ඊයේ සිදුවූ දෙයින්
ඇතිවූ සිත් තැවුල තවමත් පහව ගොස් නැත .. මා ආයාසයෙන් එය මගහැර සිටීමට උත්සහ කලද
දිය යට එබූ රබර් බෝලයක් සේ නැවතත් උඩට මතුවී සිත් තැවුල් ඇති කිරීමට තරම් එය
සමත්වේ.. එයට හේතුව මා විසින්ම මා නිවැරදි කාරයෙකු කලද යටි සිත එය පිළිගනිම ප්‍රතික්ෂේප
කරන නියාවෙනි.. ඔව් මා වැරදි කරුවෙකි ..
මාගේ පියාණන්ගේ
වියෝවෙන් දෙවැනි වසර ඊයේට යෙදී තිබිණි ... ඔහු වෙනුවෙන් පිලියෙලවූ දානය පිරිනැමීමට
නගරය පුරා සිටින යාචකයන් සොයමින් ගියේ මා කුඩා පුතු සහ බිරිය සමගය...
“සුනෙත් තව කෑම
ටිකක් ඉතුරුයි මේ ටික අපි යන ගමන් බැසිලිකාව ලග ඉන්න හිගන්නන්ට දීගෙන යමු...
බැසිලිකා නාමය ඇසෙන
විටම මා තිගැස්සී ගියෙමි .. මා වසර දෙකකින් බැසිලිකා දෙව්මැදුර වෙතද නොපැමිනුනේ.. මා
දැකීමට අකමැති දසුනක් නෙත ගැටෙවී යැයි
බියෙනි..
“ කමක් නැහැ සුනෙත්
අපි පල්ලියට යන්න ඕනේ නැහැ පල්ලිය ගාව පාරේ ඉන්න අයට දීගෙන ඉක්මනින් යමු “
මගේ බිරිද එලෙස
පැවසුවේ මාගේ යටිසිත කියවීමට තරම් ඈ දක්ෂවූ නිසාවෙනි .. එය මට මහත් අස්වැසිල්ලක්
විය
දෙව්මැදුර අසල පාරේ
වාහනය නැවතු මා අවට සිසාරා නෙත් දිවෙව්වේ අසුභ යමක් ඇතිදෝයි බියෙනි .. එහෙත් එවැනි
කිසිවක් පෙනෙන මානෙක නැත .. සැනසුම් සුසුමකින් ලය සැහැල්ලු කරගත් මා වාහනයෙන් බිමට බැස්සෙමි .. සමහර විට ඇය මියයන්නට ඇත..
යාචකයන්ට කෑම
පාර්සල් බෙදමින් අඩහෝරාවක් පමණ ගතවන විට ..ඈතින් සෙල්ලම් කරමින් සිටි පුතුගේ කෑගැසීම් හඩින් මාගේ
අවදානය ඒ දෙසට යොමුවිය ..
“තාත්ති ...අර
බලන්න “
“ඇයි පුතා “
“අර-----
පුතු අතින් පෙන්වූ
දිසාවට මාද නෙත් යොමුකලෙමි... එවිට මා කිසිසේත් නැවත දැකීමට අකමැතිවූ දර්ශනය මගේ
නෙතට හසුවුණි....
පාරේ කෙලවරින්
මතුවූ අන්ධ මැහැල්ල ගාටමින් ඉදිරියට පැමිණෙමින් තිබුනි .. වැරහැලි වූ සුදු සැට්ටය
සහ චිත්තය කුණු දුහුවිලි වැදී අළු පැහැයට හැරී ඇත .. සම්පුර්ණයෙන්ම සුදුවී ඇති ඇගේ කෙහෙරැලි මුනුන
පුරා විසිරි ඇත.. එයද මාස කිහිපයකින් පිරු බවක් පෙනෙන්නට නැත... ඇවිදින ඇටසැකිල්ලක් බදු ඇය සුදු සැරයටිය වනමින්
විසිවෙමින් ඉදිරියට ඇදෙමින් සිටියේ දින ගනනකින් කුසට ආහාරයක් නොලද්දෙකු
පරිද්දෙනි.. ඈ විදින දුක් ගැහැට ඇගේ මුහුණේ හොදින්ම සටහන් වී ඇත.. ඒ වෙන කිසිවෙකු
නොවේ මාගේ මවය ..
“තාත්ති ඒ අපේ
ආච්චි ... තවමත් ඒ දෙසෙට නෙතු යොමා සිටින පුතු නැවත කෑගැසුවේය ...
“අපි යමු ඉක්මනට “
මා පුතුගේ අතින් ඇදගෙන වාහනය වෙත දිව ආවෙමි .
“අනේ තාත්ති අපි
ආච්චිව එක්ක යමු ....
“මොන අච්චියෙක්ද ඒ
ආච්චි නෙමේ වෙන ගෑනියෙක් ... දගකරන්නේ නැතුව ගිහින් වාඩිවෙනවා “ මා ප්‍රථම වතාවට
පුතුට සැරවුනෙමි..
පුතුව වාහනයේ ආසනය
වෙත බලෙන් වාඩිකරවූ මා .. ඉතිරිව තිබු කෑම
පාර්සල් කිහිපය වාහනය තුලට විසිකරන ගමන් රියදුරු අසුනට ගොඩවිය...
“අපි ඉක්මනින් යමු
සුනෙත් ඉතිරි ටික ටවුන් එකේ හිගන්නන්ට බෙදමු ..” ඒ වන විට මහළු සිගන්නිය බිරිදගේද
නෙතට හසුවී තිබුනි .. බිරිදද ඇයව හදුනාගෙන
ඇත..
“ අනේ තාත්ති
ආච්චිව එක්ක යන්න බැරිනම් අපි එයාට කෑම එකක්වත් දෙමුකො..” පුතු නැවත නැවතත් ඇවටිලි
කරන්නට විය ..
“ දැන් එක පාරක්
කිව්වා නේද මම කටවහගන්න කියලා ඒ ආච්චි නෙමේ ..එච්චරයි ....
එතැන් සිට නගරයට
පැමිණෙන තුරාවටම අප තිදෙනාගෙන් කිසිවෙක් කතා කලේ නැත ...
කුඩා පුතු තවමත්
කනස්සලු ස්වභාවයෙන් වාහනයේ මුල්ලක ගුලිවී සිටි... මා සාප්පුවක් අභියස නතර කලේ
කුමක් හෝ රැගෙන දී ඔහුගේ සිත සැනසිමටය....
“පුතා පුතාට මොනවද මගෙන් නත්තලට ඕනේ ...
“මට මුකුත් එපා
තාත්ති මට ආච්චිව ගෙනත් දෙන්න .....
ඔහු පැවසූ දෙයින්
මා නැවත්තත් ගොළු විය ___________
.............................................................................................................
ඊයේ දහවල් වරුවේ
සිදුවූ ඒ සිදුවීම් සමුහය හිතින් බැහැර කිරීමට අසාර්ථක උත්සාහයක මා යෙදෙමින්
සිටියෙමි .. එහෙත් එයින් සිදුවුගේ වීඩියෝ පටයක අග සිට මුලට යන්නාක්මෙන් අතීතය කරා
මාගේ මනස දිවයාමය ...
මට මතක ඇති කාලයේ සිටම
මම මගේ මවට වයිර කළේය .. එයට හේතුව ඈ අන්ධ වීම නිසා මට ගොඩක් ගැහැට විදීමට
සිදුවීමය... එහෙත් මා පියාට අතිශයෙන්ම ආදරය කළේය ..
දැනුම් තේරුම් ඇති
කාලයේ සිටම මා ඇයට මාවෙත ලංවීමට ඉඩ නොදුන්නෙමි... ඈ මාවෙත ලංවීමට උත්සහ කරන සෑම
අවස්ථාවකදීම මා ඇයට බැන වැදුණි... පියා ඈ සමග සිටිනාවාටද මම අකමැති විය .. එය
තේරුම්ගෙන සිටි ඈ බොහෝවිට සිටියේ හුදකලාවය... ඈගේ දෙනෙත් නොමැතිකමෙන් වල ගැසී
විරූපී වී ඇති මුහුණ දකින විට මට ඇති වුනේ පිළිකුල් සහගත හැගීමකි.. ඈ ව කොන්
කරමින් ඇයට වෙනස්කම් කරමින් මම සතුටක් ලැබුවේය ..
වෙනත් මව් වරුන්
දරුවන් අතින් අල්ලාගෙන පාසල වෙත එනවිට මා පාසල් ගියේ තනිවමය... වෙනත් මව් වරු
දරුවන්ට සලකන අයුරු බලමින් මාගේ අන්ධ මව ඔවුන්හා සංසන්දනය කරමින් මා ඇයට තව තවත්
වයිර කළේය...
එබැවින් මා වැඩිපුර
හිතවත් වුයේ පියාටය ..සෑමදේම පැවසුවෙත් ඔහුටය ...
“ඇයි තාත්තේ ඔයා අන්ධ
කෙනෙක් මගේ අම්මා කරගත්තේ .. එයාට මගේ ඉස්කෝලේ වැඩ කියාදෙන්නත් බැහැ මාව බලාගන්නත්
බැහැ .. මට එයාව එපා ...”
එදවස මා කුඩා කාලයේ
පියා සමග නිතරම පැවසුවේ එවැනි වදන්ය ..
“එහෙම කියන්න එපා
පුතේ .. ඔයාට ලැබිලා තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි
එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ..”. ඒ සෑම
අවස්ථාවකදීම පියා එලෙස පවසා නිහඩ විය .. එහෙත් මව පිලිබදව මාගේ සිතේ හටගෙන තිබු
තරහා නැති කිරීමට ඒ වචන ප්‍රමාණවත් නොවුනි...
ටිකෙන් ටික මා
වැඩෙන විට ඒ හැගීමද එලෙසම වැඩෙන්නට විය ...
මා විවහා වී පුතු
ලැබී වසර හතරකින් පමණ පසු පියා මියගියේය .. ඔහුගේ අවමංගල්‍යන් පසු ක්‍රමයෙන් මවට
මා දක්වන වෙනස් කම් වැඩි විය එයට තවත් එක් හේතුවක් වුයේ මාගේ බිරිදද ඇයට අකමැති
වීමය...
හරියටම මෙයිට වසරකට
පෙර නත්තල් දිනට නුදුරු දිනයක ...
“සුනෙත් නත්තල්
පාර්ට් යට අපේ ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එනවා ..ඒ වෙලාවට අම්මව මෙතන තියාගන්නේ
කොහොමද ... එයාව කොහෙට හරි යවන්න බැරිද “
“ඔව් එයානම් කරදරයක්
තමයි අපි ඉක්මනින් මොකක්හරි කරන්න බලමු අන්ධ හින්දා කොහේටවත් ගිහින් දාන්නත් බැහැ
“
“අන්ධයි කියලා
හැමදාම මෙහෙම පුලුවන්ද සුනෙත් .. ඔය මහලු මඩම් වල ඕනේ තරම් අන්ධයෝ ඉන්නේ “
අවසානයේ මා තීරණය
කලේ ඇයව මහලු නිවාසයකට ගෙන ගොස් දැමීමටය.. ඈ සතුව තිබු ඇදුම් කඩමලු කිහිපය කුඩා
මල්ලකට දැමු මා එය ඇය අත තැබුවෙමි ..
“අම්මා මේකත් අරගෙන
ගිහින් වාහනේට ගොඩවෙන්න “
“මාව කොහෙද එක්ක
යන්නේ පුතේ “
“ඔයාට දැන් මෙහෙ
ඉන්න බැහැ මම හොද තැනක නතර කරන්නම් ගිහින් නගින්න “
එයින් පසු කිසිත්
නොදෙඩු ඇය සැරයටියේ ආදාරයෙන් අපහසුවෙන්
ඇවිද ගොස් රියට ගොඩවිය ...
මා රිය පනගන්වා ප්‍රධාන
මාර්ගයට අවතීර්ණ වන විට ඈ නැවත හඩ අවදි කළේය ..
“මාව මහලු මඩමකටද
ගෙනියන්නේ පුතේ ..
“හ්ම්ම් “
“මම පුතාගෙන් එක
ඉල්ලීමක් කරන්නම් මාව පල්ලියක් ලගින් දාලා යන්න .. මම ආයේ පුතාට කරදර කරන්න එන්නේ
නැහැ ... මම තව ටික දවසක් ජිවත් වෙයි ඒ ටිකේ මට පල්ලියකට වෙලා ඉන්න පුළුවනි ...
ඈගේ ඉල්ලීම මත මා ඇයව
බැසිලිකා දෙව් මැදුර අසල තනිකර නැවත නිවස වෙත පිටත් උනෙමි ... ඈ කොහේ සිටියත් මට
ගැටලුවක් නැත මට ඕනෑ උනේ ඈගෙන් ගැලවීමට පමණි ....
“තාත්තේ මේ තරුව නත්තල් ගහේ උඩින්ම එල්ලන්නකෝ ... “
නත්තල් ගස සරසමින් සිටි පුතුගේ හඩින් මා කල්පනා ලෝකයෙන් මිදුණි ..
“මොනවාද සුනෙත් මම
මේ හෙට නත්තල් පර්ටියට මෙතන තනියම ලෑස්ති කරනවා ඔයා කල්පනා කර කර ඉන්නවා ඇවිත් මට
උදව් වෙන්නකෝ ...”
මෙවර නත්තල් දිනට අප නිවසේ සාදයට බොහෝ පිරිසක් ඒමට
නියමිතව තිබුනා ..
නත්තල් දින ප්‍රීති
ගෝෂා මැද හිතවතුන් සමග සතුටින් කාලය ගතවෙමින් තිබුනා ...
එහෙත් දහවල් වන විට
අනාරාධිත අමුත්තෙක් පැමිණ තිබුනා ...
“හෙලෝ සුනෙත් මම
ලෝයර් කහවත්ත .... ඔයාට නත්තල් තෑග්ගක් දෙන්න තමයි මම ආවේ...
“වාඩි වෙන්න ලෝයර්
... මොකක්ද තෑග්ග .. කව්ද මට තෑගී එවන්න ඉන්නේ ..
“ඒක දීග කතාවක්
සුනෙත් ..
“ ඔයාගේ අම්මයි
තාත්තයි දෙන්නා මෙයිට ..අවුරුදු හතකට
ඉස්සෙල්ලා අපේ කාර්යාලයට ආව ..ඇවිත් එයාලා සතු දේපොළ ඔක්කොම ඔයාගේ නමට හරෝලා මේ
වසරේ නත්තල් දිනේට ඔයාට තෑග්ගක් විදියට ලැබෙන්න සලස්වලා තියෙනවා ...අද තමයි ඒ දවස
.. මෙතන ලියකියවිලි ඔක්කොම තියෙනවා.. භාර ගන්න සුනෙත් මහත්මයා ..”
තව එකක් සුනෙත්
මහත්මයා ඔයාලගේ දෙමාපියන් හිතුවා මේ වසර වෙනකන් ඒ දෙන්න ජිවත් වෙන එකක් නැහැ කියලා
..එකයි මෙහෙම දෙයක් කලේ .. අනික එයාලා නැති කාලෙක ඔයාට විශාලා තෑග්ගක් දෙන්න එයාලා
ආසා උනා ...”
පියාට අයිති පැරණි
නිවසක් සහ මවට අයිති ඉඩකඩම් අක්කර ගණනක ලියවිලි මා භාරගත්තා ....
“තව දෙයක් ඔයාගේ
තත්තා මියගියා කියලා දැනගත්තා කෝ ඔයාගේ අන්ධ අම්මා ....
ඔහු ඇසු පැනයට මට
පිළිතුරු දීමට අසීරු විය ... එබැවින් මා බොරුවක් කීවෙමි ..
‘’අම්මත් මියගියා
ගිය අවුරුද්දේ “
“හනේ.. ඇත්තද ඔයාගේ
අම්මා හරිම කරුණාවන්ත කෙනෙක් .. ඔයා නොදන්නා තව දෙයක් තියෙනවා දැන් දෙමාපියන්
මියගිහින් නිසා මේකත් තව දුරටත් රහසක්
වෙන්න ඕනේ නැහැ..
“ඒ මොකක්ද ලෝයර් ...
“ඔයා ඉපදෙනකොටම
වෙච්ච අතපසුවීමක් නිසා ඔයා ඉපදෙන කොටම අන්ධ උනා .. ඔයාව අන්ධයෙක් විදියට ජිවත් කරවන්න
එයා කැමති උනේ නැහැ .. ඔයාගේ තාත්තාගේ අකමැත්තවත් තකන්නේ නැතිව එයාගේ තනි කැමැත්තට
එයාගේ ඇස් දෙක ඔයාට පරිත්‍යාග කරලා ඒයා අන්ධ උනා .. ඔයා තවමත් මේ ලෝකය දකින්නේ
ඔයාගේ අම්මගේ ඇස් දෙකෙන් ..”
ඒ වදන් ඇසෙත්ම මාගේ
හිස බ්‍රමනය වන්නට විය .. මා ඉක්මනින් අසල තිබු අසුනට බරවිය .. මෙතෙක් කාලයක් මා
වෙනස් කම් කලේ ඈගේ අන්ධ දෙනෙත් නිසාය ..
එහෙත් මා ලෝකය දැක තිබෙන්නේ ඇයගේ දෙනෙත් වලිනි .. මට ආලෝකය දී ඈ සදාකාලිකවම අදුරේ
ඉන්න තරම් කොයිතරම් සෙනෙහසක්ද ...
මට පියා නිතර කියූ
වදන් සිහිවේ ...
“ඔයාට ලැබිලා
තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි එයා ඔයාට කොයිතරම්
ආදරේද කියලා ... “
ඔව් මම අද තේරුම්
ගත්තා මට ලැබිලා ඉන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා ..එත් මම එයාට කොයිතරම් වෙනස්කම් කලාද
... මම දැන්මම අම්මා ව රැගෙන ඈ යුතුයි ..
මා දුවගොස් රථයට
ගොඩවූයේ අම්මා රැගෙන ඒමටයි....
“තාත්ති කොහෙද
යන්නේ ... සෙල්ලම් කරමින් සිටින පුතුගේ හඩ ඈතින් ඇසෙ ..
“මම පුතා ඉල්ලපු
නත්තල් තෑග්ග අරගෙන එන්නම් ..පුතේ ..
උපරිම වේගයෙන් මා
බැසිලිකා දෙව් මදුර වෙත ඉගිලුනා ... පාලු රබර් වත්ත අසලින් දෙව් මැදුර පැත්තට රථය
ඇදෙන විට මා ඇයට කල වෙනස්කම් නැවත්තත් මැවී..මැවී පෙනෙන්නට විය ...
දෙව් මදුර ඉදිරිපස
පාරේ හැම තැනම බැලුවත් මට ඈගේ රුව නෙත නොගැටුනි ...
“මෙතන හිගාකන ගොඩක්
වයසක ගැහැණු කෙනාව එහෙම දැක්කද ?... මා එසේ ඇසුවේ
පාරේ යමින් සිටි මගියෙකුගෙනි ..
“ඔය අහන්නේ අර අන්ධ
ගැහැණු කෙනා ගැන නේද ..?
“ඔව් කෝ එයා ..
“මෙයිට දවස් දෙකකට
ඉස්සෙල්ලා කව්ද මහත්තයෙක් මෙතන කෑම පාර්සල් වගයක් බෙදලා හිගන්නන්ට .. අර අන්ධ
අම්මට ලැබිලා නැහැ ... එයා ගොඩක් බඩගින්නේ ඉදලා තියෙන්නේ .. අන්න අර කුණු බක්කිය
ලග අනිත් අය කාලා ඉතිරි වුනු ඒවා කකා ඉන්නකොට ... පාරේ යන වාහනේක වැදිලා උන්දා
මැරුණා .... අයිතිකාරයෙක් නැති නිසා ආණ්ඩුවේ කනත්තේ භුමධානය කළා ..පව් කාගේ හරි
අම්මෙක්නේ ..
එදා කෑම බෙදු දවසේ ඈගේ අසරණ දුක්බර මුහුණ මට
නැවතත් මැවී පෙනෙන්නට විය ..
මා ඉක්මනින්ම
ආණ්ඩුවේ සුසාන භුමිය වෙත ගියෙමි .. සුසාන භුමියේ හුදකලා තැනක ඈ වලදමා තිබුණි .. මට ලෝකය බැලීමට දෙනෙත් දුන් ඈ ඒ වෙනුවට අනන්ත දුක්විද
හව්හරණක් නැතිව මියගොස් ඇත... ප්‍රථම වතාවට ඈගේ දෙනෙතින් ඈ වෙනුවෙන් ඉනූ මගේ
කදුලක් ඈගේ සොහොනේ පස් වලට මුසුවුණි...
මට නැවතත් පියා
කියූ වදන් සිහිවේ ...
“ඔයාට කවදාහරි දවසක
තේරේවි එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ... “
එහෙත් දැන් මා ප්‍රමාද
වැඩිය ....
_______නිමී_________
:පලි:- මනංකල්පිත කතාවකි
_______නිමී_________
:පලි:- මනංකල්පිත කතාවකි
ප්‍රමාදය පසුතැවිමට හෙතුවේ
ReplyDeleteඒක නෙන්නම්
Deleteදුක හිතෙනවා මනුස්සයෝ ගොඩාක්.....
ReplyDeleteඒත් මේ වගේ කතාවක් අහලා තියෙනවා අර අන්ධ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරලා කොල්ල කෙල්ලට ඇස් දන් දීලා අන්තිමට කෙළවගන්නෙ? දැන් ඔය කතාව යනවලු කෙල්ලයි අන්ධ කොල්ලයි විදියට මාරු කරලා. ෂුවර් එකටම ඒ කතාව ඉවසගන්න බැරි උන කෙල්ලෙක් ඕක කරන්න ඇති.
එහෙම කාතාවක් තියෙනවද.. අන්ධ කෙල්ලෙක්ට ලව් කරපු කොල්ලෙක්.. අහලනම් නෑහැ...
Deleteස්තුති මචන්
ඒක කොරියන් ෆිල්ම් එකක් නේද.
Deleteමටත් ඒ කතාව මතක් වුනා.
සාරා සදෙ සිනාසෙලේ ..කියන සින්දුවට හදලා තියෙන විඩියෝ එක ගැන උබලා මේ කියන්නේ... අන්දවෙන කෙල්ලට තමන්ගෙ ඇස් දෙක දෙන කොල්ලගේ කතාව..
Deleteමේකෙ ෂෝර්ට් ස්ටෝරිය කියවල තියෙනව. මේක නම් ලස්සනට ගලපල.. ඇත්ත සමාජයේ සිදුවෙන දේවල් මේ..
ReplyDeleteමෙයිට සමාන දෙවල් සමාජයෙ ඔනතරම් සිදුවෙනවා.... ස්තුති යාලුවා..
Deleteදුක හිතෙන කතාවක් එලටම ලියලා .පොඩ්ඩක් හදිසි වැඩිද මන්දා
ReplyDeleteඅන්තිමේ ටිකක් කෙටියෙන් ලියලා දැම්මා ..නැත්නම් තවත් දිග වෙනවා බං ....
Deleteහ්ම්ම්ම්.... හරිම සංවේදී කතාවක්......
ReplyDeleteස්තුති සමනලී
Deleteහ්ම්ම්!! සංවේදි යි.
ReplyDeleteහ්ම්ම්ම්
Deleteහොඳ නිමාවක්.සුභ නත්තලක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබටත් සුභ නත්තලක්
Deleteඅයියෝ ඇයි දෙයියනේ මම මේක කියෙව්වේ!
ReplyDeleteකියවපු එකෙන් වරදක් වෙන්නේ නැහැ මචං....
Deleteදෙමාපියන්ට සලකන්න ප්‍රමාද වෙන්න හොදනහ හොදේ ...(කතාවට ගත්තේ උබලගේ ගෙවල් පළාත ")
හ්ම්ම්ම් දුකයි චමියෝ... :( සුබ නත්තලක් වේවා
ReplyDeleteඔබටත් සුභ නත්තලක් සුද්දෝ :D
Deleteමෙවන් දෙයක් වෙයිද නොවෙයිද කියන්න දන්නේ නැ. ඒත් චමි මේකනම් හිත ඇතුළටම වැදුනා.ඔබට සුබ නත්තලක් වේවා
ReplyDeleteඑහෙනම් හොදයි... සුභ නත්තලක් නලින්
Deleteදුක හිතුනා චමියො, එත් සමහර දරුවන් අම්මලනිසා දුක් විදිනවා, මේ අසිරිමත් නත්තල හැමොටම සමිදුන්ගෙ ආශිර්වාද ලැබෙන්න ප්‍රාර්තනා කරනව.
ReplyDeleteසමහර අම්මලා දරුවන් නිසා දුක් විදිනවා ..හික්..හික්..
Deleteසුභ නත්තලක් මචං
ඔය අම්මා ඇස් දුන්නු කථාව මමත් කලිං කියවලා තියෙනවා බන් මූණු පොතෙන්...ඒ උනාට ඒ කතාවට අඩු වැඩිය දාලා හරියටම උඹේ කථාවක් වගේම ඉදිරිපත් කරලා තියෙන ආකාරය අපූරුයි... මුල හරියෙදි මම හිතුවෙ මේ උඹේ පෞද්ගලික සිදුවීමක් කියලා...
ReplyDeleteඒ ඇස් දන්දීපු පුංචි කාතාව හේතුවක් උනා මට මේක නිර්මාණය කරන්න... ඒක තමයි පදනම කිව්වොත් හරි...
Deleteස්තුති සිරා ..
good story.....
ReplyDeleteතෑන්ක්ස්
Deletebohoma dukbara kathaawak..
ReplyDeleteGodak ayata samahara dewl,samahara ayage watinaakama therenna godak kal yanawa.e dewal therum yanakota eyala parakku wadi.
E amma mona tharam kapakirimak ohu wenuwen karalada..
Kathawa loku adarshayk denawa..
Jayama wewa !!!
Subha naththalak wewa !!!
ගොඩක් දේවල් වල වටිනාකම තේරෙන්නේ ඒක අහිමි උනාම කියලා කියනවනේ ..
Deleteසුභ නත්තලක් දමිත් !!!
මේ ලිපිය තුළින් හරි තමන්ගේ දෙමව්පියන්ට සළකන්නේ නැති දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම තේරෙනවා නම් ලොකු දෙයක්.
ReplyDeleteආන්න හරි..ඒක තමයි මචෝ වෙන්න ඕනේ... දෙමාපියන් කියන්නේ අපි දෑසින් දකින දෙවිවරු ..
Deleteඔය තියෙන්නේ එළටම ලියලා
ReplyDeleteහික් හික්...එළද
Deleteදුක් සීන් එකක්. ඔය විදිහට අම්මල තාත්තලා ගේ අගය වටහා නොගන්න අය ඕන තරම් ඉන්නවා සැබෑ ලෝකෙත්. කතාව නියමෙට ලියල තියනවා මචං..
ReplyDeleteගොඩක් අයට අගය තේරෙනකොට ප්‍රමාද වැඩි ..තැන්ක්ස් මචං
Deleteගැලපීම අපූරැයි. මම හිතන්නේ නියම නත්තක් හා ඒ අර්ථය සැබැවින්ම අරථවත් කරන සිදුවීමක්...සුභ නත්තලක් හැමෝටම.
ReplyDeleteස්තුති මචං..සුභ නත්තලක්
Deleteනෙතට කඳුලක් එක්කල කතාවක්. සෑහෙන්න හැඟීම් බරයි
ReplyDeleteසුභ නත්තලක් මචන්
Deleteහොදයි මචෝ ස්තුති ..නත්තල සුභ වේවා !!!
Deleteහැඟීම්බර කතාවක්......
ReplyDeleteහ්ම්ම් ස්තුති ..
Deleteඒ කොල්ලා මාර ඩයල් එකක්නේ.. තමන්ගේ අම්මගේ ඇස් දෙක තියා අත පය නැති වුනත් නොසලකා හරිනවද එහෙම..අන්තිමට ජීවිත කාලෙම විඳවන්න තරම් දඬුවමක් හම්බ වුනානේ.
ReplyDeleteමචන් කතාව නියමයි....සංවේදියි.. මේ ටයිප් එකේ කතා කීපයක් අහලා /කියවල තියනවා........(එකක් අර සරා සඳ සින්දුව/ අනික ෆේස්බුක් කතාව "සොඳුර මගේ ඇස් දෙක හොඳට පරිස්සම් කරගන්න" කියන එක..මේ කතාව ඊට වඩා ගොඩක් වෙනස් හැබැයි . කතාව කියවද්දී මැද හරියේ, අම්මගේ ඇස් අන්ධයි කිවම මට හිතුන මේ කොල්ල ලෝකේ දකින්නේ අම්මගේ ඇස් වලින් කියල..
හ්ම්ම් ..
Deleteසාර සදේ වීඩියෝ එකට මම ගොඩක් ආසයි ... අම්මා ඇස් දන්දීපු කතාව එක හේතුවක් උනා මේක නිර්මාණයට.. අනිත් සිද්දි සමාජයට අනුකුලව ගැලපුවා ..ස්තුති මචං .
කෙටියෙන් කියෙව්ව කලින් මූනු පොතේදි .. ඒත් ආයෙත් කියවනකොට අහපු කතාවක් උනත් ඇස්වල කදූලු එන විදියට ලියන්න තරම් ඔබ දක්ශයි. කතාවෙ හොඳ ගැලපීමක් තියෙනවා ...
ReplyDeleteදුකයි. ගොඩාක් සංවේදියි
//ඒත් ආයෙත් කියවනකොට අහපු කතාවක් උනත් //
Deleteඅහපු කථාවක් වෙන්න විදියක් නැහැනේ.. ඔයා කියන්නේ මුණු පොතේ හෝ කොහේ හරි තිබුණු අම්මා පුතෙක්ට ඇස දැන් දෙනවා පොඩි කාලේ පස්සේ කාලෙක පුතා ලොකු උනාම තමයි දැනගන්නේ තමන්ට ඇස්දෙකක් දීලා තියෙන්නේ අම්ම කියලා.ඒ පුංචි කතාව ගැන ඔයා කියන්නේ.
ඔව් එක මම කියවල තියෙනවා ඒ අදහස තමයි මේක නිර්මාණයට මුලික උනේ ..එහෙම නැතුව ඔයා අහපු කතාව මේක නෙමේනේ නේද :D
මේ කතාව මමත් කලින් අහලා තියෙනවා... ඒත් මේ ලිවිල්ල දැනෙන්න ලියලා තියනවා...
ReplyDeleteසිරි සුභ නත්තලක් වේවා...!!!
සුබ අනාගතයක්....
ස්තුති ..
Deleteඔබටත් සුභ අනාගතයක්
සංවේදී කතාවක් මාත් එක එක විදිහට වෙනස් උන මේකේ
ReplyDeleteවෙන කතාවක් අහල තියෙනවා...ඒ උනාට උබ මේක ලස්සනට
ගලපලා ලියල තියෙනවා..අලුත් අවුරුද්දට හොද තෑග්ගක් මචන්...
සුබ නව වසරක් වේවා...
සුභ නවවසරක් !!!
Deleteකතාව සංවේදී වැඩියි වගේ....
ReplyDeleteසමහර දෙමව්පියෝ වැදගත් දේවල් දරුවන්ට හෙළි නොකිරීම තමයි ඛේදවාචකයට හේතුව.මෙතන "කතාවක්" තියෙන්නෙත් ඒ හින්දමයි.
සුබ නත්තල්.....!
හ්ම්ම් ඔව් එක ඇත්ත , ස්තුති සුමිත් අය්යා
Deleteහරිම සංවේදියි එලටම ලියල තියෙනවා..................
ReplyDeleteඑල..තෑන්ක්ස්
Deleteඅදකාලේ ගොඩදෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට හරියට සලකන්නේ නැහැ පව් ලස්සනට කතාව ලියල තියෙනවා. අයියට සුභ නත්තලක් වේවා!
ReplyDeleteහා පැංචිගේ ලෝකය
බොහොම ස්තුති මේ පැත්තේ ආවට හා පැංචි
Deleteසංවේදී වැඩී............
ReplyDeleteඔයාගෙ දක්ෂතාවය ඒක....
ඔයවගේ අසරණ විදියට හිඟාකාල ජීවත්වෙන ආච්චිකෙනෙක්ව දැක්ක අපේ ස්කෝලෙ ගාවදි.එතකොට මම තුනේ පංතියෙ.ඒ ආච්චි බොහොම අමාරුවෙන් අපේ ස්කෝලෙ ගේට්ටුව අල්ලගෙන ඇවිදගෙන යද්දි අතේ තිබ්බ රුපියල් විස්ස මම දුන්න මොනවහරි කන්න කියල.ඒ සිද්ධිය දවස්ගානක් යනකම් මට අමතක වුනේ නැහැ...අදටත් වද දෙනව.....ඇයි අප්ප මිනිස්සු මෙහෙම..............
ඔව්.. ඒ වගේ අසරණ වූ අම්මලා දකිනකොට හරිම දුකයි ..
Deleteස්තුති අග්නි..
මම අර http://cylonlinux.weebly.com/download.html ලින්ක් එකේ තිබ්බ සිලෝන් ලිනක්ස් බා ගත්ත ඒත් කොහොමද ඒක බූට් කරන්නෙ කියලා දන්නෙ නැහැ, පුලුවන්නම් උදව්වක් කරන්න,
ReplyDelete{ඒක WinRAR archive ෆයිල් එකක් එක්ස්ට්‍රැක්ට් කරල තනි ෆොල්ඩරයක දැන් තියෙනවා,}
winrar එක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ නැහැ එකේ අන්තිමට .ISO කියල වෙන්න ඕනේ ඇත්තේ ..එක එහෙම්මම DVD එකකට බුටබල් විදියට ගහගන්න .. අවුලක් තිබුනොත් අහන්නකො ...
Deleteනීරෝ 6 එකෙන් බූටබල් විදියට ගහනකොට , මේ ෆයිල් එක 2GB වලට වඩා වැඩි හින්ද iso වලින් ගහන්න බැහැ කියනවා. UDF වලින් ගහන්න අහනවා මේකට මොකක් හරි විසඳුමක් කියාපන්කො.
DeleteDVD එකකුයි ගහන්න ඕනේ, හන්තාන ලිනස් හොද නැද්ද .
Delete0759920155
උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
අද තමයි මෙහෙට ආවේ. මුලින්ම කියෙවුවෙ මේ පොස්ට් එක. මේක ගොඩක් සංවේදී වැඩියි චමි.. මටනම් දරාගන්න අමාරු තරම්.
ReplyDelete