නාදුන කෙනෙකු හා රිය තුල තුරුළු වෙමින්
ඔබ යන
අයුරු දුටුවා
මා උදෑසනින්
පෙර එක්
දිනෙක මා හා
දෑගිලි පටලන්
ගිය හැටි මතක් වුනි
මා හට යලිත් වරක්
පාසල් සමේ එකටයි
දෙන්නා සිටියේ
එක පංතියේ
එකටයි අකුරුත් කෙරුවේ
ශිල්ප සතර නම් නෑ
මගේ සිත රැදුනේ
ඔය මුව කමල
පමනයි සිහියේ තිබුනේ
නොදැනිම
කාලයත් ටික ටික ගෙවී ගියා
ප්‍රේමය අපට නොදැනිම
දළුලා වැඩුනා
ආලය නිසා පාඩම්
වැඩ මග හැරුනා
මට නොදැනිම *උ /පෙළ
ලගටම ආවා (*උසස් පෙළ )
ඈ හා යන්න සරසවියට
මැව් සිහින
එකිනෙක බොද වෙනා සැටිනම්
දුටිමි මම
ප්‍රථිපල එනෙන බව
දැනගත් විටදී හෙට
මගේ ප්‍රථිපලය ගැන නම්
සැකයක් නොමැත
පේරාදෙනිය සරසවියට ඈ ඇදුනා
සිතුවා ලෙසම
තනිකම මා ලග රැදුනා
පාසල් වියේ තිබු ප්‍රේමය
මිය ඇදුනා
ආලය අන්ධ බව
නම් මා හට දැනුනා
අඩියෙන් අඩිය ඈ ඉදිරියටම ඈදුනා
උරුමය ලෙසම
කරුමය මා ලග රැදුනා
පාසල් සමේ ප්‍රේමය
සිත තුල සගවා
මගේ පැල්පතේ අදුරේ මා ගුලිවුවා
අද ඈ සිටින
තැන මා හට දුර වැඩිය
මා හා
සිනාසිමත් ඈ හට මදිය
ප්‍රේමය මෙයද නෑ
මට වැරදි ඇතිය
එය වැටහෙනා
විට කාලය ගොස් වැඩිය
උඹ ඕව ගණන් ගන්න එපා බන්,වෙන එකෙක් එක්ක තුරුළු වෙලා යන කෙල්ලෙක් උඹට හම්බුනේ නැති එක ගැන සතුටු වෙයන්. මොකද යන එකා අනිව කවද හරි යනව. කසාදෙ කරගන්න කලින්ම කෙනාගෙ හැටි දැන ගන්න පුළුවන් උන එක ලොකු දෙයක්.
ReplyDeleteහික් ඔව්..ඔව්.. ඒක ඇත්ත
Deleteහි හි... දුකයි නං තමයි මලයෝ.. ඔය වගේ දේකට මූණ දුන්න කෙනෙක්ම තමයි ඕකේ විඳවිල්ල තේරුම් ගන්නේ .. ඌ මහා ගොනෙක් කියලා කියන්න ගොඩක් කට්ටිය ඉඳියි...
ReplyDeleteලවු නං මළ කරුමයක් බං.....
ලව් නම් මල ඉලව්වක් බං අක්කේ ..
Deleteඇත්තනෙ...ඉගෙන ගන්න කාලෙ කෙල්ලො දිහා බල බල ඉඳලා විභාගේ ඇණ ගත්තට පස්සේ ඔහොම වෙනවලු...අර කවි ටික නියමයි...මුළු කතාන්දරයම කවියෙන්...
ReplyDeleteතැන්කූ කිව්වා.. ගොඩක් කොල්ලන්ට වෙන වැඩක්.. කොල්ලෝ අවංකයි කෙල්ලෝ චපලය..
Deleteඅන්න අන්න.. ඒ කතාව අන්තිම අසාධරණයි...
Deleteකොල්ලන්ට වැඩිය කෙල්ලො පොළවේ පය ගහලා ජීවත් වෙන්න හදනවා... මොකද එයාගේ අතේ ජීවිත කීපයක්ම රැඳිලා තියෙන නිසා... ( අම්මලා තාත්තලා, ළමයි, මිනිහා.. ) ආදරෙයි ආදරෙයි කිය කිය විභාගේ අනාගෙන රස්සාවක් හොයා ගන්න බැරි එකා අතෑරලා කසාද බඳින්න ටිකක් සල්ලි තියෙන එකෙක් හොයා ගත්තේ නැත්තම් ආදරේ කාලා ජීවත් වෙන්නද..
කොල්ලෝ දැන ගන්න ඕනේ කෙල්ලෙක්ව කසාද බඳින්න අදහසක් තියෙනවා නම්, තමන් ඉස්සර වෙලා ජීවිතේ හදාගන්න ඕනේ කියන එක හිතට ගන්න.. ආදරේ රසවත් වෙන්නේ හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් හදාගන්න දෙන්න එක්කම මහන්සි වෙනකොට.. ( පස්සේ කාලෙක මතක් කරලා සතුටු වෙන්න ඉතුරු වෙන්නේත් එච්චරයි) නැතුව ක්ලස් කට් කරලා අත් අල්ලගෙන පාක් ගානේ, බීච් දිගේ දවස තිස්සේ ඇවිද ඇවිද ඉන්න එකෙන් නෙවෙයි...
Hiru - +++++++++++++++++++++
Deleteහිරු ..කතාවනම් සම්පුර්ණ ඇත්ත..
Deleteඒත්,
එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය ..
ඈ බං... ඉතිං ඒකට කෙල්ලො චපලයි කිව්වම හරියනවද...??? හි හි
Deleteගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහපිය මරා දාපිය කියන්නේ කට කහනවට ඈ? :D
Deleteඒ වගේම පිරිමි ජාතිය උතුම් ජාතිය මල් පුදා වැදාපිය කියන්නෙත් කට කහනවට එහෙම නෙවේ ඈ
හූ ඈ :D
කාන්තා විමුක්තියේ දෝංකාරය.. "හිරු"...... :-)
Deleteමොනවා වුනත් උඹ කියපු ටික මල් මසුරන්...
මචං සිරාවටම දුක්බර කේස් එකක්. ඇත්තටම ඉහත සඳහන් කොල්ල ගැන මට දුකයි. හැබැයි ඒකා අවංක මෝඩයෙක්. ඔය සිද්දිය ඔයිට වඩා වෙනස්ව සිදු වුන මම ඒක පොස්ටුවකින්ම දාන්නම් ජය වේවා.
ReplyDeleteආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ කියන්නේ එකටනේ බං .. ඔන්න එහෙනම් පොස්ට් එකක් දාපන් හරිය ..
Deleteසත්‍ය ප්‍රේම භෘංග රාජයෝ (SPBR) කියන කොට්ටාශයට හැමදාම වගෙ අත්වෙච්ච ඉරණම ඕක තමයි. බලාපං කෙල්ලට මූට තිබිච්ච ඇම්ම තිබිලා නෑනෙ, ඒකනෙ විභාගෙත් ගොඩදාගත්තෙ.
ReplyDeleteඕක වැඩිහිටියො දකිනවා. දැකලා අවවාදත් කරනවා. නමුත් ඒ වෙලාවට ආලෙන් අන්ධ වෙලා ඉන්න SPBRට පේන්නෙ ඒවා සතුරුකම් හැටියට.
ආදරය සමහර වෙලාවට අන්ධ විතරක් නෙවෙයි, ගොලු සහ බිහිරියි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඉස්කෝලේ යන කාලේ ලව් කරලා විභාගේ ඇන ගත්තොත් ඒ කොල්ලෙක් බොහෝ දුරට කෙල්ලෙක්ට එහෙම වෙන්නේ නැහැ ඒ අතින් බලපුවම කෙල්ලෝ බුද්ධිමත්,
Deletekawi tika nam supiriy...
ReplyDeleteතැන්කූ මෙයා
Deleteඔන්නෝවා අල්ලලා දාපන් බං.....මුහුදෙ ඉන්නෙ එක කෙල්ලයැ...?
ReplyDeleteඒකත් ඇත්ත නේන්නම් .. මට දන්නේ මතක් උනේ මාළු ගොඩක් ඉන්නවා .
Deleteඉස්කෝලේ යන කාලේ ට්‍රයි කරනවානම් කැම්පස් යන්නේ නැති කෙල්ලෙක් හොයාගෙන ලව් කලානම් හරි හෙහ් හෙහ් හ්හේ.... කොයි කෙල්ලත් එකටයි බං.. ඉන්න ඕනේ වුනාම ඉන්නවා යන්න ඕනේ වුනාම දමල ගහලා යනවා.
ReplyDeleteහික්..හික්..ඒක ඇත්ත , ඇයි කොල්ලොත් එහෙම තමයි බං
Deleteකෙල්ලන්ටම දොස් කියලත් බැහැ අපිත් මෝඩයෝ වෙනවා ආදරේ හින්දා බන්.
ReplyDeleteඅප දෙදෙනයි එකට එහෙ මෙහෙ ගියේ...
ReplyDeleteගස් සෙවනේ ඉදන් පාඩම් කලේ...
ඈ සමගින් එදා ඒ මා තමා..
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ....
සිසිර සේනාරත්න මහත්තයත් බොලාට කලින් ඔය ගැනම කියලා තියෙනවා නොවැ...
ඔව්..ඔව්.. ගොඩක් අය කියල තියෙනවා .
Deleteඋඹට මෙච්චර අපරාධයක් වුනාද බං ?
ReplyDeleteමට නෙමෙයි බොල ,එක්සෑම් ඇන ගත්ත කොල්ලෙක්ට ,
Deleteහික් හික් මට හිතුනා කොල්ලා මෝඩයෙක් නෙවෙයි කියලා.
Deleteහන්තානට පායන සඳ ගීතයට පාදක වෙලා තියෙන්නෙ මේ වගේ සිද්දියක්..
ReplyDeleteඋඹ ගාව කවි කාරයෙකුත් ඉන්නවා නේද ?
ඔව් සෙන්නා මම හරි ආස සිංදුවක් ඒක,
Deleteමම ගාව හැම ජාතියේම උන් ඉන්නවද මන්ද බං ..
patya...elaya...bokatma...wadunaya...
ReplyDeleteJayawewa,
Sajith
හා ..ස්තුති සජිත්
Deleteකවි ටික සුපිරිම සුපිරියි.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
තැන්කූ කිවා ...
Deleteකාට කාටත් අවසානේ වෙන්න ඕක තමයි :(
ReplyDeleteඔව්..ඔව්.. තවම ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ මේවා හිතට ගන්න ඕනේ .. නැත්නම් වෙන්නේ මේක තමයි .
Deleteනිසි කලට වැසි ලැබෙන්න ඕනේ.
ReplyDeleteඅපරාදේ ජිවිතේ.දෙගොල්ලොන්ටම පොදු දෙයක්.
අනිවාර්යයෙන්ම
Deleteයන්නට වුනේ නෑ මාහට සරසවිය
ReplyDeleteහේතුව මේ වගෙම කෙල්ලෙක් හින්දාය
ලිව්විට ඒ ලෙවල් මට තරු විසිවීය
කෙල්ලත් ඩවුන් විය ඒ පසු වසරකය
මේ තියෙන්නේ කවිනේ...සුදිකටත් මොනවා හරි වෙලා වගේ..
Deleteහන්තානට පායන සද ලස්සනයිද බලන්න
ReplyDeleteමා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න!!!!!
අත්දැකීම දුක්බර වුනාට කවි ටික ලස්සනයි. ජීවිතේ ඔහොම තමයි. හැම වෙලාවෙම හැම දේම හැමෝටම ලැබෙන්නේ නැහැ.
ලැබෙන දේට වඩා නොලැබෙන දේවල් වැඩිලු නේද ..
Deleteම්ම්ම්.... ලව් ඉලව් කියන්නේ ඕකනේ..... මේක කියවනකොට මට මතක් වුනේ " හන්තානට පායන සඳ" මං ආසම ගීතයක්......
ReplyDeleteහන්තානට පායන සද " මමත් ආසම සිංදුවක් තමයි ,
Deleteඉලව් ලව් ..
සුපිරි.....
ReplyDeleteප්‍රේමය මෙයද නෑ මට වැරදි ඇතිය
එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය....
ඒක නෙවැ ..
Deleteහ්ම්..............
ReplyDeleteහ්ම්ම්
Deleteමම අත්දැකලා තියෙන දෙයක් තමයි කොල්ලා කැම්පස් තේරුනාට පස්සේත් ඒ ලව් එක එහෙම්ම තියෙනවා. ඒත් කෙල්ල කැම්පස් තේරුනාට පස්සේ ඒ ලව් එකට කණ කොකා හඬනවා. නමුත් මේ දෙකේම අනිත් පැත්ත සිද්ධ වෙන අවස්තාත් නැතුවම නෙමේ. ඒත් වීරලයි.
ReplyDeleteහැමදාම මගේ ටැංකියට ඇවිදින් කියවලා කමෙන්ට් කලාට අදමයි මෙහාට්ට එන්න උනේ. ඔන්න අද ඉදන් මාත් මේ බ්ලොගයේ නිත්‍ය සාමාජිකයෙක් වෙනවා.
හ්ම්ම් ගැහැණු හිත් ඉක්මනින් වෙනස්වෙන සුළුයි..
Deleteස්තුති මේ පැත්තේ ආවට මාළු යාලුවේ ..
patta machn
ReplyDelete