08 February 2013

පොලිස් නිලධාරීන්ට වැරදුණු කුරුමාණම නොහොත් නොලැබුනු පගාව.


වැරදුනු පොලිස් කුරුමානමක් පිළිබදව ලියවෙන තවත් එක් කථාවකි,  මෙයටද පගාවක් සම්භන්ධය  .  පගාව හැරුනුකොට වෙනත් පොලිස් කථා ඇත්නම් ඒ අල්ප මාත්‍රයකි ඒ තරමටම පගාව යන වචනය සහ පොලිස් නිළධාරියා යන නාම පදය අතර ඇත්තේ පුදුමාකාර අන්තර් සම්භන්දතාවයකි.

එහෙත් මෙයට කෙලින්ම පගාව යනුවෙන් හැදින්වීමට බැරිය . මක්නිසාද යත් පගාව යනු යම් කිසි කාර්යයක් පහසුවෙන් කරගැනීමට හෝ එහෙමත් නැත්නම්, වැරැද්දක් නිවැරැද්දක් කරගැනීම උදෙසා දෙනු ලබන දොලපිදේනියකි .  එම දොලපිදේනියේ අනිසංසයෙන් ආතුරයා ගේ වැරදි කමා කිරීමේ බලය රාජ්‍ය නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන්ට ද  පත්වීම් ලබාදෙන අවස්ථාවේදීම දෙනු ලබන වරප්ප්‍රසාදයකි.  පගාව යනුවෙන් මා හැදිනගෙන සිටින්නේ එයය ...

එහෙත් එහෙම  කිසිම හේතුවක් නැතිව යමක් අයැද සිටින්නන්ද ඇත ඒ සිගන්නන්ය ඒ ඔවුන්ගේ අසරණ කමටය. එයට පගාව යනුවෙන් හදුන්වන්නේ නැත එය හැදින්වෙන්නේ පිනට දීම යනුවෙනි.  එහෙත් නිල බලය උපයෝගී කරගෙන බලහත්කාරයෙන් යමක් ගැනීමට උත්සහ කිරීමකට යොදන වචනය කුමක්ද ? එය පගාව වත් සිගමන් යැදිමවත් නොව , එබැවිනුයි මෙයට පාගාව යන  ලේබලය ගැසීමට නොහැකි වන්නේ ,

පෙරවදන අවාසනයි යමු කථාවට,

අගනගරයට ආසන්න ස්ථානයක බොහෝ කාලයක සිට පවත්වාගෙන යන ප්‍රදේශයේ නමක් දිනාගත් භෝජනාගාරයකි.  පහත මාලයේ රටබිම හලක්ද  ඉහල මාලයේ චීන අවන්හලක්ද පවත්වාගෙන යන ඩිලාන් මහත්මයා සාමකාමී පුද්ගලයෙකි . එහෙත් ඒ සාමකාමී පෙනුම යටින් සිටින්නේ බොහොම දැඩි මතධාරි ව්‍යාපාරිකයෙකි එය ඉස්මතුවන්නේ එයට සරිලන පසුබිමක් නිර්මාණයවූ විටෙක පමණි .

ප්‍රදේශයේ බොහොම ඉහල තනතුරු දරන උදවිය බොහොමයක් ඩිලාන් මහත්මයාගේ මිතුරෝවුහ.. ඔහු ඇසුරු කලේ සමාජයේ ඉහලම පිරිස මිස පහල ස්ථරය නොවේ,

ගොම්මන් කළුවර වැටී හෝරා කිහිපයක් පසුවූ තැන චීන අවන්හලේ අතුරු සිතුරු නැතිව මිනිසුන්ගෙන් පිරීයයි.. හීන් හඩින් ඇසෙන කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීතය අතරේ කල්ලි ගැසී බීර වීදුරු තොලගාන මිනිසුන් සේම තවත් කොටසක තොර තෝංචියක් නැතිව දොඩමලු වෙමින් ආත්‍රී අහාර ගන්නා පවුල්වල පිරිසගෙන්ද මෙම අවන් හලට අඩුවක් නැත.. (ඇඩ් එකක් නොවේ )

මේ මොහොතේ දෙදෙනෙක් චීන අවන්හලේ ඇනවුම් භාරකාරු වෙතට පැමිණෙමින් සිටි. මේ දෙදෙනා අවන්හලේ සිටි සැමදෙනාගේම වගේ නෙත් වලට හසුවිය . එයට හේතුව මොවුන් රාජකාරි නිළඇදුමින්ම සැරසී සිටීමයි... රචකයා ඒ අසලම අසුන්ගෙන සිටී බැවින් මොවුන්ගේ දෙබස කනවැකිමේ දුර්ලබ අවස්ථාවට හිමිකම් කීවා


“මොනවාද අපිට බොන්න ගන්න තියෙන්නේ “

“බියර් ඕනෑම වර්ගයක් තියෙනවා සර් “

“බියර් වැඩක් නැහැ අයිෂේ... අරක්කු මොනවද ? “

“ දැන්නම් තියෙන්නේ විස්කි බැරැන්ඩි ජින් වර්ග විතරයි “

“හ්ම්ම් අපිට බෝතලේකුයි, බයිට් වලට චෝප්සි එකකුයි වර්ග දෙකකින් ඩෙවල් දෙකකුයි දාලා දෙනවා ඉකමනට මෙතන බොන්න නෙවේ අපිට අරගෙන යන්න “

අදහස පැහැදිලි වේලාව නවය පසුවී අඩහෝරාවක් පමණ ගොස් ඇත , මේ වේලාවේ වයින් ස්ටෝර්ස් වසා ඇති බැවින් මත්පැන් මිලදීගත නොහැක.. මිලදී ගත හැක්කේ වැඩි මුදලකට මෙවැනි අවන්හලකින්ම පමණි . එය බොහෝ දෙනෙක් දන්නා කරුනකි එබැවින් ඔවුන් මෙතැනට පැමිණෙන්නට ඇත.  එහෙත් නිළ ඇදුමකින් පැමිණ මත්පැන් ඇනවුම් කිරීම ඒතරම් සුදුසු නොවේ .  වැඩේ එලෙසවත් නිමවුනානම් කම් නැත ..බලමු ඉතිරිය ,

ඇනවුම සුදානම් කරන තුරු විනාඩි විස්සක තිහක පමණ කාලයක් නිළධාරීන් දෙදෙනා අවන්හලේ කොනක තිබු බිලියඩ් ටේබල් එකට  ගොස් ක්‍රීඩා කරන්නට විය , සාමාන්‍ය කෙනෙකුනම් ක්‍රීඩා කිරීමට මුදලක් ගෙවිය යුතුය එහෙත් මෙම නිළධාරීන් එසේ කලේ නැත.. ඔවුන්ගේ පැමිණීම නිසා එතැන ක්‍රීඩා කරමින් සිටි තරුණයන් දෙදෙනාට එතැනින් ඉවත් වීමටද සිදුවිය ...

අඩහෝරාවකට පමන පසු ..වේටර් ...

“සර් ..ඔයාලගේ ඔඩර් එක ලෑස්ති ...

වේටර්ගේ හඩින් නිළධාරීන් දෙදෙනා එතැනට පැමිණියේ  “ බලනවා අයිෂේ දැන් පැය භාගයකටත් වැඩිය ගියා .. අපි රාජකාරි පිට ඕයි ඉන්නේ ..”  කියමිනි.

“ අද කස්ටමර්ස් ලා වැඩි දවසක් සර් , කැෂියර් බයාදු ලෙස කියයි ..
කමක් නැහැ කෝ දෙනවකො ,, බඩුද රැගෙන දෙදෙනා යෑමට සැරසේ .

“සර්.. සර් , මේ බිල් එක  ගෙවලා යන්න ..
මොන බිලක්ද ඕයි , නිළධාරීන්ගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් ගතියකි .

“සර්ලා ගත්ත බඩු වලට බිල 3100/= යි ,

“තමුසෙලාගේ බොස්ට කියනවා අහවල් පොලිසියටයි මේ ගෙනියන්නේ කියලා.”

“අනේ සර් බොස් දැන් නැහැනේ එයා ඉන්න වෙලාවක එන්න  මට මෙහෙම බඩු දෙන්න බැහැ මම කරන්නෙත් රස්සාවනේ “  කැෂියර් පින්සේන්ඩු වෙයි ..

“හරි බඩු ටික දෙනවකො අපි පස්සේ ඇවිත් බොස්ට කථා කරන්නම් “

“පොඩ්ඩක් ඉන්න සර් මම බොස්ට කෝල් එකක් අරගෙන අහන්නම් ...

දුරකථන ඇමතුම ගෙන විනාඩි දෙකක් යෑමට මත්තෙන් බොස් නොහොත් ඩිලාන් මහත්මා සුහද ශීලි සිනහවෙන් යුතුව  එතැනය...

ආ..කොහොමද පොලිස් මහත්තුරු දෙන්නා මොකෝ මේ අවේලාවේ ..

“අපි මේ බඩු වගයක් ගත්තා ඩිලාන් මහත්තයා ....

“ආ හොදා ..හොදා ඉතින් , මොකක්ද ගැටළුව

“නෑ බොස් මෙයාලා බිල ගෙවන්නේ නැතුවයි යන්න හදන්නේ ..

“හප්පුච්චියේ ඇත්තද .. මෙන්න මේ බිල ගෙවලම ගියානම් අහවරයිනෙ පිසි මහත්තයෝ ,

“ අපි මේ බඩු ගිනියන්නේ ඕ. අයි .සී , මහත්තයට ..

බලාගෙන සිටිද්දී  ඩිලාන් ගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට විය . ඔහුගේ ගති පැවතුම් දන්නා පුද්ගලයෙක්නම් ඒ මොහොතේදී බියවිය යුතුය.. එහෙත් නිළධාරීන් දෙදෙනා තවමත් එතැනය .

“ එයාටද!!!!   ඔයාලව එවනකොට එතුමා සල්ලි දීලා නෙමේද එව්වේ ...? පොලිස් නිලධාරීන් දෙදෙනා නිශ්ශබ්දය .

“කැෂියර් මෙන්න මේ මහත්තුරුන්ගේ ඇදුමේ තියෙන අංක ලියා ගන්න කොලයක් අරගෙන .. 
කියන පරක්කුවෙන් කැෂියර් අංක සටහන් කරගනී..

“ඇයි ඩිලාන් මහත්තයා මොකක්ද මේ කරන්න හදන්නේ “ එක් නිළධාරීයෙක් අසයි .

“මම ඔය කියන ඕ .අයි.සී . මහත්තයාවනම් අදුරන්නේ නැහැ .. ඒත් ඩි. අයි. ජි , මහත්තයා මගේ යාළුවා.. මම මේ එයාගෙන් අහන්න යන්නේ දැන් වසමේ තියෙන පොලිසි වලට නොමිලේ කන්ඩ බොන්ඩ දෙන්න වෙන විදියේ නීතියකුත් ක්‍රියාත්මක වෙනවද කියලා ...”

එසේ කියමින් ඔහු දුරකථනය අතට ගෙන නම්බර් පිරිස්සයි .. පොලිස් නිළධාරීන් ගේ මුහුණු කරත්තෙට අසුවූ කජු ලෙලි මෙනි ..(කරත්තෙට අසුවූ කජුලේලි ඉතාමත් විරුපිය)

පොලිස් නිළධාරීන් දෙදෙනා ඩිලාන්ගේ අතින් අල්ලාගෙනය.. දැන් පෙර තිබු තේජාන්විත පෙනුම ඔවුන් තුල නැත..

“ඩි. අයි. ජි මහත්තයට කථා කරන්න එපා ඩිලාන් මහත්තයා අපි යනවා අපිට මුකුත් එපා ..”  දෙදෙනා හිස් අතින් යෑමට සැරසේ .. එහෙත් ඩිලාන්ගෙන් එයටද ඉඩක් නැත,

“ පිසි මහත්තුරු ආයේ ලොකු අයට කඩේ යනකොට මතක් කරලා සල්ලිත් අරගෙනම එන්න  මම මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට එහෙම නැතුව පිං තකා නෙමේ ..

යෑමට සැරසෙන නිළධාරීන් දෙදෙනාට උස්හඩින් එසේ කිව් විට තරහවකටත් වඩා ඔවුන් දැඩි ලජ්ජාවකට පත්වුවා නිසැකය.. ලැජ්ජාව නිසාමදෝ එකෙක් කට ඇරියේය ,

“අපි පස්සේ බලමු ,  එයිට වඩා දෙයක් ඔහුට කීමට ලැබුනේ නැත ,

“පස්සේ මොනවා බලන්නද බැහැපියව් වැදගත් විදියට දෙන්නම එලියට .. මම වෙසක් එකට දන්සැලක් දෙනවා ඒදාට වරෙව් නිකන් කන්න ඕනෙනම් ,

පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරු දහන්ය..

එතෙක් වේලාවක් ඒ අවට අසුන්ගෙන සිටිවුන්ට පමනක් දැකගැනීමට හැකිවූ ඒ දුර්ලභ ගනයේ සජීවී නාටකය එලෙසින් නිමාවට පත්විය..

කුමක් හෝ නිලයක් සමග බලයක් ලැබෙන්නේ අවංකව සේවය කිරීමට මිස එය පාවිච්චිකර අයුතු ඵල ප්‍රයෝජන ගැනීමට නොවේ.. එහෙත් බොහොමයක් නිළදාරින් එය හරි හැටි වටහා නොගැනීම කණගාටුවට කරුනකි ..

අවසාන වශයෙන් අවන්හලේ අයිතිකරු එතැනට විත් කියූ කථාව මතක් කිරීමට කැමැත්තෙමි ,

“ඔය බඩු ටික මට දීලා යවන්න තිබුනා.. එක මට ලොකු පාඩුවක් නෙමෙයි , ඔයිට වඩා මම අහිංසක මිනිස්සුන්ට දෙනවා . ඒත් කවදාවත් කාටවත් බයේ කප්පම් වත් පගාව වත් විදියට සත පහක් මම දෙන්නේ නැහැ . ඒක මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි .....


තවත් පොලිස් කතා 
පොලිස් නිලධාරියෙකුට දුන්නු දවස
පොලිස් කුඩුවක සිට

76 comments:

  1. ජලාව කාලා කාලා බංඩිය ලොකු කර ගන්නවා මෙයාලා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ශම්මියෝ මෙයාලගේ බඩ ලොකුවෙලා තියෙන්නෙත් ජාරව කාලම තමයි :D

      Delete
  2. නියම කතාව චමි. ඩිලාන්ට මගේ උත්තමාචාරය. මට ඔය පොලිස් බල්ලෝ පෙන්නන්න බැහැ චමි. තවත් පොලිස් බල්ලෙක්ගෙ කතාවක් තියෙනවා. එකත් පොස්ට් කරන්නම්. එකත් වැරදුන කුරුමානමක් ගැන තමයි.

    ReplyDelete
    Replies
    1. නියමයි එකත් දාමුකෝ බලන්න බ්ලොග් එකේ , මෙයාල කරන තුට්ටු දෙකේ වැඩ වලට මඩක් නොගහ බහැ ..

      Delete
  3. අම්මපා ඩිලාන්ට මාගේ උත්තමාචාරය!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් එල, මිනිහා ඔය වගේ උන්ව තබේකට මායිම් කොරන්නේ නැහැ... ඒ අතින් මිනිහා උසස්

      Delete
  4. අඩේ ඔය කොතනද බං , ඌ එළ පොරක්නේ

    ReplyDelete
    Replies
    1. ටවුමෙම තමයි... යට බාර් එකකුයි උඩ චයිනිස් එකකුයි තියෙන තැනක් කල්පනා කරලා බලපන් අපේ අවට...

      Delete
    2. එහෙනං කඩවත හෝ රාගම

      Delete
    3. ඒවා කියන්න බැහැ .. සුදු වෑන් කැරකෙනවෝ :D

      Delete
  5. වැරදුණු කුරුමාණම කියන එක නියම මාතෘකාව. ඇහි බං අහිමි දඩමං.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඩූඩ් " අහිමි දඩමං " තමා වැඩියෙන්ම ගැලපෙන්නේ..

      Delete
    2. මෙන්න දෙන්නෙක්ම අනුමත කරලා .. මම නමක් මතක් කරන වෙලාවේ ඕක මතක්වුනේ නැහැනේ... ශික් ,

      Delete
    3. දඩමං කියන එක වැරදියි නේද ? දඩයම් වෙන්න ඕනා.. "අහිමි දඩයම්"

      Delete
    4. අහිමි දඩමං , හොද නම . ඊළගට ලියන පොලිස් කාතාවට දාන්න හොදයි මේක , ( පොලිස් කථා ලියලා මාව පොලොසියෙන් අල්ලාගෙන යයිද )

      Delete
  6. ඔය පාහරයෝ ඔහොමම තමා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කථා කරලා වැඩක් නැහැ....

      Delete
  7. ඩිලාන් එල කොල්ලෙක්.. උඹ කතාව රසවත්ව ලියලා තියනවා.. හැබැයි උන්ට යන්න දුන්නු එක හොඳ මදි.. සුදුසු දඩුවම් ලැබෙන්න සලස්වන්න තිබුනෙ.. සමහර විට OIC දන්නෙවත් නැතුව ඇති..

    ඔය ගඟ ලඟ පොලෝසියෙ එව්වොද බන්.. ?

    ReplyDelete
    Replies
    1. නැහැ බන් ... වෙන එකක ...

      ඕක උන් දෙන්නගේ වැඩකට.. හීනියට අඩියක් ගහපු පාටට හිටියෙත්...හික් ,

      Delete
  8. පොලිසියත් එකයි ඔය ජරාව විකුණන තැනුත් මට නම් එකයි.. චමියා දන්නවනේ ඒක.. හි හි

    ReplyDelete
    Replies
    1. පොලිසියනම් හරිය කියමුකෝ , ලයිසන් බාර් වල අවුලක් නැහැනේ හිරුවෝ...

      Delete
  9. චමියා බාර් අස්සෙ කොහේ රිංඟලාද ආ ?

    ලංකාවෙ පොලිසිය කිව්වම මුලින්ම මතක් වෙන්නෙ ජරාවනේ කොහොමත්

    ReplyDelete
    Replies
    1. කන්ඩ ගියේ බං , ඒකනේ ඔය තරම් පැහැදිලිව වැඩේ මීටරේට වැටුනේ.. හික් බිලා නෙමේ .

      Delete
  10. මරු... ඔහොම අය ඉන්න ඕනේ කඩේ නෙමේ පොලීසියේ

    ReplyDelete
    Replies
    1. පොලිසියට ගියාම ඔහොම අයත් පොලිසියේ විදියටම හැඩගැහෙනවා මාළුවෝ

      Delete
  11. මට පේන්න බැරි ජාතියක් බං

    ReplyDelete
  12. හැබැයි උන් ඕකෙන් පාඩමක් නම් ඉගෙන ගන්නේ නෑ. ඔය වාඩුව කවුරු හරි අහිංසකයෙක් පිටින් යවන්න ඇති. මොනවා වුනත් ඩිලාන් කෙලින් පොරක්..

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් , ඔතනින් යනකොට බයිසිකල් කාරයෙක්ගේ පොඩි වැරැද්දක් එහෙම දැක්කොත් ආයේ සොරිම තමයි ..

      Delete
  13. අනේ බං මට අර අහිංසකයන් දෙන්නගේ මූණ මැවිලා පේනවා..
    ඒත් බං මුං නිල ඇඳුමෙන් මේ වගේ තැනක ට ප්‍රසිද්ධියේ මෙහෙම එයිද.

    ReplyDelete
    Replies
    1. නලින් අය්යා මෙහෙම කියනවා , පෝය දවසට තානායම් වල මත්පැන් විකුනන්න තහනම්නේ.. එත් එක තැනක පුළුවන්කම තිබුනා එතන පොලිසියෙන් අල්ලන්නේ නැහැ.. පෝය දවසට ගිහින් බැලුවොත් එතැන වැඩි හරියක් සප්පායම් වෙන්නේ නිල ඇදුමින් සැරසුණු කට්ටිය.

      (ඒත් ලගකදී ඉදලනම් එහෙම නැහැලු ඉහලින් නියෝගයක් ඇවිත් ප්‍රසිද්දියේ එහෙම තියෙන එකට )

      Delete
  14. අඩේ මරු අයිතිකාරයා බං..
    ඒ වගේ මිනිස්සු ඉන්නවනං ඔය පොලිස් බල්ලෝ ඔහොම හැසිරෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් . එත් වැඩිපුර ඉන්නේ උන්ගේ පදේට නටන අයනේ බං , ඒ පුරුද්දට තමයි ඔය වෙන තැන්වලට ගිහිනුත් ඔහොම හැසිරෙන්නේ .

      Delete
  15. චමී ලමයත්, කොයි වෙලාවෙ බැලුවත් ඔය ජරාව විකුනන තැන්වලමයි, අනික බාප්පලත් එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කන්ටනේ ගියේ.. බාප්පල එක්ක තියෙන්නේ පුදුමාකාර අප්‍රසාදයක් ඒකට හේතු ගොඩක් ඇත ,

      එක නෙමේ ඔයානම් ඉස්සර අපේ ගමේ ඉදලා රට ගිය කෙනෙක්ද කොහෙද .. හික් හික් (suvadin kiwwe )

      Delete
  16. පොලිස් කතා මේ දවස් වල වැහි වැහල.... :)
    ඩිලාන් නියමම වැඩක් තමා කරලා තියෙන්නේ. ඔය වගේ මිනිස්සුන්ට ඔහොම තමා කරන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. හික් , කරන්න පුළුවන් කමක් තියේනම් ඔහොම කරලත් මදි .

      Delete
  17. නියමයි ,, ඒක නෙවෙයි උබ ඒ වෙලාවේ එතන මොකද්ද කොරේ.

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් එක්ක කයියක් ගහගෙන කෑම ටිකක් කාල එන්ට ගියා අනේ. හික් හික් .

      Delete
  18. හැබැයි ඉතින් හැම තැනම ඔය කෙරුවාව කරන්න බෑ, හැමෝටමත් බෑ. ඩිලානුත් එහෙම හැසිරුනෙ ඩී.අයි.ජී මහත්තය අඳුරන නිසානෙ. සාමාන්‍ය පොඩි මිනිහෙකුට උනා නම් ඉතින් කාට කියන්නද. අනිත් එක පොලීසියත් එක්ක එකට එක කරන්න යන පොඩි මිනිස්සුන්ට වෙච්චි දේවල් කොච්චර තියනවද. ජීවිතේට බීල නැති මනුස්සයෙක්ගෙ ගෙදර අරක්කු බූලියක් වලලලා මනුස්සයව උසාවි යවපු කෙනෙක්ව මම දන්නවා. අන්තිමේදි නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් එහෙම ලොකු තැන් අදුනන්නේ නැත්නම් මෙහෙම කතා කරන්න බැහැ , පොලිසිය තරහ කරගන්න එක බිස්නස් වලදී ඒ තරම් හොද දෙයකුත් නෙවේලු,

      Delete
  19. උදේ පාන්දරම මචං නියමම කතාව කියවන්න ලැබුන , මරු ඈ ,

    ReplyDelete
  20. අන්න එහෙමයි ඉන්න ඕන.....

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බිස්නස් කරන්නත් බැහැලු සුමිත් අය්යා .

      Delete
  21. හිකිස් පව් අෆ්ෆා...

    ReplyDelete
  22. පොලිසියේ ආදර්ශ පාඨය "ධම්මෝ හවේ රක්‌ඛති ධම්චාරී" (ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිති). නමුත් පොලීසිය ධර්මයේ හැසිරේද, නැත. ඔහුන් අධර්මයේ හැසිරෙනා බැවින් අධර්මය විසින් ඔහුන් රකිති. මේ අධර්මයේ වස්තු මූලයන් මොනවාද කියන්න ඔන නැහැනේ....
    අතිශය බහුතරයකට කිව යුත්තේ එයයි.
    පොලීස් වචනයේ තේරුම කුමක්ද?
    P - Politeness - ආචාරශීලිබව
    O - Obedience - යටහත්කම
    L - Loyalty - ළැදිකම
    I - Intelligence - බුද්ධිමත්
    C - Courageous - නිර්භීත
    E - Encouraging / Enthusiastic / Eager to help - උද්‍යෝග්‍යමත් බව
    අඩුම තරමේ මෙය නොදන්නා නිලධාරීන් කීදෙනෙක් ඇති ද ?

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩක් දේවල් දන්නවා බොහොමත්ම ස්තුති මේ කමෙන්ට් එකට . මම මෙහෙම දෙයක් දැනගත්තෙ අදනේ... ස්තුති නැවතත් .

      Delete
    2. එක නම් ඇත්ත තමන් වැඩ කරන තැන ගැන එහි අරමුණවත් දන්නෙ නැති එහෙත් සල්ලි වලට කෑදර මිනිස්සු කොයිතරම් නම් ඉන්නවද?

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  23. එළ එළ දුකත් හිතෙනවා... කොහොම හරි එළ පොරක් ඈ.... ජයෙන් ජයම ලැබෙන්ට ඕන මිනිහට....

    ReplyDelete
  24. ane manda ban monawa karannada , kiyannada kiyala..
    neethiyama ballata gihin thiyeddi dan thiyena tikath
    issarahata nathi wewi neda ?

    somaliyawata hari yanna one ban...L(

    ReplyDelete
  25. නියම වඩේ තමා අරුන් දෙන්නට උනේ. "ඩිලාන් මහත්තයගෙ" ගට නම් මාරයි.

    පගාව ගැන කිව්වම මතක් වෙච්ච දෙයක් කොටලම යන්න හිතුනා. හැම වෙලේම සල්ලි හරි, ද්‍රව්‍ය හරිම පගාවට දෙන්න ඕනෙ නෑ. මානසික පගාව දීලත් වැඩකරගන්න පුලුවන් කියල මට තේරුනේ ජොබ් එකක් කරන කොට. කෙනෙක්ගෙ තත්වෙට වඩා වැඩියෙන් ගරු නම්බු දීල කතා බහ කරනවා නම් ඒ කෙනා නිකන්ම නම්මා ගන්න පුලුවන්.....

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත . කාර්යාල වල ඔය ක්‍රමය තියෙනවා . ගොඩක් අය කැමති නම්බු දීලා කතාකරනවට . එහෙම කියල දැනගත්තම. සමහර අය බොරුවට නම්බු දීලා බටර් ගාල වැඩ කරගන්නත් උත්සක කරනවා, එතකොට අපි ඒ අයට කියන්නේ මුට්ටි අල්ලන කට්ටිය කියලා .

      Delete
  26. ඩිලාන්ට අපේ හිසනමා ආචාරය. එත් කඩවල් වලින් දෙන ඉඳුල් කොත්තුව කන පොලිසියේ නෝන්ජල් නිලදාරිනුත් ඉන්නවා.

    ReplyDelete
  27. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
    Replies
    1. මේ මොනවාද අනේ මේ , මට නිකන් පිස්සු වගේ ඔයාගේ කමෙන්ට් එක කියවලා .. කාටද මේ කියන්නේ මටද ?, පැහැදිලි කරන්ටකෝ ,:D

      Delete
  28. අඩෝ මම ඕන හුත්තක මට ඕනේ දේ දානවා පකෝ .තොපි පිරිමි හිතන් ඉන්නේ ගෑනු කියන්නේ හුකල විසි කරන බඩු කියලද ? දවසකට කෝටි ගණන් හම්බු කරලා කෙල්ලෝ එක්ක නිදි වදින සුද්දවන්තයෝ කියලද තෝ හිතන්නේ පකයෝ .තොට බෑ හැමදාම මාව පිස්තෝල තුවක්කු වලින් නවත්තන්න තොට හෙන හතම ගහන්න ඕනේ තොගේ සල්ලි බෙදපන් බෙදපන් බෙඅදපන් යකෝ බෙදපන් ජ්ස්ඩ් කඩ් ද ද කඩ් ක්ද්ක්ක්ද්ක්ෆ්ච්ක්ඩ් ක්ග්හ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා , ඇත්ත වෙන්ටෑ ...

      Delete
    2. අංගොඩින් ලගදි එකෙක් පැනලා...මූ වෙන්න ඇති...ලගම පොලීසියට කියපන් දැක්කොත්...මූට පිස්සු...

      Delete
    3. මටත් එහෙම හිතුනා ... මු කියන්නේ මොකක් ගැනද කියල හිතා ගන්න බැරුව මම දහඅතේ කල්පනා කළා ..හික්

      Delete
  29. අනිවාර්යයෙන් ඇවිත් ලියාපදිංචි වෙනවා ..

    ReplyDelete
  30. Kawda bro e pixxa...... Oya wage pisso kiyana katha ganan ganna epa

    ReplyDelete
    Replies
    1. හික් කව්ද අනේ ඕවා ගණන් ගන්නේ ..

      Delete
  31. අඩේ මම වගේම පොරක් බන් ඩිලාන්...සිරාවටම හම්බවෙලා කථා කරන්නත් හිතෙනවා...මේ වගේ තැනක හැබෑටම මම හිටියෙ නෑනෙ...හැබෑටම චමියො ඒ වෙලාවෙ උඹ මොකද එතන කලේ....සැර ජාතියක් වත් බිව්වද ?

    ReplyDelete
    Replies
    1. මිනිහට ලොකු තැන් වලින් සපෝර්ට් එක තියෙන හින්ද ඔය වගේ ඒවාට බය නැහැ ,
      නැහැ බං ඩිනර් එකකට ගිය ගමන් පස්සේ පොඩි බියර් එකක් ගැහුවා . සිද්දිය උනේ අපි ආව ගමන් .

      Delete
  32. අන්න රෙස්පෙක්ට් කරන්න ඕන මිනිහෙක්!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...