14 September 2012

රතු සිතුවමේ අභිරහස ...



එක්තරා පාසලක  කුඩා ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයකි . එය නැරබීමට නොයෙක් තරාතිරමේ මිනිසුන් පැමිණ සිටියා .. ආචාර්යවරුන් මහාචාර්යවරු ,දොස්තරලා මනෝ විද්‍යා ආචාර්යවරුන්, වැනි නොයෙකුත් උදවිය...

මේ හැමෝගෙම නෙත් එක විශේෂිත චිත්‍රයක් ලග නතර උනා . ඒ චිත්‍රයේ විශේෂ වෙන්න හේතුව සම්පුර්ණ චිත්‍රයම ඇදලා පාට කරලා තියෙන්නේ රතුපාටින් වීම..

මේ සම්භන්ධව මහාචාර්ය ආචාර්ය  විද්‍යා ආචාර්යවරුන්  තමුන්ගේ දැනුම් මට්ටම අනුව  විවිද අදහස් පල කරන්න උනා .. මොකද සාමාන්‍යයෙන් කුඩා ළමයෙක් චිත්‍රයක් පාට කරද්දී දාහක් පාට ගානවනේ ඒකට.. එත් මේ ළමයා සම්පුර්ණ රතු වර්ණය පමණක් යොදා ගැනීම ඇත්තටම පුදුම සහගතයි ...

ඉතින් මේ චිත්‍රය සම්භන්ධයෙන්  බුද්ධිමත් පුද්ගලයන් විවිධ අදහස් පලකරන්න පටන් ගත්තා .

“ මේ ළමයා දරුණු අදහස් ඇති කෙනෙක් අනාගතයේදී අපරාද කාරයෙක් වෙන්න පුළුවන් “ ඒ එක ආචාර්ය වරයෙකුගේ අදහස ..

මෙයා පොඩි කාලේ ලොකු මානසික  ප්රිඩනය කට ලක් වෙලා තියෙනවා ඒකයි  තනිකරම රතු වර්ණය යොදාගන්න හේතුව “ ඒ එක මනෝවිද්‍යා උපදේශකයෙකුගේ අදහසක් .

මෙයාට  වර්ණ  හදුනා ගැනීමට නොහැකි දුර්ලභ රෝගයක් තියෙනවා මෙයාට වඩාත් හොදින් දර්ශනය වන්නේ රතු වර්ණය විතරක් විය හැකියි.. “ ඒ වද්‍යවරයාගේ අදහසක් .

මේ ආකාරයට විවිධ අදහස් පල කරන්න ගත්තා...

“රැඩිකල්වාදී අදහස් ඇත්තෙක් “

“ විප්ලව වාදියෙක් “

“සමාජ විරෝධියෙක් “

මෙවැනි  අදහස් සංවාද ගොන්නක් අතරේ එක්තරා ගුරු වරයෙකුට අදහසක් එනවා මේ චිත්‍රය ගැන එය ඇදපු කුඩා දරුවගෙන්ම අහල බැලීමට ..

ඔහු එම අදහස යෝජනා කරනවා “ මේ ගැන හරියටම දැනගන්න අපි දරුවගෙන්ම අහල අදහසක් ගනිමු “

හැමෝම එයට එකග වෙලා මෙම විශේෂිත චිත්‍රය ගැන දැනගැනීමට අර ළමයා හම්බවෙන්න යනවා...

ගිහින් ළමයාගෙන් අහනවා ඇයි ඔයා මේ විදියේ තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව ...

එතකොටම ආචාර්ය  වරයා අහනවා

ඔයාගේ හිතට දරුණු අදහස් පහල වෙනවා නේද ඔයා ඒ අදහස් නේද මේ චිත්‍රයේ රතුපාට වර්ණයෙන් පෙන්නුවේ “

එතකොටම මනෝවිද්‍යා උපදේශකයා අහනවා ඔයාට විශාල මානසික ප්රිඩනයක්  තියෙනවා නේද පුතා ඒක නේද මේකට හේතුව ..

ඔයාට වර්ණ හදුනා ගැනීමේ අපහසු තාවයක්ද ? , රැඩිකල් අදහස් ඇත්තෙක්ද ? , සමාජයට  ෛවර කරනවාද ?

ඔන්න ඔය ආකාරයට ඔවුන් නිගමනය කල අදහස් ඒක දිගට අර ළමයගෙන් අහගෙන යනවා...

නෑ.... නෑ..නෑ ඔය කිසිදෙයක් මම දන්නේ නැහැ . ළමයා කියනවා

එහෙමනම් ඇයි ඔයා මෙහෙම තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව,, ඔවුන් සියලු දෙනාම එකවර අසා සිටිනවා...

\/
\/

\/
\/

\/

“මගේ පාට පෙට්ටියේ ඉතිරි වෙලා තිබුනේ එකම ඒක රතුපාට පාට කූරක් විතරයි ...!!!

34 comments:

  1. මම නම් මාතෘකාවයි චිත්‍රෙයි දැකපු ගමන් කිව්වා කොල්ලගේ පාට පෙට්ටියෙ තියෙන්න ඇත්තේ රතු පාට විතරයි කියලා... මේකේ ලොකු කතාවක් ඉස්සර ටීවී එකේ ගියා කියලා මට මතකයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මිනිස්සු හිතන විදිය ගැන තමයි ඉතින් කතාව ..

      Delete
  2. සාමාන්‍යයෙන් අපෙ ්පාට පෙට්ටිවල ඉතිරි වෙන්නෙ අලු පාට දුබුරු පාට වගේ ඒව..රතු ඉතිරි වෙන්නෙ නෑ...

    ReplyDelete
  3. ඔන්න චමී මම නම් ලමයා චිත්‍රේ රතු පාටින් ඇන්දා කිව්ව ගමන්ම කිව්වෙ රතු විතරයි තියෙන්න ඇත්තෙ කියලා. හරියට හරි නේ? මොකද මමත් ගුරුවරයනෙ.හෙක් හෙක්.

    ඔහොම කතාවක් තියෙනවා අර පොරක් කොර ගගහ යන එක ගැන දොස්තරලා වගයක් කිව්ව දේවල් ගැන.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හොද ගුරුවරයෙක්නේ බලාගෙන ගියාම ... අර දොස්තර කතාව මමත් ටිකක් අහලා තියෙනවා වාගේ..

      Delete
  4. ඔය වගේ එව්වා ඇත්තටම වෙනවා.. මේක කියවන්නකො..

    http://dreamsofharee.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. හප්පේ ..මේ තියෙන්නේ ඒ වගේ හරිට වෙච්ච ඇත්තම සිද්දියක්... ඇහෙන් දැකලා හිතන දේට වඩා යථාර්තය වෙනස්...

      Delete
  5. රතු හුන්ඩුවේ අබිරහස :D

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද කතාවක් තමයි නේද ? :D

      Delete
  6. කලින් මේක සිරසේ ගියා වගේ මතකයි. ඒත් ඔයා අපේ මතකය අලුත් කලා. මේකෙන් ගන්න තියෙන පාඩම තමයි පුර්ව නිගමන වල ඉඳගෙන කිසි දෙයක් දිහා බලන්න එපා කියන එක.

    ReplyDelete
  7. ඇයි පැසිස්ට්වාදියෙක්
    කොමියුනිස්ට්කාරයෙක්,මාක්ස්වාදියෙක් වෙන්නත් පුලුවන්

    ReplyDelete
  8. මතුපිටිං පේනවට වඩා ඕන දේක හැංගිච්ච කතාවක් තීනවලු...

    ReplyDelete
  9. සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන්න හොද නැහැ

    ReplyDelete
    Replies
    1. යමක් හිතනකොට පැති ගොඩක් තියෙනවා.. ලොකු දේවල් ගැන මුලින්ම හිතන කොට සරලව හිතන්න ඕනේ ඒක මග ඇරෙනවා..

      Delete
  10. ඉතිරි පාට රතු වෙන්න ඇති කියලා මාතෘකාවෙන් මටත් හිතුණා..
    සරලව හිතන්න පුළුවන් තැනකදි අපිම අපේ ජීවිත මේ වගේ කොයිතරම් පටල ගන්නවද..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් ඉදල හිටලා වෙන දේවල්...

      Delete
  11. චමීත් දැන් නියම යාන්ස් ලියන්නෙක් වෙලා..... :)

    මේ බ්ලොග් එක මෑතකදි ඉදලා ලෝඩ් වීමේ අවුලක් තිබුණා. එස්කේප් කළාම කී බෝඩ් එකට ප්‍රතිචාර තියෙනවා, හැබැයි මවුස් එකට නෑ. (කොහොම හරි දැන් කියවන්න පුළුවන්)

    ReplyDelete
    Replies
    1. ලෝඩ් වෙන එකේ අව්ලක් තියෙනවා වගේ මටත් තේරෙනවා..ඒ ගැන හොයල බලන්න ඕනේ..

      ස්තුති සුමිත් ..

      Delete
    2. ඒක නම් ඇත්ත අයියේ.. මවුස් එකෙන් පහලට යන්න බැ..මන් හිතුවා මගේ අවුලක් කියලා.. :)

      Delete
    3. එහෙමනම් තව ටික දවසක් බලලා ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න වෙනවා...
      pool එකකුත් දැම්ම ඒ ගැන දැනගන්න..

      Delete
  12. යම් කිසි දෙයක් උදෙසා විවිද පුද්ගලයන්ගේ අදහස් විවිදා කාරයි. හොඳ පොස්ටුවක්.

    ReplyDelete
  13. කථාව මැද හරියට එද්දි මටත් හිතුනා කොල්ලාගෙ පෙට්ටියෙ තියෙන්න ඇත්තෙ රතු විතරයි කියලා... ඒ එක්කම මතක් වුනා සාගතය පිළිබද මාතෘකා කර පැවැත්වුනු චිත්‍ර තරගයකින් ජය ගත් අධෝමුඛයේ මකුළු දැල් බැදුනු චිත්‍රය පිළිබදවත්...

    ReplyDelete
    Replies
    1. හික් ..ඒ කථාව මම අහලා තියෙනවා..

      Delete
  14. සමහර වෙලාවට එළැබෙන නිගමන සත්‍යයෙන් කොච්චර දුරස්ද.. හ්ම්ම්.. හොඳ කතාවක්..
    "Don't judge me if you don't know my story.. :)"

    ReplyDelete
  15. මේ පුංචි කතාව ඇතුලෙ ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනව.
    අපිට කවදාවත් නොදැකපු කතා නොකළ අයෙක් ගැන නිවැරදි නිගමනයකට ඒමට අපහසු යි.සරලව කිව්වොත් මිනිසෙක් තේරුම් ගන්න ඕන ඔහුට හෝ ඇයට බොහෝ සමීපව.කිසිම අයෙකු නිවැරදිව හදුනානොගෙන ඔහු ගැන තර්කයන් ගොඩනැගීමට යාම ඇත්තටම සම්ප්‍රපලාපා කීමක්.

    අපූරු අරුත්බර ලස්සන කතාවක්..ජය!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත ..

      Delete
  16. හි හි..මට හිතුනා ෂුවර් ඕක තමා වෙන්න ඇත්තේ කියල :)

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...