20 May 2013

ලෝක කාන්තා සමුළුව “මින් මත්තට මම තමුසෙගෙරෙදි හෝදන්නේ නැහැ…"


ඔන්න එකමත්එක කාලෙක තිබුනලු ලෝක කාන්තා මහා සමුළුවක්මේක අවුරුද්දක් අවුරුද්දක්ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු හොඳේමේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර් ලන්තේ ජිනීවා නුවරලු

කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට  අනුව සමුළුව පටන් අරගෙන ඉස් ඉස්සෙල්ලාම තිබුනේපසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු

හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. ඒ කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. 

අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ තමුන්ගේවැඩ වලින්කොටසක් පුරුෂයාට පැවරිය යුතුයියන්නයි. මම මේ පිළිබඳව මුලින්මඅදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.

සභාවේඋණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන්නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ උන්දෑ දේශනා කරනවලු

මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… “මින් මත්තට මම තමුසෙගෙරෙදි හෝදන්නේ නැහැකොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝද ගන්නවා!! කියලා…. 

හැබැයිමට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැදෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙරෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවාඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්‍යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මමහිතනවා…“

මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලුඑයත් තමුනගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු
මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා ආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැතමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේදැන්ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!කියලා.

මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසිදෙයක් පෙනුනේ නැහැඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලාඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මාඒ මදිවට ළමයින්ගේ ගෙදරවැඩ ටිකත්කරලා දෙනවාදැන්නම් මම ඒ කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…“

මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන් තෙසුද්දිට…  දැන්තියෙන්නේ අරාබියේ නියොජිත වරියගේ අවස්ථාවලුඅරාබි නෝනත් කලුවට කලුවෙ ඇඳගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.

කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා මීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලාතමුසේ කන විදියකට කනවාමම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේඋයාගෙන කනවා!!…” කියලා.

මටත් අනිත් හැමෝටමවගේ පළවෙනි දවසෙදිනම් මෙලෝ දෙයක් පෙනුනේනැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා ජෙනරල් හොස්පිටල්  එකේ සිවිලිම


ප .ලි :- මේ මට විද්‍යුත් තැපැලෙන් හමුවූ රසවත් කථාවත් මුල් නිර්මාණයේ හිමිකරු නොදනිමි. මෙය කියවා නොමැති අය වෙනුවෙන් පමනක් මෙසේ පලකරන බව කරුණාවෙන් සලකන්න .

11 comments:

  1. ඕකට අපේ එක්කෙනෙකුත් ගියානම් වෙන දේත් දාන්නයි තිබුණේ..

    ReplyDelete
  2. මමත් හිතුවෙ ලංකාවෙ එක්කෙනෙක් ඉඳී කියල...කතාව ලස්සනයි

    ReplyDelete
  3. පිස්සුද බන්.. අරාබි පිරිමි, අරාබි ගෑණුන්ට මාර බයයි. අනික පිරිමියයි දෑවැදි දීලා ගෑණු ගේන්න ඕන.

    හැබයි පට්ට ජෝක් එක....

    ReplyDelete
  4. අරාබි ගෑනුන්ට මෙහෙ සෑහෙන්න පවර් එකක් තියෙනවා බඳින්න පිරිමි අපි දෑවැදි උන්ට දෙන්න ඕනේ

    ReplyDelete
  5. පාකිස්තානේ ගෑණු කෙනා මොකුත් කියල නැද්ද බං?

    ReplyDelete
  6. එහෙම වෙන්ඩත් බැරි නැ තමා

    ReplyDelete
  7. ලංකාවේ ගෑනි නැගිට්ටලු , ගියාලු සභාවට, "මමත් මගේ මිනිහට කිව්වා මීට පස්සේ මට බෑ තමුසෙට තේ හදලා දෙන්න තමුසෙට ඕන වෙලාවට තමුසේ හදාගෙන බොනවා,මම හදාගන්නේ මට ඔනවෙලාවට විතරයි කියලා"
    " ඉතිං ඉතිං "
    " ඉතිං මේ මිනිහා කියපි " මමත් මේ ඔක තමුසෙට කියාගන්නේ කොහොමද කියලයි හිටියේ කියලා"

    ReplyDelete
  8. හික්ස් මොනා වුනත් අන්න මිනිස්සු!

    ReplyDelete
  9. හැම තැනටම ඔය සෙල්ලම් බෑ තමා :D

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...