27 July 2013

ජේසුස් ගේ සලකුණක් කදානෙන් ...



කිතුනුවන්ගේ විශ්වාසය අනුව  විශ්වය මවා පාලනය කරන එකම දෙවි කෙනෙකු විසින් මෙලොවට එවූ එතුමාණන්ගේ එකම පුත්‍රයානන්   වහන්සේ ජේසුස් ක්‍රිස්තුස්ය.

ක්‍රිස්තියානි  ආගම තුල ජේසුස් වහන්සේට ඇත්තේ ප්‍රධානම ස්ථානයයි . ක්‍රිස්තියානිය පදනම් වී ඇත්තේ මොහු වටායි. ක්‍රිස්තු ධර්මිකයන් අතර ජේසුස් වහන්සේ  සර්වබලධාරියා හෙවත් දෙවියන්ගේ එකම පුත්‍රයා ලෙස පිළිගන්නා අතර කුරුසයේ ඇණ ගසා ඝාතනය කිරීමෙන් පසුව මළවුන් ගෙන් නැවත නැගිට ආ බවද විශ්වාස කරයි.

මා ජේසුස් වහන්සේ ගැන හෝ ක්‍රිස්තු ධර්මය ගැන මේ ලිපියෙන් පැහැදිලි කිරීමක් කරන්නට උත්සහ කරන්නේ නැත මක් නිසාදයත් යත් මේ ලිපියේ ලිවීමේ අරමුණ වෙනත් එකක් බැවිනි ..  ඒ නැතත් ක්‍රිස්තු ධර්මය ගැන හෝ  ජේසුස් ක්‍රිස්තුස් ගැන නොදන්නා පිරිස අල්ප බැවිනි ...

ජේසුස් වහන්සේව කුරුසියේ ඇන ගසා මරණයට පත් කිරීමට රැගෙන යද්දී භක්තිවන්ත ස්ත්‍රියක් විසින් ජේසුස් වහන්සේගේ මුහුණ සළුවකින් පිසදානවා පසුව බලන විට ඒ සළුවෙ ජේසුස් ක්‍රිස්තුස්ගේ මුහුණේ සලකුණු සටහන් වී තිබෙන බවට පිළිගැනීමක් තිබෙනවා .


. එසේ වී ඇත්තේ මුහුණ පුරා තිබු රුධිරය නිසා බවයි පැවසෙන්නේ.... එම සළුව බොහෝ භක්ති ආදරයට පත් වෙමින්  අද දක්වාත් සුරක්ෂිතව තිබෙනවා... ඒ සටහන අනුව නිර්මාණය කල ජේසුස් ක්‍රිස්තුස්ගේ පින්තුරද කතෝලිකයන් අතර බොහෝ ජනප්‍රියයි ...




එහෙත් මා කියන්නට සැරසෙන්නේ මිනිස් අතකින් කල නිර්මාණයක් ගැන නොව . සොභාවධර්මය විසින්ම නිර්මාණය කල විශ්මිත නිර්මාණයක් ගැන.

13.07.13 දින කදාන ප්‍රදේශයේ කතෝලික පවුලකට අයත් බිත්තියක ජේසුස් වහන්සේගේ මුහුනෙහි සලකුණු  නිර්මාණය වී ඇති අපුරුව බලන්න.. 


විවිධාකාර මත දරන්නන්ට මේ ගැන විවිද අදහස් දැක්විය හැකි මුත් කතෝලිකයන්ට මෙය තවත් එක් ප්‍රාතිහාර්යයක්  ජීවමාන ජේසුස් වහන්සේගේ සලකුණක් වනවා නොඅනුමානය ...........  

35 comments:

  1. කුමක් හෝ දෙයක් සුදුවිය හැක. එක සේරේම බොරුයයි කියමට කිසිවෙකුට හැකියාවක් නැත.

    ReplyDelete
  2. හොඳ ආටිස් කෙනෙකුගෙ වැඩක්.. එක දවසක් බුදු රැස් විහිදෙන්න ගත්තේ...

    ReplyDelete
  3. අයියෝ මලයා මේකත් අර අපේ සෝමාවතියේ බුදු රැස් වගේම ප්‍රෝඩාවක්..

    ReplyDelete
  4. ඕවා මොනවද බන්, අන්න ජේසුයි, මයිය මද්දලේනයි ආයෙ ඉපදිලාලු ඕස්ට්‍රේලියාවෙ..

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා පත්තරේ.

      Delete
    2. දැක්කා ... දැන් අවුරුදු පනහක් විතර වයසලු ... නේද :D

      Delete
  5. ලොව පෙනෙන දේ මෙන්ම නොපෙනෙන දේත් තිබෙන බව මම විශ්වාස කරමි.

    ReplyDelete
  6. අනේ හුකේ නන්නානේ, ජේසු හුකයි මහ පාරේ..

    ReplyDelete
  7. ෂා... හොඳට ඇඳලා තියෙනවා.

    ReplyDelete
  8. නිර්නාමිකJuly 27, 2013 at 9:41 PM

    මචෝ චමී නෝ ඔෆෙන්ස්. ඒ වුනාට විශ්වාසෙන් අන්ධ වුනාම සමහර වෙලාවට ඇත්ත ධර්මය පේන්නේ නෑ. අර කට්ටියකට බුදු ‍රැස් පෙනුනේ. බල්ලගේ පක්ෂාත් භාගයේත් කට්ටියකට ජේසු රූපේ පෙනිලා!!!
    ලින්ක් එක බලන්න
    Dog Butt Looks Like Jesus? YouTube

    ReplyDelete
    Replies
    1. අදයි දැක්කේ වීඩියෝ එක, උවමනාවෙන් බැලුවොත් ගොඩක් දේවල් දකින්න පුළුවන්... සමහර විට අපේ හිතේ තියේ එකක් උනත් පෙනෙනවා ...
      ස්තුති ලින්ක් එකට

      Delete
  9. ඔබගේ විශ්වාස කිරීමේ අයිතියට ගරු කරමි.මම විශ්වාස නොකරමි.මොන ආගමේත් කඩ දාගත්ත මුදලාලිලා සිටි.

    ReplyDelete
  10. වෙන දේවල් වල හැටියට කවුරු හරි ප්‍රසිද්ධිය ගන්න කරපු වැඩක් කියලා හිතන්න තියෙන ඉඩ වැඩියි.

    ReplyDelete
  11. හොඳට බැලුවොත් පෙනෙයි ඕකෙ ජේසු විතරක් නෙමේ මහත්මා ගාන්දිත් ඉන්නවා කියලා. පළවෙනි ෆොටෝ එකේ දකුණු පැත්තෙ. ඒක කවුරුවත් දැකලා නැත්තෙ මොකද ?

    ReplyDelete
    Replies
    1. උබත් හොයාගන්න දේවල්.. ඒවා නොබලා මම හයිලයිට් කරපු එක බලපන්කො ..

      Delete
  12. එතකොට වම් පැත්තෙ ඉන්නවා කට වටේ රැවුලයි බූකර කොන්ඩෙකුයි වවා ගත්තු මිනිහෙක්.. අර කණුවට පහලින්.. ඒ වගේ නළුවෙක් ඉන්නවා මට මිනිහගෙ නම මතක නෑ..

    තව ටිකක් වෙලා බලන් හිටියොත් අපිට ඕකෙන් චමියවත් හොයා ගන්න පුලුවන්.. :D

    ReplyDelete
    Replies
    1. ඒලියන් කෙනෙකුත් ඉන්නවා..

      Delete
    2. එක්ස් ඒලියන් වෙන්නැති බන්

      Delete
  13. I personally went their & took a picture around 10 days before.what I observed is the boundary wall has not colourwashed for years & filled with moss.& the tennents of that house are not in a position do such an artwork.they look so humble.

    ReplyDelete
  14. කිසිදු ආගමක් කෙරෙහි හෝ යම් ආගමක් කෙරෙහි භක්තිවන්තයින්ගේ අදහස් කෙරෙහි නිග්‍රහ නොකරමි. මිත්‍යාවන් ලෙස එසේත් නැතිනම් විද්‍යෘත්මක සත්‍යයෙන් දූරස්ථර දෑ ඇතිවත්නේ මිනිසුන්ගේ විශ්වාසය හා භක්තිය තුළය.
    ප්‍රතික්ෂේප කරන්නෝ එවා ප්‍රතික්ෂේප කර, වැළඳගන්නෝ වැළඳගත්තාවේ.... මන්ද, අයෙකුගේ ආගමික විශ්වාසයකට පහර ගැසීම මනුෂ්‍යත්වය අතික්‍රමණය කර යන්නා වූ ක්‍රියාවක් වන හෙයිනි....

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම හේතුවාදී කොමෙන්ටුවක්

      Delete
  15. jesus lokaya mewwa nam..ai apita karadara karana kiripanuwo / maduruwo wage unwa mewwe...anith karane lamayek lebunata passeth eya virgin wenna puluwanda ?

    ReplyDelete
  16. ඉස්ලාම් භක්තිකයන් වශයෙන් අප දෙවියන් වහන්සේ විසින් ලොවට පහල කරන ලද ආගම් 4ක් ගැන විශ්වාසය තබා ඇත්තෙමු..
    ඒ, 1.තෝරාත් - මෝසස් තුමන් ට පහල කළ ආගම
    2.සබූර් - දාවුඩ් තුමන් ට
    3.ඉන්ජිල්- ඊසා හෙවත් ජීසස් තුමන්ට
    4.ෆුර්කාන්/ ඉස්ලාම් - මුහම්මද් තුමන්ට පහල කල ආගම..
    මෙයින් අප පිළිපදින්නේ මුහම්මද් තුමාණන්ට පහල කළ ඉස්ලාම් ආගම ය.

    අපගේ විශ්වාසයන් අනුව ජීසස් තුමා යනු අප දෙවියන් වහන්සේ ගේ එක් වක්තෘවරයෙක් වන (පුත්‍රයෙක් නොව) අතර අපි ඔහුට ආදරය කරමු....අපගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේට පුත්‍රයන් හෝ කිසිදු ඥාති සම්බන්ධතාවන් නොමැත...එලෙස තිබෙනවා යනුවෙන් විශ්වාස තැබීම මහා පාපයකි..

    අපගේ විශ්වාසයේ ප්‍රධාන පස් වැනි කරුණ නම් අවසන් දිනය ගැන විශ්වාස තැබීමයි....ඒ අනුව අවසන් දිනට පෙරාතුව සිදුවන දෑ සුළු හා මහා පෙරනිමිති වශයෙන් කොටස් දෙකකට බෙදා ශුද්ධ වූ කුරානයේ සඳහන් කර ඇත..
    *එක් මහා පෙර නිමිත්තක් නම් නබි ඊසා(ජේසු) තුමන්ගේ නැවත පැමිණීමයි...
    ලෝකාවසානයට පෙර එතුමන් යළි පහළ වනු ඇත... !
    නමුත් මෙලෙස බිත්ති වල එතුමන් ගේ රුව දිස් වීම් නම් කෙසේ වත් විශ්වාස කළ නොහැකිය.....අපි විශ්වාස නොකරමු...එලෙසම මෙම රූපය ජේසු තුමාගේ සැබෑ රූපය නොව අනාදිමත් කාලයක සිට සිත්තරුන් විසින් මන:කල්පිතව කළ නිර්මාණයකි..
    -ෆා

    ReplyDelete
    Replies
    1. නබි තුමා ආවාම ලෝකාවසානය වෙනවානම් අදහන්නේ ඇයි එතුමාව විනාශයක් අරන් එන.

      Delete
    2. දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ එයට අවසාන දිනයකුත් නියම කරගෙනයි...ඊසා නබි තුමන්ගේ ආගමනය ලෝකාවසානයට පෙර සිදු වන එක් ප්‍රධාන සිදුවීමක්..,අප එය අනිවාර්යෙන් විශ්වාස කළ යුතුයි..
      -ෆා

      Delete
  17. හාස්කමක්ද මම හිතන්නේ නෑ නමුත් ඔහොම රුපයක් සොබා දහමින් නිර්මාණය වෙන්න පුළුවන්

    ReplyDelete
  18. කාලකෙට කලින් බුදු පිළිමවලින් රැස් විහිදෙන සීන් එකකකුත් තිබුණා නේද?

    මොලේ කචල් වුනාම ඔහොම දේවල් වෙනවා!

    ReplyDelete
  19. මේ වගේ දේවලුත් වෙනවා ඉතින්...තමන්ගේ හිතේ විශ්වාසේ තමයි

    ReplyDelete
  20. කඳානේ පැත්තේම පල්ලියක තිබුණු ප්‍රතිමාවකත් මේ විදිහේ රූපයක් සටහන් වෙලා තිබුණා නේද ?

    ReplyDelete
    Replies
    1. දෙතුන් වතාවක්ම ඔය වගේ දෙවල් වුනා

      Delete
  21. ඔබ මගේ අඩවියේ දැමූ කමෙන්ටුවට මා දැමූ රිප්ල්යි එක නිසා සිත් රිදීමක් සිදු වූයේ නම් සමාව අයදිමි.

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. එහෙම තරහා වෙනවනම් බලොග් ලියන්න වෙන්නේ නැහැ... මත ගැටුම් ඇති වෙන එක සාමාන්‍යයි.. ඒවා ඒ මොහොතට විතරයි ..

      Delete
  22. අපේ පැත්තෙත් සමහර පල්ලිවල ඔය වගේ දේවල් වුනා. සමහර ඒවා නම් බොරු. ඒත් ඉතින් මේක ගැන මම දන්නේ නෑ.

    ReplyDelete
  23. ඉතා වටින ලිපියක්.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...