"දඩස්"
ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන්
උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ
ආසන්නයේ රවුම් ගැසී තිබු සරම් කොටෙත්
උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!! ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි
නැතත් ඇද හරි තිබුනානම් . හැබැටම මොකක්ද මේ වෙලා තියෙන්නේ ..????
අදුරට ඇස් හුරු වේගෙන එනකොට වට පිටාව සිසාරා
බැල්මක් දැමු මම දුටු දෙයින් ගල් ගැසී වෙව්ලා ගියා , බෝර්ඩ් එකක් ,
එක පැත්තකට අපාය අනෙත් පැත්තට දිව්‍ය ලෝකය මම මැද්දේ .. ඒ කියන්නේ මම මැරිලද ,
එක පැත්තකට අපාය අනෙත් පැත්තට දිව්‍ය ලෝකය මම මැද්දේ .. ඒ කියන්නේ මම මැරිලද ,
ආයෙත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මම මැරිලා
තමයි.. පපුවේ අමාරුව තියෙද්දීම ඊයෙත් කාලක් ක්‍රියා කිරීමේ වරදින් ඊයේ රාත්‍රියේම
මට ස්වීප් එක ඇදී ඇත.. දැන් ඉතින් දුක් වෙලා පලක් නැත යන්න මාර්ග දෙකකුත් ඇති එකේ
මම හැරුනා දිව්‍යලෝක මර්ගෙට ..
වැඩි දුරක් යන්න හම්බ උනෙත් නැහැ මෙන්න තියෙනවා
පත ගේට්ටුවක්.. ඒ මදිවට ඒකට තඩි ඉබ්බෙකුත් දාල..
ගේට්ටුව ඇරගන්න ෆුල් ට්‍රයි කලත් වැඩේ හරි නොගිය
තැන මම ගියා අවසානම විකල්පයට .. බඩගෑවා ගේට්ටුවේ මුදුනටම මොකෑ මට මේවා නුපුරුදු වැඩ යෑ... ගේට්ටුවෙන් පනින්න ඔන්න මෙන්න තියෙද්දී .. එක
පාරම ඉගිල්ලිගෙන ආවේ නැද්ද තඩි කුරුල්ලෙක් . කුරුල්ලා මගේ ඔලුව වටෙත් රවුම් දෙකක්
ගහලා වැහුවා ගේට්ටුව මුදුනේ ...
ඔහ්..! සමාවන්න ඒ කුරුල්ලෙක් නොව දේව දුතයෙක්..
“මොකද මේ ගේට්ටුව මුදුනට නැගගෙන? කියනවා බලන්න
නම වාසගමත් එක්ක...
ඊට පස්සේ කුරුල්ලා දේවදුතයා ඇදලා ගත්තා සාක්කුවෙන් පොඩි පොතක්...
“ඔහේගේ නම මේ පොතේ නැහැ ..යනවා අපායට එහෙ පොතේ
ඇති ..”
“අනේ මට අපායට යන්න බැහැ මම මෙහෙ ඉන්නම් ..”
“වද
නොදී යනවා ඕයි යන්න ...
“පටාස් “
කන හරහා වැදුන පාරෙන් ගේට්ටුවෙන් බිමට හතර ගාතේ
දාලා ඇද වැටුන මම නැගිටලා අපාය පැත්තට ඇවිදගෙන ගියා ... නෙද්දකින් මේ දිව්‍යලෝකේ
උන්ගේ හැසිරීම අන්තිමයි නෙවැ..
අපායෙත් ගේට්ටුවක්..!!! ඒත් අපරාදේ කියන්න බැහැ
මම ලගට යනකොටම ගේට්ටුව ඉබේම ඇරුනා.. හරියට මම එනවා කියලා දැනගෙන උන්නා වගේ...
ඒත් එක්කම ආවේ නැද්ද පැද්දී පැද්දී යමපල්ලියෝ
දෙන්නෙක්..ඔලුව උඩ පොඩි අන් දෙකකුයි වලිගෙකුයි නොතිබුනානම් හොලිවුඩ් නිලියෝ
පරාදයි..
එහෙම ආව උන් දෙන්නා එහෙට මෙහෙට ඇබරිලා දත්
විලිස්සලා මුකුළු පාලා එහෙම
“ආයුබෝවන් “ කියලා කිවේ නැතෑ මට .අත් දෙකත්
වැදලම.
“ආ ආ ..ආයුබෝවන් “ හැබෑටම මෙහෙ පිළිගන්නෙත්
ලංකාවේ විදියටමනේ ..
“එන්නකෝ ඇතුලට තාම එලියෙනේ ඇතුලෙදි දැනගන්න පුළුවන් ඒ
ගැන වැඩි දුරට “
අපායේ ආගන්තුක සත්කාර හරි ඉහල බව මට වැටහුනා ..
අපායත් එක්ක බලද්දී දිව්‍යලෝකේ කැලේ ...තුක් නොදකින් ...!
තවමත් මගේ අත්දෙක අත නොහැර දෙපසින් අල්ලාගෙන ආව
යමපල්ලියෝ දෙන්නා දිග පෝලිමක් කෙළවරටම මාව එක්ක ගිහින් නතර උනා .. ආණ්ඩුවේ
කන්තෝරුවකවත් මම දැකලා නැහැ එහෙව් දිග පෝලිමක්.. මම ඔලුව දාලා බැලුවා පෝලිමේ
ඉස්සරහා මොකද වෙන්නේ කියලා .. පෝලිමේ එහා අන්තයේ ලස්සන යමපල්ලියෝ දෙන්නෙක් පෝලිමේ
එන උන්ගේ විස්තර පොතේ ලියාගෙන පොඩි තුන්ඩු කෑල්ලක් දීලා යමපල්ලන්ට බාර දෙනවා ඒ යමපල්ලෝ
නම් ටිකක් භයානක පාටයි වගේ ... යමපල්ලියෝ
නම් ස්වීට් ..
“ මේ පෝලිමේ ගිහින් අන්න අර මිස්ලා ගාව
රෙජිස්ටර් වෙලා... එතැනින් දඩුවම් කොලේ අරගෙන ඇතුලට යන්න.
එහෙම කිව්ව යමපල්ලියෝ දෙන්නා ආයෙත් ගියා ගේට්ටුව
පැත්තට. මම හිතන්නේ මම වගේ අලුතින් එන අයව ආයුබෝවන් කියලා පිළිගන්න වෙන්න ඇති...
ඇයි මුන් අයුබෝවන්ම කියන්නේ .. එහෙම හිත හිතාම
මම ගියා පෝලිමේ මුල්ම හරියට.. ජිවත්ව ඉන්න කාලේදී උනත් මට පෝලිම්වල ඉදලා පුරුද්දක්
නැහැ පෝලිම් පනිනවා මිසක.. පෝලිමේ මුල හරියේ හිටියේ ඔක්කොම සුද්දෝ.. උන්ට බයාදු
හිනාවක් එහෙම දාලා මම පැන්නා පෝලිමේ මුල්
හරියටම.
“ෂූ ..ෂු ..”
“මල කෙලියයි රෙජිස්ටර් කරන යමපල්ලියක් සු ..සු .. ගගා මට අතින් කතා කරනවා ..මම
පෝලිමෙන් පනිනවා දැකලා වත්ද ..ශික් ලැජ්ජාවේ බැහැ ..
“ඔහේ ලංකාවෙන් නේද “ ඈ අසයි ,
“ඔව් කොහොමද දන්නේ “
“පෝලිම පැන්න හැටියෙන් දැනගත්තා ...”
“අනේ සමාවෙන්න ..”
“නෑ ...නෑ .. ලංකාවේ හින්දා කමක් නෑ.. ලංකාවේ
අයට අපි විශේෂත්වයක් දක්වනවනේ .. ලංකාවේ අයට විශේෂ පැකේජ් එකක් තියෙන්නේ . ඔහොම
ඉන්නකෝ ටිකක් .
එහෙම කියූ ඈ දුරකථනයෙන් කාටදෝ කථා කලා .. ඒ සමගම
ආවේ බොහොම දැකුම්කළු ෆන්කි පෙනුමක් ඇති යමපල්ලෙක් ...
“මෙන්න මෙයාව අපාය වටේ රවුමක් එක්ක ගිහින් එයා කැමති විදියේ දඩුවමක් තෝරලා දෙන්න ..” යමපල්ලි
කිව්වා .
“යමු “
යමපල්ලා මගේ අතකින් අල්ල ගත්තා ...
“අනේ කොහෙද මාව එක්ක යන්නේ , මට දඩුවම් කරන්නද
හදන්නේ ..
“හක් ..හක් , ඉස්සෙල්ලම එනවකො යන්න රවුමක් .
පස්සේ බැරියැ දඩුවම් ගැන කතා කරගන්න .. අනික අපි ලංකාවේ අයට දඩුවම් නියම කරන්නේ
නැහැ තමුන්ට කැමති දඩුවමක් බාර ගත්තැකි..”
“ඇඃ ඒ
මොකද ?
“ඇයි ඕයි..ලංකාවේ ජීවත්වෙනවා කියන්නෙත් මේකාලේ
අපා දුක් විදිනවා වගේ නෙමේද ... තමුසෙලා එහෙත් දුක් විදලා , දුක් විදලා මැරිලා
මෙහෙට ආවම මෙහෙත් දැඩි දඩුවම් දෙන එක
සදාචාර සම්පන්න නැහැනේ ඒ හින්දා අපේ යමරජතුමා කියලා තියෙන්නේ ලංකාවෙන් එන
අයට එයාලා කැමති දඩුවමක් තෝරාගන්න ඉඩ දෙන්න කියලා ..
“ඒකත් ඇත්ත තමයි , අහස උසට බඩුගණන් යනකොට ,
විදුලි බිල ,වතුර බිල , හාල් පොල් සීනි තේකොළ විතරක්නම් මදෑ ජිවන බර ඇදලා
හෙම්බත්වෙලා ගෙදර ඇවිත් කාලක් ගහන්න හදනකොට ඒකෙත් ගනන් හැමදාමත් වැඩි වෙනවා නෙවැ..
ඔව් ඇත්ත තමයි අපි ජිවිතේ ගැට ගහ ගන්න අපාදුක් වින්දා ..”
“ඒකනේ අයිෂේ කියන්නේ.. එහෙම දුක් විදලා මැරිලා
එන තමුෂේලාට අපි මෙහෙදී සහනයක් දෙනවා .. අපි දන්නවා ඒහෙ වෙන හැමදේම ..
“ඒ කොහොමද ?’
“හැක් ..හැක්.. දැන් මෙහෙ යමරජ පොස්ට් එකේ ඉන්නේ
තමුෂේලාගේ රටේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක් තමයි.. ඒක නිසා අපෙයි ලංකාවෙයි සම්භන්ධතා වැඩියි
දැන්.. ලංකාවත් නිකන් ආපයේම කොටසක් වගේ .ඕයි..
“යමරජ ලංකාවේ කෙනෙක් ..අනේ මට එතුමාව බලන්න ඕනේ
..මට පෙන්නනවකෝ ..”
“එහෙම එතුමාව මුණගැහෙන්න බැහැ ඕයි... තමුෂේට
බලන්න ඕනෙම නම් ඔන්න ඔය දොර අස්සෙන් බලනවා ...”
දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ ලංකාවේ හිටි
පාලකයෙක් නෙවැ... උන්දැ ජිවත්ව හිටි කාලේ වගේමයි
කිසි වෙනසක් නැහැ තවමත්. කොන්ඩේ කෙස් ගහක්වත් එහා මෙහා නොවෙන්න හාකබෝන්ඩ් ගාලා පිටිපස්සට ඇදලා පීරලාවගේම තියෙනවා, එදා
වගේම අදත් හිනාවෙනකොට කට කන්දෙක ලගටම යනවා.. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඇදපු ජාතික
ඇදුම ගලවලා අපායේ ජාතික ඇදුම ඇදගෙන ඉන්න එක විතරමයි..
මම දොර අස්සෙන් බලාගෙන ඉන්නකොටම යමරජතුමා සරම
ගලවලා පැත්තකින් තියලා අමුඩ කෙටිය පිටින් බැස්සා ලොකු බේසමකට ... ඒත් එක්කම කොහේදෝ
හිටිය සුරූපී යමපල්ලියෝ රංචුවක් ආව එතැනට කල ගෙඩි ටිකකුත් උකුලේ ගහගෙන...
“ අර මොකටයි
කලගෙඩි .. කලගෙඩි නැටුමක්වත්ද ...
“නෑ..නෑ.. යමරජ තුමා දැන් ස්නානය කරන්නයි
සැරසෙන්නේ... ඔය කලගෙඩි අතේ තියාගෙන ඉන්නේ කන්‍යාවෝ.. කල වල තියෙන්නේ කිරී...
එතුමා හැමදාම කන්‍යාවන්ට කියලා කිරි වලින් නාව ගන්නවා ඕයි..”
හැබෑම තමයි ! එතුමා එහෙ ඉන්න කාලෙත් කන්‍යාවන්ව
ගෙන්නගෙන කිරි වලින් නාගත්තා.. දැන් අපායේ ඇවිත් කිරි නාන්නෙත් ඒ පුරුද්දටම තමයි .
හොද වෙලාවට අපායේ තාමත් කන්‍යාවෝ ඉන්නවා . මෙතුමා තාමත් ලංකාවේ හිටිය නම් කිරි
නාවගන්න කන්‍යාවෝ කොහෙන් කියලා හොයන්නද. .නොනා .තමයි ඉන්ට වෙන්නේ..
“දැන් මදෑ නාන දිහා බලාගෙන හිටියා එනවා යන්න ...”
යමපල්ලා මගේ අතින් ඇදගෙන යනකොට කිරි නාන යමරජුගේ
කන්‍යාවන්ගේ නාභිය වෙත රදවා තබාගෙන සිටි
මගේ දෑස කෙමෙන් ඈත්වුනා.
ඊගාවට මගේ ඇස් නතර උනේ බෝල්පොයින්ට් පෑන් ගොඩක් මැද්දට
වෙලා ඉන්න ටිකක් දැකලා හුරු පුරුදු පෙනුමක් සහිත කෙනෙක් ගාව ..
“කවුද ඒ පෑන් ගොඩක් තියාගෙන ඉන්නේ.. අපායේ ලියන
මහත්තයද ?
“හක් ..හක්.!! නෑ.නෑ ඒකත් දඩුවම් ක්‍රමයක්
තමයි.. එයත් ලංකාවේ ඉන්ස්පැක්ටර් කෙනෙක්.
එවිටම යමපල්ලෝ දෙන්නෙක් නරයෙක්ව ඇදගෙන ආව පෑන් මහත්තයා
ලගට . පෑන් මහත්තයා බෝල්පොයින්ට් පෑන් දෙකක් අරගෙන බැස්සුවා නරයාගේ කන්දෙකට.. නරයා
මර ලතෝනි දුන්නා .. පෑන් මහත්තයා මහා හය්යෙන් හිනා උනා .. (මම බයෙන් වෙව්ලුවා )
“මොකෝ කියන්නේ පෑනක් ගහගෙනම යමුද , “ බයේ වෙව්ල
වෙව්ල හිටිය මගේ දිහා බලලා යමපල්ලා නිකන් කෝචෝක් එකට වගේ ඇහුවා ..
“නෑ..නෑ.. ඕනේ නැහැ , ඒ පෑන් මහත්තයා ලංකාවේ
ඉන්ස්පැක්ටර් වෙලා හිටිය කාලෙත් ඔහොම්මයි .. ගොඩක් මිනිස්සුන්ගේ කන් වලට
බෝල්පොයින්ට් පෑන් බැස්සුවා “ මම යමපල්ලව දැනුවත් කලා.
ඊට පස්සේ අපි ගියේ ලොකු ටයර් කදු දෙකක්
මැද්දෙන්.. ඒ ටයර්නම් ලංකාවෙන්ම ගෙන්නපුවා කැළණි ටයර් .
“මෙච්චර ටයර් මොකටද ? වාහන වලටද ?
“පිස්සුද ඕයි.. අපි වාහන පාවිච්චි කරන්නේ නැහැ
තෙල් ගණන් , ඔය ටයර් නරයන්ට දඩුවම් දෙන්න.ගෙනාපුවා . නරයන්ගේ කරට ටයර් දාලා ගිනිතියනවා..
ඕකත් අපේ යමරජතුමා හදුන්වා දුන්න දඩුවම්
ක්‍රමයක්.
යමපල්ලත් එක්ක කතාව දාගෙන ඔහොම එකින් එක තියෙන
දඩුවම් ක්‍රම දිහා බල බල යනකොට.. මගේ ඇස් ඊගාවට නතර උනේ ලොකු ස්වීම්ෆුල් එකක් වගේ
එකක බැහැලා පින පිනා ෆන් ගන්න යමපල්ලෝ සෙට් එකක් ලගට..
“අර මොකද කරන්නේ ...
“ආග්.. ඒ තමයි ඉස්සර ලෝදිය ගංගාව.. දැන් එකේ
තියෙන ලෝදිය ගිනියම් කරන හීටර් ටික ගලවලා
තියෙන්නේ.. යමරජතුමාගේ නියෝගයක් අනුව අපායට ඕනේ කරන හැම දෙයක්ම අපි ගෙන්නන්නේ
ලංකාවෙන්නේ ඉතින් කරන්ට් බිල වැඩි කලාට පස්සේ හීටර් ටික ගලවලා දැම්මා.. දැන් මේක
අපේ කොල්ලෝ ස්වීම්ෆුල් එකක් විදියට පාවිච්චි කරනවා ...
“එහෙමද ,
“ඔව් ලෝදිය ගංගාව වෙනුවට දැන් අපි අඩු වියදම්
දඩුවම් ක්‍රමයක් පාවිච්චි කරනවා , යමුද බලන්න “
“යමු “
මගෙත් එක්ක ආව යමපල්ලා ස්විමින් කරන යමපල්ලන්ට සැලියුට් එකක් එහෙම දාලා මාවත් ඇදගෙන ගියා
අලුත් දඩුවම් ක්‍රමය පෙන්නන්න ..
ටිකක් දුර යනකොට දරාගන්න බැරි දුගදක් ආව බැවින්
මම එක අතකින් වහගත්තා නහය.. අනිත් අතෙන් වහ ගත්තා කට වමනේ යයි කියලා ..
“හක්..හක්.. ඇයි ගදද..!! ටිකක් ගද උනාට මේක තමයි
අමාරු අඩුම දඩුවම් ක්‍රමේ. එනවකො පෙන්නන්න..
ලොකු අසුචි වලකට බැහැ ගත්ත නරයන් දෙන්නෙක් පොඩි කතාවකුත් දාගෙන සිගරැට් එකක්
බොනවා..
“මොකද කියන්නේ බහිනවද වලට..”
යමපල්ලාගේ ට්‍රයි එක දැන් මාව අසුචි වලට බස්සන්න
, ඒත් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔය අසුචි වලේ කථව අහලා තියෙනවා.. ඒ කතාවේ
හැටියටනම් වලේ ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙන ඉන්ටර්වල් එකට විතරයි කෙලින් හිටගෙන සිගරට්
එකක් ගහන්න චෑන්ස් එකක් හම්බ වෙන්නේ ..
මම අහල බැලුවා යමපල්ලගෙන් .
“මේකෙත් ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙනද ?
“හක් ..හක්.. තමුසෙත් මෝඩයා වගේ උන්නට යමක් කමක්
දන්නවා නේද ? ඔව්..ඔව්.. ඔලුවෙන් හිටගෙන තමයි ඉන්න ඕනේ ඒත් වැඩි අමාරුවක් නැහැ. වැඩිම
උනොත් අසුචි නහය කටේ හිරවෙලා හුස්ම ගන්න බැරිවෙලා මැරෙයි .. ඒත් බයවෙන්ට දෙයක්
නැහැනේ මැරුනත් තප්පර ගානකින් ආයෙත් අසුචි වලේම උපදිනවා ...
“මොකද කියන්නේ බහිමුද වලට ..?
බලපු අනිත් දඩුවම් එක්ක බලනකොට අසුචි නහය කටේ ගියත්
මේක තමයි තියෙන ලේසිම දඩුවම.. මම තීරණයක් ගත්තා. සිගරට් එකකුත් පත්තු කරගෙන සරම
ගලවලා පැත්තකට විසි කරලා නිර්වස්තරෙන්ම බැස්සා අසුචි වලට ..
බැහැලා සිගරට් එකෙන් දුම්ගුලි දෙකක් අදින්න
ලැබුනේ නැහැ .. වැදුනා බෙල් එක ..
“ට්රිර්න්....ට්‍රින්....///
සිගරට් බිබී හිටිය උන් දෙන්න එක පාරටම පැනලා හිටගත්තා ඔලුවෙන්, මමත් උන්
කරපු විදියටම සිගරට් එක පැත්තකට විසි කරලා හිටගත්තා ඔලුවෙන්..
මාව අසුචි වලේ පතුලටම ගියා .. ටිකෙන් ටික
අසූචියෙන් නහය කට පිරුනා.. ටිකෙන් ටික හුස්ම හිරවෙගෙන එනවා තේරුනා . දරාගන්න බැරි
වේදනාවෙන් මම යටි ගිරියෙන් කෑ ගැහුවා .
“මට ඔලුවෙන් හිටන් ඉන්න බැරියෝ ... බේරගන්න
කවුරුත් නැද්දෝ .../////
“රැ තිස්සේ බීගෙන එනවා මදිවට මෙතන තව බෙරිහන්
දෙන්නත් පටන් ගත්තද..!! , ඒ මදිවට සරමත් ගලෝගෙන ඇදඋඩ ඔලුවෙනුත් හිටගෙන ... අපිට රෑටවත් නිදහසේ නිදාගන්න දෙන්නේ
නැද්ද මනුස්සයෝ ...”
“චටාස් ....
ඒ කියන්නෙ ඇඳ උඩ අහවල් වැඩෙත් කරල මේ මනුස්සය. ඔහොම බේරුනා මදැයි.
ReplyDeleteසරම් ගලවාගෙන හිටපු නිසාද ?
Delete// සිගරට් එකකුත් පත්තු කරගෙන සරම ගලවලා පැත්තකට විසි කරලා නිර්වස්තරෙන්ම බැස්සා අසුචි වලට ..//
මෙතැනදී ගලවලා විසි කරපු සරමනේ ...ඔය හීනයක්
නෑ මං ඇහුවෙ සිගරට් එකකුත් පත්තු කරගෙන ඇඳ උඩ බොගග් දැම්මද කියල. :D
Deleteපට්ට ඕයි පට්ට... කියල නිම කොරන්න බෑ....
ReplyDeleteහික්..ඇත්තෙයි ?
Deleteහය්යු .....උයාට නේද මේක උනේ ආ .. හි හි හිනා වෙලා පන ගියා මෙයා ..අම්මප අපායේ හැබෑටම අපිට චාන්ස් ඇති නෙහ් මේ වගේ ! හික්
ReplyDeleteඔව්..ඔව්.. මට තමයි අනේ , ලංකාවට චාන්ස් දෙනවා එහේ බයවෙන්න එපා .
Deleteඒ කියන්නෙ අපායේ ලොකු පුටුවල ඉන්නෙත් අපේ කට්ටිය තමයි නේද? experience නිසා හොද තනතුරු ලැබෙනවා ඇති..
ReplyDeleteඔව්..එක්ස්පිරියන්ස් නේ වටින්නේ . අපේ අයට ඒවා මදි නොකියන්න තියෙනවා .
Deleteහෙහ් හේ. පට්ට සීන් එක ඕයි. කොහෙ ගියත් ලොකු පුටුවල අපේ අය ඉන්නව නොවැ.
ReplyDeleteඅපේ උදවිය වැඩකාරයෝනේ එකයි ඒ
Deleteමට නං හිතෙන්නේ ලංකාවේ අයට දඬුවම් දෙන්නේ නැතු ව ඇති! අපේ කට්ටිය ව ගන්නවා ඇති යමපල්ලෝ විදියට පත් වීමක් දීලා. ඒක යි හරි නං සාධාරණ! මරු කතාව :D
ReplyDeleteධාරා හිතලා තියෙන එක , ඔව්,,ඔව් එහෙම තමයි ලු ,
Deleteස්තුති
යකෝව්... බීලා ගෙදර ගියාම ගෙදරම අපායක් වෙනවා. ඒක නිසා වැඩි වෙන්න බොනවා නම් එදා රෑට වෙන කොහෙ හරි නතර වෙයන්.
ReplyDeleteමෙන්න අත්දැකීම් ඇති ව වැඩිහිටියෙක් , ජයවේවා !!
Deleteසරම පිටින් අපායේ ගොහින් ඔහොම බේරිලා ආවා මදෑ....
ReplyDeleteතව ටිකෙන් සරම නැතුව තමයි එන්න වෙන්නේ ..
Deleteඅඩෝ පට්ටම පට්ටයි බං.. හීං නුලෙන් පට්ටේටම අඹරලා
ReplyDeleteහික් ..හික්, මොකක්ද බං නුලක් ගැන කිව්වේ ..එහෙම නෑ :D
DeleteAmm..o..hinayak nisama hodai...
ReplyDeleteJayawewa.
නැතුව, නැතුව ...හික්
Deleteඑළ එළ! ලංකාවෙ උදවියට වැඩි සැලකිල්ලක් ඇති එහෙනං. අපායෙ ඉඳල ලංකාවට කෝල් චාර්ජස් අඩුයිලු දන්නවද?
ReplyDeleteඔව් අපායේ ඉදලා වෙන රටවල් වලට කෝල් ගන්නකොට IDD වලට අය වෙන්නේ ලංකාවට ලෝකල් චාර්ජස් වැටෙන්නේ ඉතින් ලංකාවට ගණන් අඩුයි
Deleteසරමේ ගඳට අර ගඳත් ගානට සෙට් වෙන්නැති. හැබැයි බීලා ඔලුවෙන් හිටගෙනෙ ඉන්න පුලුවන් කියන එකත් ලොකු හපන් කමක්.
ReplyDeleteනැතුව නැතුව..ඌ සර්කස් කාරයෙක්ලු
Deleteඋඹ ඔය නොකියා කියන්නේ ගෙදර අපාය වගේ කියලනේ.
ReplyDeleteනෑ..නෑ , ගෙදර ඇදේ නිදගත්තාම හීනෙන් අපාය පේනවා කියලා ..හික්..හික්..
Deleteඅපායෙ යනවනම් ගානක් සාක්කුවෙ දාගෙන යන්න ඕනි. දිව්‍ය ලෝකෙට ට්‍රාන්සර් එකක්වත් දාගත්තැකි එතකොට. එහෙ ඉන්නෙත් අපේ උන්මනේ........ :D
ReplyDeleteඅපායෙත් අපේ උන් ඉන්නවා කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ ..
Deleteහොද වෑඩෙ බොට
ReplyDeleteහොද නැහැ බං වැඩේ නරකයි
Deleteඋබ කෝමත් යන තැන අපායක් වෙනව තමා :)
ReplyDeleteඅනේ ඇයි බං.එහෙම කියන්නේ ..දු ..කා ...යි ..:(
Deleteකෝ බං කමෙන්ටුව?
ReplyDeleteඔය තියෙන්නේ උබේ ඔළුවට උඩින්..
Deleteමේක නම් මරු බං... ඒක නෙවෙයි, අපායට කොහෙන්ද කිරි.. D
ReplyDeleteලංකාවෙන් ගෙන්නනවා හයිලන්ඩ් එකෙන් ..
Deleteඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩි
ReplyDeleteඒක තමයි ..
ReplyDelete