18 January 2013

ජීවිතයත් මරණයත් අතර සිටියදී දුටු අසාමාන්‍ය අත්දැකීම.




මේ විශ්වයේ  මනුෂ්‍ය ඇසට නොපෙනෙන  සිදුවීම් අනන්තවත් තියෙනවා  පියෙවි ඇසට දකින්න ලැබෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි එයිට එහා ගිය රහස් රාශියක් මේ ව්ශ්වයේ සැගවිලා තිබෙනවා  .  මම අද ලියන්න හදන්නේ ඒ විදියේ පුංචි සිදුවීමක් .

 කෙනෙක්ට පුළුවන් මේවායේ විද්‍යාමකව  සත්‍ය අසත්‍ය බව වෙනුවෙන් කරුණු කාරණා රැස්කරලා   තර්ක කරන්න උනත් . එහෙත් මෙහෙම දේවල් තියෙනවා කියලා හරියටම කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බැහැ වගේම මෙහෙම දේවල් නැත්තටම නැහැ කියලා හරියටම ඔප්පු කරන්නවත් සාක්ෂි නැහැ.  සාක්ෂි තිබුනත් ඒවා පිළිගන්න බැහැ .  තවමත් මෙවැනි දේවල්වල ඇත්ත නැත්ත පවතින්නේ අත්දැකීම් මත ,


අසංක කියන්නේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක රැකියාව කරන ලාබාල තරුණයෙක් .  දැනටත් ඔහු ඇවිදින්නේ කිහිලි කරු අධාරකයකින් කකුල් දෙකම  පන නැතිවෙලා .  එයට හේතුව මෙයිට වසර කිහිපයකට ඉස්සර සිදුවෙච්ච මෝටර්  රථ අනතුරක් .

දැනටත් ඔහු ජිවතුන් අතර සිටීම පුදුම සහගත දෙයක් ඒ අනතුරෙන් ඒ තරමටම දරුණුවට ඔහුට තුවාල සිදුවුනා . මෝටර් බයිසිකලයකින් පැමිනි ඔහු මෝටර් රථයක් හා මුහුණට  මුහුණ ගැටීමෙන් හිසේ කොටසකට ශරීරයේ අභ්‍යන්තරයට සහ පාද වලට දරුණු තුවාල සහිතව රෝහල් ගත කළා.. ගොඩක් අයගේ විස්වාසය තිබුනේ ඔහුව ජිවත් කරන්නට නොහැකිවෙයි කියලා තමයි.  

අනතුර සිදුවුණ වෙලාවේ තුවාල කරුවන් රෝහලට රැගෙන යන්න පැමිණි  ගිලන් රථයේ නිළධාරීන් පවා පැවසුවේ රෝහලට ගෙනියන තුරුවත් ඔහුගේ ජීවිතය   තිබේදැයි විස්වාසයක් නැත කියායි.. ඒ තරමටම දරුණුවට ඔහුව තුවාල වෙලයි තිබුනේ.

එහෙත් මොකක් හෝ හේතුවක් උඩ  ඔහුගේ ජීවිතය  යන්තමින් රැදිලා තිබුනා රෝහලට ගෙනයද්දිත්.

දන්නා තරමින් ගොඩක් ෛවද්‍යවරු මරණය දැක දැක ඉන්න රෝගීන් වෙනුවෙන් එහෙමත් නැත්නම් නිශ්චිතවම මියයයි යැයි ඔවුන්ට හැගෙන මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් වැඩිපුර වෙහෙස වෙන්නේ නැහැ . ඒ වගේම ජීවිතය රැකගන්න පුළුවන්ය කියලා හිතන අය වෙනුවෙන් උපරිම උත්සහයක් ගන්නවා . ඔවුන්ගේ වුර්තිය අත්දැකීම් මත ඒවා  ඔවුන්ට තේරේනවා බොහෝ  විට සිදුවන්නේ එහෙමයි . ඒ වගේම මේම  රෝගියාත් වැටුනේඋත්සහ කිරීමෙන් පලක් නැත කියන රෝගීන්ගේ ලැයිස්තුවට .

එහෙත් ෛවද්‍යවරුන්ට සුළු උත්සහයක් නොව දැඩි උත්සහයක් ගන්න සිදුවුණා මේ රෝගියා වෙනුවෙන් . ඒ රෝහල් කාර්යමණ්ඩලයේ උසස් නිලයක් හෙබවූ කෙනෙක් මේ රෝගියාගේ ඥාතීයෙක්වීම . ඒ නිසා  මේ රෝගියා  ෛවද්‍යවරුන්ට අනෙක් රෝගීන් අතරින් විශේෂ වුනා. ඒ නිසයි මරණය දැක දැක සිටි අසංකගෙ ජීවිතය  වෙනුවෙන් ෛවද්‍යවරු  ඒ තරම් උත්සහ කලේ . එක අතකින් ඒක ඔහුගේ වාසනාව .


දැන් අපි බලමු මේ වෙලාවේ අසංකට මොකද වෙලා තියෙන්නේ කියලා .
හදිසි අනතුරු වාට්ටුවේ අසංකගේ ජීවිතය වෙනුවෙන් ෛවද්‍යවරු ලොකු සටනක. ඒ වෙනුවෙන් අවදානම් සහිත සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුවෙමින් තිබුනා .  එක පැත්තකින් මාරයා අසංකව රැගෙන යෑමට අදින අතරේ තවත් පැත්තකින් අසංකව  ජිවත් කරවන්න හැකිවේ යැයි හැගෙන අයුරේ සලකුණුද  ෛවද්‍යවරුන්ට පෙනෙමින් තිබුනා

අසංකගේ ශල්‍යකර්මය වෙනුවෙන් කාර්යබහුල ව බලාපොරොත්තු දෑසින් බලා සිටින ෛවද්‍යවරු හෙදියන් සහ රෝහල් සේවකයන් හැරුනුකොට ඒ කාටවත් නොපෙනෙන තවත් දෑසක් ඒ දෙස බලා සිටියා .

ඒ වෙන කවුරුවත් නෙමේ අසංකමයි .

පැහැදිලිව කියනවානම් ශරීරයෙන් වෙන්වුන ඔහුගේ මනෝකාය එහෙමත් නැත්නම් ඔහුගේ ආත්මය.  ඔහුගේ ශරීරය දෙස බලාගෙන සිටියා .

ඒ කියන්නේ අසංක දැනටමත් මළවුන්ගේ ලෝකයේද ?  ප්‍රශ්නයක් . ඔව් එහෙම වෙන්නත් පුළුවන් . කලාතුරකින් කෙනෙක් ලබන අත්දැකීමක් ඔහු ලබමින් සිටින්නේ .


තමන්ගේම කපා තිබෙන ශරීරය දිහා ඔහු පුදුමයෙන් බලාගෙන හිටියා . ෛවද්‍යවරු ශරීරයේ තුවාල වලට ප්‍රතිකාර් කරන හැටි හෙදියන් ශල්‍යකර්මය අතරේ ලේ ගලන ස්ථාන වලට ගෝස්ට් කැබලි ඔබන හැටි ඔහුව යන්ත්‍ර වලට සවි කරන හැටි ඒ හැම දෙයක්ම අසංක දැක්කා .


ඔහුට එතැනින් යන්න පුළුවන්කම තිබුනත් අසංක තමන්ගේ ශරීරය අතහැරලා යන්න කැමැති උනේ නැහැ .  ආයෙමත් කොයිවෙලාවක හරි මේ ශරීරයට ඇතුළුවෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඔහු එතනටම වෙලා සිටියා

එතකොට මෙතන ඉන්න පියෙවි ඇසට නොපෙනෙන කෙනා අසංක විතරමද ?

නැහැ මේ ශල්‍යගාරය තුල ෛවද්‍යවරු හෙදියන් රෝහල් සේවකයන් හැරෙන්න තවත් විශාල පිරිසක් හිටියා . ඔවුන් රෝහල් කාමරය පුරාම සැරිසැරුවා එහෙත් ඒ එක්කෙනෙක්ව වත් මනුෂ්‍ය ඇසට පෙනෙන්නේ නැහැ . ඒ හැම දේම දුටුවේ අසංක විතරමයි .  ඒ හැමෝමත් අසංක විදියෙම ආත්ම.

අසංක තමන්ගේ ශරීරයට ඇතුල්වෙන්න උත්සහ කරන හැම වෙලේම මේ අනිත් ආත්ම ඔහුට බාදා කාරන්න උනා . එක් වරක් ආත්ම  කිහිපයක් අසංකව මහල් කිහිපයක් උසින් තිබෙන ශල්‍යගාරයේ කවුළුවකින් පහලට ඇදදමන්න උත්සහා කළා ඔවුන් උත්සහ කලේ ශරීරය ලගම රැදිලා සිටින අසංකගේ මනෝකාය එතැනින් ඈතට පලවා හරින්න.

එහෙත් කිසියම්හෝ හේතුවක් මත එක මොහොතකදී අසංක වාසනාවන්තවුනා ඔහුට පුලුවන්වුනා නැවතත් ශරීරයට ඇතුල් වෙන්න ...


දැන් බලමු ඒ මොහොතේ ෛවද්‍යවරුන්ට දැනුනු හැටි .


රෝගියා ගැන ෛවද්‍යවරුන් ගෙ තිබුණු බලාපොරොත්තු ටිකෙන් ටික ඈතට යමින් තිබුනේ. එහෙත් නොසිතු මොහොතක එකවරම බලාපොරොත්තු ඇතිකරගන්න පුළුවන් ලකුණු පෙන්වන්න උනා . ඒ වගේ සිදුවීම් වෙන්නේ කලාතුරකින්.


ඒ මොහොතේ ෛවද්‍යවරුන් උපරිමයෙන් ක්රියශිලිවුනා අවසානයේ ශල්‍යකර්මය සාර්ථක කරගන්නට ඔවුන්ට හැකිවුණා . ඔහුට පියවි සිහිය ලැබෙන දිනයක් ගැන හරි හැටි උත්තරයක් දීමට නොහැකි වුනත්  ඔහු ජිවතුන් අතර බවට සහතික වෙන්න ෛවද්‍යවරුන්ට පුලුවන්වුනා . පැය කිහිපයක මෙහෙයුමක් අවසන්වුයේ එලෙසයි.  එහෙත් ඔහුගේ ශරීරය යන්ත්‍ර වලට සවිකරලයි තිබුනේ. හුස්ම ගැනීමේ පහසුකම් සිට සෑම දේම සිදුවුනේ යන්ත්‍ර ආධාරයෙන්

වැඩි කාලයක් යෑමට මත්තෙන් ඔහුට සිහිය ආව.. එහෙත් හරියටම මිනිස්සු අදුනගන්න කතා කරගන්න පුළුවන් වෙන්න බොහෝ කාලයක් ගියා .. එහෙත් පුදුමය නම් ඔහු මරණාසන්නව සිටි මොහොතේ දුටු සියලුම දේවල් පැහැදිලිවම මතකයේ තිබීමයි.  

සුවවූ පසු ඔහු ෛවද්‍යවරුන්ට ඔහු දුටු සියලුම සිදුවීම් විස්තරාත්මකව කිව්වා. එහෙත් ඔවුන් ඒවා පිළිගන්න පාටක්නම් තිබුනේ නැහැ . එහෙත් අසංක පැහැදිලිවම එදා ඔහුව ඔපරේෂන් කරපු ෛවද්‍යවරුන් අදුනගත්තා ඒ වගේම එතන සිටි හෙදියන්වත් අදුනගත්තා . ඔවුන් ඒ අවස්ථාවේ හැසිරුණු ආකාරයත් විස්තර කළා . අන්තිමේදී ෛවද්‍යවරුන්ට සිදුවුණා මොහුගේ කතාව පිළිගන්න .  ඒ වගේම එතන සිටි ෛවද්‍යවරුන්ට නොපෙනුන අදුශ්‍යමානව සිටි විශාල පිරිස ගැනත් ඔහු කිව්වා..

ෛවද්‍යවරුන් එය කොයි ආකාරයකින් පිළිගනිද යන ගැටලුව ඔහුට තිබුනේ නැහැ ඔහු දුටු හැමදේම ඔහු කිව්වා . එහෙත් මේ සිදුවීමෙන් පසුව  රෝහල් කාර්ය මණ්ඩලය එකතුවී  ශල්‍යාගාරය තුල පිරිතක් කිරීමට පවා කටයුතු කල බවටද ආරංචි තිබුනා ,


මේ විශ්වයේ අපි දකින්නේ දැනෙන්නේ ඇහෙන්නේ  සුළු ප්‍රාමාණයක් පමණි ..  කිසිවෙකු නොදකින නොහිතන නොපෙනෙන රහස් ගොන්නක් මේ ලෝතලයේ සැගවිලා තියෙනවා , එහෙත් විටෙන් විට එවැනි දේ ඇති බවට අපට සලකුණු පෙන්වනවා , සත්‍ය එයයි  පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතුයි ...



ප.ලි :- අත්දැකිම් ලත් පුද්ගලයා විසින් ප්‍රකාශ කල සත්‍ය කථාවකි .

තවත් අසාමාන්‍ය කතාවක් මෙතැනින්

53 comments:

  1. අඩෝ අදහ ගන්නත් බෑ... අනේ මන්ද?? ජීවිතේ හැටි තමා.. වාසනාව....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඔව්.. වාසනාව

      Delete
  2. මේ වගේ කතාවක් අහපු 2වෙනි පාර.. මේ වගේම කතාවක් කොතනක හෝ කියෙව්ව මම.
    අන්තිමට ලියල තියන දේ එක්ක නං 100% ක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි එකග උනාටත්

      Delete
  3. ඕක බොහෝ දෙනෙක් ලබන අත්දැකීමක්. එළොව ගිහින් මෙළොව ආවා කියන්නේ ඕක තමයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එලොව ගිහින් ආයේ එන්නත් ලේසි නැහැ නේද ?

      Delete
  4. එක තමයි ආත්මය සහ ශරීරයේ වෙනස මිනිස්සු මැරුණ කියල හිතුවට ඇත්තටම අපි තාවකාලිකව සමුගන්නවා විතරයි.

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව ශරීරයට සහ මතකයට සමු දෙනවා..

      Delete
  5. පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්, සංසාර මන්දිර වගේ පොත්වලත් මේ ආකාරයේ කතා දැකගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම සංකීර්ණ දේවල් මේවා හරියටම තේරුම් බේරුම් කරගන්න තරම් මිනිස් මනස දියුණු නැහැ

      Delete
  6. ඒකට අන්තරාභවය කියලද නැත්තම් ගන්ධබ්භ කියලද කියන්නේ එහෙමත් නැත්තම් ඒ දෙකම එකක්ද..

    අපේ ස්කොලේ සර් කෙනෙක්ගේ අත්දැකීමකුත් කිව්වා ඔය ගැන. මම විශ්වාස කරනවා ඔය ගැන

    ReplyDelete
    Replies
    1. මමත් අහන්න ආවේ පැතම් මුලින්ම අහලා තියන එක, //ඒකට අන්තරාභවය කියලද නැත්තම් ගන්ධබ්භ කියලද කියන්නේ එහෙමත් නැත්තම් ඒ දෙකම එකක්ද..// ? මට යම් කිසි මට්ටමකට විස්වාසයක් තියනවා ඔය ගැන..

      Delete
    2. පැතුම් & ශම්මි ,

      ඒ සම්භාන්ධයෙන්නම් මම හරියටම උත්තරයක් දෙන්න දන්නේ නැහැ.. මම හිතන්නේ අන්තාරාභවය කියලා තමයි..

      Delete
  7. ඔයවගේ අත්දැකීම් ගැන නං ඕන තරම් අහල තියනව. ඇත්තද බොරුද කියල අනිත් අයට ඔප්පු කරන්න බැරිවීමයි අවුල. කතන්දරකාරයත් එකක් ලියල තිබුන ඉස්සර

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් අය මේ විදියේ අත්දැකීම් ලබලා තියෙනවා ප්‍රස්නේ තියෙන්නේ වෙන කෙනෙක්ට කිව්වට විස්වාස නොකර ඒක ඩොක්ටර්ස්ලා එහෙම විස්වාස කරනවා අඩුයි ,

      කතන්දර කාරයාගේ ඒක හෙව්වා හම්බුනේ නැහැ පස්සේ කාලෙක එයා ලින්ක් දාන තැනකදී හබ්වවෙයි ..

      Delete
  8. අපිට එකපාරටම විශ්වාස කරන්න බැරි වුනත් ඔය වගේ දේවල් තියනවා කියලයි මමත් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව චන්දන තියෙනවා..

      Delete
  9. Near Death Experience කියලා නේද ඕකට කියන්නෙ? මම කියවලා තියෙනවා පොතක් The Dead Are Alive කියලා. ඒකෙත් ඔයවගෙ සිද්දි ගොඩාක් තිබුනා. ලංකාවෙ ඒවත් දෙකක්ද කොහෙද තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩුඩ්, Near Death Experience තමයි ,භයානක Experience එකක් තමයි ඉතින් ..

      Delete
  10. විද්‍යාවට ඔප්පු කළ නොහැකි වූ බොහෝ දේවල් තියනවා.

    ReplyDelete
  11. මමත් මේ වගේ කතා අහල තියෙනවා.... මේවයේ ඇත්තකුත් ඇති කියලයි මට හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට ඇත්තක් ඇති සමනලී, මේ වගේ අත්දැකීම් ලබලා තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ සියදහස් ගණනක් මේ වගේ සිද්දීන්ට මුහුණ දීලා තියෙනවා..

      Delete
  12. වෙන දේවල් වලින් අපි මොනවද බන් හරියටම දන්නේ/...

    ReplyDelete
  13. “මාරයා අසංකව රැගෙන යෑමට අදින අතරේ...“
    ඒ මාරයියා එහෙම කොල්ලංව අරං යනවද බං?
    :ඩී
    සිරා පෝස්ට් එක ඈ...

    ReplyDelete
    Replies
    1. හික් , මටත් එහෙම ලියද්දි මාරයාව මතක් උනා බං

      Delete
  14. මම දන්න ආන්ටි කෙනෙකුටත් මෙහෙම අත්දැකීමක් තියනවා. එයා නම් කොහේදෝ එලියකට වේගෙන් ඇදිලා යනකොට එයාගේ පුතා 'අම්මේ අම්මේ ' කීවාම ඒ සද්දෙට මෙයා ආපහු ආවලු.

    කතන්දරත් , එයාට සිදු උනු මේ වගේ සිද්ධියක් ගැන කතාවක් ලියලා තිබුනා. ලින්ක් එක නම් දාන්ට වෙන්නේ ඉතින් එයාටම තමයි.:)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි, එහෙම වෙන වෙලාවල් තියෙනවා, වෙන කාටවත් නෙමේ අපේම කෙනෙක්ටත් ඔය සිද්දියම උනා..

      කතන්දරගේ එක හෙව්වා හම්බවුනේ නැහැ

      Delete
  15. කොල්ල හෙන ලකී. නියම කතාව චමී......

    ReplyDelete
    Replies
    1. ලකී කිව්වේ එලොව ගිහින් ආව හින්දද බං..
      තැන්ක්කු මචං

      Delete
  16. මේ සිද්දි ඇතැම් මිනිස්සු පිලි ගන්නේ නැහැ.නමුත් මේ විදියේ අත්දැකීම් ගොඩ දෙනෙක් ඇත විඳලා තියෙනවා.

    ReplyDelete
  17. මනෝකාය.... සිත දියුණු කලාමත් ඔය අත්දැකීම් ලබාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒත් ඒක ලේසි වැඩක් නෙමේ. පොඩ්ඩක් එහා මෙහා උනොත් සදාකාලික උන්මන්තකයෙක්.

      Delete
  18. වෙන්න පුළුවන්... පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි..

    ReplyDelete
  19. මේවා ගොඩාක් දෙනා විකාර කියලා බැහැර කරනවා...නුතන විද්‍යාව තවමත් මේ කරුණු සනාථ කරගැනීමට තරම් දියුණු නෑ... එහෙම මිසක මෙවැනි දේ සිදුනොවෙනවා නොවෙයි...

    ReplyDelete
    Replies
    1. විද්‍යාවෙන් සනාථ කරන්න බැරි දේවල් කොතෙක් තියෙනවාද සිරා, පරිණාමය සම්භන්දවත් තවම ගැටළු තියෙනකොට.. විද්‍යාවට අසුනොවෙන දේවල් අනන්තවත් තියෙනවා.

      Delete
  20. මේ ලඟදි බුඩිස්ට් එකේ බණකට ගියා ඔය දේ වෙන්නේ
    නැහැ කියල..( මන් නම් දන්නේ නැහැ ඇත්ත නැත්ත )
    මනොකාය ශරීරය අත් හරින්නෙත් නැහැලු .එහෙම සදහනක්
    කොහෙවත් නැහැ කියල අභිදර්ම පිටකයේ ගොඩක් සූත්‍ර අරන්
    පෙන්නුවා..

    සිත දියුණු කරපු කෙනෙක්ට දළ කයක් මවා ගැනීම කරන්න පුළුවන්ලු.
    කෙනෙක්ගේ හිත කියවන්න , පිට තැනක දෙයක් දකින්න වගේ.
    නමුත් අපේ ඇගෙන් හිත නිදහස් වෙන්නේ නැහැලු.

    ඒක තමයිලු ගොඩ දෙනෙක් පටල ගන්නේ .

    ReplyDelete
    Replies
    1. //මනොකාය ශරීරය අත් හරින්නෙත් නැහැලු //
      ඒ කියන්නේ ශරීරය විනාශ වෙනකොට මනොකායත් විනාශ වෙනවා කියන එකද ?
      එතකොට අන්තර් බවය , ගන්දබ්බ අවදිය , පුනර්භවය කියන දේවලුත් බොරු වෙන්න ඕනේ නේද ,

      සිත දියුණු කරපු කෙනෙක්ට දළ කයක් මවාගන්න පුළුවන් ඒක ඇත්ත , බුදුවරුන් ඇතුළු බොහොම ටික දෙනෙක් එහෙම මවාගත්ත අවස්ථා තියෙනවා..

      Delete
  21. කාලයක් මේවගේ කතා තියෙන පොත් එකතු කරා පිස්සුවෙන් වගේ...... ඇත්තටම මරු පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. අමුතු කතා කියවන්න අග්නි කැමැති නේද,
      ස්තුති අග්නි

      Delete
  22. ඔහොම කතා ගොඩක් අහලා තියනවා.. ඇත්ත වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. ඕවා ගැන විශ්ලේෂණ දෙන්න අපි කවුද ?

    ශල්‍යය කර්මයට සහභාගි වුන කාර්යය මණඩලය හඳුනා ගත්තා කියන්නෙ ඉතින් බඩුම තමා..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවැ සෙන්නෝ අපි කවුද විශ්ලේෂණ දෙන්න තරම්.. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, සාක්‍ෂි ඇතුව ඔප්පු කලොත් පිළිනොගෙන ඉන්නත් බැහැ... එලොවට ගිහින් බලන්ට කියලද ..හික්

      Delete
  23. මටත් දරුණු අනතුරක් වෙලා උඩට යන්න ඔන්න මෙන්න තියලා ආයේ පය ගැහුවේ,,අඩේ මට නම් ඔහොම සීන් එකක් උනේ නෑ,,සිහිය ආපු වෙලේ මම ලග හිටිය නර්ස් කෙනෙක් ගැන හොද මතකයක් තියනවා තාමත්,,අනික් කිසිම දෙයක් මතක නෑ දින ගානක් උනු සිදුවීම් සිහිය ආවට පස්සේ

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඒක හොදා, හැමෝටම වෙන්නේ නැහැ බං,

      Delete
  24. මම එඩ්ගා කේසිගේ පොත්වල මේ වගේ කතා කියවලා තියෙනවා..ඇත්ත නේද මේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තකුත් නැහැ කියන්න බැහැ

      Delete
  25. නහර තුල බැඳුණු කාරම් බලය දිදී
    නතර කළා හදවත ගත සිසිල සැදී
    වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
    අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

    එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
    යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
    සන් කර මරු යවා ආපසු එලොව වෙත
    සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත

    http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ස්තුති කතාන්දර ලින්ක් එක දැම්මට , පොඩ්ඩි කිව්වට පස්සේ මම කතන්දර බ්ලොග් එකම ඇදගෙන හෙව්වා ඒත් හොයාගන්න බැරි උනා ... ඔය පොස්ට් එක ,

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...