25 January 2013

නිරුවත් පෙම්වතා ( කොටු පැනීමට ගොස් කොටුවීමේ කයි කථාව ) 13+



    මෙතැනින් ගොසිප් ලිපිය බලා පැමිණීම පහසුවකි .    දුරකථනය නාද වීම නිසා අසුවූ ඇදයට සිටි නිරුවත් පෙම්වතා


හිරු අවරට හැරෙන    පැයෙන්
ඇදගෙන ජැන්ඩියට  හොරෙන්
රිංගා  කටු  කම්බ්        වැටෙන්
දැම්මා  තට්ටුව          හෙමිහින්


කළුවරේම  දොර   ඇරුනා
හින් සැරේ අත        වැනුවා
අනතුරු නැති බව  පෙනුනා
හනි හනිකට මම    පැන්නා


කළුවර  කාමරය       අස්සේ
පොත් මේසෙට එහා පැත්තේ
ඈත්  සමග  මා     නිදැල්ලේ
    සොදුරු ලොවක සුව සොයන්නේ


( දුරකථනය නාද වෙයි .........................)


ජන්ජාලෙකි වෙන්න යන්නේ
දුරකථනය   නාද    වෙන්නේ
හදිස්සියේ   බැහැ     ඔබන්න
මේ    ඉලව්ව     නවතගන්න


එළියෙන් කසු කුසු  ඇසුනා
දොරටත්  කව්දෝ    ගැසුවා
දුර   කථනය  නතර  උනා
අසරණවී    මා       ගැහුනා


මහ හය්යෙන් දොර ඇරුනා
බිය    විලා    ඈ     හැඩුවා
කලිසම  ඇද  පල්ලේ දමා
ඇද  අස්සට  මා  පැන්නා

ඇද   යට   ආරස්සා   වයි
මා දැන් අසු නොවන හැඩයි
එහෙම  හිතුව මම  මෝඩයි
දුර  කථනය  නැවත  හඩයි


 ඇද   අස්සට  අත්   ආවා 
ඇදලා  අරන්  මට  නෙළුවා
කොටු පනින්න හිතපු මෙමා
පොලිසියට   කොටු    වුවා


කොටු පනින්න හිතනවනම්
මේ  ඔවදන   හිතට   අරන්
ජනේලයෙන් පනින්න පෙර
දුරකථනය   නිවා   ගන්න... 
_____



තවත් කයි කථාවක් මෙතැනින්

67 comments:

  1. හරී අපූරු කවි සුට්ට.. හොදට ගලපල ලියල තියෙනවා චමී.. ගොසිප් සයිට් එකක කතාව දැක්ක මමත් කලින්.. ඒත් ඒ උඹ කියල නං හීනෙං වත් හිතුවෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. හික් හික් .. මම නෙමේ බං .. ගොසිපේ හිටිය කොල්ල පැන්නෙ .. මම අහිංසකයා

      Delete
  2. මම උබට කිව්වා සයිලන්ට් දාගෙන පලයන් කියලා !

    ReplyDelete
    Replies
    1. හදිස්සිය වැඩි කමට අමතක උනා සැමෝ ..

      Delete
  3. උඹට මෙව්වා ගැන හොදට අත්දැකිම් තියනවනේ

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ මම අහිංසක කොලුවා ...

      Delete
  4. කළුවර කාමරය අස්සේ
    පොත් මේසෙට එහා පැත්තේ

    භූ විශමතා ගැන පුදුම අවබෝධයක් තියෙන්නෙ.
    මේ විස්තර අර ගොසිප් ලිපියෙත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. හික් .. අත්දැකීමෙන් ,..

      ආ .. නැහැ නැහැ මම නිකමට හිතුවා පාඩම් කර කර ඉන්න ළමයෙක් හින්දා .. මේසෙනේ ලග පාත තියෙන්නේ ...

      Delete
  5. සෙරෙප්පු දාගෙන යාම හෝ සෙරෙප්පු දෙක (චාලිස්තරේට) එළියෙන් දමා ඇතුළට පැනීම.

    මේවත් භයානක ප්‍රතිඵල අත්කර දෙන වැරදි පුරුදු.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් වටිනා ඔවදනක් ..පනින්න පෙර මේවත් හිතට ගත්තොත් හොදා ...

      Delete
  6. ඇඳ යට නම් ජීවිතේට හැංග්එන්න හොඳ නෑ.. මිනිහා ආපු ගමන් බලන්නෙ ඕක යට.. හොඳම තැන තමයි කුස්සිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් ඇදයට හැන්ගෙන හේතුව කාමරයක හැංගෙන්න තියෙන එකම තැන ඇද නේ මචං
      , නැත්නම් අල්මාරිය.... හික්

      Delete
  7. අත්දැකීම තියෙන උඹ මේවා කියද්දී අපිට අහන්නම වෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් .ඔව් මේ ඔවදන් හිතට ගනින්

      Delete
  8. ආයේ අහු නොවෙන්නට සිතට ගත යුතු ඔවදන්... :D

    ReplyDelete
  9. පට්ට පද ටික මචං.එලයි හොදේ...

    ReplyDelete
  10. උඹට පොලීසියෙන් ගොඩක් ගැහුවද බන්.

    ReplyDelete
    Replies
    1. මට නෙමෙයි බොල ගොසිපේ හිටිය කොලුවට ...

      Delete
  11. පටි රෝල්....... චමිට.. කවිලියන්නත් පුලුවන්...හා...

    ReplyDelete
    Replies
    1. හිකිස් නැතුව .. කවිකාර මුදියන්සේලාගේ දෝන චමී4යු කියන්නේ මමනේ ...

      Delete
  12. නියමෙට ගලපලා තියනවා මරේ මරු

    ReplyDelete
  13. apoo......... mn hithuwe ne oyaa oya wage kenekya kiyala.........

    ReplyDelete
    Replies
    1. අනේ මම නෙමේ තනු ..වෙන එකෙක් පැන්නේ , මම ලිව්වේ ,

      Delete
  14. රජයේ අවවාදය..
    පනින කොටුවක් සයිලන්ට් දමා පයින්න..

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොදා ... පනින්න පෙර සිතා බලනු ,

      Delete
  15. මාත් දැක්කා නිවුස් එක ගොසිප් එකෙන්. ඌ නම් බැදලත් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව්.. බැදපු ඉලන්දාරියෙක් ..

      Delete
  16. අර ගොසිප් සයිට් එහෙකත් ඔය වගේ සීන් එකක් තිඋනා.

    ReplyDelete
    Replies
    1. එක තමයි බං මේ ලියලා තියෙන්නේ ..

      Delete
  17. ගොසිප් එකේ කොල්ල ගැන ලිව්වට. චමියටත් හොඳ පළපුරුද්දක් තිබෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ බං .. ඔය කට කථා , මම අහිංසකයා :D

      Delete
  18. මූණෙයි ඇඟෙයි හැමතැනම දම්පාට වෙලා එහෙම ඇති නේද.........පට්ට කවි සැට් එක අයියා....

    ReplyDelete
  19. අවවාදයයි: කොටු පැනීමට පෙර දුරකතනය ක්‍රියා විරහිත කරන්න.

    ReplyDelete
  20. Replies
    1. තැන්කු , බොහොම සතුටුයි ගෙට්ටුවේදී හමුවෙලා කථාකරපු එකගැන..සජිත්

      Delete
  21. හුටාස්
    මෙන්න කවි
    අවවාදයට තෑන්කූ
    නයිස් ටු මීට් යූ ඇහ් (එදා කියන්න අමතක උනා )

    ReplyDelete
    Replies
    1. මී ටු ,, ගැටයෝ , අපි එලි පහලියට ගිය නිසා අන්තිම හරියේ ටිකක් මග හැරුණා, එළ යේ සෙට් වෙමු සයිබර් උළෙලේදී..

      Delete
  22. හාහ් හාහ් හාහ් .... අපිනම් කොටු පනින්නේ ඔහොම නෙවේ..
    නියම කවිය.එල

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොමෙයි ..තැන්ක්ස් ඈ ..

      Delete
    2. මෙතන චා වෙන්න බෑ.නැත්තම් කියනවා.හිහ් හිහ් හිහ්.

      Delete
  23. ගෙට්ටුව අවසන් වෙලා අද තමයි මේ පැත්තට ආවෙ... පට්ටයි බොල...කවි පෙල මටත් කොටුවක් පනින්න හිතුනා...දුරකථනය නිමාගෙන...

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවනම් සුපිරි .... මම ගෙට්ටුවේ ගේට්ටුව වහනකන්ම හිටියා

      Delete
  24. අඩේ.... සුපිරියි ඈ.... හික්.....

    ReplyDelete
  25. මචං මේ නිව්ස් එක දැක්කම මට හිතුනේ අරු කවදා හරි එලියට ආපු දවසක ඌට කෝල් කරපු එකාව හොයාගෙන ගිහින් නෙලවිද දැනේ නැහැ..

    කවිටිකනම් මරු

    ReplyDelete
    Replies
    1. ඔව් ..කෝල් කරපු එකාව මැරුවත් මදි ...

      Delete
  26. අපේ බෝඩිමේ ඔය සම්බන්ධව කප් ගහපු පොරක් ඉන්නවා. මම උගෙන් තමයි දැන මුතුකම් ගන්න හිතාන ඉන්නේ ඉස්සරහට. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හික් ඒ කියන්නේ කොටු කප්පිත්තෙක් ....

      Delete
  27. අපි හිතුවේ උඹ පැන්නයි කියල මලේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද සුදික අය්යා ... මම හොරාට පනින්නේ නැහැ

      Delete
  28. "අනේ මම නෙවේ, මම නෙවේ" කියල කොච්චර කෑගැහුවත්, ඇත්තම අත්දැකීමක් නැත්තන් ඔයවගේ යස අපූරුවට අදහසක් එන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. හික් ..හික් .. ඔන්න කිව්වා කතාවක් , මම පොඩි කාලේ බට්ටෝ විටරයි අනේ පැන්නේ ...

      Delete
  29. අනිත් දවසේ මතක ඇතුව මොබයිල් එක ගෙදර තියලා පලයන් . . :P

    ReplyDelete
    Replies
    1. ඔව්..එහෙමවත් කරලා බලනවා ..

      Delete
  30. උඹ යන්නේ නැතිව කෙල්ල ගෙන්නවා ගත්තා නම් හරි නේ අහුඋනත් දෙන්නටම අවුලක් නෑ.... (හිනා මූන)

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද අදහසක් තමයි..

      Delete
  31. මගේ වල්ල කහනවා පොන්ස්

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...