28 November 2012

අසරණයෝ "ඉල් මහේ පොහොදිනක සිදුවූ සත්‍ය කතාවකි.



ළයව් එකෙක්වත් මගේ දෑහට පෙන්න ඉන්න එපා  . මක බෑවිලා පළයව් “

පලින් පල කැඩි මඩ හුණු පැල්ලම් වලින් අතොරක් නැතිව ගැවසීගත්  මිටි බිත්තියට වාරුවී  අමු තිත්ත කුණු හරපෙන් අමරදාස මේ දෝස්මුරය තබමින් සිටියේ තමාගේම බිරින්දාටය. තමාගේම දරුවන්ටය . ගෙදරටම ඉතිරිවී තිබුණු පුටු කබල් තුනෙන් දෙකක කැබලි  මිදුල අද්දර බේලි ගස අසල විසිරි තිබුණි .

 හැලි ඇතුළු මැටි භාජන කිහිපයක සුන්බුන් කුස්සිය පැත්තේ දිය මැස්ස අසල විය . පා පහරකින් විසිවී ගිය බාත් හැලියේ බාත් සුනු කුඩා මඩුවක් වැනි කුස්සි කෑල්ලේ දසත විසිරි තිබුණි .වැහැරි  ගිය කෙසග සිරුරක් ඇති දැලි කුණු වැකුණු රෙදි කඩක් හැද  සිටි සුමානාවති දෙනෙතින් රූරා හැලෙන කදුළු කැට  දෙකොපුල් දිගේ ගලා හැලෙද්දී පොඩිඋන් තුන්දෙනා තුරුළු කරගෙන මිදුලේ කොනක ගැහි ගැහි උන්නාය .

බියෙන් ත්‍රස්ත  වූ පොඩි එකාගේ දෙපා ගැහෙමින් තිබිණි . ආයාසයෙන් සකසාගත් බත් පතවත් රස බැලීමට ඔවුන්ට නොහැකිවී තිබුණි . ඒ අමරදාසගේ නිවසේ හවස් වරුව වන විට දැකිය හැකි දින චර්යාවේ එක අංගයකි .

ස්ථිර ආදායම් මාර්ගයක් නැති අමරදාස දිනෙක මේසන් වැඩ වලට අත් උදව් දුන්නේය . තවත් දිනෙක ලි කපන්නන් හා එක්ක වැඩට ගියේය . තවත් විටෙක ඔහු පොල් පරලා පලන්නෙක් විය . කෙතරම් වෙහෙස මහන්සියෙන් උපයාගත්තද හවස් වන විට ඔහුගේ කුලී මුදලින් වැඩිකොටසක් ජලයට දැමු අයිස් කැටයක් මෙන්  කසිප්පු වීදුරුව තුල දියවී  ගියේය . එබැවින් දරු පවුල නඩත්තුවට හේ වියදම් කලේ අල්ප මාත්‍රයක  ප්‍රමාණයකි . මේ නිසා දිනෙන් දින සිය පවුල දිලිදු බවේ අගාධයටම ඇදෙන බව ඔහුට නොපෙනුනේ මත්පැන් රකුසා ඔහුගේ මනස වසා සිටි බැවිනි .

තම පවුල වැටී තිබු අගාධයෙන් ගොඩ ගැනීම වෙනුවට ඔහු කලේ දිනෙන් දින විනාශය කරදර කැන්දමින් තව තවත් අගාධයට තම පවුල රැගෙන යාමයි .

දරු තිදෙනාගේ ඉගැන්වීම වෙනුවෙන් අවසානයේ සුමන්නවති නිවෙසක බැල මෙහෙවර කම් කිරීමෙන් මුදලක් උපයා ගැනීමට තීරණය කලාය. මුළු දිවා වරුවම වැඩ කර හවස දෙක විතර වන විට ගෙදර එයි . දරුවන් හා එක්ව දවාලට බඩට දාගන්නට යමක් හදන්නේ ඉන් පසුවය. කෙසේ උවත් අමරදාසගේ කසිප්පු ටිකේ අනුහසින් ඔවුන්ට ඒ අහරත් නොලැබී යන අවස්ථාද එමටය .

“මේක මගේ කරුමේ. මගේ අතේ පයේ හය්ය තියෙනකන් දරු පැටව් ටික ලොකු කරගන්න මොකුත් කරන්නත් එපැයි. උන්ට උගන්නනකන් මට නිවනක් නැහැ “

සුමන්නවති අහල පහල ගෑනුන්ට එසේ කිවේ දුක හිතේ ගුලි කරගෙනය . මත් රකුසාට බිලි වන්නට පෙර අමරදාස කෙතරම් ලැදි ලෙස තමාට හා දරුවන්ට ආදරය දැක්වූ අයුරු ඇයට සිහිවේ.

පවුලේ අගහිගකම් වැඩි වන විට සුමනාවතිගේ කතාවත් අමරදාසට අදෝනාවක් විය

“තාත්තේ අද මට පොතකුයි පැන්සලකුයි ඕනේ “

පොඩි එකා මෙසේ කියාගෙන ලගට ආ විට හේ දරුවා එළවා ගත්තේ මෙසේ දොස් තබමිනි .

“කාලකන්නි යක්කු මාව කන්න ඉපදුනු උන් “

මෙසේ දිනෙන් දින තම වරදින් පවුල අගාධයට යනු දකින විට හේ තවත් උපක්‍රමයක් ඇරබුවේ දරුවන් හා සුමන්නවති බිය වද්දන්නටය . ගස් කපන්නට ගන්න කබය අතට ගත් හෙතෙම එක් කොනකින් තොන්දඩුවක් දමා කබල් මේසය මතට නැග තොණ්ඩුව ගෙලට දමාගෙන අනෙක් කොන බාල්කයේ ගැටගසා පොරව අතින් ගෙන සුමනාවතිට හා දරුවන්ට මෙසේ තර්ජනය කළේය.

“කාලකන්නි හැත්ත මම තොපි ඉස්සරහා මැරෙනවා යකුනේ .එකෙක් කිට්ටු වෙන්න එපා කොටනවා තොපිට පොරවෙන් “

ඔහු මේසය මත හිටගෙන මෙසේ කෑ ගසන්නට විය .බියෙන් තැතිගත් සුමානාවති මරලතෝනි දුන් බැවින්  එතනට රැස්වූ අහල පහල මිනිස්සු මහත් ඇවටිල්ලකින් පසු අමරදාස බිමට බස්සවා අවුල සමහන් කළහ .එදා දවස පුරාම සුමනාවතිට අමරදාස ඉල ඇට කඩෙන තුරු පහර දුන්නේය .

ඉන්පසු බීමතින් එන හේ මසකට දෙතුන් වරක්ම තම බිරිදටත් දරුවන්ටත් පහර දෙමින් මෙසේ ගෙල වැලලා ගැනීමේ ජවනිකාව රග පෑවේය . මේ නිසා මේ ගෙදර ඇතිවෙන කෝලහාල  අහල පහල මිනිසුන්ටද සාමාන්‍ය දර්ශනයක් විය .

ඉල් මහේ පෝය දිනක හවස් වරුවේ සුපුරුදු පරිදි අමරදාස හතර ගාතේ ගෙදර ආවේය . ඔහුගේ හඩ ඇසෙත්ම සුමනාවති හා දරු දෙදෙනාද කමින් සිටි පාන් කෑල්ල කුස්සියේ තබා අල්ලපු ඉඩමේ කෝපි පදුරක් අසල සැගවුනි . නිවසට ආ අමරදාස  මුලුතැන්ගෙට ගොස් හැලි වලං සියල්ල පොඩි කර දමා සාලයේ තිබු කුඩා පෙට්ටගම් පොඩියද පෙරලා දැමිය .

පැයක් හමාරක් අමු තිත්ත කුණු හරපයෙන් තම බිරින්දාටත් දරුවන්ටත් දෙස් තැබූ හේ වැනි වැනි ගොස් කබය ගෙන මේසයට නැග එහි එක් කොනක් බාල්කයට දමා උඩින් දැමූ කොන දකුණතින් අල්ලාගෙන සුපුරුදු රංගනයට සැරසුණේය.

“තොපි වගේ ...කාලකන්නි එක්ක ජිවත් වෙනවට ...වඩා මැරෙන එක හොදයි “

හේ මොර දුන්නේය .මද වෙලාවකට පසු

“පොඩි කොලු ගිහිල්ලා කුස්සිය පැත්තෙන් බලලා වරෙන් තාත්තා මොනවද කරන්නේ කියලා “

කෝපි පදුර යට හිදගෙන උන් සුමනාවතී තම ඇකයේ හිස හොවාගෙන හඩමින් හුන් පුතුට කීවාය .

“අම්මේ තාත්තා අදත් බාල්කෙ එල්ලෙන්න හදනවා “

මිනිත්තු කිහිපයකින් දිව ආ පුතු තම මවට කිවේය.නමුත් ඔවුනට එය සාමාන්‍ය සිදුවීමක් විය .

මේ අතර අමරදාස වෙරිමත නිසා කබයේ එක් කොනක් ඔහුගේ අතේ පැටලී තිබියදීම මේසය මතින් ලිස්ස වැටිණි . මේ නිසා අනෙක් කොන ඔහුගේ ගෙලට සිරවෙත්ම ඔහු බිම ඇද වැටිණි .

බොහෝ වෙලාවකට පසුව අමරදාස නිදන්නට ඇතයි සිතු සුමනාවතී දරුවනුත් කැටුව කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් විය . ගෙලට සිරවුණු කබයක් සහිතව බිම වැටී සිටි අමරදාස දුටු ඇය සිතුවේ ඔහු නිදා සිටිනවා ඇතැයි කියාය .

“අදත් තාත්තාට මැරෙන්න අමතක වෙලා වගේ “

මද්දුමී කිවේ ඔවුන්ට මේ එල්ලීම නිතර දැක පුරුදු නිසාවෙනි .

“හැන්දෑවේ හයට විතර වැටුණු ගමන් මේ මනුස්සයා තාම නිදි... දැන් වෙරි හිදිලා ඇති පොඩි පුතේ තාත්තට කතා කරපන් “

රාත්‍රී නවයට පමණ සුමනාවති දරුවාට කීවාය .දරුවා මදක් දුරුන් සිට පියාට කතා කලේ ඔහු නැගිට තමාට පහර දෙතැයි බියෙනි . මන්ද යත් එවන් සිදුවීම් වල අත්දැකීම් ඔහුට තිබුණි . ඊට ප්‍රතිචාරයක් නොවුණු තැන හේ අමරදාසගේ ඇගට අත තබා සොලවා කතා කළේය ..

“අම්මේ තාත්තාගේ මුළු ඇගම සීතල වෙලා මේ ඇවිත් බලන්න “

හේ මවට කතා කළේය . සුමනාවතිද පැමිණ අමරදාසගේ සිරුරට අත තැබිය . සිරුර සීතලය . ගෙල පෙදෙස නිල් පැහැයට හුරුවී තඩිස්සි වී තිබුණි . අසුබ යමක් සිදුවී ඇති බව ඇයට වැටහිණි .ඇය විලාප තියන්නට විය .

“අනේ දෙය්යනේ මගේ මනුස්සයා ..................

අහල පහළ අය වහා අමරදාසව රෝහලට රැගෙන ගියහ . එහෙත් ඒ වන විටත් අමරදාසගේ අවසන් හුස්ම පොද ඉල් මහේ සද රැස් අතර සැගවී ගොස් තිබිණි .

36 comments:

  1. ගොඩක් මිනිස්සුන්ගේ දුප්පත්කමට හේතුව උන්ගේ බීමත්කම කියලා තමා මින් විසිතුරු ට හිතෙන්නේ. බීමත්කමට අමතරව සිගරට් බීම !!

    බීමත් කම නිසා දුප්පත් කම වගේම පවුල් ප්‍රශ්නත් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. //බීමත්කමට අමතරව සිගරට් බීම !!///

      +++++++++++

      Delete
    2. --------------
      බොන එක පිළිවෙලකට කලාට අවුලක් නෑ.. හොඳ පැත්තකුත් තියනවා.. හැබැයි ක්‍රමයක් කලාවක් වෙලාවක් ඇතුව කරන්න ඔනේ.. දුකටයි සතුටටයි, කම්මැලි කමටයි.. මරනෙටයි, මගුලටයි, දානෙටයි හැම එකටම බොන්න තියාගන්නේ නැතුව

      Delete
    3. අනිවාර්යයෙන්ම

      Delete
  2. සෙල්ලම ලෙල්ලම උනා අන්තිමට. බීමත් කම නිසා ඔහොම කර ගත්තු අය ඉන්නවා. මං දන්නා කීප දෙනෙක් ඉන්නවා. ඒ අය දවසට රු. 1500 විතර උපයනවා හවස 3 විතර වෙනකොට. සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශයක ඒ මුදල හොඳටම ප්‍රමාණවත් ලස්සනට ජීවත් වෙන්න. ඒත් උන් හොයපු සල්ලි වලින් වැඩි හරියක් වියදම් කරන්නේ බොන්න. පහුවදා වැඩක් කලේ නැත්තම් අතේ සතේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්..හොදට ජිවත් වෙන්න පුළුවන් මිනිස්සු නිකන් නාස්ති වෙනවා බිමත් කමින් ... බි මටත් සීමාවක් තියෙන්න ඕනේ ..

      Delete
  3. ඔහොම මිනිස්සු ඉන්නවට වඩා හොදයි මැරෙනවා.. දැන් සුමනාවතීට සැනසිල්ලේ ඉන්න පුලුවන්..
    ඒත් සමහර ගෑනුන්ට නමට හරි මිනිහෙක් එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔය වගේ හැසිරෙද්දී සමාජේටත් බරක් ..

      Delete
  4. චමීගෙ මේ කතාව කියෙව්වම මට අපේ පැත්තෙ උන සැබෑම සිදු වීමක් මතක් උනා..ලියන්න ඕනෙ වෙලාවක...

    බීමත්කම මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන තරමක්...

    ReplyDelete
    Replies
    1. ඔව්...ලියමුකො බලන්න එහෙනම් ළිහිණි ගෙ කතාවත් .

      Delete
  5. බීමත් කම හැම මනුස්සයෙක්ටම බොන යට නෙවෙයි බොන කෙනාගේ වටපිටාවේ ඉන්න යටත් දෙනෙන් කරදරම තමයි.

    ReplyDelete
  6. ගොඩක් වටින ලිපියක් චමි..... මහන්සියෙන් හොයාගන්න සල්ලි බිමත් කමට වියදම් කලාම ජිවිතේ හැමදාම දුකෙන් , අගහිගකම් වලින් ජිවත් වෙන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහර මිනිස්සු කන්න නැතත් බොන්න වියදම් කරනවනේ ..

      Delete
  7. mama kiyana Amradasata hoda wdy..ane Sadu...Sadu..
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..එක ඇත්ත , සජිත් අද ගූගල් එකවුන්ට් එකෙන්ම කමෙන්ට් කරලා තියෙන්නේ ..

      Delete
    2. Chami,Lankapriya,Sira,Sadaru,sAm,Upashantha(sahaluwa) sha tawat Blog liyana tikadenak comment ekata Reply dana ekata mena mage salute eka,
      Jayawewa,
      Sanjeewa

      Delete
    3. මම නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා සජිත්, මම දන්නා ගොඩක් අය රිප්ලයි කරනවා.. අපි ලියන දෙකට කමෙන්ට් එකක් ලැබෙන එක අපිටත් සතුටක්නේ

      Delete
  8. කතාව එහෙම ඉවර වුණ එක හොඳා.. දැං සුමනාවතී ඉතිරිකරන කීය හරි ඉතිරියක් නේ.. මොකෝ මිනිහ හිටිය කියල වැඩක් යැ...???????

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිටියත් කරදරේනේ..

      Delete
  9. මම නම් කියන්නේ හොඳ වැඩේ කියලා තමා ඔය මනුස්සයාට.. දැන් ඉතින් අර අසරණ සුමනාවතීට දරුවොත් එක්ක සැන්සීමේ ඉන්න පුළුවන්නේ. ඔය වගේ මහත්වරු,පියවරු හිටියත් නොහිටියා වගේනේ..

    මනුස්සයෙක් බිව්වට කමක් නෑ.. සීමාවත් තියෙන්න ඕනා අනික අවස්තාවේ හැටියට ප්‍රමානයක් අරන් ජන්මේ බේරගෙන උන්නා නම් ඉවරයිනේ..

    ReplyDelete
    Replies
    1. එක නෙවෙන්නම් බේබදු කමෙත් සීමාවක් තියෙන්න එපැයි..

      Delete
  10. මැරුණ එක හොදා බං...
    ඕම උං මැරෙන එකමයි හොද..

    ReplyDelete
  11. අනේ මන්දා.. ලොඑ ඉන්න මිනිස්සු එක එක විදියනේ.. බිවුවනන් විවුව විදියට ගැනිට දරුවන්ට කරදරයක් නොකර න්න බැරිනම් මැරෙන එකම තමයි හොඳ

    ReplyDelete
  12. බුදු සාධු කියලා තියෙන්නේ මද පමනට බොන්න කියලා. වැඩියෙන් බිව්වම ඔහොම වෙනවා. මක් කොරන්නද, දුප්පත් මිනිහගේ සතුට ඕක විතරයි, නැතුව නෙළිම් පොකුනේ කොන්සර්ට් බලන්නය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මාතලන්ට තේරුනා.. ගොඩක් දුප්පත් ආර්ථික ප්‍රශ්න තියෙන මිනිස්සු බිලා තවත් ප්‍රශ්න වැඩි කරගන්නේ..තමන්ගේ මානසික ප්ඩනය දරාගන්න බැරිව ..

      Delete
  13. ඒ යකා මැරුණ එක හොඳයි කියලා හිතෙනවා බන්.

    ReplyDelete
    Replies
    1. ඔව්..නැත්නම් අර උදවිය නොමැරී මැරෙනවා

      Delete
  14. හැක් හැක්.. සෙල්ලම ලෙල්ලම වෙලා නොවැ..

    ReplyDelete
  15. මෙහෙම චරිත සමාජෙ ඕනෑ තරම් ඇති...අපේ පැත්තෙ හිටපු බේබදු ජයා ඔය වර්ගයේ... මිනිහට බොන්න නැතුව වෙව්ලනකොට ගෑණි තමා කාලෙ බෝතලේ දෙන්නෙ.... ගිය අවුරුද්දෙ කැවුත්ත දිය වෙලා මෙලොවෙන් අපායට ට්‍රාන්ස්ර් උනා....

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ සිරෝසිස් හැදිලද..

      ඔව් ඔයවගේ උන් ඉන්නවා හැමෝම එකම ජාතියේ තමයි ..

      Delete
  16. ජොලියට බිව්වත් දුකට බිව්වත් දෙකම එකයි.බේබද්දට හා හෑමදාම බොන එකාට ඒකට කොහෙන් හරි සල්ලි ලෑබෙනවා නමුත දරුවෙකුගෙ දේකට උන් ගාව සල්ලි නෑහෑ.තතාගතයන් වහන්සෙ දේශනා කරලා නෑහෑ පොඩ්ඩක් බොන්න කියලා එපා කියලත් නෑහෑ,හෑබෑයි උබලා බිව්වොත් මෙන්න මේ දේ වෙනවා කියල තේරුම් කරල දීල තියනවා දෑන් අමරදාසගෙ දරුවොන්ගෙ තිබුන ගිනි දෙකෙන් එකක් නිමිල.ඒ කියන්නෙ හිතේ තියන මර ගින්න,ඊ ලගට කුසේ ගින්න නිවාගන්නත් ලෑබේවා කියල පතමු නේද චමී.......

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් ගැටලු වලට මුල මත්පැන් මත් කුඩු තමයි...
      ඔව් දැන් කොහොම උනත් ලොකුම ගැටලුව ඉවරයි එයාලගෙ ...

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...