03 April 2013

සුපිරි තරුවකගේ කථාවක් (මම කන්ද නම් නුබ කෙන්දක්මය.)



“සිප් කිරි පෙවූ මුසිලයන් උඩු මහලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ” කියන ගී පද ඇසෙද්දී  මතක් වෙන්නේ ගුරුවරයාට වඩා ඉහලට ගිය ගෝලයෙක් ගැන . පැහැදිලිවම හිතලා බැලුවොත් ඒ කතාව සත්‍යක් .  එදා සිට අද වෙනතුරුත් ශිල්ප ඉගැන්වූ ගුරුවරුන් එකම තැන සමහර විට එකම පාසලේ තවමත් රැදෙන විට ඔවුන්ගෙන් අකුරු කෙරු ගෝලයන්  සමාජයේ ඉහල තැන්වල තානාන්තර  දරන  පුද්ගලයන් බවට පත්වෙනවා . ඒක වර්තමානයේදීත්  සමාජයේ සිදුවන සුලභ සිදුවීමක්.

එකම ශේස්ත්‍රයකින් ගුරුවරයාට වඩා ඉහලට ගමන් කරන ගෝලයන්ද සමහර අවස්ථාවලදී දකින්න ලැබෙනවා. ගුරුවරයාට වඩා දක්‍ෂ නමක් හදාගත් ගෝල ගුරුවරුන් ටියුෂන් කරනවා වගේම නැටුම් මාස්ටර්ට වඩා වෘර්තිය මට්ටමින් ඉහල නැට්ටුක්කාරයන්  වූ ගෝලයන්ද  , සංගීත මාස්ටර් ට වඩා දක්ෂ  සංගීතඥයන්වූ ගෝලයන්ද කලාතුරකින් දකින්නට ලැබෙනවා . හරියට ගුත්තිල කාව්‍යයේ ගුත්තිල පඩිවරයාව අභිබවා මුසිලයන් ගියා වගේ   ඒ කොහොම වෙතත් තමින්ට ශිල්ප සාස්තරේ ඉගැන්වූ ගුරුවරුන්ට හිමී ගෞරවය ලබාදීම ගෝලයන්ගේ යුතුකමක්. ඒ මන්දයත් ගෝලයෙක් යම් දුරක් පැමිණියද ඒ ආ මාර්ගය සකස් කිරීමට ගුරුවරයා ද යම් තරමකින් දායකත්වයක් දක්වා ඇති බැවිනි.

 යම් කිසි විදියකින් ගුරුවරයාව නොසලකා හරිනවානම් එතැන ඇත්තේ අවස්ථාවාදී කමකි . ගුරුවරයාට වඩා තමන් දක්‍ෂ බව හෝ ඉහල බව සිතට ගැනීමද ගුරු ගෞරවය අමතක කර දැමීමට එක් හේතුවක් වෙනවා. හරියට නිකන් ගුත්තිල ඇදීරිදු ගෙන් විණා වාදනය ඉගෙනගත් මුසිලයන් පසු කලකදී විණා වාදනයෙන් ගුත්තිලයන්ටම අභියෝග කලාවගේ  . එය නොකළ යුත්තක් ගුණමකු ක්‍රියාවක් වුවද රන්කාසි  සහ ගාන්ධර්ව තනතුර  ලබාගැනීම වෙනුවෙන් වයස්ගතවූ තම ගුරුවරයාට  විණා වාදනයෙන් තරගයකට අභියෝග කිරීම වැනි පහත් ඝනයකට වැටීමට පවා මුසිලයන් පසුබට වුයේ නැහැ..

අතීතයේ එසේ වෙද්දී වර්තමානයේ පවා මුසිල චරිතය රගදක්වන්නන් ඕනෑ තරම් සිටිනවා. මේ කියන්න උත්සහ කරන්නේ මෑත භාගයේදී සිදුවූ එවන් සිදුවීමකි.

 මාලනී බුලත්සිංහලයන් යනු  අපට සිටි දක්ෂ සංගීත විශාරද වරියකි . මෙම කථාව ලිවීමෙන් එතුමියගේ ජිවන චරිතයට කැළලක් ඇති නොවේයැයි  සිතමී. 

මෙතුමියගෙන් ගුරු හරුකම් ලද බොහෝ පිරිසක් සංගීත ශේස්ත්‍රයේ සිටිති . වසර ගනනක් ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරිය වෙමින් ශිෂ්‍යාවන්ට සංගීත ඥානය නොඅඩුවව ලබාදුන්නේද මෙතුමියය.

මෙතුමිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියව සිටි කාලයේ . එතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නා එක්තරා ශිෂ්‍යවකට මෙතුමිය වැඩි ඇල්මක් දැක්වුවා එයට හේතුවුයේ එම ශිෂ්‍යවගේ දෙමාපියන් සමග තිබු සුළු හිතවත් කමක් වගේම මෙම ශිෂ්‍යාවද  බුලත්සිංහලයන්ගෙන් ගුරු හරුකම් ලබන ආනන්ද බාලිකාවන් අතරින් සංගීතයට අනෙක් සිසුන්ටත් වඩා කැපිපෙනෙන ලෙස දක්‍ෂකම් දැක්වීමයි .
එබැවින් අනෙක් ශිෂ්‍යන් අතරින් මේ ශිෂ්‍යාව විශේෂිතවුවා . ඕනෑම ගුරුවරයෙක් තමන්ගෙන් ශිල්ප සාස්තරය  අකුරටම ඉගෙනගන්නා ගෝලයන් කෙරෙහි සෙනෙහසක් උපදවා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි .  එබැවින් බුලත් සිංහලයන්ගේ සිතේද මේ ශිෂ්‍යාව කෙරෙහි ඇතිවී තිබුනේ දැඩි සෙනෙහසක් .

ඒ සෙනෙහස නිසාම මෙතුමිය මෙම ශිෂ්‍යාවට  සංගීත අංශයෙන් ඉදිරියට යෑමට මාර්ග විවර කර දීමට පවා කටයුතුකර තිබුනා. එවැනි පසුබිමක් මත වැඩි කාලයක් යෑමට මත්තෙන් ගායිකාවක් ලෙස නමක් දිනා ගැනීමට ඇයටද හැකිවුනා. ඈ පැමිණි ඒ ගමන් මාර්ගය තුල ඇගේ දක්ෂ කම වගේම සංගීත ගුරුවරියවූ මාලනී බුලත්සිංහලගේ කැපවීමද පැහැදිලිවම පෙනෙන්නට තිබුණා.

කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා. මේ දවස් වෙනකොට එතුමියගේ ශරීර සෞඛ්‍යය ද එතරම් හොද මට්ටමක තිබුනේ නැහැ එහෙත් යම්කිසි හේතුවක් මත ඇයට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමටද  නොහැකිවුනා .

ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා.

අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම  නිසා කාලවේලාව ගොස් තිබු බැවින්  ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා .

එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග අසනීප තත්වය උත්සන්න වෙමින් පැවති බැවින් ඇයට  ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා  ඉක්මනින්  ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .

මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි  බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා.  

මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ  මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .

බුලත්සිංහලයන්ගේ  පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ.
ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒ ද  කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.

ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී  ගායනා කර පිටවිය.

එහෙත් එදා ශිෂ්‍යාව ගේ ක්‍රියා කලාපය නිසා ඇතිවූ කලකිරීම බොහෝ කාලයක් යනතුරු ඈගේ සිතෙන් පහවුයේ නැත. එවකට ඈගේ සමීපතම මිතුරෙකුව සිටි ප්‍රේම කිර්ති ද අල්විස් මහතා සමහ ඈ ඒ දුක්බර සිදුවීම පැවසුවේද එබැවිනි.

දක්ෂ ගීත රචකයෙකුවූ  ප්‍රේම කිර්ති ද අල්විස් මහතාගේ සිතේද මාලනී  බුලත්සිංහලයන් ඇගේ ශිෂ්‍යාව ලග අඩු තක්සේරුවූ සිදුවීම තදින් රැදී තිබුණා.  එබැවින් එයින් ටික කලකට පසු එතුමන් අතින් මෙම ගුරු ගෝල ගැටුම ගැන අමුතුම තාලේ අපුරු ගීතයක් නිර්මාණය විය .


කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා 
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා 
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා 
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා 


ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා 
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා 
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා 
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා 

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි 
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී 
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී 
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී 


ඉන් පසු  ගීතයේ අර්ථයටම සරිලන ආකාරයේ සංගීතය සහ තනුවක්ද එච්. එම්, ජයවර්ධන මහතා අතින් නිර්මාණය කෙරුණි . පසුව මාලනී බුලත් සිංහල මහත්මිය සරදම් කිරීමක ස්වරුපයෙන් විසුළු ආකාරයට ගීතයේ වචන හසුරවමින් ගායනා කිරීම නිසා ගීතය ජනප්‍රියත්වයේ ඉහලටම ගියේය.

මාලනී බුලත්සිංහල මහත්මිය මුහුනදුන් අමිහිරි සිදුවීම සුන්දර ගීත නිර්මාණයක් බවට පත්වුයේ එලෙසය. ඇයට අවමන් කල ශිෂ්‍යාවට සිදුවුයේ ගුත්තිල කාව්‍යයේ මුසිලයන්ට අත්වූ ඉරණමමය ...


මෙතනින් ගීතය ඇසිය හැකිය .





32 comments:

  1. ස්තුතියි චමී නොදැන සිටි යමක් අපිත් එකක බෙදාගත්තාට..

    ReplyDelete
    Replies
    1. ටිකක් ප්‍රසිද්ද කථාවක් සමහර උදවියනම් අහලත් ඇති .. ස්තුති රූ....

      Delete
  2. මෙහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑනෙ. කොහොම උනත් ප්‍රේමකීර්ති කියන්නෙනං දක්ෂ ගීත රච‍කයෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති කියන්නෙ දක්ෂ ගීත රචකයෙක් සුළු සිදුවීම් මුලික කරගෙන විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමේ හැකියාව එයාට තිබුනා ..

      Delete
  3. ගෝලයා කවුද කිව්වනම් තමයි චමියෝ වටින්නේ

    ReplyDelete
    Replies
    1. ගෝලයා නම කිව්ව ගමන් මතකෙට එන තරම් ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමේ කෝරලේ ..

      Delete
  4. මේ කතාව නම් මම කලිං අහල තිබ්බ. ඒත් මෙච්චර ගොඩක් විස්තර දැනගෙන හිටියෙ නැහැ.....

    ඇත්තටම මම දකින විදියට මම කොච්චර සමාජයේ ඉහලට ගියත් මට මගේ ගුරුවරයා අබිබවල යන්න බැහැ.

    ඒ වගේම අපි හොඳ තැනක ඉන්න දිහා උපෙක්ශාවෙන් බලල ඒ ගැන පිරිසිදු සතුටක් ලබන්න අම්ම තාත්තට පස්සෙ පුලුවන් වෙන එකම කෙනත් අපේ ගුරුවරය වෙන්න ඇති.

    මේ මම හිතන විදිය

    ReplyDelete
    Replies
    1. ගුරු ගෞරවය කියන දේ නැතිකරගන්න හොද දෙයක් නෙමේ ලක්මිණි, ගුරු වරුන්ට හිමිවියයුතු තැන අප ලබාදිය යුතුයි එතකොට තමයි එතුමන්ලාගෙන් ඉගෙන ගත්දේ උනත් හරියට පිහිටන්නේ,

      Delete
  5. කලින් දැනගෙන හිටිය කතාවක් නෙවේ. චමි මේ ගෝලයා හෙළිදරවු කලොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. හෙළිදරව් කිරීමත් හොද නැහැ වගේ නේද , එත් එහෙම කියන්න තරම් එයාගේ නම මතකයේ රැදෙන තරමේ දෙයක් කරපු කෙනෙක් නෙමේ, දන්නා අය හිටියොත් කමෙන්ට් වලින් නම හෙළි කරාවි .

      Delete
  6. කවදාවත් අහලා තිබුනු කතාවක් නෙමේ...දැන් අහන ප්‍රශ්නෙට උත්තර ලැබෙන එකක් නම් නෑ. කවුද අර අනෙක් ගායිකාව? :)

    ReplyDelete
    Replies
    1. සුළු පිරිසක් විතරයි මගේ හිතේ මේ කථාව දන්නේ ,
      නම කිව්වට පොඩ්ඩි අදුරන එකක් නැහැ :D, පැරණි ආනන්ද බාලිකාවෝ නම් මේ සම්භන්ධයෙන් විස්තර දන්නවා .

      Delete
  7. ගොඩක් උදවියට වෙන දෙයක් තමයි මුල අමතක වීම...
    මේ ගීතය ලියූ ප්‍රේමකීර්ති අද සිටියානම්...?

    www.amila-psx.blogspot.com

    ReplyDelete
  8. Me githaye arutha adai denagaththe. Ara golayata anawashya pracharayak nisa nam nokiuwata kamak na kiyala hithanawa. Paw e guruthumiya. Hoda paadamak me githaya nam.

    ReplyDelete
  9. අහල තිබුනට කතාව දැනගත්තේ අද

    ReplyDelete
  10. අම්මට සිරි..... එහෙමද?

    සින්දුව අහද්දි එහෙම එකක් හිතෙන්නෑනේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. අදනේ ඔය කතාව දැනගත්තේ,, හොද විස්තරයක්..

    ReplyDelete
  12. ඔය ගෝලයව උල තියන්න එපැයි.මොනා වුනත් එයාගේ නමත් කිව්වා නම් තමා වටින්නේ.

    ReplyDelete
  13. අනිත් අය වගේම මටත් අලුත්ම කතාවක් මේක. චමියටමනේ මේ සංගීත ඉතිහාස කතා හම්බවෙන්නෙ.

    ReplyDelete
  14. මේ අර අදත් අවිවාහකව ඉන්න මහත නෝනා නේද. 2011 වසරේදී මෙයා ටී.එම්.ජයරත්න මහතාටත් 'පාට් එකක් දැම්මා' අහින්සක දරුවන් ටිකකට (නුවර ඉස්කෝලෙක) උදව් කරන්න කිව්වම. මෙයාට තියන තවත් කතා කියන්න බැරි තරම් පහත්.

    ReplyDelete
  15. අහලම නොතිබුන කතාවක්.. කවුද මේ ගෝල බාල තෙමේ ?

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කතාවනම් අහලා තියෙනවා, ඒත් ගායිකාව කවුද කියලා නිච්චි නෑ(නම දාන එක හරි නෑනෙ)

      Delete
  17. කෝ එන්න කියපන් චමියෝ ඔය පරට්ටිට ...

    ReplyDelete
  18. මේ කතාව අහල තිබුනේ නෑ චමියෝ..
    බොහෝ ම සස්තුතියි බෙදා ගත්තට.

    ReplyDelete
  19. මේ සින්දුව පිටුපස මෙහෙම කතාවක් තියනවා කියල දන්නේ අදනේ. ඔහොම ඒවා අදත් වෙනවා මචං.

    ReplyDelete
  20. කතාව දන්නේ අදනේ. මේ වගේම තමා සින්දුව ගායනා කරන කෙනාටත් වඩා වැඩි මුදලක් ඊට පස්සේ සින්දුව කියන්න පටන් ගන්න කෙනා ගන්න එක :D

    ReplyDelete
  21. බොහොම ස්තූතියි කතාවට..
    කලින් දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  22. එහෙම කරන්නෙ තමන්ගෙ තියෙන හීන මානය නිසයි.තමන්ට වඩා අනිත් කෙනා දක්සයි කියල දන්න නිසා.

    ReplyDelete
  23. I think what you published made a bunch of sense.
    But, consider this, suppose you wrote a catchier
    post title? I ain't suggesting your content isn't good,
    but suppose you added a headline to possibly get people's attention? I mean "සුපිරි තරුවකගේ කථාවක් (මම කන්ද නම් නුබ කෙන්දක්මය.)" is a little plain. You might look at Yahoo's home page and see how they create news titles
    to grab viewers to open the links. You might add a
    video or a related picture or two to grab people
    interested about everything've written. Just my opinion, it would make your website a little livelier.

    Feel free to visit my site :: diet pills That are safe

    ReplyDelete
  24. I am in fact happy to glance at this web site posts
    which consists of lots of useful information, thanks for providing these kinds
    of statistics.

    Here is my web page custom landing page

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...