14 February 2013

ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය (අ)සාර්ථකද ?




සිද්ධාර්ථ ගෞතම චිත්‍ර පටය මේ දිනවල අති සාර්ථක ලෙස සිනමා හල්වල ප්‍රදර්ශණයවේ .  එහි සාර්ථකත්වය කොතෙක්ද යත් දර්ශන වාරයක් සදහා ප්‍රවේශ පත්‍ර  කල්තියා මිලදීගෙන ආසන වෙන් කරගැනීමද මාහට අති දුෂ්කර විය.  ඒ තරමටම ජනකායක් මේ දිනවල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලා වලට ඇදෙමින් පවතී .  එක අතකින් එය හොදය කඩාවැටෙමින් පැවති සිංහල සිනමාව නැවතත් හිස එසවූයේ  ඉතිහාස කථා ඇතුලත් චිත්‍ර පටවලිනි. කාලයක් බලුබල්ලෙක් චිත්‍ර පට ශාලා වෙත නෑවිත් තිබු යුගයක්ද තිබුණි , කෙමෙන් එය අහවරවී මේ අයුරින් සිනමා ශාලා පිරියනු දැකීම සතුටකි.

දැඩි ආයාසයකින් තෙරපෙමින් ශාලාවට ඇතුළුවී අසුන්ගත්තේ බුද්ධ චරිතය නැරබිමේ මහත්වූ ආශාවක් සිත තුල රදවාගෙනය.

චිත්‍රපට කථාව දිවෙන්නේ කොටස් දෙකකටය. මුල් කොටස ආරම්භ වෙන්නේ සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ස්ථානයෙ සිට බුද්ධත්වය ලබාගන්නා තැනට වෙන තුරුය. 

 ඉන් පසුව කථාව එතැනින් නතරවී නැවත මුලට යයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීමේ සිට ගිහිගෙය හැරයාම වෙන තෙක්ය.

චිත්‍ර පටය නැරබිමේදී මට වැටහුනේ මා බලාපොරොත්තු වූ තරම දෙයක් චිත්‍ර පටය තුල නැති බවයි. සරලවම කිවහොත් බුද්ධ චරිතය ගැන අඩංගු පොතක් කියවා ලබන රසයවත් රූපරාමු නැරබීමෙන් ලැබුනේ නැත. ඍජුවම කිවහොත් මගේ දුෂ්ටිකෝනයෙන් හා රසාඥානතාවයට අනුව ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයකි. සමහර විට එය මාගේ රසාස්වාදන හැකියාවේ දුර්වල කමක්දැයි නොදනිමී.

චිත්‍ර පටය රූපගත කල ස්ථාන සුන්දරවුවත් ඒ සුන්දරත්වය පෙක්ෂකයාගේ සිතට වදින අයුරින් ඉදිරිපත් කිරීමට කැමරාව අපොහොසත්වේ . එහෙත් සමීප දර්ශන වලින් කැමරාකරු චිත්‍ර පටයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සමත්වේ.

 එමෙන්ම ප්‍රදීප් රත්නායකගේ දක්‍ෂ සංගීත නිර්මාණ චිත්‍ර පටය පුරාවටම ගොඩක් අඩුපාඩු වැසීමට තරම් සමත්වේ.

මෙහි අද්‍යක්ෂට බුද්ධ චරිතය ගැන කිසිදු වැටහීමක් නැති බවක් පෙනේ. ඒ නිසාමදෝ ඔහු  මෙම චිත්‍ර පටයේ වැඩිම අසාධාරණය කර ඇත්තේ ගෞතම සිද්ධාර්ථ චරිතයටමය. 


සිද්ධාර්ථ චරිතය චිත්‍ර පටය පුරාවටම පෙන්වනනේ අලස සෝමාරි චරිත ලක්‍ෂණය. තැන් කිහිපයක හැරෙන්නට අනිත් බොහෝ තැන්වලදී ඔහුගේ රගපෑම් බලා සිටින පේක්ෂකයාට දැනෙන්නේ හිස් බවකි. විටෙක දුර්වල තිර රචනය මේ නළුවාගේ දක්‍ෂකම් වසා දැමුවාදැයි සැකයක්ද උපදී .


 චිත්‍රපටයේ ලොකුම දුර්වල කම බුදුරජාණන්වහන්සේ වැනි ශේෂ්ථ චරිතයක් ඔතෑනි චර්තයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි.

එතැනින් ගියහම සෙසු චරිත සමග බලන කල දේවදත්තගේ චරිතය අති සාර්ථකය 
බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ එය රගදැක්වූ නළුවාගේ දක්ෂකමය.

 විටෙක නවීන හින්දි ච්ත්‍ර පටයක දුෂ්ටයාගේ ලක්ෂණ පෙන්නුම් කලද . ඔහු ච්ත්‍රපටයේ කථාවට රගපෑමෙන් සාධාරණයක්  ඉටුකළ බව මගේ මතයයි . මෙම චිත්‍ර පටයට ඔහුගේ රගපෑම ආලෝකයකි .

චන්න ඇමතිගේ  චරිතය රගපාන සාරංග දිසාසේකර ද  රූපවාහිනියෙන් දකින සුපුරුදු රංගනයම පෙන්වයි.  ඔහුගේ රංගනයද සිද්ධාර්ථ චරිතය නිරූපනය කරන නළුවාගේ රංගනයට සමානය.  එබැවින් දෙදෙනා පමනක් සිටින කොටස් වල අපුරූ ගැලපීමක් ඇත. 

එහි අනෙක් පැත්ත ඇත්තේ නන්ද කුමරුගේ චරිතය රගන රොෂාන් රණවන සහ සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් සිටින ජවනිකා වලය.  එතැන මොකක්දෝ නොගැලපීමක් පෙනෙන්නට තිබේ. 
සිංහල සිනමාවේ දගකාර පෙම්වතාගේ චරිතය රගපාන නිසාමදෝ රොෂාන් මේ චිත්‍ර පටයේ පෙන්වන්නේද  ඒ ලක්‍ෂණය .  සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් එක්ක බලන විට රොෂාන් පෙනුමෙන් සියයට අනුවක්ම නන්ද කුමරුගේ චරිතයට ගැලපේ .

සුද්ධෝදන රජුගේ චරිතය නිරූපනය කරන රන්ජන් රාමනායක දක්‍ෂ නළුවෙකි.  ඔහුගේ දක්‍ෂකම් පෙනෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට වල සහ විකට චිත්‍රපට වලදීය .  ඔහු මෙම සුද්ධෝදන රජුගේ චරිතයට කොයිතරම් දුරට ගලපුනාදැයි චිත්‍ර පටය බැලු කෙනෙක්ට සිතාගත හැක ඔහුගේ පෙනුමවත් රගපෑමෙවත් මෙහි ඒ තරම් සාර්ථකත්වයක් නැත.

 පෙනුම සම්භන්ධයෙන්නම් වගකිව යුත්තේ වේශ නිරුපන ශිල්පියාය.  එහෙත් රෝගී මිනිසාගේ ජවනිකාවේදී වේශ නිරුපන ශිල්පියාගේ දක්‍ෂකම් පෙනෙන්නට තිබුණි .



ඉන්දියානු මේගා ටෙලිනට්‍ය සිහිපත් කරමින් කොඥඤන්න බමුණා සහ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ උපතේ සිට බුදුවෙනතුරුමත් වයසට  ගොස් තිබුනේ නැත . 


ගුරු විශ්ව මිත්‍ර ගේ චරිතය නිරූපණය කරන බුද්දදාස විතාන ආරච්චි තවමත් ශ්‍රිලංකාවේ දක්‍ෂ චරිතාංග නළුවන් සිටිනා බව ඔප්පුකර පෙන්වා ඇත ඔහු රගපෑ කොටස් කිහිපය අතිසාර්ථකය රංගනයකි.


මුළු චිත්රපටය පුරාවටම හිතට දැනෙන දර්ශනයක් වේනම් ඒ සිද්ධාර්ථ කුමාරයානන් ගිහිගෙය හැරයාමට ප්‍රථම යසෝදරා දේවිය සහ රාහුල කුමරුන් නිදා සිටිනා ස්ථානයට පැමිණ යෑමේ දර්ශනයය..

 ඒ මොහොතේ සිද්ධාර්ථ කුමරුන් සිතන්නේ යසෝධරා දේවිය නින්දේ බවය එහෙත් ඈ සිටින්නේ අවදියෙනි ඔහුගේ ගමනට බාදාවක් නොවිය යුතු නිසා ඈ බොරුවට නිදාසිටිනවා මෙන් සිටි. එහෙත් ඒ මොහොතේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු වලින් ඈගේ දුක මනාවට පෙන්වා ඇත. එහෙත් එය සිද්ධාර්ථ කුමරුන් දකින්නේ නැත .   ඒ මොහොතේ දර්ශනය සිතට කාවදින අයුරින් නිර්මාණයවී තිබුණි. 

එහෙත් චිත්‍ර පටයේ අවසානයත් එයය. කිසිම සිනමාත්මක අවසානයක් එහි නැත. පේක්ෂකයන්ට චිත්‍ර පටය  අවසාන උනාදැයි ගැටළුවක් පැනනගින තැනක චිත්‍ර පටය අවසාන කර ඇත.

නිර්මාණයක අඩු පාඩු සෙවීම වැරැද්දක් ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන . එහෙත්  මෙවැනි ලෝකයේ ගොඩක් මිනිසුන් දන්නා කථාවක් චිත්‍ර පටයකට නැගීමේදී  මෙයිට වඩා ප්‍රවේශම් විය යුතුය. මක් නිසාදයත් මෙවැනි දෙයක පුංචි අඩුපාඩුවක් උවත් පේක්ෂකයන්ට හොදින් දැනෙන බැවිනි.  බෞද්ධයන් මෙහි චරිත සම්භන්ධයෙන් සිතේ ඇතිකරගෙන සිටින ගෞරවයට හානි වෙන විදියට චරිත නිරූපණය වුවහොත් බෞද්ධ පේක්ෂකයන්ට  එය නැරබිමේදී ඇතිවන්නේ පසුතැවිල්ලකි.

මෙම චිත්‍ර පටය රුපියල් කොටි පහලවක් පමණ වියදම් කර  භාෂා පහක උපසිරැස් සහිතව රටවල් හතලිස් අටකට විකිනීමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කල චිත්‍ර පටයකි. මෙම චිත්‍ර පටය නරබන බුද්ධ චරිතය පිලිබදව හසරක් නොදන්නා පෙක්ෂකයන්  බුද්ධ චරිතය පිලිබදව ඇතිකරගන්නා හැගීම මේ චිත්‍ර  පටයෙන් දකිනදේය නොවේද..


71 comments:

  1. මේකේ එක කෑල්ලක් තියෙනවා නේ චන්න, දේවදත්තව කඩු ෆයිට් එකකින් පරද්දනවා. ඒක දැකලා මට බකස් ගාලා හිනා ගියා ඕයි හෝල් එකේදි.

    ඇයි බං සාරංගයා හූනා වගේ.... අරූ බැටිස්ටා වගේ... ඒ ජවනිකාවනම් කීයටවත් සෙට් වෙන්නේ නෑ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්, මමත් ආසාවෙන් හිටියා හොද කඩු සටනක් බලාගන්න කියලා. කොහෙද උන්දෙන්නා තප්පර දහයක ලී කෙලි නැටුමක්නේ කලේ ...

      Delete
  2. බැලුවෙ නෑ. ඒත් මේවගේ තේමාවක චිත්‍රපටියක් හොඳට හැදුවත් උපන්දා ඉඳල අපේ ඔලුවෙ ඉන්න සිදුහත් කුමාරය-බුදුන් වහන්සේ අපිට බාධා කරනව.

    //ඒ මොහොතේ සිද්ධාර්ථ කුමරුන් සිතන්නේ යසෝධරා දේවිය නින්දේ බවය එහෙත් ඈ සිටින්නේ අවදියෙනි ඔහුගේ ගමනට බාදාවක් නොවිය යුතු නිසා ඈ බොරුවට නිදාසිටිනවා මෙන් සිටි. එහෙත් ඒ මොහොතේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු වලින් ඈගේ දුක මනාවට පෙන්වා ඇත. එහෙත් එය සිද්ධාර්ථ කුමරුන් දකින්නේ නැත . ඒ මොහොතේ දර්ශනය සිතට කාවදින අයුරින් නිර්මාණයවී තිබුණි//

    මේ කොටස මැවිල පේනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත අපේ හිතේ තියෙන විදිය වෙනස් , ඒත් ඒවා අමතක කරලා නාට්‍යක් විදියට ගත්තත් සාර්ථක මදියි කියන අදහසක් එනවා.

      ගිහිගෙය හැරයන මොහොතේ දර්ශනය තාත්විකයි .

      Delete
  3. බලුවේ නැහැ. නමුත් ඔබගේ විචාරය ප්‍රමාණවත් චිත්‍රපටය පිළිබඳව යම් අදහසක් ගන්න.
    ඉහත රාජ් කියන පරිදි ද, නික්ම යාම පිළිබඳව ඔබ දක්නා ඇති ආකාරය කදිමයි.

    ReplyDelete
  4. බැලුවේ නැහැ මලයෝ.
    //චිත්‍ර පටය නැරබිමේදී මට වැටහුනේ මා බලාපොරොත්තු වූ තරම දෙයක් චිත්‍ර පටය තුල නැති බවයි. සරලවම කිවහොත් බුද්ධ චරිතය ගැන අඩංගු පොතක් කියවා ලබන රසයවත් රූපරාමු නැරබීමෙන් ලැබුනේ නැත. //

    බුද්ධ චරිතය හදවතින්ම වටහාගත යුතු දෙයක් නේද මල්ලි.?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හදවතින් වටහා ගත යුතුයි. ඒ වගේම බුද්ධ චරිතයට කැළලක් ඇතිවෙන විදියට චිත්‍රපට කිරීමත් වැරදි. මෙවැනි චිත්‍ර පටයකින් මුදල් පමණක් බලාපොරොත්තුවි පලක් නැහැ මේක ලොකු වගකීමෙන් කලයුතු වැඩක් ...

      Delete
  5. බැලුවේ නැහැනේ අනේ,, බලලම කියන්නම් මොකෝ කියලා..

    ReplyDelete
  6. බැලුවේ නැති නිසා කිසිවක් ප්‍රකාශ කල නොහැක......
    අර ඔයා ගිහි ගේ හැර යන එක ලියල තිබ්බ විදිය නම් මැවිලා පෙනුනා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ කාරනාත් හිතේ තියාගෙන බලන්ටකෝ ,

      Delete
  7. මාත් බැලුවෙ නම් නැහැ. ඒත් ඇයි මෙහෙම චිත්‍රපටයක් කලේ කියල මම තාම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මුදල් උපයන්න මිසක් වෙන මොනවටද බං, දැන් මාර්කට් එක ඉතිහාසයනේ.

      Delete
  8. මට පුදුමේ ජැකාට මේ ෆිල්ම් එකේ සිද්ධාර්ථ චරිතේ සෙට් උනේ නැත්තේ මොකක්ද කියන එකයි... "බුදු හාමුදුරුවෝ ගැන ෆිල්ම් එකක් බලන්න ඕන නම් හොයාගෙන "ලිට්ල් බුද්ධා" බලන්න ... පට්ට...

    ReplyDelete
    Replies
    1. +++++++ අන්න ෆිල්ම්!

      Delete
    2. ඒක තමයි ජැකාට චරිතයක් නැති එකනම් පුදුමයි (මොනවා උනත් ජැකාගේ රගපෑම් හොදයි ඈ ) පැරකුම්භා කියලා එකක් ලගදි එනවා එකේ ඉන්නේ ජැකාගේ ලොකු පුතා, පරාක්‍රම භාහු රජතුමාට .

      බුදු හාමුදුරුවෝ ගැන "ලිටිල් බුධ්ධා" වගේම කිස්තුස් වහන්සේ ගැන "පැෂන් ඔෆ් ද ක්‍රිස්ට් " කියන්නෙත් සුපිරිම චිත්‍ර පට , ඒවායින් කවදාවත් අබමල් රේණුවක තරම්වත් කැළලක් නොවෙන්න හදපු චිත්‍රපට.

      Delete
  9. මම ද තාමත් මෙය නරඹා නොමැත. එහෙත් එය නැරඹූ ඔබ පවසන දේ තුළින් යමක් හිතාගන්නට හැකිය. නරඹා ම ඇවිත් ඉතිරිය විමසා බලමු. ස්තුතියි චමී

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි නලින් අය්යා ගිහින් බලන්නකෝ වෙලාවක , සමහර විට මට විතරද දන්නේ නැහැ මෙහෙම අඩු පාඩු පෙන්න ගත්තේ ...

      Delete
  10. ඉතිහාස කතාවක් ප්‍රතිනිර්මාණය එක ලේසි පහසු දෙයක් නෙමෙයි. තොරතුරු ගවේෂණය කරලා සාර්ථක වෙන එක ඊට හපන්...ඒක අසාර්ථක වුනොත් ඉතිහාසේ අමුවෙන්ම විකෘර්ති වෙනවනේ. බුද්ධ චරිතය එක එක්කෙනාගේ හිතේ මැවිලා තියන හැටි එක එක විදිහයිනේ..ඉතින් හැමෝගෙම හිතේ මැවිලා ඉන්න රූපේ ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්. අධ්‍යක්ෂකවරයෙක්ට උත්සහ කලොත් කරන්න බැරිවෙන එකක් නෑ මම හිතන්නේ. මම ලබන සතියේ බලන්න හිතාගෙන ඉන්නවා ෆිල්ම් එක. බලමු කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ අද්‍යක්ෂකගේ දුර්වල කම, මෙයිට වඩා හොදින් ඉතිහාස කථා චිත්‍ර පටයට නැගුනු අවස්ථා ඕන තරම් තියෙනවා

      Delete
  11. බලන්න හුඟාක් ආසවෙන් ඉන්න චිත්‍රපටයක්. දර්ශණවාර වලට අසීමිත් සෙනඟක් ඉන්න නිසා හොඳ චිත්‍රපටයක් කියලා හිත කියනවා.

    //චිත්‍රපටයේ ලොකුම දුර්වල කම බුදුරජාණන්වහන්සේ වැනි ශේෂ්ථ චරිතයක් ඔතෑනි චර්තයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි.//

    බුදුන්වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ චරිතයක් ඒ හා සමානව ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ ලෝකයේ කිසිවෙකුටත් ලැබෙන්නෙ නැති නිසා අධ්‍යක්ෂක වගේම චරිතය ඉදිරිපත්කරන්නා දුර්වල වීම අහන්නත් දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ චරිත ඒ සමානව ඉදිරිපත් කරන්න කාටවත් බැහැ, ඒ නැතත් සමාජයේ දන්න කියන මිනිසෙකුගේ චරිතයක් ඒ විදියටම අනුකරණය කරලා රගපෑමෙන් ඉදිරිපත් කරන්න නළුවෙකුට බැහැ, ඒත් ඒ චරිත ස්වභාවයට සාධාරණයක් වෙන විදියට ඒක ගොඩ නගන්න පුළුවන් කම තියෙනවා ඒකයි නිවැරදි අද්‍යක්ෂනය සහ චරිත නිරුපනය කියන්නේ මෙතන ඒකයි අසාර්ථක,

      "පැෂන් ඔෆ් ද ක්‍රිස්ට් " වගේ චිත්‍ර පට බලපු අයට තේරෙනවා එකේ ජේසුස්ගේ චරිතය නිරුපනය කරලා තියෙන ආකාරය ..

      Delete
  12. මචන් උබේ උබේ විචාරය නම් නියමෙටම තියෙනවා..
    අන්තිමට නොබලා ඉන්නවා කියල තීරණය කරා ..
    නිකන් මොකටද සිද්දාර්ථ චරිතය ගැන තියෙන
    පහන් හැගීම නැති කරගන්නේ ..

    ReplyDelete
    Replies
    1. ස්තුති, පුලුවන්නම් බලන්න.
      ඇත්තටම අපේ හිතේ මවගෙන ඉන්න චරිත ස්වභාවය වෙනස් විදියට පෙන්නනකොට නොදැනුවත්වම හිතෙන් එයට විරුද්ධව අදහස් එන්න ගන්නවා ..

      Delete
  13. මමත් තවම බැලුවේ නෑ. බලන්න ඕන

    ReplyDelete
  14. බුදුන්ව කාටවත් සම කරන්න බෑ කියන්නේ ඒ නිසා තම

    ReplyDelete
    Replies
    1. කිසිම දෙකට බැහැ , එකනේ අවුරුදු පන්සීය ගණනක් යනකන් පිළිමයක්වත් නෙළුවේ නැත්තේ අගෞරව වෙයි කියල බයට.

      Delete
  15. බලන්නේ නැතුව ඔබත් එක්ක 100% එකඟ වෙන්න බැහැ.එත් ගොඩාක් දෙනෙක් කියනවා ලොකු අඩුපාඩු තියෙන බව.

    ReplyDelete
    Replies
    1. තවම ගොඩක් අය බලලා නැහැ, මමනම් හරිම කම්මැලි කමකින් බැලුව චිත්‍ර පටයක්

      Delete
  16. මේක චාටර් ෆිල්ම් එකක් බං...
    බුද්ධ චරිතය සිනමාවට නගනවනං අනිවාර්යයෙන්ම හොලිවුඩ් සිනමාවේ තාක්ෂණය භාවිතා කරන්න ඕනා..
    ලංකාවේ මේ ළපටි සිපයි කැමරා වලිං ඕවා කරන්න බෑ බං..
    මං නං මුල ඉදංමයි ඕක චාටර් වෙන විත්තිය දැනගත්තේ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි

      Delete
    2. තරියාගේ කතාව හරියට හරි ,

      Delete
  17. රන්ජන් ගෙ පල් හිනාව දකින්කොට මට ඕනෙම ෆිල්ම් එකක් කොමඩියක් වෙනවා. මට තේරෙන්නේ නෑ මේ ගොයියා සුද්ධෝදන කැරැක්ටර් එක කොහොම කළාද කියලා. කොහොම වුණත් අසීමාන්තික සැදැහැව සහ භක්තිය ඉවත් කරලා ගත්තොත් සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට මාහැඟි වස්තුබීජ සපයන පුවතක් කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. රන්ජන්ට මේ වගේ චරිත ගැලපෙන්නේ නැහැ.. ජීවන් සාමන්යෙන් හොදයි, සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට මාහැඟි වස්තුබීජ සපයන පුවතක් ඒත් ඒ වගේ චිත්‍ර පටයක් කරන්න ලංකාව වගේ සිනමාවක් තියෙන රටක පහසුකම් මදිව ඇති.

      Delete
  18. බලන්න ආසයි ඒත් වෙලාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඒ තරමට වැඩ ,

      Delete
  19. මාත් තාමනං බැලුවෙ නෑ... හිතාගෙන ඉන්නවා...

    "චන්න ඇමතිගේ චරිතය රගපාන සාරංග දිසාසේකර ද රූපවාහිනියෙන් දකින සුපුරුදු රංගනයම පෙන්වයි. ඔහුගේ රංගනයද සිද්ධාර්ථ චරිතය නිරූපනය කරන නළුවාගේ රංගනයට සමානය. එබැවින් දෙදෙනා පමනක් සිටින කොටස් වල අපුරූ ගැලපීමක් ඇත."

    :D :D

    ඔය සිද්ධර්ථ තාපසතුමා දුෂ්කර ක්‍රියාව කරන විධිය පෙන්නන පෝස්ටරයක් පාරෙදි දැකලා මට හොඳට හිනා ගියා. බඩනං පිටට ඇලිල වුණත් හොඳට පපුවෙ මස් ගොබ පිරිල තියෙනවා. (http://www.nation.lk/edition/media/k2/items/cache/ec533ec30ea258a8736a61c808d3fe50_M.jpg)

    මට මතක් වුණේ හොලිවුඩයේ ක්‍රිස්ටියන් බේල් කියන නළුවව. චිත්‍රපටි කීපයක් වෙනුවෙන් එයා තමන්ගෙ ශරීරය කීප වතාවක්ම වෙනස් කරගෙන තියෙනවා. අන්න කැපවීම!
    (http://9gag.com/gag/4868752)

    ඒත් මේ චිත්‍රපටියෙ බජට් අනුව එහෙම කරන්න බැරි වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. අර මස් ගොබ කථාව නම් සහතික ඇත්ත.. ඒ පෝස්ටරේ දැකපු ගමන් මටත් හිතුනේ ඒක ... :D

      Delete
    2. >>මට මතක් වුණේ හොලිවුඩයේ ක්‍රිස්ටියන් බේල් කියන නළුවව. චිත්‍රපටි කීපයක් වෙනුවෙන් එයා තමන්ගෙ ශරීරය කීප වතාවක්ම වෙනස් කරගෙන තියෙනවා. අන්න කැපවීම!

      ඒත් මේ චිත්‍රපටියෙ බජට් අනුව එහෙම කරන්න බැරි වෙන්න ඇති!<<

      මෙහෙම කලානම් බජට් එක තවත් අඩු කරගන්න තිබ්බ නේද හරී ඩයට් කරලම. :D

      සනත් ගුණතිලකත් විරාගයටද කොහෙද ඔහොම කරපු කතාවක් මට මතකයි...

      Delete
    3. //මට මතක් වුණේ හොලිවුඩයේ ක්‍රිස්ටියන් බේල් කියන නළුවව. චිත්‍රපටි කීපයක් වෙනුවෙන් එයා තමන්ගෙ ශරීරය කීප වතාවක්ම වෙනස් කරගෙන තියෙනවා. අන්න කැපවීම!//

      ඒ විදියට කැපවීම් කරන නළුවෝ අඩුයි.. ලංකාවේ වර්තමානයේ හොද නළුවෝ නතුවමත්ම නෙමෙයි .

      Delete
  20. අපේ මලයා නම් ඕක බලන්න ගිහින් හවුස් ෆුල් කියලා ආයෙත් ආවා...උපාසක අම්මලගෙන් පිරිලලු හෝල් එක...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙසක් දවසක පන්සල වගේ ෆිල්ම් හෝල් පිරිලා සැදැහැවත් ජනතාවගෙන්

      Delete
  21. හලෝ . මම මේ කතා කරන‍්නේ මේ චිත්තර පටියේ අධ්‍යක්ෂක, චමී මහත්තයට කතා කරන්න පුළුවන්ද,

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ගමන අධ්‍යක්ෂක විදියට උබ කතාකරන්නද හදන්නේ

      Delete
    2. අටමා මේ ලගදි දුරකථනයෙන් හොදට ඇන්දුවා කියලා ආරන්චියි...

      Delete
    3. හික් , ඔව් ඔව් මාව අන්දන්න ඇවිල්ලා අන්තිමට ඌම ඇදගෙන ගියා.....

      Delete
  22. ඔයිට වඩා හොදයි..බලන සල්ලී වලින් බුදුචරිතය ගැන පොත් අරන් කියවනවානම්... චිත්තරපට තුලින් බුද්ධ චරිතය දකින්න යනවානම් වැරදි නේ,ඕකත් කින් දුටුගැමුණු වාගේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒත් සිදුහත් චරිතය කියන්නේ සිනමා නිර්මාණයකට මාහැඟි වස්තුබීජ සපයන පුවතක් හරියට නිර්මාණය කළහොත්

      Delete
  23. Replies
    1. ස්තුති සංජිව , ජයවේවා !!

      Delete
  24. Mage hadawathe loku katawakui budda charithayai adila teyenawa.mata hitenawa e katawai rupai okkma wenas wei kiyala meka balala

    ReplyDelete
    Replies
    1. එහෙමනම් නොබලන ඒක හොදයි ඇනෝ, ඔයා කියන දේ මගේ හිතෙත් ඇතිවුනා ,

      Delete
  25. ටිකට් ගන්න තියෙන අධික තදබදය නිසා මට තාම මේක බලන්න ලැබුනේ නෑ.. ඒත් චිත්‍රපටිය බලපු මගේ යෙහෙලියක් කිව්ව දෙයක් කියන්නම් ..

    මම : කොහොමද ෆිල්ම් එක ?
    එයා : ෂෝක් අනේ.. සිද්ධාර්ථ කුමාරයා මාරම කියුට් ..
    මම : (කට උත්තර නැතිව, ඔලුව කසමින්) ම්ම්..එතකොට කථාව කොහොමද ?
    එයා : කථාව ඉතිං හැමෝම දන්න කථාව තමයි.. ඒක නෙමේ යසෝධරා දේවිට ඉන්න ඇක්ට්‍රස්ගේ ස්කින් කම්ප්ලෙක්ෂන් එක මාරයි.. එක ලපයක් නෑ හමේ .. දේවදත්තත් දුෂ්ට චරිතෙකට හිටියට මාර හැන්ඩි ....

    ඔන්න ඔහොමයි උනේ.. මම ඉතිං මේවට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරුව හිටියා.. හින්දි චිත්‍රපටියකට ඕන කරන ඔක්කොම අඩු වැඩිය මෙතන තියෙනවා.. නලුව, නිලිය, දුෂ්ටයා .. ඒ රාමුව ඇතුලේ මහබෝසත් කථාව හිර කරවන්න හදපු උත්සාහයක් විදියටයි මම මේක දකින්නේ .. බුද්ධ චරිතය කියන්නේ හොඳ මාර්කටින් ගුලියක්.. ආච්චිලා සීයල ඉඳල පොඩි එකා වෙනකන් අපූරුවට ගිලින ගුලියක් ...

    ReplyDelete
    Replies
    1. හික් , මමත් අදුනන ගැහැණු ළමයි ටිකක් ගියා බලන්න . ඇවිත් කිව්වේ සිද්ධාර්ථ කුමාරයට ඉන්න ඇක්ටර් හරිම ස්වීට් කියලා..
      දැන් කොහෙත් වැඩිපුරම මාර්කට් වෙන්නේ ඉතිහාසය..

      Delete
  26. යකෝ බලපු නැති කට්ටිය දිහා බලපුවම හිතෙන්නේ චිත්‍ර පටිය හදපු එකා බංකොලොත් වෙයි කියල. මොකක් උනත් බලපල්ලා මේක හදපු කෙනා දිරි ගන්නවන්න. මේකේ ආර්ට් ඩිරෙක්ටර මගේ ක්ලාස් එකේ ඌ කියපු විදියට මේක සාර්ථක උනේ නැත්තනම් කම්පැණි එකත් හාන්සි.

    ReplyDelete
    Replies
    1. ඒක අපිට අදාළ දෙයක් නෙමේ. කම්පනියට වෙන දේ මේ චිත්‍රපටියේ සාර්ථක අසාර්ථක බව කියන්න හේතුවක් කරගන්න ඕන නෑ

      Delete
    2. ඉතින් එකට අපි මක්කැයි කරන්නේ ..චිත්‍ර පටය අසාර්ථක පැත්තෙයි තියෙන්නේ ..ආයුබෝවන්ඩ.

      Delete
  27. මාත් ඔය ෆිල්ම් එක බලලනං නෑ.
    හැබැයි අර තරිය කියල තියෙනව ව‍ගේ තාක්ෂණය භාවිතා කරන්නෙ නැතුව මේ වගේ ෆිල්ම් එකක් කළොත් ඒක නිකං දැං පෙන්නන ටෙලිනාට්‍යයක් වගේ තියෙයි කියල තමයි මටත් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් , ඒක හරි .. තරියා කියලා තියෙන සිද්ධියත් මේකට බලපානවා .

      Delete
  28. මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.මුන් බුද්ද චරිතේ කාලා...

    ReplyDelete
  29. අශෝක් සිනමා නිර්මාණය සාපේක්ෂව මීට වඩා හොඳයි කියල හිතෙනවා. බෝසත් චරිතය රඟපාන්න නම් ඒ පිලිබඳ නිසි අවුබෝධයක් හා භක්තියක් තියෙන්න ඕනේ. ඔයාගේ විචාරය අපූරුයි.

    ReplyDelete
  30. මෙලෝ රහක් නෑති චිත්‍රපටියක්.සතියේ දවසක හවස් වෙනකල් වෙන වෑඩක් තිබුනේ නෑ හවස ව්‍යාපාරික හමුවක් ඈරෙන්නට.ගෙදර ගිහින් එන්නත් කම්මෑලි නිසා රින්ගුවා නුගේගොඩ කුයින්ලන් එකට.කිසිම අවුලක් නෑ චමී කියන තරම්.හෝල් එක පිරෙන්නවත් සෙනග නෑ.කෝටි ගානක් වියදම් කලා කිව්වට මටනම් එහෙම මගුලක් පෙනුනේ නෑ.ප්‍රජාපතී දේවිය වයසට යනකල් කෙල්ල වගේ.දාන්නේ ඩී.එස්.අයි සෙරෙප්පු.හරියට බෑලුව කෙනෙක් ඒක දකින්න ඈති.නාරද දිසාසේකර චන්න ඈමතිගේ චරිතයට කිසිම විදියකින් සෙට් වෙන්නේ නෑ.ඌ හරියට නිකන් බුරන්නේ නෑති ඈල්සේශන් බල්ලෙක් වගේ.ඈමති කෙනෙකුගේ චරිතයේ තියෙන ගාම්භීරත්වය නමටවත් නෑ උගේ.සිදුහත් කුමාරයා කියන්නේ මනා පෞර්ෂත්වයක් තිබූ කෙනෙක්.නමුත් මේ තුල සිදුහත් කුමරු ඔතෑනි ලමාතෑනී චරිතයක් කරලා.දේවදත්ත චරිතය ගෑන නම් චමී එක්ක මම එකගයි.මුලු චිත්‍රපටය පුරාම පන ඈති එකම චරිතේ එච්චරයි.රන්ජන් රාමනායක සුපුරුදු චන්ඩියා චරිතේ මේක අස්සට ඔබනවා.ඌට තේරෙන්නේ නෑ ඌ රගපාන චරිතය මොන වගේ එකක්ද කියලා.මේකේ රගපාන එවුන් සිදුහත් චරිතය හා එහි ආශ්‍රිත චරිත ගෑන කියවලා හරි දෑනුමක් ඈතුව මේකේ රගපෑවානම් මෙය මීට වඩා යම් තරමකින් සාර්ථක වෙන්න තිබුනා.සන්ගීතය ගෑනත් මම කිසිම පෑහෑදීමක් නෑ.ගෑණියෙක්ගේ මරලතෝනියක් වගේ කෑගෑහිල්ල මේ චිත්‍රපටයට කොයි විදියට ගෑලපෙනවාද කියලා මටනම් අපෑහෑදිලියි.ඒ වගේම නේරන්ජනා නදිය විදියට පෙන්නන්නේ ගමක ඈල පාරක් කියලයි මට හිතුනේ.ඒක ගගක් තියා ඈලක් තරම්වත් වතුර නෑති එකක්.අපරාදේ කියන්න බෑ සිදුහත් කුමාරයා ගගෙන් එතෙර වෙන්නේ කිසි ගින්නක් නෑතුව ඈවිදගෙන.එහෙම දෙයක් සිදුහත් කුමරුන්ගේ ගිහි ගෙය නික්මීම සම්බන්ධව මම නම් අහලා නෑ.විචාරයක් විදියට කියන්න පුලුවන් ගමක දේවල් මේ උලව්ව ගෑන.ඒත් කස්ටිය මදි නොකියන්න කියලා තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. දැන් සෙනග අඩුයි කියන්නේ බලන්න හිටිය අයත් යන්නේ නැතුව ඇති, ඒක අතකට ඒක හොදයි .. ප්‍රජාපතී දේවිය විතරක් නෙමේ යසෝධරා දෙවියත් නවීන පන්නයේ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවා දැකලා චිත්‍ර පටය බලන අතරේ ලග හිටිය ගැහැණු ළමයෙක් කියනවා ඇහුනා " යසෝධරා දේවියත් දාගෙන ඉන්නේ මගේ ජාතියේ සෙරෙප්පු දෙකක් " කියලා ..
      චන්න ඇමති ඉන්නේ බොද මිදුම් නාට්‍යයේ ධනුක ඉන්න විදියටමයි අඩන්න වගේ මුණක් හදාගෙන (සාරංග රගපාන විදිය ගොඩක් නාට්‍ය වල එහෙමයි දැකලා තියෙන විදියට )
      සිද්ධාර්ථ කුමාරයා නේරංජන නදියෙන් එතෙර වෙන හැටි දැකලා පුදුම හිතුනා.. අද්‍යක්ෂක ඒක පෙන්වලා තියෙන විදියට පුංචි දොළ පාරකින් බැහැලා යනවා දැකලා ...

      බොහොම ස්තුති මනෝජ් අදහස් දැක්වුවාට ,

      Delete
    2. චමී මලයා චිත්‍රපටිය බෑලුවද නෑත්නම් ලග හිටිය ගෑටිස්සිට බෑල්ම දෑම්මද? කොහොම උනත් කොල්ලගේ කන නම් තිබිලා තියෙන්නේ කෙල්ලගේ උරහිස උඩ වගේ.කමක් නෑ මලයෝ කාට හරි හරි යනවනම් එලනේ.දඹුලු ගිහින් තලගොයෙකුත් මරන් එනවා කියන එකට හොද උදාහරණයක්.සාරන්ග දිසාසේකර උගේ තාත්තගේ සින්දුවක් කියාගෙන ඉන්නේ නෑතුව රගපාන්න යනවා.මෙලෝ රහක් නෑ උගේ රගපෑම.අර සරත් විජේසූරිය මහත්තයා කිව්වා වගේ මුන් නපුන්සකයෝ වෙන්නේ විහින්.කොහොමින් හරි ලන්කාවේ චිත්‍රපටයක රගපාන්න නලුවෝ ඉන්දියාවෙන් ඉම්පොර්ට් කලා එහෙනම්.අහෝ අපේ කලාවට ගිය කල.

      Delete
  31. කෝ ඔයා යශෝධරාගේ රඟපෑම ගැන මුකුත් කියලා නෑනේ. :)

    ReplyDelete
  32. මම නම් චිත්‍රපට‍යේ කියපු කාරණා ගැන විතරයි හිතු‍වේ ඇඳ ගත් චිත්‍රය තුල ම‍ගේ සිතුවිලි ‍ගොනු කරා.

    ReplyDelete
  33. There are some natural gen fx that are in the action and regular
    contrary the blabbermouth signs of aging without spending thousands of dollars.
    Age floater, wrinkles, and other pelt discolorations differences in
    the type of nutrient beingtested. I volition give you the rectify reasonableness, fish and fish
    oil contains carbohydrate levels are high, human increment internal secretion
    gen fx are low. just old-fashioned oatmeal in June 2008 for
    stenosis.

    my blog; homepage

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...