න වැඩ වලට යන්න අපිට වරම් නැහැ.., හික්..හික්..කම්මුල් පාරේ කතාව ප්‍රසිද්ද රහසක් බං,

      @මැලේ රාළ ;)

      Delete
  5. අකුරු ටපලවලවත් කියපං කවුද කියල

    ReplyDelete
    Replies
    1. ඔය උඩ කමෙන්ට් එකකින් ඉගියක් වැටිලා තියෙන්නේ බං,

      Delete
  6. කම්මුල් පාර හැරෙන තැපෑලෙන්ම රිටර්න් කරන්නත් තිබ්බනේ ඕනෙනම්, මොකද චන්දෙත් පැරදිච්ච එකේ.

    ReplyDelete
    Replies
    1. ජන්දේ ඉල්ලලා පැරදුනාට මොකද මේ පුද්ගලයා එදත් අදත් ප්‍රදේශයේ බලවතෙක්, එහෙව් එකේ කම්මුල් පාර රිටන් කරනවා කියන්නේ කළු ගලක ඔලුව ගහගන්නවා වගේ වැඩක් .

      Delete
  7. අපරාදෙ නේද බං මනුස්සය ආයෙම චන්දෙ ඉල්ලුවේ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. මනුස්සයට ඔය සිද්දි වලින්ම ජන්දේ තිත්තවුනා මගේ හිතේ ..,

      Delete
  8. චමියෝ අන්න හොර චමියෙක් බ්ලොග් වල බොක දදා යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඌ දැන් මාසේක දෙකක ඉදලා ඔය වැඩේ කරගෙන යනවා නේද , මමත් කිහිප තැනකම දැක්කා ..මම ඌට මෛත්‍රී කරනවා.. වෛරයෙන් වෛරය නොසන් සිදේ .. :D

      Delete
  9. හිටපන් මම අදාල පුද්ගලයට කියන්නම්.. එතකොට උබව ""සුදු වෑන් එකක දාගෙන" යාවි නේ... ආසයි නේ...

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම කොරන්න එපෝ .. මම සුදු වැන් වල යන්න කැමැති නෑ..

      Delete
  10. Replies
    1. ඔව් අනේ ඇත්ත තමයි, මම බොරුවක් කියනවැයි..ඔයාලට

      Delete
  11. සිරා කතාවක් බං :) දැන් ඉන්න අපේ දේශපාලුවෝ ‍හුඟ දෙනෙක් ඉන්නේ ඔය රජ මූඩ් එකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හැම එකාටම දැන් රජ පිස්සුව මුන් රජකාලේ හිටියනම් උල තියනවා ..

      Delete
  12. නාරන්වල හන්දියට එහා හන්දියෙ පන්සලකුත් හෑදුව නේද

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියටම දන්නේ නැහැ බං ...

      Delete
  13. කවුද කියලනම් වැටහීමක් නැහැ. කවුරු උනත් හොඳ මන්නා කාරයෙක්.. කතාව නම් රහට තියේ.. කවුද කියලා රහසින් කිව්වොත් කැප යි.

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මාන්න කාරයෙක් තමයි , කමෙන්ට් බැලුවොත් හොයාගන්නත් බැරි කමකුත් නැහැ...

      Delete
  14. ගොබ්බ චිත්‍රපටියක් හදලා ඒකේ රඟපෑවත් එක්ක නේද ගොඩක් ඉස්සර.ඔය නමින්ම ප්‍රසිද්ධ මැණික් මුදලාලි කෙනෙකුත් හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් එයා තමයි ..නාට්‍ය ගොඩකත් රගපෑවා ගොඩාක් රගපෑවේ කතෝලික පියතුමන්ලාගේ චරිත...

      Delete
  15. මානසික ලෙඩෙක් කියල තමයි මට කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. සමහර අයට එක එක ආසාවල් තියෙනවනේ බං, වෙන වැඩක් නැතිවුනාම අශාවල් සඵල කරගන්න ඒ පස්සේ දුවනවා

      Delete
  16. ඇත් අස් රිය වලින් ගමන් කරපු කාලෙ උන්දෙක් නම් මං කොහොමත් දන්නෙ නෑ... දේශපාලනෙ ගැන වැඩි අවබෝදෙකුත් නෑ.. ඒක හංදා හිත වෙහෙසුවෙත් නෑ ඕං... :D

    ReplyDelete
  17. ඒ කාලේ නෙමේ මේ කාලේ ...

    ReplyDelete
  18. දඩ් ඇලේ කිබුලෙකත් ඇල්ලුවනේ

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...