13 June 2013

මල කෙලියක් වූ අවුරුදු කෙලිය (16+)


සිංහල අවුරුද්ද ලැබුවා කෑම පිගන් ගෙයින් ගෙට හුවමාරු වෙන අතරේ  හතර වටින් රතිඤඤා පිපිරෙන සද්දෙන් කන්දෙක බීරි කරගෙන “අපිට ඉතින් මොන අවුරුදුද “ කියලා හිතින් කියාගෙන මම එලියට බැස්සේ අනිත් උන් අවුරුදු සමරනවා බලාගෙන ඉන්න බැරි තරමටම  හිතේ හටගත් ඉරිසියාව නිසාමත්ම නොවේ  මගේ ජාතියේම එකෙක් වන ජෝනා ගේ ගෙදරට ගිහින් පොඩි ෆන් එකක් ගන්න හිතාගෙන.

අපි ක්‍රිස්තියානින් බැවින් අවුරුද්ද ඒ හැටියෙන් සැමරුවේ නැහැ නත්තලත් ජනවාරි පළමුදාටත් මුල් තැන දෙන අප සිංහල අවුරුදු චාරිත්‍ර සමරුවේම නැති තරම්  . එහෙත් බෞද්ධයන් එදින කරන දෑ බලා සතුටක් ලැබුවා ඒ හැරෙන්න එදින අපට වැඩි විශේෂ දවසක් නෙමේ.  ඉතිං විශේෂ නෑයි කියල නිකන්ම හිටියැකි යෑ...

මම දුරදීම දැක්කා  ජෝනා  ලට්ට පට්ට ටිකකුත් සෙට් කරගෙන මොකක් හරි ගේමකට ලෑස්ති වෙන පාටක් ,

“හේයි.. චමි , මම අද පට්ට ආතල් එකක් ගන්න හදන්නේ කැමතිනම් මට හෙල්ප් එකක් දියන්..

අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ජෝනා විසින් මටද කොටහක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින අකුසල කර්මයේ ආනිසංස ලබා ගැනීමට ඇති ලෝබකමෙන් මමත් හා හා පුරා කියලා වැඩේට ඇත ගැහුවා .

“මෙන්න මේකෙන් හොද නම්බරයක් තෝරලා දියන්”

ජෝනා මගේ අතේ තිබ්බේ තඩි ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් , මගේ අනුමානය නිවැරදි . අදත් ලංකාවේ කොයි කොනකහෝ වාසනාවන්තයෙක් අප සමග දෙබස් හුවමාරු කරගෙන මල අතට ගැනීමේ  භාග්‍ය හිමි කරගන්නවා නිසැකයි .

“ අද කාවද ?’

“අද අවුරුදුනේ අපටත් අවුරුදු කියලා විශේෂයක් නැති එකේ මම හදන්නේ අවුරුදු සැමරීම ගැන අද සමීක්ෂණයක් කරන්න ...”

“ඇත්තටම ????

“ඔව් එහෙම තමයි හිතන් ඉන්නේ ..

මම ඩිරෙක්ටරිය අරගෙන පෙරලගෙන යන අතරේ අතරින් පතර හම්බවෙන ලස්සන කාන්තා නාමයන් ලග නෙත් නතර නොවුනමත් නෙමේ එත් මේ වගේ සමීක්ෂණයකට වඩාත් ගැලපෙන්නේ හොද සිංහල ගැමි පෙළපත් නාමයක් සහිත නමක් . මම හිතුවේ එහෙම ඇයි වැරදිද ...?

ධර්මරතන ආරච්චිලාගේ සිරිමසිරි ,

ඒ තමයි අහබුලෙස මම සොයාගත් නාමය , ඒ නාමය අයිති ග්‍රාමය වුනේ මාතර උයන්වත්ත . ගමත් නරකම නැහැ මම හිතන හැටියට අවුරුදු චාරිත්‍ර අකුරටම පිළිපදින්නේ උඩරට උදවියටත් වඩා පහත රට උදවිය . ඉතින් මේ සිරිමසිරි ධර්මේ අය්යා එහෙම නොවෙන්න හැටියක් නැහැනේ .. අනික පළාතත් හොදා මාතර , මේ පළාතේ අයට දිය යටින් ගින්දර ටිකක් වුනත්  සුටුස් ගාලා අරගෙන යන්ට ඇහැකිලු.. එහෙව් දක්ෂයෝ .

මම නොම්බරේ තෝරලා දුන්නා ජෝනා අතට .

සුළු විස්තර ඇසිමකින් පසුව ජෝනා වැඩේ පටන් ගත්තා .

“බීප් .බීප්.......බීප් ..බ්ප්"

“හෙලෝ “

එහා පැත්තෙන් ඇහුනේ සුකුමල සුලලිත කටහඩක් .ඒ සිරිමසිරි උන්නැහේ වෙන්න බැහැ..

“හෙලෝ සිරිමසිරි මහත්තයා ඉන්.....

ජෝනා ඒ වාක්‍ය ඉවර කරන්නත් ඉස්සර එහා පැත්තේ දැරිවි මොර දුන්නා ..

“තාත්ති කෝල් ..ඒ කා....ක් “

මද වේලාවකට පසුව දුරකථනයට කෙනෙක් පිළිතුරු දුන්නා .. බොහොම සැර පරුෂ ප්‍රතාපවත් ගැබුරු කටහඩක්.. ඒ තමයි සිරිමසිරි.

“හෙලෝ ... (ෆෝන් එකේ ඔන් කර ඇති ස්පිකර් පවා දෙදුරුම් කන සබ්දයක් ..

“හෙලෝ සිරිමසිරි මහත්තයද ?’

“ඔව් ඔයා කවුද ?

“අපි ඉර එෆ් .එම් එකෙන් , අද අපි පොඩි සමීක්ෂණයක් කරනවා අවුරුදු චාරිත්‍ර සමහර හැටි ගැන. එතකොට ගත්ත නම්බර් වලින් අහබු ලෙස තෝරගත්ත කෙනෙක් තමයි සිරිමසිරි මහත්තයා. කැමතිද අපිත් එක්ක ටිකක් කතා කරන්න ..

“අපොයි පුළුවනි ඉතින් මොනවද දැන ගන්න ඕනේ මහත්තයාලට ..?

“ සිරිමසිරි මහත්මයා අපි මේ සාකච්චා පටිගත කරනවා . නොනගතය වේලාවට තමයි විකාශනය කරන්නේ එතකොට  පුළුවන් මහත්මයාටත් අහන්න .. එහෙනම් අපි පටන් ගමුද ?

“හොදයි පටන්ගමු ..

ජෝනා නිවේදකයෙකුටත් වඩා හොදින් වැඩසටහන ගැන මුලින්ම හැදින්වීමක් එහෙම කරලා වැඩේ පටන් ගත්තා .

“හොදයි දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා අවුරුදු චාරිත්‍ර ගැන කියන්න මාතර උයන්වත්තෙන් සිරිමසිරි මහත්මය .. ඉතින් සිරිමසිරි මහත්මයා කරන්න බලන්න ඔයාලගේ පැත්තේ චාරිත්‍ර ගැන පොඩි විස්තරයක්.

පොඩි විස්තරයක් නෙමේ එයින් පස්සේ සිරිමසිරි කියාගෙන කියාගෙන ගියේ නැද්ද පතරංග ජාතකයක්ම  අවුරුදු චාරිත්‍ර ගැන , අපිට තිබුනේ හූ මිටි තියන්න විතරමයි (ඒ අටුවා ටීකා අතහැරලා අපි යමු උච්චතම දෙබස් ඛාණ්ඩ කිහිපයට සවන් දෙන්න ..)

“හොදයි අපිට සිරිමසිරි මහත්මයා දීර්ග විස්තරයක් කලා චාරිත්‍ර ගැන , සිරිමසිරි මහත්මයා දැන් කියන්න බලන්න අවුරුදු කෑම මෙසේ ගැන ටිකක් , මත්මයාගේ ගෙදරත් දැන් කෑම මේසය සුදානම්ද ?

“ඔව් මහත්වරුනි. අපේ ගෙදරත් සරු අවුරුදු කෑම මේසයක් සුදානම් මේ වෙලාවේ ..

“මෙසේ තියෙන කෑම ගැනත් ටිකක් කියමුද සිරිමසිරි මහත්මය ..

“ඔව් කියමු , කැවුම් ,කිරිබත් ,අස්මී, මුන්කැවුම් ,අලුවා ,කෙසෙල් කොකිස් ..තව ගොඩක් ජාති තියෙනවා

“හොදයි සිරිමසිරි මහත්මයාලගේ පළාතේ තියෙන අවුරුදු ක්‍රීඩා මොනවාද ?

ඔලිද කෙලිය , පංච දැමීම ,ඔන්චිලි වාරම් ..ඒ හැරෙන්න තව මෙහෙටම ආවේනික ක්‍රීඩා තියෙනවා මහත්තයෝ ..

සිරිමසිරි මහත්තයත් ඒ ක්‍රීඩා කරනවද ?

“අපොයි ඔව් මොකද නැත්තේ ...

“හොදයි මම සිරිමසිරි මහත්තයට වෙනස් විදියක අලුත් ක්‍රීඩාවක් කියදුන්නොත් කැමතිද “

“අපි කැමතියි මොකක්ද මහත්තයෝ ඒ ක්‍රීඩාව “

“මුලින් කියන්නකෝ බලන්න අද මොකක්ද ඔයා ඇදලා ඉන්න ඇදුම කියලා ...

“මම කවදත් සරම තමයි මහත්තයෝ අදින්නේ .. අද ජාතික ඇදුම තමයි ඇදලා ඉන්නේ ..

“ඒක හොදයි .. මේ ක්‍රීඩාවට සරම තමයි ලේසි “

“හක්.. හක් ..එහෙමද ..

දැන් දැන් කථාව යන විදිය ගැන මටත් ගැටළු තිබුනත් අතින් පයින් ඇහුවට ජෝනා නෙමේ මට උත්තර දෙන්නේ ..

“මෙහෙමයි මහත්තයෝ කෑම මෙසේ කෙසෙල් තියෙනවා කිව්වා නේද ?

“ඔව් “

“මොනවද ජාතිය ..

“ඇබුල් කෙහෙලුත් තියෙනවා ආනමලුත් තියෙනවා “

“ඇබුල් හරියන්නේ නැහැ ගන්න බලන්න හොද ආනමාලු ගෙඩියක්..”

“හරි මහත්තයෝ ගත්තා ,

“මම මේ ක්‍රීඩාව කියලා දුන්නට පස්සේ තනියම කරන්නේ නැතුව ගමේ අයටත් කියලා දෙන්න ඕනේ හොදද...

“නැතුව..නැතුව , ඉතින් මොකක්ද දැන් කරන්න ඕනේ ..

“ඔන්න ඔය ගෙඩිය අරගෙන ගහ ගන්න ..#@$%කේ

“ඈ ග් ..මොකක්..මොකක්ද ?

“මම හිතන්නේ සිරිමසිරි මහත්තයට හරියට ඇහුනේ නැහැ වගේ ..”

“ඔව් හරියට තේරුනේ නැහැ ..මොකක්ද කිවේ ..(ටිකක් සැරෙන් වගේ )

‘මේකයි මහත්තයෝ ඔය කෙසෙල් ගෙඩිය ලෙලි ඇරලා .....සරම උස්සලා ... ගහ ගන්න   #@$%p කේ .....,,, ඒක තමයි ක්‍රීඩාව හොදේ ...

ජෝනා බොහොම සැහැල්ලුවෙන් පැහැදිලිව ඇදලා ..පැදලා කිවේ ඒ ගමනනම්..

“මොකක් ... ඒක ගහ ගනින් තොගේ අප්@#%67 **&&*p කේ ....@##$$ etc….

 (එතනින් එහාට සිරිමසිරි කියූ භාෂාව ටයිප් කිරීමට කී බෝඩය එබීමට මගේ අතැගිලි එසවෙන්නේ නැත ... ඔහුගේ  නොනවතින  වාග් මාලාවට  බාදාවක් නොවන පරිදි  අප ඔහුට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!  යැයි උස් හඩින් පවසා  දුර කථනය විසන්දි කර දැමුවෙමු ....






31 comments:

  1. යකෝ තොපිට හෙණ ගහන්න එපාය

    ReplyDelete
    Replies
    1. අර අහිංසකයව. තරහ ගැස්සුවාටද..

      Delete
  2. උඹේ යාලුවා ජෝනා ව කොළඹ මහ ඉස්පිරිතාලෙ තියෙන මානසික රෝගී සායනයට අරන් පලයන්...වසරකට වරක් එළැඹෙන මේ වගේ වැදගත් සතුටුදායක දවසකත්...ඒ අහිංසක මනුස්සයගෙ හිත තරහින් පුරෝලා මේ කරපු විකාරෙ ගැන මට ඇතිවෙන්නෙ තරහක් සහ පිළිකුලක්....

    ReplyDelete
  3. Replies
    1. හපොයි මටනම් එපා..අරූට බැනපුවාවේ..

      Delete
  4. මානසික ලෙඩ්ඩු බං උබලා.
    TRC එකට කතා කරලා උබල වගේ එවුන්ට හොද පාඩම් උගන්වන්න ඕනි.
    අර ඊනිවුස් එකේ බෙනට් තප්පර 10 කෝල් එකට හිරේ ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. හෑ..එහෙම එකකුත් උනාද ..

      Delete
  5. දැං බොලා අර මනුස්සය කිවුව කුණුහරුප ටික ඔක්කොම අහගෙන හිටියද?

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඔක්කොම අහගෙන හිටියා ..ඉවරයක් නැති තැන " සුභ අලුත් අවුරුද්දක් වේවා !!" කියලා කට්කලා

      Delete
  6. යකෝ උබට පිස්සුද?? උබල වගේ උන් උල තියන්න ඕන.... පට්ට පට පට..

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද බං , කොලු කාලේ කරපු මොංගල් වැඩනේ..(තාමත් කොල්ලා තමයි )
      ඒකාලේ ඕවයේන් අනිත් එකාගේ හිත රිදෙන තරම ගැන අපි හිතුවේ නැහැලු ..

      Delete
  7. උඹ අද බැණුම් අහවි නැවකට. :D

    ReplyDelete
  8. මොකද බන් මේක 16+?

    ReplyDelete
    Replies
    1. අන්තිම සුට්ට ... හෑ හොදයි උබ කියන්නේ ඒක 16 ට අඩු උන්ට තේරෙයිද ...හික්

      Delete
  9. පස්සේ හොයලා බැලුවේ නැද්ද සමහර විට කියපු විදිහටම කලාද දන්නේ නෑ?

    ReplyDelete
  10. යකො හිනාවෙල මෑරුන.වෑඩෙ වෑරදි තමයි. එ උනාට ආතල් බන්

    ReplyDelete
    Replies
    1. කාලයක් හිනා උන වැඩක් තමයි ඉතින් ..මේක

      Delete
  11. එෆ්.එම් කාරයෝ තමා ඔක්කෝටම මුල. උන් සල්ලි දෙනවා කියලා අන්දන ඇන්දිලා ඕන ගොබිලෙක් කතා කළත් අපේ එවුන් ඇන්දිලා යනවා

    ReplyDelete
    Replies
    1. එෆ් .එම්. මේනියාව කියන්නේ ඒකට තමයි බං , ඒක තවමත් අඩුවෙලා නැහැ .

      Delete
  12. උඹලා වගේම ඒ මිනිහගේත් වරදක් තියෙනවා. අවුරුදු දවසේ වාසනාව උරගාන්න ගියාට.

    ReplyDelete
  13. සිරිමසිරි මහත්තයට හපන්නෙ අපේ උන් බනින බැනිල්ල....

    ReplyDelete
  14. අප්පා අවුරුද්දක්ම විනාස කොරලා. උන්දැට හාට් ඇටැක් එකක්වත් හැදුනද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කියන්නත් බැහැ, හදිසි කෝපය නෙවැ

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. ai mama dapu comment eka remove kale. ehem liyala tiyenawa dakiddi hitata amarui neda. e wagema tamai apitath. sinaha awrudda wihiluwaka gannakota hitata amarui. danwat oluwata ena hama wachala dewalma liyanne natiwa wadagat deyak liyanna balanawa.

    ReplyDelete
    Replies
    1. වැඩිය දුර නොහිතා මේක විහිළුවක් විදියට විතරක් හිතුවනම් හරි ..., මම ලියුවේ විහිළුවක් විදියට කියවන්න මිසක් වැදගත් පාඩමක් ගන්න නෙවෙයි ,
      මේ වැඩේ වැරදි තමයි... ඒත් කගේ අතින්ද පුංචි කාලේ මේ වගේ දගකාර කම් නොවෙන්නේ ..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...