16 April 2012

යාළුවගේ කෙල්ලට ලියුමක් ලියු හැටි.



මේ කතාව මෙයිට වසර ගානකට  ඉහත සිදුවූ එකක් මේ කාලේ වෙනකොට ලංකාවේ මොබයිල් ෆෝන් ආව අලුත වගේ ඒ කියන්න අර තඩි ගඩොල්බාගේ කියල  ෆෝන් එක ආව කාලේ . 


 මතක ඇති ඔය ෆෝන් එක අඩියක් විතර දිගයි තව දිග ඒරියල් එකකුත් තියෙනවා . හචිසන් ෆෝන් කියලත් කියනවා ඕකට ඒ කාලේ. ඔන්න ඔය ෆෝන් එකක හිමි කරුවෙක් වෙනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔය ෆෝන් තියෙන කට්ටිය හැමෝටම පෙනෙන්න ඔය ෆොනේ එකත් අතේ තියාගෙන හරි උජාරුවෙන් යනවා මට මතකයි .

 ඕක අතේම අරගෙන යන්න තවත් හේතුවක් වෙලා තිබුනේ ඕක සාක්කුවක දාගෙන යන්න තියෙන අපහසු කමයි ලොකු වැඩි නිසා. ඒ කතාව මට තේරුනේ පස්සේ කාලෙක එතකල් මට හිතුනෙත් අපිට පෙන්නන්න අතේ අරගෙන යනවා කියලා.

 මගේ මිතුරු සන්දානයේත් එකෝම එකෙක් ඔය ෆෝන් එකක හිමි කරුවෙක් වෙලා උන්නා අලුතින්ම. උගේ වැඩේම ඔය ෆෝන් එකත් අපට පෙන්න පෙන්න එකේ විස්තර  කියන එකම තමයි.

මේ ෆෝන් එක මචං ලා ……  කියල පටන්ගන්න කතාවක් ඉවර වෙන්න අඩුම පැය බාගයක් වත් යනවා ඒ අතර අනිත් උන්  අහන දාහක් ප්‍රස්නවලට පිළිතුරු දීමත් ෆෝන් හිමිකරු වන ෂාන් අතින්ම සිදුවන අතර අවසානයේදී ෆෝන් එක ඩයල් කිරීම. රිගින් ටොන් ඇසීම වගේ නොයෙකුත් අවස්ථා  වටේ සිටින අයට හිමි වෙනවා ,

ඔන්න ඔය ෆෝන් හිමි කාර  මිතුරා දවසක් මාව හම්බවෙන්න අවා.

“මචං චමී.. මට උබෙන් පොඩි උදව්වක් ඕනේ .. හැබැයි කාටවත් කියන්න බැහැ”.


“ඉතිං මොකක්ද උදව්ව්ව කියපන්කො බලන්න.

“මට ලියුමක් ලියව ගන්න ඕනේ උබට කියලා.. කෙල්ලෙක්ට බන්.”

“අයි උබටම ලියාගන්න බැරිද? ඕක.”

මගේ අකුරු ටිකක් අපිසේට්නේ මචං මම ලිව්වොත් මේක කියවල දෙන්නත් මටම යන්න වෙනවා. උබ ලස්සන අකුරින් ලියල දියන්කෝ.

ඔය කාලයේ අපේ  හිටිය මිතුරන්ගේ  අකුරුත් එක්ක බලනකොට. මගේ අකුරු වල පැහැදිලි වෙනසක්‌ තිබුනා . අකුරු බෝල කරලා වැඩ දාලා ලිවීමේ හැකියාව තිබුන නිසා ඔය වගේ කොන්ත්‍රාත්තු ඒ කාලයේ නිතරම වගේ මට ලැබුනා.

“මම ලියලා තියන්නම් උබ හවසට ඇවිත් අරගෙන පලයන්.”

“එහෙම බැහැ , උබ ලියන්න ඕනේ මම කියන එක. තව පැය බාගයකින් කෙල්ල ස්කොලේ ඇරිලා එනවා එත කොට ලියුම දෙන්න ඕනේ .. මට මේ දැන්ම ලියල දියන්කෝ ..

“හ්ම්ම් එහෙනම් කියහන්කෝ බලන්න උබට ලියන්න ඕනේ ඒවා..

මගේම ආදර පියුමි නංගි වෙත ,

(මෙහෙම පටන් අරගෙන ආදර බර වචන වලින් පේලි  1 ,3,ක්‌ ලියාගෙන ගියා ඔන්න )

නංගි මම එදා අහපු කාරණාව ගැන ඔයා හිතල බලල මට ඉක්මනට උත්තරයක්‌ දෙන්න.

මෙන්න මෙහෙම ලියාගෙන යනවා මම..... ශානා අතරින් පතරින් පැන පැන . ලියන්න ඕනේ කරුණු කාරනා මට මතක් කරනවා. මම එව්වා ගලපලා ලියාගෙන යනවා.

“මේ චමි මගේ ෆෝන් එක ගැනත් ලියපන් .

“එකත් ලියන්න ඕනෙද?

ඔව් බන් ඔව් ..  ෆෝන් එකගැන කියලා ෆෝන් නම්බර් එකත් ලියපන් ,

හ්ම්ම්ම් ...............

මටත් ඉතින් මේ වෙලාවේ අමුතුම අයිඩියා එකක් අවා. පස්සේ පව් කියලත් හිතුනා.


එතැනින් එහාට ලියමන ලියුනේ මෙන්න මේ විදියටයි.

(මට ඉතින් ඔය ෆෝන් එක ගැන ශාන් කියන ඒවා ඇහිලා කට පාඩම් වෙලයි තිබුනේ.)

නංගි මට ඔයාට කියන්න තව දෙයක් තියෙනවා . මම අලුතින් ෆෝන් එකක් ගත්තා එකේ වර්ගය මෝටරෝලා.


කලුපාට ෆෝන් එකක්  අගල් 10 ක්‌ විතර දිගයි ග්රෑම් 350 ක් විතර තමයි බර තියෙන්නේ , මේක මම ගත්තේ දොළොස් දහස් පන්සියකට ,


  නංගි මේකේ අවුට් ගොයින්  වලට  13.50 ක්‌ කැපෙනවා ඉන් කමින් කෝල් වලට 7.00 ක්‌ කැපෙනවාඑස්එම්එස් වලට 3.00 යි , කාර්ය බහුල නොවන වේලාවන් වලදී නම් ටිකක් ගාන අඩුයි එතකොට ඉන් කමින් 6 යි අවුට් ගොයින් 10 යි , නංගි මේ ෆෝන් එකට සිග්නල් කොළබ අවට නම් හොදට තියෙනවා ටිකක් දුර යනකොට තමයි සිග්නල් අඩු වෙන්නේ. එත් උස තැනකට ගියහම එකේ අවුලකුත් නැහැ (ගහකට වගේ නැග්ගම )

නංගි මේකේ බැටරිය චාර්ග් කලාම දවස් 4,5 කට බහින්නේ නැහැ. නංගි මේ ෆෝන් එක හදල තියෙන්නේ කොරියාවේ , බැටරිය චිනේ .  තව මේ ෆෝන් එකේ රිගින් ටොන් 6 ක්‌ තියෙනවා .
මේක අවුරුද්දක් ගැරන්ට් කරනවා .  මේක ගන්නකොට 1500 ක  ඩිපොසිට් එකකුත් තියාගත්තා


මම ඉතින් ඔන්න ඔහොම ෆෝන් එක ගැන පුර්ණ විස්තරයක් ලිව්වා ශාන් ගේ අනු දැනුමින්  තොරව ..


මම මේ ටික ලියන වෙලාවේ මට මතක හැටියට ශානා හිටියේ පාර පැත්තට වෙලා ඉස්කෝලේ ඇරිලා ළමයි යනවද කියල විපරම් කරමින්.

ෆෝන් එක ගැන තව මොනවද ලියන්න තියෙන්නේ කියල මමත් දහ අතේ කල්පනා කලත් ලියලා තියෙන දේවල් වලට අමතරව වෙන මුකුත් මගේ මතකෙට ආවෙත් නැහැ ( හොද වෙලාවට)

එක නිසා මම ලියමන අහවර කරලා දැම්ම.

එහෙනම් නංගි මම මෙතනින් නවතින්නම් , ඔයාට සියලු දෙවි රැකවරණයි ,
මෙයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි.

සදාදර  ශාන් ,


“චමි ඉස්කෝලේ ඇරලා .. උබ ලියල ඉවර නැද්ද?

“ඉවරයි ඉවරයි හිටපන් මම මේක නමලම දෙන්නම්.”

“හා ...

ශානා ලියුමත් උඩ සාක්කුවේ දාගෙන සයිකලේ ඉගිල්ලිලා ගියා ඉස්කෝලේ පැත්තට.

අහිංසකය ලියුමේ තියෙන ඒවා කියවලාවත් බැලුවේ නැහැ .

සතියකට විතර පස්සේ දවසක මට ආයෙත් ශාන් ව මුණ ගැහුනා.

“ආ..ශාන්  මොකෝ බන් උනේ අර ලව් එක හරිද?

“ඒක හරියන්නේ නැහැ වගේ බන් .. මම ඒක අල්ලලා දැම්මා , එකී මාව දැක්කම නිකන් කින්ඩි හිනාවක් දාලා අහක බලාගෙන යනවා...”

“ඇයි බං එහෙම උනේ ? එතකොට අපි අර යවපු ලියුමට රිප්ලයි එකක් ආවේ නැද්ද?

ආව බං එකේ තියෙන අන්ඩරදෙමලේ  මට තේරෙන්නේ නැහැ . උබම කියවල බලපන්කො.
එහෙම කියලා ශානා මගේ අතේ  තිබ්බා  හතරට පහට නවපු පුංචි කොළ කැල්ලක් .

එකේ ලියල තිබුනේ .......


“අය්යේ..!!!  ඔයා හචිසන් පොන් සෙන්ටර් එකකද වර්ක් කරන්නේ ? ඔයා ෆෝන් ගැන විස්තර කරලා තියෙන විදියනම් නියමෙට හිතට ඇල්ලුවා අය්යා , සේල්ස් ජොබ් එකනම් අය්යට නියමෙටම ගැලපෙනවා . මම මගේ යාලුවන්ටත් ඔයා එවපු ෆෝන්  දැන්වීම පෙන්නුවා.. අය්යට ඉදිරියට හොදට සේල්ස් තියෙයි.. ඔන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් උදව්ව මම කලා ,...


ලියුමටම තිබුනේ ඔය ටික විතරයි . ඒක කියවපු වෙලාවේ ඉදලා මට බඩ කොර වෙනකන් හිනාව නවත්ත  ගන්න බැරිව ගියා ...හිකිස්‌


 මේකේ අගක් මුලක් හොයා ගන්න බැරුව ශානා උඩබලාගෙන ඉන්නවා. ඒ මදිවට සෙට් වේගෙන ආව කෙල්ලත් දැන් මුව දැක්කම කින්ඩි හිනාවක්  දානවලුනේ..


මටත් ඉතිං ඕවා හිතේ තියාගන්න බැහැනේ. මමත් කියලා දැම්ම . වෙච්ච සිද්දිය මුල ඉදලම ෆෝන් ඒක ගැන ලියපු විස්තරෙත් එක්කම. ඒක අහපු ශානා මාව මරාගෙන කැව නැති ටික විතරයි..

ඊට පස්සෙනම් කොල්ලෝ එකෙක්වත් ලියුම් ලියෝ ගන්න මාව හොයාගෙන ආවේ නැහැ.. මේ කතාව කටින් කට කොල්ලෝ සෙට් එකටම ආරන්චි වෙලා තිබුනා . මේක වෙලා අවුරුදු ගණනාවක් උනත් කට්ටිය සෙට් උන වෙලාවට ඔය කතාව මතක් කරලා ශාන්ව බයිට් කරන එකනම් තවමත් සිදු වෙනවා..!!!




ප.ලි .
මගේ හිත මිතුරු ශාන් දැන් එක්දරු  පියෙක් . දැන් පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ලු..

26 comments:

  1. මාර ගුන්ඩුවක්නෙ ඌට දීලා තියෙන්නෙ...:-) එළ කතාව.

    ReplyDelete
  2. ඔව් ඕක හරි ප්‍රසිද්ද කතාවක් උනා ගමේම කොල්ලෝ අතර...

    ReplyDelete
  3. උබ නම් මාර ඩයල් එකක් තමා :).පව් බන් ශානයා.මේ කොමන්ට් කරද්දී වෝඩ් වෙරිෆිකේසන් එක අයින් කරපංකෝ

    ReplyDelete
  4. නිශාන් දැන් හරිද බලපන්කෝ

    ReplyDelete
  5. හිකිස්...හයියූ..මෙයා කලන වැද....

    ඔන්න අයියෝ මාත් ආවෝ.....අඩ ඉඩන් ඩිගටම එන්නම්...ජය වේවෝ....!!!!

    ReplyDelete
  6. තැන්ක්යූ .....තැන්ක්යූ ..
    …හිකිස්‌

    ReplyDelete
  7. චමී, මටත් තියෙනවා ලියුමක් ලියාගන්න... :P

    මේක මම කියවපු හොඳම විනෝදාත්මක කතාවක්. අරූ මරාගෙන කෑවත් වැ‍රැද්දක් කියන්න බෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  8. අඩේ මේ මොඩල් එකේම කතාවක් සෑමා දාලා තියෙනවා. මං මේකෙ ලින්ක් එක ඒකෙ කමෙන්ට් එකක දැම්මා. මෙන්න ගිහින් කියවලා බලන්න ලින්ක් එක
    http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post.html?showComment=1335862491158#c8633875094755185125


    henryblogwalker the Dude

    ReplyDelete
  9. ඩියුඩ් ගේ ලින්කුවෙන් හො‍යාගෙන ආවේ..

    පව් බං යාළුවා.. පොර ඊට පස්සේ කතා කලේ නැද්ද? කෙල්ලට මාර ෆන් ඇති ඇඩ් එකක් ලියුමක් විදිහට ආවහම..

    ජය !

    ReplyDelete
  10. ටික වෙලාවක් යනකං හිනාව නවත්තගන්න බැරිවුනා පට්ට සීන් එක.... මම කියවපු හොඳම කතාවලින් එකක්... පිවිතුරු ආදරේකට ෆෝන් එකක් හරස් වෙච්චි හැටියක්.. බොලේ මාත් ඔහොම හැමෝටම ලියුම් ලියලා දුන්නා සික් මට මෙහෙම හිතුනේ නෑනේ

    ඩුඩ් අයියා සැමා අයියගේ පෝස්ට් එකට දාපු ලින්ක් එකෙන් ආවේ

    ReplyDelete
  11. @Dude, sam, gamiya...
    මුලින්ම තැන්ක්ස් මචං උබලා මේ පැත්තේ ආවට..

    ඔව්.. ඊට පස්සේ ශාන් මත් එක්ක කතා කලෙත් නැහැ තමයි ටික දවසක් යනකන්..
    මට ඔය අදහස ආවේ බන් .. උ නිතරම ෆෝන් එක ගැනම කියවන නිසයි... උ ලියුමේත් ෆෝන් එක ටිකක් ලියන්න කිව්වම . මම පුර්ණ හැදින්වීමක් කොලා ඉතින්... හිකිස්‌.

    ReplyDelete
  12. Aiyoo... Paw ale Shan... :( :(

    Adai me paththata awe. Digatama ennamko.. :)

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
  13. මේක දැකල මමත් කරපු ඔය වගේම මගෝඩි වැඩක් මතක් වුනා. හොඳ වෙලාවට ඌට අකුරු ලියන්න කියවන්න දන්නේ නෑ. වැඩේ මාට්ටු වෙච්ච කාලේ මම කොයිකටත් බොහොම පරෙස්සමට හිටියේ.

    ReplyDelete
  14. DILRUK දාපන්කෝ බලන්න විස්තරේ ..

    ReplyDelete
  15. ඌට අඬන්න හිතෙන්න ඇති පැත්තකට ගිහින්. ඇයි යකෝ ඌව උඹ සෙල්ස්මන් කෙනෙක් කරලනේ.

    ReplyDelete
  16. කොල්ලෙක් ඒ කාලේම ගොඩයන්න ට්‍රයි කරද්දී ඒකට වල කපලා නොවැ :P

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ ඔව්..ඔව් . ඉතින් මක්ක කරන්නද මටත් ඒ වගේ අදහසක් ආවම නොකර ඉන්නම බැහැ නොවැ..

      Delete

  17. අඩෝ ෆට්ට උබේ බ්ලොග් එක මන් දැක්කේ අද බන්,මන් ගොස්සිප් ලංකා යද්දී දැක්කේ වෙනම බ්ලොග් සෙට් එකක් දාලා තිබබා ,මන් නිතරම කියවන්න බ්ලොග් හොයනවා කොහම හරි උබේ එකෙත් පොස්ට් 2,3ක් කියෙව්වා කියේව්වා ,අඩෝ දැන් ඔය ශාන් marry කරෙට්‍ර්හ් අර ලියුමේ හිටපු කෙල්ලවමද ,මටත් මතකි ඒ කලේ phone තිබ්බට කවුරුත් wadie call ගන්නේ නැ ෆට්ට ගානක් ඒ කලේ චාල්ල් වලට කැපෙන්නේ බන් ,එතකොට මන් පොඩි පන්තිවල ඇත්තේ හෙහෙ එල එල තව ලියහං

    ReplyDelete
    Replies
    1. නෑ වෙන කෙල්ලෙක්ව ලියුමෙන් පස්සේ අර කෙල්ල ශානාව ජෝක් එකට ගත්තා නෙවැ..ඊට පස්සේ ඒක ඉවරයි.

      Delete
  18. ශිකේ ශිකේ! අර ඩූඩ් අයියා කියනවා වගේ, බලු පූට්ටුවලට ගල් ගැසීමේ අනිත් එක තමයි මේ කරගෙන තියෙන්නේ! මේවා පාපකර්ම!

    ReplyDelete
    Replies
    1. නැතුව ..නැතුව ..පාපකර්ම පඩිසම් දීම..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...