08 May 2012

බයිට් එකට කැටපිලර් එකක් කෑව හැටි

මේ දවස්වල ටිකක් වහිනවත් එක්කනේ. නිකන් ඉන්න එකේ පොඩි චැට් එකක් දාන්නත් එක්ක යාලුවෙක්වත් සෙට් කරගෙන ගියා පොඩි රෙස්ටුරන්ට්  එකකට පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන ඩිනර් එකත්  අරගෙනම එන්න හිතාගෙන..

මේ ගමනට යාළුවගේ ටිකක් දුරින් නැදැ වෙන මල්ලි කෙනෙකුත් සෙට් උනා..

ඔන්න අපි ඉතින් රේස්ටුරන්ට් එකට ගිහින්.. අපිට ඕන කරන කළමනා ටික එහෙම ඔඩර්  කරලා ... බඩු ටික ටේබල් එකට එනකල් තුන්දෙනාත් එක්ක පොඩි චැට් එකකුත් දාගෙන හිටිය..

ඔන්න ඔය අතරේ වේටර් කොලුවා ආයෙමත් අපි ලගට ඇවිත් ඇහුවා...

සර්.... සර්ලට බයිට් වලට මොනවාද ඕන කරන්නේ කියලා ..


මම ඒ අවස්ථාවා යාළුවගේ මල්ලිට දුන්නා... අලුත අදුන ගත්ත මල්ලි කෙනෙක්නෙ..අනික ඉතිං අලුත් අයට අවස්ථාව දෙන්නත් ඒපැයි ..

ම්ම්ම්... බයිට්ස් වලට මල්ලිට කැමති දෙයක් ඔර්ඩර් කරන්න....

ඔන්න ඉතිං දැන් අපේ මල්ලියා බයිට් ඔඩර් කරනවා...

අපිට බැටර්ඩ්  කැටපිලර් එකක්‌ එවන්න...!!!!!” 

එක කිව්වා විතරයි වේටර් කොලුවා ඇස්දෙකත් ලොකු කරගෙන අපි දිහා බැලුවා

මමයි යාළුවයි මුනට මුණ බලාගත්තා .. අල්ලපු ටේබල් එකේ හිටිය කොල්ලෝ දෙන්න..
බයවෙලා වගේ අපි දිහා බලාගෙන ඉන්නවා...උන්ටත් ඇහිලා .

අපේ හුරතල් මල්ලියා අප්සෙට් පිට බිම බලාගෙන මහපොට ඇගිල්ලෙන් පොළොවේ වලක් හාරනවා ..
ඒ අතරේ වේටර් කොලුවා ආයෙමත් ගොත ගගහා මොනවද කියන්න හදනවා.. මෙන්න !!

ස...සර් . .. කැටපිලර් කිව්වේ.......කැටපිලර් කියන්නේ පස් කපන වාහන නේද.... එව්වා නම් අපි ලග නැග්...

වේටර් එහෙම කියනකොට අපිට එහා පැත්තේ හිටපු  කොල්ලෝ ටිකක්‌  බකස් ගාලා හිනහ වෙනවා ඇහුන..
මට තේරුණා අපේ නම්බු නාමයට කැළලක් වේගෙන එන බව   ..මම වහාම ක්‍රියාත්මක වෙලා..වේටර් කොලුවා  ඇමතුවා..

වේටර් මල්ලී අපිට බයිට් වලට චිකන් ඩෙවල් එකක් එවන්නකෝ.. වෙන මොනවා හරි ඕන උනොත් පස්සේ කථා කරන්නම්.. හොදේ ...
එහෙම කියලා වේටර් ව ෂේප් කරලා යැව්වා ...
ඊට පස්සේ මල්ලිගෙන් ඇහුවා.. ඇයි, බයිට් වලට කැටපිලර් එකක් කන්න හිතුනේ කියලා...හිකිස්‌.

නැහැ අය්යේ මම .. කටර්ෆිෂ්  එකක් ඉල්ලන්න ගියේ..එත් . වචනේ පැටලිලා. කියවුනේ  කැටපිලර් එකක් කියල..
වස ලැජ්ජාවයි නේද අය්යේ..එහෙම කියලා කොලුවා ආයෙමත් අපිසෙට් පිට බිම බලාගත්තා......

ඔන්න ඔහොම තමයි අපි බයිට් එකට කැටෆිලර් කෑවේ....

_VS_
Cuttlefish                                                         Caterpillar


9 comments:

  1. මල්ලිට මාර කට වැරදීම්නේ වෙන්නේ

    ReplyDelete
  2. ඔව්..ඔව්.. එයාට ටැපලිලා අනේ...

    ReplyDelete
  3. මූට වෙච්ච දේ හොඳයි කියලා හිතෙයි මේක බැලුවොත්. :D :D

    චමී, පොඩි අවුලක් තියෙනවා. මගෙ බ්ලොග් එකේ මේකෙ ලින්ක් එකෙන් මේ පෝස්ට් එකට එන්න හදනකොට Sorry the page you are looking for does not exist කියලා එනවා. ඊට පස්සෙ හෝම් පේජ් ගිහින් තමයි එන්න ඕනෙ. Read More එබුවම ආයෙ පිස්සු කෙලලා තමයි පේජ් එක ලෝඩ් වෙන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  4. Dude..මගේ අතින් පොඩි අව්ලක් උනා..මචෝ ..එකයි එහෙම වෙන්නේ.. අනිත් පොස්ට් වලදී එහෙම වෙන එකක් නැහැ..

    ReplyDelete
  5. හිකිස් මේ පැත්තේ අංකල් කෙනෙක් (කුලේ අංකල්) කැටපිලර් එකට 'ටෝපිඩෝවක්' කියල කිව්ව බං..

    මට ඒක මතක් වුනා

    ReplyDelete
  6. කුලේ අය්යද නැත්නම් සෑමා ද ?

    හික්ස්

    ReplyDelete
  7. ඇති ඔයින් ගියා. මම හිතුවේ මේ කැටපිලර් කීවාම මේ දළඹු බයිට් එකක්වත්ද කියල..

    ReplyDelete
  8. උඹලටත් වෙන දේවල්

    ReplyDelete
  9. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගත්තා වගේ වැඩක් තමා මේකත් :D

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...