05 November 2012

චමි කුඩා කාලයේ භූතයන් අල්ලා ගස් බැන්ද හැටි ..



වුරු කොහොම කිව්වත් පියෙවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා . යක්‍ෂ ප්‍රේත කුම්භාණ්ඩ යනුවෙන් උන් ඇතා නැත . පියෙවි ඇසින් දැකීමට නොහැකි සත්ව කොට්ටාසයක් මේ ලෝ තලයේ අපත් එක්කම වාසය කරනවා . හේතුවාදී සංගමයෙන් කොයිතරම් වාද කලත් . විද්‍යාත්මකව හොල්මන් අවතාර යනුවෙන් දෙයක් නැහැ කියලා ඔප්පු කලත්  අදුශ්‍යමාන අත්දැකීම් ඇති අයට ඔවුන් මුහුණ දුන් අත්දැකීම් විද්‍යාත්මකව හිතලා බලලා එහෙම දෙයක් නැතැයි කියලා බැහැර කරන්න අපහසුයි . මමත් ඉන්නේ ඒ මතයේ තමයි . අපට නොපෙනෙන ගොඩාක් ආත්ම මේ විශ්වයේ සැරිසරනවා ..

මිනිසුන්ගේ තත්වයේ නැතත් සාමාන්‍යයෙන් ඉහල තත්වයේ ආත්ම වගේම . ඉතාමත් පහල ගනයේ ප්‍රේත ආත්ම කියලත් කොටසක් සිටිනවා..

ගොඩක් මිනිස්සුන්ට කරදර උපද්‍රව කරන්නෙත් මේ ආකාරයේ ප්‍රේත ආත්ම කියලා තමයි කියන්නේ . ටිකක් වැඩ දන්නා කට්ටඩ්යෙකුට  මෙයාලගෙන් උදව් උපකාර ගන්නත් පුළුවනි ඔය සාත්තර කියන වගේ වැඩ වලට.. ඔය දිෂ්ටි වෙලා සාත්තර කියන සමහර අය කරන්නෙත් ඔය සැරිසරන සුලු ප්‍රේත ආත්මයකගෙන් විස්තර අරගෙන කියන එක.  එවන් දේක පොඩි ඇත්තක් දකින්න පුළුවන් උනත් ගොඩක් සාත්තර කාරයෝ කරන්නේ බොරුව..

ඉතින් මෙවැනි ආත්ම දහස් සංක්‍යාවක් ඉන්නවා

එවන් ආත්ම පියෙවි ඇසෙන්  දකින්න අපහසුයි . එහෙත් බොහෝ දියුණු කල සිතක් ඇත්තෙකුට ඔවුන්ව දැක ගන්න පුළුවනි . ඒ මෙන්ම යම් කිසි ගුප්ත බලයක් ඇත්තේකුට ඔහුගේ බලය උපයෝගී කරගෙන ඔවුන්ව වෙනත් කෙනෙක්ට දැකීමට සලස්වන්නත් පුළුවනි  (හැමෝටම නෙමේ එයිට සුදුසු කම් ඇත්තෙක්ට )

නොදන්නා කමට මටත් ඔය කොට්ටාසේ දැක බලා ගැනීමේ වාසනාව ලැබුනා. නොදැන කළා මිසක් දැනගෙන හිටියනම් මුන් ප්‍රේතයෝ කියල කීයටවත් මම ඒකට කැමැති වෙන්නේ නැහැ..

එහෙනම් දැන් බලමුකෝ කථාව.

මේක සිද්ධ උනේ මම කුඩා සන්දියේ .  අපේ නැදෑ කෙනෙකුගේ පළාතකට ගියා එහෙ ටිකක් පිටිසර පළාතක් ඒ කාලේ වෙනකොට . දෑන්නම් එහෙම නැහැ දියුණුයි. මේ පළාත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාන්ති කාර්ම වැනි දේ වලින් අසනීප වලට ප්‍රතිකර්ම කල පළාතක් ..

මෙහෙ අපේ හිතවත් ගෙදරටත් බොහොම කරදර තිබුනා මියගිය උදවිය කරදර කරනවා කියල තමයි මේ අයගේ අදහස උනේ  ඉතිං එයින් මිදෙන්න ශාන්තිකර්ම කොයි තරම් කලත් පලක් වෙලා නැහැ.. තොවිල් පවිල් වලට කොයිතරම් විය හියදම් කලත් කිසිම සාර්ථකත්වයක් වෙලත් නැහැ ..

ඉතිං කොහොමින් හරි මම කුඩා සංදියේ ගෙදර උදවියත් එක්ක මේ ගමේ ගෙදරට ගිය වෙලාවක ගෙදර උදවිය හරි අපුරු පුද්ගලයෙක්ව ගෙදරට එක්ක ඇවිත් තිබුනා .. භූතයෝ අල්ලන්නෙක් .

ඒත් හරිම විශේෂ විදියකට . බුතයෝ අල්ලලා බෝතල් වලට දාන විදි ටෙලිවිෂන් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ඇති පදම් දැකලා තිබුනත් මේ මනුස්සයා ඒ ක්‍රියාව කරන විදිය එයිට වෙනස් .  කවදාවත් එයිට පෙර එහෙම ක්‍රමයක් අහලා තිබුනෙත් නැහැ.. ඒ සිද්ධියෙන් පස්සේ ආයේ කවදාවත් එහෙම දෙයක් දකින්න ලැබුනෙත් නැහැ . ඒ ක්‍රමයේ තිබුණු විශේෂත්වය නිසාමයි ඒ වෙනුවෙන් මේ බ්ලොග් ලිපිය ලියවෙන්නෙත් ..


මේ පුද්ගලයා මේ සදහා කට්ටඩි වගේ දුම්මල , පෙරේත තට්ටු , සත්ව බිලි , යොදාගත්තේ නැහැ ඒත් ඒ වෙනුවට බොහොම සරල අඩුම කුඩුම ටිකක් තිබුනා සුවද ධුම් එහෙම අනිත් ඒවා ගැන  හරි හැටි මතකයක් නැහැ. ඒ වගේම ඔහුටම සරිලන ගෝලයෝ කිහිප දෙනෙකුත්  සිටියා ..


මේ අවස්ථාවේදී ගෙදර අය වගේම අහල පහල හිතවතුන් ද නොසැහෙන පිරිසක් රැස් වෙලා හිටියා මේ සිද්ධිය බලන්න . හැබැයි ඒ ප්‍රදේශයේ හිටියේ කතෝලිකයෝ අපි වගේම . ඒ නිවසට මීටර් හරසියක් විතර දුරින් තිබුනේ පැරණි කුඩා දේවස්ථානයක් .

ඉතින් මේ බුතයෝ අල්ලන්නා ඔහුගේ වතාවන් වලින් පසුව කැමති කෙනෙක්ට මේ සදහා ඉදිරි පත් වෙන්න කියලා යෝජනාවක් කළා.. ඒ කාලයේ බොහොම තරුන  වයසේ හිටිය කෙනෙක් ඉදිරි පත්වුනා... බුතයෝ අල්ලන්නා කලේ බොහොම රළු කලුපාට රෙදි කඩකින් ඔහුගේ ඇස් බැදීම. ඉන් පසු ඔහුත් පිරිසත් යාතිකා කරන්න පටන් ගන්නවා ඔවුන්ටම ආවේනික භාෂා වලින් ඇත්තටම එහෙම භාෂා නැතුව ඇති ඒක අමුතුම භාෂාවක් ..

ඒ අතර අර තරුණයාගෙන් අහනවා ඔහුට මොනවා හරි පෙනෙන්න ගන්නවද කියල ඇස බැදගෙන ඉන්නකොටත් .. ඒත් ඔහුට මුකුත්ම පෙනුනේ නැහැ . ඒ වගේම ඒක ඒක වයස් වල තරුණයන් හත් අට දෙනෙග්ගේම බැදලා බැලුවා.. තරුණියන් කිහිප දෙනෙක්වත් බැලුවා කාටවත් පෙනෙන්න ගත්තේ නැහැ.. සමහර විට එහෙම දෙකට ගැලපෙන්නේ බොහොම සැහැල්ලු මනසක් ඇති කෙනෙක් වෙන්න ඕනේ ..
මේ වෙනකොට මගේ වයස අවුරුදු හතකට වැඩි නැහැ.. ඔය අතරේ බුතයෝ අල්ලන්නා ඉන්න පිරිස අතරින් වටයක් දෙකක් ඇවිද්ද මුහුණු දිහා බලමින් . එහෙම ඇවිද්ද මිනිහා ඒක පාරම මට ලගට කතා කරලා ගොලයෙක්ට භාර දුන්නා මෙයාගේ බැදලා බලන්න කියලා..

ඔන්න ඉතින් දැන් මගේ ඇස් බොහොම තදින් ගෙටගහලා  කට්ට කළුවරයි ආයේ කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ හැබැයි එක දෙයක් මට ඔය වත්ත පිටිය හොදට හුරුයි මොකද අපි මාසෙකට දෙතුන් වතාවක් ඔය ගමේ ගෙදරට යනවා (විද්‍යාත්මකව හේතුවක් පහදන්න පුළුවන් කෙනෙක්ට යම් අදහසක් ගැනීමට නිසයි සියලු  විස්තර සහිතව දාන්නේ )

දැන් දෑස් ගැටගසාගෙන ඉන්න මගෙන් ඔහු අර සුපුරුදු ප්‍රශ්නය අහනවා “හොදට බලන්න පුතේ මොනවා හරි පෙනෙන්න ගන්නවද කියලා “

මේ අතර නොකඩවා යාතිකා කිරීම් සිද්ධ වෙනවා .. ඒ අතර ටික වෙලාවක් අදුරට හුරු වූ මගේ දෑසට යන්තමින් එක එක රුප පෙනෙන්න ගන්නවා .. ටික වෙලාවක් යනකොට වත්ත පිටිය පෙනෙන්න ගන්නවා හැබැයි බොහොම අදුරුවට කළුවරට හුරු විදියකට .. මම ඒ බව ඔහුට දැන්නුවට පසුව ...

“හොදින් බලන්න පුතේ ඔයාගේ ලග හරි ඈතින් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා වටේම බලන්න “

මම ඔහු කිව විදියට වටේම නිරීක්‍ෂණය කරන අතර තුර මම මුලින් සදහන් කල දෙව් මැදුරට ආසන්නයෙන් දිලිසෙන ආලෝකයක් සහිත රූපයක් දිස් වෙනවා බොහොම ලස්සන රූපයක් දෙවදුතයෙක්ට සමානයි ..



ඔහුගේ අතේ දිග රැහැනක් තියෙනවා . මෙහෙයවන්නාගේ උපදෙස් පිට මා ඒ රැහැන ඉල්ලා ගන්නවා.. ඒ රැහැනනෙ  අවසානයේ ලොකු තොන්ඩුවක් තියෙනවා ... එයින් පසු මට උපදෙස් ලැබෙන්නේ එම වත්තේ හැම තැනකම ඇවිදින්න (ඇත්තටම කිව්වොත් මම ඇත්තටම ඇවිදින්නේ නැහැ එකම තැන ඉන්නේ සමහර විට ඒ අවට අඩි කිහිපයක් එහෙට මෙහෙට වෙන්න ඇති ඒත් මට මනසින් මුළු ඉඩමම අපැහැදිලිව නිවැරදිව පෙනුනා වගේම ඒ අතර ඇවිදින්නත් පුළුවන් කම ලැබුනා . හරියට නිකන් හීනයක් දකිනවා වගේ වැඩක් තමයි ඒත් මට හිතලා  ගස් කොලන් වලින් පිරුණු වත්තේ වම් පැත්තට යන්නත් දකුණු පැත්තට යන්නත් වත්ත වටේ රව්මක් යන්නත් පුළුවන්

දැන් මම තොණ්ඩුවකුත් අතින් අරගෙන් වත්ත පුරාම ඇවිදිනවා.. ඒ අතර මට මිනිස් රූපත් පෙනෙනවා.. මම දකින හැමදේම මෙහෙයවන්නාට මම කිව්වා .. මිනිස් රූප දකිනවිට ඔහු උපදෙස් දුන්නා තොණ්ඩුවෙන් ඔවුන්ව අල්ලන ලෙස... ඒක ලේසි වැඩක් නෙමේ තොණ්ඩුව දාන විට ඔවුන් එහෙට මෙහෙට යනවා පෙනෙන්නැති වෙනවා ..

ඒ වෙලාවට මෙහෙයවන්නා (බුතයෝ අල්ලන්නා ) යාතිකා කිරීම් වැඩි කරනවා එවිට උන් මෙල්ල වෙනවා වගේම මගේ පෙනීමත් පැහැදිලි වෙනවා ඒ වෙලාවට උන්ව තොණ්ඩුවට අසු කරගන්න පහසුයි.. තොණ්ඩුවට අහු උනාම උන්ව ලණුවේ අනෙක් කෙළවරෙන් අල්ලාගෙන ඇදගෙන එන්න ඕනේ මෙහෙයවන්න ඉන්න තැනට ..ඒකත් හරිම අමාරු වැඩක් මගේ ප්‍රමානේ  හැටියට පුදුම බරක් දැනෙන්නෙ  මට මතකයි මම දාඩිය පෙරාගෙන උන්ව ඇද්දා...

සමහර උන් බිම වියළුණු කොල අස්සේ හැංගෙනවා හැම තැනම පරික්ෂා කරලා හොය හොයා තොන්ඩුවේ ගැට ගහගෙන ගෙනාව ...  කොහොමින් හරි හත් අට දෙනෙක්ව මතක හැටියට ඇල්ලුවා ..

ඒත් මට තනිවම මේ දේ කරන්න අමාරු උනා ඒ තරම් මහන්සි.. ඒ නිසා මගේ ඇස් ලිහලා ආයේ වෙන කෙනෙක්ව තෝරලා හොයා ගත්තා ඒත් මට වඩා අවුරුදු දෙකක් විතර වයස ගැහැණු ළමයෙක්ව එයාටත් මට වගේම බුතයෝ පෙනුනා...

දෙන්නම වරින් වර තමයි ආත්ම හත් අට දෙනාව ඇල්ලුවේ ... කොහොමත් පැය හත අටක් ගියා වැඩේට 

ඒක දෙයක් මට හොදට මතකයි වත්තේ කෙළවර හරියේ හිටියා විශාල සිරුරක් සහිත කෙනෙක් .. ඔහුව අල්ලන්න  අමාරු උනා .. පසුව මෙහෙයවන්නගෙන් උපදෙස් ලැබුනා ඔහුගේ නම අහන ලෙස.. මම නම ඇහුවත් ඒ රූපය කතා කලේ නැහැ .. පස්සේ නම ලියන්න කිව්වා .. පසුව ඒ පුද්ගලයා පොලවේ නමක් ලිව්වා..

ඒ නම “සිමියොන් “

පස්සේ දැනගන්න ලැබුනා සිමියොන් කියන්නේ ඒ වත්තේ එයිට වසර විස්සකට තිහකට ඉස්සර හිටිය මනුස්සයෙක් කියලා .. මම දැක්ක හැඩ  හුරුකමත් ඒ හිටියයි කියන මනුස්සයට සමානයි..

කොහොමින් හරි ඔක්කොම භුතයන්ව අල්ලලා ඉවර කළා .. අවසානයේ තව එකෙක්වත් නැහැ කියලා ස්ථිර කරගත්තට පස්සේ අල්ල ගත්ත ඔක්කොම ටිකව.. අර මුලින් දුටුවා දිලිසෙන ආලෝකයක් සහිතව දෙව් මැදුර අසල සිටි කෙනාට භාර දිය යුතුයි.. ඒ කාර්යය භාර උනෙත් මට  දැන් රැහැනෙ ඒක පැත්තක ඇල්ලු සියලුම ආත්මයන් සිටිනවා අනෙක් කෙළවර මම එම තැනැත්තාට භාර දිය යුතුයි .. එහෙත් ඒ අසලටම මට යන්න බැරි වෙනවා ලනුව කෙළවර ඔහු දෙසට දිගු කලාම ඉබේම ඒක නැවතත් ඔහු ලගට යනවා..

ඒ ආත්මත් අරගෙන ඔහු අහසින් යනවා (ඉගිලෙනවා වගේ ඈතට ගිහින් නොපෙනී යනවා )
මෙහෙයවන්නා යාතිකා කරන්නේ .. ඔවුන්ව නැවත පැමිණෙන්න නොහැකි තැනකට දාන ලෙසට.. ඊට පස්සේ මගේ වැඩ කොටස ඉවරයි .. ඒත් එයිට ටික වෙලාවකට පස්සේ මට ක්ලාන්තත් වෙනවා . සමහර විට මහන්සි වැඩි නිසා වෙන්නත් ඇති ..


ඔන්න ඔහොමයි අපි භූතයෝ ඇල්ලුවේ .. එදායින් පස්සේ ඒ ගෙදර උදවියට කරදර අඩු උනා ඒ වගේම යක්කු වැහෙමින් තිබුණු කෙනාට ආයේ කවදාවත් එහෙම උනේ නැහැ .. ඒ කියන්නේ වැඩේ සාර්ථකයි ..


තව දෙයක් මේ පුද්ගලයා මේ දේවල් කලේ මන්ත්‍ර බලයකින් නෙමේ එක්තරා ආගමික බලයකින් .. ඔහු ඒ වෙනුවෙන් බොහෝ කැපවීම් කර ඇත ..

ප .ලි

මා කවදාවත් මේ දේවල් එදා එතැන සිටි අය අරුණු කොට වෙනත් පුද්ගලයන් සමග කියා නැත . එයට හේතුව කිසිවෙක් මෙය විස්වාස නොකරන බැවිනි ..  මෑතකදී මට නැවත මේ සිද්ධිය මතක්  වූ නිසා භූතයන් අල්ලන්නා ගැන පොඩි විපරමක් කර බලන්නට සිතුනි . පසුව දැනගන්නට ලැබුනේ ඔහු මියැදී බොහෝ කල් බවය .. ඔහුගේ පුතුද මේ කාර්යය කලමුත් එය ඒ තරම් සාර්ථක වුයේ නැතිලු ...




54 comments:

  1. මානසික ලෙඩ නිසා හීලින් ඩොක්ටර්ස්ලටත් මේ රෝග සනීප කරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව්..එහෙම කරපු අවස්ථා තියෙනවා

      Delete
  2. චමියා උඹ යකෙක්නෙ බන්..

    ReplyDelete
    Replies
    1. යකෙක් නෙමේ රාක්ෂයෙක් බං

      Delete
  3. විශ්වාස කරන්නත් බෑ ...නොකරත් බෑ.. පියවි ඇසට නොපෙනෙන ආත්ම අවට සැරි සරනවා කියල නම් දන්නවා.. බුද්ධගමේත් එහෙම කතා තියනවා. පෙරේතයෝ අල්ලලා වැඩ ගන්නවා කියලත් අහල තියනවා. හැබැයි දැකලා නෑ ..මට තියන ප්‍රශ්නේ මතුරන එකත් ඒ මනුස්සයාම කරන අතරේ භූතයෝ අල්ලන වැඩෙත් එයාම කළා නම් හරිනේ. කියන විදිහට ඒ භූතයෙක් උඹ වගේ පොඩි එකෙක්ගේ ඇඟට හෙම රිංග ගත්තොත්...අනේ මන්ද බං හොල්මන් වෙනවා ඔව්ව හිතන්න හියාමනම්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඒවා නොහිතුනාට මමත් පස්සේ කල්පනා කරලා බැලුව ඇයි ඒ වැඩේට පිට කෙනෙක්ව යොදාගන්නේ කියලා..සමහර විට එයාට පෙනෙන්නේ නැතුව ඇති.. එහෙම නැත්නම් තමන්ගේම කෙනෙක් විස්තර කියනකොට ගෙදර උදවියට උනත් වැඩේ විස්වාසයිනේ එහෙම වෙන්නත් පුළුවන්...(නැත්නම් මේ මිනිහා බොරුවක් කළා කියල හිතෙනවනෙ )

      Delete
  4. චමියෝ මාව එහෙම අල්ලන්න එපෝ..... තියෙනවා ඔය වගේ දේවල් තියෙනවා. පෙන්නේ හිත දුර්වල උනාම කියලයි මම අහල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හික් ..ඇයි උබ භුතයෙක්ද ?
      හිත දුර්වල උන්ට හොල්මන් පෙනෙනවා තමයි .. ඒත් මේක වෙනමම වැඩක්.. යම්කිසි බලයකින් වෙන කෙනෙක්ට දකින්න සලස්සනවා , මතකද වෙනස වැඩසටහනේ පෙන්නුවා කට්ටඩි මාමා කෙනෙක් පුතෙක්ට යක්කු සහ දෙවියන් පෙනෙන විදියට පොඩි කාලේ ඉදලම පුරුදු කරලා ප්‍රේතයන් අල්ලලා බෝතල් වලට දානවා අන්න ඒ වගේ වැඩක් තමයි මේකත් .

      Delete
  5. අපි තාම අඟහරුගෙ ජීවීන් ඉන්නවද බලන්න වතුර හොයන ජාතික් සහෝ. වතුර නැත්තම් ඔක්සිජන් නැත්තම් අඟහරුගෙ ජීවීනුත් නෑ.. මේ හැම දේම භෞතික විද්‍යාවට අහුවෙන්නේ නෑ.. මොකද ඒක භෞතික නිසා..
    මෙහෙම දේවල් මේලෝකෙ වෙන්න පුළුවං කියල පිළිගන්න විද්‍යාඥයෝ කැමති නෑ.. ඒ භෞතික විද්‍යාවට අහු නොවෙන නිසා.. ඕන තරම් තර්ක දාල ඒගොල්ල කියයි එහෙම දේවල් නෑ කියල. මම ලංකාවෙ ඉපදිච්ච එකෙක් නිසා මටනං මේක විශ්වාසයි...........

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. විද්‍යාව ට තේරුම් ගන්න බැරි කොයිතරම් දේවල් මිහිපිට සිද්ද වෙනවද ..

      Delete
  6. මමනම් යක්කු භූත දේවල් පිළිගන්නේ නැහැ. හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැමදේම විද්‍යාවෙන් මනින්න බැහැ කියන එකනම් ඇත්ත. මොකද විද්‍යාව කියන්නේ අසම්පුර්ණ දෙයක්. මිට අවුරුදු දාහකට දෙදාහකට කලින් පොලොව කියන්නේ තැටියක්! ඒ කාලේ විද්‍යාව ඒක. ගෝලයක් කියන එක අවිද්‍යාව. ඒ වගේ තමයි දැන් කාලේ යක්කු භූත දේවල් අවිද්‍යාව උනාට පස්සේ විද්‍යාව වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. හොඳමදේ විවෘත මනසකින් ඕව දිහා බලන එක තමයි. දැන් අපි ඕවට හිනා වෙනවා කියන්නේ පොලව ගෝලයක් උනොත් යට පැත්තේ එකා වැටෙනවනේ කියලා ඒකට ඉස්සර හිනාවුන උන්ගේ ගානටම අපි වැටෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. මේකම තමයි මගේ අදහසත්.....

      Delete
    2. උබේ කථාව ඇත්ත.. මේ ලෝකයේ හැමදෙයක්ම තේරුම් අරගෙන ඒවාට පිළිතුරු හොයන්න තරම් මිනිස් මොලය තවම දියුණු නැහැ.. සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම ගන්න බැරි තරම් මේ විශ්වය සංකීර්ණයි..

      Delete
    3. මම නම් ඕක විස්වාස කරන්නෙ නෑහෑ.ඕක හරිනම් කොහෙන්ද චමියෙක්.නෙහ්?ඉන්දික සෞදියෙන්.

      Delete
    4. මම නම් ඕක විස්වාස කරන්නෙ නෑහෑ.ඕක හරිනම් කොහෙන්ද චමියෙක්.නෙහ්?ඉන්දික සෞදියෙන්.

      Delete
    5. උබ ඔය නොකියා කියන්නේ මම භුතයෙක් කියලද...අහුවෙයන්කෝ .

      Delete
  7. අනේ මන්ද බොල !!!! ඇත්ත වෙන්ටෑ නෙවෙද !

    ReplyDelete
    Replies
    1. ඔව්..බං , මතක් වෙනකොට ආයෙත් ආසයි එහෙම කරන්න.. නිකන් හීනයක් වගේ

      Delete
  8. අනේ මන්දා බන් අත්දැකීම් නැති අයට බොරු කියලා හිතේ ඇති අය දනී

    ReplyDelete
    Replies
    1. ඔව්. බං බ්ලොගයේ ලිව්වට යාලුවෙක්ටවත් කියල නැහැ විස්වාස නොකරන නිසා.. ඒත් එදා හිටිය අය තවම ඔය සිද්දිය මතක් කරනවා..

      Delete
  9. අනේ මන්දා...අපිට නොපෙනෙන දේවල් මොන තරමක් ඇතිද මේ ලෝකයේ...

    ReplyDelete
  10. භූත දඩයක්කාරයා :D

    ReplyDelete
  11. අනේ මන්ද..මේවා ඇත්තද කියල මම තවමත් හොයනවා..

    ReplyDelete
    Replies
    1. බොරුයි කියලා බැහැර කරන්න බැරි තරම් හේතු තියෙනවා හිරු ..

      Delete
  12. හරියට සුරංගනා කථාවක් වගේ.... මේ ලෝකයේ අපට නොපෙනෙන බලවේග තියෙන බවට මම පිළිගන්නවා... මේ දේවල් විද්‍යාවට හසු කරගන්න තරම් තවමත් විද්‍යාව දියුණු නෑ... පුලුවන් වෙලාවක මඩවල උපාලි හමුදුරුවො ලියලා තියෙන අපට නොපෙනෙන ලෝකය පොත අරන් කියවන්න... සෑහෙන්න දේවල් ඒ පොතෙන් ඉගෙන ගන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අපිට තේරුම් ගන්න බැරි දේවල් කොයි තරම් තියෙනවද බං ,ඒවා තේරුම ගන්න තරම්වත් අපේ හිත් දියුණු නැහැ ..සමහර දේවල් සුරංගනා කතා වගේ තමයි..

      ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ කතා එහෙමත් ඒ වගේ තමයි..

      Delete
  13. මට පුද්ගලික අත්දැකීම් නම් නෑ.. ඒත් ඔය දේවල් බොරු කියන්නත් බෑ.. ඕව බොරු වෙන්නේ දැන් ඉන්න සමහර බොරු/හොර කට්ටඩි නිසා.. බය හිතුනෙ නැද්ද??

    ජය..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පොඩි හින්දා නොතේරුම් කමටනේ ගියේ බයක් හිතුනේ නැහැ..

      Delete
  14. පුදුමෙනුත් පුදුමයි චමී. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
    බලලා තියෙනවද The Exorcist?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව්.. ටිකක් හිතාගන්න අමාරු කතාවක් තමයි..

      ඔය ෆිල්ම් එක මම බලලා තියෙනවා ..

      Delete
  15. මේවා ගැන මගේ කිසිම විශ්වාසයක් තිබුණෙ නෑ. ඒත් මම දැන් දන්නවා මේවාවල පිලිගන්න යමක් තියනවා කියලා.
    මගේ බ්ලෝගෙත් නිසිකල ආවාම මේවා ගැන මේ විදියෙම හිතාගන්න බැරි පෝස්ට් එකක් යයි.

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බැරි දේවල් තියෙනවා

      Delete
  16. අම්මට සිරි චමියෝ මට නම් විශ්වාස කරන්නත් අමාරුයි බන්.කෝකටත් උඹ පරිස්සමෙන් හිටපන් ඔය භූතයෝ කවදාහරි ආයේ ආවොත් උඹෙන් පලිගන්න බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයේ එන්නේ නැහැ බං... ඒ මනුස්සයාගේ වැඩ ෂුවර් , උන්ව කුදලාගෙන ගියේ එසේ මෙසේ කෙනෙක් නෙමේ ..

      Delete
  17. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  18. any manda...wiswasa nokaranwa kiyala kyawata samhara wita wenat puluwan kiyala hitanwa.
    (lepi 3 mis wela blog ekata awitma balny natuwa alut lepi dangana widhak nada?)
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. විස්වාස කරන්න බැරි දේවල් සිද්ද වෙනකොට මොනවා කරන්නද බං ..

      එහෙම විදියක් තියෙනවා මම ඒක දාන්නම් ඊමේල් වලින් එන විදියට කරගන්න පුළුවන් ඒකෙන්..

      Delete
  19. අද තමයි මේ මේ පැත්තට අවේ ,,,,,,
    හොද පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් එන්නකෝ ..

      Delete
  20. කට ඇරගෙන කියෙව්වේ....මාත් පට්ට ආසයි මේවා හොයන්න....

    ReplyDelete
    Replies
    1. මමත් ඕවා ගැන හොයන්න ආසයි බං ..

      Delete
  21. විශ්වාස කල හැකියි මට නං..

    ReplyDelete
  22. harima pudumai..
    kawda danne ne bhoothayanwa aragena giyapu ekkena... devi kenekda?

    ReplyDelete
    Replies
    1. ඒක ගැනනම් හරියටම කියන්න දන්නේ නැහැ, ඒත් ගොඩක් අය කියන්නේ මිකායල් දේවදුතයා කියලා .

      Delete
  23. My partner and I stumbled over here coming from a different website and
    thought I might as well check things out.
    I like what I see so now i am following you. Look forward to looking into
    your web page again.

    Also visit my web-site; metal cladding

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...