04 September 2012

මම ඉපදුනෙමි __ Happy Birthday to me !!!



අද මාගේ උපන් දිනයයි / මම ඉපදුනෙමි ... මේ විශ්වය තුල මනුෂ්‍ය  ආත්ම භාවයක් ලැබීමට තරම් මා පින් කර තිබුණි.. බොහෝ කළල පිළිසිද ගත් විට කුස තුලදීම විනාශ කරන මිනිසුන් සිටින සමාජයක නිරුප්පදිතව බිහිවීමට තරම් මා  වාසනා වන්තයෙකු විය.. ඒ වෙනුවෙන් දෙමාපියන්ට මා සදා ණයගැති වෙමී.

ඉපදී වසරක් දෙකක් ගතවන තුරු මට කිසිම දෙයක් ගැන මතකයක් නැත.. සමහර විට මා සුරතල් ළදරුවෙක්ව සිටින්නට ඇත... ජිවිතයේ සතුටින්ම ගතකල  කාලය ඒ කාලය විය යුතුය..

නිදහස අහිමි වන්නේ ඉන් පසුවය .  ජිවිතයේ අරමුණු කරා ගමන් කරද්දී සිතේ සැහැල්ලුව නිදහස ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වේ... එය  කොයි කාහටත් පොදු දෙයකි...

කෙනෙක් පවසන්නේ ජිවිතයේ බරක් පතලක් දැනෙන්න ගන්නේ පාසල් ගමනෙන් පසුව බවයි , එවිට තව කෙනෙකුට කිව හැකියි .. විවාහයෙන් පසුව බව..  එහෙත් මා සිතන්නේ පාසල් ගමන පටන් ගන්නා දින සිට නිදහස නැති කරගන්නා බවය..

මුලින්ම ධාවන තීරුවට යන්නේ එදාය. එදා සිට දුවන්න ගන්නා ගමන ආයේ  කවදාවත් නැවතීමක් නැත කෙළවරක් නැත ජීවිතය ඇතිතෙක් අවසානයක් ද  නැත.

කෙනෙක් දුවන මාර්ගය පහසු  විය හැක මහන්සි අඩු විය හැක නමුත් තවකෙකුට  ලැබෙන මාර්ගය ඇති දුෂ්කර විය හැක.  පෙර පව් පින් අනුව එය තීරණය වේ.. ඒ මාර්ගයේ අනිවාර්ය කඩුලු කිහිපයක් ඇත සියල්ලම  හෝ කිහිපයක් අනිවාර්යයෙන්ම පැනිය  යුතුය . එය අතහැර යා හැකි වුවත් එවිට එය සාර්ථක ගමනක් වන්නේ නැත .

මුල්ම කඩුල්ල වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාහගයයි . එය ළමුන්ගේ විභහගය කටත් වඩා මව් වරුන්ගේ තරගයකි .
එහිදී මා හට අසුන් දුවන තරගයක් සිහිවේ .. මා එහි දුවන අශ්වයා නම් .. මව එහි ජෝකියාය මා පදවන්නේ ඇයට උවමනා අයුරිනි  එය මා ජයග්‍රහණය කලද එහි අයිතිය ඇත්තේ ඇයටය.. මක්නිසාද යත් එම තරගය වෙනුවෙන් මුල සිට සුදානම් වුයේ ඇයය..

එතැන් පටන් අපෝස සා/පෙ වෙනුවෙන් වෙහෙසීමට සිදු විය . එය අනිවාර්යයෙන්ම ගොඩ දා ගතයුතුය නැතිනම් අපොයි පොත් වලට ගිය සල්ලි (අ .පො.ස. = අපොයි පොත් වලට ගිය සල්ලි ) කියමින් නිතරම මවගේ ඇනුම් පද වලට ලක්වීමට සිදු වීමටත් වඩා . ජිවිත කාලෙම පසුතැවිලි වීමට හේතු කාරනා සිදුවන නිසාය .

එයිට පසු අපොස උ/පේ ට මුහුණ දිය යුතුය  එය අරුම පුදුම විභාග ක්‍රමයක් යැයි මට සිතුනු වාර අනන්තය වසර දොළහක් තිස්සේ ඉගෙනගත් දේ සංශිප්ත කොට වසර දෙකක් ඇතුලත ලොකු ප්‍රමාණයක් ඉගෙනගෙන ලියනා මේ විභාගය අවසානයේ ලැබෙනා ප්‍රථිපල ලයිස්තුව සමහරුන්ට ජීවිතයත් මරණයත් තීරණය කරන්නක්  බවටද පත්ව ඇත ..

  මෙහි අවසානයේ  දක්ෂයන්ට සරසවි වරම් හිමිවේ නමුත් දැන්  එයටද කඩුල්ලක් ඇත එය ඉසෙඩ් අකුරය .. ඔය ඉසෙඩ් අකුර ගැන මම වැඩි යමක්  දන්නේ නැත දන්නේ එය ඉංගිරිසි හෝඩියේ අවසාන අකුර බව පමණි . එයිට වැඩිය ඔය අකුර ගැන දැන ගැනීමට මට උවමනාවක්ද නැත .

ඉන් අනතුරුව ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කර ක්‍රියාවය . රැකියාවක් සොයා ගැනීම අපහසුය එහෙත් හොද රැකියාවක් සොයා ගැනීම ඉතාමත්ම අපහසුය .

මා මුලින් හොද රැකියාවන් යැයි සිතා සිටි බොහෝ දේ හොද රැකියාවන් නොවන බව පසුව වැටහුණි ..  ටයි පොලු පැළද  බිෆ් කේස් එල්ලාගෙන පාරේ අවිදින්නන් දැක මා මුලින් සිතුවේ එය හොද රැකියාවක් කියාය . ඒ ඔවුන්ගේ ඇදුම පැලදුම් දෙස බැලීමෙනි .

එහෙත් දිනක් අසල නිවෙසකට පැමිණි එවැනි තරුණයෙක් පච වී යන අයුරු දැක ඒ රැකියා සිහිනය අතහැරියෙමි .. එය මාකටින්ය .  එයට ඉතා දක්ෂයන්ද ඇත කටත් කපටි කමත් ඇත්නම් ඕනෑම දෙයක් මාකටින් කිරීමට ඔවුහු දක්ෂයෝය .

හොද රැකියාවක් යනු  අඩුවෙන් කය වෙහෙසා වැඩියෙන් මනස වෙහෙසා වැඩි වැටුපක් ලබාගත හැකි රැකියාවන්   බව   මා පසුව තේරුම ගත්තේය .  

රැකියා මට්ටම අනුව බොහෝ දේ තීරණය වේ . සමාජ තත්වය පිළිගැනිම වගේම  විවාහයේදීද රැකියාවේ ස්වභාවය වැදගත් සාදකයක් වේ .. එබැවින් එතැන්  පටන් ලද රැකියාවෙන් ඉහලට යෑම වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ ..

ඉන්  පසු විවාහය . මා වඩාත්ම කැමති විවාහය කසාද බැදීම යන වචනයෙන් හැදින්විමටය .මක් නිසාද යත් බොහෝ යුවතියන්ගේ අදහසනම් කසාද බැදීම යනු . ලණුවකින් පුරුෂයාව බැද අනිත් කෙළවර අතින් අල්ලාගෙන සිටිනවා වැනි අදහසක්ය . පුරුෂයාට නිදහස ඇත්තේ ඈ ලණුවේ නිදහස් කර තිබෙන දුර ප්‍රමාණයට පමණි..

ඒ කෙසේද යත් ලණුවකින් ගසක ගැට ගසා සිටින වසු පැටවෙක් ට  දුව පැන සෙල්ලම් කිරීමට හැක්කේ ලණුවේ දිග ඇති තෙක් පමණි . බොහෝ ගැහැණුන් සිතා සිටින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කසාද බැදීම යනු පිරිමියාව බැද තබා ගැනීම බවය .. පිරිමින්ට එයට මුහුණ දීමට සිදුවේ .  එයද දුෂ්කර ක්‍රියාවකි ඛේදනියය ..

ඉන් පසුව දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ . දරුවන් ලැබීමට පෙර සිටම ඔවුන්ට පාසැල් සෙවීමේ දුෂ්කර කර්තව්‍යට අත ගැසීය යුතුය . එතැන් පටන් දරුවන්ගේ ඉගෙනීම වෙනුවෙනුත් ඔවුන් උස් මහත් කිරීම වෙනුවෙනුත් අනේක දුක් කන්දරාවක් විදීමට සිදුවේ ..

අවසානයේ නිදහසක් බලාපොරොත්තු විය හැක්කේ ජිවිතයේ අවසාන කාලයේදී පමණි.. එවිට ලබන නිදහසෙන් පලක් ඇත්ද? එතෙක් කාලයක් අප ජීවිතය විද ඇත්ද?  විදවා ඇත්ද ? .. 

ජිවිතයේ අවසාන භාගයේ මම හැරී බැලු විට මටත් නොදැනීම.. මගේ දරුවනුත් මා ආ මාර්ගයේම කඩයිම් පසු කරමින් දුවමින් සිටි  කිසිදින නොනවතින ජිවන චක්‍රයේ .  ජීවිතය යනු මෙයද .....?

ප.ලි :-  අද මාගේ උපන්දිනයයි !!!   උපන්දිනය දවසේ හිතට ආ විකාර අදහස් කිහිපයකි..
සියළු දෙනාටම කේක් පහත ඇත .....

42 comments:

  1. සුබ උපන්දිනයක් අනාගතේ සුබ වේවා

    ReplyDelete
  2. සුභ උපන් දිනයක් වේවා !

    ඔබ ලියා ඇති දෑ ජීවිතය පිළිබද සත්‍ය දේ මිස විකාරරූපී අදහස් ලෙස මට නොසිතේ.
    කේක් එක පැණිරස වැඩිද මන්දා...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි සීනි වැඩි වෙලාද..:0
      තැන්ක්ස් මචං ..

      Delete
  3. සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් වේවා !!!

    ReplyDelete
  5. Happy Birthday to you..
    Happy Birthday to you..
    Happy Birthday dear Chami..
    Happy Birthday to you.. :D

    ReplyDelete
  6. තැන්ක්ස් මචං තැන්ක්ස් ...

    ReplyDelete
  7. හැපි බ්ර්ත්ඩේ එකක් වේවා....

    ReplyDelete
  8. happy birtjday....
    Cake kanna be wage ane...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ..ඇයි අනේ කේක් කන්න බැරි.. එහෙනම් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ එන්නකෝ මොනවා හරි කාලා බීලා යන්නම ..

      Delete
  9. සුබ උපන් දිනයක් වේවා !!! අනිත් දිනද සුබ වේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිත් දින කිව්වේ හැමදාමද ..එල එල..තැන්ක්ස්

      Delete
  10. ජීවිතේ ඔය කියන භාදක කඩුලු නැතිව එකදිගට නිශ්චලව ගලා ගියානම් ඒකෙ එච්චර ගතියක් තියෙයි කියලා උඹ හිතනවද චමී? නිකං ඇල්වතුර වගෙ තියෙයි.
    Very Happy Birthday Chami,
    Have an eventful life!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එහෙම උනානම් මෙලෝ රහක් නැති වෙයි තමයි .. බාදක මැදින් ගලා යනකොට තමයි ජිවිතේ ලස්සන...

      තැන්ක්ස් ..

      Delete
  11. සුභ උපන් දිනයක් වේවා! කියල තියෙන කතාවල් නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුති කෝරලේ මහත්තයෝ ...

      Delete
  12. සුබ උපන් දිනයක් වේවා ....!!!!

    ReplyDelete
  13. සුභ උපන්දියනක් චමී...!!!

    මේ ජීවන චක්රේ සංසාරෙන් එතෙර වෙනකන් නවත්තන්න බැරියෝ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බොහොම ස්තුති...

      Delete
  14. සුභ උපන් දිනයක් වේවා....

    ReplyDelete
  15. සුභම සුභ උපන්දිනක් චමියෝ
    අම්මියෝ උඹ ජීවිතේ සීරියස් අරගෙන.

    ඔච්චර හිතන්න එපා නිකන් විඳපන් ජීවිතේ එදිනෙදාට මුහුණ දීලා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ටිකක් සීරියස් හිතන්න කාලේ හරි බං.. මෙච්චර කාලයක් පුල් ආතල් එකේ හිටියනේ..
      තැන්ක්ස් මචං..

      Delete
  16. සුබ උපන් දිනයක් වේවා යාළුවා... !!

    ReplyDelete
  17. සුබ උපන්දිනයක්... !!

    ජීවන විග්‍රහයනම් හොඳයි.. ඒත් ඕවා ගැන හිතලා පලක් නෑ බන්.. එළබෙන මොහොතෙ ජීවත් වෙන මිනිහා සතුටින් ඉන්නවා කියලා තමා මට හිතෙන්නෙ.. ඔය කිව්වට මටත් එහෙම බෑ බන්.. අපි ඔක්කොම ඉතින් ආසාවන් පසු පස දුවන පෘතග්ජනයො වෙච්චි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙන්නා මම කියන්නේ ...බොහොම ස්තුති..

      Delete
  18. පමාවට සමාව.. සුභ උපන්දිනක් වේවා!! (ඊයේට)

    ReplyDelete
  19. සමාවන්න අදයි ආවේ මේ පැත්තේ... හැපී බී ඩේ ඒක හොඳටම සමරන්න ඇති කියල හිතනවා. පොස්ට් එක ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී .. මේ පැත්තේ ආවටත් ... ඔව් සැමරුවා ස්තුතී හොදේ..

      Delete
  20. සුබම සුබ උපන් දිනයක් වේවා :)

    ReplyDelete
  21. පරක්කු වෙලා හරි සුභම සුභ උපන් දිනක් හ්ම්ම් :)

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...