මේ උත්සව සමයේ නත්තල ගැන දන්නා කරුණු වගේම
නොදන්නා කරුණු කිහිපයක් හුදී ජනයාගේ දැනගැනීම පිණිස මෙලෙස ලියා තබන වගයි ...
හැම අවුරුද්දකම දෙසැම්බර් 25 ලෝක ජනගහනයෙන් කෝටි 200 ක් විතර නත්තල් උත්සවය පවත්වනවා . තව කොටි 20ක් විතර ජේසු උපත ජනවාරි 7 සමරනවා
.
එත් නත්තල කොහොමත්ම සමරන්නේ නැති තවත් ලක්ෂ
ගණනකුත් ඉන්නවා . ඒ වෙනත් ආගමිකයන් සහ
ජේසුගේ උපත ප්‍රබන්ධ කතාවක් කියලා හිතන අය..
කොහොම උනත් ජේසුව විස්වාස කලත් නත්තල සමරන්නේ
නැති ක්‍රිස්තියානි ආගමිකයන් විශාල පිරිසකුත් ඉන්නවා .. ඒ අය නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියන එකට තියෙන ප්‍රධාන
හේතු කිහිපය දැන් බලමු ....
ජේසුස්
දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ ඉපදුනු බව ඔවුන් විස්වාස නොකිරීම ..එයට හේතුව ජේසු උපත
සිදුවූ මාසයක් හෝ දිනයක් බයිබලයේ සදහන් නොවීම..
ඒ සම්භන්ධයෙන් බයිබලයේ සදහන් වන්නේ මෙලෙසයි
“එඩේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම
බැටළු රැලවල් රැකබලා ගනිමින් සිටියහ එවිට දුතයෙක් පැමිණ ඔවුන්ට මෙසේ කිවේය ..
අද ඔබට ගැලවුම් කරුවෙක් ඉපදී සිටිනවා
ස්වාමින් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි ( ලුක් 2:8 -11 )
ඒ විස්තරේ හැටියට ජේසුස් දෙසැම්බරයේ හෝ ජනවාරියේ
ඉපදුනු බව සිතන්නට අපහසුයි . මොකද ඒ මාස වල බෙත්ලෙහෙම හා ඒ අවට ප්‍රදේශ වල
තියෙන්නේ හරිම සීතල දේශගුණයක් . ඒ කාල වලදී එඩේරුන් බැටළුවන් තියාගෙන රාත්රියේදී
එළිමහනේ ඉන්නේ නැහැ . සාක්ෂි අනුව ඔක්තෝම්බර් මාසයේ නම් එඩේරු බැටළුවන් සමග රාත්‍රියේ
එළිමහනේ ඉන්නවා .. ඒ කාලයේ සිටම මේ දක්වාත් ඒම ප්‍රදේශයේ දේශගුණයේ ඒ හැටි වෙනසක්
සිදුවී නැතිලු .
ජේසුගේ මුල් අනුගාමිකයන් නත්තල සැමරු බවට කිසිම
ඉතිහාස වාර්තාවක සදහන් වී නැහැ ඔවුන් ජේසුගේ මරණය පමණක් සිහිකළා (1 කොරින්ති 11:23-26 )
දෙසැම්බර් 25 නත්තල සැමරීමට පටන්ගෙන ඇත්තේ ජේසු
ඉපදිලා අවුරුදු 300 කට විතර පසුවයි . එක පොතක නත්තල ගැන මෙවැනි දෙයක් සදහන් වී
තියෙනවා “ ජේසුස් දෙසැම්බර් 25 ඉපදුනා කියලා ඔප්පු කරන්න බයිබලයෙන්වත් ඉතිහාසයේ න්වත් කිසිම සාක්ෂියක් හොයාගන්න නැහැ
. නත්තල කියන්නේ ක්‍රිස්තියානි මුහුණුවරක් ගත්තු
අන්‍යාගමික උත්සවයක් ඒම පොත THE BATTLE FOR CHRISTMAS..
ජේසු උපන් ස්ථානය වර්තමානයේ තිබෙන ආකාරය
(අතිතයේ ගව මඩුව තිබු ස්ථානය -බෙත්ලෙහෙම )
(අතිතයේ ගව මඩුව තිබු ස්ථානය -බෙත්ලෙහෙම )
එවැනි හේතු නිසා 17 වැනි සියවසේ මැද භාගයේදී
එංගලන්තයේ පාර්ලිමේන්තුව ඒ රටේ නත්තලසමරන එක තහනම් කර තිබුනා .
නත්තල පිලිබදව ඇති අනිත් කතාව වන්නේ ..පුරාණයේ
රෝමවරුන් හිරු දෙවියන් ලෙස සැලකු මිත්‍රා වෙනුවෙන් උත්සව පැවැත්වුවා . දෙසැම්බර්
මාසයේ දිනයක. පසු කලෙක ඔවුන් ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමේන් පසු ඔවුන් උත්සව
පැවැත්වූ දිනය කිතු උපත ලෙස සැමරීමට පටන්ගෙන තිබෙනවා ඒ දෙසැම්බර් 25 කියලා තමයි සැලකෙන්නේ ... මේ හේතුන් නිසා සමහර ක්‍රිස්තියානුවන් දෙසැම්බර් 25 නත්තල සැමරීම ප්‍රතික්ෂේප කරනවා.. (ලංකාවේනම් එහෙම පිරිස් අඩුයි එත් අතලොස්සක් ඉන්නවා ඒ කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි කණ්ඩායම් )
දිනය කෙසේ උවත් මෙලොවට පහලවූ ඇති ශේෂ්ට
උත්තමයානන්ගේ උපත ආගමානුකුලව සමරා එතුමන් කෙරෙහි අප හදවත් තුල ඇති භක්ති ආදරය
පුදකර සිටිමු ...
සුභ නත්තලක් !!!
අන් ආගමිකයන් කොහොමත් සමරන්නෙ නෑනෙ.
ReplyDeleteමම කිව්වේ ක්‍රිස්තියානි වෙලත් නත්තල සමරන්නේ නැති අය සහ එයිට මුල් වූ හේතුන්.. අන් ආගමිකයන් ගැන නොවේ
Deleteඑහෙම නැති අය ඉන්නවද මචන් ? ඔහේ පුළු පුළුවන් විදිහට
ReplyDeleteඅපි සිංහල වුරුද්ද ගන්නවා වගේ ගන්නවා නේද ?
එක නෙවේ මගේ recent comment එක වැඩ නැහැ බන්..
brokenlu ..අලුතෙන් දැම්මත් වැඩ නැහැ..
ආහ්.. ලවු එක නැගලා යනවා වගේ නේ.... හරි යනවා නම් එච්චරයි... හැබැයි මතක තියා ගනිල්ලා.. කපු කම කළේ මම හරිද... හි හි...
Delete( විහිළු හොඳේ..)
සමරන්නේ නැති කොටසකුත් ඉන්නවා රෝමාණු කතෝලිකයෝ නෙමේ වෙනත් ක්‍රිස්තියානි කොටස් .. බුද්දාගමේ මහායාන ථේරවාදී (හරිද මන්දා ) කියල තියෙනවා වගේ ක්‍රිස්තියානි ආගමේ කොටස් විශාල ගානක් තියෙනවා ඒවායේ වත් පිළිවෙත් වෙනස් ..
Delete@හිරු
අඩෝ හිරුවා කින්ඩි දාන්න එපා හරිය.. හික්
ඕන් බලහන්කො අපි දෙන්න අවුරුදු 3 කින් විතර හම්බෙලා
Deleteටිකක් හිනා වෙලා කතා කරා..ඒ ටිකට මේ මිනිස්සු පදත්
හදල...දැන් කොහොමද පාරේ බැහැල යන්නේ අහ් ...:D
ලෝකයා කියන කතා උබ ගනන් ගන්න එපා (හිරු තමයි ලෝකයා ) හිකිස්
Delete@silentsahan
Deleterecent comment එක මෙතනට ගිහින් හදාගන්න පුළුවන් වෙයි , සමහර ඒවා වැඩ කරන්නේ නැහැ
අර ඔයා අන්තිමට කිව්ව එක තැන තමා සැක චමී.. ආගමනුකූලව සමරන කතාව.. අපේ උන්ට වෙසක් එකටත් බොන්න ඕනේ.. නත්තලටත් බොන්න ඕනේ.. එතන කොහෙද ආගමක් ඉතිං...
ReplyDeleteහරියට හරි අක්කේ බොන්න තියෙනවනම් අපේ ගොයියලාට හැමදාම නත්තල් තමයි.
Deleteඔය බොන කතාව අහපුවම මට මතක් උනේ..මිනිස්සු නත්තලට කියන්නෙත් බෝතල් මාසය කියලනේ..මම දන්න තරමට බෞද්ධ අය උනත් නත්තලට බොන්න බලාගෙන ඉන්න අය ඉන්නවා...මිනිස්සුන්ට බෝතලයක් තියෙනවා නම්...සමරන්න දේවල් හදා ගනී ඕනෙ තරම්..
Delete@හිරු
Deleteඑකනම් ඇත්ත.. නත්තලට පල්ලි ගිහින් ඇවිත් එහෙම දවල් වෙලා පොඩියට පාර්ටි එහෙම තියෙනවා ගෙවල් වල....නත්තල කියන්නේ උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන එකක්නේ..ගොඩක් නෑදෑයෝ එකතුවෙන දවසක්.
@ළිහිණි
Deleteජනවාරියටත් බෝතල් මාසේ කියනවා එහෙම කියන්නේ නත්තලට ගේන බෝතල්වල හිස් බෝතල් විකුණලා පාර්ටි දාන නිසාලු ...හික්
@කෝරලේ මහත්තයා
Deleteනත්තල් ලංවෙලා බාර් එකක් ගාවට ගිහින් බලපන් පෝලිම කොයිතරම් දිගද කියල...හිකිස්
බොන කතා දැක්කම මට මතක් උනේ, චමී අය්ය 20/20 final බලපු හැටි.... හිකිස්...... නත්තල් දවසට ඔයා ගෙදර ඉන්න හොදේ... අපි එන්නම් ඔයාව බලන්න..
Delete@suminda wijesinghe
Deleteහික් ..ලැජ්ජාවේ බැහැ බොල ඒක මතක් වෙනකොට.. ලෝකේ අන්තිමේ උනේ නැත්තන් බෝතලේකුත් අරගෙන වරෙන් ..
මගේ ආගම නොවුනත් අන්තවාදී නොවන හැම ආගමකටම මම ගරුකරනවා. මමත් මුළු හදවතින්ම කිතුනු බැති සියල්ලන්ට සුභ නත්තලක් වේවා කියල පතනවා.
ReplyDeleteඋබත් මම වගේ , මමත් පන්සල් යනවා බං ගොඩක් වෙලාවට... පෝය දවසටනම් ටීවී එකෙන් බනක් අහනවාමයි
Deleteනත්තල සම්බන්ඳ ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැනගත්තේ මේ පොස්ට් එකෙන්
ReplyDeleteස්තුතියි
එහෙනම් එළ...
Deleteනත්තල ගැන වැඩිය කතා නොකෙරෙන දෙයක් අද දැන ගත්ත මේ පෝස්ටුවෙන්. සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!
ReplyDeleteහ්ම්ම් ඔව් මචං කතෝලික ආගම ට රෝමාණු කෑල්ලක් එකතුවෙලා රෝමාණු කතෝලික වෙච්ච එකේ ලොකු කතාවක් තියෙනවා.. එතැනදී තමයි වත් පිළිවෙත් වල වෙනසක් ඇති උනේ ,
Deleteඔබටත් එසේම වේවා !!!
හුඟාක් විස්තර මම කලින් අහලවත් තිබුනේ නැති ඒවා...හොඳ පෝස්ටූවක්...
ReplyDelete@ළිහිණි
Deleteකතෝලික අපිත් නොදන්නා දේවල් කොයිතරම් තියේද ලිහිණි
කාලයක් සම්මත වෙච්ච දේවල් හානියකුත් නැත්නම් ආයේ එච්චර හිතන්න දෙයක් නැහැ . අපිත් කැමතියි නත්තලට . බෞද්ධ වුනත් නත්තල් කාලෙට ඇතිවෙන අලුත් ගතියට අකමැත්තක් නැහැ .
ReplyDeleteමාත් අහල තියෙනව . අපේ ගෙවල් ගාව තියෙන යෝහොවා පල්ලියේ කට්ටිය නත්තල් දාට පල්ලිය වත්ත සුද්ධ කරනවා .
ඒක හරි ,
Deleteනත්තලට හැමෝම කැමති .. ඔයා යෝහොවා මතක් කරපු එක හොදයි.. යොහොවාගේ සාක්ෂිකාරයෝ නත්තල සමරන්නේ නැති ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක්. (මම බයිබලය ගැන යම් තරමකට ඉගෙනගෙන තියෙනවා යෝහොවා පල්ලියෙන් )
මෙතැනදී මචන් ප්‍රශ්නයක් එනවා කව්ද ක්‍රිස්තියානි , කතෝලික ,
ReplyDeleteකව්ද සැබෑ දෙවියන්වහන්සේ අනුමත කරන්නේ කියල..
එකක් තමා ජේසුස් තුමාව මරපු ..
අහ නැහ් ඕනේ නැහැ මේක ඇද්දොත් මහා දිග කතාවකට
යන්න වෙනවා...ඔතන මහ වහල ගහපු දේවල් ටිකක් තියෙනවා
බන්.මට ඒක ගැන මෙහෙම හරි කියන්න හිතුනේ බින්දිගේ
පොස්ට් එකේ තිබුන දෙයක් දැකල...දන්නෝ දනිති..
නිතර අහන ප්‍රස්නයක් එත් ඕකට උත්තර එක එක්කෙනා හිතන විදියට තමයි..
Deleteපාප් තුමා ඇතුළුව ප්‍රධාන ආගම විදියට සැලකෙන්නේ රෝමාණු කතෝලික ආගම.. බයිබලයේ තියෙන දේවල් එක එක්කෙනාට විවිද ආකාරයට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගන්නා අය බයිබලයේ තියෙන දේවල් සහ කතෝලික ආගමේ වෙනස් කම් දැකලා වෙනම හදාගත්තු ආගමික කණ්ඩායම් තමයි අනිත් අනිත් ක්‍රිස්තියානි ආගම් එහෙම නැතිව වෙන හේතුන් මත බිහිවෙච්ච ඒවත් තියෙනවා ..
මේකට ප්‍රධාන හේතුව තමයි මුල් කතෝලික ආගම පසුව රෝමාණු වෙච්ච එක , රෝමානුවන් මුලින් කතෝලිකයන්ට විරිද්ද වෙච්ච අය මෙයාලා පසුව කතෝලික උනා එයාලගේ නම (රෝමාණු ) වගේම එයාලගේ එයාලගේ වත් පිළිවෙතුත් කතෝලික ආගමට එක්වෙලා කතෝලික අගමැ රෝමාණු කතෝලික උනා එතනයි වෙනස ..
මේ සම්භන්දයෙන් ප්‍රසිද්දියේ දේශනා කරපු කතෝලික පියතුමෙක් හිටියා එත් පසුව එයාව සභාහවෙන් අයින් කළා.. මේ ඇති
වැඩි දුර මේ සම්භන්දයෙන් කතාකිරීම නුවනට හුරු නැත ..
///වැඩි දුර මේ සම්භන්දයෙන් කතාකිරීම නුවනට හුරු නැත ..///
Deleteow math ekai nawathune..oka iwarayak nathi
mathrukawak..
චමී ඇතුළු හැමෝටම සුභම සුබ නත්තලක්!! :)
ReplyDeleteඔබටත් එසේම වේවා !!!
Deleteමට නම් තියෙන හොඳම බෝර්ත් ඩේ පාටිය.
ReplyDeleteනැතුව නැතුව ... අපිටත් එසේම තමයි ..
Deleteනත්තල ගැන නොදැන උන්න දෙයක් කියලා දුන්නාට බොහොම ස්තූතියි..
ReplyDeleteබොහොම ස්තුති ආවටත්
Delete//ජේසු උපත ජනවාරි 7 සමරනවා .//
ReplyDeleteමේක මම ඇහුවේ අදමයි.... තව නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා......
ඒ රුසියාවේ, ග්‍රීසියේ වගේ රටවල ඉන්න Orthodox ක්‍රිස්තියානි කට්ටිය, නේද? එයාලගේ කැලැන්ඩර් එක අපි පාවිච්චි කරන එකට වැඩිය දවස් 13ක් අඩුවෙන් යන්නේ. අර ඔක්තෝම්බර් විප්ලවයට පෙර රුසියාවේ පාවිච්චි වුනේ. ඒ නිසානේ එක ඔක්තෝම්බර් විප්ලවය උනේ. අපි පාවිච්චි කරන කැලැන්ඩර් එක එදා රුසියාවේ පාවිච්චි වෙමින් තිබුනා නම් ඒ විප්ලවයට කියන්නේ නොවැම්බර් විප්ලවය.
Delete@සමනළී
Deleteඔව්,,චාමර වැඩි විස්තර දාලා තියෙනවා ඒ සම්භන්ධයෙන්
ස්තුති චාමර නොදන්නා කරුණු කිහිපයක් එකතු කලාට
DeleteThank u :-)
Deleteමම මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑනෙ කලින්.. සුභම සුභ නත්තලක් වේවා චමියා....!
ReplyDeleteඔබටත් සුභම සුභ නත්තලක් වේවා!!!
Deleteබොහොම ස්තූතියි. මම අර දෙසැම්බර් මාසේ නත්තල තිබුනා වෙන්න බැරි කතන්දරේ අහල තිබුනා. නමුත් හරියට පැහැදිලිව කතාව අහලා තිබුනේ නෑ.
ReplyDeleteMerry Xmas!!!
හ්ම්ම් ඒ සම්භන්ධයෙන් හොයපු විස්තර අනුව නිගමනය කරන්නේ ඔක්තෝබර් මාසයේ මුල බවයි .
Deleteයකඩෝ.. මගේ උපන්දිනේ තියෙන්නෙත් ඒ කිට්ටුව තමා :-)
Deleteහොඳ විස්තරයක් මම අන්‍ය ආගමිකයෙක් උනත් ගෙදර ඉද්දි නත්තලට පොඩි නත්තල් ගහක් හදනවාමයි. අපි වගේ අය දැනුවත් කරන එකනම් ලොකු දෙයක්. සුබ නත්තලක් ඔබ සැමට.
ReplyDeleteබොහොම හොදයි ..සුභ නත්තලක් !!!
Deleteනත්තල සමරන්නේ නැති පිරිසක් ඉන්නවා කියල දැනගත්තේ අදමයි. සුභ නත්තලක් වේවා මචන්! එහෙම කිව්වට නත්තලට කලින් තව පෝස්ට් දෙක තුනක් දාපං හරිය..!
ReplyDeleteඉන්නවා බං , ලංකාවෙත් සුළු කොටසක් ඉන්නවා.. සුභ නත්තලක් !!!
Deleteහුඟක් විස්තර අයි දැනගත්තේ,ගොඩාක් ස්තුතියි මේ තොරතුරු ගෙනාවට.
ReplyDeleteසුභ නත්තලක් වේවා!!
ඔබටත් එසේම වේවා !!!
Deleteපමා වැඩී මම පමා වැඩී... එහෙම හරි කියෙව්වා හරී.......
ReplyDeleteමොන පමාවක්ද බං .. පමා නැහැ
Deleteවටිනවා පොස්ට් එක.අර එඩෙරුන්ගේ කතාව මම කලින් අහලා තියනවා..මොනා උනත් අපි සමරන්නේ දෙසැම්බර් 25නෙ.ඔයා කිව්වා වගේ දිනය කෙසේ උවත් මෙලොවට පහලවූ ඇති ශේෂ්ට උත්තමයානන්ගේ උපත ආගමානුකුලව සමරා එතුමන් කෙරෙහි අප හදවත් තුල ඇති භක්ති ආදරය පුදකර සිටිමු ...
ReplyDeleteඔයාටත් සුබම සුබ නත්තලක් වේවා..
(මේ බ්ලොග් එක පැත්තේ හොල්මන් කතා එහෙම තියනවද ඇ..කොහේ හරි කමෙන්ට් එකක දැක්කා වගේ මතකයි..)
අන්න හරි ඒක තමයි වෙන්න ඕනේ.. මේ ලෝකෙට පහල වීම සමරනවා මිස දිනය ගැන වැදගත් නැහැ ...
Delete(හොල්මන් කතා ලේබලය ක්ලික් කරලා බලන්න )
සුභ නත්තලක් වේවා
ReplyDeleteකියලා එකෙක් කියනවා අපි බොමු ආ කියලා.ඔන්න නත්තල අපි බොමු ආ
එසේම වේවා !!
Deleteබොමු බොමු :D
ඔය මොනවා වුනත් නත්තල කියන්නෙ ගතිම ගති උත්සවයක්...පොඩිකාලේ නත්තල උපරිමයෙන් වින්දා.. සිහිල් සීතල, කස අතු වල සුවඳ, රතිඤ්ඤා, නිලා, බැලුම් බෝල, අහස් කූරු, රැට පල්ලි යාම, පහුවෙනිදා පාටිය... කොච්චර දේවල්ද....
ReplyDeleteඔව් පොඩි කාලේ තරම් දැන් දැනෙන්නේ නැහැ..
Deleteනොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
ReplyDeleteසුභ නත්තලක් වේවා...
ඔබටත් සුභ නත්තලක් වේවා...
Deleteබයිබලය දහ දොලොස් වතාවකටත් වඩා කියවා තේරුම් ගෙන සිටිමි. නමුත් එහි අරුත පිළිබඳ කිතුනුවන් විවිද මත දරති.එම නිසා මා තේරුම් අරන් සිටිනා ආකාරය නිවැරදි යැයි මා විස්වාශ කරමි. මන්ද ආගමක් හෝ දර්ශනයක් ඇවැසි වන්නේ මිනිසාගේ යහ පැවැත්ම උදෙසා මිස තර්ක කිරීමට හෝ වාදය පිනිස නොවෙන නිසාය. සුභ නත්තලක්...........!!
ReplyDeleteඔයාගේ කතාව ඇත්ත.. බයිබලය ඇසුරින් තර්ක කරන්න පුළුවන් (උදාහරණයක් විදියට පලවෙනි පනත අරගෙන බලන්න සමහර විට ඒකවත් වෙන්නේ නැහැනේ )
Deleteආගමක් හෝ දර්ශනයක් ඇවැසි වන්නේ මිනිසාගේ යහ පැවැත්ම උදෙසා// මේ කථාව මමත් පිලිගන්නවා
සුභ නත්තලක් !!!
මෙහෙම දෙයක් නම් මම දැනගෙන හිටියෙම නෑ.
ReplyDeleteකියලා දුන්නට ස්තුති
ස්තුති යාලු..සුභ නත්තලක් !!!
Deletemamat ada godak dewal danagata,
ReplyDelete"suba Natalak wewa"
Jayawewa.
එහෙම සීන් එකක් ඇහුවෙ අදමයි. අපේ පුංචිල ක්‍රිස්තියානි. එයාල නම් ආගමට පණ දීගෙන ඉන්නෙ..
ReplyDeleteඉතිං අපේ බෞද්ධයො සමහරුත් වෙසක් එකට වත් පන්සල් යන්නැති උන් ඉන්නවනේ.. :D
නත්තල කියලා අද තියෙන්නෙ ආගමික සැමරීමක් නෙවෙයිනෙ... කාල බීලා ජොලි දාන එක තමයි නත්තල කියලා අද බොහෝ දෙනා හිතා ඉන්නෙ...
ReplyDeleteශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
ReplyDeleteදැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය
මම ඔයාගේ පෝස්ට් එක උදව් කරගත්තා මගේ අලුත් පෝස්ට් එකට. ලින්ක් එක දැම්මා ඒකට
ReplyDeletehttp://asidisimaanaya.blogspot.com/2012/12/12-12-12.html
මට හිතෙනවා මේ පෝස්ට් එකේ නම "සමහර ක්‍රිස්තියානුවන් දෙසැම්බර් 25 නත්තල සමරන්නේ නැත්තේ ඇයි" කියලා තිබුනා නම් තවත් හොඳයි කියලා...
ආගමක් නිර්මාණය වීමට ශ්රාතෘවරයෙක්, ඇදහිලි හා විශ්වාස, යාගහෝම සහ ශාන්තිකර්ම් යන අංගයන් බලපානු ලබයි. මේ ආකාරයෙන් පැන නගින ආගමක් ඔහුන්ගේ ඇදහිලි සහ විශ්වාස/ ශ්රතෘවර/යායාගහෝම සහ ශාන්තිකර්ම් යන තැනුම් ගාඩොල් පිළිබඳව පසුකාලීන ආගමික නායකයන් නිර්මාණය කරගන්නා කල්පිත ඔස්සේ යමින් ඊට අනූරූපීව ප්‍රතිඵලයක් ලෙස ආගමක් එක් එක් නිකායවල්වලට බෙදී යයි. මේ හේතුවෙන් සමහරෙකුට නත්තල් දින හෙවත් දෙසැම්බර් 25 වටිනාකමක් නැති විය හැකි යි.
ReplyDeleteමාද කතෝලික බැතිමතුන් වෙත සුභ නත්තලක් වේවා ! කියා ප්‍රාර්තනා කරනවා.
මේ වගේ ලිපි වටිනවා. මොකද අපේ අසල්වාසියො ගැන දැන ගන්න, දැන ගන්න ගැටුම් ඇති වෙනවා අඩුයි.
ReplyDelete