29 May 2013

ගින්නට පැනීම , සස ජාතකය සහ ඇත්ත.



වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ  බුදු චරිතයට අදාළ පුංචි කථාවක් හෝ නොලිවහොත්  එය  මදි කමකි  . මේ දිනවල සිදුවූ  හිමි නමගේ ජිවිත පුජාවත් සමගම  එය බෝධිසත්ව චරිත කතා වලට සමාන කිරීමට උත්සහ කරන පිරිසකුත් මට දැක ගන්නට ලැබුණි  . 

බෝධිසත්ව ජාතක කතා ගෙන හැර දැක්වුවහොත් බෝධිසත්වයන් ජීවිතය දන්දුන්  අවස්ථා කිහිපයක් තිබේ . එහෙත් ඒ එකක්වත් වර්තාමානයේ මේ හිමිනමගේ  ක්‍රියා කලාපය හා සැසදීමට නොහැක. බෝධිසත්වයන්ගේ දන්දීම සහ හිමිනමගේ ජිවිත හානිකරගැනීම සංසන්දනය කිරීමට යෑමෙන් සිදුවන්නේ ඒ අපවත්වූ හිමිනමගේ චරිතයට තව තවත් හානි වීම පමණි. එම ක්‍රියාවේ නුගුණ ලියමින් හිමිනමට තව දුරටත් නින්දා කිරීම යුතු නොවන බැවින් එම හිමි නමගේ ගිනි පුජාව සමාන කරන බෝධිසත්ව චරිත කිහිපය අතරින් සස ජාතකය ගැන පමණක්  මම ලියමි .

යට ගිය දවසක  බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එක වනයක  වඳුරෙක්, සිවලෙක් මස්කාවෙක් සහ සාවෙක් ද ඉතා මිතුරුව  ජීවත්වීය . අනෙක් සතුන්ට වඩා මේ සාවා නුවණැත්තෙක් බැවින් අනෙක් තිදෙනා  ඔහුව හදුන්වා ඇත්තේ සස පණ්ඩිත යනුවෙනුයි. මේ සස සාවද දිනපතා ආහාර ගැනීමෙන් පසුව තම මිතුරු සත්වයන්  තිදෙනාට අවවාද අනුසාසනා කරන එක පුරුද්දක් කරගෙන තිබෙනවා .

 දිනක් මේ සිව් දෙනා සිටින විට පොහෝ දිනට පෙර දිනෙක රාත්‍රියේ  පිරුන හඳ දැක  ඉන් පසුව සස පණ්ඩිතයෝ විසින් අනෙක් මිතුරන්ට මෙසේ පවසන්නට විය .”හෙට පොහොය දිනය ඒ  බැවින් අප සීල් සමාදන් විය යුතුයි  . සිල්වත් ව සිට දෙන දානයන් හි විපාක බලවත් . එබැවින් කවරෙක් හෝ යාචකයෙක් හෙට දින  ඔබලා අසලට පැමිණියහොත්  ඔබලා අනුභව  කරන දෙයින් යමක් දෙන්න”  මිතුරෝද සස පණ්ඩිතයන්ගේ අවවාද පිළිගෙන පිට විය .

පසුදින උදෑසන මස්කාව කෑම සොයාගෙන යද්දී . වැද්දෙක් විසින් දඩයම් කර අමතකව දමාගිය මසුන් කිහප දෙනෙක් දැක එය රැගෙන තම නවාතැනට ඇවිත් . පසුව ආහාරයට ගැනීමට සිතාගනිමින් පැත්තකින් තබා ශිලය රකිමින් සිටින්නට විය .

(මස්කාව /දියබල්ලා )


මේ අතර සිවලාද එසේම කෑම සොයා යන අතරේ ගොවි නිවෙසක් අසල දමා ගොස් තිබු වේලු තලගොයි මාංශයන් දැක එයට හිමිකරුවෙකු  සොයා නැති බැවින් තම නවා තැනට ගෙනැවිත් පසුව ආහාරයට ගැනීමට සිතා  පසෙකින් තබා ශිලය ආරක්ෂා කරමින් සිටින්නට විය , මේ අතර වදුරාද මී අඹ වල්ලක් සොයා ගෙනැවිත් එලෙසම පසෙක තබා භාවනාවේ යෙදෙන්නට විය  ..

මේහෙම මිතුරු සත්‍වයෝ භාවනාවේ යෙදෙන අතර සස පණ්ඩිතයෝ හෙවත් සාව ද බඩගිනිවූ විට ගොස් හී තණ කනවා යැයි සිතාගෙන සිල් සිහි කරමින් වැදගෙන ගෙන සිටින්නට විය  . එහෙත් ඒ අතරේ ඔහුට සිහිවන්නේ මෙසේ සිටින අතරේ වෙන කිසිවෙක් ආහාරයක් සොයා තමන් වෙත පැමිණියහොත් ඔහුට දීමට දෙයක් නොමැති බවයි. 

එසේ පැමිනෙන්නෙක් හට හී තණ දීමටද නොහැක එසේනම් මා ඔහුට පිළිගන්වන්නේ කුමක්දැයි සිතමින් සිටින හාවට පහල වන්නේ අමුතුම අදහසකි . අද කිසිවෙක් ආහාර සොයාගෙන මාවෙත ආවොත් කිසිවෙකු නොදෙන විදිහේ දානයක් මා ඔහුට පිළිගන්වමී.. මා මාගේ ශරීරයේ මාංශ ඔහුට අනුභවයට ලබා දෙමී .. මෙසේ සිතු සස පණ්ඩිතයෝ දිගටම ශිලය රකින්නට විය .

මොවුන්ගේ මෙම ශීලයේ බලය ශක්‍ර දේවේන්ද්‍රයාටද දැනෙන්නට විය . මොවුන්ගේ ශිලය පරික්ෂා කර බැලීමට සිතු ශක්‍රයෝ බමුනෙක්ගේ වෙස් ගෙන වනයට ආහ ...

එසේ පැමිණි බමුණා මුලින්ම මස්කාව අසලට ගොස් කෑමට යමක් අයද සිටියේය .. මස්කාවාද ඔහු රැගෙන විත් තිබු ආහාරය බමුණාට පිළිගැන්වුහ . බමුණා එය එතැනම තබා නැවත රැගෙන යාමට එනබව පවසා ගියේය ..එසේම නරිය අසලට සහ වදුරා අසලටත් ගොස් ඔවුන් දුන් දෑ නැවතත් එතනම තබා නැවත එනබව පවසා අවසානයේ සාවා ලගට ගොස් ආහාරයක් අයැදුවේය..

බමුණා දුටු සස පණ්ඩිතයෝ ඉතා සතුටට පත්වී මෙසේ කිවේය “ මාගේ බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගැනීමට ඔබගේ පැමිණීම ඉතාම උතුම්ය  කිසිවෙකු නොදුන් ආකාරයේ දනක් මම අද නුබට දෙමි , මෙතන ගිනි මැලයක් ගසන්න මම එයට පැන  මා පිළිස්සුනු පසු ඔබට මාගේ මාංශය අනුභව කල හැකිය යි කිවේය ...

බමුණු වෙස් ගෙන සිටින ශක්‍රයා ඒ අසල ගින්නක් මවා සාවාට ගින්නක් දල්වා ඇති බව කිවේය .  සාවාද නැගිට ඇවිත් ශරීරයේ වසා ඇති සතුන් පලවා හැර සතුටු සිතින් ගින්නට පැන්නේය ..

එහෙත් ඒ ගින්නෙන් සස පණ්ඩිතයන්ගේ ශරීරයේ ලෝමයකටවත් හානියක් වුයේ නැහැ පිළිස්සෙනවා වෙනුවට ඔහුගේ ශරීරය සිසිල් විය . එවිට සස පණ්ඩිතයන් බමුණා අමතා මේ ගින්න සිසිල්ය ඒ මන්දැයි ඇසුවේය ..

එයට පිළිතුරු දුන් ශක්‍රයන් සස පණ්ඩිතයානනි මම බමුණෙක් නොවෙමි . මම සක්‍ර දෙවෙන්ද්‍රයායි නුබලාගේ ශිලය පරික්ෂා කිරීම පිණිස මෙහි ආවෙමියි කිවේය ..



පසුව ශක්‍රයන් සස පණ්ඩිතයන්ගේ මෙම දානමය ශිලය නිසා පැහැදී මේ මුළු බද්‍ර කල්පය පුරා සියල්ලටම පෙනෙන පරිදි චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනඇවිත්  ඒ වනයේ අලුත් හීතණ පලසක් මතින් තබා  පිටව ගියේය ..


දැන්  බලමු ප්‍රයෝගිකව මේ සිදුවීම් විය හැකිද කියලා ....


එදා සිට අද වෙනතුරුත් චන්ද්‍ර මණ්ඩලයෙහි අප දකින සා සලකුණ සස පණ්ඩිතයන්ගේ රූපය බවයි පැවසෙන්නේ එහෙත් පසු කලකදී සොයාගනු ලැබුවේ ශක්‍රයා විසින් හදේ ඇද ඇති රුපයක් නොමැති බව සහ ඒ උල්කාපාත වැටීමෙන් ඇතිවූ සලකුණක් බවයි ..

එහෙත් ජාතක කතාවක සත්‍ය අසත්‍ය සෙවීම අනුවන කමකි . බුදුන් දෙසුවේ පරම සත්‍ය බැවින් සදේ සස රූපය ඇන්දේ සක්‍රයා නොවේයැයි කාටවත් තර්ක කිරීමටද නොහැක..

සමහර විට විනාශ වෙමින් නැවත නිර්මාණය වෙමින් පැවතෙන මේ ලෝ තලයේ චන්ද්‍රයන් වෙනස් වීමට බැරි කමක්ද නැත. ඒ නැතත් තවමත් දිස්වන උල්කාපාත සා රුපය නිර්මාණයක් වීමටද බැරි කමක් නැත.. සදට උල්කාපාත කිහිපයක් වැට්ටවීමට ශක්‍ර දෙවියන්ට  නොහැකියැයි කිවහැක්කේද ...

ඒ හැරුණු කොට මෙය මහා බද්‍ර කල්පයේ සිදුව ඇති දෙයක් බැවින් ඒකල සිටි සත්වයන් සත්වයන් අතර හා සත්වයන් මනුෂ්‍යන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව නොතිබුනා යැයිද කීමට නොහැක . එක් පුරාන කථාවක කියවෙන පරිදි මන්ත්‍රී දේවියගේ ශාපය නිසා සතුන්ට කතාකිරීමට නොහැකි වුනායයි පැවසීමද එයට එක් උදාහරණයකි .

මෙසේ එකින් එකට සමාන ලක්‍ෂණ සහිත ජාතක කතාවලින් වර්තමානයේ මනුෂ්‍යාව සිතාගන්නටවත් නොහැකි අමුතුම සුරංගනා ලෝකෙකට ගෙන ගියත් මෙයිට කල්ප කාලාන්තරයකට පෙර මේ ලෝකයේ මෙවැනි දේවල් ඇත්තටම සිදුනොවුනා යැයි අපට කිව නොහැක.  මක්නිසාද යත් භද්‍ර කල්පවල වෙනත් කාල ප්‍රාන්ත වලදී සිදුවූ දේවල් තේරුම් ගැනීමට තරම් අපගේ මනස මෝරා නොමැත . ඒ හැර අප වෙන කුමක් සිතන්නද මේ රාමුවෙන් පිට සිතන්නටවත් අපගේ මනස මෝරා නොමැත.




27 comments:

  1. අනේ ගොං බිජ්ජෝ එතකොට බයිබලයේ තියන කතා ඇත්තද

    ReplyDelete
    Replies
    1. මම කීවායෑ ඇත්ත කියලා ...

      Delete
  2. චාමී,
    ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ තමයි ජාතක කතා බොහෝමයක් ඇත්තේ. ඛුදක නිකායේ ජාතක පාළියේ මේ ජාතක කතා බොහොමයක් තිබෙනවා. නමුත් මේ බුද්ධ භාෂිතය මැයි සිතන්න සාක්ෂි අඩුයි. අපි ජාතක පාළිය පැත්තකින් තිබ්බත් වෙනත් බොහෝ තැන්වල බමුණු මත හා බුද්ධ භාෂිතය කළවම් වී ඇති තැන් තිබෙනවා. කාන්තාව පිළිබඳ සංයුක්ත නිකායේ 1 ග්‍රන්ථයේ 69 පිටුවේ සදහන් වනවා ඇය පුරුෂයාගේ හොදම මිතුරිය කියා. සිගාලෝවාද සූත්‍රයත් එසේම කාන්තාව වර්ණනා කරනවා. තව බොහෝ තැන් තිබෙනවා කාන්තාවගේ ගුණ කියන. නමුත් අංගුත්තර නිකායේ කණ්හ සප්ප සූත්‍රයේදී කාන්තාව සර්පයෙකුට සමාන කර ග්‍ර්හා කරයි. මෙය විය හැකිද? චාමි මම සිතන්නෙ මෙසේ වන්නෙ මනුස්මෘතිය වැනි ග්‍රන්ථ ගුරු කොට විසූ බමුණන් ද මහණන් වී පසුව තමන්ගේ අදහස් ද ත්‍රිපිටකයට එක් කිරීම නිසා කියායි.
    එනිසා මෙවැනි කතා හුදු කතාවන්ම පමණයි. නමුත් ජාතක පාළියේ කතා තුළ බොහො වැදගත් උපදේශන උපදෙස් ඇතුලත්. ඒ නම් ඉතා වටිනවා. පසුගිය දිනවල අපෙන් වෙන් වූ අපේ දයාබර වෛද්‍ය හරිස්චන්ද්‍ර ශූරීන් මේ පිළිබඳ හොද පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති පැහැදිලි කලාට මහා වේදනා තුමනි ..
      ජාතක කතාවකින් ගන්න දේවල්නම් අප්‍රමානයි ... ගොඩක් ඒවා පිළිගන්න බැරිවෙන්නේ ඔබ කිව හේතු නිසා වෙන්න පුළුවන් ... "සද කිදුරු ජාතකයත් එහෙමයි " එහෙම සත්වයෙක් ඉන්නේ සිතුවම් වල පමණයි ..

      Delete
    2. මහා වේදනා වෙත,

      ත්‍රිපිටකය රැකගෙන ආවේ මහා රහතන් වහන්සේලා විසින්, බැමිනිටියාසැය නම් දුර්බික්ෂ කාලයෙන් පසු මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේද මහාරහතන් වහන්සේලා විසින්. ධර්ම සංගායනාවලදී මෙන්ම මෙහිදී ද සිදුවූ ක්‍රියාදාමය ඔබ නොදන්නවා විය නොහැකියි. එහිදී කිසිම් විදිහකින් බුද්ධ වචනයට පිටින් යමක් ත්‍රිපිටකයට ඇතුලත් වීමට ඉඩ නැහැ.

      බුදු රජාණන් වහන්සේ ගිහියන්ට දේශනා කල ගිහි ප්‍රතිපදවත්, පැවිද්දන්ට දේශනා කල පැවිදි ප්‍රතිපදවත් දෙකක්. මේ පිලිබඳ ඔබගේ නොදැනුවත් කම ධර්මයට ගර්හා කිරීමට යොදා නොදන්න. ඔබගේ මතය තහවුරු කිරීමට ගිහියන්ට දේශනා කල දේශනාවකින් ඒක වැකියක් පමණක් උපුටා දක්වීම ඉතාම වැරදි දෙයක්.
      // කාන්තාව පිළිබඳ සංයුක්ත නිකායේ 1 ග්‍රන්ථයේ 69 පිටුවේ සදහන් වනවා ඇය පුරුෂයාගේ හොදම මිතුරිය කියා. සිගාලෝවාද සූත්‍රයත් එසේම කාන්තාව වර්ණනා කරනවා.//

      //අංගුත්තර නිකායේ කණ්හ සප්ප සූත්‍රයේදී කාන්තාව සර්පයෙකුට සමාන කර ග්‍ර්හා කරයි.//
      මේ කාරණය පැවිදි ප්‍රතිපදාව වෙනුවෙන් කල දේශනයක්. මේ දෙක පටලවා ගැනීම ඔබගේ නොදනුවත්මක මැනවින් විදහා පෑමක්.

      මෙලෙස ඔබ හිතා මතා ධර්මයට ගැරහීම තුලින් ඔබගේ ශ්‍රද්ධාව නොමැති කම පෙනී යයි. ශ්‍රද්ධාව නොමැති පුද්ගලයා උපාසක චණ්ඩාලයකු ලෙස බුදුරජානන් වහන්සේ විසින් දක්වා ඇත්තේ මෙසේයි

      "පඤ්චහි භික්කවේ , ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨෝ ච. කතමෙහි පඤ්චහි ? අස්සඞො හොති , දුස්සිලෝ හොති......"

      මහණෙනි අංග පසකින් යුක්තවූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වෙයි, උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වෙයි. කවර අංග පසකින් ද යත්
      1.ශ්‍රද්ධාව නැත්තේ වේද
      2. දුශ්ශිලයෙක් වේ ද....

      එබැවින් ධර්මය විකෘති කරමින් තමන්ගේ මත වපුරමින්, උපාසක චණ්ඩාලයෙක් නොවී පළමුව තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇතිකරගැනීම මැනවි.

      Delete
    3. වේද මහත්තයා භාරතයෙන් බුද්ධාගම ඉගෙනගෙන ආවේ .

      Delete
  3. ජාතක කතා ලෝක සාහිත්‍යයේ එන ඉලියඩ් ඔඩිසි වගේම ලියන්නන් සහ කියන්නන් අතින් වසර දහස් ගනනක් තිස්සේ අලුත්වෙමින් එක් එක් සංස්කෘති වල අංග එකතුකරගනිමින් ඉදිරියට ආ නිසා ඒවායේ ගැබ්වී ඇති බොහෝ තැන් අභව්‍යයි.. වඩා වැදගත් වෙන්නේ මූලික මූලදර්ම සහ විද්‍යාත්මක පදනමක් මත බුදු දහම ගොඩ නැගී තිබීම නිසා අභව්‍ය දේ ඊට ඇතුලු කිරීමට හැකියාවක් නොමැතිවීමයි.. එසේ යමෙකු ඇතුලු කලද කාලාම සූත්‍රයෙන් බුදුන් දෙසු පරිදි විමර්ශනය කිරීමෙන් මූලික හරය හා නොසැස‍ඳෙන දෑ ඉවත් කිරීම අපට කලහැකියිනෙ..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම ඇත්ත , වේද මහත්මයා වගේම ඔබේ පැහැදිලි කිරීමත් ගොඩක් වැදගත්, කථාව වචනාර්ථයෙන් පමණක් පිළිගන්නා අයට . ගොඩාක් උදවියට මේ සත්‍ය තේරෙනවා අඩුයි ..

      Delete
    2. සරත් වෙත

      ත්‍රිපිටකය තුල ශුද්ධ බුද්ධ වචනය මිසක් වෙනත් කිසිම කාරණයක් අඩංගු වෙලා නැහැ. ඒ බව ධර්ම සංගායනා පවත්වපු ආකාරය සහ මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමේදී සිදුවූ ක්‍රමවේදයන් සහ මහා රහතන් වහන්සේලාගේ කැපවීම ගැන බැලුවම සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. අනිත් කාරණය තමයි සරත්, මේ කාලාම සුත්‍රය බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා. මේ ගැන පැහැදී ලිර්මක් වෙනමම පොස්ට් එකකින් කරන්නම්. මේ කරුණු ගැන විමසන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට කලින් වදාළ "මහාප්‍රදේශ" ධර්මයන් අනුව මිස කාලම් සුත්‍රය අනුව නොවේ.

      Delete
    3. Buddha Dharmaya Sathya wuwada Bauddha Sahithya elesinma sathya nowe. Soothra budurajanan wahanse deshana kala akarayen ada dakwa pewathunada bouddha sahithya kramayen wikashanaya uwaki. Jathka katha grantharooda uwe kurunegala ugyeya. ethek kal jathaka katha wetha brgmana matha bohe sein ethulath wee etha. meya buddimathwa therum gatha uthuya. budurajanan wahansewath andayan se kisiwak piligatha uthu yai deshana kara netha.

      Delete
    4. ඇනෝ මිතුර,

      මෙතන මා සඳහන් කලේ ත්‍රිපිටකය ගැනයි කලින් කොමෙන්ට් එක බලන්න වේදනාට දුන්න. ඔහු ත්‍රිපිටකය තුල බමුණු මත ඇති බව කියා සිටිනවා. ජාතක පාලිය ග්‍රන්ථාරූඩ කලේ කුරුණෑගල යුගයේ බව කිසිම විවාදයක් නැහැ.

      බුදුරජාණන් වහන්සේ අන්ධයන් සේ කිසිවක් පිළිගත යුතු යැයි දේශනා කර නැති බව මමද එකහෙලා පිලිගනිමි. නමුත් මෙතැනදී මා ඉස්මතු කිරීමට උත්සාහ කලේ ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සුත්‍රදී දේශනා කල "මහාප්‍රදේශ" ධර්මයන් ධර්ම විනිශ්චය සඳහා උන්වහන්සේ දේශනා කල නිවැරදි ක්‍රමවේදය බව දැක්වීමටයි. එසේ නොමැතිව කාලාම සුත්‍රය මගින් ධර්ම විනිශ්චය ක්‍රමයක් දක්වා නැහැ නේ. සරලව කිවොත් කාලාම සුත්‍රය මගින් කියවෙන්නේ පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙර විමසන ලෙසයි.

      Delete
  4. බොහෝ ධර්ම කොටස් පසුකාලීනව දැඩි ආගම් භක්තිය සිතේ දරාගෙන ග්‍රන්ථාරූඩ කරන්නට යාමෙන් ඇතැම් තැන්හි වෙනස්කම් ඇති වී තිබෙන බව පැහැදිලි කරුණක්. මේ කථාවටත් එය අදාළයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් , ඒක තමයි වෙන්නේ , ඒක ගොඩක් ආගම් වලටත් පැරණි ඉතිහාස කතාවලටත් වෙන දෙයක් , එතැනදී උවමනාවෙන්ම කොටස් එකතු කිරීමක් කරලා වැඩි ගෞරවයක් ඇති කරන්න යාමේදී සත්‍ය සිද්ධිය විකුර්ති වෙනවා ..
      පසු කාලෙකදී සමහර මිනිස්සු පිළිගන්නේ අර වැරදී සුරංගනා කථාව ,

      Delete
  5. මම දකින විදියට නං ජාතක කතාවල ඇත්ත නැත්ත කෝක උනත් බෝසතානන් දිවි පුදන්නේ යම්, නිශ්චිත, එකෙනෙහිම ප්‍රථිඵල ලැබෙන අරමුණක් ඇතිව. සස ජාතකයේදි ගින්නට පනින හාවා දන්නව ඒ මොහොතේදී තමන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ වෙනව කියල. දහම්සොඬ කුමාරයත් රකුසාගේ කටට පැන්නේ දේව ධර්මය කුමක්ද කියල දැනගන්න. මම අහල තියන එක කතාවකවත් ඉදිරියේ වෙන දෙයක් හෝ වෙනත් කිසිවෙකුගෙන් යම් ඉල්ලීමක් අපේක්ෂාවෙන් පැන්නෙ නෑ. දෙකේ වෙනස ඒකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. ඒත් කොටසක් මේ දෙක සමාන කරන්න වෙහෙසෙනවනේ ..

      Delete
  6. මේ පෝස්ටුව වෙනුවෙන් වෙද මහතා හා ලංකා ඉතා පැහැදිලි පිළිතුරු දි තිබෙනවා චමි. ඉතින් අපි තව මොනව ලියන්නද.

    ReplyDelete
  7. මේ කථාවල තියෙන්නෙ ගැඹුරු අරුත් මේවා ආවට ගියාට නිර්මාණය කරපු කථා නෙවෙයි

    ReplyDelete
    Replies
    1. සෑම කතාවකින්ම ගත යුත්තක් තියෙන එකනම් ඇත්ත ,

      Delete
  8. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ පොත් ඔයිට වඩා රහයි, හැරි පොටරුත් කියවන්න. උඹලා වගේ උන් ගැන දුක හිතෙනව මිසක් වෙන මුකුත් හිතෙන්නේ නෑ. අපරාදේ අන්තර්ජාලෙට වියදම් කරන සල්ලි. බල්ලොන්ට ආප්ප අරගෙන දියන්...

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඇයි බං මට බනින්නේ , මම ව්‍යංගයෙන් කියලා තියෙන එක තේරුන් ගනින්කෝ , ඔය පසුවදන් කෑල්ල දාලා තියෙන්නේ ජාතක කථා ගෙඩිය පිටින් අරගන්න අයට පොඩි මෙව්වා එකකට.

      Delete
    2. උඹේ තත්වෙ හොදට පේනව. උඹ කියවන ඒවගෙන්.

      Delete
    3. උබ මොනවාද කියවන්නේ ඇනො. ප්‍රියන්ත අය්යා කියවන්නේ අරවා

      Delete
  9. //....ඒ හැරුණු කොට මෙය මහා බද්‍ර කල්පයේ සිදුව ඇති දෙයක් බැවින් ඒකල සිටි සත්වයන් සත්වයන් අතර හා සත්වයන් මනුෂ්‍යන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව නොතිබුනා යැයිද කීමට නොහැක...//

    අපි මේ තවමත් කල් ගත කරන්නේ මහා භද්‍ර කල්පයේ තමා. ඒක අවසන් වෙන්නේ මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසන පරිනිර්වාණයෙන් පසුවයි.

    //..එක් පුරාන කථාවක කියවෙන පරිදි මන්ත්‍රී දේවියගේ ශාපය නිසා සතුන්ට කතාකිරීමට නොහැකි වුනායයි පැවසීමද එයට එක් උදාහරණයකි...//

    මේ පුවත තියෙන්නේ ජාතක කතා පොත් වහන්සේ තුළ අන්තර්ගත වෙස්සන්තර ජාතකයේ

    ReplyDelete
    Replies
    1. ස්තුති හසිත , පැහැදිලි කිරීමට ..
      ලෝක විනාශ කල්ප විනාශ කියන්නේ දෙකක් නේද ඒ කියන්නේ ..

      Delete
    2. කල්ප විනාශය කියලා බුදු දහමේ විස්තර කෙරෙන්නේ මහා භද්‍ර කල්පය අවසානයේ ඉරවල් 7 ක් පායලා වෙන විනාශය. මේකෙදී ඉරවල් 7 රස්නේ නිසා මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකය ආදී ලෝක විනාශ වෙලා බ්‍රහ්ම ලෝකත් 5 ක් ගිනි ගෙන දැවිලා ආභස්සර බ්‍රහ්ම ලෝකය ඉතුරු වෙනවා.

      ලෝක විනාශය කියන වචනේ ඒකට භාවිතා කරලා නැහැ. ඒත් වෙන්නේ එහෙම එකක් තමා.

      Delete
    3. හසිත, මට මතක හැටියට ලෝක විනාශය කියන්නේ මනුෂ්‍ය ආයුෂ වසර 10 දකවා අඩුවෙලා , මෘගසන් වර්ෂාව වැහලා, එකිනෙක ඇන කොටාගෙන වෙන විනාශය ගැන.

      (මෙය නිවැරදි මතකයක් නෙවේ, පසුව ස්ථිර කරන්නම්)

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...