01 November 2012

බලු කිරියේ එළ වැඩ නොහොත් බ්ලොග් ලිපි හොරකම



පෙරවදන :- බඩුත් සමග හොරු ඔබේ බ්ලොග් ලිපියත් මෙතන ඇත්දැයි බලන්න ( උදාහරණ සහිතයි )
පුටා ගැනීම් වැළැක්විය නොහැක්කෙමය තමන්ට නිර්මාණ හැකියාව නොමැතිනම් අනුන්ගේ එකක් හෝ රැගෙන තමන්ගේ කර ගැනීම කොයි ජාතියේ මනුෂ්‍යයාටත් පොදුය එය මනුෂ්‍ය ගතිය යැයි හැදින්විය හැකි උවත් එය මනුෂ්‍යකම නම් නොවේ ..  

වර්තමානයේ අන්තර්ජාලය තුල නිර්මාණ කොපි කිරීම සීග්‍රයෙන් වෙමින් පවතී ..  එහි වැරැද්දක් නැතයි කීමටද බැරිය . එහි වැරැද්දක් ඇත  වඩාත්ම දරුණු වන්නේ එම නිර්මාණ කරුවාගේ අඩවියේ ලිපිනයවත් නොමැතිව එය තමන්ගේම කරගෙන පල කිරීමයි.

මම කොපි කිරීම යනුවෙන් හැදින්වුයේ යමක් ගෙඩිය පිටින් ඔසවාගෙන ගොස් වෙනත් තැනක ඉන්දවිමය .. එසේ නොමැතිව යම් කිසි දෙයක් උදාහරණයක් විදියට එක ප්‍රවුර්තියක් සිය දෙනෙක්ට සිය ආකාරයකට ලිවිය හැක . එක එකාගේ ලිවීමේ ෛශලිය අනුව  එය විවිධාකාර වේ . නමුත්  එහි අන්තර්ගතය එකකි. එවැනි දෙයක් කොපියක් ලෙස හැදින්විය නොහැක.. 

එහෙම නැත්නම් කෙනෙක්ගේ නිර්මාණයකින් අදහස් ගෙන එයිට සමාන වෙනත් නිර්මාණයක් කිරීමේත් වරදක් නැත . වරද ඇත්තේ අකුරක වත් වෙනසක් නොමැතිව ගෙඩිය පිටින්ම කොපි කර තමන්ගේ ස්ථානයේ පේස්ට් කර ගැනිමේය .. එවිට එය නිර්මාණ මංකොල්ලයක් වේ ..

යම් කිසි දෙයක් රැගෙන යන්නේ එහි කුමක් හෝ වටිනාකමක් විශේෂත්වයක්  ඇති බැවිනි..එය සත්‍යකි . එහෙත් නිර්මාණ කරුවා එම නිර්මාණය වෙනුවෙන් (තොරතුරු සෙවීම් සදහා හො වෙනත් දෑ සදහා  ) වැය කරන කාලය , මහන්සිය . කුසලතාවය. සහ එම නිර්මාණ වලට අදාළ දුර්ලභ චායාරූප ඒ වටිනා කමවත් නොසලකා නිකන්ම නිකන් පුද්ගලයෙක් එය රැගෙන් ගොස් තමන්ගේ මෙන් එය සමාජ ජාලයක පලකර කිසිම වටිනාකමක් නොමැති  රෙපියුටේෂන් සිස්ටම් එකකින් රේප්  ඉල්ලා සිටීම කොයි තරම්නම් අසාධාරනදැයි සිතා බැලීමට වටි

උදාහරණයක් ලෙස ගත් විට අසමි දකිමි සොයමි බ්ලොගය ලියන විචාරක ගේ බ්ලොගයේ ලිපි සියල්ලම වගේ එළකිරි අඩවියේ ඇත . තහනම් අඩවියේ , අටම්පහුරේ ,සිරාගේ කාමරේ , අන්තිම පේලියේ , හා මෙකි නොකී බොහෝ බ්ලොග් වල ලිපි එහි මෙලෙසම ඇත එහෙත් බ්ලොගයේ ලින්කුනම් නැත . මා මෑතකදී දුටු එවැනි බ්ලොග් ලිපි සහ එහි හොර කොපි කිහිපයක් පහතින් දමමි ...

එම අඩවි වල (සමාජ ජාලා) නීති රීති පද්දතියක් ඇතත්  මෙම ලිපි රැගෙන විත් පළකිරීම සම්භන්ධයෙන් තැකීමක් නොකරන්නේ මන්දැයි සිතාගත නොහැක (එම අඩවියේ නීති රීති පත්‍රයද මම ලිපිය අවසානයේ දමමි ) ඒ අතින් බැලූ කල  අන්තිම පේලිය   සිටින්නේත්  එයිට ඉහළින්ය එහි වෙනත් තැන්වල පලවූ ලිපි රැගෙන විත් පලකිරීමට ඇඩ්මින් ඉඩ නොදේ .


එහෙත් මෙම අඩවියේ එහෙම ගැටළුවක් නැත ගැටලුව ඇත්තේ කොපි පේස්ට් කල ලිපිය ඇති මුල් බ්ලොගයේ ලිපිනය (සක්‍රිය ලින්ක් එක ) දැමු විටය . සමහර මොඩරේටර් වරු එම ලිපි එඩිට් කොට එම ලින්කු මකා දමන අවස්ථාද ඇත එසේ නොමැතිනම් එම ලින්කුව ක්ලික් කල විට බ්ලොගයට යැම අවහිර කොට දමති .  බොහෝවිට සිදුවන්නේ එයය . එයට හේතුව එම ලින්ක් ඔස්සේ එළ  අඩවියේ සාමාජිකයන් එම බ්ලොගයට යාමයි . එය ඔවුන් (ස්පෑම් ) ලෙස හදුන්වයි .. බ්ලොග් ලිපි කොපි කර ඔවුන්ගේ අඩවියේ පලකල හැක එහෙත් එම ලිපියනය ඔස්සේ මුල් පිටපත ඇති බ්ලොගයට යෑමට නොහැකිය ..  හනේද කියන්නේ...


මේ සම්භන්ධයෙන් දිගින් දිගටම ලිවිය හැකි මුත් තේරුමක් නැත .. කොපි කරන්නා කොහොමත් කොප්ප ගසති මේ සම්මත්ජාතියේ එය වැලෑක්විමටනම් නොහැකිය. මක් නිසාදයත් කොප්පක් ගැසීමට නොහැකි වූ කල ඔවුන්ට පැවැත්මක් නැත . ඔවුන් රැදී සිටින සමාජ ජාලයට අත්වන ඉරණමත් එසේමය.. එබැවින් අනුන්ගෙන් යැපෙන්නන් පිලිබදව අනුකම්පා කර බලාසිටිනු  හැර වෙන කල හැකි යමක් නොමැත.. 

බොහෝ සමාජ ජාලා අඩවි වල සියයට හැටක් පමණ ඇත්තේ   කොපි පේස්ට් කල බ්ලොග් ලිපිය , සියයට විස්සක් තාක්ෂණික ලිපි සහ සියයට විස්සක් එහි සාමාජිකයන්ගේ ලිපිය .. ඒ අතින් බැලූ කල ඔවුන් ද පව්ය 

මම පහතින් දමා ඇත්තේ මා විසින් මෑතකදී දකින ලද (ඊයේ රාත්‍රියේ ) එළුකිරිය විසින් කොප්ප ගැසූ අපේ සහෝදර බ්ලොග් කරුවන්ගේ ලිපි කිහිපයකි (මා දන්නා කියන බ්ලොග් වල ලිපි )... මේ උදාහරණයක් පමණි තවත් මෙවැනි ලිපි බොහොමයක් එහි ඇත..

----------------------------------------------------------------------------------------------------






























මේ මා දුටු කිහිපයක් පමණි ....


එම අඩවියේ නීති රීති පද්දතියෙන් කොටසක්ද මා පහත දමමි .. එහෙත් එය ක්‍රියාත්මක වන ආකරය ගැනනම් විස්වාසයක් නැත 

එම නීති රීති 
_________________________________________________________________________________
වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි. 

1.
වෙනත් ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලින් බාගත කළ ඔවුන්ගේ දෑ මෙහි පලකිරීමෙන් වලකින්න. එමෙන්ම ඔවුන්ගේ හැඳුනුම් සංකේත සටහන් කළ වීඩියෝ පට, ඕඩියෝ පට, සංකේත සටහන්කළ ඡායා රූප ආදිය පල කිරීමෙන් වලකින්න. උදාහරණයක්ලෙස යූටියුබ් වීඩියෝ පටයක වෙනත් වෙබ් අඩවියක සංකේතය සටහන් කර ඇත්නම් එය පල නොකළ යුතුය. 

2.
කතෘ අයිතීන් ලබාගත් දෑ (copyrighted stuff) අනවසරව එම හිමිකම් උල්ලංඝණය කරමින් මෙහි පලකිරීමෙන් වලකින්න. 

3.
වෙබ් අඩවියක් හෝ ඕනෑම ව්‍යාපාරයක් මෙහි ප්‍රචාරය කිරීමේ අරමුණින් දිගින් දිගට ක්‍රියා කිරීම හා ඔබගේ වෙබ් අඩවිය මෙහි ප්‍රචාරය කිරීමෙන් වළකින්න.  ඔබේ වෙබ් අඩවිය ඇතුළු කළ හැකි නමුදු සාමාජිකයන් එය පරික්ෂා කිරීමට පෙළඹවීම හෝ අයැද සිටීම නොකළයුතු වේ. 

4.
අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න

5.
ෆෝරම තුලදී අන්‍යයන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එක දිගට නව තෙඩ් සීමාව ඉක්මවා ආරම්භ කර (spam), ඒ මගින් ඔබේ අදහස් සීමාව ඉක්මවා ප්‍රචාරය කිරීමට තුලින් දේශපාලනික හෝ කිසියම් කණ්ඩායමකට ආධාරකරුවෙකු ලෙස කටයුතු කිරීමට මෙම වෙබ් අඩවිය භාවිත කළ නොහැක.

6.
ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමටද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත.
7.දේශපාලනිකමය හෝ යම් කිසි ප්‍රචාරක කටයුත්තක් සඳහාම ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිව ඇති බව වැටහී ගියොත් හා එක් වරම සජීවී වී දේශපාලනිකමය, ප්‍රචාරකමය හෝ අපහාස කිරීමකට සැරසීමට සූදානම් වුව හොත් ප්‍රථමව ඔබ වෙබ් අඩවියෙන් නෙරපාහැරෙනු ඇත.

8.
දඬුවමකට ලක්වූ තැනැත්තා නිර්දෝශී හෝ සාධාරණීකරණය කරමින් ඔවුනට සහයෝගය දීම ඔබටද හානිකර ප්‍රථිඵල ඇති වීමට හේතුවක් විය හැකිය. මන්ද යත් එසේ සාධාරණීකරණය කිරීමෙන් සහ ඔහු නිර්දෝශී කිරීමට උත්සහා ගැනීමෙන් ඔහු/ඇය තව තවත් නීති උල්ලංඝණය කිරීමට ධෛර්යමත් වන බැවිනි. එමෙන්ම එමගින් අන්‍ය සාමාජිකයන්ද එයට පෙළඹේ.

9.
දඬුවමකට ලක්වූ පසු තාවකාලිකව හෝ වෙනත් ගිණුමක් තනා භාවිත කිරීම දඬුවම් කාලය හෝ එහි ස්වභාවය තව තවත් උග්‍ර කරවීමට හේතු විය හැකිය.


10.
කළහයක් ඇරඹීමට හෝ එයට සම්බන්ධ වීමට ඔබට හිමිකමක් නොමැත. මෙහිදී කවරුන් තර්කයෙන් නිවැරදි වූවද වැරදි වූවද දෙපාර්ශවයටම නීතීන් උල්ලංඝණය කර ඇත්නම් එයට අදාල දඬුවම හිමි වේ. යමෙකු ඔබට අපහාස කරමින් එවැන්නක් අරඹා තිබුනහොත් ඔබට එම ගැටුම්කාරීත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාමට හිමිකමක් නොමැත. වහා ඒ සම්බන්ධව අදාල අංශ දැනුවත් කිරීම කළ යුතුය.

11.
නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. 

මතකයේ තබාගත යුතු විශේෂ කරුණු,

වෙබ් අඩවියේ නීතීන් උල්ලංඝණය කිරීම නිසා අවවාද කිරීමකට, කෙටිකාලීන නෙරපාහැරීමකට හෝ ස්ථීර තහනම් කිරීමකට හෝ ලක්වූ පසු නැවත ඒ පිළිඹඳ කරුණු විමසමින්, හා පැමිණිලි කිරීමේ ඇති ඵලයක් නොමැත. ඔබට දඬුවමකට යටත්වීමට සිදුවූයේ ඔබ නීතීන් උල්ලංඝණය කිරීම නිසාය. එමෙන්ම මෙම වෙබ් අඩවිය කිසිවෙකුගෙන් කිසිඳු මුදලක් අය නොකර පෞද්ගලික ධනය වැය කරමින් නොමිලයේ පවත්වාගෙන යන්නකි. මෙහි කිසිඳු අය කිරීමක් නොකර සහයෝගයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නොමිලයේ කරන මේ සේවාවන් අගය කළ යුතුය.
අන්‍යයන් නීති උල්ලංඝණය කරමින් වැරදි කටයුත්ත්තක නියැලීම, ඔබටද එයට සහභාගී වීමට හෝ එය සිදුකිරීමට දෙන අවසරයක් නොවේ. එවන් නීති උල්ලංඝණය කිරීමක් දුටු විට වහා ඒ බව දැනුම් දෙන්න. 





!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!






80 comments:

  1. කාට කියන්නද මේ දුක.. ?

    ReplyDelete
  2. මරු වැඩේ කියන්නෙ බන්.. නියම ලිපිය කියලා කමෙන්ට් දාපුවම, පොරවල් ස්තූතියි කියලා පිළිඅරගනත් තියනවා. ඒ ගමන්ම උඩින් කියලා තියනවා උපුටා ගැනීමකි කියලා.. කට ඇරලා කියපිය මේක අපි ලියපු එකක් නෙමේ කියලා...

    වල් හිගන්නො..

    ReplyDelete
    Replies
    1. උන් ඔය රේප් කියලා දෙකට පෙරේතකමේ බං කරන්නේ.. සමහර උන් හිතන්නේ ලින්ක් දාලා එක උපුටා ගැනීමක් කියල කිව්වොත් රේප් දෙන්නැති වෙයි කියලා..

      Delete
    2. මොනවද බන් රේප් කියන්නෙ ? මුන්වයි අල්ලලා රේප් කරන්ඩ ඕනා..

      Delete
    3. උන්ගේ රේප් කියල සිස්ටම් එකක් තියෙනවා බං .. උන් පොස්ට් එකක් දාපුවම ඒක කියවන උන්ගේ සාමාජිකයන්ට රේප් දෙන්න පුළුවන් රේප් සියයක් ලැබුනම උන්ගේ යුසර් නේම් ඒක ඉස්සරහාට පුංචි නිල් පාට කොටුවක් ලැබෙනවා . ඔය කොටු ප්‍රමාණය වැඩි කරගන්න තමයි ඔය දගලන්නේ ..

      Delete
    4. ඒ කොටු ගැන වැඩි උනාම මොකද අප්පා වෙන්නේ? උන්ට මොනවා හරි හම්බ වෙනවද? අඩු ගානේ ටොපියක්වත්..?

      Delete
    5. අප්පේ මම අදනෙ මේ ලිපිය දැක්කෙ! නිල් පාට කොටු කොටු දාලා රේප් කොරන්ට ඕනෙ ඔය සයිට් එකේ ඇඩ්මින්ව!! ඔන්න මම බුකියෙත් ප්‍රචාරයක් දුන්නා.

      Delete
  3. යකෝ මුං උල තියලත් මදි. කාලකන්නි...

    ReplyDelete
  4. කොපිය ඉතින් කවදත් තියෙනවනෙ..ඒක නවත්තන්න නම් ලැබෙන එකක් නෑ. ඒත් ඉතින් කෙනෙක් ලියන දෙයක් තවත් තැනක දමනවානම් අදාල පුද්ගලයාගේ උපුටා ගැනීමේ ලින්කුව දැම්ම නම් තමා වටින්නේ. මට මේ ලඟදි හම්බ උනා එක පුද්ගලයෙන් මූණු පොතේ දමන පෝස්ටු වගයක්. හැබැයි අපරාදේ කියන්න බෑ බ්ලොගේ අයිති කෙනාගේ නමත් පෝස්ටුවේ ලින්කුවත් දමලා තියෙනවා. හැම එකේම...

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවානම් කොච්චර හොදද .. එහෙම මගෙත් එකක් ගියා මුණු පොතේ "ජීවිතය ලස්සනයි " කියන පිටුවේ (මිල්ටන්ගේ කථාව )අපරාදේ කියන්න බැහැ එකේ බ්ලොග් ලිපිනය තිබුනා හිකිස්,
      ඊට පස්සේ තව කිහිප දෙනෙක් එක පලකරලා තිබුනා එකේ තිබුනේ මගේ ලින්ක් එක නෙමේ ජීවිතය ලස්සනයි පිටුවේ ලින්ක් එක....ඔන්න වෙන වැඩ

      Delete
  5. අන්තර්ජාලය තුල සිදුනව නිර්මාණ මංකොල්ලය නවත්වන්න ඉතාම අපහසුයි. මගේ පෝස්ට් දෙකක් (දන්න තරමින්) එලකිරියේ දාල තිබුන. හැබැයි ලින්ක් සමඟ. එකසැරයක් එලකිරියෙ කෙනෙක් මගෙන් අවසරත් අරගෙනයි ඒක පලකලේ. අවසර නොගත්තත් කමක් නෑ අඩු තරමින් ලින්ක්එක දානව නං.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ලින්ක් නැති එකනේ වැරැද්ද .. හරියට බැලුවොත් බ්ලොග් පොස්ට් ගොඩාක් එහෙ තිබේ .. මේ අහම්බෙන් දැක්ක කිහිපයක්

      Delete
  6. facebook එකේ 'කජුවත්ත එක්සත් Cricket සමාජය' කියල page එකක් තියෙනව නේද? ඒකෙන් මගේ බ්ලොග් පොස්ට් එකක අන්තිම පේලි කීපය හොරකම් කරපු හැටි බලන්න.

    Original post - http://nishuoc.blogspot.com/2011/11/blog-post_14.html

    කජුවත්ත එක්සත් Cricket සමාජයේ පොස්ට් එක - https://www.facebook.com/media/set/?set=a.296214823751035.68249.193218727383979&type=3

    පොස්ට් දෙකේම අන්තිම පේලිටික බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒත් මේ වගේම ලයික් පෙරේත කමට කරන වැඩ තමයි බං..

      Delete
  7. මේවට නම් කියන්න දෙයක් නෑ. බනින්න ගියොත් උන්ගේ අහිංසක අම්මලත් එක්ක බැනුම් අහනවා.

    ReplyDelete
  8. මගේ මෙම ලිපිය එළකිරි හි තියෙනවා කියලා දැන ගත්තෙ දැන්... මීට පෙරත් මා විසින් ලියූ ලිපි කීපයක්ම එහි තිබුනත් ඒ සියල්ලම මගේ සබැදිය සමගයි තිබුනේ.. මෙයත් එහෙමයි..

    අපි ලියන දෑ වැඩි පිරිසක් කියවන විට දැනෙන සතුට වැඩියි... හොරකම් නොකර අඩුම තරමේ බ්ලොගියෙ සබැදියක්වත් ඊට එක්කර පල කරනවා නම් මගේ විරෝධයක් නෑ... ඊමේල් මගින් බොහෙම ශිෂ්ඨ සම්පන්න විදියට අවසර අරගෙන දාන අයත් ඉන්නවා...

    මෙතැනදි විචාරක තුමාගෙ තත්වය වෙනස්... එතුමා බොහොම කාලයක් කැප කරලා මහන්සියෙන් ලියන වටිනා ලිපි කිසිම ගෞරවයක් එතුමාට නොලැබෙන පරිදි හොරකම් කරලා තිබ්බ විදිය නම් බොහොම කණගාටු දායකයි... එහෙම උන්ට කියන්නෙ නිර්මාණ හොරු කියලයි...

    ReplyDelete
    Replies
    1. උස්සන එකාගේ හැටියට තමයි බං, විචාරකගේ පොස්ට් අර එළකිරි කොල්ල හරි උජාරුවට දාලා තියෙනවා දැක්කා..හිකිස්

      අවසර ගත්තේ නැත්ත කමක් නැහැ ලින්ක් වැටෙනවා නම් , ගොඩක් ඒවා වල ලින්ක් නැහැ ඔය මම අහම්බෙන් දැකපු කිහිපයක්.

      Delete
  9. මාත් දැක්ක විචාරක මහත්තයත් මේ ගැන ලියලා තිබ්බ. අවසර නොගත්තත් ලින්ක් එකක්වත් දානවනම් ඉවරයිනේ. ඔය එළකිරියේ ඇඩ්මින්ලා වත් ඕක ගැන හිතුවොත් හොඳයි. නැත්තන් ඉතින් කට්ටියගේ බැනුම් අහලා බලු වෙලාම යන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලින්ක් දාලා සාධාරණ විදියට උස්සනවනම් , කමක් නැහැ කියන්න පුළුවන්..

      Delete
  10. එළකිරි Admin ට මේක කියුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සාමාන්යෙන් ඇඩ්මින්නම් ටිකක් සාධාරණයි මම හිතන විදියට ..ඒත් එයාගේ මොඩරේටර්ලා නම් ජරා යක්කු ටිකක් ඉන්නේ...
      කොපි කරලා දාන එක නැවැත්තුවොත් එයාලට පොස්ට් නැහැ... අඩු ගානේ ලින්ක් වත් දානවනම් ප්‍රස්නයක් නැහැ...(ගොඩක් කොපි කරපු ඒවා වල ලින්ක් නැහැ සමහර ලින්ක් දාන්නේ ඒවා වැඩ නොකරන විදියට )

      Delete
  11. මගෙත් ළිපි කීපයක්ම පල උනා.. ලින්ක් එකක් දානවනම්.. උපුටාගැනීමක් කියලා සඳහනක් දානවනම් අවුලක් නෑ කියලයි මම හිතන්නේ. කොහොමත් නිර්මාණයක් එළියට දැම්මයින් පස්සේ ඒක අයිති රසිකයන්ට කියන එකයි මගේ පිලිගැනීම.

    ReplyDelete
    Replies
    1. ඒක හරි රසිකයන්ට තමයි අයිති.. ඒත් ඒ රසිකයා ඒක වෙනත් තැනක පලකරනකොට රචකයා වෙන්නේ නැතිව රසිකයා විදියටම ලින්ක් දාලා පිළිවෙලට කරනවානම් තමයි වැඩේ ලස්සන..හික්

      Delete
  12. මෙව්ව නවත්තන්න බෑ බං.... කොච්චර කලත් හොරකන් කරනවා

    ReplyDelete
  13. මේකනම් මහ ජරාවැඩක්...එළකිරි බලුකිරි කියමින් හැමතැනම මේක ප්‍රචාරය කරන්න ඔනෙ...ස්තුතියි හොයල බලල එකතැනකට මේවා ගොනුකලාට...

    ReplyDelete
    Replies
    1. වැඩිය හොයන්න ඕන උනේ නැහැ මචං.. නිකන් බලනකොට කියවලා මතක තියෙන බ්ලොග් පොස්ට් ටිකක් දැක්කා.. තව කොයි තරම් ඇත්ද හරියකට බැලුවොත් එහෙම ..

      Delete
  14. මාත් මේ සිද්ධිය මුලින්ම දැක්කේ විචාරකගේ කේස් එකේදි තමා... එදා නං මට ඇත්තටම එපා උනා... ඒ යකා මේක කොපි කරපු එකක් කියලා කමෙන්ට් එකක් දැම්මම ඒකට රිප්ලයි කරලා තිබ්බ විදියට... ජරා යකෙක්....

    අනේ මන්දා.. මේ ලංකාවේ හැටිද බං....

    මම නං ඔය ‌ගොඩක් වෙලාවට දෙයක් ලියන්නේ තව තැනක දැකපු දෙයක් මුල් කරගෙන නම් අඩුම ගානේ “ මේක ලිව්වේ මේක දැකලයි” කියලා ඒ බිලොග් එකට ලින්ක් එකක් දානවා... අවසර ගන්න නම් හැම දෙනාගෙන්ම බෑනේ.... ( මම දන්නේ නෑ)

    ReplyDelete
    Replies
    1. හික් .මම දැක්ක ඒ සිද්දිය ,
      ලංකාවේ හැටි නෙමේ බං , ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්න විදියද මන්දා ..

      Delete
    2. මට නම් කවුරුවත් මගේ එව්වා කොපි කලාට, මගේ ලින්ක් එක නොදැම්මාට කිසි ප්‍රශ්නයක් නෑ, මොකද මම ලියපු දෙයක් වෙන තැනක තියනවා දකින සතුටම මට පට්ට විදිහට වටිනවා..උන් අපේ එව්වා ගෙඩි පිටින් කුදලාගෙන යන්නේ අපේ එව්වා හොඳ හින්දානේ, ඉතින් ඒ සතුටම මට මදැයි, සල්ලි බලාගෙන බ්ලොග් ලියන්නේ නෑනේ ගොඩක් සිංහල බ්ලොග් ලියන අය, කවුරු කියෙව්වත් නිර්මාණයේ ගෞරවය යන්නේ නිහඬවම නිර්මාණයේ කතෘට. මගේ බ්ලොග් එකේ කොපි කරපු මොකුත් නම් තව හම්බුනේ නෑ, එත් එෆ් බී එකේ ලියලා දාපු කවි මගේ නම මකලා පොස්ට් කරපුව නම් මාට්ටු වෙලා තියනවා, ඒ වෙලාවට මට පට්ට සතුටුයි

      Delete
    3. අනේ මන්ද ..මට හිතෙන්නේ නම් ඔයිට විරුද්ද පැත්තමයි..හිකිස්

      Delete
  15. නීති රීති නොදැන කරනවානම් සමාව දෙන්න පුළුවන්. දැන දැන වැරදි කරනවා කියන්නේ ඉතින්.............

    ReplyDelete
    Replies
    1. නමට තියෙන නීති බං.. යුසර්ලා සහ මොඩරේටර්ලා ඔක්කොම එකයි.

      Delete
  16. මම හිතන්නේ මගේ නිර්මාණ වලින් යැපෙන පහත් ජන්ම ලාභීන් සෑහෙන ගණනක් බලු කිරියේ ඉන්නවා. මේ නිරිසත්තු හිතන්නේ තමන් හෙළුවෙන් ඇවිද්දත් ඒ ඇවිදින්නේ හෙළුවෙන් නෙවෙයි කියන ආකාරයටයි. නිදහසට කියන තවත් අලජ්ජි කතාවක් තමයි ෆෝරම් එකක ඔනෑ දෙයක් කරන්න පුළුවන් කියන එ‍ක. එහෙනම් මොන කෙහෙම්මලකටද අර චර්යා නීති දාගෙන තියෙන්නේ? නිර්මාණ හැකියාව නැති මේ නපුංසකයෝ තමන් නපුන්සක බව දන්නෙ නැතිව නිර්මාණ ජාතක කරන්නට යාම තමයි අපේ කරුමය. මම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ඔවුන්ට පැමිණිලි කළා මේ නපුන්සක වැඩේ නීති විරෝධී බව. අද වනතුරු උත්තරයක්‌ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පැමිණිලි කරලා වැඩක් නැහැ විචාරක.. මම එයාලගේ ෆෝරම් එකේ එකවුන්ට් එකකින් එයාලගේ ෆෝරම් එකේ නීති රීති ගැන විමසුවා ඒවා මට ලැබුනා ..
      ඒ වගේම මේ ගැන පැමිණිලි කලාම මොකද දන්නවද ඒ මොඩරේටර් කලේ මගේ එකවුන්ට් ඒක Ban කරලා දැම්මා..

      Delete
  17. කොපි කලාට කමක් නෑ ගත්තේ මෙතනින් කියල ලින්ක් එක දානවා නම්. එකවත් දාන්න සදාචාරයක් නැති එකයි කණගාටුව.

    ReplyDelete
  18. ආශ්චර්්‍යය කොලුවෝ ආශ්චර්්‍යය

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කොලුවෝ මේ වෙමින් පවතින්නේ හිකිස්

      Delete
  19. කොපි කරනව කීවම මතක උනේ, සින්දු කොපි කරන එක. එක එක ගායකයන්ගේ සින්දු වෙන කස්ටිය කියනව මුල් ගායකයාගේ නමක් ගමක් නොකිය. දැන් නම් ඒවට යම්තාක් නීති හැදිලා. තව කාලෙකින් මේවටත් නීති හැදේවි.
    ඕනෑ මගුලක් උස්සල, අදාළ සයිට් එකේ ලින්කුව දානවා නම් ගැටළුව බොහෝ දුරට විසදෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බොලන් පුරස්නේ

      Delete
  20. මගෙත් ලිපි කීපයක්ම උස්සලා තිබිලා මට හම්බුනා! එච්චර ගනං ගත්තෙ නෑ මං! උං එක්ක මරා ගන්නවර වඩා වැදගත් වැඩ තියෙනවනේ අපිට!

    ReplyDelete
    Replies
    1. මරා ගන්න හොද නැහැ ..එත් නිකන්ම ඉන්නත් නරකයි

      Delete
  21. මේවට කතා කරන එකේ තේරුමක් නෑ සහෝ...
    කොපි කිරීම තුච්චයි..
    සොභා දහමින් දඬුවම් කරයි.. ඉවසා සිටිමු...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියනවනේ..

      Delete
  22. ඕවට මොකුත් කියල වැඩක් නැහැ අප්පා..අපි කිව්වා කියල නවතින්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. නවත්තන්න ඕනේ නැහැ අනේ..එයාලා එහෙම කරද්දී අපි මෙහෙම කරමු...

      Delete
  23. කොහොම උනත් ලියන අය තමයි දන්නේ පෝස්ට් එකක් ලියන්න යන වෙලාව සහ කැපකිරීම..

    ReplyDelete
  24. මගේ පෝස්ට් මීට කලිනුත් ඕකේ දාලා තිබ්බා බන්.අනේ මන්දා අපිට ඕවාට කරන්න පුළුවන් දෙයක් නැහැ.රයිට් ක්ලික් කරන ඒක නැවැත්තුවත් ඕවා කොපි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්..ක්ලික් ඩිසේබල් කරන ඒක සාර්ථක ක්‍රමයක් නෙමේ බං

      Delete
  25. මමත් කියන්නෙ ලින්ක් එකත් එක්ක දාන මගුලක් දානව නම් තමයි හොඳ. ඒත් මට මොහෙමත් හිතෙනවා. බ්ලොග් ලෝකෙ බ්ලොග් ගොඩක් තියෙයි. ඒ හැම එකකටම මට යන්න බෑ. ඒ හින්දා මට යන්න බැරි උන සයිට් එකක වැදගත් ලිපියක් තිබුනොත් මට මගහැරෙනවමනෙ. ඒත් ඒකෙ කොපියක් මට වෙන කොහෑන් හරි හම්බුනොත්?? හරිනෙ? ඔය කෝපි කෙරිල්ලට වැඩියෙම්ම අහු වෙන්නෙ ටෙක් බ්ලොහග්, මට හිතෙන හැටියට.

    ReplyDelete
  26. කොච්චර කැත වැඩක් වුනත් ඉතින් මොකද කරන්නෙ? මට හිතෙන්නෙ කරන්නෙ තියෙන එකම දේ උස්සන්නෙ හොඳම නිර්මාණයක් කියලා හිත හදාගන්න එක. නරක නිර්මාණයක් කාටවත් උස්සන්න ඕනෙ නෑනෙ.
    අර කිව්වත් වගෙ ඉස්සුවෙ මෙතනින් කියලා කියන්න තරම්සදාචාරයක් නැති එක නම් හරිම කනගා‍ටුදායකයි.
    මම මුලදි බ්ලොග් පෝස්ට් වලට ජාලෙ ගූගල් දෙයියන්ගෙන් පින්තූර හෙම කීපයක් අරගත්තත් දැන් දැන් මම ඒවෙනුවට මමම පින්තූර ඇඳලා දාන්නෙ මොකද මට අර වැඩේටත් ගිල්ටි නිසා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් බං ලින්ක් එකක් දාන්න තරම් කාරුණික වෙන්නේ නැති ඒකනේ වැඩේ...

      උබ පින්තුර අදින එක හොදයි ඒවා මාර ගති බං

      Delete
  27. මේ තියෙන්නේ මගේ එකක් කට් පේස්ට් කරපු එකක්. මම මේක දැක්කේ මේ පේජ් එකෙන් මගේ බ්ලොග් එකට කව්රු හරි ඇවිත් තිබුන නිසා. එයා මගේ බ්ලොග් එකට ලින්ක් එක එන්න දාලා තිබුනා. ඒත් ගත්තේ මෙතනින් කියල කියල තිබ්බේ නෑ. අනිත් එක පොස්ට් එක ඇතුලේ සුදීක කියන මගේ අන්වර්ථ නාමය තිබ්බ නිසා හොඳයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1493892&highlight=%26%233512%3B%26%233524%3B%26%233546%3B%26%233517%3B+%26%233490%3B%26%233514%3B%26%233520%3B%26%233515%3B%26%233530%3B%26%233504%3B%26%233505%3B%26%233501%3B%26%233530%3B+%26%233523%3B%26%233512%3B%26%233484%3B+%26%233473%3B%26%233482%3B%26%233512%3B

    ReplyDelete
    Replies
    1. ලින්ක් දානවනම් හොදා ට්‍රැපික් හරි වැඩි වෙනවනේ..

      Delete
  28. නිර්මාණයක අයිතිය තියෙන්නෙ නිර්මාණකරුවාටයි. කියවූ නිසාම රසිකයාට එහි අයිතියක් නෑ. නිර්මාණ කරුවා අඥාත අවස්ථා වලදී වුවත් උපුටා ගත්තේ කොතනින්ද යනවග සදහන් කිරීමයි සදාචාරය.

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පුර්ණ අයිතිය නිර්මාණ කරුවට තමයි බං , රසිකයාට තියෙන්නේ රසවිදින්න විතරයි අයිතිකරගන්න නෙමේ ..

      එහෙම රසිකයාට අයිති වෙනවනම් වැඩියෙන්ම බලපාන්නේ ගායකයන්ට ඔය ජනප්‍රිය සිංදු එහෙම හැම එකාම කිය කියා සිඩි ගහයි . කාටවත් මුකුත් කියන්න බැහැනේ අයිතිය රසිකයාට කියයි..හිකිස්

      Delete
  29. කලකිරෙනවා මේවා දැක්කම...එක අතකට බ්ලොග් එකේ "කොපි" ෆන්ක්ෂන් එක ඩිසේබල් කරන ඒකත් හොඳයි වගේ. එතකොට කොපි කරනවානම් අකුරක් ගානේ ටයිප් කරන්න වෙනවනේ. අඩු ගානේ එහෙමවත් එයාලා මහන්සි වෙන්න ඕනේ..ගෙඩි පිටින් උස්සන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. එහම ඩිසේබල් කරන්න බැහැ සයුරි කරන්න පුළුවන් එකම විදිය ජාවා වලින් (මගේ බ්ලොග් එකේ වගේ ) එත් කොපි කරනවානම් කොපි කරන්න පුළුවන් පුංචි වෙනස් කිරීමක් විතරයි කරන්න වෙන්නේ..

      Delete
  30. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමා :(

    ReplyDelete
  31. මගෙත් දෙකක් ඉස්සුවා හැබැයි ලින්කුව දාලා තිබ්බා

    ReplyDelete
  32. Karna kata wady may wage lepiyakin nondi karla hari dana ony..(puluwannam hoyagena kana palana ona),
    Jayawewa,
    Sajith

    ReplyDelete
  33. එලකිරිය ටත් වැඩිය බුකියේ පේජ් වල ඉන්න ඇඩ්මින් වේසිගෙ පුතාලා තමයි පට්ටම හොරු.උන් image දැම්මත් එකේ watermark එක මකලා දානවා....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..බුකියේ උන් ලයික් ඉල්ලන්න දාන්නේ අනුන්ගේ බ්ලොග් ලිපි තමයි ..

      Delete
  34. aththa kathawa aiye.math facebook eke ananthawath dakala tiyenawa copy paste karapu ewa.owa maha ketha wada

    ReplyDelete
  35. එළකිරියේ GT කියන්නේ බයෙන් ජිවත් වෙන චරිතයක්. කවදාවත් එළිපිට පෙනීසිටින්නේ නැහැ. ඔය නීති රීති දැම්මට ඔකේ ඇඩ්මින් පවා ඔය පහත් පොස්ට් වලින් ස්වයං වින්දනයේ යෙදෙනවා.

    එලකිරියෙන් මිනිස්සුන්ට ඇති ප්‍රයෝජනයක් ඇත්තෙම නැති තරම්. තියෙන්නෙම කුණු හරුප. ආගමික සටන් , නැත්නම් කාට හරි මද ගහන ඒවා. නීතිරීති පද්ධතියක් නැති වල බිහි උන වෙබ් අඩවියක්.

    ReplyDelete
  36. ඕකෙ ඉන්න මොඩරේටර්ලයි, අැඩ්මින් කාරයයි පො*&(^* හැත්තක් මචන්.මමත් එලකිරියට අාවෙ මේ අවුරුද්දෙ.මමත් ඔය බ්ලොග් වෙබ් සයිට් වල තියන ලිපි දාල එ්වගේ ලින්ක් එකත් දැම්මා උපුටාගැනීම කලේ මෙතනින් කියල.මොකද වෙන කෙනෙක් ලියපු ලිපියක් මගෙ වගේ දාන්න මට පිස්සුවක් නෑනේ.එ්ත් පෝස්ට් තුන හතරක් දානකොට මෙන්න මොඩ්ඩෙක් කියනවා ස්පෑම් කරන්න එපාලු වෙන සයිට්වල ලින්ක් දාල.පස්සෙ මම බලුකිරියෙන් අයින් වුනා වැඩක් නෑනෙ.ඔන්න ඕකයි බලුකිරියෙ තත්වෙ.

    ReplyDelete
  37. හරිනං එළකිරියේ වැටෙන්න තරම් වටිනා ලිපියක් ලිව්වා කියල සතුටු වෙන්න ඕන.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...