15 September 2012

සද කඩා කෑ මිනිසුන් ....



මේක ඇවිල්ලා අපේ ගමේ පාරම්පරික ජන කතාවක් . දැන්  කවුරුත් අහන්න එපා ගම කොහෙද කියලා එහෙම.. මේ කතාවේ පුර්ණ අයිතිය තියෙන්නේ අපේ ගමේ මිනිසුන්ට .. මොකද මේ අපේ ගම්මානේ පාරම්පරික උරුමය ...
 කථාව දන්නා කියන අයත් ඇති මයේ හිතේ ... හැබැයි මේ මගේ වර්ෂන් එක.

බොහොම ඉස්සර කාලේ නොදියුණු ජන කොටසක් ජිවත් වෙච්ච ප්‍රදේසෙක ... හබ්බ මෝඩ කොල්ලෝ දෙන්නේ වටා තමයි කතාව ගෙතෙන්නෙ..

ඒ කාලේ ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන මිනිස්සු හිටියා මිසක් . ඔය රට තොට ගැන හොයන්න උවමනාවක් නැහැ ඉතින් සාමාන්‍ය දැනුම බිංදුවයි.. එහෙනම් කථාවට යමු..

ඉතිං ඔන්න ඔය ප්‍රදේසේ හිටිය කොල්ලෝ දෙන්නෙකුට අමුතුම අදහසක් පහල වෙලා .. මොකක්ද දන්නවද අදහස අහසේ එල්ලලා තියෙන හද කඩාගන්ට .. ගහකට පොල්ලක් ගහලා අබයක් කඩ ගන්නවා වගේ අහසට පොලු ගහලා හද කඩා ගන්න තමයි දැන් දෙන්නගේ අදහස..

ඉතින් දෙන්නත් එක්ක මේ ගැන සාකච්චා කරලා හොදට හද පෙනෙන දවසක . අවශ්‍ය කළමනා කාරිය ලෑස්ති කරගෙන ඒ කිව්වේ කරත්තයක් පුරවලා පොලු කෑලි එහෙම ගෙනත් තියාගෙන දෙන්න හොද නැකතකින් වැඩේ ආරම්භ කලාලු ...

හවස් ජාමේ ඉදලා රෑ දෙගොඩ හරියක් වෙනකන් දහඩිය මුගුරු පෙරාගෙන පොලු වලින් හදට පහර දුන්නත් කිසිම පලක් ප්‍රයෝජනයක් වෙලා නැහැ ..

හද වෙනදා වගේම අහසේ දිලිසි දිලිසි පාඩුවේ ඉන්නවා..

ඒත් අපේ මිනිස්සු දෙන්නත් ගේම අත අරින්න කල්පනාවක් නැහැ ..අද කොහොම හරි හද කඩා ගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් ඉන්නේ.. (එහෙම තමයි අපේ ප්‍රදේසේ මිනිස්සු හරිම උත්සහ වන්තයි )

ඉතිං ඔහොම තවත් හොරා කිහිපයක් හදත් එක්ක ඔට්ටු වෙනකොට ලොකු කළු වලාකුලක් ඇවිත් හද වසා ගත්තා...
ඒත් කොල්ලෝ දෙන්නා හිතුවේ ගහපු පොලු පාරක් වැදිලා හද කඩාගෙන වැටුනා කියලා...

දෙන්නා ගමටම ඇහෙන්න කෑ ගහලා බොහොම වෙලාවක් සතුට සමරලා ඒහෙම වට පිට බලන්න ගත්තා . හද කඩාගෙන වැටුනා මිසක් වැටුණු තැනක් නැහැනේ .. දැන් කරුවල හින්දා මුකුත් පෙනවත් අඩුයි..

කරුවලේම හැම අස්සක් මුල්ලකම අත ගගා හද හොයාගෙන යනකොට එකෙක්ට හම්බ උනා ...

හදේ ප්‍රමාණයටම වටකුරු කහපාට දෙයක්...

අනිත් එකාටත් අඩගහුවා හද හොයාගත්තා කියලා...

දෙන්නම ඇවිත් බලලා ස්ථිර කරගත්තා මේ පොලු ගහලා කඩාගත්ත හදම තමයි තියෙන්නේ කියලා... ඒත් කට්ට කළුවර නිසා උන්ට තේරුනේ නැහැ ඒ තියෙන්නේ බල්ලෙක්ගෙ අසුචී ගොඩක් කියලා ..

එකෙක් ටිකක් කාලා බලලා කියනවා
“ එයි  හද හරි ඇබුල් රහයිනේ බං....

එතකොට අනිත් එකා කියනවා  “ ගණන් ගන්න එපා බං ගොරකා පොල්ලෙන් ගහපු පාරකටනේ හද කඩාගෙන වැටුනේ ඒක හින්දා වෙන්නැති ඇබුල්;;

ඉතිං දෙන්නම දුක් මහන්සියෙන් කඩා ගත්තු හද ඉවර වෙනකන්ම කාලා සතුටින් විසිර යනවා...

46 comments:

  1. මේක හුඟක් ගම්වල කියවෙන කතාවක්නේ ලොකු මහත්තයා :D

    ReplyDelete
    Replies
    1. හෑ... ඇත්තද මම හිතුවේ අපේ ගමටයි තුම්පනේටයි විතරයි කියල..

      Delete
  2. හද හඩනා නිහඩ රැයේ කිව්වලු.. පව් බං මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. පව් නෙමේ ..මිනිස්සු වැඩකාරයෝ ..

      Delete
  3. ගම කළුන්දාවද

    ReplyDelete
  4. උඹලා බටලන්දෙද?

    ReplyDelete
    Replies
    1. අනේ බොල.. උබ හිතපු පැත්තේ තමයි..ඒත් උබට නම පොඩ්ඩක් පැටලිලා...

      Delete

  5. ලුණු ටිකක් ඉහගත්තා නම් හරිනෙ.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හික්...ඔව් නේද.. ලුණු ඇබුල් සමග බලුබෙටි මරු...

      Delete
  6. චමියා බටගම පොරක් වගේ....

    ReplyDelete
    Replies
    1. සෙන්නා උබ කන්ඩ හදන්නේ ඔය හරිය ...

      Delete
  7. සමහර පලාත්වල සඳ මිදුලට(ම) එනවා......

    ReplyDelete
    Replies
    1. ඒකනේ කඩාගෙන කන්න හිතිලා තියෙන්නේ...හික්..හික්..

      Delete
  8. අහලා තිබුණ වර්ෂන් එකේ වෙනස් නොවැ මීට වඩා.. :D
    ඊඊඊඊඊහ්..

    ReplyDelete
  9. අපේ පැත්තේ වර්ෂන් එකේ තිබ්බේ ගොමනේ...

    ReplyDelete
  10. ඔය ගමේ කස්ටියම නේද අර පන්දම එතුවෙත් .
    රෙදි කෑලි එකතු කරන්න කළු ගගෙන් මෙගොඩ ගම වලටත් ආවා කියලයි අපේ ආච්චිලා ඒ කාලේ කිව්වේ

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ .. ඒ මෙහෙ නෙවේ ..

      Delete
  11. Replies
    1. මිනිස්සු නම්.. මෙන්න මිනිස්සු

      Delete
  12. ඊකේයියා,...... හිහිහිහි...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඊකෙය්යා කිව්වේ,,,

      Delete
  13. රසවත් කතාවක් ගමේ නමනම් මම අහල තියෙනවා. කොත්මලේ පැත්තේ නේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගම් හතර පහකටම ඔය කතා ටික පටබැදිලා තියෙනවා...

      Delete
  14. අඩේ ඩිනර් එක සරුවට තියෙන්න ඇති නේද....

    ReplyDelete
  15. මේක අන්දරේගෙ කතාවක් බං.

    ReplyDelete
    Replies
    1. නැහැ බං මේක ගමකට කින්ඩියට හදපු කථාවක් .. අන්දරේගේ කථාවකුත් ඇති සමහර විට ..

      Delete
  16. ඒ මරු වැඩකාරයෝ දෙන්නෙක්නෙ

    ReplyDelete
  17. තුම්පනේ නම් ඔහොමයි කියලයි කතාව යන්නේ. බටපොලත් තුම්පනේ වගේමද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. තුම්පනේටත් ඔය කතා ටිකම කියනවා..( තව ගොඩක් කතා තියෙනවා ඔය වගේ )
      බටපොල නම් නෙමේ මචං.. උඩ කමෙන්ට් වල එකෙක් හරියටම ගමේ නම කියල තිබුනා හැබැයි ..

      Delete
  18. හඳට පොලු ගහන මිනිස්සු ඒකේ සෑහෙන අර්ථයක් තියෙනවා නේද මචන්
    මුන් ඩබල නම් අර ටෝච් එලිය දිගේ හඳට යන්න හදපු උන් වගේ තමයි

    ReplyDelete
    Replies
    1. හික්..උන්ට වඩා මුන් බුද්ධිමත්

      Delete
  19. වෙලාවට දෙන්නෙක් විතරක් සෙට් වෙලා හිටියේ නැත්නම් බඩු මදිවෙනවනේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. නැත්නම් බඩගින්නේ තමයි

      Delete
  20. බුවාක්කා!!!!!!!!!! වමනේ යන්න වගේ :/ මම තව ටිකකින් බතුත් කන්න හිටියේ අප්පා..එර්ර්ර් ..

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...