18 May 2013

සිරස සුපර් ස්ටාර් , //සිතුදේ නොම වෙයි නොසිතු දේම වෙයි ....//





සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියරේ අවසාන භාගයකරා යමින් සිටින මොහොතේ ඒ තරගය පිලිබදව යමක් ලියන්න හිතුනා. ඒකට හේතුව නම් බොහෝදෙනා දැනට ඉතිරිව සිටින තරු අතලොස්සෙන් ජයග්‍රාහකයා අනුමාන කිරීමයි. පටන් ගත් මුල් කාලයේ තරමටම ජනප්‍රිය නැතත් තවමත් මේ තරගය යම් කිසි මට්ටමකට ජනප්‍රියත්වය රදවාගෙන ඉන්නවා . ඒ එම නාලිකාවේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ දක්ෂ කම නිසයි.

කොහොම උනත් තරගයේ ඒ කාලයේ ඉදලම මම දැකපු විශේෂ දෙයක් තිබුනා. ඒ මෙතුවක් කාලෙකට ජනතා ප්‍රසාධය වැඩියෙන් දිනාගත්තේය යනුවෙන් හදුනාගෙන ඉන්න කෙනා අවසාන තරග වටයෙන් කැපී ගිහින් අනිත් තරග කරුවා ජයග්‍රහණය කිරීම. ඒ කියන්නේ අවසානයේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ නරබන්නන් අතර වැඩියෙන්ම ජනප්‍රියත්වය දිනාගෙන ඉන්න කෙනා නෙවෙයි අනෙකා . ටිකක් පුදුම සිදුවීමක් .

සිරස සුපර් ස්ටාර් පළවැනි අදියරේ සිටම මේ සිදුවීම සිදුවුනා  උනා . ප්‍රථමයෙන්ම ශිහාන් මිහිරංග , ඔහුටනම් ටිකක් වේලාසනින්ම තරගයෙන් ඉවත් වෙන්න සිදුවුනා. සුපර් ස්ටාර් තරගයේ පළවෙනි අදියරත් එක්කම අති විශාල ජනප්‍රියත්වයක් තරගය ලබා ගත්තා ලංකාවේ නාලිකා වල නොදුටු තරගයක් වූ නිසා තරගය අතිශයෙන්ම ජනප්‍රියවුනා. ඒ තරගයේ ජනප්‍රියත්වය දෙගුන කරන්න තරම් හේතුවූ තරග කරුවා වුයේ ශිහාන් මිහිරංග,


ඔහුට වඩා දක්ෂයන් තරගයේ නොසිටියාම නොවේ . ඔහුට වඩා දක්ෂයන් අවසන් විසි හතරේ වගේම අවසන් දහදෙනා අතරත් සිටියා , එහෙත් ඒ කිසි කෙනෙක්ට ශිහන්ගේ ජනප්‍රියත්වයේ අහලකටවත් ලංවෙන්න ඒ කාලයේ නොහැකිවුනා කිවහොත් එහි වැරැද්දක් නැහැ. එහෙත් ඔහුට කිසිවෙක් නොසිතු ලෙස පස්වැනි තරග කරුවා වශයෙන් තරගයෙන් ඉවත්වෙන්න සිදුවුණා.

 ඒ පරාජයේ වේදනාව තරග කරුට වැඩියෙන් වින්දේ පෙක්ෂකයන් බව නොරහසක්, එදිනට පසුද පාසල් සහ ගාමන්ට් පැක්ටරි බොහොමයක දකින්න ලැබී ඇත්තේ අවමංගල්‍යක ලක්ෂණ ඒ තරමටම මිනිස්සු කනගාටු වී තිබුනා විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමුන් . එහෙව් ජනප්‍රියත්වයක් හිමිකර ගත්ත කෙනෙක් එතරම් ඉක්මනින් කෙටි පණිවුඩ ක්‍රමයේ ජන්ද අඩුවී පරාජය වීම ගැන ඒ කාලයේ බොහෝ කටකථා ඇතිවී තිබුනා , ශිහාන් මිහිරංග ට ඉරිසියා කිරීමේ කලාව ගැන ටැබූ සබ්ජෙට් බ්ලොග් එකේ ලිපිය  මෙතැනින්.

ඒ කොහොම වෙතත් දිනුම පැරදුම කෙසේ වෙතත් වැඩි ජනතා ආකර්ශනයක් හිමිකරගත් තරග කරු තමයි වැඩි කාලයක් මිනිසුන්ගේ මතකයේ රැදෙන්නේ

මේ පුදුම තරගයේ ජයග්‍රහණය කිරීමට නම්  ගායන හැකියාව හෝ ජනතා ප්‍රසාධය පමණක්ම තිබීම ප්‍රමාණවත් නැත  එයිට පිටින් අති සුළු සුළු සිදුවීම්ද තරගය වෙනස් කිරීමට තරම් සමත්කම් දැක්වූ අවස්ථාද තිබේ. ප්‍රථම අදියරේ නැතිබැරි කම මාකට් කරමින් අජිත් බණ්ඩාර කරලියට ආ අතර මලිත්ව අවසන් මහා තරගය දක්වාම ගෙන ඒමට තරම් ඔහු මුහුණ දුන් රිය  අනතුර ප්‍රමාණවත් වුනා .

ප්‍රථම තරගය එසේ වෙද්දී එයින් පසු හතරවන අදියර දක්වාම ජනතා ප්‍රසාදය වැඩියෙන් ලත් තරග කරුවා දෙවැනි තැනට වැටීම දිගින් දිගටම සිදු වුනා. ශිහාන්ට වගේම , සුරේන්ද්‍ර පෙරේරාටත් , අර්ජුන රූකාන්තටත් .....

ඒයින් තරග කරුන්වන්ට කෙසේ වෙතත් තරගයටනම් එක් වාසියක් වුනා. ඒ මේ තීරණ ගැන බොහෝ දවසක් මිනිසුන්ට මතකයේ තිබීම සහ ඒ සදහා කථා කරන්න අවසන් තරගය ප්‍රබල මාතෘකාවක් නිර්මාණය කර  තිබීම.

අතීත කථාවන් එසේ වෙද්දී වර්තමාන තරගයද ඒ මාර්ගයටම අවතීර්ණව අති බවට සලකුණු දැනටම පෙන්වමින් තිබෙනවා .

දක්ෂ ජනප්‍රිය තරග කරුවන් එකින් එකා අවම ජන්ද ලැබී තරගයෙන් ඉවත් වෙද්දී . විනිෂ්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ඒ කියන්නේ අනෙක් ප්‍රතිවාදී තරග කරුවන් සමග සැසදීමේදී ගායනයෙන් දෙවැනි වීම මත තරගයෙන් ඉවත්කළ තරග කාරිය. නැවතත් අද්‍යක්ෂක මණ්ඩලයේ තේරීමක් මත තරගයට ඇතුළුවීමට තරම් වසනාවන්තවී දිගින් දිගටම අනෙක් තරග කරුවන් අභිබවමින් ඉදිරියට යෑම. බොහෝවිට විනිශ්යමණ්ඩලය කෙසේ වෙතත් අවසන් තරගයට ගැහැණු පුළුටක් හෝ ඉතිරිකර ගැනීම තරගයේ ජනප්‍රියත්වයට වගේම නරබන්නන්ගේ ප්‍රමෝදයට හේතුවේ යැයි අද්‍යක්ෂක මණ්ඩලය සිතු නිසා වන්නට පුළුවන  .

 නැත්නම් පවිත්‍ර , නිරෝෂන් වැනි ජනතාව අතර ජනප්‍රියත්වය ලබාගත්තවුන් අභිබවමින් ඈ යන ගමන පුදුමය . මාගේ නිගමනය නිවැරදිනම් ඇය අවසන් තිදෙනා අතරද සිටිය යුතුය. නැතිනම් අද දිනයේ තරගයෙන්  තරගය හැර යා යුත්තේ ඇයයි.

ශිහාන්ට , සුරේන්ද්‍ර ට ,අර්ජුනට මෙන්ම වැඩි ජනප්‍රියත්වයක් ලබාගෙන තරගයෙන් ජයග්‍රහණය නොකිරීමේ සම්මතය ඒ ආකාරයෙන්ම දසුන් මදුශන්කටත් උරුමවේ යැයි සැකයක් පවතී. 


එය එසේ නොවුනහොත් මෙවර දසුන් ජයග්‍රහණය ලබන එක නිසැකය. එහෙත් පෙන්වන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයකින් බොහොමයක් දේ අවසන් කරන සිරස නාලිකාවේ සුපිරි තරු තරගයේ  මෙවර අවසානයද පෙර මෙන්ම අලුත් කතාබහකට ඉඩ පරස්තාව සපයමින් නිමාවේදොයි සැකයක් සහිතව බලා සිටිය යුතුය ..

17 comments:

  1. "SIRASA" hamdama alut dayak karna nisa, api balamu oya harida kiyala.
    Jayawewa.

    ReplyDelete
  2. ඔය මලඉලව් මං බලන්නේ නෑ චමියා..

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකට පස්සේ තමයි මේ තරගේ ටිකක් විමසිල්ලෙන් බැලුවේ ..

      Delete
  3. දසුන්ගේ ගායනයට වඩා දුලාජ් හා රසින්ත බොහෝ ඉදිරියෙන් සිටිනවා. නමුත් සෙක්ස් ඇට්‍රෑක්ෂන් එක ඒ කියන්නේ කාමයේ සළකුණ දසුන්, මම නම් කැමතියි රසින්ත දිනනවානම්. රසින්ත දිණුවේ නැතත්. ඒ තමයි ඊළඟ සුරේන්ද්‍ර. ඔහුට වේදිකාව පැහැදිලිවම විවෘතයි. දසුන්ට ෂෙහාන්ට මෙන් ටැලන්ට් එකක් තියෙනවනම් ඔහු රැඳෙයි. නැත්නම් නිකන් සෝඩා බෝතලයක් පමණයි. හැමෝම දුලාජ් කපන්න හැදුවට අනන්‍යතාවයක් තිබෙන එකම ගායකයා දුලාජ් විතරයි. ඔහු නම් මාරම ටැලන්ට් එකක්. කෙසේ වෙතත් දෙරණ ෆයිනලිස්ට්ලා තුන්දෙනාගේ අහලකින් වත් තියන්න බෑ මේ එක්කෙන්කෙ වත්.

    කෙසේ වෙතත් ෂෙහාන් හා කේෂාන් දෙදෙනාම කියන්නේ පට්ට බොරු කේෂාන්ට නම් සංගීතය මුල ඉඳලම කියල දෙන්න වෙනවා. ඒක්කෝ ඔහු අමු බොරු කියනවා. නිරෝෂා විතරයි විනිශ්චකරුවකුගේ බූමිකාව වටහාගෙන ක්‍රියා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අවසානයට ඉතිරිවූ තරගකරුවන් අතරින් , රශින්ත ,දුලාජ් , දසුන් , පවිත්‍ර ,නිරෝෂන් ,සමීර , කියන තරග කරුවන් හය දෙනාම දක්ෂයන් ඒ පස්දෙනා අතර හොද තරගයක් දකින්න තිබුනා , පවිත්‍ර කියන තරග කාරය තමන්ගේම අනන්‍යතාවයක් ඇති කෙනෙක් ඔනෑම ගීතයක් ඔහුගේම හඩින් ඔහු ගායනා කළා අනුකරණය කියන එක නැතුවම .ගායනයෙන් මේ හය දෙනාම දක්ෂයි .. ඒත් අර ශිහාන්ට තිබුනා වගේ ආකර්ෂණය දිනාගැනීමේ හැකියාව අතින් උඩින් හිටියේ පිළිවෙලට කිව්වොත් දසුන් , පවිත්‍ර ,දුලාජ් ,
      අවසන් වටයට බොහෝවිට දසුන් සහ රශින්ත ඉටිරිවෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා,
      දුලාජ් සහ දසුන් ඉතිරිවූනොත් හොද තරගයක් දැකගන්න පුලුවන්වෙයි .

      Delete
  4. මම ඔය සිරස සුපර් ස්ටාර් පසුගිය සුපිරි තරුවක් ඒ තනතුරට පත් කරන්න සෑහෙන දරදිය ඇද්ද මිනිහෙක් විදියට ඕක ඇතුලෙ තියෙන කථාන්දරය හොදට දන්නවා...ඔතන වෙන්නෙ තනිකරම ව්‍යාපාරයක්...මෙච්චර ගණනක් sms මේ තරග වාරයේ වැදුනෙ නැත්නම් ඔයා තරගයෙන් ඉවත් වෙනවා කියලා ඔය තරගය මෙහෙයවන පාර්ශව තරගකරුවන්ට වෙන් වෙන්ව කියනවා...අනේ ඉතිං අසරණ තරගකරුවො තෑගි මල්ලට කෙල හල හලා තියෙන දෙයක් උකස් කරලා හරි විකුණලා හරි සල්ලි වලට සිම් අරගෙන තමන්ගෙ කැම්පේන් එක කරනවා. වැඩියෙන් සල්ලි වැටෙන එකා අභිබවා වැඩිම පිරිස් බලයක් (ගත්ත සිම් වලින් sms ගහන්න මිනිස්සු) තියෙන කෙනා දිනනවා. ඔන්න ඕකයි තියරිය.

    සංඛ දිනෙත් නිසා සිරා කොලුවාත් කාලයක් ජනප්‍රියතාවය කියන්නෙ මොකක්ද කියන කාරණය හොදට දැන ගත්තා. ඒ ගැන බොගෙත් ලිව්වා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කියන්නේ සිරා එස්.එම්.එස් , සෙල්ලම ගැන දන්නා පාටයි . ඔය කෙටි පණිවිඩ වැඩේ කරගන්න ඕනේ තරග කරුවන්මයි, ගොඩක් දෙනෙක් තරගේ බැලුවට කෙටි පණිවිඩ යවන්නේ නැහැ. සුළු පිරිසක් තමයි එහෙම කරන්නේ.. ඉදිරියට යන තරග කරුවන්ගේ මුදල්,කැපවීම, පිරිස් බලය අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නේ..කොහොම වෙතත් ඔය කෙටි පණිවිඩ ගණනය කිරීමටත් වඩා වැඩි දෙයක් ඔතන තියෙනවා ..
      සිරා කාටද උදවු කලේ ..

      Delete
    2. උදව් කල කෙනා කියන්න බෑ මචං...ඒක සදාචාරාත්මක නෑ...වැටකට සෙට් උනාම කියන්නම්

      Delete
  5. මේක තාම තියෙනවද? මම දෙපාරක් බැලුව වගේ මතකයි. මේවා තනිකරම මාකටිං වැඩ. අහිංසක මිනිසුන්ගේ සල්ලි හුරා කන ඒවා. හැම චැනල් එකේම අය මේකෙන් හොද්ද බොර කර ගන්නවා.

    ReplyDelete
  6. සිරස අලුත් දෙයකට කරන්නේ ඉන්දියාවේ කුණුගොඩෙන් අහුලගන්න ඒවා ගෙනැල්ලා අපේ රටේ ජනමාධ්‍ය රටාවම විනාස කරන එක. සල්ලි වලට කරන්න පුලුවන් තුප්පහිම වැඩ කරන්න සිරස වගේ ජරාම ආයතනයක් විතරයි. සිරස ගොම කලයක් වුනත් වැටුන කිරි බිංදු එකක් දෙකක් තියනවා සූර පප්පා වගේ ඒවා.

    ReplyDelete
  7. සීසන් එක,දෙක,තුන වෙනකම් බැලුවා ඒත් දැන් ඕක බලන්නවත් හිතෙන්නේ නැහැ මහා පට්ට බෝරින් ගතියක් දැනෙනවා!

    ReplyDelete
  8. දැන් අවුරුදු 3,4න් වගේ ඉදන් සිරස බලලා නැ, ඩයලොග් ටීවී වලට සිරස චැනල් එක නෑනේ,, ඒ නිසා මක්කවත් කියන්ට බෑ අය්යණ්ඩි.. :D

    ReplyDelete
  9. මම නම් මතක ඇති කාලෙකින් ටී.වී. එක බලලත් නෑ. බ්ලොග් ටිකයි බුකියයි තියන කන් මොන ටී.වි. ද?

    ReplyDelete
  10. මංනං හිතන්නෙ රසින්ත දිනන්න ඕන කියලයි. එයා මොන හේතුවකින් හරි ඉවත් උනත් අර රුක්මන් අසිත වගේ පස්සෙ ජනප්‍රිය වෙනව තේරෙන සුපර්ස්ටා ට වැඩිය.

    ReplyDelete
  11. පලවෙනි සුපර් ස්ටාර් එකෙන් පසු කිසිම ස්ටාර් එකක් බැලුවේ නැත, අනේ මන්දා ඒවායේ මුකුත් නෑ වගේ හිතුනි.

    ReplyDelete
  12. මේක මහා විකාරයක් . මම බලපු හොඳම සුපර්ස්ටාර් වැඩසටහන තමයි සීසන්2 . දක්ෂතාවය තියෙන ගොඩක් දෙනෙක් වගේම හොඳ තරඟයක් තිබුනා . එත් ප්‍රතිපලනම් හොඳ නෑ .

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...