මිනිස්සුන්ට
හිටි ගමන් හරි පුදුම වැඩ වෙනවා අපේ
ජනකාන්ත අයියත් නොසිතු නොපැතූ වෙලාවක අහම්බයකින් කෙල්ලෝ ගොඩක් අතර වීරයෙක් වීමේ
අවාසනාවන්ත කතාවයි මේ .
ජනකාන්ත අයියා ගැන මගේ කතාන්දර කිහිපයක ලියවිලා තියෙන
නිසා ආයෙත් උන්දැගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම අර කතාවක කිවා වගේම උන්දැ මහදැන මුත්තාගේ පුනර්භවයක්. . ඉතිං එහෙව් උත්තමයෙක් ගැන බ්ලොග් ලිපි ලියන එකත් මට ආඩම්බරයක්. තව
ඉදිරියටත් මගේ බ්ලොගයේ උන්දැ ගැන පුංචි රසකතා රාශියක් ලියවෙන්න ගොඩ ගැහිලා තියෙනවා
.. උන්දැ ඒ තරමටම පිංවත්.
මේ කාලේ වෙන කොට
අපි පුංචි කොලු කුරුට්ටෝ. ඒත් වැඩි ඈත කාලේකමත් නෙවෙයි උසස් පෙළ අහවර කරපු සංදියේම වගේ . මේ කාලේ
වෙනකොට අපි පිහිටුවා ගත්ත තරුණ සමිතියක් තිබුනා. ජනකාන්ත අයියත් ඒකේ යාව ජීව
සාමාජිකයෙක් මතකේ හැටියට භාණ්ඩාගාරික වගේ
තනතුරකුත් දෑරුවා ..
දවසක් ප්‍රදේශයේ
සියලුම සමිති සමාගම් වල තරුණ තරුණියන් ඒකරාශී කරගෙන විනෝද චාරිකාවක් යන්න සුදානම්
කර තිබුනා පියතුමාගේ මුලිකත්වයෙන් .
උදේ පාන්දරින්ම
චාරිකාව ආරම්භ කරලා රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකම අපි කරක් ගැහුවා ඒ අතර සිදුවූ සිදුවීම් එමටයි එවා පස්සට .මේ චාරිකාවේ අපේ කතානායකයා නිහඩ
චරිතයක් වුනා ඒ කියන්නේ
අපි අදුනන්නේ නැති විශාල පිරිසක් ඉදිරියේ ඔහු කැපී පෙනෙන චරිතයක් වුනේ
නැහැයි කියන ඒක .. මේ වගේ චාරිකාවක කැපී පෙනෙන චරිත වුනේ මහා හයියෙන් බෙරිහන් දීලා
සිංදු කියන උන් සහ උවමනාවෙන් කැපී පෙනෙන්න විකාර වැඩ කරපු කිහිපදෙනෙකුයි විතරයි .
ජනකාන්තා අයියා කලේ උන්දැ දන්නා අදුනන පුංචි කොලු කුරුට්ටෝ කිහිප දෙනෙක්
ලංකරගෙන ගජබින්නයක් ඇදබාපු ඒක විතරයි .
අවසානයේ අපි
පැමිණුනා අම්පිටිය ප්‍රදේශයේ ඇති දෙව් සත්හලට , දෙව් සත්හලක් කියන්නේ කතෝලික ආගමික
පූජකවරුන් බිහි කිරීමට ළමුන් සුදානම් කරන පුහුණු කරන ස්ථානයක් ..
මෙතැනට ගිහින්
වැඩි වෙලාවක් යන්න කලින් අපි දැක්කා වත්තේ
කෙලවරේ තියෙන විශාල පිහිණුම් තටාකේ. වැඩි වෙලාවක් යන්න කලින් එකා දෙන්නා මෙතැනට
එකතු වෙන්න ගත්තා .
හැබැයි මේ තටාකේ
අවුරුද්ද කින්වත් පාවිච්චි කරපු එකක්නම්
නෙමේ.. තටාකේ වතුර පල් වෙලා හරියට නිකම් බේරේ වැව වගේ වතුර කොළ පාටයි කොළ පාට පාසි
වලින් ටයිල් වැහිලා ඒ මදිවට ගෙම්බෝ පිරිලා ... අපිරිසිදු එකේ උපරිම කිව්වොත් හරි ..
ඔන්න ඉතින්
පිහිණුම් තටාකේ ලග තැනිතලාවේ කට්ටිය කල්ලි ගැහුනා , මොකද එක බස් එකේ ආවට කණ්ඩායම්
කිහිපයක් නිසා බැස්ස ගමන් කල්ලි ගැහෙන එක සාමාන්‍යයි, සමහරුන් සෙල්ලම් කරන්න ගත්තා
ඔහොම කාලේ ගෙවීගෙන යද්දී , ඒක පොෂ්
තරුණියක් බෙරිහන් දෙන්න ගත්තා , එයාගේ සපත්තුව නැතිවෙලාලු ..
කෙල්ලත් හැඩට
වැඩට ඉන්න නිසා කොල්ලෝ ඔක්කොම තමන්ගේ වැඩ නවත්තලා සෙරෙප්පු සෙවීමේ මහා මෙහෙයුමක්
දියත් කළා .. සෙරෙප්පුව හොයලා දෙන එකාට ඉතින් පොෂ් නංගිගෙන් ලකුණු ටිකකුත් ලැබෙනවා
ඉතින් වැඩේ පාඩුත් නැහැ .
ගස් ගල් මුල්
පීරලා හෙව්වත් එකෙක්ටවත් සෙරෙප්පුව හොයාගන්න ලැබුනේ නැහැ මේ අතරේ
කවුදෝ කෙනෙක් දැකලා තිබුනා සෙරෙප්පුව තියෙනවා ,
පිහිණුම් තටාකේ
,
පිහිණුම තටාකේ
කෙලෙවරක නෙමේ හරි මැද්ද හරියේ උඩ පාවෙවිත් නෙවේ අඩියක් විතර වතුර යටට ගිහින්
පාවෙනවා .. හරියට නිකන් සෙරෙප්පුව හොයපු කොල්ලන්ට කොලොප්පන් කරනවා වගේ පුලුවන්නම්
මාව උඩට ගනින් කියලා ..හෙක්..හෙක්..,
සෙරෙප්පුව ගන්න
එකනම් ලේසි උනේ නැහැ , තටාකේ විශාලයි ඒ
තරමට දිග ලියක් නැති කමෙන් සමහරු පුන්චි කෝටු කෑලි දික් කරමින් අසාර්ථක වෑයමක
යෙදුනා.. සමහරුන් උඩ ඉදන් ගල් ගැහුවා ඒත් ඒ එකක්වත් සාර්ථක වුනේ නම් නැහැ .. ඒ අතරේ අඩන්න ඔන්න මෙන්න ඉන්න සෙරෙප්පු
අයිති කාර නංගියේ ස්වීට් මුණ සෙරෙප්පුව ගන්න වෙහෙසෙන අපේ කොල්ලන්ගේ මොරාල් අප් කළා
, මේකත් පුංචි තරගයක් වගේ .. සෙරෙප්පුව ගන්න එකා දිනුම්.
මෙන්න මේ
අවස්ථාවේදී තමයි කොහේදෝ හිටි අපේ කතා නායකයා මේ ස්ථානයට අවතීර්ණ වෙන්නේ.. උන්දැට
එතැනට එන්න ලේසි වුනෙත් නැහැ සියයක් විතර පිරිසක් තටාකේ වට කරගෙන ඉන්නකොට අස්සෙන් මුල්ලෙන් රිංගලා
ජනකාන්ත අයියා පිහිණුම් තටාකේ ගැට්ට උඩටම ඇවිත් බෙල්ල දික් කර කර සෙරෙප්පුව දිහා
බලනවා අපිත් දැක්කා ..
වෙලාවත් ගෙවීගෙන
යද්දී සෙරෙප්පුව ගන්න මෙහෙයුමත් අසාර්ථක වෙන්න ගත්ත මොහොතේ සෙරෙප්පු මෙහෙයුමට සම්බන්ද
තරුණයන්ගෙන් විවිධ යෝජනාත් ආවා .. අපි මෙයාට මේ වගේම සෙරෙප්පු දෙකක් අරගෙන දෙමු
වගේ..ඒවා ,
මේ අතරේ කවුරුත්
බලාපොරොත්තු නොවූ දෙයක් වුනා..
“ජබොක් “ ගාලා
සබ්දෙකුත් එක්ක ජනකාන්ත අයියා ස්වීම් ෆුල් ඒක මැද්දේ,
නිකන්මත්
නෙමේ ඇදගෙන ආව ඇදුම් පිටින්ම .. ඒ මදිවට
සේරෙප්පුත් පිටින්ම,
ජනකාන්ත අයියා
වතුරට පනිද්දී විසිවෙච්ච වතුරෙන් නැවිච්ච උන් හතර අතේ දුවන්න ගත්තා වතුරේ ගද
උහුලන්න බැරුව.. ඒ අතරේ අහක හිටි උන් තටාකේ වටේ තවත් රොක් වෙන්න ගත්තා මේ වෙන දේ
අදහාගන්න බැරුව.. ඒත් ජනකාන්ත අයියගේ අරුම පුදුම වැඩ ගැන දන්නා කියන අපි කිහිප දෙනෙක් විතරක් උපේක්ෂාවෙන් මේ
සිදුවීම නැරබුවා ..
පැන්න ගමන්
දෙපාරක් විතර වතුර යට ගිහින් උඩ ආව ජනකාන්ත අයියා අන්තිමේදී අත පය ගහලා වතුර උඩට
පිනගෙන ඇවිත් කට පුරෝගෙන හිටි වතුර ටික පැත්තකට විදලා එහෙම පළපුරුදු පිහිණුම් ක්‍රීඩකයෙක්
වගේ තටාකේ වටේ වටයක් පිනගෙන ගියා .. උන්දැට බය වෙච්ච වතුරේ හිටි ගෙම්බෝ රංචුව හතර
අතේ පනින්න ගත්තා.
අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..
අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..
අන්තිමේදී ජරාව
නාගත්තු ජනකාන්ත අයියා විසින් සෙරෙප්පුව අයිතිකාර නංගිට පිළිගන්වන මොහොත හරිම හැගීම්බර
වුනා.. කෙල්ල නොසෑහෙන්න ජනකාන්ත අයියට ස්තූති කළා .. වටේ පිටේ තව උන් බලාගෙන
නොහිටියානම් කෙල්ල ජරාව නාගෙන උන්නු ජනකාන්තට තොත්තුවක් උනත් දෙන්න ඉඩ තිබුනා
..ඒත් ජනකාන්ත අය්යාගේ කරුමෙට එතන අපි
හිටියා .. ඒ නැතත් ඒ ගැහැනු ළමයා ගැන
උනන්දුවෙන් හිටි කොල්ලන්ගේ ඉරිසියාකාර දෑස් ජනකාන්ත දිහාටම එල්ල වෙලා තිබුනා ..
අන්තිමේදී
කට්ටිය එතැනින් පිටවෙද්දී කෙල්ලෝ අතර ජනකාන්ත අයියා වීරයෙක් වෙලා ඉවරයි... ඒත්
පරහකට තිබුනේ ජරා වතුරෙන් තෙත බරිත වෙලා
තිබුණු වීරයාගේ ඇදුම් වලින් එන දුගදයි .. එකටත්
කෙල්ලෝ පිලියමක් හෙව්වා , උන් ලග තිබුණු සෙන්ට් කුප්පි ටික මල්ලක දාල ගෙනත්
ජනකාන්තට දුන්නා..
පස්සේ දෙව්සත්හලේ නාන කාමරයෙන් ජනකාන්තව නාවලා, ඇදුම් ටිකත් හෝදලා දීලා එහෙම පස්සේ සෙන්ට්
වලිනුත් නාවලා අපි උන්දැව එතැන තියලා
(ඇදුම් නැතිව එක්ක යන්න බැහැ ) වෙන වැඩකට ගිහින් ආයෙත් ඇවිත් බලනකොට ජනකාන්ත අයියා
එතැන නැහැ ..
පස්සේ හොයද්දි
දැක්ක දෙයින් පපුව හෝස් ගාලා ගියා .. කාගෙන්දෝ සරුන් කඩමල්ලක් ඉල්ලගෙන ඇදගෙන උන්නු
ජනකාන්ත අයියා වත්තේ කෙළවරකට වෙලා අව්ව තියෙන තැන් වලට දම දමා තෙත ඇදුම් වේලනවා ..
අපිත් එතනට කිට්ටු කළා ..
“අපරාදෙනේ
ජනකාන්ත අය්යා උබ ඇදුම් පිටින්ම වතුරට පැන්නේ.. අඩු තරමේ ෂර්ට් එකවත් ගලවන්න තිබුනනේ...
“ඔව් ගලවන්න
තිබුනා “
“එහෙනම් ඇයි
එහෙම නොකලේ...”
අපි දිහා ටිකක්
බලාගෙන උන්නු ජනකාන්ත අයියා
“ඒවායින් වැඩක්
නැහැ මට යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න “
ඒ කියපු විදියත්
මිනිහගේ ස්වරුපෙත් අපිට එච්චර ඇල්ලුවේ නැහැ ..
“ඒ මොකක්ද “
“මම ස්වීම් ෆුල්
ඒක දිහා බලාගෙන ඉන්නකොට පිටි පස්සේ ඉදන් මාව තල්ලු කරපු එකාව හොයාගෙන උගේ
අ#@(*7^%$ වන්න ...
------------------------------------------------------------------
***
*#@(*7^%$ =
අසභ්‍ය වචන බැවින් පලකල නොහැක :D
.jpg)

.jpg)
.jpg)