07 September 2012

මට මතක්වු පෙර අත් භවය....



මෙකල  ප්‍රවෘත්ති ඇත්තේ වැඩි පුරම  පෙර අත් භවයන්  කථා කරන්නන් ගැනය ඒවා දැකිමෙන්ම දෝ  මටද පෙර ආත්මය ගැන යම් තරමක මතකයක් වැනි යමක් හැගෙන්නට විය..

මා එය බිරින්දෑට පැවසුවේ නිකමට මෙනි.. ඒත් ඒ මොහොතේ සිට මට නිදහසක් නැත ඇයට  උවමනා වී ඇත්තේ මා මෝහනය කරවා පෙර ආත්ම  කථනය මුල සිට අගටම දැන ගැනීමටය..

“ මේ යමුකෝ හලෝ අපි මෝහනය කරන තැනකට . ඔයා පෙර ආත්මේ කියනකොට අපි මීඩියා වලට එහෙම දෙමු .. එතකොට අපේ ෆොටෝ එහෙමත් පත්තර වල යයි.. දැන් නයි පැටව් ඉපදිලා පෙර ආත්මේ කියන එකේ ඔයාටත් හොද පබ්ලිසිටි එකක් තියෙයි “

ඒ ඇගේ අදහසය.. ඇයට  උවමනා වී ඇත්තේ මගේ පෙර ජම්මය ගැන දැන ගැනීමටත් වඩා මීඩියා වලට මුහුණ ඔබා ගැනීමටය..  මා කොතෙක් මග හැරීමට උත්සහ කලද  මා මෝහන කරුවෙකු වෙත රැගෙන යෑමේ අදහස ඈ අත්  හරියේ නැත ..  අවසානයේ අකමැත්තෙන් උවද මෝහන කරුවෙකු වෙත යෑමට මම එකග විය..

මෝහන කරුගේ කුටියට මමද මාගේ බිරිද සහ මවද ඇතුළු විය.. එය අමුතුම ස්ථානයකි තනිකරම සුදු ආලේප කර ඇති කුටියේ පලිගු වලින් විහිදුනු නිලට හුරු ආලෝකයකින් පිරි තිබුණි..

එහි ඇදක මා හාන්සි කල මෝහන කරු .. කුඩා පලිගුවක් දෙස බලාගෙන ඔහු පවසන දෙයට සිත යොමු කර සිටින ලෙසට මට උපදෙස් දී කාර්යය පටන් ගත්තේය..

මා පලිගුව දෙස බලා සිටින අතර බැලුවේ බිරිද දෙසය.. ඈ ඒක එල්ලේම පලිගුව දෙස නෙත් යොමා සිටි.. එවිට සිදුවුයේ මා කිසි සේත් බලාපොරොත්තු වූ දෙයක් නොව මටද පෙර මෝහනය වී ඇද වැටුනේ පලිගුව දෙස එක එල්ලේ බලා සිටි බිරිදය...

මෝහනය විය යුත්තේ  බිරිද නොව මා බැවින් දෙවැනි වර මා මෝහන කරුගේ උපදෙස් අකුරටම පිලිපැද්දෙමි .. වැඩි වෙලාවක් යෑමට මත්තෙන් මාගේ දෙනෙත් පියවි යනු මතකය . මා මෝහනය වී ඇත..

එහෙත් නැවත සිහිය එන විට මට කිසිත් මතක නැත .. නිවසට ආ පසු බිරිදත් මවත් මාගේ පෙර ආත්මය ගැන මා මෝහනයෙන් පැවසූ දෑ කියන්නට විය..

ඔවුන්ගේ මුහුණු ප්‍රීතිමත්ව ආඩම්බරයෙන් පිරි  ඇත එයින් හැගෙන්නේ මාගේ පෙර භවය හොද බවය.. ඔවුන් පෙර අත් බවය ගැන මා පැවසූ දෑ කීමට සැරසෙන විට
කොහෙදෝ සිට පියාද එතැනට ආවේය  මව ඔහු සමග මගේ පෙර භවය ගැන කියන්නට ගත්තේ එවිටය

“ මේ ඒය් දන්නවද.. අපේ පුතා ගිය ආත්මේ ඉදලා තියෙන්නේ දිව්‍ය ලෝකෙක.. එයා හිටියේ ලස්සන තැනකලු හතර වටෙන්ම කදු වලින් වට වෙච්ච තැනකලු... මුළු පළාතම මීදුමින් වැහිච්ච ලස්සන තණකොළ වලින් පිරිච්ච පිට්ටනියක උදේ ඉදලා හවස් වෙනකන්ම දුව පැනලා සෙල්ලම් කරනවලු... ඒ කියන්නේ අපේ පුතා දිව්‍ය ලෝකෙක දෙවිකෙනෙක් ... මගේ වාසනාවට තමයි ඒය් දෙය්යෙක්  ඉපදුනේ..

එවිට මම පියාගේ මුනුන දෙස බැලුවෙමි එහි ඇත්තේ මම නැත්නම් දෙය්යෙක් හදයි වැනි හැගීමකි .. එහෙත් ඔහු මුවින් කිවිවක්‌ පැවසුවේ නැත...

“මටනම් ඉරිසියාවේ බැහැ .. “ එවිට කථාව පටන් ගන්නේ මාගේ බිරිදය..

“මෙයා දිව්‍ය ලෝකේ ඉන්නකොට මෙයාට ගැහැණු උදවිය ගොඩාක් හිටියලු .. මෙයාගේ වැඩේ උදේ ඉදලම එයාලත් එක්ක විනෝද වෙන එකයි කන එකයි බොන එකයි සෙල්ලම් කරන එකයිලු.. ඇය දිගටම මගේ පෙර ආත්මයේ ජීවිතය ගැන පවසයි...

ඔවුන් කියනා අයුරින් මා පෙර ආත්ම  භවයේ දෙවියෙකි .. සිට ඇත්තේ දිව්‍ය ලෝකයේය... මට ද සියුම් ආඩම්බරයක් ඇතිවී ඇත . එබැවින් මා මෝහනයේදී මා කියූ දේවල් ගැන වැඩි තොරතුරු ඇසුවෙමි..

“ඇත්තටම මම කෙලින්ම කිව්වද මම දෙය්යෙක් කියල “

 නැහැ ඒයි.. ඔයා ලස්සන තණකොළ පිට්ටනියක හිටියා කිව්වා ගැහැණු උදවිය ගොඩාක් එක්ක. හතර වටෙන්ම පෙනෙන්නේ ලස්සන කදුයි අහසයි විතරයි කිව්වා .. ඔයාලා කලේ උදේ ඉදලම කන එකයි සෙල්ලම් කරන එකයි කිව්වා... ඉතින් දිව්‍ය ලෝකෙක ඇරෙන්න එහෙම තැනක් කොහෙද එහෙම ඉන්න පුළුවන් කාටද ..තව ලස්සන ගංගාවක් තිබුනා කිව්වා . මම හිතන්නේ ඔයා ඒ කිව්වේ අමුර්තය තියෙන විලට වෙන්න ඕනේ.. ඔයාලා වතුර බොන්නේ ඒකෙන් කියලත් කිව්වා..ඔයා දෙය්යෙක් .

මා මෝහනයේදී කියූ දේ අනුව ඔවුන් නිගමනය කර සිටින්නේ මා දෙය්යෙකු බවය.. එහෙත් ඒ විස්තර අසා සිටි මට හැගුනේ වෙනත් අදහසකි .එහෙත් මගේ අදහස මා ඔවුන්ට පැවසුවේ නැත . එය කාටවත් පැවසීමට හැකි අදහසක් නොවේ මක්නිසාද යත් මටද ලැජ්ජාවක් ඇත ඒ බැවින්  එය කෙලින්ම පැවසිමටවත් ලිවීමටවත් බැරිය.. එබැවින් මා මගේ අදහස පින්තූරයකින් පහත දමමි ...

                                                                                    \/
                                                                                    \/

                                                                                    \/
                                                                                    \/

                                                                                    \/
                                                                                    \/



30 comments:

  1. කථාවෙ භාගයක් යන කොට ඔය පින්තූරෙ තමයි මගේ හිතෙත් ඇදුනෙ.. නිර්මාණාත්මක සිතිවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. හික් ..එහෙමද . තෑන්ක්ස් සිරා

      Delete
  2. මටත් ඕක හිතුනා කියවන් යද්දී!!!!

    ReplyDelete
  3. මට විස්තරේ කියද්දිම තේරුනා නවසීලන්තෙ පැත්තේ තමා ඉන්නැත්තේ කීලා...
    හික්ස්....

    ReplyDelete
    Replies
    1. නවසිලන්තේ පට්ටි ගොනෙක් ..

      Delete
  4. හික්. මේක මචන් වයිෆ් දැක්කොත් නම් විනාසයි...
    එකපාරක් මාව මෝහනය කරන්න ගියා. පොර ට්‍රයි කරනවා කරනවා හරියන්නේ නැහැ. අන්තිමට මම දෙන්නම් බැටේ කියලා පච තොගයක් කෙලලා ඇරියා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ආයේමත් මෝහනේ කරන්න ඕනෙයි කියයිද දන්නේ නැහැ..

      Delete
  5. නියම නිර්මාණයක් මචං.

    ReplyDelete
    Replies
    1. හික්..තෑන්ක්ස් ..සුදික .

      Delete
  6. මම් හිතුවේ හාමිනේ මෝහනය වෙන්න ඇති කියලා

    ReplyDelete
    Replies
    1. මෝහනේ උනාට මුකුත් කියෙව්වේ නැහැ ..ඒකෙන් පෙනී යන්නේ හාමිනේට ආත්මයක් නැති බවයි...

      Delete
  7. එල එල.මරු කතාව.නියමයි.ජය !

    ReplyDelete
  8. මේවට තමයි පට්ට අයිඩියා කියන්නනේ... පට්ට කතාව මචන්, මට බකස් ගාලා හිනාවක් ගියා පින්තුරේ දැක්කාම

    ReplyDelete
  9. Lassana thana pittaniyaka ude indala hawasa wenakal duwa pana sellam kalai kiwwama hithuna baduma thami kiya.

    ReplyDelete
  10. හම්මප තමන්ම කියනවනම් අපි කිව්වම මොකද? හිකිස්..... ලස්සනයි.

    ReplyDelete
  11. මග යද්දි මටත් මීටර් උනා වැඩේ එල

    ReplyDelete
  12. ගානට සෙට් වෙනවා ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. බුවඃ හඃ හා...............හිනා කාල මැරෙනවා හලෝ :)

    ReplyDelete
    Replies
    1. ඔය හිනා වෙන්නේ මගේ පෙර භාවයට..හරිය..

      Delete
  14. එල පොස්ටුව.මේ මට පොඩි උදව්වක් කරපංකෝ බං.ඔය පොස්ටු වල උඩින්ම කවුන්ට් කරලා දාන්නේ කොහොමද.ඒ කියන්නේ කමෙන්ට් ඒක කීවෙනි එකද කියලා...ජය වේ...

    ReplyDelete
    Replies
    1. http://helplogger.blogspot.com/2012/04/how-to-add-comment-count-bubble-to.html

      මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒ විදියට කරලා බලපන් මචං.. ගූගල් සර්ච් කරලා බැලුවොත් තව ක්‍රම තියෙනවා..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...