මිනිස්සුන්ට
හිටි ගමන් හරි පුදුම වැඩ වෙනවා අපේ
ජනකාන්ත අයියත් නොසිතු නොපැතූ වෙලාවක අහම්බයකින් කෙල්ලෝ ගොඩක් අතර වීරයෙක් වීමේ
අවාසනාවන්ත කතාවයි මේ .
ජනකාන්ත අයියා ගැන මගේ කතාන්දර කිහිපයක ලියවිලා තියෙන
නිසා ආයෙත් උන්දැගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම අර කතාවක කිවා වගේම උන්දැ මහදැන මුත්තාගේ පුනර්භවයක්. . ඉතිං එහෙව් උත්තමයෙක් ගැන බ්ලොග් ලිපි ලියන එකත් මට ආඩම්බරයක්. තව
ඉදිරියටත් මගේ බ්ලොගයේ උන්දැ ගැන පුංචි රසකතා රාශියක් ලියවෙන්න ගොඩ ගැහිලා තියෙනවා
.. උන්දැ ඒ තරමටම පිංවත්.
මේ කාලේ වෙන කොට
අපි පුංචි කොලු කුරුට්ටෝ. ඒත් වැඩි ඈත කාලේකමත් නෙවෙයි උසස් පෙළ අහවර කරපු සංදියේම වගේ . මේ කාලේ
වෙනකොට අපි පිහිටුවා ගත්ත තරුණ සමිතියක් තිබුනා. ජනකාන්ත අයියත් ඒකේ යාව ජීව
සාමාජිකයෙක් මතකේ හැටියට භාණ්ඩාගාරික වගේ
තනතුරකුත් දෑරුවා ..
දවසක් ප්‍රදේශයේ
සියලුම සමිති සමාගම් වල තරුණ තරුණියන් ඒකරාශී කරගෙන විනෝද චාරිකාවක් යන්න සුදානම්
කර තිබුනා පියතුමාගේ මුලිකත්වයෙන් .
උදේ පාන්දරින්ම
චාරිකාව ආරම්භ කරලා රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකම අපි කරක් ගැහුවා ඒ අතර සිදුවූ සිදුවීම් එමටයි එවා පස්සට .මේ චාරිකාවේ අපේ කතානායකයා නිහඩ
චරිතයක් වුනා ඒ කියන්නේ
අපි අදුනන්නේ නැති විශාල පිරිසක් ඉදිරියේ ඔහු කැපී පෙනෙන චරිතයක් වුනේ
නැහැයි කියන ඒක .. මේ වගේ චාරිකාවක කැපී පෙනෙන චරිත වුනේ මහා හයියෙන් බෙරිහන් දීලා
සිංදු කියන උන් සහ උවමනාවෙන් කැපී පෙනෙන්න විකාර වැඩ කරපු කිහිපදෙනෙකුයි විතරයි .
ජනකාන්තා අයියා කලේ උන්දැ දන්නා අදුනන පුංචි කොලු කුරුට්ටෝ කිහිප දෙනෙක්
ලංකරගෙන ගජබින්නයක් ඇදබාපු ඒක විතරයි .
අවසානයේ අපි
පැමිණුනා අම්පිටිය ප්‍රදේශයේ ඇති දෙව් සත්හලට , දෙව් සත්හලක් කියන්නේ කතෝලික ආගමික
පූජකවරුන් බිහි කිරීමට ළමුන් සුදානම් කරන පුහුණු කරන ස්ථානයක් ..
මෙතැනට ගිහින්
වැඩි වෙලාවක් යන්න කලින් අපි දැක්කා වත්තේ
කෙලවරේ තියෙන විශාල පිහිණුම් තටාකේ. වැඩි වෙලාවක් යන්න කලින් එකා දෙන්නා මෙතැනට
එකතු වෙන්න ගත්තා .
හැබැයි මේ තටාකේ
අවුරුද්ද කින්වත් පාවිච්චි කරපු එකක්නම්
නෙමේ.. තටාකේ වතුර පල් වෙලා හරියට නිකම් බේරේ වැව වගේ වතුර කොළ පාටයි කොළ පාට පාසි
වලින් ටයිල් වැහිලා ඒ මදිවට ගෙම්බෝ පිරිලා ... අපිරිසිදු එකේ උපරිම කිව්වොත් හරි ..
ඔන්න ඉතින්
පිහිණුම් තටාකේ ලග තැනිතලාවේ කට්ටිය කල්ලි ගැහුනා , මොකද එක බස් එකේ ආවට කණ්ඩායම්
කිහිපයක් නිසා බැස්ස ගමන් කල්ලි ගැහෙන එක සාමාන්‍යයි, සමහරුන් සෙල්ලම් කරන්න ගත්තා
ඔහොම කාලේ ගෙවීගෙන යද්දී , ඒක පොෂ්
තරුණියක් බෙරිහන් දෙන්න ගත්තා , එයාගේ සපත්තුව නැතිවෙලාලු ..
කෙල්ලත් හැඩට
වැඩට ඉන්න නිසා කොල්ලෝ ඔක්කොම තමන්ගේ වැඩ නවත්තලා සෙරෙප්පු සෙවීමේ මහා මෙහෙයුමක්
දියත් කළා .. සෙරෙප්පුව හොයලා දෙන එකාට ඉතින් පොෂ් නංගිගෙන් ලකුණු ටිකකුත් ලැබෙනවා
ඉතින් වැඩේ පාඩුත් නැහැ .
ගස් ගල් මුල්
පීරලා හෙව්වත් එකෙක්ටවත් සෙරෙප්පුව හොයාගන්න ලැබුනේ නැහැ මේ අතරේ
කවුදෝ කෙනෙක් දැකලා තිබුනා සෙරෙප්පුව තියෙනවා ,
පිහිණුම් තටාකේ
,
පිහිණුම තටාකේ
කෙලෙවරක නෙමේ හරි මැද්ද හරියේ උඩ පාවෙවිත් නෙවේ අඩියක් විතර වතුර යටට ගිහින්
පාවෙනවා .. හරියට නිකන් සෙරෙප්පුව හොයපු කොල්ලන්ට කොලොප්පන් කරනවා වගේ පුලුවන්නම්
මාව උඩට ගනින් කියලා ..හෙක්..හෙක්..,
සෙරෙප්පුව ගන්න
එකනම් ලේසි උනේ නැහැ , තටාකේ විශාලයි ඒ
තරමට දිග ලියක් නැති කමෙන් සමහරු පුන්චි කෝටු කෑලි දික් කරමින් අසාර්ථක වෑයමක
යෙදුනා.. සමහරුන් උඩ ඉදන් ගල් ගැහුවා ඒත් ඒ එකක්වත් සාර්ථක වුනේ නම් නැහැ .. ඒ අතරේ අඩන්න ඔන්න මෙන්න ඉන්න සෙරෙප්පු
අයිති කාර නංගියේ ස්වීට් මුණ සෙරෙප්පුව ගන්න වෙහෙසෙන අපේ කොල්ලන්ගේ මොරාල් අප් කළා
, මේකත් පුංචි තරගයක් වගේ .. සෙරෙප්පුව ගන්න එකා දිනුම්.
මෙන්න මේ
අවස්ථාවේදී තමයි කොහේදෝ හිටි අපේ කතා නායකයා මේ ස්ථානයට අවතීර්ණ වෙන්නේ.. උන්දැට
එතැනට එන්න ලේසි වුනෙත් නැහැ සියයක් විතර පිරිසක් තටාකේ වට කරගෙන ඉන්නකොට අස්සෙන් මුල්ලෙන් රිංගලා
ජනකාන්ත අයියා පිහිණුම් තටාකේ ගැට්ට උඩටම ඇවිත් බෙල්ල දික් කර කර සෙරෙප්පුව දිහා
බලනවා අපිත් දැක්කා ..
වෙලාවත් ගෙවීගෙන
යද්දී සෙරෙප්පුව ගන්න මෙහෙයුමත් අසාර්ථක වෙන්න ගත්ත මොහොතේ සෙරෙප්පු මෙහෙයුමට සම්බන්ද
තරුණයන්ගෙන් විවිධ යෝජනාත් ආවා .. අපි මෙයාට මේ වගේම සෙරෙප්පු දෙකක් අරගෙන දෙමු
වගේ..ඒවා ,
මේ අතරේ කවුරුත්
බලාපොරොත්තු නොවූ දෙයක් වුනා..
“ජබොක් “ ගාලා
සබ්දෙකුත් එක්ක ජනකාන්ත අයියා ස්වීම් ෆුල් ඒක මැද්දේ,
නිකන්මත්
නෙමේ ඇදගෙන ආව ඇදුම් පිටින්ම .. ඒ මදිවට
සේරෙප්පුත් පිටින්ම,
ජනකාන්ත අයියා
වතුරට පනිද්දී විසිවෙච්ච වතුරෙන් නැවිච්ච උන් හතර අතේ දුවන්න ගත්තා වතුරේ ගද
උහුලන්න බැරුව.. ඒ අතරේ අහක හිටි උන් තටාකේ වටේ තවත් රොක් වෙන්න ගත්තා මේ වෙන දේ
අදහාගන්න බැරුව.. ඒත් ජනකාන්ත අයියගේ අරුම පුදුම වැඩ ගැන දන්නා කියන අපි කිහිප දෙනෙක් විතරක් උපේක්ෂාවෙන් මේ
සිදුවීම නැරබුවා ..
පැන්න ගමන්
දෙපාරක් විතර වතුර යට ගිහින් උඩ ආව ජනකාන්ත අයියා අන්තිමේදී අත පය ගහලා වතුර උඩට
පිනගෙන ඇවිත් කට පුරෝගෙන හිටි වතුර ටික පැත්තකට විදලා එහෙම පළපුරුදු පිහිණුම් ක්‍රීඩකයෙක්
වගේ තටාකේ වටේ වටයක් පිනගෙන ගියා .. උන්දැට බය වෙච්ච වතුරේ හිටි ගෙම්බෝ රංචුව හතර
අතේ පනින්න ගත්තා.
අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..
අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..
අන්තිමේදී ජරාව
නාගත්තු ජනකාන්ත අයියා විසින් සෙරෙප්පුව අයිතිකාර නංගිට පිළිගන්වන මොහොත හරිම හැගීම්බර
වුනා.. කෙල්ල නොසෑහෙන්න ජනකාන්ත අයියට ස්තූති කළා .. වටේ පිටේ තව උන් බලාගෙන
නොහිටියානම් කෙල්ල ජරාව නාගෙන උන්නු ජනකාන්තට තොත්තුවක් උනත් දෙන්න ඉඩ තිබුනා
..ඒත් ජනකාන්ත අය්යාගේ කරුමෙට එතන අපි
හිටියා .. ඒ නැතත් ඒ ගැහැනු ළමයා ගැන
උනන්දුවෙන් හිටි කොල්ලන්ගේ ඉරිසියාකාර දෑස් ජනකාන්ත දිහාටම එල්ල වෙලා තිබුනා ..
අන්තිමේදී
කට්ටිය එතැනින් පිටවෙද්දී කෙල්ලෝ අතර ජනකාන්ත අයියා වීරයෙක් වෙලා ඉවරයි... ඒත්
පරහකට තිබුනේ ජරා වතුරෙන් තෙත බරිත වෙලා
තිබුණු වීරයාගේ ඇදුම් වලින් එන දුගදයි .. එකටත්
කෙල්ලෝ පිලියමක් හෙව්වා , උන් ලග තිබුණු සෙන්ට් කුප්පි ටික මල්ලක දාල ගෙනත්
ජනකාන්තට දුන්නා..
පස්සේ දෙව්සත්හලේ නාන කාමරයෙන් ජනකාන්තව නාවලා, ඇදුම් ටිකත් හෝදලා දීලා එහෙම පස්සේ සෙන්ට්
වලිනුත් නාවලා අපි උන්දැව එතැන තියලා
(ඇදුම් නැතිව එක්ක යන්න බැහැ ) වෙන වැඩකට ගිහින් ආයෙත් ඇවිත් බලනකොට ජනකාන්ත අයියා
එතැන නැහැ ..
පස්සේ හොයද්දි
දැක්ක දෙයින් පපුව හෝස් ගාලා ගියා .. කාගෙන්දෝ සරුන් කඩමල්ලක් ඉල්ලගෙන ඇදගෙන උන්නු
ජනකාන්ත අයියා වත්තේ කෙළවරකට වෙලා අව්ව තියෙන තැන් වලට දම දමා තෙත ඇදුම් වේලනවා ..
අපිත් එතනට කිට්ටු කළා ..
“අපරාදෙනේ
ජනකාන්ත අය්යා උබ ඇදුම් පිටින්ම වතුරට පැන්නේ.. අඩු තරමේ ෂර්ට් එකවත් ගලවන්න තිබුනනේ...
“ඔව් ගලවන්න
තිබුනා “
“එහෙනම් ඇයි
එහෙම නොකලේ...”
අපි දිහා ටිකක්
බලාගෙන උන්නු ජනකාන්ත අයියා
“ඒවායින් වැඩක්
නැහැ මට යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න “
ඒ කියපු විදියත්
මිනිහගේ ස්වරුපෙත් අපිට එච්චර ඇල්ලුවේ නැහැ ..
“ඒ මොකක්ද “
“මම ස්වීම් ෆුල්
ඒක දිහා බලාගෙන ඉන්නකොට පිටි පස්සේ ඉදන් මාව තල්ලු කරපු එකාව හොයාගෙන උගේ
අ#@(*7^%$ වන්න ...
------------------------------------------------------------------
***
*#@(*7^%$ =
අසභ්‍ය වචන බැවින් පලකල නොහැක :D
හෑ.... මම හිතුවා ඕක තමයි වෙන්න ඇත්තේ කියලා.
ReplyDeleteහික් ..හික් ..උබ දක්ෂයා ..
Deleteඅයියෝ ජනකාන්ත අයියේ...!
ReplyDeleteපිස්සු පීකුදු කියන්නෙ යකෝ මේවටනේ.අන්තිම වෙනකං මම හිතුවෙ කෑල්ලගෙන් ලකුනු ගන්න ස්ව කැමැත්තෙන් පැන්න කියල.
පව් අප්පා.
ඌ වැඩිය කෑලි පස්සේ පන්නන එකෙක් නෙමේ.. ගෑනු ළමයි ඉස්සරහා මිනිහා ලජ්ජා කාරයා ..
Deleteඉතිං පස්සෙං ඉඳල තල්ලුකරපු එකා හම්බඋනැයි.
ReplyDeleteහොයාගන්න බැරි උනා...
Deleteඅඩේ මට නම් නිකමටවත් හිතුනේ නෑ ජනකාන්ත අයියා තල්ලු කරපු නිසා වැටුනා කියල.
ReplyDeleteජනකාන්ත - නමේ හැටියට වැඩේ වෙලා
හික් ..හික්.. ඌට වෙන්නෙම ඔහොම වැඩ, මිනිහව දැක්කම කොල්ලෝ හදන්නේ ජෝක් එකට ගන්න ..
Deleteහි හි ..........හිනා කාල මැරෙනවා හලෝ ..
ReplyDeleteවැඩිය හිනා වෙන්න එපා හොදේ ...
Deleteහයියූ...... පව් අප්පා ජනකාන්ත අයියා....
ReplyDeleteහොයා ගත්තද ඉතිං තල්ලු කරපු එකාව?
කොහේ හොයන්නද අප්පා .. සියක් විතර පොරකන තැනකදී තල්ලුවක් දැම්මම... හික් ..හික් ..
Deleteකව්ද ඩෝ ඒ අස්මජ්ජාති එකා..
ReplyDeleteකවුරුත් ඌව පාවාදුන්නේ නැහැ නෙවැ ..
Deleteපව් අසරණයා :D
ReplyDeleteඅනේ පව් ..
Deleteමේ කතාව වෙන වර්ෂන් එකකින් අහලතියනවා මලයා..
ReplyDeleteඑහෙම කතාවක් මමත් අහලා තියෙනවා ඒත් මේක ඇත්තටම වෙච්ච දෙයක් .. සමහර විට තල්ලු කරපු එකා ඒ කතාවේ ආභාෂය ගත්තද දන්නේ නැහැ ..හික් ..
Deleteඇනෝ කමෙන්ට් කරුවනි.
ReplyDeleteමින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.
ඇනෝ අයිතීන් සුරකිමු ! නිදසක් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !
ඔයා නේද ඒ අහිංසකයව තල්ලු කළේ.. දැන් මේ කතාව මෙතනත් ලියලා දෙවනි පාරටත් ඒකව අමාරුවෙ දැම්මා නේ... හි හි
ReplyDeleteහික් ..හික්.. අනේ අපිනම් නෙමේ තල්ලුව දැම්මේ ...
Deleteමෙහෙමෙ කතාවක් තියෙනව මම අහල.වික්ටොරියා වෙල්ල ඔපන් කරන්න රෑජින අවිත් ඉන්නකොට ජෙ අර් එක්ක නිද ගෙන තියෙන්නෙ මෑදින් කොට්ට පෙලියක් දාපු ලොකු ඈදක.පස්සෙන්ද වෙල්ල ඔපන් කරන්න ගිහින් ඉන්නකොට පොඩි ලමයෙක් වතුරට වෑටිල.වෑඩ පෙන්නන්නත් එක්ක ලොක්ක රෑජින ගෙන් ඈහුවලු මම පෑනල ගන්නද කියල.රෑජින කිවුවලු අනෙ යනව ඔයි යන්න කොට්ට පේලියෙන් පනින්න බෑරිව මෙක පනින්නෙ කොහොමද කියල.
ReplyDeleteතව මෙ වගෙම අහල තියෙනව ලමය වෑටුන වෙලාවෙ ගන්න ඉදිරිපත් වෙන කෙනාට තෑගි දෙනව කිවුවත් කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ.එක පාරටම වයසක පොරක් පෑනල දරුව අරගෙන.පස්සෙ විස්තර ඈහුවම කියල තියෙන්නෙ ඔකම තමා
ඔව්..ඔව්.. එහෙම කතා අහලා තියෙනවා , බොහොම ස්තුති යමක් එකතු කලාට ..
Deleteගඳ මෙහටත් දැනෙනවා වගේ.ඈ බං. ඔය ස්විමිං පූල් එකට පරිසර පොලීසියෙන් නඩු දාන්නේ නැද්ද?
ReplyDeleteඒ කාලෙත් ඩෙංගු ප්‍රශ්න තිබුනානම් අනිවාර්යෙන් නඩුවක් වැටෙනවා . ඒත් ගෙම්බෝ ඉන්න නිසා ප්‍රශ්නයක් නැතිවෙයි නේද ,
Deleteදැන්නම් පාවිච්චියට ගන්නවා ඇති මගේ හිතේ , ඒ කාලේ අලුත්වැඩියා ප්‍රශ්නයක් නිසා අතහැර දාලා තිබුනේ ..
අනේ අනේ චමියෝ, වැඩේ කරලා දැන් දන්නේ නෑ වගේ පොස්ට් එකකුත් දාලා, හිටපං ජනකාන්ත අයියා හම්බ වුනාම කියන්න.
ReplyDeleteහික්..හික්.., අපි කළා කීවත් ජනකාන්ත අයියා තරහා වෙන්නේ නැහැ බං, ඌට වෙන වැඩ වල හැටියට මේවා සුළු දේවල් ..
Deleteඅනිව චමියම තමා මේ වැඩේ කොරල තියෙන්නෙ. දැන් මෙතන මුකුත් දන්නෙ නෑ වගේ පෝස්ට් දැම්මට. කොහොමහරි ජනකාන්ත අයිය වීරය වෙන්න ගිහින් චමියට කෙලඋනාලු.
ReplyDeleteආයේ පාරක් ජනකාන්ත අයියාව වීරයා කරන්න අපි කීප විඩයක්ම උත්සහ කලා ඒත් තාම හරිගියේ නැහැ ..
Deleteජනකාන්ත = චමි
ReplyDelete(බොරු කියන්න එපා උබ නේද වැටුනේ)
නෑ බන් ඕකා තමයි තල්ලු කරන්න ඇත්තේ.. ඔය කතාව කියන්නේ... ශෝක එකට
Deleteමම නෙමෙයි බොලල්ලා ... මම අහිංසකයා ...ඇල් වතුරත් නිවලා බොන එකා ..
Deleteදැන් එතකොට ජනකාන්තයව තල්ලු කරපු අසමජ්ජාතියා මොකාද...
ReplyDeleteආයමත් අහනවා ඉතින්.. වෙන කවූද චමියා මිසක්
Deleteමම නෙවෙයි වෙන එකක් ..නිකන් හරි මම ඌගේ පිටි පස්සේ හිටියනම් මේ අකර තැබ්බ වෙන්නේ මගේ අතින් වෙන්න පුළුවන් ..හික්..
Deleteකොහොමහරි ලකුණු ටික වැටුනනේ.... ඒකත් ඇතිනේ...
ReplyDeleteලකුණු ටිකයි නෙමේ ගොඩයි ... හැබැයි ලකුණු ඉක්මනින් අවලංගු වුනා ..
Deleteඒ තල්ලු කරපු එකාත් බ්ලොග් එකක් කරනව ලු. ඒ බ්ලොග් එකේ නමේ අගට 4u කියලත් තියනව ලු.. :)
ReplyDeleteඔය දන්නේ චන්දන දස්සයා
Deleteආග් , උබ කියන්නේ මගේ බ්ලොග් එක හැරුනම තවත් 4යු බ්ලොගක් තියෙනවා කියලා නේද ..ඌ තමයි ඒ අසමත් ජාති වැඩේ කොරන්ට ඇත්තේ ..:D
Deleteකෙල්ල සෙට් වෙන්න ඇතිනෙ. ඉතින් තල්ලු කරපු එක වගේද ඒක?
ReplyDeleteඒක හැබෑව ...සෙට් වුනා ට්‍රිප් එක ගිහින් එනකන් ..
Deleteලෝකේ උසම තැනින් පහළට පැන්නාය කියන ලාංකිකයාත් අන්තිමට මෙහෙම කතාවක්ලු කිව්වේ :D
ReplyDelete