02 December 2012

පුළුන් වගේ සුදු රැවුල දිගයි මේ එන්නේ නත්තල් සියායි..(නත්තල් සීයාගේ උපත )



නත්තල් මාසය පටන් ගන්නා විටම ආගම් බේදයක් නැතිව සියලු ජනයාගේ සිතේ මැවෙන සිත්ගත් චරිතයක්  ඇත ඒ කව්රුත් දාන්නා නත්තල් සියයා .. නත්තල් සීයා ගැන පුරාවෘත්ත රැසක් ඉතිහාසයට එක් වී තිබේ. නත්තල් සීයා ලොව වටා යන්නේ පිනිමුවන් නවයක් බැඳි හිම කරත්තයකිනි. ඔහුගේ පිනිමුවන්ට අහසෙන් ගමන් කිරීමටද හැකියි ඔහු පුංචි ළමුන් සොයා සොයා ඔවුන්ට තෑගී බෝග පිරි නමයි බොහෝ විට එහි ඇත්තේ සෙල්ලම් බඩු සහ රස කැවිලිය . අහසේ පියාඹන පිනිමුවන් විසින් අදින ලබන කරත්තයකින් පැමිණෙන නත්තල් සීයා එය වහළය මත නවතා චිමිනිය දිගේ පහළට බැස ළමයි තබා තිබෙන මේස් කකුල් තුළට තෑගි දමා යන බවත් , ඇතැම් අය නත්තල් ගස යට තෑගි තබා යන බවත් විශ්වාස කරති. 

 ඔබත් ක්‍රිස්තියානි දරුවෙක්නම් පුංචි කාලයේ නත්තල් සීයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත.. කුඩා ළමුන්ගේ  ආදරය දිනා ගත් මේ සුවිශේෂි චරිතය නිර්මාණය වූ ආකාරය  පිළිබඳ විවිධ අදහස් පළ වෙයි.

එයින් වඩාත්ම පචලිත කරුණ වන්නේ .හතරවන ශතවර්ෂයේ පමණ තුර්කියේ විසු ග්‍රීක ජාතික නිකලස් පියතුමයි

දෙව් මැදුරක ඇති නිකලස් තුමාගේ පිළිරුවක් 

ඉතාමත්ම කරුණාවන්ත පුද්ගලයෙකු වූ එතුමා . එම අවදියේ ඒ ප්‍රදේශයේ සිටි දිළින්දන්ට බොහෝ සෙයින් උදව් උපකාර කල තැනැත්තෙක් . එයිනුත් වඩාත්ම  ප්‍රසිද්ද වූ කරුනනම් . එම  ප්‍රදේශයේ විසු තරුණ දියණියන් තිදෙනෙක් සිටින දිලිදු පියාගේ කතාවයි . එම තරුණ දූ වරුන් දීග දීමට ඔහුට විශාල දෑවැද්දක් සෙවිය යුතුව තිබුනා , එහෙත් ඉතාමත් දිළින්දන් වූ මෙම පවුලට මුදල් නොමැති කමින් දියණියන් දීග දීමට නොහැකිව බොහොම කනස්සල්ලෙන් ජිවත් උනා ..

මේ පිලිබදව දැනගත් නිකලස් පියතුමා කෙසේ හෝ මෙම පවුලට උදවු කලයුතු බව සිතාගත්තා .

පසුව මේ නිවස අසලින් යනෙන වාරයක් පාසා විවුර්තව ඇති කවුළු තුලින් නිවස තුලට රන්කාසි පිරවූ මල්ලක් බැගින් විසිකරගෙන යෑමට පටන් ගත්තා . (වර්තමානයේ පවා කුඩා ළමුන් නත්තල් කාලයේ රාත්‍රී වල නින්දට යද්දී  නත්තල් සියා ගෙන් තෑගී බලපොරොත්තුවෙන් නිවසේ ජනෙල් ඇර තමන්නේ මෙන්න මේ කරුන මුල් කරගෙන නිර්මාණයවූ කතාව නිසයි  )

දින කිහිපයක් තමන්ගේ නිවස තුලට ජනේලයකින් වැටෙන රන්කාසි මලු ගැන පුදුමයට පත්වී සිටින මේ දිලිදු මිනිසා මෙය ලැබෙන්නේ කෙසේදැයි පිලිබදව සෙවීමට පටන් ගත්තා . දින කිහිපයක් සැගවී බලා සිටිද්දී ඔහුට දැකගන්නට ලැබුනා මේ රන්කාසි මලු තබා යන්නේ අන් කවරෙකුවත් නොව නිකලස් පියතුමා බව . රහස එලිවූ පසු පියතුමා ඔහුගෙන් පොරොන්දුවක් ගන්නවා ඔහුට උදව් කලේ පියතුමා බව රහසක් හැටියටම ටියගන්නා ලෙස එහෙත් පසු කලකදී රහස එලි වෙනවා වගේම ඔහුගේ දීග දීමට නොහැකිව සිටි දියනියන්වද ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් දීග දීමට හැකියාව ලැබෙනවා නිකලස් තුමාගේ උදව්වෙන් ..
                                    ශාන්ත නිකුලස් පියතුමා 

එතැන් පටන් ඔහුගේ පරිත්‍යාගශිලි බව දස අතර පැතිර යනවා ඉන්  පසුව  නිකුලස්තුමාගේ ත්‍යාගශීලිත්වය පිළිබඳ කතා නෙදර්ලන්ත ජාතිකයින් වෙතද පැතිරී යන්න පටන් ගන්නවා  ඔවුන්  එතුමාව  හැඳින්වූයේ සින්ටර් ක්ලාස් යනුවෙනි. ඕලන්ද ජාතිකයින් ඇමරිකාවට සංක‍්‍රමණය වූ පසු එරටට ද සින්ටර්ක්ලාස් චරිතය දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා පසුව  ඒ නම සැන්ටර් ක්ලෝස් වී ඉන්පසු එරටින් බි‍්‍රතාන්‍යයටද මේ සංකල්පය පැතිරී යන්න පටන් ගන්නවා


මෙම නම සැදීමට හේතුවූ අනෙක් කරුන වන්නේ නිකුලස් තුමාට ඉමහත් ආදරයක්‌ දැක්‌වූ ඕලන්ද ජාතිකයෝ නිකලස්‌ මුණිතුමාගේ නම ඉංග්‍රීසි බසින් SINT NIKOLAAS නමින් ලියූ අතර පසුකලකදී SINTERKLASS ලෙස විත් . අවසානයේ SANTA CLUSE සෙන්ටා ක්‌ලෝස්‌ ලෙස ඉංග්‍රීසි ව්‍යවහාරයට පරිවර්තනය වෙමින් අද දක්‌වාම පැමිණ ඇති බවයි

එහෙත් යුරෝපයේ බොහෝ රටවල නත්තල් සීයා ව  සැන්ටා ක්ලෝස්යන නමින් හැඳින්වූයේ නැත. යුරෝපීයයන් ඔහුව පොදුවේ හැඳින්වූයේ ෆාදර් කි‍්‍රස්මස්හෙවත් නත්තල් පප්පා ලෙසය

 ශාන්ත නිකොලාස් මුනිතුමන් ඇසුරින් නත්තල් සීයාගේ චරිතය ලොව දස දෙස පැතිර යන්නේ මෙන්න  මේ අයුරිනි.

ශාන්ත නිකුලස්තුමා ස්වර්ගස්ථ වූ දෙසැම්බර් 06 දිනය ළමයින්ට තෑගි ලබාදෙන විශේෂ දිනයක් බවට පත්වෙනවා වගේම එතුමා වෙනුවෙන් වෙන් කරන ලද දිනය බවටද පත් කර තිබෙනවා .

නිකුලස්‌තුමාගේ අෂ්ටධාතු ඉතාලියේ "බාරි" නගරයේ  ශුද්ධ ස්‌වාමීන්තුමාගේ දෙව්මැඳුරේ තැන්පත් කර තිබෙනවා.

ශාන්ත නිකුලස්තුමා අද අප දකින තරබාරු  ප්‍රීතිමත් සිනහ මුහුනක් තිබෙන නත්තල් සීයාගෙ පෙනුමට වඩා වෙනස් ස්වරුපක් ගන්නේ එහෙත් සුළු සමාන කමක් නැතුවමත්ම නෙමෙයි . අද අප දකින නත්තල් පප්පට මේ පෙනුම ලැබුණු ආකාරයත් හරි අපුරු කතාවක් .


 අප අද දකින මේ නත්තල් සියා ගෙ පෙනුම ආවේ  ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඒ 19 වැනි ශතවර්ෂයේදී පමණය  .

 නත්තල් සියාගේ මෙම රූපය ඔහුට ලබාදීමට මුල් වූයේ තෝමස් නෙස්ට් නමැති  විකට කාටූන් ශිල්පියා නිසායි  මෙම කාටූන් ශිල්පියා 1863 දී හාපර්ස් වික්ලිසඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. මේම පෙනුම ගන්නට ඔහු ජර්මානු මිථ්‍යාදෘෂ්ඨික දෙවියකු වූ තෝර්ගේ රූපය අනුකරණය කළා යැයි ද මතයක් පවතී . පසුව මෙම රූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට ද යොදා ගත්තා .

ඒ අකාරයෙනුයි අද අප දකින විශාල උදරයක් සහිත දිගු රැවුලක් ඇති රතු සුදු ම්ශ්‍ර ඇදුමක් අදින යෂ්ටියක් සහිත ප්‍රීතිමත් නත්තල් සියා කෙනෙක් බිහිවෙන්නේ .
කෝලා දැන්වීමක සිටින
 නත්තල් සියෙක්
වර්තමානයේ නත්තල් සියා චරිතය ගැන සිතා බලන විට පෙනී යන්නේ වාණිජකරණයට නතුවූ ලෝකය තුල ශාන්ත නිකලස් තුමා එහෙමත් නැත්තන් නත්තල් සියා වෙළෙද භාණ්ඩයක් බවට පත්වී ඇති බවයි . මෙම කාලයේ බොහෝ කඩ සාප්පු වල නත්තල් ඇදුමින් සැරසුණු නත්තල් සීයලා වෙළද භාණ්ඩ විකිණීමේ කාර්යයේ නිරතවී සිටින අයුරු ඔබට දැක ගැනීමට හැකියාව ඇත . තමන්ගේ ධනය අසරණයන් වෙනුවෙන් පරිත්‍යාග කල නත්තල් සියා චරිතය අද වෙන විට වෙළද සමාගම් වල භාණ්ඩ විකුණා ගැනීමේ මෙවලමක් බවට පත්වී ඇති අයුරු නම් හරිම කණගාටු දායකය .

බියර් පානය කරන නත්තල් සියෙක් 

එතුමාගේ කරුණාව, ත්‍යාගශීලී බව අමතක කර  එතුමාගේනන් බිහිවූ නත්තල් සියා රුව යොදාගෙන කපටි කමත් බොරුවත් වංචාවත් සමග එතුමාවත් විකුණන වෙළදුන් ශාන්ත නිකලස් තුමා කියන්නේ කවුරුන්ද යන වගවත් නොදන්නවා විය හැකියි . වාණිජමය පරමාර්තයෙන්ම නැතිව එතුමාගේ රූපය එතුමාගේ කරුණාව, ත්‍යාගශීලීබව ඉස්මතු වෙන ආකාරයට යොදා ගත හැකි   දවසකට  නත්තලේ අසිරියද මෙයිට වඩා වැඩිවනු ඇත..

කෙසේ නමුත් උදුවප් මහේ සීතලත් සමගම ප්‍රීතිමත් නත්තල් පප්පෙකුගේ රූපයක් දකින විට නත්තල් අසිරිය සමග  සිතට දැනෙන හැගීම  නම් වචනයෙන් විස්තර කල නොහැක.. මෙම  නත්තල් මාසයේ නත්තල් සීයාත් එක්ක ප්‍රීති වීමට ඔබ සැමටද වාසනාව ලැබේවා !!! 

48 comments:

  1. වටිනා ලිපියක් සහෝ. පෙනුම ගැන කතාව නම් කලින් අහල තිබුනේ නැහැ. හැමදෙයක්ම දැන් වෙළෙද භාණ්ඩ බවට පත්වෙලා තියෙන්නේ. ඒකනම් කනගාටුවක්.

    ReplyDelete
    Replies
    1. එක නේන්නම් දැන් පාරවල් වල යනකොට නත්තල් සීයලා සාප්පු ඉස්සරහට වෙලා ඉගෙන කතා කරනවා බදු ගන්න සාප්පුවට එන්නය කියලා.. :D

      Delete
  2. යුරෝපීය රටවල් වලට ඕනෙ කාව හරි වාණිජ අරමුණකට පටලව ගන්න එකනෙ. නත්තල් සීයල විකිණෙනවා පාරක් පාරක් දිගේ. දැක්කම දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව්..යුරෝපයෙන් පටන් අරගෙන දැන් මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා .. දැන් නත්තල් වෙළෙන්දෝ තමයි නත්තල් සියා..

      Delete
  3. ගොඩක් වටින ලිපියක්... ජය

    ReplyDelete
  4. මම හිතන් උන්නෙ සැන්ටා ක්ලෝස් කියන එක St. Nicholas කියන එකෙන් බිඳිලා ආපු එකක් කියලා..

    ඔය දෑවැදි ප්‍රස්න යුරෝපෙත් තිබිලද බන්.. මම හිතුවෙ ඕක දකුණු ආසියාවට පමණක් උරුම වෙච්ච වසංගතයක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඕක වැඩියෙන්ම තියෙන්නේ ආසියාතික රටවලනේ...දැන් බලනකොට අතීතයේ යුරෝපයේත් මෙහෙම්මම තමයි...
      සැන්ටා ක්ලෝස් නම හැදිලා තියෙන්නේ සෙන්ට් නිකලස් කියන නමම වෙනස් වේවි ගිහිල්ලා තමයි ..

      Delete
  5. ස්තුතියි තොරතුරු ටිකට...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුති කිවෙව්වටත්

      Delete
  6. //ක්‍රිස්තියානි දරුවෙක්නම්//

    මොන පිස්සුද.. මාත් බලං හිටියා... ඒ වගේම හම්බුත් උනා.. හි හි...

    මට නම් නත්තල් කියන්නේ පොඩි උන්ගේ උත්සවයක් ඉස්සර.. මං මොන්ටිසෝරි ගියේ කොන්වන්ට් එකකට... ඒකේ නත්තල් සමරනවා.. ගව ලෙන් හදනවා.. වැඩ කෝටියයි.. වෙසක් එකට වෙසක් කූඩු හදන්නෙත් ෆාදර්ලත් එක්ක... අපිත් එක්ක මුස්ලිම් ළමයි දෙන්නෙකුත් හිටියා.. උන් දෙන්නත් ඔය ඔක්කොම කළා... දැං ඒකට... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තෑගී හම්බ උනාද ..නියමයිනේ !!!
      අපිටනම් පුංචි කාලේ නත්තල් දවසේ උදේ නැගිටිනකොට හොරෙන්ම ඇවිත් ඈදේ කොනක තෑගී තියාලා ගිහින් තියෙනවා නත්තල් සියා. උදේට හැමෝටම පෙන්නනවා නත්තල් සියා තෑගී දීලා ගිහින් කියලා . පස්සේ කාලෙක දැනගත්තේ ඒ තෑගී තියලා තියෙන්නේ තාත්තා කියලා ..

      දැනුත් සමහර පළාත් වල ආගම් භේදයක් නැතිව වැඩ කරන අය ඉන්නවා හිරු ...

      Delete
  7. හොඳ ලිපියක් චමී.. සියල්ල වානිජකරණය වෙමින් යනවා. නත්තල් සීයාත් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඔක්කොම විකිනෙනවා

      Delete
  8. අලෙ චමි බාප්පා සෝයි කතාවක් කියල දුන්න ඈ ....

    ReplyDelete
    Replies
    1. ඈ...මොකක් කිව්වා :O
      ආ.. මේ සුදු පුතානේ

      Delete
  9. මාත් පොඩි කාලේ නත්තල් සීයා එනකම් බලන් ඉඳලා තියෙනවා :)

    ReplyDelete
  10. නත්තල නොවෙයි හැම ආගමක්ම අද වෙලෙන්දන්ගේ දේපළක් වෙලා තියෙන්නේ.ඒවට එරෙහිව කවුරුවත් කතා නැ. ලිංකුව දානවා ඒ ඔයාට එන්න නොවෙය් තවත් මං වගේ ආධුකයෙක් ආවොත් එයාට පේන්න. අකමැතිනම් මකලා දාන්න
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක ඇත්ත නලින් ..

      අනේ මේ ලින්කු දැම්මත් නැතත් මම උබේ බ්ලොග් එකට එනවනේ..
      ලින්කු සම්භන්ධයෙන් මට ප්‍රස්න නැහැ බං ලින්කුවකින් අලුත් කෙනෙක් ට උනත් බ්ලොග් එකට එන්න පාර කියනවනේ...

      උබ ඔය ලින්කු කථාව කියන්නේ මාරයා අය්යාගේ බ්ලොග් පොස්ට් එක නිසා නේද..

      Delete
  11. ඇත්තටම් වටින ලිපියක්.

    ReplyDelete
  12. කලින් අහලා තියෙන කතාවත් එක්කම තවත් කරුණු එකතු කරලා අපූරුවට....

    ReplyDelete
    Replies
    1. නිකලස් තුමා ගැන ක්‍රිස්තියානි අය දන්නවා.. ස්තුති ළිහිණි

      Delete
  13. හැමදේම වෙළඳ දැන්වීමක් බවට පත්වෙලා තියෙන එක ගැන නම් දුකයි.
    ශාන්ත නිකලස් තුම ගැන අදමයි මෙච්චර විස්තරයක් දැන ගත්තේ. අපේ කතෝලික යාළුවන්ට වගේම මේ දේවල් අපටත් වැදගත් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු මාළු ..නිකලස් තුමා ගැන ක්‍රිස්තියානි අය හැරුනුකොට අනිත් අය දන්නවා අඩුයි .. එත් නත්තල් සියාව නම් හැමෝම දන්නවා ..

      Delete
  14. අපුරු ලිපියක් !සීයා මාර්කට් වෙන එකටනම් දුකයි
    :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේ කාලෙට සීයාට වැඩ වැඩි.. බඩු විකුන්නන්න තියෙනවනේ ..

      Delete
  15. අද කාලේ මුදලට නොවිකිනෙන්නේ කවුද? ආගමත් වාණිජකරණය වෙලා හොඳ ලිපියක් චමි

    ReplyDelete
    Replies
    1. //අද කාලේ මුදලට නොවිකිනෙන්නේ කවුද//
      ඔව් බං හැමදේම සල්ලි වලට යටයි ..

      Delete
  16. පට්ටනේ... නත්තල ගැන ගොඩක් දේවල් ඉගනගත්තා... මරුම තමා.. http://attaalaya.blogspot.com/ අට්ටාලේ පැත්තෙත් ඇවිත් යන්න එන්න චමියෝ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හොදයි ..
      මම අට්ටාලෙට නැග්ගා...හොද බ්ලොග් සයිට් එකක් ..
      ---ජය ---

      Delete
  17. චමියා. අපි ක‍තෝලිකයෝ/ක්‍රිස්තු භක්තිකයෝ නොවුනට ඔය ආගමේ තියෙම ඉතාම අපේත් සිත් ඇදගන්නා සුලු අංගයන් තමයි, නත්තල, ගීතිකා, නත්තල් ගහ සහ නත්තල් සීයා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආගම් වෙනසක් නැතුව නත්තල සමරනවා ගොඩක් අය..

      Delete
  18. අපට ඉතින් තෑගි දෙන්න කවුරුවත් හිටියෙ නෑ... කතෝලික/ක්‍රිස්තියානි ළමයි නත්තල් සීයා දුන්නු තෑගි ගැන කියද්දී පුංචි කාලේ ආසාවෙන් අහන් ඉන්න එක තමයි කළේ...

    ReplyDelete
  19. නත්තල් පප්ප කියන්නෙ ආගම් භේදයකින් තොරව හැමෝම ආස කරන චරිතයක්. පුංචි කාලෙ මමත් මග බලාගෙන ඉඳල තියෙනව නත්තල් සීය එනකන්. ඉස්සෙල්ලාම නත්තල් සීය කෙනෙක් තෑග්ගක් දුන්නෙ මොන්ටිසෝරියෙ කොන්සට් එකේදි. තාම මතකයි ඒ දවස. :)

    ReplyDelete
    Replies
    1. අනිත් අය දෙනවට වඩා නත්තල් සියෙක් අතින් ලැබෙන තෑග්ගක වටිනාකම වැඩි..

      Delete
  20. onna may para mat mage putata X'mas tagak denawa. suba natalak wewa.
    Jayawewa,

    ReplyDelete
  21. මම ඉස්සර පාවහන් වෙළද සැලේ සේවය කරන කාලෙත් සපත්තු විකුණන්න නත්තල් සීයෙක් කොම්පැණියෙන්ම එව්වා...

    ReplyDelete
    Replies
    1. හික් ..එහෙම තමයි බං , දැන් ඔය හැම කදෙකම වගේ ඉන්නේ උන්දැලා.. ඇත්තටම නත්තල් සික් ආවත් සේල්ස් කරන්න යවන සයිස් එකක් තියෙන්නේ ..

      Delete
  22. ගොඩක් නොදන්න විස්තර දැනගත්තා. මම පුතාල පොඩි කාලෙ හැමදාම නත්තල් ගහක් හදලා දුන්නා. ආගමේ කියල බැලුවෙ නෑ. එයාලත් හරිම ආසාවෙන් ඒක හැදුවා. දැන් නම් මේ දේවල් වානිජකරණය වෙලා තමයි. ස්තූතියි පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. පොඩි අය කොහොමත් ..නත්තල් ගස් ,නත්තල් සියාලාට එහෙම ආසයිනේ ..

      Delete
  23. //කෙසේ නමුත් දුරුතු මහේ සීතලත් සමගම//

    මෙය උඳුවප් මස විය යුතුයි නේද?

    මා බෞද්ධයකු වුවත් වැගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති සුදික.. ඔන්න ඒක හැදුවා ...සිංහලෙන් මාස වල නම් මතක නැති එකේ වරද පේනවනේ ...හික්

      Delete
  24. මේ හලෝ.... මම ක්‍රිස්තියානි නොවුනට මමත් පොඩි කාලේ නත්තල් සියා එනකන් බලන් ඉන්නවා 25 වෙනිදට. මං හිතුවේ එදාට විතරයි එයා එන්නේ කියල. ඕක අපේ තාත්තා දන්නා නිසා එයා එදා රෑට මං නිදා ගත්තම මගේ කොට්ටේ ලගින් තෑග්ගක් තියනවා.පහුවදාට මට ඉතිං මාර ජොලි. හැබැයි පස්සේ දන ගත්තා අපේ තාත්තා තමා නත්තල් සීය වගේ තෑගී තියල තියෙන්නේ කියල.... :)

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙලා තියෙන්නෙත් පොඩි කාලේ මට වෙනවා වගේ වැඩක් තමයි... නත්තලට ඉතින් නත්තල් සියා දෙන තෑගී තමයි අනිත් මොනදෙටත් වඩා වටින්නේ ..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...