29 April 2012

මැදියම් රැ සොහොන් බිමෙන් මතුවූ අවතාරය !


මේක මගේ හොදම මිතුරෙක් මුහුණ දුන්න . භයානක අමනුස්ස අද්දැකීමක් .

ජනිත් .... ජනිත් කියන්නේ  යකෙක්ටවත් බය නැති තරුණයෙක්  කිව්වොත් හරි  ඒ වගේම හරි දැඩි හිතක් ඔහුට තිබුනා .වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක්  නැතිව  ඕනෑම තැනකට හිතේ චකිතයකින් තොරව යන එන ජනිත් වගේ කෙනෙක් හොල්මනකට බය උනා කියන ඒක හිතාගන්න බැරි දෙයක්
 .... එහෙත් ඒක සිදු උනා...


අපේ ගමේ සැලුන් ඒක කියන්නේ හවසට කොල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා යන තැනක්.. ඔක්කොම එන්නේ කොන්ඩේ කපගන්නමත් නෙමෙයි ..  සැලුන් ඒක පිටි පස්සට වෙලා  පොඩි අඩියක් එහෙම ගහන්න සෙට් වෙන්නත් එක්ක ...


කාටත් හොරෙන්  ඔතනට සති අන්තයේ සෙට් වෙන කොල්ලෝ දෙතුන්දෙනා හෝ හත් අට දෙනා ... අයෙමත් ඔතනින් පිට වෙලා ගෙවල් දොරවල් වලට යන්නේ මහා රැ එකොළහ දොළහ වෙලා..එතෙනකල් බොනවමත්ම එහෙම නෙවේ..  ඒක ඒක මතෘකා අතර දිව යන කතාවල අවසානයක් දකින තුරු ගෙවල් ගැන මතකයක් නැති වීම නිසයි...

ඔන්න ඒක දවසක් උදේ අමුතු කතාවක් ගම පුරා පැතිරුනා ජනිත් අවතාරයකට බයවෙලා කියලා.. තවත් සමහර උන්  කිව්වා ජනිත් කොලුවට යකෙක් ගහලා කියල.. ජනිත් කියන්නේ යකෙක් ගහන්න ආවත් යාකාට උනත් ගහල යන  තරමේ එකෙක් කියලා මම දන්නා නිසා මුලින් ඔය කතාව පිලිගන්නත් ටිකක් මැලි උනා.. කෝකටත් ඇත්ත නැත්ත බලාගන්න අපිත් ගියා ජනිත්ගේ ගෙදර..

ගේ පිරෙන්න සෙනග.. ජනිත් කාවවත් අදුරන්නේ නැහැ වගේ ඉන්නේ. ඒක පාරම දගලන්න ගන්නවා. කවුරු හරි ඌව  මරන්න එනවා වගේ .. ජනිත්ගේ මූන  බලපුවම මට පෙනුනේ මොකක් හරි දෙකට නොසැහෙන්න බය වේලා ඉන්න විත්තියක්..
ඒ මදිවට වටේටම යන්ත්‍ර මන්ත්‍ර දන්නා අය පිරිලා.. අතේ නුල් ගැට ගානවා .. වතුර වලට මතුරලා මුනට ඉහිනවා . ඒක විකාරයයි .. එත් ජනිත් නෙමේ ඒ එකකටවත් සැරෙන්ඩර් වෙන්නේ . ..
මේක බලාගෙන ඉන්න බැරි තැන මම උන්ගේ අම්මා ලගට ගිහින් කථා කළා.. උන්දැත් මහා මේර ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ හරි අසරණ කමකින් හිටියේ.

නැන්දේ අපි ජනිතව දොස්තර කෙනෙක් ලගට එක්ක යමුද?

මේවට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ පුතේ.. කොලුවට . අමනුස්ස දෝෂයක්. 

මොකද නැන්දේ උනේ….

කොලුවා පාන්දර 1 ට විතර බිසිකල් ඒකත් තල්ලු කරගෙන අව සිහියෙන් වගේ කියව කියව ඇවිත් තියෙනවා.. එත් එක්කම බයිසිකලෙත් එක්කලම වැටිලා . ඔලුව ගලක හැපිල සිහි මුර්ජා  වෙලා .. එහා ගෙදර බේකරියේ වැඩ කරන කොලුවා එලියට ආව වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. ඌ කියනවා හය්යෙන් දොඩව දොඩව . දගල දගල ඇවිත් වැටුනලු..
එයිට ටික වෙලාවකට පස්සේ සිහිය ආවත්. කාටදෝ බයෙන් දගලනවා.  කොලුවා රැ මැදියමේ තනිපංගලමේ ඇවිත් මොකකට හරි බයවෙලා  පුතේ..

ගොඩ කාලයක් යනකල් ජනිත් ට නොයෙක් විදියේ ප්‍රතිකාර කළා. යන්ත්‍ර මන්ත්‍ර අතින් . එහෙම කරලා කාලයක් යනකොට සාමාන්‍ය තත්වයට පත්  උනා .. ඒ ත් අපි කව්රුත් එයාගෙන් අර සිද්ධිය ගැන අහන්න ගියේ නැහැ. මොකද අයෙමත් ඔය ගැන මතක් කරන එකෙන්. ජනිත්ගේ අසනීප තත්වය නරක් වෙයිදෝ කියන බයට .

එත් දවසක් මම ජනිත් එක්ක රැයක කථා කර කර ඉන්න කොට මට හිතුනා නිකමට වගේ එදා සිද්දිය අහල බලන්න.

ජනියා මොකෝ බං උබට එදා උනේ උබ හොල්මනක් දැක්කද?

ඒක ඇහුව විතරයි ජනිත් .. අස් ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා ටික වෙලාවකට.. සමහර විට එදා උන බියකරු සිදුවීම නැවතත් ජනිත්ට මැවී පෙනෙන්න ඇති...

මෙතැන් සිට ජනිත්ගේ වචනයෙන්..

එදා අපි පිටත් වෙනකොට ටිකක් රැ වුනා .. කඩින් කඩ වැස්සක් කුත් තිබුනනේ.. කොහොම හරි අපේ පැත්තට යන්න හිටියේ වෙනද වගේම මම විතරයි.. මට ඉතින් ඔය පාරේ රැයක දවලේක වෙනසක් නැහැනේ . නිතරම යන එන පාර.....

(  ජනිත් ලගේ  ගෙදරට යන පාර සැලුන් එක ලග ඉදන්  කියනවනම්.. සැලුන් එක තියෙන්නේ තුන්මං හන්දියක... එතන ඉදලා කෙලින්ම උඩහට යන පාරේ යන්න ඕනේ ජනිත් ගෙදර යන්න.. වෙල් යායක් මැදින් වැටුන පාරක ටික දුරක් ගිහින්.. පුංචි කදු පාරකට වැටෙනවා.. ඒ පාරේ එක පැත්තක තියෙන්නේ ලොකු පොල් වත්තක්... ඔය පාරේ අවසානයේ තියෙන්නේ සොහොන් පිට්ටනිය....ඒ හරියේ ගෙවල් එහෙම නැහැ.. පාලුවට ගිය වත්තක් තියෙන්නේ..සොහොන් පිට්ටනිය ඉස්සරහින් හැරිලා යන ගුරු පාරේ යනකොට පාර දෙපැත්තේම විශාල ගස් වැවුණු ..ප්‍රභූ පවුලකට අයත් ඉඩමක් තියෙන්නේ ..  ඔය පාර.  මහා දවල්ටත් හරි අදුරුයි .. මුසල පාටයි...
ඒ පාරේ කෙලවරින්  පොඩි කදු ගැට්ටක් උඩට නගිනකොට තමයි ජනිත්ලගේ ගෙදර තියෙන්නේ...  )

පොද වැස්සේම මම ගෙදර යන්න එලියට බැස්ස... ඉතුරු බයිට් ටිකත් උරේක දාලා බයිසිකලේ හැඩල් එකේ එල්ල ගත්තා යනකොට කකා යන්න කියල... හිකිස්‌.. එක තමයි මට වැරදුනේ....
වෙල පහු කරලා . කන්ද හරියේ මම සිකලෙන් බැහැල තල්ලු කරගෙන කන්ද නගිනකොට මට නිකන් අමුත්තක් වගේ තේරුනා .. නිකන් මගේ පිටි පස්සෙන් තව හතර පස් දෙනෙක් ඇවිදගෙන එනවා වගේ..හැරිලා බැලුව තුන් හතර වතාවක්ම එත් මොකෙක්වත් නැහැ.. අඩු තරමේ බල්ලෙක් වත් පාරේ නැහැ...
එහෙම බයිසිකලෙත් තල්ලු කරගෙන ටික දුරක් කන්ද නගිනකොට .. පොල් වත්තේ කෙලවරේ ඉදලා බල්ලෙක් අමුතු තාලෙකට එක දිගටම උඩු බුරන්න ගත්තා .. මගේ හිතටත් හරි අමුත්තක් තේරුනා ඒ වෙලාවේ...

එතකොට තමයි මතක් උනේ බයිසිකල් එකේ ඉස්සරහා එල්ලගෙන ඉන්න උරේ තියෙන්නෙත් පුළුටු නේද කියලා.. ඒ උරෙත් ගලවලා පාරට විසි කරලා...ඉක්මන් කරලා ගෙදර යන්න ගිතාගෙන මම සිකලේට නැගලා කන්ද පදින්න ගත්තා..

කන්ද උඩටම යනකන් අයේ කිසිම සද්දයක් තිබුනේ නැහැ.. ඇතින් උඩු බුරන බල්ලාගේ සද්දේ ඇරෙන්න ..

මේ අතර පොද ගහමින් තිබුන වැස්ස ටිකක් වැඩි වෙමින් තිබුනා .  මම සොහොන් බිමත් පහු කරගෙන ඉස්සරහට යනකොට... එක පාරටම සයිකලේ දෙපැත්තට පැද්දෙන්න ගත්තා ..හරියට නිකන් පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා වගේ.. මම සයිකලේ පදින ගමන් පිටිපස්සේ රෝදේ දිහා බල බල අවේ හුලන් බැහැලවත්ද කියල.. එත් එහෙම වෙනසකුත් නැහැ...
 බයිසිකලේ ඉස්සරහට යන්නේ නැති තරම් බරයි..
මම පිටි පස්ස බලලා අයෙත් ඉස්සරහ බලනකොට...දැක්ක දේ මතක් වෙනකොටත් මාව තාම ගැහෙනවා.. තඩි කළු මහත මිහිහෙක් මගේ බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන...ඒ මිහිනගේ මුළු ඇගම  තෙමිලා.. කළු පාට කෝට් එකක් ඇදගෙන උන්නේ .. ඉස්සරහ බලාගෙන හිටපු නිසා මුණ පෙනෙන්නේ නැහැ..

මම බයට පුළුවන් තරම් හය්යෙන් කැගැහුවා .. එත් බයටම උගුර කට වේලිලා.. සද්දේ පිටවන්නේ නැහැ.. මම මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මට හරියකට තේරුමක් නැතුව ගියා. බයටම..
මම පුළුවන් තරම් හය්යෙන් බයිසිකලේ පැද්දා..පදින්න බැරි තරම් බයිසිකලේ බරයි..එත් බයටම මම හය්යෙන් පැදගෙන ආවා.. පාළු පාර දිගේ...ඉස්සරහ ඉන්න කෙනා එහෙම්මම ඉන්නවා හෙලවෙන්නේවත් නැතුව ...බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන..

කොහොම හරි මම අවසිහියෙන් වගේ පැදගෙන ආවා  . අපේ ගෙවල් ගාව කන්ද මට පැදගන්න බැරි උනා..වැස්සේ උනත් මුළු ඇගම මගේ දාඩියෙන් පෙගිලා හිටියේ.. එතකොටයි මම දැක්කේ . ඒ මිනිහගේ කකුල් දෙක නැහැ. දනිස්සෙන් පහලට කකුල් නැහැ. ඊට පස්සේ මම මෙතුවක් කාලෙකට ජිවිතේ දැක්ක භයංකාරම දසුන දැක්ක...

ඉස්සරහා බලාගෙන හිටපු කෙනා මගේ දිහා බැලුවා... මුළු ශරීරයම ඉස්සරහට හැරිලා තියෙනකොට.. බෙල්ල විතරක් සම්පුර්ණයෙන්ම හරවලා මගේ දිහා බැලුව...හරියට එම්බාම් කරලා කුණු උන මිනියක් වගේ .. මුළු මුනේම කැලි ..කැලි. ගැලවිලා කුණු වෙලා .. ඇස්දෙක එලියට පැනල ..රතුම රතු පාටයි...

මම පුළුවන් තරම් හයියෙන් කෑගහගෙන.. අපේ ගෙවල් පැත්තට දිව්වා.. මම ඒ වෙලාවේ හිටියේ පියවි සිහියෙන් නෙමේ වෙන්න ඇති... එතනින් එහාට කිහිම දෙයක් මට මතක නැහැ...


කොහොම උනත් හොල්මන් අවතාර කියල දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මගේ ඒ අදහස වෙනස් උනේ.. ජනිත් කිව්වා ඒ සිද්දියෙන් පස්සේ තමා..
කව්රු කොහොම කිව්වත් . පියවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා..

ප.ලි.  :- මම දැන් රැ දහය එකොළහ පහු උනාට පස්සේ ඔය කියන කනත්ත ගාවින් නම් තනියම යන්නේ නැහැ... කියන්න බැහැනේ . කකුල්  නැති   අය්යා මගේ බ්යිසිකලෙටත් ගොඩවෙලා ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලුවොත් ..මොන දෙය්යන්ට කියන්නද .......හිකිස්!!!!!

15 comments:

  1. අම්මෝ.. භයානක කතාවක් නේ. (මේ මං නම් නෙවෙයි හොඳේ) :D

    ReplyDelete
  2. මට මතක් වුනේ අර "මම බොහොම බය වුනා මගේ පණ එපාවුනා කියන සංගීත සන්දර්ශනවල පට්ට ගහපු සින්දුව...

    චමී මේක ලස්සනට ලියලා තියෙන බව නම් කියන්න ඕනෙ. ජය!
    henryblogwalker the Dude

    ReplyDelete
  3. බය හිතෙන කතාවක්නේ හම්මෝ

    ReplyDelete
  4. අම්මට සිරි.. ඇඟේ මවිල් කෙලින් උනා...

    ඔය කොයි හරියෙද මචන්... ?

    ReplyDelete
  5. උඩම ඉන්නේ බය උන ජනිත් ද මන්ද... හිකිස්‌..

    ReplyDelete
  6. හිකිස්‌ නිශාන් බයවෙලාද කොහේද ..බය වෙන්න එපා අලෝ...

    ReplyDelete
  7. @SENNA
    මේක මචං ගම්පහ දිස්ත්‍රික්කේ ටිකක් ඇතුලට වෙන්න තියෙන ගමක මචං...
    ඔය කනත්ත ටිකක් ඒ පැත්තේ හොල්මන් වලට ප්‍රසිද්දයි..
    ඊට පස්සෙත් කට්ටිය පොඩි පොඩි හොල්මන් දැකලා තිබුනා ..නමුත් ඔය විදියේ දෙයක් අයේ උනේ නැහැ..

    ReplyDelete
  8. ඒ කියන්නේ මේ කතාව ඇත්ත සිද්දියක්ද?

    ReplyDelete
  9. @ක්සැන්ඩර්
    ඔව් ඇත්තක්..

    ReplyDelete
  10. නියමයි

    ReplyDelete
  11. අම්මෝ... මට නම් හොදටම බය හිතුනෝ ..........

    ReplyDelete
  12. මම මේක කලින් කොහේදී හරි අහලා තියෙනවා. කොහෙද කියලා කවුද කිව්වේ කියලා නම් මතක නැහැ. සිරාවටම.

    Bora Diyaka Induwara

    ReplyDelete
  13. හොල්මන් අවතාර මටත් විස්වාස කරන්න සිද්ද උනා,මගේ ඇස්දෙකම හින්දා.ඒත් කතා හැටියට කියන්න අමාරුයි.

    ReplyDelete
  14. බොරු කියන්නෙපා බන්

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...