09 September 2012

වේටර්ගේ කාර්යක්ෂමතාවය ...


අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප‍්‍රමාදයි කියලා පැමිණිලිත් කරනවා.

ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු නිසා වටපිට බලන කොට මම දැක්කා හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව. අපේ වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.
”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන ඉන්නේ”.

”මේකයි මහත්තයා, මේ රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියලා කල්පනා කරලා පීටර් කියලා කන්සල්ටන්ට් කෙනෙකුට ඒ වැඬේ බාර දුන්නා. එයා මාස හතරක් විතර කාලයක් ලොකු පර්යේෂණයක් කරලා නිගමනය කළා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැදි තුනක් ගානේ බිම වැටෙනවා කියලා. ඉතින් අපේ වේටර්ලා හොද සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා මිස්ට පීටර් හොයා ගත්තා.

කතාව යන අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් ටක් ගාලා තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද මගේ මේසෙ උඩින් තියලා කිව්වා,

”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොද වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා. බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම මම දැක්කා අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග නූල් එල්ලෙන බව. වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

”දැන් අපි බාත්රූම් එකට ගිහින් මුත‍්‍රා කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. අර කන්සල්ටන්ට් මහත්තයා යෝජනා කළා ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා අතින් අල්ලන්නේ නැතුව ඒ කටයුත්ත කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කළාම අපි බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු කරගන්න පුළුවන්”

”හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම ඇහුවා.

”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”
වේටර් කොදුරා කිව්වා.

41 comments:

  1. අය්යෝ සංසාරේ කිව්වලු..පීටර්ස් ඇන්ඩ් වේටර්ස්..

    ReplyDelete
  2. අර උළුදූ වඩේ එකේ හිල තියන කතාව මතක් උනා...

    ReplyDelete
  3. අනේ හුකේ......
    නන්නානේ...
    කදිමයි.... කදිමයි..
    කදීමයි.......!

    ReplyDelete
  4. පට්ටයි ඈ... ඇතුලට දාගන්න එකත් හැන්දෙන් කලාම තව කාලය ඉතුරු වෙනවනේ

    ReplyDelete
  5. ඒ හැන්දෙන් කාපු කෑම රහට තියෙන්න ඇති නේද ?

    ReplyDelete
  6. අඩේ පට්ට කන්සල්ටන්ට්....මම හිතුව අර බිම වැටිච්ච හැන්දම ආපහු සාකුවේ දාගෙන ඉඳල දෙනවා කියල. හෙහ් හෙහ් හෙහ්, අර කට ඇතුලේ බිත්තරේ දාගෙන ආව සීන් එක වගේ. පට්ට කතාව

    ReplyDelete
  7. කෑම රහ ඇති නේ????????
    (හැන්දෙං කන)

    ReplyDelete
  8. මරු, කාර්යක්ෂකතාවය උපරිමයි..මේ ඔය රෙස්ටුරන්ට් එකේ කාන්තා වේටර්වරියන් හෙම නැද්ද? තව ප්‍රශ්නයක් වේටර් නුල කඩාගත්තොත් ඉතින් ඉවරයි..නුල කඩාගන් නැතුව පරිස්සමින් වැඩේ කරගන්න කියලා එන්න තිබ්බේ...

    ReplyDelete
  9. හෙහ් හෙහ්.... අන්න කාර්යක්ෂමතාව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රාජ සම්පත් ලැබේව !!1

      Delete
  10. හිකිස්...පස්ටස් ඈ..

    ReplyDelete
  11. අපෝ නියම වේටර්ලා

    ReplyDelete
  12. යකෝ මූ එල්ලන්න එපායෑ..!

    ReplyDelete
  13. අරූව මරන් කන්න එහෙම හිතෙන්නේ නැද්ද

    ReplyDelete
  14. එළ කතාව.... :D

    බ්ලොග් එකේ මේ පෝස්ට් එක කියවන්න හුගාක් කරදර වුනා. ස්ටක් වෙනවා ස්ක්‍රෝල් කරන්න බෑ. දැනුත් හිටලා තියෙන්නෙ.මොකක් හරි තාක්ෂණික අවුලක්ද දන්නෙ නැ.(මම පාවිච්චිකරන බ්‍රව්සර් එක ක්‍රෝම්)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒ මොකද මගේ බ්ලොග් එකේ අව්ලක්වත්ද දාන්නේ නැහැ බලන්නම්කෝ... හැබැයි මමත් පාවිච්චි කරන්නේ ක්‍රෝම් තමයි.. සමහර වෙලාවට ක්‍රෝම් එකේ අවුලකුත් තියෙනවා ..)

      Delete
  15. සිරා ජෝක් කතාව මචන් ඒත් කලින් අහලා තියෙනවා.

    ReplyDelete
  16. අදනේ මේ පැත්තේ ආවේ...

    ආපු ගමන් හිනා කාලා මැරෙන කතාවක්.... හි හි...

    ReplyDelete
    Replies
    1. හි...හි..ඇත්තද.. තැන්ක්ස් මේ පැත්තේ ආවට

      Delete
  17. හිනා ගියා ..කවුද කියල දන්නවනේ..

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...