14 October 2013

කෙල්ලන් රැවටු දියමන්ති ගුරුකම..



ට්‍රීoooo… ට්‍රීoooo…

මහා පාන්දරම කන  අයිනේ ඉදගෙන ස්ථාවර දුරකථනයක් නාද දෙනකොට කොහොමද දැනෙන සනිපේ.. එහෙව් වෙලාවක දුරකථනය කුඩු පට්ටම් වෙලා යන්න පොලවේ ගහන්න හිතෙන්නේ මට විතරක්මනම් ඒ මම පාන්දර සුව නින්දට අසිමීතව ඇලුම්කල නිසාම වෙන්න ඇති ... රෑ ජාමයක් ගෙවෙනකන් ඇහැ ඇරගෙන ඉදලා  පාන්දර කිට්ටුව ඇදට පැනලා ඇහැ පියාගන්න මට ඉන් පස්සේ  ඉහ උඩින් හොරණෑ ගහගෙන පෙරහැරක් ගියත් ඇහැ ඇරවනවා බොරු ..

ඒත් මේ දුරකථනය එයිට වඩා බලවත්...

ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo

එක දිගටම නොනවත්වා පාන්දර ජාමේ නාද වෙන දුරකථනය බොහෝ කාලයක් මගේ නින්දට අසීමිතව බාදා කලා  .ඒ වෙලාවට මම කොට්ටේ නවලා අරගෙන ඒකෙන් කන්දෙකම වහගෙන ආයෙමත් ඇහැ පියාගන්න උත්සහ ගන්නේ  දුරකතනයට විතරක් නෙමේ ඒක හොයාගත්තු ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් උන්නැහැහේ ගෙත් අම්මා මුත්තා මතක් කරගෙන... ෂික්!!! මේ බෙල් උන්නැහේ මොන එහෙකට මේකට බෙල් එකක සද්දයක් දැම්මද මන්දා ,.
 ඒත් කවදාවත් මට දුරකථන සබ්දයට පිටුපාල ආයෙත් නිදාගන්න ලැබෙන්නේ නැහැ..

හැමදාමත් වගේම අම්මා ..

“පුතා ටෙලිෆෝන් එක ගොඩක් වෙලා රින්ග් වෙනවා ටිකක් බලනවද ...”

මට වගේම උන්දැගේ නින්දත් කඩාකප්පල් කරලා දාපු දුරකථනය සොයාගෙන මම යන්නේ හිතේ උපන් කෝධය වචන වලට පරිවර්තනය කරගෙන මුමුණන ගමන්මයි (එම වචන පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියන බැවින් බ්ලොගයේ පලකල නොහැක )

සි එල් අයි නොතිබුන යුගයේ වුවත් එහා අන්තයේ සිට මා අමතන මේ ග්‍රාහකයා කවුදැයි කියා ටක්කෙටම උපකල්පනය කිරීමේ හැකියාව මට තිබුනා .. ඒ වෙන යමක් නිසා නොවේ.. සති කිහිපයක සිට යක්කු ගස් නගින ජාමෙට පවා  මට ඇමතුම් දෙන්න හිටියේ එකෝම එකයි ඒ  ..අසේල ,

හෙලෝ ..

“හෙලෝ චමී මම අසේල.බං..”

“ඔව් මම දන්නවා..ඉතින් කියපන් ...”

“ම්ම්ම් ..ඒක නෙමේ උබ මොනවාද කර කර උන්නේ ..”

ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක්  පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියූ  මගේ උක්ත භාෂාවෙන්ම පවසා දුරකථනය විසන්දි කර දැමීමට සිතට ආ හැගීම යටපත් කර ගනිමින් මම පිළිතුරු දුනිමී.

“මුකුත් නැහැ .. මම නිදාගෙන උන්නේ ...”

“ආග්.. මේ වේලාවට උබලට පාන්දර කියලා මට අමතකවුනා.. මම මේ ලන්ච් ගන්න ආව ගමන් උබට කෝල් කලේ .. “

ලෝක බෝලය ඉර වටේ කැරකෙන සිද්දියෙන් කාටවත් අවාසියක් නොවෙනවා යැයි කීවට.. එහි අවාසිය තදින්ම මගේ නින්දට බලපෑම් කලේ ඔන්න ඔය ආකාරයටයි..  සතියට දවසක් දෙකක් අසේල ලන්ච් ටයිම් එකේදී මට  දුරකථන ඇමතුම් අරගෙන මර නින්දේ උන්නු මාව අවදි කරන එක දිගටම සිදුවුනා ... වරද අප දෙදෙනාගේම නොවේ  වරද ඇත්තේ  අප එකම රේකාවක දෙපැත්තේ ඇති රටවල් දෙකක ස්ථානගතවි සිටිමයි...

“හා දැන් ලන්ච් අරගෙන ඉවරනම් කතාකරපු හේතුව කියපන්කො ..”

“මේකයි චමි හෙට නර්මදාට ක්ලාස් දවසක්...

නර්මදා කියන්නේ අසේලගේ කෑල්ල සභ්‍ය  වචනෙන් පෙම්වතිය කියමුකෝ.. මේ ප්‍රේමෙට වසර කිහිපයකම ඉතිහාසයක් තිබුනත්  ඒ ගෙවී ගිය කාලයේ තරමට තද බැදීමක් මුන් අතර තිබුන බවක් පෙනෙන්න තිබුනේ නැහැ, මම නම් කොහොමටවත් දැක්කේ නැහැ..

“නර්මදාට ක්ලාස් ඉතින් මට මොකෝ ..”

“එහෙම කියන්න එපා බං උබ මට උදව්වක් කරපන්.. මේ ලව් එකට මුල ඉදලම උදව් කලෙත් උබනේ ..”

ඇත්තටම මේ ආදර කතාවේ මමත් ප්‍රධානතම චරිතයක්, සමහර විට මම නොහිටියානම් මේක නොවෙන්නත් තිබුනා.. ඒත් ඉතින් මිනිස්සුන්ගේ ෛදවය වෙනස් කරන්න බැහැ කියනවනේ එහෙම බැලුවම මම නැතත් වෙන්නත් තිබුනා ..
කොහොමින් හරි මේකත් මගේ අතින් සිදු කරපු සාර්ථක කපුකමක් විදියටම තමයි අදත් මම හිතන්නේ.  මේක සාර්ථක වෙන්න මගේ අතින් සියයට දශම ගානක හරි දායකත්වයක් නොතිබුනා කියන්නනම්  කාටවත් බැහැ..

නර්මදාව මම අදුන ගත්තේ කොයි කාලේ ඉදලද කියන්න හරි හමන් මතකයක් නැතිවුනත්.. කාලෙක ඉදන් මගෙයි ඇගෙයි දැන හැදුනුම් කමක් තිබුනා එහි ප්‍රථිපලයක් හැටියට තමයි දවසක් අසේලට නර්මදාව දකින්න ලැබුනේ..  දැක්ක මුල් දවසෙම නොවුනට කාලයක් එක දිගටම දුටු නිසාමදෝ අසේලගේ හිතේ නර්මදා ගැන අදහසක් ඇතිවෙලා තිබුනා... මමත් ඒක දැනගත්ත දවසෙම ආයේ දෙපාරක් හිතුවේ නැහැ ගිහින් ඇහුවා අසේල ගැන නර්මදාගෙන්... අපි එහෙමයි ඈ..

නර්මදාත් වැඩිය ඇබරුනේ නැහැ දෙතුන් පාරක් ඇබරිලා “හා “ කැමතියි  කීවා ... එහෙම පටන් ගත්තු මේ ආදර අන්දරය අවුරුදු දෙකක් පමණ මෙරටද අවුරුද්දක් පමන අසේල ඇමරිකාවේ පදිංචි කාරයෙක්වූ පසුවද පැවති නමුත් කාලයේ තරමට දිගු බැදීමක්නම් නොතිබුන ගානයි ..

“හරි දැන් මම මොකද කරන්න ඕනේ...”

“මේකයි බං දැන් නර්මදා මම කෝල් කලාට අන්සර් කරන්නේ නැහැ  උන්ගේ ගෙදරිනුත් මට කැමති නැහැ කියලා නර්මදා දැන් මාව තබේකට මායිම් කරන්නේ නැහැ  ..”

“එහෙමද ..ඉතින් දැන් මොකද මම කරන්න ඕනේ ..”

“මම හොයාගත්තා හැම ඉරිදාම උදේ පහට නර්මදා කොළබ බස් එකට නගිනවලු පංති යන්න. මම අහවල් ගෙදරට ලියුමක් එව්වා උබ ඒක අරගෙන ගිහින් හෙට උදේ පහට බස් හෝල්ට් එකේදී නර්මදාගේ අතටම දීපන්කො ..

“දැන් වේලාව තුනටත් ලගයි ... හරි තව පැය දෙකක් මෙහෙම්මම ඉදලා මම ගිහින් දෙන්නම් එහෙනම් ..”
----------------------------------------------------------------------------------------------------

උදේ පහ වෙනකන් ඇහැ පියවෙන්න නොදී  අමාරුවෙන් ඉදලා පහටත් කලින් ගෙදරින් පිට වෙලා අහවල් ගෙදර උන්දැලවත් අවදි කරවලා ලියමන ඉල්ලගෙන... සීතලේ ගැහි ගැහි... කිලෝමීටර් හතරක් විතර දුරක් ගෙවාගෙන ගිහින් බස් හෝල්ට් එකේ රැකගෙන හිටියා නර්මදා එනකන් ..

මම කවදාවත් මගේ ලව් එකකටවත් මෙහෙව් කටු කෑමක් කාලා නැති එකේ අසේලගේ වැඩේට මේ තරම් කැපවීමක් කරන්නේ ඌ කවදාවත් මගේ ලව් වලට උදව් කරලා තියෙන නිසා නොවේ ..ඔහු කලේ ඒ කාලේ හැටියට අපි අමාරුවෙන් උත්සහ කරලා එකක් සෙට් වේගෙන එනකොට අදාල තරුණියගේ ගෙදරට නිර්නාමික දුරකථන ඇමතුම් දීලා  ඒ සම්බන්දයන් කඩ ඉහිරවලා  අමුතුම සතුටක් ලබපු එක.. කොහොමින් හරි ඒවා අතේ මාට්ටු උනත් අපිත් ගනන් නොගෙන උන්නේ ඒ කාලේ හැටියට අපිටත් සීරියස් සම්බන්දයක් ගොඩ නගාගන්න තරම්  උවමනාවක් නොතිබුන නිසාම මිස වෙන එහෙකට නොවේ .. එහෙත් දැන් නර්මදා සම්බන්දයෙන් අසේල සීරියස් බව තේරුන වෙලාවේ ඉදලා මම තීරණය කළා කොහොම හරි මේක ගොඩ දානවා කියලා..

කොහොම උනත් ලව් වලට උදව් කරන්න පුළුවන් කමක් තිබුනොත් මම එහෙම නොකර  ඉදල නැහැ.. ආදර සම්බන්ද වලට උපකාර කරන එක දෙලොවටම කරගන්නා පිනක් විදියට තමයි මම අදටත් සලකන්නේ.. ඒ නිසාමයි බස් එකක තනියම ෂිට් එකක වාඩි වෙලා යද්දී වුනත් ජෝඩුවක් නැග්ගොත් උන් දෙන්නව  දේ තැනකට නොයවා  නැගිටලා ෂිට් එක පරිත්‍යාග කරන්නේ.. (ඔය පිං ලැබෙද්දී බෝනසුත් එක්ක ලැබෙයි මතු ආත්මෙක හික්..හික්..)


ඔග්..කතාවෙන් කතාවෙන් මෙන්න නර්මදාත් ඇවිල්ලා ...

මට කෙලින්ම ඉදිරියට ගිහින් නර්මදාට ලියමන දිගු කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..  මම නර්මදාට කිට්ටු කලේ ගස් ගල් වල පිහිටෙන්.. ඒ කිව්වේ ගස් ගල් වලට මුවා  වෙමින් බඩගාමින් ගරිල්ලා මෙහෙයුමක් දියත් කරමින්.. ඒකට හේතුව නර්මදාව ඇරලවන්න උන්ගේ අයියා ඇවිත් උන්නා .. අසේල එක්කටත් වඩා උන්ගේ අයියා අමනාපෙන් උන්නේ මාත් එක්ක.. මගේ දිහා බැලුවේ හරියට උන්ගේ නංගිව බලෙන් අරගෙන ගිහින් අසේලට බන්දලා දෙන්න හදන ත්‍රස්තවාදියෙක් දිහා බලන ගානට .. ඒ බැල්ම නොවැටෙන්න මම හැකි තරම් ප්‍රවෙසම්වුනා ..

අවසානයේ අයියා ගිය ගමන් ලියමනත් එලියට අරගෙන නර්මදාගේ අතින් තියන්න අඩි දෙක තුනක් තියෙද්දීම මාව දැක දැකම මේ උන්දැ නැග්ගේ නැතෑ බස් එකට... මගේ උත්සාහය අපතේ ..!!

ඒත් මාව දැක දැකම බස් එකට නැග්ග එක ගැන මට අරුමයක් නොවුනේ ඒ කාලේ අසේල එක්ක යාළුවුන අලුතම වුනත් අසේලව දැක දැකම තබේකට මායිම් නොකර මේ උන්දැ බස් වලට ගොඩවෙනවා මම ඇති පදම් දැකලා තියෙන නිසාමයි ..

එදාට පස්සෙත් මට දවස් ගානක්ම හරියකට නින්දක් ලැබුනෙම නැහැ.. හැමදාම ලන්ච් ටයිම් එකට අසේල ඇමතුම් අරගෙන දුක් ගැනවිල්ල කියන්න ගත්තා..මම පාන්දර දෙකට ඇහැරගෙන ඒවා ඇහුව...,

කොහොමින් හරි මේ වැඩේ ඉවරයක් දකින්න ඕනේ කමටම මම දවස් ගානක් මහන්සි වෙලා කොමිනිකේෂන් එකක දැරිවියෙක් ලව්වා හත් අට වතාවක් ඇමතුම් අරගෙන දවසක් සම්බන්ද කරගත්තා දුරකතනයට නර්මදාව ..

“හෙලෝ නර්මදා මේ මම චමී..

“ආ චමී කියන්න ඇයි....”

“මම එදා ඔයාට අසේලගෙන් ලියුමකුත් අරගෙන ආවේ ..ඔයා මම එනකොටම බස් එකට නැග්ගා ..

“හ්ම්ම් ..මම දැක්කා ඔයා කොලයකුත් අරගෙන මගේ පැත්තට එනවා.. , ආයේ එහෙම එන්න එපා චමී මට ක්ලාස් යන්නත්  පරක්කු වෙනවා ඔය වැඩ හින්දා  ඔය ලියුම විසි කරලා දාන්න ...

“එහෙම හරි නැහැනේ අසේල පව්නේ.. මම ලබන ඉරිදට අරගෙන එන්නද ...”

“ඔයාට පිස්සුද මම එන්නේ අයියත් එක්ක ..”

“මම අයියා ගියාට පස්සේ දෙන්නම් ..”

“බස් එකක් ආවොත් මම නගිනවා එයිට කලින් දෙන්න පුළුවන් උනොත් බලමු.., අනික ඔය අසේලව අපේ ගෙදර අයට පෙන්න බැහැ.. රට ගියයි කිව්වට කවුද දන්නේ ඔය කොහෙහරි රටකත් රස්තියාදු වේවි ඇති ..”

තව දුරටත් නර්මදා ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැතිබව මට තේරුනත්  ඒක අසේල පිළිගන්න කැමතිවුනේ නැහැ .. බැලු බැල්මට වංගෙඩියයි මෝල් ගහයි වගේ පෙනෙන මුන් දෙන්නගේ අදහසුත් එයිට වෙනසක් නැතිව තියෙද්දී අසේල මේ තරම් නර්මදාට වහ වැටුන කරනවා ඒ කාලේ මටත් ගැටලුවක්වුනා.. සමහර විට කර්මය කියන්නේ එකට වෙන්න ඇති, ලබා උපන් හැටි බබා කෙටු හැටි කියන්නෙත් එකටම වෙන්ට ඇති මයේ හිතේ ..

මෙහෙම කාලේ ගෙවීගෙන යනකොට දවසක් හරි පුදුම අත්දැකීමක් ලබන්න මටත් හැකිවුණා දුර ගමනක් ගිහින් එන ගමන් හදිසියේ එල්ලුන බස් එකේ පස්සෙම ෂිට් එකේ මෙන්න නර්මදා  ඉන්නවා වෙන කොල්ලෙක්ට තුරුළුවෙලා.. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරි වුනත් මම ඊලග නැවතුමෙන්ම බසයෙන් බැහැගත්තේ නර්මදා මාව දකින්න ඉස්සර ...

පස්සේ හොයා බලද්දී දැනගන්න ලැබුන විස්තර අනුව මේක බොහොම කාලේක ඉදලා තියෙන සම්බන්දයක්..දෙන්නම එකම පංතියේ ඉගෙන ගන්නේ.. ඒත් මේ විස්තර අසේලට කියලා අඩා වැලපෙමින් ඉන්න උගේ හිත තව තවත් දුර්වල කරන්න මට හිත නොදුන්න නිසා මමත් සද්ද නැතුවම උන්නා.. ඒකෙන් උනේ දිගින් දිගටම අසේලගේ රාත්‍රියේ ලැබෙන ඇමතුම් ගණන වැඩි වීමයි ..මගේ නින්ද අඩු වීමයි විතරයි...

මේ තවත් දවසක්..

“හෙලෝ චමි...”

“ඔව් අසේල කියපන් ..”

“තව දවස් දෙක තුනකින් කෙනෙක් උබලගේ ගෙදරට පාර්සලයක් ගෙනත් දෙයි ..ඒක නර්මදාට ගෙනිහින් දීපන් .”

“ඒ ගමන ලියුම් පාර්සලයක් එව්වද .. දැන් ඕක නවත්තපන් බං ඕක කෙරෙන වැඩක් නෙමේ ..”

“ප්ලීස් බං මේක ගිනිහින් දීපන් ..මේ ලියුම් නෙමේ ...”

“එහෙනම් මොනවද “

“දියමන්ති පෙට්ටියක්...”
_________________________________________________________________________________
තවත්  දින ගානක උත්සහයකින් පසුව නර්මදාව දුරකතනයෙන් සම්බන්ද කරගන්න මට අවස්ථාවක් ලැබුනා..

“හෙලෝ නර්මදා ...

“ආ චමි.. මම දැක්කා ඔයා දවසක් දෙකක් බස් හෝල්ට් එකේ ඉන්නවා.. අනුන්ගේ ලියුම් අරගෙන රස්තියාදු වෙන්නේ නැතුව වෙන වැඩක් කරගන්න චමි ..”

“ නෑ නර්මදා අසේල ඔයාට දෙන්න කියලා දෙයක් එව්වා මේ ඉරිදට මම අරගෙන  එන්නම් ටිකක් ඉන්න පුලුවන්ද

“අපෝ මේ ඉරිදටනම් ඔය මනුස්සයාගේ ලියුම් හෑලි උස්සගෙන එන්න එපා ..මට මේ ඉරිදා එක්සෑම් එකකුත් තියෙනවා.. මට බස් හෝල්ට් එකේ පරක්කු වෙන්න බැහැ..වෙන දවසක බලමු ..”

“නෑ..නෑ. නර්මදා මේක ලියුමක් නෙමේ ..ok  මම වෙන දවසක එන්නම් ..”

“ලියුමක් නෙමේනම් මොකක්ද ..”

“පෙට්ටියක්...”

“පෙට්ටියක් මොන පෙට්ටියක්ද ..”

“පුංචි දියමන්ති පෙට්ටියක් ...”

“දියමන්ති ...”

මද වෙලාවක් යනතුරු නර්මදාගෙන් සබ්දයක් ඇසුනේ නැත .. ඒ කාලය විනාඩියක් පමණ වේ ඒ බැවින් මනුෂ්‍ය සිතක පරිවර්තනය වීමට ගතවන කාලය විනාඩියකැයි මා සිතාගතිමි ..

“චමි එහෙනම් ඔයා මේ ඉරිදට එන්න ....”

“මේ ඉරිදට ඔයාට එක්සෑම් නේද මම වෙන දවසක එන්නම් එහෙනම් ..”

“නෑ කමක් නැහැ මේ ඉරිදට එන්න..”

“අයියා හිටියොත්..”

“ඒකට කමක් නැහැ මම අයියා යනකන් බස් එකට නගින්නේ නැතුව ඉන්නම්..”

“එතකොට ඔයාට එක්සෑම් එකට පරක්කු වෙයිනෙ...”

‘එක්සෑම් එකට ටිකක් පරක්කු උනාට කමක් නැහැ.. මම ඉන්නම් ඔයා එනකන් ..”

“හරි එහෙනම් මම ඉරිදට එන්නම් ..”

“හා චමි වරද්දන්න එපා මම බලාගෙන ඉන්නවා බස් හෝල්ට් එකේ ..”
______________________________________________________________________________

එදායින් පසු දිනෙක නර්මදා මට කතාකොට අසේලගේ විදේශ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය.. එයින් පසු 
අසේලගෙන් මට නිතර නිතර ලැබෙන ඇමතුම් අඩුවී ගිය අතර.. මෙතෙක් කාලයක් අසේලට දැඩි අකමැත්තක් දැක්වූ නර්මදාගේ මාපියන් දැන් ඔහුට දැඩි කැමැත්තක් දක්වන බවද දැනගන්නට ලැබුණි .. සමහර විට දියමන්ති වලින් ඔවුන් අසේලගේ වර්තමාන වත්කම් තීරණය කරන්නට ඇත..

මේ දියමන්ති තාග්‍යය ලැබී මසකට පමන පසු අසේල ලංකාවට පැමිණ දෙපාර්ශයේම අසිර්වාද මැද නර්මදාව විවාහ කරගත්තේය.. පසුව දෙදෙනාම විදෙස්ගතවිය.. අදද මේ දෙපල කොහේ හෝ රටක සතුටින් ජිවත් වනවා ඇත ..

මේ විවාහයෙන් මාස කිහිපයකට පසුව දිනක් සාදයකදී  මට අමුත්තෙක් හමුවිය දුටු විගසම මට ඔහු හැදින ගැනීමට අපහසුවුයේ නැත .. ඔහු නර්මදා සමග බසයේ තුරුළුව ආ තරුණයාය .. ඔහු හා කතාවට වැටුණු මා  ඉදිරියේ ඔහු සියල්ලම දිගහැරියේය ඔහු අහිංසකයෙකි...

නිවෙස් දෙකෙන්ම කැමැත්තෙන් සිට පසුව නර්මදා සහ ඔහුගේ පවුලේ උදවිය හේතුවක් නොමැතිව  එකවරම ඔහුට අකමැතිවූ අකාරය ඔහු මා ඉදිරියේ පැවසුවද එසේ වීමට හේතුව කුමක්දැයි ඔහු අදටත් නොදනී... එහෙත් ඒ සියල්ලටම හේතුව දියමන්ති තාග්‍යය බව මම ඔහුට පැවසුවේද නැත ..

එහෙත් මේ සිදුවීමෙන් පසු කිසිදා නොවිසදුන කලකිරීම මුසු පැනයක් මගේ සිතේ  පැලපදියම් විය.. එය නම්  ගැහැනුන්ගේ  ආදරය වැනි ප්‍රබල මානුෂික හැගීම් යටපත් කිරීමට තරම් මිල මුදල් මුතු මැණික් යන භෞතික වස්තුන් ප්‍රබල වුයේ කෙසේද යන්නය ..?????




78 comments:

  1. කෙල්ලන් රැවටූ දියමන්ති ගුරුකම? මට නම් පේන්නේ රැවටුනේ කොල්ලා කියලයි.
    අනේ පව් අසේල...

    මට නම් නර්මදා දියමන්තියක් තරම් වටින්නේ නෑ.

    ඔය ෆෝනෙ එකේ සද්දේ අඩු කල හැකි චමී...එතකොට ඔච්චර සද්දේ ඇහෙන්නේ නෑ...:)

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම කෙල්ලෙක් සැට් කර ගන්නවට වඩා හොදා දියමන්ති ගිලලා මැරෙනවා

      දැන් චමියා තව පෙට්ටියක් නර්මදාට යැව්වොත් ඒකි චිමියාට සැට් වෙයි..

      Delete
    2. පොඩ්ඩි කියන කතාවත් ඇත්ත.. ඒත් ඉතින් හිතක් ගියාට පස්සේ ආයේ ගන්ට බැරි කම නෙව මෙතන ගැටළුව ...:(

      Delete
    3. කොල්ලා තමයි රැවටුනේ.., ඒත් පොඩ්ඩි මෙතැන මෙහෙම දෙයක් තියෙනවා අන්තිමට දියමන්ති අපතේ ගියෙත් නැහැ දියමන්තිත් එක්කම අවශ්‍යදේ ආපහු ලැබුනා .. වත්කම් පෙන්වීම
      තමයිවුනේ..
      වටිනාකමක් නම් නැහැ තමයි :D

      පස්සේ කාලේ මම දුරකථනය විසන්දි කරලා නිදාගන්න පුරුදුවුනා ..

      Delete
    4. @සෑම්
      එහෙම අය මට හරියන්නේ නැහැ බං..:D

      Delete
    5. සහන් හරි, හිතගිය තැන මාලිගාව කියන්නේ ඕකට තමයි බං.

      Delete
  2. හැම කෙල්ලම එහෙම නෑ චමියෝ ..... ස්වසිලන්තයේ බිසව කරන්නම් කිව්වත් කැමති නැති කෙල්ලෝ ඕන තරම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ නම් "ආධාර"වශයෙන් ලැබෙන ලෙඩේ බෝ වෙයි කියන භයට බං.

      Delete
    2. ඔව්..ඒඩ්ස් ලබාගැනීමට කැමති වෙන්නත් ඕනෑලුනේ ..

      Delete
  3. දැන් ඉන්න රටේදී තව එකෙක් ඩයමන්ඩ් with ප්ලැටිනම් වලින් මොනව හරි දුන්නොත් ගෙදර අය‍ට කියල යන බඩ්ඩක්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... ගෑනු ගතියනේ කෙන්ජයියා ..

      Delete
  4. ඔහොම්මයි.... කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒකතමයි වැඩක් නෑ කතාකරලා..

      Delete
  5. http://wilakuwa.blogspot.com/2013/10/blog-post.html

    ඔය තියෙන එකට ගිහිං බලන්න ....... සමාන කථාවක්
    ලිංක් එකක් විදිහට පෝස්ට් කරන හැටි දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං කියපං කොහොමද ඒක දැම්මේ කියලා

      Delete
  6. අපරාදෙ, දියමන්ති.

    ReplyDelete
    Replies
    1. දියමන්ති අපතේ ගියේ නැහැ ..දෑවැද්දත් එක්ක ආයෙමත් ලැබුනා..හික් ..හික්.. කොහොමද වැඩ ඇම පෙන්නලා මාළු බෑම..

      Delete
  7. පව් ඉතිං අර කොල්ලා..අසේල...අනිකා නම් බේරුණා නූලෙන් :D
    බලු කෙල්ලෝ...

    ReplyDelete
    Replies
    1. පෙර කල පිංපව් අනුව නෙවැ ඕවා වෙන්නේ අර අහිංසකයා පින් කරලා ඇති..

      Delete
  8. එදත් අදත් හෙටත් වස්තු කාමයට, ධනයට, මුදලට, මිනිස් චිත්ත සන්තානය විකිනෙනවා. එය වෙනස් කිරීමට නොහැකි ධර්මතාවක් ලෙසයි පවතින්නේ.

    බැරිවෙලාවත් අර පසුව කිව්ව තරුණයාට ලොතරැයියක් ඇදිලා අලුත් කාර් එකකින් නර්මදාගේ ගෙදර ගිහින් පවුම් දෙකතුනක රනින් නිමවූ දියමන්ති මාලයක් මාලයක් තෑගී දුන්නනම් අසේලට හුළං.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද, අර නර්මදාට අලුගෝසුවෙක් අහුවුනානම් අසේලට ආයෙත් හුලං තමයි.

      Delete
    2. ඒ වගේම තමයි බල්ලෙකුට ජාතක වෙච්ච කක්කා මුට්ටිය ඔලුවේ නමාගෙන ඉන්න අවජාතක Ka Kalaya බල්ලට ඒ වගේම බැල්ලියෙක් හම්බවුනානම්. මේකා ගේ අම්ම හරි ප්‍රසිද්දයි බල්ලෝ එක්ක බුදියන්ඩ. ගමම දන්නවා ඒ කේස්. මුන්ගේ තාත්ත දිවිනහගත්තේ ඒ කෙලිය අතටම අහුවෙලා.

      Delete
    3. සම්පුර්ණ ඇත්ත විචාරක මහත්තයෝ ...

      Delete
  9. මොනව කියන්නද බන්.... කටට එන ඒව කියන්න බෑ බන්... සදාචාරාත්මක නෑ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කියන්න එපා බං, මම 18+ කියලා දැම්මෙත් නැහැ නෙවැ :D

      Delete
  10. කෙල්ලෙක් වුණත් කියන්න තියෙන්නේ 'පුදුම කෙල්ලො' කියල තමා....ඇත්ත ම කතාවක් ද මේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. අනේ ඇත්තම කතාවක් , ඔයා හරි ..පුදුම කෙල්ලෝ තමයි ..

      Delete
  11. ඔව්ව ඔහොම තමා බං,වෙනස්වෙන්න යන්නෙ ටික වෙලාවයි.කොහොමත් බයිසිකලේ යන එකාට වඩා කාර් එකේ එන එකාට කෙල්ලෝ කැමතියි,තව එකෙක් ප්‍රාඩෝ එකෙඅ ආවොත් කාර් එක අත අරිනවා

    ReplyDelete
    Replies
    1. හැලප්ස් මේ... ඒම ටෝක්ස් දෙන්ට එපා අරී..... පහල ප්‍රියා දාලා තියෙන කොමෙන්ටුව බලලා ආදර්ශයක් ගන්ට. :)

      Delete
    2. ලෝක ධර්මතාවේ ඕක තමයි නේද හැලපේ මාමේ ,

      Delete
    3. මෙන්න යශෝදට තරහා ගිහින් ..

      Delete
  12. සුළුතරයක් ගැහැණු දැරිවියො නිසා බහුතරයක් ගැහැණු දැරිවියො අපහාස විදිනවා. මං නම් දකින විදියට අසේල හරි මෝඩයි. අර අහිංසකයා හරි වාසනාවන්තයි.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ගැහැණු දැරිවියෝ නිසා සුළුතරයක් ගැහැණු දැරිවියෝ අපහස විදිනවාද මන්දා :D ඇත්තෙන්ම ඔහු වාසනාවන්තයි..

      Delete
  13. මෙන්න කතා යකෝ .........
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  14. මෙක ගොඩාක් වෙලාවට වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි බ්ලොගක් ලියනව.වෙලාවක් තියෙනව නම් කට්ටිය ඇවිත් යන්නකො
      http://damgune.blogspot.com/

      Delete
    2. අනිවාර්යයෙන්ම ,
      ඔයාගේ බ්ලොග් එකට එන්නම් ..

      Delete
  15. අසේල.....මෝඩ මී හරකෙක්....එච්චරයි මට කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හරක් පැටියෙක් ,
      ඒ උනාට මම තේරුම් ගත්ත දේවල් ඌට තේරුනේ නැහැ

      Delete
  16. //ඔහු කලේ ඒ කාලේ හැටියට අපි අමාරුවෙන් උත්සහ කරලා එකක් සෙට් වේගෙන එනකොට අදාල තරුණියගේ ගෙදරට නිර්නාමික දුරකථන ඇමතුම් දීලා ඒ සම්බන්දයන් කඩ ඉහිරවලා අමුතුම සතුටක් ලබපු එක//
    අසේලට දිට්ඨ ධම්මවේදනීය කර්මය විපාක දී ඇත.

    බස් එකක තනියම ෂිට් එකක වාඩි වෙලා යද්දී වුනත් ජෝඩුවක් නැග්ගොත් උන් දෙන්නව දේ තැනකට නොයවා නැගිටලා ෂිට් එක පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මයේ සැප විපාකයද චමියාට මේ භවයේම අත්විඳීමට ලැබේවා!!! සාදු කියාලා පින් අනුමෝදන් කොරගන්ට! ඔහොම උදවියට කටපුරා, හිතපුරා පිං ලැබෙනවා ජෝඩුවගෙන් ඒ වෙලාවට. ;)

    ReplyDelete
    Replies
    1. ඔය පිං පහු කාලේක ලැබෙන්නේ නැතැයි නේද ඩබල් වෙලාම :D

      Delete
  17. හැක්.. හැක්.. එහෙනම් චමියෝ ආයෝජනයක් කරලා තියෙන්නේ. හැබැයි ඔහෝම ආයෝජනයක් අනුරාධපුරයේ කොල්ලෙක් කරන්න ගිහින් කෙල්ල පස්සේ වෙන එකෙක් ක්ක සැට් වෙලා අර කොල්ලට බෑ කීවා. ප්‍රතිඵලේ කෙල්ලවයි, කෙල්ලගේ අම්මවයි, කපලා මරලා තාත්තටත් කොටපු සීන් එකක් උනා දැන් මාස කීපයකට කළින්.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල තොගේ අම්මගේ කෙලි අහුවෙලා තාත්ත දිවිනහගත්තේ ඒ කාලෙමනේ. තොට දැන් ඒවා අමතකද

      Delete
    2. හැබෑට එහෙම එකක් උනාද ,,
      ආයෝජනයක් තමයි නේද මේකත්...

      Delete
  18. paw e kolla.
    knarmadage ammalatath itin nidanayak pahalauna wagene.
    ane mata kawruwath denne nane oyawage teggak.

    ReplyDelete
    Replies
    1. හික්..හික්.., දුක් නොවී ඉන්න පස්සේ හම්බවෙයි තෑගී ..

      Delete
    2. denna kenek na anee....

      Delete
  19. උඹට මේ ආත්මෙදිම ඔය පින් පල දෙන්න කියලා මම ඉත සිතින් පතනවා .....හැබැයි අසේලයා පට්ට ගොන් නාම්බෙක්,

    ReplyDelete
    Replies
    1. තැන්කු..තැන්කු ..ඉවාන් .. මේ ආත්මෙදිත් මට හොදට පිං පලදිලා තියෙනවා ..:D

      Delete
  20. සල්ලි වලට බල්ලොත් මාරක කාලයක් බන් මේක. මොනවා උනත් චමි අයියේ ඔය කෙල්ල අසේලට කැමති නැහැ එකී කැමති උනේ අසේලගේ සල්ලි වලට ඒ ගොන් තඩියට එක තේරෙයි කාලයක් ගියාට පස්සේ. අනේ මෙහෙම ලෝකයක්. කොහොම උනත් කරනම් ගැහුවා කතාව මට ආරංචියි දැන් සනීපයි කියල මම හිතනවා. සනීප නැත්නම් ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත බං, සල්ලි වලට විකෙනන ගෑනු.. ඔය සිද්දියෙන් පස්සේ මට උණ්ඩව අප්‍රසන්නයි ,

      දැන් සනීපයි.. තැන්කු කෝරලේ මලයෝ ..

      Delete
  21. ඔය ඉලව් පෙට්ටිය දෙන්න ගිහිල්ලාද උඹව බයික් එකෙන් වැටුනේ:D
    චමියෝ මම උඹ නම් LOVE FROM CHAMI කියලා ලේබල් එකක් ගහලා තමයි ඕක දෙන්නේ. එතකොට උඹටත් බස් එකේ පස්ස සීට් එකේ පොඩි ආතල් ටුවර් එකක් යන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. නෑ ..නෑ ,මේ කරණම වෙන එකක් ..:D

      හපොයි ඔය වගේ ඈයෝ මටනම් එපෝ.. බස් එකේ යන්ටවත් ,

      Delete
  22. http://ansathudinapotha.blogspot.com/2012/06/blog-post_26.html ඔයාට මගේ සැබෑ ස්වරූපය දැන ගන්න වුවමනා නම් ඉහත ලින්ක් එකට ගිහිල්ලා බලන්න. මම ම තමයි පුංචි කුමාරිහාමිගේ වලව්ව කියන බ්ලොග් එක කරන්නෙත්. මම හරිම ආසයි පුංචි පුංචි සිඟිති ආතල් අරගෙන ඒවා වෙන අයගේ පිටින් යවන්න

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් දෙය්යෝ තමයි දන්නේ :D

      Delete
  23. //ගැහැනුන්ගේ ආදරය වැනි ප්‍රබල මානුෂික හැගීම් යටපත් කිරීමට තරම් මිල මුදල් මුතු මැණික් යන භෞතික වස්තුන් ප්‍රබල වුයේ කෙසේද යන්නය//

    මේක අප කවුරුත් හොඳින් තේරුම් ගත යුතු තැනක්. සමහර අය ඉන්නවා පිරිමින්ව සූරා කන, එහෙත් තවත් කොටසක් ඉන්නවා යම් බලාපොරොත්තුවකින් පත්තර පිටුවක් දුන්නත් නොගන්න. මේ දෙවෙනි කොටසේ කෙනාව දෙපතුළේ අත තියලා හරි කැමති කර ගන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. සුදික අයියා හරි , ඔය දෙජාතියම මම දැකලා තියෙනවා ..

      Delete
  24. අපෝ පුදුම කෙල්ලෙක්නේ , ඒ වගේම චමි ගැනත් පුදුමයි එතකොට ඔයා හොද යාලුවෙක් ,,, එහෙම කිවේ මන් එහෙම නම් කරන්නේ අර කොල්ලත් එක්ක බස් එකේ යනවා දැකපු දවසෙම කෝල් කරලා කියනවා , පුළුවන් නම් ෆෝන් එකෙන්ම පොඩි වීඩියෝ පාරකුත් දාගන්නවා ,,එකෙන් උදේට කෝල් එන එකත් නවතිනවා,, ,,,,,මොනා නමුත් කෙල්ලගේ ගෙදර අයත් කෙල්ලත් දුර දිග බලා තීරණ ගන්න උදවිය ,,

    ReplyDelete
    Replies
    1. මට බස් එකේ සිදුවීම කියන්න හිත දුන්නේ නැහැ, මම කීවත් ඌ පිළිගන්න එකකුත් නැහැ කියලත් ෂුවර් ,

      අපොයි උන්දැලා හොදට මොලේ කල්පනා කරලා දුර දිග හිතලා තීරණ ගන්න උදවිය.., අද වෙනකොට ඒ තීරණ වල ඵල විදිනවා..

      Delete
    2. හ්ම්ම් ..ඒ කිවුවේ පස්සේ වැඩේ අප්සට් ගියාද :)

      Delete
    3. නැහැ නැහැ... අද එයාලා සන්තෝෂ වෙනවා...මුලු පරම්පරාවම හොද රටක.

      Delete
  25. මගේ අදහස නම් චමීගෙ යාළුවා සෑහෙන්න අවාසනාවන්තයි. මොකද දියමන්ති වලට ආදරය බාල්දු කරන්න තරම් පහත් සහකාරියක් එයාට ලැබුනෙ. කවදහරි ඒ යාළුවට (වෙනවට නෙමෙයි) ලොකු කරදරයක් වෙලා ඔය දියමන්ති ගන්න තරම් තිබුන වත්පොහොසත්කම් නැති වුනොත් එයාට එයාගෙ සහකාරියත් නැති වෙනව. දියමන්ති ගන්න තරම් සල්ලි බාගේ තිබුනත් එයා හැබෑම දුප්පතෙක්. මට නම් හරිම දුකයි ඒ යාළුව ගැන. ඒ වගේම එයාගෙ සහකාරිය නම් හතුරෙකුටවත් නොලැබෙන්න ඕන විදියෙ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙම පේන්නේ පිට ඉඳන් බලන අපිටනේ.. ඔය කෙල්ල නොලැබෙන්න සමහර විට මේ වෙද්දී චමිගේ යාළුවා වහ බීලා මැරිලා වෙන්නත් පුළුවන් ... චමිගේ යාළුවා ජීවිතේට මූණ දෙන්නේ අර කෙල්ලගෙන් ලැබෙන හය්යෙන්..ඔය කෙල්ල නොහොටින්න දියමන්ති හොයන්න යනවද ඒ කොල්ලා ? පිට ඉන්න අපිට ඒ බැඳීම පෙන්නේ නැහැ ... ( හැබැයි ඉතින් කෙල්ල වන්චකාරියක් .. පිට ඉන්න අපිට විතරයි ඒක පේන්නේ ... )

      Delete
    2. සිගිති කියලා තියෙන දේ වගේම සහන් කියලා තියෙන දේත් ඇත්ත .., සහන් කියලා තියෙන විදියට කොල්ලා කොහොම උනත් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා.., කෙල්ල වත්කම් වගේම තමන්ගේ අනාගතය සරු සාර කරගැනීමේ චේතනාවෙන් දුර දිග හිතුවා.. කෙල්ලගේ සැබෑ මුහුණ දැකගන්න නම් අසේල කියන පුද්ගලයා දුප්පතෙක් වෙන්න ඕනේ ආයෙමත්, ඒත් දෙයියන්ගේ පිහිටෙන් එහෙම නොවුන නිසා අදටත් උන් හොදින් ඉන්නවා ඇති ..කොහොම උනත් දරු මල්ලෝ ලැබුනයින් පස්සේ ඔය අදහස් වෙනස් වෙනවා මයේ හිතේ...

      Delete
  26. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. කි දෙනෙක් උනත් අපිට මොකෑ ඇනෝ...:D

      Delete
  27. රත්තරන් වලට දියමන්ති වලට සල්ලි වලට කෑදර ගෑණු කෙනෙක්ව සහකාරිය කරගන්නා කියන්නෙ ඉතින් දෙයියන්ගෙම පිහිටයි තමා. මනුස්සයට වෙන්නෙ ජීවිතකාලෙම ගෑණු කෙනාට ඒවා හම්බකරල දි දී ඉන්න. ගෑණු ළමයෙක්ගෙ වටිනාකම තියෙන්නෙ සරල වුනාම භෞතික දේවල් වලට කෑදර නොවුනහම. ඒත් අසේලට ඒක අඳුරගන්න බැරි උනා. ඒ වගේ රත්තරන් දියමන්ති වලට කෑදර කෙනෙක්ට වටිනාකමක් දෙන්න ඒ කෙනා මත්තෙම මැරුණ අසේල ගැන අනුකම්පා හිතෙනවා. ඒත් ඉතින් පෙර ආත්මවල ඉඳන් පතාගෙන එන හැටි තමා. සමහර පිරිමි අයට කොච්චර ලස්සන හොඳගති ගුණ තියෙන ගෑණු ළමයින් කොච්චර හිටියත් මැරෙන්න යන්නෙ කොහෙවත් ඉන්න නර්මදා වගේ අයට....

    ReplyDelete
  28. ගෑනු ඔහොමමයි බන්.සල්ලි වලට , රත්තරන් වලට නොකරන දෙයක් නෑ.එත් එහෙම නැති උනුත් ඉන්නවා එහෙන් මෙහෙන්,වැඩියෙන් ඉන්නේ අරෙඅ වගේ පෙරේත හැත්තෑ තමා :p

    ReplyDelete
  29. මාගේ හැගීම් ප්‍රකාශ කිරීමේ දී .. සභ්‍ය නොවන වචන පිට වීමට ඉඩ ඇති එහෙයින්. වැලකී සිටිමි...

    ReplyDelete
  30. ඔය වගේ ගෑනු දියමන්තියක් තරම් වත් වටිද

    ReplyDelete
  31. මොනවා නැත්ත මමත් නින්දටනම් බොහෝ ප්‍රිය කරමි. මන්දයත් එය මගේ ඊලග දිනය වන බැවිනි

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. හරිම දිග කතාවක් උනත් කියෙව්වා.. සල්ලි බලයට කළ නොහැකි දෙයක් නැති හැඩයි . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් !

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...