19 September 2012

කර ගසේ සහ කර ගැසීමේ වෙනස ...



මේකත් අර මුලින් කතාවට සම්භන්ධ (සද කඩා කෑ මිනිසුන් සිටි ) ප්‍රදෙසේටම ඈදිච්ච කතාවක් තමයි .. මේ කථාවත් බොහෝ ඇත අතීතයට අයිති කථාවක් ..

ඒ කාලේ ගම්වල ගම්මුලාදෑනි කියලා තනතුරක් තිබුනනේ .. ගම්මුලාදෑනියා තමයි ගමක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ...  ඔය තනතුර දරන්නාට ගමේ අනිත් කොයි මනුස්සයත් යටයි .. මිනිහගේ වචනෙකට පිටින් යන්න ආයේ කාටවත් බැහැ..

ඉතින් මේ කියන ප්‍රදේශයේ හිටිය ගම් මුලදැනියා ගෙ ගෙදර වත්තේ තිබිලා තියෙනවා විශාල  තේක්ක ගස් කිහිපයක් ..  

ගම් මුලාදෑනියා දවසක් ගස් කපන්නෝ කණ්ඩායමකට එන්න කියලා මේ ගස් ටික කපන්න බාර දෙනවා..  ගස් කපන මිනිස්සු ගස් කපන අතරේ ..මුලාදැනියා ගෝලයෝ රොත්තත් එක්ක වත්තේ එහෙට මෙහෙට ඇවිදිමින් ගස් කැපීම නිරීක්ෂණය කරනවා ..

ගස් ඒක දෙක බිමට පතිත වෙන අතරේ මුලාදැනියා දකිනවා කපලා බිම වැටෙන්න ඔන්න මෙන්න තියෙන තේක්ක ගහක් ආසන්නයේ හොදට සරුවට වැඩුණු කර ගහක් තියෙනවා .. කර ගහක් කියන්නේ කරාබුනැටි ගහක්..

මේ ගහ දැකපු මුලාදෑනියට ගහ ගැන ආශාවක් ඇති වෙනවා .. ඒ වගේම තව ටිකකින් තේක්ක ගහ මේ ගහ උඩට කඩා වැටුනම කර ගහට වෙන වින්නැහිය ගැනත් හිතෙනවා...

එත් එක්කම කපමින් සිටි තේක්ක ගස වැටෙනවා ඒක වැටෙන්නෙත් කර ගහ තියෙන පැත්තටම තමයි.. ඒ ක දැක්ක මුලාදනියට කර ගස ගැන ඇතිවෙච්ච ආශාව නිසා ඉබේටම කෑ ගැහෙනවා...

“අයියෝ ..කර ගහ ... කර ගහ’’  කියල .....

ඒ ක බලාගෙන හිටිය මුලදනියගේ ගෝලයෝ රොත්ත හිතන්නේ මුලාදෑනියා මේ වැටෙන තේක්ක ගහට කර ගහන්න කියනවා කියලා... මුලාදෑනියා කියන ඕනෑම දෙයක් කරන අනුවණ ගෝලයෝ ටික දෙපාරක් නොහිතා වැටෙන තේක්ක ගහට දුවලා ගිහින් කර අල්ලනවා...

ඉතිං එතනින් එහාට ගෝලයන්ගේ ඉරණම හිතාගන්න පුළුවන්නේ...

60 comments:

  1. හත් ඉලව්වයි මම මේ කතාවත් අහලා තියෙනවා. මම හිතන පැත්ත හරි වගේ චමියෝ

    ReplyDelete
    Replies
    1. මේ කථා ටික ලංකාවේ ගම් තුන හතරකටම කියනවා මචං .. උබ දන්නා පළාතේ ගම කියපන් බලන්න ..

      Delete
    2. ඔය පැත්ත ගැන ලියපු කතාපොතක්ම මම කියෙව්වා. රසකතා ගොඩයි චමියෝ. මට ගමේ නම නිච්චි නැහැ. කොත්මලේ කිට්ටුව කියලනම් දන්නවා. ඒ ගමේ අයට හින්ගලයෝ කියලත් කියනවා කියලයි පොතේ තිබුනේ. මොකද මම ඒ පොත බලලත් දැන් අවුරුදු 10 ට කිට්ටු වෙන්න එනවා. කතා ටික රසවත් නිසා මතකයේ තිබුනා. ගමේ නම සමහර විට හඳපාන්ගොඩ වගේ.

      Delete
    3. ගම් තුන හතරකටම ඔය කතන්දර ටික කියනවා.. මම ඉන්න ගමත් එයින් එකක් , ගම්පහ දිස්ත්‍රික්කේ මචං ..

      Delete
  2. අපේ අත්තම්මා කලින් මේ කථාව කියලා දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආතම්ම ගෙ ගම කොහෙද පුතේ ?

      Delete
  3. අපොයි දෙයියනේ... O_o

    ReplyDelete
  4. මිනිහෙක් ගහක් කප කප ඉන්නවා.එතකොට ටිකක් මෝඩ පහේ මෑන් කෙනෙක් ඇවිල්ලා “ මේ ගහේ නම මොකද්ද “කියලා අහනවා.ගහ කපන පොරට අමාරැව වැඩි කමට කතා නොකර ඉන්නවා .දෙතුන් පාරක් ඇහුවට පස්සේ ගහ පෙරෙලෙද්දිම මිනිහා “ කර ගහ කර ගහ “ කියනවා
    මම අහලා තියෙනවා ඔය විදිහට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒත් අපේ පැත්තට ආවේනික කථාව ඔය මම ලියපු විදියයි..
      හැබැයි මේ මගේ වර්ෂන් එකක් හොදේ..

      Delete
  5. මටනම් දැන් පට්ට ශුවර් චමියගෙ ගම.. ආයේ ඒකෙ කෙලින් කරන්ඩ දෙයක් නෑ.. හැක් හැක්..ඒ අර පපඩම් දාපු කතාව, කොඩි ගහ උස්සල අත්පුඩි ගහපු ඒවා එහෙමත් ලියපන්කො... :-)

    ReplyDelete
    Replies
    1. හික් ..උබ වෙනස අදුන ගෙන වගේ .. කොඩිගහේ කථාව ලියන්න බැහැ බං ඒක අපේ ගමේ අනන්‍යතාවය නේ ..හික් අනික මටත් ඒවා ලියන්න ලැජ්ජයි වගේ ..

      Delete
    2. උඹ සිරාවටම එහෙද ? එහෙනම් දවසක් කිව්වෙ රුක්මණී දේවිගෙ පිළිමෙ ගාව ඉන්නෙ කියලා ??

      Delete
    3. ඔව් බං එහේ තමයි එහේ පල්ලිය ලගම .. රුක්මණී දේවි එක හරියේ අපේ නැන්දා කෙනෙක් ඉන්නවා..

      Delete
  6. අඩේ මම ඔහොම පොඩි ජෝක් වීඩියෝ එකක් බලල තියනවා. ඒක ඇත්තක්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ, තනි මිනිහෙක් කරගහන එකක. මුලාදෑනියාගේ ගෝලයින්ගේ "කර" නෙමෙයි ෆුල් බොඩියාම ජපානෙන් ගෙන්න වෙන්න ඇති

    ReplyDelete
  7. කර ගහට කර ගහපු ගෝලයෝ ටික නම් අපරාදේ..

    ReplyDelete
  8. අපොයි චොප්ප වෙන්නැති බං

    ReplyDelete
    Replies
    1. ඔව්..චප්පාස් වෙන්න ඇති..

      Delete
  9. ස්තූතියි.. මතකය අවදි කලාට. මේවා බොහෝම රස කතා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බොහොම ස්තුති..

      Delete
  10. චමියෝ මම අහලා තියෙන්නෙ ඔය පොඩි ගහ "කර" ගහක් කියලා. කරාබු නෙවෙයි. අර ඉඳිආප්ප කන්න හදන්නෙ කරකොල මැල්ලුම කියලා එකක්. අන්න ඒකක්.

    උඹ හොඳට ලියලා තියෙනවා. තව කතා තියෙනවානේ? ඔය තු____ නේද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඈ ..ඇත්තද මම හිතුවේ කරාබු නැටි වලට වෙන්න ඇති කියලා.. කරකොල ගැන හොයලා බලන්න ඕනේ..

      තුම්පනේ නෙවේ බං ..වෙන ගමක් සෙන්නා නම් දන්නවා..

      Delete
    2. ඩූඩ් කාලා තියනවද මැල්ල කොල ? බැදලා, මැල්ලුම් හදලා කොහොම හැදුවත් මාර රහයි.. අපේ වත්තෙත් ගහක් තිබුනා.. දැන් නෑ..

      Delete
    3. මම කාලා තියෙනවා.. ඒවාටද කර ගස් කියන්නෙත් .

      Delete
    4. මම කර ගස් කියන්නෙ මොනවාද කියලනම් දන්නෙ නෑ බන්.. ඩූඩ් මේ ඉදි ආප්ප කන කතාවක් කිව්වම මට මතක් වුනේ මැල්ල කොල. එච්චර උස ගස් ජාතියක් නෙමේ බන් පඳුරට හැදෙන ජාතියක්.

      Delete
    5. මම දන්නවා සෙන්නා අර බදින්නේ .. බැද්දම නිකන් පපඩම් වගේ...

      Delete
    6. කර කොලත් එවාගෙම තමයි.

      Delete
  11. හිකිස්‌!!!! මාත් අහල තියෙනවා ඕක.. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තද පණු.. ඔව් මේවා හරි ජනප්‍රියනෙ

      Delete
  12. ඔය කථාවෙ වෙනත් වර්ශන් එකක් තමයි මම අහලා තියෙන්නෙ... ගස් කපන්නෙක් දවසක් ගහක් කපලා ගස වැටෙන දිසාවෙ හිටිය පුතාට කිව්වලු කරගහ කරගහ කියලා...ඒ ගහක් වැටෙන බව කියන්න. පියාට ඉතාමත් කීකරු පුත්‍ර‍යා වැටෙන ගහට කර තියන්න ගිහිල්ලා අවසන් ගමන් ගියාලු... මේ ශෝකය දරාගත නොහැකිව එතැනදීම මියගිය පියා ඉන්පසුව ශෝකී නාදයක් දෙන කුරුල්ලෙකු වෙලා ඉපදිලා එදා ඉදන් අද වෙනකන් පුතු මියගිය ශෝකයට කෑ ගහනවාලු... මට කුරුල්ලගෙ නම නම් මතක නෑ...

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ මේ කතාවට ඈදලා සුරංගනා කථා ගොතපු එකා..
      නැහැ බං මේවා සාමාන්‍ය ජන කථා . මේ විදියට තමයි කටවහරේ එන්නේ ඒක ඉතින් ටිකක් වෙනස් කරලා මම කථාවක් වෙන විදියට ලීවා..

      Delete
  13. මම අහල තියෙන්නේ මතුගම පැත්තේ තියෙන ඕවිටිගල කියන ගමේ අය මෙහෙම කලා කියලා. කථාව නම් අහල තියෙනව කොල්ලෝ. ඒත් මොකද ආයිත් මතකය අලුත් වුනානේ.

    ReplyDelete
    Replies
    1. ගම් තුන හතරකටම ඔය කථාව කියනවා .. ඒ ගම් තුන හතරට මම ඉන්න ගමත් ඇතුලත් .

      Delete
  14. අර ඉබ්බා එනකං මෝල් ගහ තියාගන --න හන්දියේ හිටිය තාත්තාගෙයි පුතාගෙයි මුණුපුරාද මේ චමියා.

    ReplyDelete
    Replies
    1. ඉබ්බෝ නෙමේ බං කකුළුවෝ ...

      Delete
  15. හිකාස් පට්ට කතාව
    උඹ දන්නවද අර කකුළු කතාව දන්නවා නම් ලියපන් නැත්තම් මම ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ගමේ කථා මොකෑ මම නොදන්නේ ..එල උබ දන්නවනම් ලියපන්..

      Delete
  16. කතාව නම් ටිකක් වෙනස් විදියකට අහල තියෙනවා... ඒත් ඉතින් හරය මේකම තමයි... පරණ කතා අළුතින් අහනකොටත් හරි අගෙයි... ගමේ නම නම් මට හිතාගත්තැකි... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හෑ ඒ කියන්නේ ඔයා ගම දන්නවද .
      හපොයි ගම ඉවරයි

      Delete
  17. හච්චෝ.............................

    ReplyDelete
  18. කර කියන්නෙ කරාබු නැටි වලට නෙවෙයි, ඒ නමින් ගහක් තියෙනවා. තියුණු උල් සහිත කටු තියෙනවා ගහේ, "කර" කටුවක් කකුලේ ඇණුනොත් සමහරවිට කකුල කපන්න වෙන තරමට විෂ සහිතයි.

    දැන් නම් බ්ලොග් එකේ අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙමද මම හිතාන උන්නේ කරාබු නැටි වෙන්න ඇති කියලා..

      බ්ලොග් එකේ අවුලක් නැත්නම් එල.. හත් අට දෙනෙක්ම මට ෆේස් බුක් එකෙනුත් කිව්වා අවුලක් තියෙනවා කියලා.. ඊට පස්සේ තමයි ටෙම්ප්ලේට් එක වෙනස් කලේ..

      Delete
  19. නියම ගැමි කතා මෙව්ව.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..අපේ ගමේ කතා මෙව්වා..

      Delete
  20. එළ එළ... මීට කලින් ටිකක් වෙනස් විදිහකට අහලා තියෙනවා වගේ මතකයි...ඔය ගමේ විත්ති නම් එදා මෙදා තුර අපේ රසවින්දන හැකියාවන් පුලුල් කරාලු ඇහ්....

    ReplyDelete
    Replies
    1. හික්.. හොදා..හොදා.. ඒත් අපේ ගමේ නම කියලා අපිනම් අප්‍රමාන අපහසු තාවයට පත්වෙනවා..

      Delete
  21. මුලින් කතා කරපු එකා කෙහෙල් කොළ කපන්න ඕනේ කියලා හුටපටයක් කර ගත්තෙත් මේ ගමේම උන්දැලා වෙන්න ඇති නේද :D

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක්නම් දන්නේ නැහැ හසිත,,, අපේ ගමේ ප්‍රධානම් කතාවනම් කොඩි ගහේ සිද්දිය එකනම් ගොඩක් අය දන්නේ නැතුව ඇති..

      Delete
    2. කතාව මෙහෙමයි.

      එක ගමක ගමරාළ කෙනෙක්ගේ ගෙදරට කෙහෙල් කොළ කපලා දෙන එක ඒ ගමේම ඉන්න මිනිස්සු කණ්ඩායමකට භාරවෙලා තිබුණා. හැමෝම හැමදාම මේ වැඩේ කරන්න ගියා. ඒකෙන් තමන්ගේ වැඩ පාඩු වෙන නිසා මේ වැඩේ එක මනුස්සයෙකුට බාර දෙන්න මෙයාලා කතා කරගෙන මුලින් කතා කරපු කෙනා තමා හැමදාම කෙහෙල් කොළ කපන්න ඕනේ කියලා හැමෝම කටවහගෙන නිදාගෙන හිටියා.

      ගමරාළගේ ගෙදරිනුත් කෙහෙල් කොළ ලැබුණේ නැති හින්දා හොයන්න ආපුවාම මෙයාලා කට්ටියම දිගාවෙලා ඉන්නවා. කතා කළත් කතාවක් නැති නිසා අන්තිමට ගමරාළ කිව්වා මුන් මැරිලා ඇති එක වලක් කපලා මුන් ඔක්කොම වල දමාපල්ලා කියලා.

      අන්තිමට වලක් කපලා කට්ටියවම වලට දාලා පස් දාන්න යද්දී එක් කෙනෙක්ගේ කකුලක් ඉස්සිලා තියෙන නිසා උදැල්ලෙන් පාරක් ගහනවා. ඒ පාරේ සැරට ඒ මනුස්සයා අම්මෝ කියලා කෑ ගහනවා.

      ඒ වෙලාවේ අනිත් අය එක සැරේටම කියනවා තමුසේ තමා මීට පස්සේ ගමරාළගේ ගෙදරට කෙහෙල් කොළ කපාගෙන යන්න ඕනේ කියලා :D

      Delete
  22. විලි ලැජ්ජාවේ කටක් ඇරලා ගමේ නම කියන්ඩ බෑ කියපංකෝ

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...