13 September 2012

මැදපු කමිස තුන....



මේක කලකට ඉහත ප්‍රභූ පවුලක වෙච්ච සිද්දියක් .. මේ පවුලත් ගොඩාක් ධනවත් සල්ලි කාර පවුලක් ඒ වගේම මේ පවුලේ පුරුෂයාට ඒක පුරුද්දක් තිබුනා ඒ කියන්නේ හැමදාම උදේ අවදි උන ගමන් එයාගේ ලගට  හොදට මැදපු කමිස තුනක් ගෙනත් තියන්න ඕනේ . හොදට මැදලා කියන්නේ ඒක ඉරක් වත් නැතුව සම්පුර්ණ ක්ලින් එකටම තියෙන්නත් ඕනෙලු එහෙම නැති දවසට ඉතිං සේවකයෝ ඉදලත් ඉවරලු .. ඒ තරම් හරි සැර පරුෂ මනුස්සයා..

සේවකයෝත්  ඉතිං නොවරදවාම ඔය වැඩේ කරගෙන යනවලු.. මේ මනුස්සයා ඉතිං දවස තිස්සේ තමන්ගේ කටයුතු කාරනා වලට ඇදගෙන යන කමිස තුනනේ ...

ඔන්න ඉතිං දවසක් කවුරුත් නොහිතපු විදියට මේ ප්‍රභූ පවුලේ මිනිසා ලොකු රිය අනතුරකට මුහුන පානවා .. බොහෝ කාලයක් ජීවිතයත් මරණයත් අතර දෝලනය වුන ජීවිතය යන්තමින් පෙර කල කුසල කර්මයක් පල දීලා ජිවිතේ රැකෙන තත්වෙට පත් වීගෙන එනවා..

ඒත් ඒකටත් ගැටළුවක් තියෙනවා . මොකද මේ පුද්ගලයාගේ ඉනෙන් පහල දැඩි ලෙස අනතුරේන් තුවාල වෙලා ඉතිං ශල්‍යකර්මය කලාට පස්සේ තමයි ජීවිතය ගැන හරියට තීරණය කරන්න වෙන්නේ .. ඩොක්ටර්ස්ලා කියනවා ..

කොහොමින් හරි ශල්‍යකර්ම යත් හොදින් ගැටළුවක් නැතිව සිදු වෙනවා . මේ පුද්ගලයාටත් යන්තම් පියවි සිහිය ලැබෙමින් පවතිනවා... සිහිය ආව ගමන්ම මිනිසා කරන්නේ ... හැමදාම උදේට තමන් ලගට රැගෙන එන මැදපු කමිස තුන තියෙනවද කියලා බලන ඒක..
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ .. මිනිහා ඉතිං ඇදෙ ඒ මේ අත කමිස තුන හොයනවා.. ඒත් කමිස තුනක් තියා එකක් වත් නැහැ ..

ලෙඩ ඇදෙ මැරෙන්න වැටිලා හිටියත් දැන් කමිස තුන එවලා නැති එකට මිනිහට හරි තරහයි ඒ වගේම දුකයි.. හැමදාම පුරුද්දක් විදියට කරගෙන ආව වැඩේ සේවකයෝ අතපසු කරපු නිසා...

සේවකයන්ට කථා කරලා බනින්නත් බැහැ මොකද නහයේ කටේ වයර් ගහලා නිසා... ඉතිං මිනිහා කරන වැඩේ ලග තියෙන පැන්සලකුයි කොළ කැල්ලකුයි අරගෙන එකේ පොඩි සටහනක් දාලා “ මැදපු කමිස තුනම නැත කියලා “ ඒ කොළ කැබැල්ල සේවකයා අතේ යවනවා බිරිදට ..

ඒ කොළ කැබැල්ල සේවකයා අරගෙන ගිහින් මේ ප්‍රභූ මිනිසාගේ භාර්යාවගේ අතට දෙනවා...
ඒක කියවන භාර්යාව අතිශය බියට පත්වෙලා...ඒ වෙලාවේම අඩාගෙන දුවගෙන එනවා රෝහලට ...
ඇයි එහෙම වෙන්නේ ???  
මැදපු කමිස තුනම නැත කියලනේ මිනිසා ලියලා එව්වේ ?

                                                     \/
                                             \/

        
                                             \/
                                             \/


                                             \/
                                             \/
                                                      \/
                                            
හිතුවද මොකද වෙන්නේ කියල ...

මෙහෙමයි වෙන්නේ මේ පුද්ගලයා අපහසුවෙන් ලියනකොට අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තමයි ලියවිලා තියෙන්නේ .. ඉතිං බිරිද අදහස වෙනස්  ම විදියකට තේරුම් අරගෙන තියෙන්නේ .. අනික ඉනෙන් පහල කොටස ශල්‍යකර්මය කුත් කරපු ගමන්ම නිසා ඒ බය දෙගුණ තෙගුණ වෙලා...

මැදපු කමිස තුනම නැත කියන ඒක කොහොමද දන්නවද අපහසුවෙන් ලියනකොට මේ පුද්ගලයාට ලියවිලා තියෙන්නේ..

මැද පුක මිස තුන ම නැත ...

ඉතිං ඒ අදහස වෙන විදියකට තේරුම් ගත්ත බිරිද බයවෙන ඒක අහන්නත් දෙයක්ද ... නේද ..


59 comments:

  1. හි හි... පුදුමයි බිරින්දෑට පපුවේ අමාරුවක් නොහැදුනා.... හි හි...

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒක තමයි..වැදගත්ම කොටසක් නෙවැ.

      Delete
  2. චමියට වෙච්ච දෙයක් නෙවේලු !

    ReplyDelete
    Replies
    1. ඕව්..ඕව්.. නෙවේලු .. වෙන එකෙක්ටලු

      Delete
  3. අනේ ඒ මනුස්සයා දැන් ජීවතුන් අතර නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. හෑ ...ඔයා දන්නවද ඒ කව්ද කියල කියන්න බලන්න... ඔයා රාජපක්‍ෂ කෙනෙක් හින්දා නොදන්න විදියකුත් නැහැ .

      Delete
    2. කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට යහපත් දෙයක් කරපු උත්තමයෙක් කියල විතරක් කියන්නම්... ඇතිනෙ... ;)

      Delete
    3. ඔසී ගැන වෙන්න ඕනෙ කියනවා ඇත්තේ

      Delete
    4. තනෝජා තමයි ඒ ගැන හරියටම දන්නේ...

      Delete
    5. අයියෝ ආරංචි තමා ඉතිං.. කොච්චර උනත් දැන් නැති තැන මොකට අවුස්සනවද ඕවා...

      Delete
    6. ඔන්න තනෝජා මම පහල කමෙන්ට් එකක .. මම අහලා තියෙන කථාවේ විදියට අදාල කෙනාගේ නම දැම්මා. ඔයා කියන්නෙත් එයා ගැනමද කියලා බලන්නකෝ..

      Delete
    7. කැම්පස් කොල්ලන් කෙල්ලන් වගේම ඒ සල්ලිවලින් වැඩගත්ත "ඉර" වගේ "කරුනාවන්ත" ගෝලයෙකුත් හිටියා නේද දැන් තමන්ගෙ වගේ වියදම් කරන්නේ

      Delete
    8. එහෙමද..ඔය කියන්නේ රවී ගැන වත්ද ?

      Delete
    9. ඒවා දන්න කට්ටිය අඩුයි . දැනගත්තත් කියන්නෙ නෑ. බයයි තමන්ගෙ පස්සේ නායකයොනේ.

      Delete
  4. චමියට එහෙම වෙච්ච දෙයක් එහෙම නෙවෙයිනේ :P

    ReplyDelete
  5. සිංහල භාෂාවේ තියෙන අරුම පුදුම ලක්ෂණයක් තමා ඒකත් :D

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් මේ හුටපටය..

      Delete
  6. මේක මේ අපේ කාලෙ කතාවක් නොවැ. අපූරුයි කදිමයි..!

    ReplyDelete
  7. සිංහල වල විතරක් නෙවෙයි. Pen is broken කියන එකත් ඕවගෙ තමයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෑ ඒකත් එහෙමද .. ඉතිං එකේ කියවෙන්නේ පෑන කැඩිලා කියලනේ බං ..

      Delete
    2. ඉංග්‍රීසියේ තවත් එහෙම ඒවා තියේද හෙන්රි?

      Delete
    3. දැන්නේ තේරුනේ pen is broken ගැන තැන්ක්ස් ඩුඩ් අදයි දැනගත්තේ..

      Delete
    4. පලවෙනි වචන දෙක ගැප් එකක් නොතියා ලිව්වාම ලෝක අපරාධයක්!:O
      පලවෙනි වචන දෙක ගැප් එකක් නොතියා ලිව්වාම ලෝක අපරාධයක්
      @Alexander Cage: මම තව මතක් වුනොත් කියන්නම්කො.:)
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. ඔව්..අහවල් ඒක කැඩුනා කියලනේ කියවෙන්නේ එතකොට...

      Delete
  8. I heard this story but this was a telegram set by Then Mrs Shrimani Athulathmudali after the bombing incident at Parliament and Mr. lalith athulathmudali got injured...

    ReplyDelete
    Replies
    1. මම මේ කථාව අහලා තියෙන්නේ ගොඩාක් පොඩි කාලේ අපේ මාමා කෙනෙක් ඔය කථාව කිව්වා හැමෝම ඉන්න තැනක හිනහා වේවි..ලලිත් ඇතුලත්මුදලි කියලා තමයි කිවේ.. නම ලියන ඒක හරි නැති නිසා නමක් නොදා ලිවේ...

      මේක ඒතුමා වෙනුවෙන් හදපු විහිළු කතාවක්.. කම්මැලි කමේ ඉන්නකොට මතක උනා මම මගේ ආරෙට ලිව්වා...

      ඒක ඇනෝ කෙනෙක් ඇවිත් නිතරම මගේ පොස්ට් වලට මොනවා හරි මගුලක් කියනවා මම ඒවා ස්පැම් කරනවා.. ඇනෝ කවුද කියලත් දන්නවා ... අයේ හොරා පොලිස් සෙල්ලම් දාන්න ආවොත් ඔය ඇනොට ..#@$##%%%&## වනවා :D

      Delete
  9. mala!!! baya wiyamayathu karanawak nowe

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....හිකිස්‌

      Delete
  10. Hikiz!! Wife baya wenna athi ethanin ehata monawada wenne kiyala hithala.

    ReplyDelete
  11. මම ඔය කතාව අහලා තියෙන්න පාර්ලිමෙන්තු බෝම්බෙ සම්බන්ද කතාවක් ඒකේ තුවාල කරුවෙක් තම බිරින්දෑට ලියපු පනිවිඩයක් හැටියට. තව කොමෙන්ටුවක සඳහන් නිසා වැඩි විස්තර ඕන නෑ.




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙවැ.. ඒකත් හරි

      Delete
  12. අනේ පව් අප්පා ඒ ගෑනු කෙනාට...

    ReplyDelete
  13. අපුරු කතාව.. මේක ඇත්තම එකක් කියලා තනොජා කියල තිබ්බ හින්දා පුදුමත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කෙනෙක් සම්භන්දයෙන් හැදුනු විහිළු කථාවක් තමයි .. (ඇත්තටම සිද්ද උනාද දන්නෙත් නැහැ :D ) අදාල කෙනාගේ නම මම කමෙන්ට් එකක දාලා ඇති ..

      Delete
  14. හප්පේ හිනා ගියා බකස් ගාලා කොහෙද ඉන්නේ කියලවත් තේරෙන්නේ නැතුව.. පට්ට කතාව. (බෙනේක නයෙක් සිටියි / බෙනේ කනයකේ සිටියි ශිෂ්ශත්ව පන්තියේ පාඩමකට කියල දුන්නේ.)

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඒක තමයි වචන පරිස්සමින් ලියන්න කියන්නේ ...

      Delete
  15. හෆොයි.. :D :D

    මම 100 වෙනියලු.. :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. මම සියය ආව ගමන බැලුවා කව්ද මේ වාසනාවන්තයා කියලා..බැලින්නම් ඔයා..

      Delete
  16. හි හි...
    මරු කතාව..

    ReplyDelete
  17. අනේ පව්. වයිෆ් හොඳටම බය වෙන්න ඇති දැන් ඉතින් ඉවර තමා කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් කොයිතරම් වටිනා කියන එකක්ද දෙය්යනේ ..

      Delete
  18. අයියෝ කමිස..... හිකි හිකි හිකි එල එල දිගටම එන්නම් අද තම ආවේ

    ReplyDelete
    Replies
    1. හොදා ..හොදා ..තැන්ක්ස් මචෝ

      Delete
  19. 1.18 .p.m. Anoge kathawa thami mema kathawata sambanda siddiya.

    ReplyDelete
    Replies
    1. ඔව් එයා තමයි මුලින්ම නම් ප්‍රසිද්ධ කලේ.. ඒත් කථාව කොයිතරම් දුරට සත්‍යයද කියන්න නම් මම නොදනී හොදේ..

      Delete
  20. ඕක පරන යං හෑල්ලක්. පාර්ලිමේන්තුවේ බෝම්බයක් පිපිරිලා එකෙක් මැරුණා ඇතුලත්මුදලි මහත්තයගේ සෙට් එක ඩැමේජ් උනා. එදා ඉඳලා එයාට කියන්නේ. මැදපු කමිස තුන නැත. කියලා....

    ReplyDelete
    Replies
    1. හික් ..බලාන යනකොට ගොඩක් අය මේ සිද්දිය නම් ගම් ඇතුවම දන්නවනේ... හොදා ..හොදා

      Delete
  21. නැති උනා නම් මට මොකද වෙන්නෙ කියලා හිතෙන්න ඇති

    ReplyDelete
  22. අනේ සසරේ පුකේ විසරේ කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථා වලට...

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...