14 November 2012

ප්‍රේමය මෙයද නෑ මට වැරදි ඇතිය...


   

නාදුන  කෙනෙකු හා රිය තුල තුරුළු වෙමින්

ඔබ  යන  අයුරු    දුටුවා    මා      උදෑසනින්

පෙර  එක්  දිනෙක  මා  හා  දෑගිලි    පටලන්

ගිය හැටි  මතක්  වුනි මා  හට  යලිත්   වරක්



පාසල්  සමේ  එකටයි  දෙන්නා  සිටියේ

එක පංතියේ එකටයි අකුරුත් කෙරුවේ

ශිල්ප සතර  නම්  නෑ මගේ සිත රැදුනේ

ඔය මුව කමල පමනයි සිහියේ  තිබුනේ



නොදැනිම කාලයත් ටික ටික ගෙවී ගියා

ප්‍රේමය  අපට  නොදැනිම  දළුලා  වැඩුනා

ආලය  නිසා  පාඩම්  වැඩ  මග   හැරුනා

                               මට නොදැනිම  *උ /පෙළ  ලගටම  ආවා            (*උසස් පෙළ )



ඈ  හා    යන්න   සරසවියට     මැව්    සිහින

එකිනෙක බොද   වෙනා  සැටිනම්  දුටිමි  මම

ප්‍රථිපල  එනෙන  බව   දැනගත්   විටදී    හෙට

මගේ ප්‍රථිපලය  ගැන නම්  සැකයක් නොමැත



පේරාදෙනිය  සරසවියට   ඈ   ඇදුනා

සිතුවා ලෙසම තනිකම මා ලග රැදුනා

පාසල් වියේ  තිබු  ප්‍රේමය මිය  ඇදුනා

ආලය අන්ධ බව නම් මා හට  දැනුනා



අඩියෙන්  අඩිය  ඈ  ඉදිරියටම   ඈදුනා

උරුමය ලෙසම කරුමය මා ලග රැදුනා

පාසල්  සමේ  ප්‍රේමය  සිත  තුල  සගවා

මගේ  පැල්පතේ  අදුරේ   මා    ගුලිවුවා




අද  ඈ  සිටින  තැන  මා  හට  දුර  වැඩිය


මා   හා    සිනාසිමත්   ඈ     හට     මදිය

ප්‍රේමය   මෙයද   නෑ  මට  වැරදි   ඇතිය

එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය 
                                                
             




51 comments:

  1. උඹ ඕව ගණන් ගන්න එපා බන්,වෙන එකෙක් එක්ක තුරුළු වෙලා යන කෙල්ලෙක් උඹට හම්බුනේ නැති එක ගැන සතුටු වෙයන්. මොකද යන එකා අනිව කවද හරි යනව. කසාදෙ කරගන්න කලින්ම කෙනාගෙ හැටි දැන ගන්න පුළුවන් උන එක ලොකු දෙයක්.

    ReplyDelete
  2. හි හි... දුකයි නං තමයි මලයෝ.. ඔය වගේ දේකට මූණ දුන්න කෙනෙක්ම තමයි ඕකේ විඳවිල්ල තේරුම් ගන්නේ .. ඌ මහා ගොනෙක් කියලා කියන්න ගොඩක් කට්ටිය ඉඳියි...

    ලවු නං මළ කරුමයක් බං.....

    ReplyDelete
    Replies
    1. ලව් නම් මල ඉලව්වක් බං අක්කේ ..

      Delete
  3. ඇත්තනෙ...ඉගෙන ගන්න කාලෙ කෙල්ලො දිහා බල බල ඉඳලා විභාගේ ඇණ ගත්තට පස්සේ ඔහොම වෙනවලු...අර කවි ටික නියමයි...මුළු කතාන්දරයම කවියෙන්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා.. ගොඩක් කොල්ලන්ට වෙන වැඩක්.. කොල්ලෝ අවංකයි කෙල්ලෝ චපලය..

      Delete
    2. අන්න අන්න.. ඒ කතාව අන්තිම අසාධරණයි...

      කොල්ලන්ට වැඩිය කෙල්ලො පොළවේ පය ගහලා ජීවත් වෙන්න හදනවා... මොකද එයාගේ අතේ ජීවිත කීපයක්ම රැඳිලා තියෙන නිසා... ( අම්මලා තාත්තලා, ළමයි, මිනිහා.. ) ආදරෙයි ආදරෙයි කිය කිය විභාගේ අනාගෙන රස්සාවක් හොයා ගන්න බැරි එකා අතෑරලා කසාද බඳින්න ටිකක් සල්ලි තියෙන එකෙක් හොයා ගත්තේ නැත්තම් ආදරේ කාලා ජීවත් වෙන්නද..

      කොල්ලෝ දැන ගන්න ඕනේ කෙල්ලෙක්ව කසාද බඳින්න අදහසක් තියෙනවා නම්, තමන් ඉස්සර වෙලා ජීවිතේ හදාගන්න ඕනේ කියන එක හිතට ගන්න.. ආදරේ රසවත් වෙන්නේ හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් හදාගන්න දෙන්න එක්කම මහන්සි වෙනකොට.. ( පස්සේ කාලෙක මතක් කරලා සතුටු වෙන්න ඉතුරු වෙන්නේත් එච්චරයි) නැතුව ක්ලස් කට් කරලා අත් අල්ලගෙන පාක් ගානේ, බීච් දිගේ දවස තිස්සේ ඇවිද ඇවිද ඉන්න එකෙන් නෙවෙයි...

      Delete
    3. හිරු ..කතාවනම් සම්පුර්ණ ඇත්ත..
      ඒත්,

      එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය ..

      Delete
    4. ඈ බං... ඉතිං ඒකට කෙල්ලො චපලයි කිව්වම හරියනවද...??? හි හි

      Delete
    5. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහපිය මරා දාපිය කියන්නේ කට කහනවට ඈ? :D
      ඒ වගේම පිරිමි ජාතිය උතුම් ජාතිය මල් පුදා වැදාපිය කියන්නෙත් කට කහනවට එහෙම නෙවේ ඈ
      හූ ඈ :D

      Delete
    6. කාන්තා විමුක්තියේ දෝංකාරය.. "හිරු"...... :-)

      මොනවා වුනත් උඹ කියපු ටික මල් මසුරන්...

      Delete
  4. මචං සිරාවටම දුක්බර කේස් එකක්. ඇත්තටම ඉහත සඳහන් කොල්ල ගැන මට දුකයි. හැබැයි ඒකා අවංක මෝඩයෙක්. ඔය සිද්දිය ඔයිට වඩා වෙනස්ව සිදු වුන මම ඒක පොස්ටුවකින්ම දාන්නම් ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ කියන්නේ එකටනේ බං .. ඔන්න එහෙනම් පොස්ට් එකක් දාපන් හරිය ..

      Delete
  5. සත්‍ය ප්‍රේම භෘංග රාජයෝ (SPBR) කියන කොට්ටාශයට හැමදාම වගෙ අත්වෙච්ච ඉරණම ඕක තමයි. බලාපං කෙල්ලට මූට තිබිච්ච ඇම්ම තිබිලා නෑනෙ, ඒකනෙ විභාගෙත් ගොඩදාගත්තෙ.

    ඕක වැඩිහිටියො දකිනවා. දැකලා අවවාදත් කරනවා. නමුත් ඒ වෙලාවට ආලෙන් අන්ධ වෙලා ඉන්න SPBRට පේන්නෙ ඒවා සතුරුකම් හැටියට.

    ආදරය සමහර වෙලාවට අන්ධ විතරක් නෙවෙයි, ගොලු සහ බිහිරියි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ ලව් කරලා විභාගේ ඇන ගත්තොත් ඒ කොල්ලෙක් බොහෝ දුරට කෙල්ලෙක්ට එහෙම වෙන්නේ නැහැ ඒ අතින් බලපුවම කෙල්ලෝ බුද්ධිමත්,

      Delete
  6. ඔන්නෝවා අල්ලලා දාපන් බං.....මුහුදෙ ඉන්නෙ එක කෙල්ලයැ...?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේන්නම් .. මට දන්නේ මතක් උනේ මාළු ගොඩක් ඉන්නවා .

      Delete
  7. ඉස්කෝලේ යන කාලේ ට්‍රයි කරනවානම් කැම්පස් යන්නේ නැති කෙල්ලෙක් හොයාගෙන ලව් කලානම් හරි හෙහ් හෙහ් හ්හේ.... කොයි කෙල්ලත් එකටයි බං.. ඉන්න ඕනේ වුනාම ඉන්නවා යන්න ඕනේ වුනාම දමල ගහලා යනවා.

    ReplyDelete
    Replies
    1. හික්..හික්..ඒක ඇත්ත , ඇයි කොල්ලොත් එහෙම තමයි බං

      Delete
  8. කෙල්ලන්ටම දොස් කියලත් බැහැ අපිත් මෝඩයෝ වෙනවා ආදරේ හින්දා බන්.

    ReplyDelete
  9. අප දෙදෙනයි එකට එහෙ මෙහෙ ගියේ...
    ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ...
    ඈ සමගින් එදා ඒ මා තමා..
    අද නැතුවා වගෙයි ඈ මේ ගමේ....

    සිසිර සේනාරත්න මහත්තයත් බොලාට කලින් ඔය ගැනම කියලා තියෙනවා නොවැ...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ගොඩක් අය කියල තියෙනවා .

      Delete
  10. උඹට මෙච්චර අපරාධයක් වුනාද බං ?

    ReplyDelete
    Replies
    1. මට නෙමෙයි බොල ,එක්සෑම් ඇන ගත්ත කොල්ලෙක්ට ,

      Delete
    2. හික් හික් මට හිතුනා කොල්ලා මෝඩයෙක් නෙවෙයි කියලා.

      Delete
  11. හන්තානට පායන සඳ ගීතයට පාදක වෙලා තියෙන්නෙ මේ වගේ සිද්දියක්..

    උඹ ගාව කවි කාරයෙකුත් ඉන්නවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා මම හරි ආස සිංදුවක් ඒක,
      මම ගාව හැම ජාතියේම උන් ඉන්නවද මන්ද බං ..

      Delete
  12. patya...elaya...bokatma...wadunaya...
    Jayawewa,
    Sajith

    ReplyDelete
  13. කාට කාටත් අවසානේ වෙන්න ඕක තමයි :(

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. තවම ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ මේවා හිතට ගන්න ඕනේ .. නැත්නම් වෙන්නේ මේක තමයි .

      Delete
  14. නිසි කලට වැසි ලැබෙන්න ඕනේ.

    අපරාදේ ජිවිතේ.දෙගොල්ලොන්ටම පොදු දෙයක්.

    ReplyDelete
  15. යන්නට වුනේ නෑ මාහට සරසවිය
    හේතුව මේ වගෙම කෙල්ලෙක් හින්දාය
    ලිව්විට ඒ ලෙවල් මට තරු විසිවීය
    කෙල්ලත් ඩවුන් විය ඒ පසු වසරකය

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කවිනේ...සුදිකටත් මොනවා හරි වෙලා වගේ..

      Delete
  16. හන්තානට පායන සද ලස්සනයිද බලන්න
    මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න!!!!!

    අත්දැකීම දුක්බර වුනාට කවි ටික ලස්සනයි. ජීවිතේ ඔහොම තමයි. හැම වෙලාවෙම හැම දේම හැමෝටම ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලැබෙන දේට වඩා නොලැබෙන දේවල් වැඩිලු නේද ..

      Delete
  17. ම්ම්ම්.... ලව් ඉලව් කියන්නේ ඕකනේ..... මේක කියවනකොට මට මතක් වුනේ " හන්තානට පායන සඳ" මං ආසම ගීතයක්......

    ReplyDelete
    Replies
    1. හන්තානට පායන සද " මමත් ආසම සිංදුවක් තමයි ,

      ඉලව් ලව් ..

      Delete
  18. සුපිරි.....
    ප්‍රේමය මෙයද නෑ මට වැරදි ඇතිය
    එය වැටහෙනා විට කාලය ගොස් වැඩිය....

    ReplyDelete
  19. මම අත්දැකලා තියෙන දෙයක් තමයි කොල්ලා කැම්පස් තේරුනාට පස්සේත් ඒ ලව් එක එහෙම්ම තියෙනවා. ඒත් කෙල්ල කැම්පස් තේරුනාට පස්සේ ඒ ලව් එකට කණ කොකා හඬනවා. නමුත් මේ දෙකේම අනිත් පැත්ත සිද්ධ වෙන අවස්තාත් නැතුවම නෙමේ. ඒත් වීරලයි.

    හැමදාම මගේ ටැංකියට ඇවිදින් කියවලා කමෙන්ට් කලාට අදමයි මෙහාට්ට එන්න උනේ. ඔන්න අද ඉදන් මාත් මේ බ්ලොගයේ නිත්‍ය සාමාජිකයෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගැහැණු හිත් ඉක්මනින් වෙනස්වෙන සුළුයි..

      ස්තුති මේ පැත්තේ ආවට මාළු යාලුවේ ..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...