11 January 2013

රිසානා ඔබට සුව නින්දක් !!!



ඊයේ රාත්‍රියේ රූපවාහිනියෙන් දුටු දසුන මෙතෙක් කාලයක් මාධ්‍යක් තුලින් දුටු දුක්බරම දසුන උනා ... සුදු ඇදගත් වදකයෙකුගේ කඩු පහරින් ඇගේ ගෙල සිදියද්දි ජාති ආගම් භේදයක් නැතිව කී දෙනෙගේනම් ඇසින් කදුළු වැටෙන්න ඇත්ද කීදෙනෙක් කම්පා වෙන්න ඇත්ද .. එහෙත් ඇයව මරණයට පත්කළේ ඇගේම ජාතියයි ඇගේම ආගමයි..

රිසානා ඔබට මේ දඩුවම ලැබුනේ ඔබේම ධර්මය හිස් මුදුනින් පිළිගන්නා උන්ගෙනි . ඔබ අදහන ධර්මයට අනුව ඔබේ මරණයෙන් ඔබේ දෙවියන් සතුටු වේද ...

දහහත් වියේදී  ඔබ විදේශ ගතවුයේ සතුට සොයා නොව සහෝදරයන්ට ඉගැන්වීමට සහ දෙමාපියන්ට සහයක් වීමටය .. ඒ වෙනුවෙන් ඔබ ඔබේ අධ්‍යාපන කටයුතුද අතර මග අතැර දමා විදේශ ගතවුයේ ඔබ වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙනි  ඔවුන්ට සැපවත් අනාගතයක් වෙනුවෙනි . ඒ වෙනුවෙන් ඔබේ පුංචි සිත කොතරම් සිහින දකින්න ඇතිද ..

ඒ සිහින සැබෑ කරගන්න ඔබ කොයිතරම් දුක් විදින්න ඇතිද . එහෙත් ඒ හැම සිහිනයක්ම දෙමාපියන්ගේ සහෝදරයන්ගේ හැම බලාපොරොත්තුවක්ම බොද කිරීමට තරම ෂරියා නිතිය දරුණු විය..

ඔව් අපි පිළිගනිමු ඔබ වරදක් කලේ නැත. ඔබ සේවය කල සති දෙක තුල  ඔබට පැවරුණු කාර්යය කරගැනීමට ඔබ අපොහොසත් විය . ළමාවියේ පසුවූ ඔබට ළදරුවෙක් බලාගැනීම පහසු කාර්යයක් නොව ..ඔබ වයසේ නොමේරු දරුවෙකුට ළදරුවෙක් බලාගැනීම පහසු නැත..එහෙත් ඔබ ඒ අභියෝගය භාර ගත්තේ ඔබේ දිලුදු කම නිසාවෙනි   වරද ඔබේ නොව ඔබේ දිලිදු කමේය ..

ඔව් අප බලාසිටියෙමු වසර අටක් තුරාවට ඔබ නිදහස් වෙන තුරු ඒ ජාති භේද කුල මල නිසා නොව ඔබ කුමන ජාතියක උවත් මනුෂ්‍යයෙකි ජාති භේදයක් නොමැතිව ඔබ වෙනුවෙන් අප කදුළු සැලුවෙමු . ඔබේ ජාතිය කුමක් උවත් මනුෂ්‍යන් සිටින රටක මනුෂ්‍ය නීතියක් යටතේ ඔබ අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුව තිබුනි..

එසේනම් ඔබ අද ඔබේ මාපියන් සහෝදරයන් අතරය. එහෙත් ඔබට දඩුවම් කලේ ඔබේම නීතියයි.. ඔබ නොදැනුවත් කමින් කල වරදට ඔබේ ගෙල සිදින තුරු සමාවක් නොදීමට තරම් ඔබේ දෙවියන්ගේ නිතිය දරුණු වුයේ මන්ද...

ඔබ වෙනුවෙන් වඩාත් කම්පා වුයේ ඔබේ ජාතියටත් වඩා අන්‍යජාතින් බව කිවයුතු නොවේ .

සරියා නීතියට අනුව ගත් තීරණයට විරෝධය  පෑම තම ආගමට කරන නිගාවක් ලෙස සලකා ඔබේම ජාතින් නිහඩ වන විට අන්‍යජාතින් ඔබේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කලේ .. අප සැවොම මනුෂ්‍ය ජාතියේ නිසයි එකම රුධිරය නිසයි . ඔබේ ජාතින් හිස් මුදුනින් පිළිගන්නා ආගමික නිතියේ මනුෂ්‍යත්වයක් නොමැතිබව දුටු නිසයි..

රිසානා ඔබට සුව නින්දක් .. මතු උපදින ආත්මයේදී ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා !!!  පර්දාවකින් සැගව සිටින ජාතියක  නැවත ඔබ නොඉපදේවායි පතමි !!!!



You might also like:

Related Posts Plugin for WordPress, Blogger...