09 May 2013

පාසල් මතකයේ , ආදරයකට උදව් දීමට ගොස් කඩාකප්පල් කිරීම.




පාසල් කාලයේ මතකය සුන්දරය . ඒ යුගයේ අප කල ක්‍රියාකාරකම්  පුරාවටම ඇත්තේ මෝඩ අලුගුත්තේරු වැඩ උවත් දැන් මතක්වන විට එහි සුන්දරත්වයක් ඇත එහෙත් එම යුගයේදී ඒ සිදුවීම් අපට අසුන්දරය . අසුන්දර සිදුවීම් කාලයක් යනවිට සුන්දර මතකයක් වන සැටි අපුරුය .

නිලංක යනු  එසමයේ මට සිටි මිතුරෙකි. නිකන්ම මිතුරෙකු නොව අඹ යාළුවෙකි. එහෙත් අප පාසල් මිතුරෝ නොවෙමු. අප දහම් පාසල් මිතුරෝය අපගේ දහම් පාසලද පාසලකට නොදෙවෙනිය එහිද විශාල සිසු සිසුවියන් පිරිසක් ඇත. ග්‍රාමයේ විවිද පාසල්වලට යන ළමුන් සියලු දෙනාම ඉරු දිනට පැමිණෙන්නේ මෙම දහම් පාසලටය.

එබැවින් අප දහම් පාසලට බොහෝසේ ආදරය කළෙමු. ඒ දහම ඉගෙන ගැනීමට අප තුල ඇති මහගු ආශාව නිසාම  යැයි වැරදි වැටහීමක් ඇතිකරගතයුතු නැත. අපට ඇත්තේ වෙනත් පාසල් වලින් පැමිණෙන යුවතියන් දැන හැදින ගැනීමේ ආශාවකි.  

 දහම් පාසල තුලදී අප අපගේ පාසලේ සිසුවියන් සමග වැඩි බජනෙට නොගියෙමු. ඒ “නිතර දකින කුකුලගේ කරමල සුදුයි “ යැයි කියන කියමන මා හටද ඒ කාලය වන විට තෙරේමින් තිබුනු නිසාවෙනි . ඒ කථාව සත්‍යකි පැරැන්නන් එවැනි කියමන් කියන්නේ  කට කසනවාට නොවේය ඒ උන්ගේ කටවාචාල කමටය . එබැවින් අප වැඩියෙන් හිතවත් වුයේ නන්නාඳුනන පාසල් ශිෂ්‍යාවන් සමගමය. අප එසේ වන විට මිශ්‍ර පාසල් නොයන සිසුන් ගැන අමුතුවෙන් කිවයුතු නැත. උන් අම්ම මුත්තා කීවද දහම් පාසල් දිනයක් මගහරින්නේ නැත ඒ තරමටම දහම් පාසලට ප්‍රියය.

දහම් පාසලේදී දහම ඉගෙන ගැනීමට අමතරව අනාගත ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කරගැනීමටද අප අමතක කලේ නැත. ඒ පරස්ථාවක්ය දහම් පාසල තුලින්ම පිනට දහමට ලැදි දැරිවියක් සොයා ගැනීමට පමණක්ම මුලිකත්වය දී වැඩකළ මිතුරෝද අප අතර සිටියේය. එහි වරදක් නැත පුංචි කාලයේ සිටම අනාගතයට වැඩදායි ක්‍රියාවකට අඩිතාලම දැමීම දියුණු වීමේ ලක්ෂනයක්යයි මා පොතක කියවා ඇත.

දහම් පාසලේ උසස්පෙළ පංතියේ සිටිනවිට මගේ මිතුරාටද  ඒ අවශ්‍යතාවයන් තදින්ම දැනෙමින් තිබුණි .

ඇය චමරිය . අපට වඩා වසර කිහිපයකින් බාලය. දහම් පාසල තුල සිටින පියකරුම යුවතියන් කිහිප දෙනාගෙන් කෙනෙකි. දහම් පාසලේ සිසුවියන් විශාල පිරිසක් සිටියද වැඩි ඉල්ලුම තිබුනේ ටික දෙනෙකුට පමණි චමරිද ඒ අතරින් කෙනෙකි.  ඇයත් සමග පමනට වැඩි මිතුරුකම් ඇතිකරගන්න ගොස් පට්ට පජාත වන කොල්ලන් මම කොතෙකුත් දැක ඇත.


මාගේ මිතුරාගේ නමද ඒ පජාත වන නම් ලැයිස්තුවේ කොනක තුබුණි   එහෙත් එයින් ඔහු කිසි විටෙකත් සැලුනේ නැත. හැම විටම සිතට ෛධයිර්ය උපදවාගෙන නැවත නැවත උත්සහ කළේය. සමහර විට ඔහු උත්සාහවන්තයා ජයගනී “ කියන පැරණි කියමන ගැන විස්වාසය තැබුවා විය හැකිය ඒ කෙසේ වෙතත් ඔහුගේ සියලු උපක්‍රම කල්ල කපටි මායම් සියල්ලම දාලත් චමරිගේ සිත වෙනස් නොවූ තැන ඔහු අලුත්ම සැලසුමක් ක්‍රියාත්මක කළේය ....

ඒ සැලසුම තමයි අද කථාව...

දිනක් සවසක නිලංක විසින් මා හට පණිවිඩයක් ඒවා තිබුණි ඒ උන්ගේ නිවෙසට හැකි ඉක්මනින් පැමිනෙන ලෙසය. ඒ බැවින් මා එහි ගියේමි.

මා යන විට ඔහු පොත් මේසයේ කොල කිහිපයක් තබාගෙන මොනවදෝ උනන්දුවෙන් ලියමින් සිටියේය. ඒ අසල ලියුම් කවර කිහිපයක්ද විය.

“මොනවාද මචං මේ ... ෂෝර්ට් නෝට් ගහනවද ...?

“නෑ බං මේ රැකියා ඉල්ලුම් පත්‍ර..

උබ ඒ ලෙවල් ඉවරවෙන්නත් ඉස්සෙල්ලා ජොබ් එකකට යන්නද හදන්නේ ..

එසේ කියමින් මම ඉල්ලුම් පත්‍ර කිහිපයක් ගෙන බැලුවෙමි .. එහි ඉල්ලුම් කර ඇති රැකියා දුටු විට මගේ ඇස් උඩ ගොස් කට ඇරුනේ ඉබේටමය ..

නාවික හමුදාව , ගුවන් හමුදාව , කොමාන්ඩෝ , විශේෂ කාර්ය බලකාය ..

උබට පිස්සුද බං හමුදාවට බැදෙන්න හදන්නේ .. මම ඇසුවෙමි.

මේ යුද්ධය දරුණුවටම තිබු අවදියයි . දිනපතා හමුදානිලධාරින් විශාල ගණනක් යුද්ධයෙන් මියයමින් තිබු අවදියය. අපගේ ග්‍රාමයේ උවද මසකට හමුදානිලධාරින් දෙතුන් දෙනෙකුගේ අවමංගල්ලයක් නොවරදවාම තිබු අවදියයි .එබැවින් එවැනි පසුබිමක් තුල මෙවැනි සුට්ටන් කොල්ලෙක් හමුදාවට බැදෙන්න ඉල්ලුම් කිරීම යනු සියදිවි හානිකරගැනීමට සරසේනවාක් වැනි හැගීමක් ඇති කරන සිදුවීමකි ..

මම ඉල්ලුම් පත්‍රයේ තවත් පේලි කිහිපයක් කියෙව්වේය ..

උස පහයි හයයි .. පපුව තිස් දෙකයි , එතන ගැටලුවක් ඇත ..

“නිලංක උබ බොරුනේ ලියලා තියෙන්නේ උබේ ඉනත් විස්සට අඩු එකේ පපුව තිස්දෙකක් වෙන්න විදියක් නැහැනේ ..  

ඇටසකිල්ලකට රෙද්දක් පෙරේව්වාක් මෙන් ඇති ඔහුගේ ශරීර කුඩුව දෙස බලමින් මා කීවෙමි ..

“මම ඇත්තටම හමුදාවට යන්නේ නැහැ බං, මම තුවක්කු වලට බයයි ...

“එහෙනම් ..

“මේක ප්ලෑනක් බං චමරිව සෙට් කරගන්න ...

“මොකක් “

“මේ පාරනම් වැඩේ ටක්කෙටම හරියනවා මම නියම ප්ලෑනක් ගහලා තියෙන්නේ .. මෙතනින් ඉදගනින්කෝ කියන්න ...

එවර ඔහු පොතක් අස්සේ දමා තිබු හතරට පහට නැවු හාෆ් ෂිට් කොල දෙකක් ගෙන මගේ අතින් තැබුවේය ..

“මේ මොකක්ද ..

“මේ උබේ දෙබස් .. ප්‍රධාන වැඩ කොටස තියෙන්නේ උබේ අතේ ..

දෙබස් මොකටද බං මේක චිත්‍රපටයක් යෑ...

“මේකත් චිත්‍රපටයක් වගේ වැඩක් තමයි මම ප්‍රධාන චරිතේ උබට තියෙන්නේ මගේ ලව් එක සෙට් කරලා දෙන චරිතේ ඒ කියන්නේ මගේ යාළුවගේ චරිතේ .. වරෙන්කො මම උබට කරන්න ඕනේ ටික කියන්න ..

මම එයට කැමති විය. පුංචි කාලයේ සිටම චිත්‍රපට වල යාලුවාගේ චරිතෙට මම කැමතිය. සිංහල චිත්‍රපට වලනම් යාලුවාගේ චරිතය විකටයෙකි එහෙත් හින්දි සිනමාවේ එසේ නොවේ එහි යාලු චරිතය හොදය. වීරයාගේ චරිතය තරමටම ප්‍රතාපවත්ය . වීරයාට කෙල්ලව සෙට් කර දීම වෙනුවෙන් යාලුවාද බොහෝ වෙහෙසේ චිත්‍ර පටය අවසාන වෙන විට වීරයාට කෙල්ල සෙට් වේන අතර   පසුව උදව්කල යාලුවාටද ඈගේ යාලුවෙක් සෙට් වේ.. මුල කෙසේ වෙතත් ඒ සොදුරු අවසානයට මම කැමතිය . එබැවින් ඒවැනි සොදුරු අවසානයක් බලාපොරොත්තුව මමද මේ වැඩේට කැමති විය ..

“මම කැමැති .. මම මොකද දැන් කරන්න ඕනේ ..

“උබට තියෙන්නේ මෙන්න මෙච්චරයි. ලබන ඉරිදට මේ ඉල්ලුම් පත්‍ර ටිකත් අරගෙන උබ දහම් පාසල් වරෙන් ..

“හරි ඊට පස්සේ ..

“ඊට පස්සේ මාව මග ඇරලා ගිහින් උබ චමරිත් එක්ක කතාකරන්න සෙට් වෙයන්, එයාගේ යාළුවොත් ඉන්න තැනකදී නම් හොදයි ..

මට චිත්‍ර පට කතාවේ සොදුරු ආවසානය නැවතත් සිහි  විය .“ඔව් යාළුවොත් ඉන්න තැනක හොදා ... ඊට පස්සේ “

ඊට පස්සේ හමුදා ඉල්ලුම් පත්‍ර ටික චමරිට පෙන්නන්න ඕනේ.. එයා මේවා දැක්ක ගමන් ෂුවර් අප්සෙට් යනවා . ඊට පස්සේ උබ කියපන් මම හමුදාවට බැදෙන්න යන්නේ චමරි අකමැති වෙච්ච නිසා කියලා .. මාව එකෙන් වලක්වන්න පුළුවන් චමරිට විතරයි කියලත් කියපන්..”  උබ මේ ටික හරියටම කලොත් අනිවාර්යයෙන්ම චමරිගේ හිත උණු වෙනවා .. ඊට පස්සේ මාත් එක්ක කතා කරයි එයින් එහාට වැඩ කොටස මම බලාගන්නම් ..

 නිලංක තිර නාටකයේ සැකිල්ල ඒ අයුරින් ගසා ඇත .  දැන් ඇත්තේ දෙබස් සමග ඒ චරිතය ලබන ඉරු දින  චමරි ඉදිරියේ රගදක්වීමේ භාරදුර්ය කාර්යයි. එය පැවරී ඇත්තේ මටයි.. කෙසේ වෙතත් එය සාර්ථකව ඉටු කිරීමේ බලාපොරොත්තු ඇතිව එදින අප සමුගතිමු .

------------------------------------------------------------------------------------------------------

ඉරුදින උදසනින්ම අවදිවූ මා කන්නාඩිය ඉදිරියේ සිටිමින් තනිවම දෙබස් කියෙව්වේ සිතේ හටගෙන තිබු චකිතය නිසාමත්ම නොව රගපෑම සාර්ථක කරගත යුතු නිසාවෙනි . මක්නිසාද යත් මේ මාගේ ප්‍රථම රගදැක්වීමය .

කාලය කමෙන් ගෙවී යද්දී අප දෙදෙනා සැලසුම් කල නාට්‍යමය ජවනිකාව රගදැක්වීමට සුදුසු වාතාවරණයක් සැලසෙමින් තිබුණි .  දහම් පාසල් අවසන් වී ළමුන් පන්තිවලින් පිටවෙන මොහොත .

මා සමග සිටි නිලංකද හිමිහිට මා තනිකර කොහේටදෝ අතුරු දහන්විය ඒ ගැන නැවත සෙවිය යුතු නැත එයද අප සැලසුම කල නාට්‍යයේම කොටසකි . මම හෙමිහිට චමරි සහ මිතුරියන් අසුන්ගෙන සිටි බැංකුව වෙත් පිය මැන්නෙමි . දකුණු අතේගී රැදී පොත තුල නිලංක විසින් ලබාදුන් ව්‍යාජ ඉල්ලුම් පත්‍රටිකද සුරැකිව තිබේ ..

“චමරි

මගේ හැදින් මිතුරියන් කාතාවක සිටි ඈ හිස ඔසවා බැලුවාය. ඈ පමනක්ම නොව ඇගේ සියලු මිතුරියන්ගේ දෑස් දැන් යොමුවී ඇත්තේ මා වෙතය .. මම හිතට දයහිර්යය ගත්තෙමි .

“චමරි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ ..”

මොනවද අය්යේ ..ඉතින් කියන්න “

“ඉස්සෙල්ලම මේ ටික බලන්නකෝ “ මම පොත තුල දාමගෙන සිටි ඉල්ලුම් පත්‍ර සියල්ලම ඈ අත තැබුවෙමි 


ඈ එයින් එකින් එක ගෙන උඩින් පල්ලෙන් කියෙව්වේය ... ඒ අතර අගේ මුහුණේ ඉරියව්ද වෙනස් විය. සාර්ථක රංගනයක් ඉදිරිපත් කල ශිල්පියෙකුට දැනෙන හැගීම මුල වරට මටද දැනෙන්නට විය . ඉතින් මම දෙවැනි පියවර තැබුවෙමි .

“නිලංක හමුදාවට යන්න හදන්නේ නංගි “

“ඇයි අය්යේ නිලංක අයියා හමුදාවට යන්න හදන්නේ ...

“ඔයා නිසා ..

“මම නිසා ..

“ඔව් ඔයා නිලංකට අකමැති වුන නිසා නංගි, නිලන්කට ඔයාව අමතක කරලා හිත හදාගන්න අමාරුයිලු නංගි.. ඒකයි ඒයා මේ හැමදේම අතහැරලා හමුදාවට යන්න තීරණය කරලා තියෙන්නේ.. අපි කොච්චර එපා කිව්වත් මිනිහා තීරණය වෙනස් කරන්නේ නැහැ... නිලංක පව් නංගි..

මම කියාගෙන ගියෙමි, දැන් මගේ ස්වරයත් හොදය දුක්බරය . අංග චලනයත් එයටම ගැලපේ.. මගේ රගපෑම් ඒ මොහොතේ සුපිරි නළුවන් අභිබවා යමින් තිබුණි , මෙය චිත්‍ර පටයක්නම් මට සම්මානයක් ලැබෙනවා නිසැකය.

මගේ දුක්ගැනවිල්ල අවසානයේ නැවතත් චමරි කතා කලේය.. දැන් ඈ අඩන්න ඔන්න මෙන්නය ඈ විතරක්ම නොව ඇගේ යෙහෙළියන්ගේ මුහුණුද එසේමය ..

“නිලංක අයියා පව් අය්යේ .. මම එයාට කියන්නම් හමුදාවට යන්න එපා කියලා එයා මම කියන දේ අහයි “

“ඔව් ඒක හොදයි නංගි ඔයා අදම එයත් එක්ක කතා කරන්න “

“ඒක නෙමේ අය්යේ ඔයාට කොහෙන්ද මේ ඇප්ලිකේෂන් ?

“අඃ මම ඊයේ හවස නිලංකලාගේ ගෙදර ගිය වෙලේ උගේ මේසේ උඩ මේ ටික තියෙනවා දෑකලා හොරෙන්ම උස්සගෙන ආවා ඔයාට පෙන්නන්න ..

කතාව එලෙස සාර්ථකව නිමවෙමින් තියෙද්දී කොහේදෝ සිට දුවගෙන ආව නිලංකයා අප අතරට පැන්නේය ..
එය අප සකස් කල නාටකයේ නැති කොටසකි ...

“අඩෝ චමියා කැත වැඩ කරන්න එපා හරිය ...

මුගේ අමුතු හැසිරීම මට ගැටලුවකි එබැවින් මම නිශ්ශබ්දව සිටියෙමි ..

“මම හිතාගෙන හිටියේ උබ මගේ යාළුවෙක් කියලා උබ මගේ යාලුවෙක් නෙමේ හතුරෙක්.. මම හමුදාවට යන්න ලියලා හංගලා තිබුනු ඇප්ලිකේෂන් ටික හොරෙන් අරගෙන ගිහින් ඇයි මෙහෙම තැන් තැන් වල පෙන්නන්නේ උබට ලජ්ජා නැද්ද යකෝ ....”

නිලංක දිගින් දිගටම මට බැන වදින්නට විය..  දැන් නාටකය යන්නේ තිර රචනයට පිටිනි නිලන්කාය විසින් සම්පුර්ණ ප්ලෑනම උඩු යටිකුරු කර ඇත. එයින් සිදුවුයේ කෙල්ලන් ගොඩක් මැද මා අන්ත අසරණ වීමයි,

කොල්ලගේ යාළු චරිතය රගදැක්වීමට ආ මා මටත් නොදැනිම දුෂ්ටයාගේ චරිතයට වැටී ඇත. එයට මා කැමති නැත දැන් දැන් මාගේ ඉවසීමේ සීමාවද ඉක්මවීමට ලගය . එහෙත් තවමත් නිලංකයා කට වසන්නේ නැත.

මම හමුදාවට යන්නේ චමරිව අමතක කරන්න බැරි හින්දා බව ඇත්ත , ඒත් උබට වටින්නේ නැහැ මෙහෙම මගේ දේවල් කෙල්ලෝ ඉස්සරහ ඇවිත් කියලා මගේ චරිතේ ඝාතනය කරන්න , ගෑනු කරන වැඩ කරන්න එපා යකෝ ..

දැන් දැන් නිලංකයා මට කියන වචන අජූතය ඉවසා සිටීමට බැරිය, කෙල්ලෝ ටික මදෙස බාලගෙන සිටින්නේද චාටර් බුවෙක් දෙස බලන බැල්මෙනි ..  පොදු ළිදක ස්නානය කරමින් සිටි යුවතියකගේ දිය රෙද්දක් අනෙක් උන් ඉදිරියේ කඩා වැටෙනා විටක ඇයට ඇතිවෙන්නක්මෙන් ලැජ්ජාවකින් මා හිරිවැටී හිටියෙමි .. තවත්නම් ඉවසිය නොහැක එබැවින් මගේ කට ඉස්සර විය ...

“ඈ බොල නිලංකයෝ තෝම නේද මට මේ ඇප්ලිකේෂන් ටිකත් දීලා කියන්න ඕනේ ඒවත් උගන්නලා මෙතනට එව්වේ ... එහෙව් එකේ තොට උදව් කරන්න බොරු කියන්න ආව මට මෙහෙම කතා කරන එක හරිද ...”

මගේ කටින් ඒ වචන කිහිපය පිටවුනා පමණි.. සියල්ලම එක වර නිහඩ විය, ගහ කොළ පවා නිහඩ විය. කෑ මොර දුන් නිලංකයා හිටි පිළිමයක් මෙන් ගල් ගැසී ඇත.. මගේ වචන වල වරදක් ඇති බව සැබෑවකි එහෙත් දැන් කරන්නට දෙයක් නැත සිදුවූ දේ අලි ඇතුන් දමාවත් ඇද්දවිය නොහැක.

මොහොතකින් චමරි  සහ මිතුරියන් එකවරම නැගිට අපිට ගස්සාගෙන පිටවී ගියේය උන්ට කාරණය වැටහී ඇත . පසුව නිලංක මට පැවසුවේ වැඩේ තවත් තාත්වික වෙන්න ප්ලෑනට තව කොටසක් එකතු කල බවයි. එහෙත් එයින් සිදුවුයේ ගොඩ යෑමට ඔන්න මෙන්න තිබුණු මගුල කඩාකප්පල් වීමයි. තිර රචනය වෙනස් කිරීමේදී රංගන ශිල්පියාව දැනුවත් කල යුතුය නැත්නම් ජංජාලයකි එහෙත් එදවස නිලන්කයාට එය තේරී නොතිබීම අවාසනාවකි .

එයින් පසු චමරි නිලන්කගේ මුහුණවත් බැලුවේ නැත, නිලන්කද හැකි තරමින් චමරිව මග හැර සිටියේය ඒ ලජ්ජාවටය , මාද එසේමය....

ප.ලි :- දැන් චමරි විවාහක දෙදරු මවකි , නිලංක විදේශ ගතව ඇත ඉද  හිට බ්ලෝගයද බලති .


තවත්  කඩාකප්පල්කාරී ක්‍රියාවක් මෙතැනින් බැලිය හැකිය


47 comments:

  1. Replies
    1. හික් ..ඔව් නිලංක ප්ලෑන වෙනස් කරපු හින්දනේ බං,

      Delete
  2. Ubta Blog ekak tiyanawa kiyala matak wena nada? (Last Post 03 April 2013).
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මතක් වෙනවා බං , වැඩ ටිකක් වැඩි බං.. අනික මම තිකක් කම්මැලිත් වෙලා දැන් .
      ජයවේවා ..

      Delete
  3. හෙ හෙ හෙ
    නියම කතාව.
    චමීට වෙන වැඩ.

    ඒත් කොහොම උනත් චමීට තිබ්බ කොටස හරියට කළානෙ.
    යාලුවම තමයි වැඩේ කාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික් ..එකනේ කියන්නේ සසිනි , යාලුවා වැඩි වැඩ දාන්න ගියානේ ...

      Delete
  4. පට්ට් සීන් එක මචන්... මටත් අනන්තවත් අනුන්ට උදවු කරන්න ගිහිල්ල පජාතම වෙලා තියෙනව...

    ReplyDelete
    Replies
    1. එහෙමද ...ඔන්න අපිට වෙන වැඩ නේද ඈ..

      Delete
  5. යාලුවා මැන්ටලයක්නේ.... හි හි... ඒ දවස්වල ආමි එකට යනවා කිව්වම කෙල්ලෝ යාලු කරගන්න පුළුවන් උනාද... ?

    මේක කියෙව්වම මට වෙච්ච වැඩක් මතක් උනා...

    එතකොට මං 10 වසරේ... මේක උනේ නොවැම්බර් 1 වෙනිදා... මගේ පස්සෙන් එන කොල්ලෝ දෙතුන් දෙනෙක් හිටියා.. මාත් ඉතිං එකෙක්ට දෙන්නෙක්ට ඇහැ දාගෙන හිටියා.. ඔන්න දවසක් හිටි හැටියේ කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මට වෙන කොල්ලෙක්ව සෙට් කරන්න හදනවා... මෙහෙමයි නංගි අරෙහෙමයි නංගි කිය කිය... මට හෙන අප්සට්... මොකද මේ මට වෙන එකෙක්ව ජෝඩු කරන්න ඇවිත් තියෙන්නේ මං ඇහැ දාගෙන හිටපු කොල්ලෙක්... කොහොම හරි මං හද කකියවන, ඇඬෙන ( මේ කියනකොට ඇඬෙනවා වගේ... හි හි) කතාවක් කියලා... මට බෑ ... කියලා කිව්වා... ඔන්න ඉතිං උන් දෙන්නා ගියා යන්න..

    ඊට පස්සේ මාත් එක්ක හිටපු අක්කා කෙනෙක් මට කියනවා... නංගි හරි වැඩේ.. අර යකා මේ අවුරුද්දේ එග්සෑම් කරනවා නේද ... කියලා... දැං ඉතිං මේ යකා විභාගේ අනාගත්තොත් මටත් පවු සිද්ධවෙනවා... ඒ පාර මං ඒකගේ යාලුවෝ සෙට් එකම ඉන්න තැනට ගිහින් හොඳට කතා කරලා, තව ටිකක් ඇඬෙන ස්ටොරියක් කියලා .. විභාගේ අනාගන්න එපා කියලා එහෙම ආවා... ( උන් ඒක ප්ලෑනකට නම් කළේ ඒ ප්ලෑන වැඩ කළේ නෑ... හි හි)

    හොඳම හරිය ඊට පස්සේ... මෙන්න දවස් ගානකට පස්සෙ මට පොඩි එකෙක් අතේ ලියුමක් එවලා අර ජෝඩු කරන්න ආපු එකා... මං එදා කියපු කතා ටික ‌හොදට වැදිලා වගේ බරසාර, පැණි බේරෙන ලියුමක්... මොනා කරන්නද... මං ඉතිං ඒකටත් බෑ කිව්වා... (නැත්තම් මං දීපු පොර ටෝක් ටිකට මොකද වෙන්නේ... හි හි )

    අද අර මගෙන් මුලින්ම යාලුවෙන්න අහපු එකා ලොකු රක්ෂණ සමාගමක හොඳ තනතුරක ඉන්නවා... එතකොට අර ලියුම දුන්න එකාට මොකද දන්නවද උනේ.... උෟ හිරේ ගියා... එයා තමයි ඔය මං හැමතිස්සෙම ලියන අපේ මහත්තයා.... හි හි...

    ReplyDelete
    Replies
    1. උඹ හැමදාම මතක් වෙච්ච දෙයක් කිව්වොත් හිටියෙ 10 වසරෙ...නැත්නම් 11 වසරෙ.. හැමදාම ඔය පන්ති දෙකේ විතරක් හිටියෙ වාර විභාගෙ ෆුල් අබ්ලික්ද ?

      Delete
    2. ඊට කලින් ඉතිං ජීවිතේම ලයිබ්‍රියෙනේ බං ගෙවුනේ... හි හි

      Delete
    3. හමුදාවට යන එකට කෙල්ල අප්සෙට් උනා , හේතුව ඒ කාලේ හමුදාවට යන යන එකා ටික කාලෙකින් පෙට්ටියකින් ගමට එනවා.. එහෙව් එකේ හමුදාවට යනවා කියන්නේ සියදිවි හානිකරගන්න යනවා වගේ වැඩක්.. ඒකයි අපේ ප්ලැනට හමුදාව ගාව ගත්තේ, අනික මු මැරෙන්නයි හමුදාවට යන්නේ කියන එකත් මම නොකියා කෙල්ලට කිව්වා ...

      හිරුවාගේ කතාව සුපිරි සිදුවිමක්නේ ..
      අනේ පව් අර අහිංසක අපේ මහත්තයා හිරුවා නිකමට හරි අර කොල්ලට කැමැති උනානම් අපේ මහත්තයට මොකද වෙන්නේ .. පව් ඈ , මගේ හිතේ අනිත් කෙනාගේ සපෝර්ට් එකට එනකොටත් මහත්තයාගේ යටි හිතේ හිරුවා ගැන අදහසක් තිබිලා තියෙනවා වගේ ...
      මේ හිරුවෝ ..මේ කතාවට තව ටිකක් අඩු වැඩිය දාලා බ්ලොග් පොස්ට් එකක් ලියපන්කො ලව් ස්ටොරිය ගැන ...

      Delete
  6. ඇති යන්තම් උබට මේහෙම blogඑකක් තියෙනවා කියල මතක් උනඑකත් ලොකුදෙයක්.

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා මතක් වෙනවා බං, වෙලාව අඩු එකයි වැඩේ.. අනික ටික දවසක් බ්ලොග් නොලියා හිටියම ආයේ ලියන්න කම්මැලි හිතෙන ගතියකුත් තියෙනවා බං මට ..

      Delete
  7. සික්. ඒ මෝඩයාමනේ වැඩේ කාලා තියෙන්නේ. ඌට මොන යකෙක් වැහුනද!

    ReplyDelete
    Replies
    1. ඌ වැඩේ හරි යන බව පෙනිගෙන එනකොට තවත් තාත්වික කරන්න අලුතින් කෑලි එකතු කරන්න හැදුව නෙවැ..

      Delete
  8. ඕවර් ඇක්ටිං කරන්න ගියාම හැම චිත්‍රපටියක්ම කචල් වෙනව. කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ඔක්කොම එකෙක් කරන්න ගියාම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්. ඒක තමයි අවුල ..

      Delete
  9. බොලේ උඹ දහම් පාසලුත් ගිය ධාර්මික කොලු ගැටයෙක් නොවැ...කොහොමද චමරි ඉස්සරහා බොගෙ සුදු සරම සුරුස් ගාලා රූටලා ගියා නම්...කුජීතයි නේද ? චමරිගෙ යාලුවෙක් වත්බොගෙ ප්‍රේම දැලට හසුවුනේ නැද්ද...පවු බන් උඹේ යාලුවා...මට වාවන්නෙ නෑ..කාගෙ හරි දරුවෙක් නොවැ...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. අපි ධාර්මික කොල්ලෝ හරිය ,
      අපි සරුම් නෙමේ බන් ඇන්දේ ස්කුල් යුනිෆෝම් එකමයි දහම් පාසලටත් (පල්ලියේ දහම් පාසල්නේ බං )
      හික්.. ඌ ඔයිට වඩා පජාත වෙලා තියෙනවා බන් උගේ පණ්ඩිත ප්ලෑන් හින්දා ..

      Delete
  10. මාරම කතාවක් චමියා.... සිරාවටම උඹයි වැඩේ කාල තියෙන්නේ... තව ටිකක් ඒ විදියටම ඉවසුවානං අරු ගොඩ යන්නත් තිබුණා

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං නලින් අයියේ . අනේ මන්දා බං මූත් එක්ක නං මම ආයේ පාරක යන්නැ , ඇයි බොල මූ අපිටත් මොනවා නොකරයිද, උඹ හරකෙක් නෙමෙයි ගව ගාලක්

      Delete
    2. @Naleen Dilruksha & අටම්පහුර

      ඉවසනවා කියලා ඔහොමත් ඉවසන්න පුලුවන්ද බං , තව ටිකෙන් කෙල්ලෝ ටිකත් අරූ එක්ක සෙට් වෙලා මට ගහන සයිස් එකට තිබුනේ ... හික් , ඒ වගේද ලැජ්ජාව කෙල්ලෝ ගොඩක් ඉස්සරහ

      දැන් මගේ ඉවසීම හොදයි අටමෝ ..හික්
      ( එදා ඉවසුවානම් ඌ අද චමරි එක්ක )

      Delete
  11. අඩෝ චමි අයියේ උඹත් බොරු හිලක්නේ චිකේ අර කෙලල්ට කියපු බොරු තොගේ. මටත් ඔය වගේ අලකලංචියක් වෙලා තියෙනවා කිව්වොත් රෙද්දක් ඇඳන් ඉන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං යාලුවෙක්ගෙ ශුභසිද්දිය වෙනුවෙන් බොරු හත අටක් කිව්වට පව් සිද්ද වෙනවැයි ..
      කියහන් බලන්ට උබේ අලකලංචිය ..

      Delete
  12. පට්ට කතාව අවසානය දුක බරය,

    "//වීරයාට කෙල්ලව සෙට් කර දීම වෙනුවෙන් යාලුවාද බොහෝ වෙහෙසේ චිත්‍ර පටය අවසාන වෙන විට වීරයාට කෙල්ල සෙට් වේන අතර පසුව උදව්කල යාලුවාටද ඈගේ යාලුවෙක් සෙට් වේ.. මුල කෙසේ වෙතත් ඒ සොදුරු අවසානයට මම කැමතිය"//

    කතාවේ මම කැමතිම කෑල්ල ,මමත් හැම එකාටම යාලුවා වුනේ ඔය බලාපොරොත්තුවෙන්ම තමයි මචං, ඒත් උන් හැම එකාම ගොඩ ගියා අන්තිමට, ඊට පස්සේ යාලුවෙක් කෙසේ වෙතත් ඒකා බලන්නේවත් නෑනේ,

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඒ කාලේ ලව් එකකට හෙල්ප් කරන්නේ ඔය කාරණේ හිතේ තියාගෙනම තමයි , එත්
      හරි ගියායින් පස්සේ අපි කැලේ..

      Delete
  13. අය්යෝ සල්ලි කීවේලු..

    ReplyDelete
    Replies
    1. අය්යෝ ශම්මි කිව්වලු ...හික්

      Delete
  14. ෂික්... බලහන්කෝ මට ඔහොම ඉස්කෝල කාලේ ලව් කතා නෑනේ ලියන්න :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි උබ පාසල් කාලේ ලව් කොලේ නැතැයි..උබ බබා ,

      උබටත්
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  15. හොද වෙලාවට මට උබ වගේ යාලුවෙක් හිටියේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. හිටියනම් උබටත් කෙල්ලෙක් සෙට්කරගන්න වෙන්නේ නැහැ ..:D

      Delete
  16. වැරැද්ද තනිකරම උඹේ... උඹට කොමන් සෙන්ස් මේව්වා එක තිබිලා නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඔය සෙන්ස් මෙව්වා එක ඒකාලේ අපිට ටිකක් අඩුවෙන් බං තිබුනේ .. ඒකනේ මේ අවුලට මුල

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අඩෝ සිරාවටම මම හිතුවේ වැඩේ ගොඩ ගියා කියලා. කොහෙද..අරු ගරු රඟපෑමක් කරන්න ගිහින්නේ..අපරාදේ ඔස්කාර් සම්මානයක් ගන්න නිර්දේශ වෙන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. ගොඩ යන්න තිබුනා .. අපි දෙන්න ඇදගෙන නෑවේ නැත්තම් ..

      Delete
  19. මදෑ කොලා.. ඕවර් ඇක්ටිං හොඳ නෑ කියන්නේ ඕකනේ..

    ReplyDelete
  20. //තිර රචනය වෙනස් කිරීමේදී රංගන ශිල්පියාව දැනුවත් කල යුතුය නැත්නම් ජංජාලයකි //
    හරියට හරි.... මොනවා උනත් නිලංක නම් මාර තිර රචකයෙක්... :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඔය වගේ බොහෝ වැඩ අපි දෙන්නා සෙට් වෙලා කරලා අනාගෙන තියෙනවා

      Delete
  21. //මම ඇත්තටම හමුදාවට යන්නේ නැහැ බං, මම තුවක්කු වලට බයයි ...// අඩෝ හිනාවක් පන්න. මොකද මම හමුදාවට ගියේ නැත්තේ කරුවලට බය නිසා.

    ReplyDelete
    Replies
    1. හික් එහෙමද ..ඉස්සර මමත් කලුවරටබයයි බං , උබට ඉටි පන්දමක් අරගෙන යන තිබුනේ ...හිකිස්

      Delete
  22. හික්ස්.... මරේ මරු වැඩක්නේ වෙලා තියෙන්නේ...... හයියෝ.... හයියෝ....

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...