14 November 2012

ප්‍රේමය මෙයද නෑ මට වැරදි ඇතිය...


   

නාදුන  කෙනෙකු හා රිය තුල තුරුළු වෙමින්

ඔබ  යන  අයුරු    දුටුවා    මා      උදෑසනින්

පෙර  එක්  දිනෙක  මා  හා  දෑගිලි    පටලන්

ගිය හැටි  මතක්  වුනි මා  හට  යලිත්   වරක්



පාසල්  සමේ  එකටයි  දෙන්නා  සිටියේ

එක පංතියේ එකටයි අකුරුත් කෙරුවේ

ශිල්ප සතර  නම්  නෑ මගේ සිත රැදුනේ

ඔය මුව කමල පමනයි සිහියේ  තිබුනේ



නොදැනිම කාලයත් ටික ටික ගෙවී ගියා

ප්‍රේමය  අපට  නොදැනිම  දළුලා  වැඩුනා

ආලය  නිසා  පාඩම්  වැඩ  මග   හැරුනා

                               මට නොදැනිම  *උ /පෙළ  ලගටම  ආවා            (*උසස් පෙළ )



ඈ  හා    යන්න   සරසවියට     මැව්    සිහින

එකිනෙක බොද   වෙනා  සැටිනම්  දුටිමි  මම

ප්‍රථිපල  එනෙන  බව   දැනගත්   විටදී    හෙට

මගේ ප්‍රථිපලය  ගැන නම්  සැකයක් නොමැත



පේරාදෙනිය  සරසවියට   ඈ   ඇදුනා

සිතුවා ලෙසම තනිකම මා ලග රැදුනා

පාසල් වියේ  තිබු  ප්‍රේමය මිය  ඇදුනා

ආලය අන්ධ බව නම් මා හට  දැනුනා



අඩියෙන්  අඩිය  ඈ  ඉදිරියටම   ඈදුනා

උරුමය ලෙසම කරුමය මා ලග රැදුනා

පාසල්  සමේ  ප්‍රේමය  සිත  තුල  සගවා

මගේ  පැල්පතේ  අදුරේ   මා    ගුලිවුවා




අද  ඈ  සිටින  තැන  මා  හට  දුර  වැඩිය


මා   හා    සිනාසිමත්   ඈ     හට     මදිය

ප්‍රේමය   මෙයද   නෑ  මට  වැරදි   ඇතිය

එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය 
                                                
             




You might also like:

Related Posts Plugin for WordPress, Blogger...