21 May 2012

මහ රෑ මිතුරියන් සොයා පැමිණි මියගිය මිතුරිය




කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ.   ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.


එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි

“කවුද ඔය …”

කියලා අහගෙනම දොර ලඟට ගියා.

“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”

මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.

“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”

කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.

තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.

මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !


මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනලු !!!!!

21 comments:

  1. meweni kata ahala tiyanawa etta wenna puluwan

    ReplyDelete
  2. මේ කතාව මම කලින් අසා තියනවා. හැබැයි මට දැන් මතක නැහැ කවදා??? කොහේදිද???? කියලා.

    ReplyDelete
  3. @Anonymous
    @වෙද ගෙදර මහ වෙදනා

    අත්ත වෙන්න පුළුවන්..
    ඔව්.. මේක ටිකක් ප්‍රසිද්ද කතාවක්නේ අහලත් ඇති මයේ හිතේ ..

    ReplyDelete
  4. හම්මියෝ.......බය හිතනවනේ....

    ReplyDelete
  5. මාත් අහලා තියෙනවා මේ කතාව.
    උබ දැන් දිගටම ලියන්නේ හොල්මන් කතාද? ජය වේවා ඈ.

    ReplyDelete
  6. @~~තරූගේ ලෝකය~~
    හිකිස්‌ ..

    @මඩිස්සලේ නිශාන්

    නැහැ බං උබලව ටිකක් බය කරන්න හැදුවේ.. එතකොට උබලගේ රෑ පානේ ගමන බිමන් එහෙම ටිකක් අඩු වෙනවනේ..කොහොමද මගේ ටිකිරි මොලේ..

    ReplyDelete
  7. බුදු අම්මෝ..........!!!

    අර උඩින් දාල තියෙන ෆෝටෝ එක හොඳයි චමියගෙ ප්‍රොෆයිල් පික්චර් එකටත්. (දැන් ලියන කතාවල හැටියට)

    henryblogwalker the Dude

    ReplyDelete
  8. @Dude..
    උබට කියන්න .... මම අද හවස මේකට දාන්න පින්තුරයක් හොයනකොට ඕක දැක්කේ...දැක්ක ගමන් මාවත් ගැස්සුනා...

    ReplyDelete
  9. හොල්මන්!! මං නං තාම විශ්වාස කරන්නනෙ නෑ ඕවා!

    ReplyDelete
  10. බය හිතුන... මරු හැබැයි !

    ReplyDelete
  11. @මාධව
    මමත් විස්වාස කලේ නැහැ කාලයක්..එත් මම හොදට දන්නා කරන අය දැකලා තියෙනවා ..සමහර අයට පෙනෙන්නේ නැහැ.. මම හිතන විදියට මට පෙනෙන්නෙත් නැහැ ..

    ReplyDelete
  12. @sAm (සෑම්)
    එහෙනම් හොදයි උබලව බය කරන්න තමයි දැම්මේ.

    ReplyDelete
  13. ඔය පේරා වල කතාවක් නේද?

    ReplyDelete
  14. මේක පේරෙ කතාවක් නේද? අන්න මගේ බ්ලොග් එකේ ඇති හොල්මන් ගැන මමම කියන කතා. මගේ ම අත්දැකීම්. ඔන්න එහෙනම් අද ඉඳල මේ පැත්තෙත් මම එනෝ..

    ReplyDelete
  15. @රොබින්
    @ක්සැන්ඩර්
    ස්තුති මේ පැත්තේ ආවට..
    ඔව් මේක පේරාදෙණිය හොස්ටල් එකක උන කථාවක්.. ඔය හොස්ටල් අවට් හොල්මන් කථා ගොඩක් තියෙනවා.. ඒ පැති වල අයනම් අහල ඇති..

    ReplyDelete
  16. හොල්මන් කතා ටික නම් මරු..ඔක්කොම වගේ කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තුති හොල්මන් කතා කියවන්න කැමති ගොඩක් අය ඉන්නවා

      Delete
  17. පේරාදෙණියෙ හිල්ඩ එකේ වුණා කියල තමයි මම දන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් හිල්ඩා එක හොල්මන් වලට කොහොමත් ප්‍රසිද්ද තැනක් නේද ...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. හිල්ඩා කුමාරිගෙ කතාව මචන්ලා ^_^

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...