ඔන්න එකමත් එක ගමක තිබුන බාර් එකක .. කන සාක්කුවට දාගන්න ඔන්න මෙන්න සයිස් එකේ කොල්ලෙක් ඉන්නවලු හිස් බෝතලයකුත් අතේ තියාගෙන කල්පනා කර කර.. එහෙම ඉන්න කොල්ල දිහාට තවත් කොල්ලෙක් එනවලු බාගයක් හිස් කරපු බෝතලයකුත් කිහිල්ලේ ගහගෙන සික්සැක් ක්‍රමේට... ඇවිත් අහනවලු මෙහෙම..
“මචං උබ මොකද නිකන් අප්සෙට් එකේ වගේ.. මේ බෝතලෙන් ටිකක් දෙන්නද? “ කියල
ඉතිං අනිත් එකත් එකට කැමැති වෙලා දැන් දෙන්නම එක මේසෙකට වාඩි වෙලා බොනවලු..
ඉතිං මේ අතරේ එකෙක් අනිකගෙන් අහනවලු...
මේ මචං උබ කොහෙද ?
මම ගාල්ලේ “ අනිකා උත්තර දුන්නලු .
යකෝ මමත් ගාල්ලෙනේ .. ගාල්ලේ කොහෙද?
ගාල්ලේ රත්ගම මචං.
පිස්සු හැදෙනවා මමත් රත්ගමනේ බං..
විස්වාස කරන්නත් බැහැනේ බං උබ කොහෙද ඉස්කෝලේ ගියේ..
මම කන්දේ උඩ විද්‍යාලයේ මචං..
දෙය්යන්ට ඔප්පු වෙච්චාවේ මමත් එකේනේ බං
කොයි කාලේද බං ඉස්කෝලෙන් අවුට් උනේ...
දෙදහේදී මචෝ
මේකනම් හිතාගන්නත් බැහැ මමත් අවුට් උනේ දෙදහදිනේ යකෝ..
මෙන්න මෙහෙම මේ දෙන්නට දෙන්නා හදුනා ගන්නා අතරේ.. බාර් එකේ අයිතිකාරයා වේටර්ගෙන් අහනවා..
"වේටර් කවුද අයිසේ අර අතන ඉදගෙන බෙරිහන් දෙන උන් දෙන්නා..."
වේටර් :-"ගනන් ගන්න එපා සර්,.. අර පහල ලේන් එකේ වංගුවේ ගෙදර නිවුන්නු දෙන්නා අදත් හොදටම බීලා ,
ප .ලි :- මෙයින් ඉගෙන ගතයුතු පාඩම වන්නේ බිව්වට කම් නැත.. මුහුණුවර හරි හැටි හදුනා ගත ගැකි පමණට පානය කල යුතුය ..හිකිස් ,
හික් හික්
ReplyDeleteඔන්න චමියො තාත්තෙකුයි පුතෙකුයි ඔහොම ඉඳගෙන අනුමත වෙනවලු.
තාත්තා කියනවලු. "පුතා බිව්වා ඇති කියලා දැනගන්න හැටි දන්නවද?"
"නෑ තාත්තෙ"
"පුතා අර දොර ලඟ මේසෙ වගේ වාඩිවෙලා ඉන්න එවුන් හතර දෙනා අට දෙනා වෙලා පේන කොට බීම නවත්තන්න ඕනෙ. ඒ කියන්නෙ වැඩියි කියන එකයි."
"ඉතිං තාත්තෙ" පුතා කියනවලු." එතන ඉන්නෙ දෙන්නයිනෙ."
henryblogwalker the Dude
ඒ කියන්නේ තාත්තට වැඩි වෙලා..හික්
Deleteමේකත් මරු කතාවක් නේ ...
Deleteඔව්..ඔව්..
Delete:D
ReplyDelete:O
Delete:D නිවුන්නුන්ගෙන් එකෙකුගේ නම චමියා ලු.
ReplyDeleteහික්.. හය්යෝ මම නෙමේ අප්පා.
Deleteනියම කතාව හී හී....
ReplyDeleteහ්ම්ම් බෙබේ කථාවක්. හික්..
Deleteකථාව සෝයි...කලින් අහලා තිබ්බෙ නෑ.. මේක..
ReplyDeleteහ්ම්ම් ඔව්..ඔව්
Deleteතව කතාවක්,
ReplyDeleteඔන්න එක බාර් එකක දෙන්නෙක් බොනවලු. ටිකකින් දෙන්න කවුන්ටරේට යන්න ගිහින් මුණගැහිලා. එකෙක් අනිකට කියනවලු, උඹව මම දැකලා දැකලා තියනවා.... කවුද.. කියලා මතක නෑ.. කියල.. අනිකා කිව්වලු ගනන්ගන්න එපා මචං.. එකවගේ 7 ඉන්න එකනේ.. කියලා. පස්සේ ඩබල බිල ගෙවලා යද්දී එකෙක් තව බාගයක් ඉල්ලුවාලු අරන් යන්න. ඊටපස්සේ පාරට යනගමන් අනිකා ඇහුවලු
"ඒ මේ උඹ කොහෙද බං ඉන්නේ?"
"ආ මම ද.. මම අර අහවල් හන්දියේ පල්ලෙහා පාරේ නේ ඉන්නේ.."
"ඈ.. ඒ කොහොමද ඒ.. මමත් එහෙ නේ..", "ෂඃ අපි දෙන්නා කලින් සෙට් වෙන්න තිබ්බ උන් බං.."
"කවුද බං ගෙදර ඉන්නේ?" "මමයි අම්මයි තාත්තයි තමා.. කවුද එහෙ ඉන්නේ?"
"මගේ කොල්ලයි ගෑනියි.."
කතාවෙන් කතාවෙන් දෙන්න ඉන්න ගේ කිට්ටුවටම ආවලු.. "මම ඉන්නේ අර ගෙදර," එකෙක් කිව්වලු.. "පිස්සුද?.. උඹට වැඩි. මමනේ එහෙ ඉන්නේ.." අනිකා කියනවලු. "හරි එහෙනම් යමන් බලන්න... මම හිතන්නේ උඹට වැඩි.."
ගෙදරට ගිහින් දොරට ගහලා දෙන්න දැන් එළියේ ඉන්නවලු තව මොනමොනාදෝ කියා කියා..
"නෙදකින්.. අද අප්පයි පුතයි දෙන්නම එකට බීලා ඇවිත්.. උන් දෙන්නට දෙන්නා අඳුරන්නේ නෑ.. තුහ්.." දොර ඇරපු ගමන් සද්දයක් ඇහුන ලු..
මරු කථාව අප්පයි පුතයි එකට බිලා...
Deleteපට්ට කතාව....
ReplyDeleteසිකුරු හතේ ෆිල්ම් එකේ මංගල ජය කපු මහත්තයා බීලා ආපු කතාව මතක් වුණා :D
ReplyDeleteඔව්..ඔව් , මමත් බැලුවා ඒක
Delete