23 November 2012

තාත්තාටත් විලිරුදාව.............



අද මම කියන්න යන්නේ පුංචි ගැමි කතාවක්  නිකන්ම කතාවකුත් නෙමේ පිරිමි පාර්ශවේ උදවියට ටිකක් හිතල බලන්න වටිනා කතාවක් ..

ඔන්න බොහොම ඉස්සර කාලෙක  හද්දා පිටිසර පළාතක ගොවි පවුලක් ජිවත් උනාලු .. ඉතින් මෙන්න මේ ගෙවිලියට පඩි පෙළ වගේ ළමයි හත් අට දෙනෙක් ම ඉන්නවලු ... දැන් කාලේ වගේ නෙමේනේ ඒ කාලේ ඇති පදම් ළමයි හදන්න පුළුවන් නඩත්තුවටයි කියලා වැඩි වියදමක් යන්නෙත් නැහැනේ . දැන් කාලේ එකෙක්ට වඩා හදන්න අමාරුයි ආර්ථිකය ගොඩ නැගිලා තියෙන විදිය තමයි අශ්චර්යද මොකක්ද කියනවනේ ඒකටත්..

හ්ම්ම් ආයෙත් යමු එහෙනම් කතාවට ..  

ඉතින් කොහොමින් හරි ආයෙමත් කාලයක් යනකොට මේ ගෙවිලිය ආයෙමත් ගැබ්බර උනාලු  ඉතින් බොහොම අමාරුවෙන් බඩකුත් උස්සගෙන ඇවිදින මේ ගෙවිලිය දකින කොට  ගමරාලගේ හිතටත් හරිම අමාරුයි .. මොකෝ ලේසි පාසු දුකක් යෑ ළමයි හත් අට දෙනෙකුත් හදාගෙන මේ උන්දා වින්දේ ඒ මදිවට ළමයා හම්බවෙන වෙලාවට  විලිරුදාවෙන් විදින වේදනාවත් සුළුපටු නැහැනේ  ..ළමයි හත් අට දෙනෙක්ම ගෙදරම හම්බවෙද්දී  ඇතිවුන වේදනාව ගැන  හොදින්ම දාන්නා ගමරාල මේ ගැන හිතල ගොඩාක් කනගාටු උනා ...

“ මගේ ඉවසීමක් නැති කමෙන් මේ ගෑනි දුක් විදිනවා මේකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ” කියලා හිතපු ගමයා ගම හාමිනේ කෙරෙහි ඇතිඋන දැඩි ආලයත් හිතේ තියාගෙනම.. තමන් නිතරම වැදුම් පිදුම් කරන වනන්තරේ ගහක ඉන්න ව්‍යුක්ෂ දේවතා ගස යටට ගොස් යාතිකා කරන්න පටන් ගත්තා ..

දවස් ගානක් ඔහොම යද්දී ගසේ ඉන්න දෙය්යොත් ගමයා ගැන දුක හිතිලා අතු අතරින් ඔලුව එහෙම ටිකක් එලියට දාලා කතා කරනවා ...

“ කිමෙක්ද ගමය තා හැමදාම මාගේ වාස භවනට විත් කන්නලව් කරනවා තට උවමනා දෑ වහාම පවසව"

“අනේ දෙවියනි මගේ මායියට ආයෙත් ළමයෙක් ලැබෙන්න . උන්දැ ළමයා හම්බ වෙද්දී විලි රුදාවෙන් 
විදින දුක මට දරාගන්න බැහැ දෙවියනි “

“තා කුමක්ද මාගෙන් ඉල්ලන්නේ  එය ගැහැනුන්ට උරුම දෙයකි  එය වෙනස් කල නොහැක “

“එහෙනම් දෙවියනි ඒ වෙලාවට ඇතිවෙන විලිරුදාවෙන් බාගයක් උපදින්න ඉන්න ළමයාගේ පියාටත් ලැබෙන්න සලස්වන්න දෙවියනි  මා ලෑස්තියි  එය විදින්න “

“හොදයි තා බලාපොරොත්තු වන ලෙසටම මවට වගේම පියාටත් විලිරුදාව හැදෙයි “

එහෙම කියපු දෙවියා අන්තරස්දාන වෙනවා .. ගමයත් බොහොම සතුටින් ගෙදර යනවා ..

ඉතින් කාලය සම්පුර්න වෙලා අදාල දිනේ උදාවෙනවා ගම හාමිනේට ළමයා ලැබෙන දිනේ
දැන් දෙවියෝ කියපු විදියටම ගමරාලත් වෙදානාව විදින්න ලැස්ති වෙලා එහෙම  හාමිනේට යාබද ඇදක හන්සිවෙලා  ඉන්නවා ... වෙලාවක් යනකොට ගම හාමිනේට ළමයා ලැබෙන්න ආසන්න වෙලා විලි රුදාවෙන් කෑ ගහනවා ඒත් ගමරාලට කිසිම වෙනසක් නැහැ ..

“හෑ දෙය්යන්ට පොරොන්දුව අමතක වෙලා වත්ද “ ගම රාළට එයිට වඩා දෙයක් හිතන්න ලැබෙන්නේ නැහැ

මර ලතෝනි දීලා ගේ අද්දරින් කෑ ගහන සද්දයක් ඇහිලා ගමරාලාත් දුවලා ගිහින් බලනවා .. එතකොට තමයි ගමරාල දකින්නේ ...

අල්ලපු ගෙදර ගමරාලට විලිරුදාව හැදිලා  ...


______________________________________________________________________________

මේ  කතාව මට suminda කියලා  නාදුනන කෙනෙක් ඊමේල් එකට එවලා තිබුන  එකක් කතාවක් විදියට ලියලා දාන්න කියලා  ඉතින් මට හැකි අයුරින් මම ඒක වෙනස් කරලා හැදුවා  ..ස්තුතී  සුමින්ද .




 ---------------------------------------------------------------------------------------------------------------------------------------


ප.ලි :- මගේ පොස්ට් එකක් ගැන ප්‍රශ්නයක් ඇදගත්තු කෙනෙක් වෙන කෙනෙක්ගේ බ්ලොග් එකකට ගිහින් මට විරුද්දව කමෙන්ට් කරලා ඒ පොස්ට් එක පුරාම ජරා කරලා තිබුනා දැක්කා ඊයේ වෙච්ච වැඩේ මම හරියටම දැක්කේ අද උදේ ඉතින් මම ඒ ජරා ගොඩ හෝදන්න ගියේ නැහැ මොකද ඇනොනිමස් ආතල් මට වැඩක් නැති නිසා එත් පොඩි අත් බේතක් කළා ගද නැතිවෙන්න ..ඔව් පිළිතුරු දුන්නා ඒ ඒ තැන්වලම...

තවමත් ඒ ඇනොනිමස් ලා මේ පොස්ට් කියවන්න එනවනම් කරුණාකරලා ආයේ මේ බ්ලොග් එකට එන්න එපා . ඒක කාගේ කාගේත් හිත සුව පිණිස හොදා... මොකද මම පොස්ට් ලියපු විදිය ඉදිරියටත් එහෙම්මමයි ... වැඩි දුරට ඒ ගැන කියන්න හදන්නේ නැහැ මම අදාල තැන් වලම පිළිතුරු දීලා තියෙන නිසා... 

52 comments:

  1. ඊට පස්සෙ ගෑණු අයම කිව්වලු. නෑ අපිටම දෙන්න කියලා....

    ReplyDelete
    Replies
    1. @මාතලන්
      ඔව් ඔව් ඕවා මාට්ටු වෙනවට වඩා විලිරුදාව හොදා කීවාලු

      Delete
    2. සයිලන්ට් සහන් මේ බ්ලොග් එකට ආවේ අද උනාට මම ඔය නමින් ඉන්න කෙනෙක්ව හොදට අදුනනව වෙන ෆෝරම් එකක හිටි කාලේදී ඒ ඔයා වෙන්න ඕනේ එහෙමනම් අපි පරණ යාලුවෝ ..

      Delete
  2. Replies
    1. ඇනෝ ල යනු පොන්නයෝය .. ඔන්න මගේ මතය මචෝ..

      Delete
    2. හික්... ඒ කථාවනම් ඇත්තම තමයි

      Delete
  3. විලි රුදාව ගෑනු අයටම තියෙන එකත් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට ගෑනුන්ගේ හොර මාට්ටු වෙන්නේ නැහැ පිරිමින්ට විලි ලජ්ජා විදින්න වෙන්නේ නැහැ

      Delete
  4. ආය ළමයි හැදිල්ල එපා වෙන්නැති නේද..

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ගෑනුන්ට ළමයි හදලා දෙන එක එපා වෙලා

      Delete
  5. උඹ ලියන ඒව කියවන පිරිසක් ඉන්නවා. අහල තියෙන කතා දැම්මම මම කෙලින්ම කමෙන්ට් කරනවා ඒක අහපු එකක් කියල. අනික අහපු කතන්දර මතක් කර ගන්න සපෝට් එකක් උබ දෙනවා.

    ඇනෝට ප්‍රති උත්තර දීම, නොදීම උබේ වැඩක්. මම නොමකා තිබ්බේ උබට පේන්න. අනික බලපං ඒක නිසාම උබේ බ්ලොග පැත්තට කීදෙනෙක් එන්න ඇතිද ??

    මම වුනත් කැමතී ඇනෝලා ගේ ඇත්ත මුහුනු අදුනගන්න. කියන දේ කෙලින් කියන එක හොදයි.

    ජය !

    ReplyDelete
    Replies
    1. මම ඔය ඇනෝ ලට උත්තර දෙන්න කැමති නැති නිසයි සද්ද නැතුව හිටියේ..තමන්ගේ අනන්‍යතාවය හංගගෙන කතා කරන අයට උත්තර දෙන එක තේරුමක් නැති වැඩක්.. එත් උත්තර තියාගෙන සද්ද නැතිව ඉන්න ඉන්න එකත් තේරුමක් නැති නිසා උත්තර දුන්නේ ..

      ඔය ඇනොනිමස් ලා කවුද කියලා හොයාගන්න පුළුවන් ඔතන ඇනෝ දෙන්නයි ඉන්නේ එත් උන්ගේ ආතල් උන්ට ගන්න දීලා සද්ද නැතිව ඉන්න එක තමයි හොද...

      Delete
  6. මචන් කතාවේ අන්තිමට ගැහැණු කීවලු දෙයියන්ට එක ආයෙත් වෙනස් කොරල දෙන්ට කියල.

    මේ එක නෙමේ උඹ මාවත් අල්ලගත්ත නේද අනෝ කොමෙන්ට් දැම්ම කියල, මචන් මම එවෙලේම උඹට කීවේ මම දෙයක් කියන්නේ මගේ අනන්‍යතාවය ඇතිව මොකෝ මම කාටත් බය නැහැ කියන්න තියෙන දේ කියනවා.
    මම දැක්ක උඹ උත්තර දීල තියෙනවා ඔක්කොටම..:D

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඔව් නැත්තන් ඉවරනේ ..

      උබව අල්ල ගත්තේ නැහැ බොල ... සැක කළා විතරි එත් අර හේතුව නිසා කියල මම කිව්වනේ , ඔය දැන් කෑ ගහන ඇනෝ මාත් එක්ක ගේම ඉල්ලන්න හේතුවත් ඔය වගේ කමෙන්ට් එකක් පබ්ලිෂ් නොකිරීම (සමහර කමෙන්ට් නිකන්ම ස්පෑම් වලට යන විත්තිය මම හරියටම දැනගත්තේ ඊයේ බං ):D

      Delete
  7. කතාව එල ..... අකුරු පේනවා මදි ඒකනිසා පොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩිකරන්න චමි ..... ජය

    ReplyDelete
    Replies
    1. අකුරු පේනවා මදිද . නොර්මල් පොන්ට් සයිස් එක තියෙන්නේ බං , මම අකුරු ලොකු පොඩි කරගන්න පුළුවන් ගැජට් එක හොයලා දැන්නම්.. තැන්ක්ස්

      Delete
  8. හික්ස් මදැයි කොරා අපි පව් අප්පා :)

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. පව්දත් අහනවා

      Delete
  9. අල්ලපු ගෙදර එකා කෑ ගානවා දැක්කම නම් නම් ගමයට රුදාව හැදෙන්න ඇති.. :D

    සිරා කතාවක් මචන්.. උඹ ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  10. කතාව කලින් අහලා තියෙනවා උනත්..මේ තරම් රසවත් නෑ..... දැක්ක නේද හොරේ...

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හොරෙ මාට්ටු

      Delete
  11. කලින් අහලා තිබුනා .මේ ලියපු විදියත් හොදයි .

    ReplyDelete
    Replies
    1. එළ... මමත් අසා තිබුනා, මේ වර්ෂන් එක ඊයේ හැදුවේ

      Delete
  12. චමී..මම මේක රහසින් අහන්නෙ.කෝ කන මෙහාට කරපන්........(අර කෑ ගගහ දුවපු එකා උබ නෙමෙයි නේද?) හරි මචන් අපි පස්සෙ හමු වෙමු හරියෙ?

    ReplyDelete
    Replies
    1. හික්..කෑ ගහන්න එපා බං ලෝකයා වැරදියට හිතයි මම අහිංසකයා ,
      හරිය මචන් පස්සේ හමුවෙමු ..

      Delete
  13. හෙහේ..ඒකත් හොඳ වැඩේ නෙව...තමන්ගෙ මායියා විශ්වාස කරන්න බැරි තැනකුත් ඇවිල්ලා ගමයට..
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. එක නෙවෙන්නන් ...
      හප්පේ ..ප්‍රර්ථනා ගොඩයි ..ඔබටත් එසේම වේවා !!!

      Delete
  14. පට්ට විදියට ලියල තියනවා චමියා .....

    ReplyDelete
  15. හපොයි විදේශ සම්බන්ධතා එලිවෙලා!

    ReplyDelete
  16. හිකිස් හොරෙ මාට්ටු.................

    ReplyDelete
  17. thanks... chami.... please read your gmails

    ReplyDelete
    Replies
    1. ඔන්න සුමින්ද මම ඔයාගේ කතාව දැම්මා...

      (මේල් එක බලන්නම් )

      Delete
    2. හික් හික් ..ඒ මොකද බං මම මේල් එක බැලුවා ඔන්න එහෙනම් මම අයින් කළා උබේ කැමැත්තක්..

      Delete
  18. නියම කතාව මීට කලින් අහලා තිබුනට මෙච්චර රසවත් විදියට අහලා තිබුනේ නෑ..

    අයියේ අකුරු වල සයිස් එක ටිකක් ලොකු කරන්නකෝ කියවන්න ටිකක් අමාරුයි. අදමයි මේ පැත්තේ ඔන්න ෆලෝ පාරකුත් දැම්මා දිගටම එන්න්ම්කෝ.. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න නංගියො අකුරු ලොකු කලා,
      ස්තුති ආවට ආයෙත් එන්නකෝ

      Delete
  19. ඔය කථාවෙ වෙන වර්ෂන් එකක් මම අහලා තිබුනෙ...කාන්තාවන්ට පමණක් විළිරුදාව හැදෙන එක අසාධාරණයි කියලා ශක්‍ර‍යාට කාන්තාවන් පිරිසක් පැමිණිලි කොලා... ඒ අතර ශක්‍ර‍යාගෙ හාමිනෙත් හිටියා... දෙන්නට වේදනාව භාගෙ භාගෙ දැනෙන්න වැඩේ තීන්දු කලා අන්තිමට...

    කථාවෙන් කථාවෙන් ශක්‍ර‍යගෙ භාරියාවටත් විළි රුදාව හැදෙන දවස උදා වුනා... ශක්‍ර‍යා තමන්ටත් අමාරුව දැනෙන තුරු බලාගෙන ඉන්නකොට තමයි දොරටු පාලයෙක් විලාප තියාගෙන දුවලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි එකනම් නියම කතාව .. හය්යෝ ශක්‍ර

      Delete
  20. හයියෝ සල්ලි.... මම නම් අහලම නැති කතාවක්...මරු... :))))

    ReplyDelete
  21. නියම කතාව චමී. හැබැයි දැන් තාත්තලාටත් විළිරුදාව දනවනවා. ඇයි ? එයාලට බලා ඉන්න ඉඩ දෙනවානෙ බබා ලැබෙනකල්. එතකොට ඉබේම විඳින්නට වෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට අම්මලාට හැදෙන්නේ නැහැනේ බං..දැන් ගොඩක් සිසර්නේ කරන්නේ..දැන් අම්මලා විලිරුදාව අදුනන්නේ නැහැ ...:D

      Delete
  22. එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් වගේ :D

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...

      Delete
  23. අද හෙම ඔහොම උනානම වසල හමාරයි....

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...