“ඩොක්ටර් නිරාශා අර අලුතින් ගෙනාව
පේෂන්ට් ආයෙමත් කලබල කරනවා “
ප්‍රධාන සාත්තු සේවිකාවගේ හඩින් කරමින් සිටි
කාර්යය නැවතූ මා ලහි ලහියේ සුදානම් උනේ
කලබල කාරී ලෙස හැසිරෙන රෝගියා පරික්ෂා කිරීමට යාමටය ...
මානසික රෝහලේ වසරකට වැඩි කාලයක සිට සේවය කරන
මානසික ෛවයිද්‍යාවරියක වූ මාහට මෙවැනි දෑ සාමාන්‍යයි... එහෙත් කලහා කාරී ලෙස හැසිරෙන
තරුණයා මෙල්ල කිරීමට රෝහල් සේවකයන් තුන් හතර දෙනා දරන උත්සාහය සාර්ථක නොවන තැන මට
හැගුනේ ඔහුව නිර්වින්දනය කලයුතු බවයි .. බෙහෙත්
සිලින්ජරය ඇසුරුමෙන් ඉවත් කර සේවකයන්
විසින් අල්ලා සිටින තරුණයාගේ බාහුව වෙත සිලින්ජරයේ තුඩ ලන්කරන විටම අනපේක්‍ෂිත ලෙස
හැරුණු තරුණයාගේ නෙත් වලට මා හසුවිය ..
අංජලි ... මගේ අංජලි.. ඇයි මාව
දාලා ගියේ අංජලි .. ඔහු මහා හඩින් මොරගාන්නට විය
මුහුණ පුරා වැඩුණු රැවුලක් සහ දිග කෙස් කලබක්
සහිත තරුණයා .. තොර තෝංචියක් නැතිව අංජලි යන නමින් ආමන්ත්‍රණය කරමින් සිටියේ මටමය
...
නර්ස් මේ පේෂන්ට් ගේ නම මොකක්ද ?
“මෙයාගේ නම සචින්ත තේනුවර ඩොක්ටර් “
“මෙයාව නිර්වින්දනය කරන්න ඕනේ වෙන
එකක් නැහැ දැන් .. මම මෙයත් එක්ක ටිකක් කතා කරන්නම් ..
තවමත් එක එල්ලේම මා දෙස බලාගෙන .. දොඩවන තරුණයා වෙතට මම කිට්ටු උනෙමි .
“ඔයාට දැන් කොහොමද සචින්ත ?
“අංජලි .. ඇයි අංජලි ඔයා මාව දාලා
ගියේ .. ආයේ යන්න එපා අංජලි .. හැමෝම කියනවා ඔයා මැරුනලු .. ඔයාට මැරෙන්න බැහැ ..
ආයේ මාව දාලා යන්න එපා .
“නැහැ සචින් මම ඉන්නවා ... ඔයා හොද
ළමයා වගේ කලබල නොකර නිදාගන්න මම උදෙන්ම එන්නම් .. මෙවැනි
අවස්ථාවකදී මානසික රෝගියෙක් හා හැසිරිය යුතු ආකාරය අත්දැකීමෙන්ම දන්නා මා උත්සහ කලේ ඔහු සිතන ආකාරයට බාදා නොකර ඔහුව
සන්සුන් කිරීමටයි ..
එහෙත් බොහෝ රෑ වෙනතුරු මාගේ සුරත අල්ලා ගෙන
පෙම්වතියගේ නමින් ආමන්ත්‍රනය කරමින් පෙම්
බස් තෙපලු තරුණයාට නින්ද යන තුරුම එතැන රැදී සිටීමට මට සිදුවිය ...
පව් අහිංසක කොල්ලා හිතාගෙන ඉන්නේ මම එයාගේ ගර්ල්
කියලා.. ඇත්තට එයාගේ ගිර්ල් ට මොකද වෙලා
තියෙන්නේ ... ඒ ගැනත් හරියටම දැනගත්තොත් මට එයාට ප්‍රතිකාර කරන්න ලේසි වෙයි ..
රාත්‍රී වැඩ මුරය අවසානයේ මා නිවස කරා
ගියේ එසේ සිතමිනි..
පසුවදා දහවල් වරුවේ රෝහලට ගිය මා පළමුවෙන්ම ගියේ
පෙරදා මා ඇගේ පෙම්වතිය බව පවසමින් සිටි රෝගියා වෙතයි .
මා යන විට රෝහලේ සිවිලිම දෙස බලාගෙන තනිවම
මුමුනමින් සිටින ඔහුගේ දෑත් සහ දෙපා ඇදටම තබා ගැටගසා තිබුණි .. සමහර විට මා නැති
අතරේද ඔහු කලබල කරන්නට ඇත..
මා දුටු විගස රෝගී තරුණයාගේ මුවේ ඇදුනේ පියකරු
සිනහවකි .. අපිළිවෙලට වැවුණු හිසකෙස් හා රැවුල නැතිනම් ඔහු ඉතාමත් සුන්දර තරුණයෙකි
.
මා දුටු
විගස කලබලයෙන් ඇදෙන් නැගිටීමට උත්සහ කලද ඇදටම තබා ගැට ගසා තිබු රැහැන් පටි ඔහුට
බාදාවක් විය
“අනේ අංජලි බලන්න මාව ගැට ගහලා ...
බලන්න අංජලි මගේ අත් තුවාල වෙලා
ඔහුගේ ගැට ගසා තිබු දෑත් වෙත නෙත් යොමු කරමින් අසරණ තරුණයා අහිංසකව කියා
සිටියා ..
“ ඔයා කලබල කරන නිසානේ සචින් එහෙම කරන්නේ ඔයා කලබල
නොකර ඉන්නකෝ ..”
එදිනද මා අත් අල්ලාගෙන ඔහු බොහෝදේ තෙපලුවේය ..
කිසිදිනෙක පෙම්වතෙක් නොසිටි මා එදින සිතින් ඔහුගේ පෙම්වතිය උනෙමි .. එතැන් පටන් ඔහු ඇසුරේ කාලය ගත කිරීම මට ප්‍රිය විය
අතොරක් නැතිව කියවන ඔහුගේ විකාර වදන් අතරේ මා බොලද පෙම්වතියක් උනෙමි .. එයින් සිදුවුයේ මා බලාපොරොත්තු වූ අයුරින්ම
ඔහුගේ රෝගය සාමාන්‍ය අතට පත්වෙමින් පැවතීමයි... එහෙත් ඒ වන විට මා කිසිසේත් නොසිතු අයුරින් ඔහු හා මා අතර දැඩි බැදීමක් ඇති
වෙන්න පටන් ගනිමින් තිබුණි
මම සචින්තව කොහොම හරි හොදකරනවා .. මම තීරණය කලෙමි..
“ඩොක්ටර් නිරාශා සචින්තගේ අක්කා
ඇවිත් ඉන්නවා ඩොක්ටර් ව හම්බවෙන්න ..මා පියෙවි
ලොවට පැමිණුනේ සාත්තු සේවිකාවගේ හඩිනි
ඈ සමග සිටි උස තරුණිය මා හා සිනාසුනාය .. ඈගේ
මුහුණු වරද සචින්තගේ මුහුණු වරට සමානය
“සචින්තට දැන් ගොඩක් දුරට සුව
වීගෙන එන්නේ .. කවුද අංජලි කියන්නේ ..”
අන්ජලී කියන්නේ මල්ලි විවාහ වෙන්න
හිටිය කෙනා ඩොක්ටර් .. එයාලගේ ආදරේට අවුරුදු අටක් වෙනවා ඉස්කෝලේ යන කාලේ ඉදලම තමයි
එයාලා ආදරේ කලේ ...
“ඉතිං කෝ දැන් අන්ජලී එයාට මොකද
උනේ ..
රෝහල් කාමරයේ ජනේලයෙන් එපිට බලා දිගු සුසුමක්
හෙලු ඇය නැවත හඩ අවදි කළේය .. එයා නැති උනා ඩොක්ටර් ..
“ඒ කොහොමද ?
“එයාලා විවාහ වෙන්න තව මාසයයි තිබුනේ.. සචින් ගෙ අම්මයි තාත්තයි දෙන්නම
මෙයිට වසර හතරකට ඉස්සෙල්ලා අනතුරකින්
මියගියා .. එයාලාගේ සොහොන් තියෙන්නේ නුවර එළියේ මහා ගෙදර ලග ..ඒ මරණයෙන් පස්සේ අපි
දිගටම කොලබ ඉන්න තීරණය කළා..එත් මල්ලි අවුරුද්දට කිහිප වරක් නුවර එළියේ සොහොන් ලගට ගිහින් එන එක පුරුද්දක් කරගෙන හිටියා
.. මේ පාර එයා ගියේ අංජලිත් එක්ක .. එන
ගමන් රාත්‍රියේ කාර් එක හෙලකට පෙරලිලා අන්ජලිව එතැනම මියගියා .. සචින්ව කාර් එකෙන්
විසිවෙලා තුවාල වෙලා බේරුනා ...
“අන්ජලිගේ අවසන් කටයුතු වලින්
පස්සේ සචින් ගෙ මානසික තත්වය ටිකින් ටික නරක අතට හැරුනා ඩොක්ටර් “
“මට තේරෙනවා එයාට තද බල මානසික
කම්පනයක් ඇතිවෙලා තියෙන්නේ .. දැන් ට්කෙන් ටික සුව අතට හැරෙනවා .. එත් එක වෙලාවකට
එයාට තද හිසරදයක් එනවා ඒ වෙලාවට ගොඩක් කලබල කරනවා බලමු අපි මෙහෙ බැරි උනොත්
ඉන්දියාවට ගිනිහින් හරි සචින්ව හොදකරගමු ...”
ඔහුගේ සහෝදරියගේ කතාවෙන් පසු සචින් කෙරෙහි මගේ
සිතේ ඇතිවී තිබු හැගීම තවත් වැඩිවිය . එහෙත් තවමත් ඔහු මානසික රෝගියෙකි මා මානසික වයිද්යවරියකී එහෙත් කෙසේහෝ මා ඔහුව සුවපත් කරගත යුතුය .
දිනෙන් දින ඔහු කෙරෙහි මා සිත් තුල හටගත් ආදරය
දළුලා වැඩුනි.. ඔහුගේ තේරුමක් නැති විකාර වදන් ඇසීමට මා අතිශයෙන් ප්‍රිය විය ..
නිවෙසට ගිය පසුද මතකයේ රැදුනේ ඔහුගේම වදන් පමණි... මා දුටු බොහෝ සිහිනවල සුවපත්වූ
සචින් මාගේ පෙම්වතාවී සිටියේය ...
එදා සෙනසුරාදා දිනයකි මා එදා රෝහලට පැමිණුනේ
සුපුරුදු සාරිය වෙනුවට දිගු ගවුමකින් සැරසිය... මා දුටු විගස සචින් මා වෙත දිව ආවේ
කුඩා ළමයෙකු පරිද්දෙනි .. දැන් ඔහුට නිදහසේ හැසිරීමට තරම් රෝහල් සේවකයන් ඉඩදී
තිබුණි ඒ ඔහුගේ රෝගය සැලකිය යුතු මට්ටමකට සුවවී තිබු නිසාය...
“අන්ජලී ඔයා අද ගොඩාක් ලස්සනයි ..
ඉස්කෝලේ යන කාලේ වගේමයි .. ඔය වගේම ගවුමක් ඇදගෙන මැයි මල් වැටුනු දෙවැට පාර දිගේ
ඇවිදගෙන අපි පන්සල් ගියහැටි ඔයාට මතකයි නේද .... කියන්නකෝ මතකද ?
එදිනද ඔහු වෙනදා මෙන්ම තොර තෝංචියක් නැතිව
කියවන්නට පටන්ගත්තේය .. අතරින් පතර ඔහු අසන ප්‍රශ්න වලට මාද සිතින් අංජලි වෙමින් පිළිතුරු දුන්නෙමි..
එදින ඔහුගේ කතාවේ ඉවරයක් නැත එබැවින් බොහෝ රැ වෙන තුරු ඔහුගෙන් මිදී යාමට මටද සිත්
දුන්නේ නැත .. එදින වෙනදාටත් වඩා ඔහු අතීත මතකයක සිරවී අතරමංවී සිටින බවක්
පෙනෙන්නට තිබුණි..
එදින ඔහුගෙන් මිදීමට මට බොහෝ අසීරු විය ..
“අනේ අන්ජලී ඔයා ආයෙමත් මාව දාලා
යන්න එපා .. මගේ ලගින්ම ඉන්න ...
. “ඉන්නවා සචින් මම
හැමදාම ඔයා ලගින්ම ඉන්නවා ... මම ගිහින් ඉක්මනින් ආයෙමත් එන්නම්.
මම පිට උනේ මාගේ කරේ තිබු පුංචි මාලයද ඔහුගේ කරට
දමමිනි..
ඔහුගෙන් සමුගත් මා නිවෙස බලා පිටත් උනි .. මහා
රාත්‍රියේ පාරේ කිසිම වාහනයක් නැත කාරය වේගයෙන් ධාවනය කරන අතර සචින් තෙපලු වදන් මා
මනසේ රැව් දෙන්නට විය ..
“අනේ අන්ජලී ඔයා ආයෙමත් මාව දාලා යන්න එපා “
එසේ කල්පනාවට වැටී වැඩි දුරක් මට යාමට ලැබුනේ නැත .. දුරකථනය එක දිගටම නාද
වෙන්නට විය ...
හෙලෝ ...
හෙලෝ ඩොක්ටර් නිරාශා .. එහා කොනෙන් අසුනේ ප්‍රධාන සාත්තු සේවිකාවගේ කට
හඩය..
“ඔව් කියන්න නිර්මලා ..
“ඩොක්ටර් සචින් ආයෙමත් කලබල කරනවා
එයාගේ හිසරදය ආයෙමත් වැඩිවෙලා වගේ කාටවත් එයාව මෙල්ල කරන්න බැහැ ඩොක්ටර් ... අනිත් ඩොක්ටර් කෙනෙක්ටවත් ලගට කිට්ටු වෙන්න
අමාරුයි ..
“හරි නිර්මලා මම ඉක්මනින්ම එනවා ..
ආයෙමත් වාහනය හැරවූ මා වේගයෙන් රෝහල වෙත ධාවනය කළේය ..
කාරයේ කැබින් එක තුල හදිසි අවස්ථාවකදී ගතහැකි ලෙස
මා බෙහෙත් වර්ග තබාගෙන ඇත එහි නිර්වින්දන එන්නත් ඇතුලු එන්නත් වර්ග කිහිපයක්ද ඇත
.. එයින් නිර්වින්දන එන්නතක්ද රැගෙන වේගයෙන් මා ඔහුගේ රෝහල් කාමරය වෙතට දියගියහ ..
ඒ යන විටද බොහෝ කලහයක් සිදුවී ඇති බවට සලකුණු
පෙනෙන්නට තිබුණි .. මා දුටු විට සචින් යම් තරමකට තැම්පත් විය ඒ අවසරයෙන් රෝහල්
සේවකයක් ඔහුව ඇදට දෑමීමට සමත්විය ..
මෙවැනි අවස්ථාවකදී කිරීමට අවශ්‍යමදේ ඔහුව
නිර්වින්දනය කිරීමයි ..ඒ බැවින් මා ඔහුට නිර්වින්දන එන්නත ලබදුන්නේයා .. එන්නත
දෙනවිට දැඩිව මා අත අල්ලා ගත් ඔහු ටිකෙන් ටික නෙත් පියවෙන විට මගේ අත ලිහිල් කළේය
..
“මම උදේම එන්නම් සචින් නින්දේ සිටි ඔහුට ලංවී මිමිණු මා රෝහල් සේවිකාව
සමහ කෙටි කතාවකින් පසුව නැවත නිවෙස වෙත යාමට පිටත් උනෙමි ..
කරය වෙත ගොඩවූ මා දුටු දේයින් මා අතිශයෙන්ම බියට
පත්වුනෙමි .. තවමත් ඇරී ඇති කැබින් එක තුල නිර්වින්දන බෙහෙත් සිලින්ජරය එසේම ඇත ..
එවිට මා ඔහුට ලබාදී ඇත්තේ කුමක්ද ? මට කලබලයට වැරදි ඇත...
මම නැවතත් සචින් වෙත් දිව ගියෙමි... ඒවිටත් ඔහු මියගොස් අවසන්ය .. වැරදි බෙහෙත විෂ වීමෙන්
ඔහු මියගොස් ඇත..
ජීවිතය මහා පුදුමාකාර දෙයකි අංජලිගෙ වියෝවෙන්
රෝගියෙකුවූ ඔහුට අංජලි කෙනෙක්වූ මගේ
අතින්ම ඔහුට මිය යෑමට සිදුවිය ..
සියලුම වරද මගේය .. මා ඔහුට ආදරය කල තරම්ම දුක් උනෙමි .
නීතියෙන් සචින්ගේ මරණයට වගකිව යුත්තා මා විය ..
මා නීතියෙන් වරද කරුවෙකු උනෙමි.. සචින්ගේ දේහයට අවසන් ගෞරවය පුදකිරිමටවත් මට
අවස්ථාවක් නොලැබුණි... සියලු දෙයින් පසු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය මා හට
සචින්ගේ මතකය එහිදීත් වද දෙන්නට විය ඔහුගේ සොදුරු වදන් එහිදීත් ඇසෙන්නට විය..
වසරකින් ලංකාවට පැමිණුන මා ප්‍රථමයෙන් පැමිණුනේ මගේ වරදින් මිය ගිය සචින්ගේ
සොහොන් කොත ලගටය ..
මේ ලිලි මල් පොකුර ඔයාගේ සොහොන මත
තියලා දන ගහලා පතන්නම් සචින්ත මතු උපදින කිසිම අත් බවයක ඔයාට
මෙහෙම ඉරණමක් අත්වෙන්න එපා .. ඔයාට මරණය ලංකරපු මට හොදක් වෙන්නත් එපා...
ප.ලි :_ගිතයත් විඩියෝ එකත් බලන විට සිතේ ඇතිවු අදහසක් මත නිර්මාණ්ය කල කෙටි කතාවකි .
මේ කතාව නියම රොමෑන්ටික්. ඒත් මචං දැන් තරුණ වයසෙන් පරිණත වෙමින් ඉන්න මට මේ කතාව වට්ටෝරු හින්දි සිනමා පට මතක් කෙරුවා. මම එහෙම කියන්නේ උඹව අධෛර්‍යයට පත් කරන්න නම් නෙමයි ,,මීට අවුරුදු අටකට කලින් මම ලංකාවේ ප්‍රධාන පෙළ් FM නාලිකාවකට මේ වගේම හරිම රොමෑන්ටික් ගුවන්විදුලි නාට්‍ය ගණනාවක් රචනා කරලා තියෙනවා. උඹට හොද නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. ඒක මතු කර ගනින්. ජය වෙවා .
ReplyDeleteඒ කියන්නේ ටිකක් බොලද ආදර කතා පැත්තට බර වැඩි වගේද ... මම වැඩියෙන්ම කැමති මේ වගේ දුක හිතෙන පුංචි ආදර කතා ලියන්න ස්තුති මචං අගය කිරීමට..
Deleteකතාව නම් සුපිරියි. !
ReplyDeleteමට මේ කතාව කියවගෙන යනකොටම වගේ මතක් උනේ මේ දවස්වල මම කියෝන චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "නිශ්චල චංචල දේපළ" කියන පොත. ඔන්න පුලුවන් නම් හොයාගෙන කියවන්න. පට්ට දුක හිතෙන සීන් එකක් යන්නේ.
ස්තුති ,
Deleteවැඩිය පොත් කියවන්න ලැබෙන්නේ නැහැ මචං. නෙට් එකෙන් කියවන්න පුලුවන්නම් නියමයි.. චන්දන මෙන්ඩිස් නම මතක තියාගන්නම් ගොයාගන්න පුළුවන් උනොත් කියවනවා දුක හිතෙන කතා වලට තමයි මමත් කැමති
පට්ටයි මචං අවංකෙන්ම අති සාර්ථක නිර්මාණයක්.... වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී හැගීම් වලට වහල් විය යුතු නැති වුවත්... ඔවුන්ද මනුෂ්‍යයින් නිසා මෙවැනි දේ සිදුවෙන්න පුලුවන්...
ReplyDeleteමහාචාර්ය කාලෝ ෆොන්සේකා මහා වෙදැදුරු තුමා තාමත් තමන්ගෙ අත් වැරැද්දෙන් මිය ගිය රෝගීන් තිදෙනෙක් ගැන විස්සෝප වෙනවා... මට ඒ තොරතුර මතක් වුනේ අවසන් හරියෙදි...
ස්තුති මචං ..
Delete// වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී හැගීම් වලට වහල් විය යුතු නැති වුවත්... ඔවුන්ද මනුෂ්‍යයින් නිසා මෙවැනි දේ සිදුවෙන්න පුලුවන්..//
අනිවාර්යයෙන්ම මම දැනුවත් අදර සම්භන්දත් තියෙනවා ඩොක්ටර් සහ ලෙඩුන් අතර..
බොහොම ස්තුති සිරා
කුතුහලය තිබුනෙ නැහැ. හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. දන්න අවසානයක් උනත් බොහොම රසවත්ව ලියල තියෙනව. හරිම ලස්සනයි. ජය!
ReplyDeleteකුතුහලය තිබුනෙ නැහැ. හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. දන්න අවසානයක් උනත් බොහොම රසවත්ව ලියල තියෙනව. හරිම ලස්සනයි. ජය!
ReplyDeleteහ්ම්ම් මම මරණය ගැන මුලින්ම සදහන් කළා ..
Deleteබොහොම ස්තුති සමි..
හම්ම්........
ReplyDeleteහම්ම්.....
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... විෂුවල් එකට වැඩිය හිතට දැනුනා මේක...
ReplyDeleteඑහෙමද එහෙනම් හොදයි ...ස්තුති යසිත් මේ පැත්තේ ආවට
Deletemachan maasa 7,8 yanakam me mathruka thahanam mata..
ReplyDeletee nisaa kiyewwe nam naha..e unath digatama danna
hari giyakaleka enawa balanna..:D
ඒ මොකද බං... උබට ලව් ඇලජික් වෙලාවත්ද...
Deleteහරි ගිය කාලෙක කියපන්කො එහෙනම්
හොඳ නිර්මාණයක් මචං.. අපේ ඥාති වෙන නර්ස් කෙනෙක් කෙනෙක් වැඩ කළා ඔය වගේ රෝහලක. ඇත්තටම ඒ රෝගීන් ඔය ආකාරයට හැසිරෙනවලු..
ReplyDeleteඋඹගේ හැකියාවට ජයවේවා!
එහෙමද බං.. හ්ම්ම් මමත් අහලා තියෙනවා වැඩි පුරාම ටීවී එකෙන් තමයි දැකලා තියෙන්නේ ,
Deleteස්තුති චන්දන
සින්දුවට වැඩිය හිතට වදින්න ලියල චමියෝ. මනුස්ස ජීවිතේ මොනවා වෙනවද කියල ෂුවර් කරන්න බැහැ කවදාවත්ම.
ReplyDeleteඔව් මචං මනුස්ස ජිවිත කොයි අතට පෙරලෙයිද කියන්න බැහැ..
Deleteස්තුති මචෝ
ඇත්තටම ලස්සනයි..
ReplyDeleteටයිට්ල් එක වෙනස්කලානම් කියලා හිතුණා.. :)
හ්ම්ම් ටයිටල් එක දැක්කම අවසානේ තේරෙනවා නේද.. එහෙම දාන්න හිතුනා නිකමට වගේ
Deleteදැට්ස් වයි අයි හේට් ලවුස්ටෝරි...
ReplyDeleteහික් ..ඒ මොකද තරියෝ
Deleteමොනාද හලෝ මේ මහා රෑ අපිව අඬවනවනේ ..කතාව සුපිරියි චමියෝ
ReplyDelete:)
හික්..හික්.අඩන්න එපා අනේ ..
Deleteනියමයි බන්.... මාර කතාවක්... මෙහෙම කතාවක් හිතුනා කියන්නෙ උඹ තුල හොඳ නිර්මාණකරුවෙක් ඉන්නවා... ඌව ඇදලා එළියට ගන්...
ReplyDeleteහික් හික් ..හිමිට ඇදලා ගන්න බලමුකෝ..තැන්කූ සෙන්නා
Deleteගීතයට වඩා මට නම් කතාව ලියලා තියෙනවා හරිම රසවත්...
ReplyDeleteඑහෙමද එහෙනම් හොදා ...
Delete//මම වැඩියෙන්ම කැමති මේ වගේ දුක හිතෙන පුංචි ආදර කතා ලියන්න// උඩම කමෙන්ට් එකේ ඔයා එහෙම කියල තිබ්බ වගේ මාත් ආසයි දුක හිතෙන කතා කියවන්න... කියවල කාටවත් නොපෙනෙන තැනකට වෙලා හෙමීට අඬන්න..
ReplyDeleteකතාව ලස්සනයි...!!!
එහෙනම් ඔයත් මගේ ජාතියේ කෙනෙක් ..
Deleteස්තුති අනූ
කතාව නම් බොහොම අගේට කියවන්නාගේ හදවතට තදින්ම වදින්න ලියලා තියනවා චමියෝ නියමයි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ස්තුති නලියා
Deleteඇත්තටම ඔතන ගැහැණූ වාට්ටුවලට ගියාම අපෙත් අත් වලටයි කොන්ඩෙ ටයි බේරුමක් නැහැ. මේ ආදරේ කියන පිස්සුව හින්දා මොකද මන්දා අපි මෙච්චරටම ජීවිතේ දුක් විදින්නේ. ආදරය දුකක් ජීවිතේ ඊටත් වඩා දුකක්
ReplyDeleteහ්ම්ම් ආදරේ කියන්නෙත් එක්තරා විදියක පිස්සුවක් තමයි...
Deleteස්තුති චතු
මචං එහෙම වැරදිලා බෙහෙත් දීපු වරදට මරණ දඬුවම ලැබෙන්නේ නෑද්ද.?. කතාව නිර්මාණාත්මකයි. ඒත් මචං අන්තිම හරියේ වෛද්‍යවරියගේ හිතේ කැළඹිලි ගතිය තව ටිකක් විස්තර කරලා ලිව්වා නම් හොඳයි කියල හිතෙනවා. උඹට නිර්මාණාත්මකව දෙයක් කරන්න පුළුවන්....සුභ පැතුම් !!!
ReplyDelete
Deleteමමත් අන්තිමට මරන දඩුවම ගැන හිතුවා.. එත් එහෙම දඩුවම් දෙනවා අඩුයි... උබ කියන එක හරි අන්තිම හරිය ටිකක් මදි බව මටත් තේරුනා..ස්තුති අදහස් වලට..අදහස් ගොඩාක් වටිනවා...
සාර්ථක නිර්මාණයක් චමී.... හ්ම්ම්....
ReplyDeleteතැන්කූ සමනලී
Deleteලස්සනය් චමි.... එත් අර මල් වැටිච්ච දෙවටෙ යන්නෙ නැතිව තව ටිකක් තාත්වික කරානම් හොදය් කියල හිතුන. ඉස්සරහදි මීට වඩා එල නිර්මාන බලපොරොත්තු වෙනව.
ReplyDeleteහික් එහෙමද..එත් මානසික ලෙඩ්ඩු ඒ වගේ සුරංගනා කතා කියනවා බං ..
Deleteඉදිරියේදී වැරදි හදාගෙන තව එකක් දාන්න බලමුකෝ ..
ස්තුති සුමින්ද
ඉන්දියන් කාරයෝ දැන ගත්තොත් උඹව මරයි. උන්ගේ දෙයියගේ නමයි ඒ මදිවට වයිෆ්ගේ නමත් හරියටම දාලා. නියම නිර්මාණයක් කොල්ලෝ.
ReplyDeleteසුදික නම් ඉන්දියාවේ ගිහින් දෙය්යන්ව බලලා ආව ගමන්නේ..හික්.. සචින් දෙය්යන්ගේ වයිෆ් ගෙ නමත් අංජලි ද ..එහෙනම් දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ .
Deleteස්තුති සුදීක
වෛද්‍යවරු කියන්නෙත් මිනිස්සු නේ...
ReplyDeleteලස්සනයි කතාව
ඒක නෙන්නන් ප්‍රමුදි .. තැන්කූ ඈ
Delete"song" eke watinakama vadiuna ubage story ekan. tani ahata adenawa.
ReplyDeleteJayawewa
එහෙමද තැන්ක්ස් සජිත්...ජයවේවා !!!
Deleteදන්න කතාව උනත් මෙහෙම කියවන් යද්දිනම් දුකයි ඇ..ලස්සනට කරලා වැඩේ,.
ReplyDeleteස්තුති
Deleteඇත්තටම මාරම ලස්සනයි මචන්..... ඇඩෙනව.....
ReplyDeleteඑහෙමද තැන්ක්ස් මචෝ ..
Deleteඇඬෙන්නම ලියලා තියෙනවා. මාර ලස්සනයි.
ReplyDeleteමානසික රෝහලේ කට්ටිය ඔහොම හැසිරෙනව කියල අපේ අයියත් කියල තියෙනවා. එක ඇන්ටි කෙනෙක් ඉන්නවලු ලෙඩවෙලා, එයාට ළමයි නැහැලු. අපෙ අයියාව පෙන්නලා අනිත් ලෙඩ්ඩුන්ට කියනවලු අර ඉන්නෙ මගෙ පුතා කියල. හරිම ආඩම්බරෙන්ලු එහෙම කියන්නෙ. ලෙඩවෙලා ඉන්න තරුණ ගෑනු ළමයින්ව බලන්න යද්දි කියනවලු 'පුතා උන්ගෙ මායම් වලට අහුවෙන්න එපා.' කියල.
නියමයි....ලස්සන කථාවක්....!!!
ReplyDelete