සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා
පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි. සැංගී ගීත ගයන විහඟුන්
කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි. වැඩපොලකට
උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි. ඕලුද
ඒරංගනයට සිනාසෙයි
ඈතින් එන්නේ අබරන් මාමාගේ අලුත් ට්රැක්ටරයේ සද්දයයි. අවුරුදු දෙකකට ඉහත මාමාගේ සිහිනයක් වී තිබූ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා අබරන් මාමාගේ මූණට ආව හිනාව තවමත් මැලවී ගොස් නැත. එයා ඒක ගැනම තොරතෝංචියක් නැති ව කියවන්නෙ ඒකයි, මේ වෙලාවට ඔහු තම බාල දෝණියගේ පුංචි කෙල්ල අකුරට අරං යනවා. වටේ පිටේ ඉන්න සුදු සමනල රොත්තම අබරන් මාමා එක්ක ටවුමේ ඉස්කෝලෙට යනවා. ඒක තමයි ට්රැක්ටරයටත් වඩා සද්දෙට මේ කෑහෑගැහිල්ල
" අනේ පියල් අයියේ මොකද මේ එළියට වෙලා" මේනකා නංගි මගෙන් ඇහුවා.
"හුළං ටිකක් වදින්න එළියට ආවා නගා....."
මේනකගේ රිදී හිනාව ඒක හරිම ලස්සනයි. රෝස මලකට නොරිදෙන්න පිණිකැට වැටෙනවා වගේ..... බලං ඉන්න ආසයි. මේනකා නගාට වඩා හැඩකාරි එයාගේම ඇවැස්ස නෑනා...... සඳමලී..... ඔව් එයා හඳක් වගේ තමයි. ගිය මාසෙ පිටගමකින් දීග ගියාලු..
පියල් අයියාට හිඹුටු ගෙනාවා' කියලා අතේ ගුලිකරගෙන ඉන්න හිඹුටු ගෙඩිය පෙන්නලා දුවන පොඩි එකී, ගමටම හිටිය හඳ, ගමේ කවුරුත් එයාට ආදරෙයි.
" පියල් පුතේ" . අම්මා මා ළඟට එනකන් මම දන්නෙ නෑ. සඳමලී නගාව මතක් වෙනකොට වට පිටාව ඔක්කොම අමතක වෙනවා.
"දැං ගෙට ගියොත් නරකද?"

"තව ටිකක් මෙහෙම ඉන්නම් අම්මෙ" මට එහෙම කියවුණේ ඉබේටම, අහස නිල් පාටට බබළනකොට,ඈතින් සියාතු අයියාගේ කුඹුරු කෑල්ල එක්ක ඒ අහස අනඟ රැඟුම් පානකොට මම කොහොමද දාලා යන්නෙ........?
මම ආසයි තව ඉන්න.
ඒ පාර කඩුල්ල ලග නතරවූ බංදු ගේ වාහනයේ නලාව එක දිගට නාද වෙනවා ,
“කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... “
ඒ පාර කඩුල්ල ලග නතරවූ බංදු ගේ වාහනයේ නලාව එක දිගට නාද වෙනවා ,
“කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... “
' බංදුවා පතලෙන් මැණිකක්
උස්සගෙන ඇවිත් එකපාරම පෝසත් වෙලා, ලාභෙට
වාහනයක් අරන් ඇවිත් උජාරුව පෙන්නුව දවසෙ ආතා එහෙම කිව්වා. දැනුත් කඩුල්ල ළඟට වෙලා
නලාව ගහනවා. ඔය
ඉතිං ආතාව අවුස්සන්න.ඒත්
ආතා ගෙදර නැති පාටයි.
"පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?"
"පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?"
"එපා මල්ලියේ... මට හිනාගියේ ආතා මතක් වෙලා. බංදුවා වාහනේ උජාරුව පෙන්නගෙන යන්නගියා......
ආයෙත් නිහඬයි. වක්කඩට කොරවක්කෙක් ඇවිත් තටු ගහ ගහා තිත්තයෝ ගිලිනවා. පොඩි කාලේ මට මතකයි මමයි, මල්ලියි, නංගියි එකතු වෙලා තිත්ත පැටවුන්ට අකුරු උගන්නනවා. මල්ලිනම් කොළඹට ගියා ඉගෙනගන්න... නංගිනම් ළඟදි ගෙදර එයි. කුළුඳුලේම දරුවා ලැබෙන්න ඉන්න නිසා ගෙදර එන හින්දා අම්මා ලහි ලහියේ කෑම හදන්න අරං….. ගේ පුරාම හමන්නේ කෑම සුවඳ….
ගමේ හුළඟෙ හීතලටයි, මේ නිස්කල්ංක කමටයි මම ගොඩාක් ආදරෙයි. පාන්දර ඉදං උදැල්ලයි කැත්තයි එක්ක පොර බැදලා ඇඟ තෙමාගෙන හැලෙන දාඩිය වල තියන අපෙකම කොළඹ රටේ සීතල කාමර වල ඉඳලා එළිඅයට බහිනකොට රස්නෙට දාන දඩියවල නෑ.
මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ මොලේ
වෙහෙසන්න විතරයි. ඊට
පස්සෙ මොලෙයි ඇඟයි වෙහෙසලා වැඩ කරන මනුස්සයා දිහා බලලා ‘ගොඩයා’ කියන්න. මේක හරිම අසාදාරණ ලෝකයක්. ඒත් අසාධාරණ නැතුව ගමට
හැමදාම ඉර පායනවා. ලෝකෙ
දියුණු වෙනවා, ආසාව වැඩි වෙනවා,
රණ්ඩු වෙනවා…. ගහමරාගන්නවා, , ගම්
නියම් ගම් ගිනි තියනවා…. අන්තිමට…………
“පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා
“මේ ඉර එළිය වැටෙන්නේ…?”
“ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ”
“පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා
“මේ ඉර එළිය වැටෙන්නේ…?”
“ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ”
“මගේ අත රෝද පුටුවේ අඟුල ඇරියා…. හුස්ම පපුව පුරෝලා පිට වුණා
“පිදුර අවුලන්න අස්වැන්න කැපුවාද?”
“ඔව් අයියේ කන්න දෙකකට පස්සේ ගිය මාසේ ඇස්වැන්න ඩිංගක් කැපුවා.. මේ කන්නෙත් වපුරන්න බැරි වෙයි…. මොරසූරන වැස්ස නිසා කුඹුරු ඔක්කොම ගොඩවෙලා….: මාව තල්ලු කරගෙන ගේ පැත්තට ගෙනියන ගමන් මේනකා කිව්වා.
“අබරං මාමා පොඩි එකීව දාගෙන ට්රැක්ටරේ ගියා නේද?”
අබරං මාමා ඇදුම අසනිපේ වැඩිවෙලා අද ට්රැක්ටරේ එලෙව්වෙ කුමාර අයියා….. පොඩි එකීගෙත් ඊයෙ ඇඟ රත් වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ ගියෙ නෑ ඒත් අර නල ළිඳ විවෘත කරන උත්සවේට පත්තරෙන් එනවා කියලා ගමේ පොඩි උන් ටිකක් දාගෙන එතනට එන්න කියලා ඉස්කෝලෙ මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා එයාලයි ටැක්ටරේ ගියේ .
“මම හිතුව හැම දේම වැරදියි නොවැ නගා”
“ අයියා මොනාද හිතුවේ…”
“මම දැක්කේ ඉස්සර ගම”
ඉස්සර ගමට වඩා අද වෙනස් අයියා…. ඔය පැත්තෙන් කෑල්ලක් ගොඩ කරලා පැක්ටේරියක් ගහන්න පාස් වෙලාලු. ඕලු මල් යායම දැං නෑ. ගියපාර ගංවතුරට වතුරත් එක්ක ඕලුයාය වඳ වෙලා ගියා….:
සීමා මයිම් නැතුව හිතෙන අනන්තවත් දේවල් අහස පොළොවටත් හොරා හිතේ ඉපදිලා හිතේම වැලලිලා යනවා අවුරුදු දෙකකට ඉස්සල්ලා මම දැක්ක ගමත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සෙ කන්දෙකට පුරුදු වෙලා තිබුණෙ මැෂින් තුවක්කුවේ සද්දෙයි , ඒ අස්සේ කුරුල්ලෙක්ගෙ සිංදුවක් ඇහුවේ ගම මතක් කරගෙන. අන්තිමට මම දැක්කේ විශාල සද්දෙකුත් එක්ක ලොකු ගිණි බෝලයක් ඊට පස්සෙ සුදු පාට…… අදත් මම ගම දකින්නේ හිත ඇතුලෙන්, හෙටත් එහෙමයි, මම මගේ ඇස් දෙකෙන් මේ කිසිදෙයක් ආයෙත් නොදකීවි.
ප.ලි :- ප්‍රථමයෙන් ලිවීමට පටන්ගෙන අසාර්ථකවී අතහැර දැමු බ්ලොගයේ පලකල කෙටි කථාවකි.
\\\\\\\\“මග අත රද පට අඟල ඇය…. හසම පපව පරල පට වණ\\\\\\
ReplyDeleteලස්සනට කතාව ආසාවෙන් කියවගෙන ආවා.
ඒත් මෙතනදි මට දැණුන මාත් හුස්ම ගන්න බව
ඇත්තද ,
Deleteස්තුති සසිනි
කාලෙකට සැරයක් ඇවිත් අපට බොහොම ලස්සන කතාවක් කියල මොකද හැංගෙන්නේ මලයා.... නිර්මාණය නියමයි.
ReplyDeleteපහුගිය ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ , ස්තුති නලින් අය්යා .
Deleteඅවංකෙන්ම රහයි චමියො...මේ කථාවටම තව තව දේවල් ඈදලා තව කොටස් කීපයක් ලියපං...කියවන්න ආසයි.
ReplyDeleteඇත්තද , හිතලා බලන්න ඕනේ ..
Deleteමටත් සසිනි කියන කතාවට එකඟ වෙනවා. ඒ එක වාක්‍යයෙන් ලොකු වෙනසක් වුණා. ගොඩක් ලස්සනයි.
ReplyDeleteස්තුති බ්ලැක්
Deleteහොඳයි මචං...මට පේන විදිහට ගොඩක් විස්තර අකුලලා ලියලා වගෙයි තියෙන්නේ..කතාව පට පට ගාලා ට්‍රැක් වලට පනින ගතියක් තියනවා. අනික මචාන් චරිත නිරුපනය ගැන පොඩ්ඩක් වැඩිපුර සැලකිලිමත් වෙලා, කතාවේ සිද්ධි මාරුවෙනකොට ඒ ගැනත් පොඩ්ඩක් හිතලා අඩුපාඩු හදාගෙන ආයෙත් ට්‍රයි එකක් දෙමු මචං. සැලෙන්නේ නැතුව අඩුපාඩු හදාගෙන ගමනේනේඒඒඒඒඒඒ යාආආආආආආ !!!!.. උඹට අයිඩියාස් තියනවා, ගලපගන්න එකේ පොඩි අවුලක් තියනවා..ඒක හදා ගමු....!!!
ReplyDeleteගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ලියපු එකක් මචං, මුලින් අටවා ගත්තු බ්ලොගයේත් දැම්මා .. ඒ ලියපු එකම මේකට දැම්මා මිසක ආයේ වෙනසක් කරන්න ගියේ නැහැ.. ඒකයි .
Deleteතැන්ක්ස් මචන්
සුපර්.... දැනුනා....
ReplyDeleteඑළ
Deleteඅබරං මාමාගේ නම මුලදි වැරදිලා අඹරං කියලා වැදිලා තියෙන්වා දෙතුන් පාරක් චමී.
ReplyDeleteමේ මනුස්සයා මොන හේතුවක් නිසා අන්ධ වුනත් ගම දකින්නේ අර ඉස්සර දැකපු මතකයෙන් නේ? හුඟක් ගම් වලට එහෙම තමයි වුනේ. ෆැක්ටරි දාන තරමක් දාන්නේ ගම්බද තමයි.
ඒක දැක්කේ දැන්නේ බොලේ ..හික් ,
Deleteඔව් .. කාලෙකට ඉස්සර දැකපු දෙයක් ඊට පස්සේ නැවත දකින කනම අපේ හිතේ මැවෙන්නේ පරණ දැක්ක විදිය ... ඒවා කාලෙත් එක්ක වෙනස් වුනත් නැවත අලුතින් නොදක්කොත් අපේ හිතේ මැවෙන්නේ පරණ දැක්ක විදියටම විතරයි ..
ලස්සනට ලියල තියෙනව කතාව.
ReplyDeleteතැන්ක්කු..තැන්ක්කු..
Deleteniyamai...ela.
ReplyDeleteJayawewa.
තෑන්ක්ස්,
Deleteජයවේවා !!!