23 January 2013

නිදා සිටිනා සිංහයනි මේ අවදි වියයුතු කාලයයි ඔබේ ජාතිය අනතුරේ .



න්දා මාලනියන් විසින් ගයන “තුන් හෙළේ කැලෑ  තුල සිංහ පැටව් “ ගීතය ඇහෙන විටම මට මතක් උනේ  ලංකාවේ කොහෙද සිංහයෝ කියාය . ඇත්තෙන්ම ලංකාවේ කැලෑ තුල සිංහයෝ දැන් නැත . හිටියත් ඒ අතේ ඇගිලි තරමටත් අඩු ප්‍රමාණයකි .  ලංකාවේ සිංහයෝ දැන් ඇත්තේ සතුන් වතුවල පමණි . අතීතයේ කෑලෑ වල රජකම් කල උන්ට අත්වූ ඉරණම ඒයය... සිංහයෝ වදවී ගියාක් මෙන් අනාගතයේදී ලංකාව තුල සිංහල ජාතිය ද  නැතිවී යා හැකි ලකුණු මේ වන විට හොදින්ම පෙනෙමින් පවතී , දැනෙමින් පවතී . ඒ පිලිබදව සිතිය යුතු කාලයයි මේ .

කෙසේවුවත් සිංහයන් සහ සිංහලයන් අතර ද ඇත්තේ දැඩි සම්භන්ධ තාවයකි .  ශ්‍රීලංකා  ජාතික කොඩියේ සිටින්නේද  කඩුවක් අතින්ගත් අභිමානවත් සිංහයෙකි .  මෙහි සිංහ රූපය යොදාගෙන  ඇත්තේ සිංහලයන් පැවතෙන්නේ  සිංහයන්ගෙන් බවට මතයක් තිබෙන නිසාය .

ඇත්තෙන්ම කිවහොත් සත්වයෙකුගෙන් ජාතියක ආරම්භය සිදුවීම පිළිගත නොහැක .  මහා වංශයේ සදහන් පරිදි  සිංහල ජාතියේ වර්තමාන පැවැත්ම විජය කුවේණි යුගය දක්වා දිවෙයි .. ආදී මව්පියන්  එසේනම් . විජය යනු කව්දැයි  දළ වශයෙන් බලමු .  අතීත වගු රටේ රජු කාලිංග දේශයෙන් කුමරියක් විවහා කරගත් අතර ඔවුන්ට ලැබුණු දු කුමරියගේ නම සුප්පා දේවියයි ..  ඇයට සිංහයෙකුට දාව දරුවන් දෙදෙනෙකු ලැබේ ..
මෙතැන ගැටලුවක් ඇත ඔහු සිංහයෙක් ද එසේත් නැත්නම් සිංහයෙක් වැනි  මිනිසෙක්ද යනුවෙන්.. බොහෝ තැන්වල සදහන් පරිදි ඔහු කැරළිකාර සිංහ වංශිකයෙකි .එසේත් නැතිනම් සිංහයෙක් මෙන් නිර්භීත මනුෂ්‍යකි. එහෙත් සමහරුන්ගේ මතයනම් ඔහු සිංහයෙකුම බවයි. කෙසේ වෙතත්   සිංහයාට දාව ඉපදුනු දරුවන් දෙදෙනා එහෙමත් නැත්නම් සිංහබාහු සහ සිංහ සීවලී දෙදෙනා ගේ පළමු දරුවා තමයි විජය කුමරු වෙන්නේ ..  සිංහලයන්ගේ මුලාරම්භය එය බව සැලකේ .

ඒ සම්භන්ධයෙන් මා වැඩි තොරතුරු සොයා පලකිරීමට උත්සහ කරන්නේ නැත මක්නිසාදයත් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සැරසෙන අරමුණ වෙනත් එකක් බැවිනි ..

එවැනි අභිමානවත්  සිංහල  ජාතියේ වර්ථමානයේ ඇතිවෙමින් පවතින තත්වය  සලකා බලන විට  සිංහල ජාතියේ අනාගතය සුභ නොවේ..  එය නොතේරෙන සිංහලයෙකු ඇත්නම් එතැන ඇත්තේද ජාතිය පිළිබද ගැටලුවකි.

එවැනි  ඉතිහාසයක් ඇති සිංහල ජාතිය විනාශයට ඇද දමා දේශය ගිල ගැනීමට මාන බලන විජාතික බලවේගයන්ගේ කූට උපක්‍රම වලට රැවටී ජාතිය විනාශ මුඛයට ඇද වැටෙන තෙක් ඇස් කන් පියාගෙන සිටීම යුතුනොවේ . එසේ උවහොත් සිදුවන්නේ  අපේ අනාගත දරු පරපුරට  අන්‍යජාතියකට අයිතිවූ අපේම දේශයේ සුළුජාතීන් වී අනුනට හිස නැමිමටය . අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් ලියවුන ඉතිහාසය  විනාශ කිරීමට ඉඩදී එඩිතර සිංහල ජාතියක් විදියට තවත්  දෙනෙත් පියාගෙන සිටිය යුතු නැත..  

මම එයින් අදහස් කරන්නේ කඩු පොලු රැගෙන යුද්ධ ප්‍රකාශ කලයුතු යැයි නොව . අප එවැනි  මිලේජ්ජ ජාතියක් නොවේ . එහෙත් දේශය ජාතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපට කළහැකි බොහොමයක් දේ ඇත .. එහෙත් තවමත් නිදාසිටින සිංහයන්ට එය නොපෙනීම කනගාටුවට කරුනකි.

වෙනත් සුළු ජාතියක් විසින් බොහෝ කාලයක සිට සිංහලයන්ට වින කටිමින් සිටියි ,   එහෙත් බොහොමයක් අයට තවමත් එය නොතේරෙන්නේ ඇයිදැයි නොදනිමි වරද ඇත්තේ අප තුලමද ,

එයින් ප්‍රධාන වෙන්නේ  සිංහලයන් අතර  සමගිය නැති කොට අප අතරම ප්‍රශ්න ඇති කිරීමයි .  

කුල වාදය හරහා සිංහල පැවිද්දන් අතර මෙන්ම ගිහියන් අතරද භේද ඇති කිරීම දැනටමත් වෙමින් පවතී .  මෙතැනදී  එකම ජාතිය අතර ගැටුමක් තිබෙන බැවින්  ගැටුම ඇති කල සතුරා කිසිවෙකුට නොපෙනේ . එයින් ප්‍රයෝජන ගන්නේ වෙනත් පිරිසකි .  විනාශ වන්නේ  සිංහල ජාතියේ බුද්ධිමතුන් පිරිසයි .

සිංහල ජාතියේ වර්ධනය සීග්‍රයෙන් පහත බැසීම .

දැනට සිංහල ජාතිය රටේ බහුතරය වුවත් , වර්තමානයේ  සංක්‍යා ලේඛන පරික්ෂා කිරීමේදී  ජනගහනයේ පහත වැටීමක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ එයිට සාපේක්‍ෂව  වෙනත් ජාතියකගේ වර්ධනය වීමේ වේගය අධිකය .  එසේ බලන කල නුදුරේදීම සිංහලයන් සුළුතරය නොවේයැයි කිව හැක්කේ කාටද ..

බොහොමයක් සිංහල  පවුල්වල දරුවන් එකෙකුට හෝ දෙදෙනෙකුට සිමාවේ , ඒයට ලංකාවේ ආර්ථිකය ගොඩනැගී තිබෙන ආකාරය ද වක්‍රාකාරයෙන් බලපෑම් කරයි ,  අතීතයේ එසේ නොවේ අතීතයේ පවුලක් සමග සසදා බලන විට වර්තමානයේ  වර්ධන වේගය සැලකිය යුතුලෙස පහත වැටී ඇත . එසේ බලන කල රට ගමන්කරන්නේ ඉදිරියටද පසුපසටද යන සැකයක් උපදී .. ජාතිය හීන කරගෙන ලබන දියුණුව පලක්වේද ඒ ලබන දියුණුව භුක්ති විදින්න තරම්  ජාතියක් ඉදිරියේදී ඉතිරි නොවේනම් .  මේ ප්‍රශ්නයට පිළිතුරක් නැත එහෙත් ඉක්මන් පිළිතුරක් සෙවිය යුතු  ගැටළුවකි...

අනෙක් කරුනනම් සිංහල දරුවන්ගේ හා තරුණයන්ගේ මනස විකෘති කිරීම ඒ මගින්  සිංහල ළමුන් මත් ලෝලීන් ,කාමාතුරයන් , සුදු කරුවන් කිරීම තුලින්  අනාගත සිංහලයන් වැනසීම.  මෙය පිළිගත නොහැකිනම් ඇස්  හැර බලන්න ලංකාවට මත්ද්‍රව්‍ය හා අනෙකුත් විනාශකාරී දෑ ගෙන්වන බහුතරය  කුමන ජාතිකයන්ද කියා සහ ඒවා බෙදාහරින්නන් අයත් වන්නේ කුමන ජතියටද කියා  .. මෙය කොයි ආකාරයෙන් අනාගතයේදී සිංහලයන්ට බලපාවිදැයි සිතාබැලිය යුතුය .

එක්තරා ලාංජනයක් සහිත භාණ්ඩ  ලංකාව තුල සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී . එම ලාංජනය ලබාගැනීම වෙනුවෙන් සිංහල වෙළදුන්ද විශාල මුදලක් ගෙවිය යුතු අතර වාර්ෂිකවද ඔවුන්ට ගෙවිය යුතුයි . ඒ වෙනුවෙන් ගෙවන මුදල අය වෙන්නේද සිංහල පරිභෝගිකයන්ගේන්මය .එය කෙසේ වෙතත් එම මුදලම කවදා හෝ  එරේහි වන්නේ සිංහලයන්ටමය .  ඒ පිලිබදව ගැබුරින් සිතා බැලීමට කාලය එලබ ඇත ..  එම ලාංජනය සහිත භාණ්ඩ මිලදී ගැනීම වර්ජනය කිරීමෙන් කවදා හෝ දිනක ඔබට සිංහලයන්ට  විරුද්ධව ගොඩනැගෙන සංවිධානයකට  ලැබෙන ආදායම්  මාර්ග සුළුවෙන් හෝ  අඩාල කාලයැයි සතුටු විය හැක .


මෙම අසාධාරණයන්ට විරුද්ධව හඩනැගු පිරිසක් ලංකාවේ මෑත කාලයේද සිටියේය .. එහෙත් ඔවුනට සිදූවුනේ අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගැනිමටය. එසේ නැත්නම් රැකියාවන් අහිමි කර  ගැනීමටය ..

එහෙත් තවමත් සිංහලයන්  නිදාගෙන සිටිය  යුතු නැත .. රට  ජාතිය ආගම ගිලගැනීමට  සැරසෙන වෘකයන්ට එරෙහිව නැගිසිටිය යුතු කාලය දැන් පැමිණ ඇත . එසේ නොවුනහොත් මතු දිනක ඔබේ දරුවාට සිදුවන්නේ  ලංකාව තුලම සුළු ජාතිකයෙකු වී  වෙනත් ගෝත්‍රික අදහස් ඇති ජාතියකට බැලමෙහෙවර කිරීමටය ...  මේ සිතන්නට කාලයයි .


සැලකිය යුතුයි :-  රට දැය ගැන සිතීම යනු ජාතිවාදය නොවේ ...

(මේ අපේ ශ්‍රී ලංකාව  - ජයාරූපය : කොල්ලුපිටිය )

51 comments:

  1. උඹේ කතාවට මම එකෙන්ම එකඟයි. අනාගතේ ඉපදෙන උන අපේ වලවල් වලටත් හෙන ඉල්ලයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ දැන්ම නොකලොත් පොරවෙන් කපන්නත් බැරිවෙයි කෝරලේ ..

      Delete
  2. රට ජාතිය ගැන සිතා ළමයි හැදිය යුතුය යන්නට නම් එකග නැත. උන්ට කන්න දෙන්න ඔය ලියන / කියන එකෙක් වත් එන්නේ නැති අතර මහින්ද මාමා දෙන්නේ ද නැත. අනික ළමයි හදන්න ම හොද රට නේ මේක.. රටේ අධ්‍යාපනය, ආර්ථිකය, නීතිය, සදාචාරය, ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියල්ල බල්ලට ගොස් ඇති කළෙක ජාතිය විනාශ වී යාම අමුතු දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. කතාවට එකඟයි... ඔය සිංහලයා සුලු ජාතිය වෙන එක නවත්තන්න කියල මිනිස්සුන්ට ළමයි හදන්න කියන එකෙක් එයිද ඒ ළමයින්ට කන්න බොන්න දෙන්න? ළමයි හදල සිංහලයන්ව මහ ජාතිය විදිහට තියා ගන්න කලින් අපේ උන්ගෙම තව කීයක් වැරදි හදා ගන්න තියෙනවද?

      Delete
    2. ඇනෝ කියන කතාවේ වරදක් නැහැ, අපේ රටේ ආර්ථිකය ගොඩ නැගිලා තියෙන විදියට එහෙම කරන්න බැහැ කියන මතයේ තමයි මමත් ඉන්නේ.. ඒත් අතීතයේ පවුලක ළමුන් කියක් ඉන්නවද බලන්න . ඒ කාලේ නොදියුණු කමට ඉබාගාතේ ළමයි හැදුවමත්ම නෙමෙයි . ළමයි අටක් දහයක් උනත් නඩත්තු කරන්න ඒ කාලේ පුළුවන් උනා .. රටක් එන්න එන්න දියුණුව කාරා යනකොට පවුලකට ළමයි දෙන්නෙක් නඩත්තු කරන්නත් අමාරු ආර්ථිකයක් ගොඩ නැගිලා කියන්නේ .. ඒක ලොකු ප්‍රශ්නයක් , අපි මේ යන්නේ ඉදිරියටද පසුපසටද ...

      Delete
  3. මල්ලි උඹට මගේ උත්තමාචාරය.!!

    අපේ සුළුතරයක් සිංහලයෝම තමයි බන් හැමදාම පරයොන්ට කියල ඇරවා ගත්තේ. ඉස්සෙල්ලම පරන්ගියට දුන්න, ඊට පස්සේ ලන්දෙසියට දුන්නා, ඊටත් පස්සේ පර සුද්දට දුන්නා, දැන් හම්බයන්ට දෙනවා. බලපන්කො ඔය හලාල් එකට පක්ෂව කොච්චර පොස්ට් අපේ සිංහල උන්ම දානවද කියලා. මුන්ට තියෙන්නේ කවලම් ලේ බන්. පන් ඔය *කයෝ කියයි මම ජාතිවාදියෙක් කියලා. ඔව් මම ජාතිවාදියෙක් තමයි.

    ඇයි යකෝ අපේ ජාතිය ගැන ඇති කතා කරනකොට අපි ජාතිවාදියෝ...
    උන් උන්ගේ ජාතිය අගමැ ගැන කතා කරනකොට ඒවා උන්ගේ අයිතිවාසිකම්.
    මොකක්ද යකෝ මේකේ තේරුම?

    මේවා කියන්නේ අනික් උන් නෙවේ අපේම සම-හරක් උන්..

    ReplyDelete
    Replies
    1. උබ හරියට හරි, අපි අපේ ජාතිය ගැන කතා කරොත් ජාතිවාදී උන් හිමි සැරේ යටින් ගෙනියන ගේම එකෙක්ටවත් පේන්නෑ, මමත් ජාතිවාදියෙක් වෙමි

      Delete
    2. අයියේ දාපන් 5ක් නෙවෙයි 10ක් ම අපේ සමහර පො*නයෝ ඉන්නවා සල්ලි කීයක් හරි දෙනවනම් අම්ම ගෑනිත් විකුණන. අන්න ඒ වගේ උන් හින්දා තමයි අපේ ජාතිය වඳ වෙන්නේ.

      Delete
    3. උබලා කියන කථාව හරි , වැරැද්ද තියෙන්නේ අපේ උන්ගේමයි , අනිත් ඒක සිංහලයන්ගේ මනුස්සකමෙන් අනිත් උන් ප්‍රයෝජනය ගන්නවා.. ඇයි අපි අපිටම වල කපාගන්නේ කියන එකනේ ප්‍රශ්නේ..

      Delete
  4. manhithanne jathiya wenuwen nagi sitinna hodama kale me nathnam apita wenne muslim rataka inna sinhala sulu jathiya wenna

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම .. තවම අපි ප්‍රමාද නැහැ...

      Delete
  5. සිංහලයන්ගේ මූලාරම්භය වන්නේ විජය කුමාරයාගෙන් යන්නට හැර අන් සියල්ලටම පාහේ එකග වෙමි.. සිංහලය සෑදි ඇත්තේ සිව් හෙළය යන්නෙනි.

    බුකිය හරහා සිදුවන සමහර ක්‍රියාවන් අනුමත කල නොහැකි වුවත් මුකුත්ම නොකර සිටිනවාට වඩා එසේ කිරීම හෝ හොදය. ලොකුවට දැගිලිය යුතු නැත. හලාල් ආහාර වර්ජනය කිරීම, දන්නා හදුනන අයට ගෘහසේවිකා ඇබෑර්තු සදහා යාමට නොදීම වගේ පුංචි දේවල් වලින් අපිට පටන් ගන්න පුලුවන්. ටිකෙන් ටික ඒ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. ගමේ කඩේ හලාල් ලේබල් තියෙන බඩු, ගමේ මිනිස්සු ගන්නෙ නැත්තං, මුදලාලි ඒ බඩු ගන්න එක නවත්තයි.

    ReplyDelete
    Replies
    1. බුකියේ තියෙන සමහර දේවල් වැරදි. ඒවායින් ජාතිවාදය ඇවිස්සෙනව තමයි. ඒත් සමහර දේවල් වල හිතන්න දෙයක් තියෙනවා ..
      පුංචි දේවල් වලින් අපිට පුළුවන්.. හලාල් වර්ජනය කරනවානම් සිංහලයන් ඒක තමයි දැනට කරන්න පුළුවන් හොදම දේ.. ඒවා තිබුනට කමක් නැහැ ඒත් සිංහලයන්ට හලාල් අවශ්‍ය නැහැ.. එතකොට වෙළෙන්දෝ තීරණය කරයි නිෂ්පාදනය කරන්න ඕනේ ප්‍රමාණය.. විකුනන්න ඕනේ කාටද කියන එකත්

      Delete
  6. සිංහලයගේ තියෙන මනුස්සකම ප්‍රයෝජනයට අරගෙන. සිංහලයට කෙලින කාලේක ජාතිවාදියෙක් නොවුනත්... සමහර කරුණු හා මා එකඟ වෙනවා...

    ReplyDelete
    Replies
    1. not the check mate

      Delete
    2. සිංහලයන්ගේ මනුස්සකමෙන් තමයි ප්‍රයෝජනය ගන්නේ .. ජාතියට හිත ඇත්තෙක් කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි ජාති හිතෙශියෙක්..

      Delete
  7. උබ හරි.. මං නං එකඟයි

    ReplyDelete
  8. මුලින්ම මෙවන් ලිපියක් මගින් ජාතික ප්‍රබෝදයක් ඇතිකිරීමට ඔබ ගන්නා උත්සාහය අගය කරන්න ඕන,
    අර බණ්ඩා මහතා කියන පරිදි අප ජාතිය විජයගෙන් හෝ සිංහයන්ගෙන් පැවත එන්නේ නොවේ,
    මෙය මා කියනවාට වඩා මේ අර්ථාන්විත පැහැදිලි කිරීම බලන්න....
    http://www.youtube.com/watch?v=ND8KIDKYwJU

    ReplyDelete
    Replies
    1. ස්තුති අමිල පැහැදිලි කිරීමටත් ..

      Delete
  9. සිංහලයේ ආරම්භය ගැන කතාව නම් මමත් හිතන්නේ සිව්හෙල කියල ගන්න එක තමයි නිවැරදි.
    පෝස්ට් එකේ අරමුණ ගත්තොත් මමත් ඒකට එකඟයි මචං.. ඒ වගේම සුළු දෙයින් වුනත් ඒ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත් පැකිලෙන්නේ නෑ මම. උඹ මේක බොහොම සංයමයෙන් ලියල තියනවා. ඒකත් අගය කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපි දැන්වත් මේ ගැන සැලකිල්ලක් දක්වන ඒක හොදයි චන්දන.. මේක කවද හරි ජාතික ප්‍රශ්නයක් වෙයි කියන එකනම් ස්ථිරයි...,
      ඔව් පොස්ට් එකේ අදාල ජාතියේ නමක්වත් නොදාන්න තරම් සැලකිලිමත් උනා.. ඒත් අන්තිමට දාලා තියෙන ෆොටෝ එක පස්සේ හම්බ උනේ එකනම් නොදා ඉන්න හිතුනෙම නැහැ..

      Delete
  10. සිංහයා යනු උපතින්ම අලසයෙකි.. කුස පිරී ඇත්නම් ගොදුර කට ලඟට ආවත් ඌ නෙමේ ඇඟ හොල්ලන්නෙ.. හැබැයි කෝප ගැන්වූ විට අති භයංකාරය.. කටුස්සන්ට බිය බවට අතීත සාහිත්‍යයෙන් සාක්ෂි නොමැත.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා සිංහයා කම්මැලියා.. සිංහයෝ ආහාරයෙන් පස්සේ නැවත ආහාරයක අවශ්‍යතාවයක් දනෙනකන් නිදාගන්න එකට තමයි ප්‍රිය කරන්නේ.. නිදාසිටින සිහයාට අවට සිදුවෙන දේවල් ගැන අවබෝදයක් නැත... අවදි කල යුත්තේ නිදාසිටිනා සිංහයන්වයි.

      Delete
  11. ඔබේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි. සිංහ කොඩිය ගැන පොඩි මතයක් ඉදිරිපත් කරන්නම්. කව්රුත් දන්නවානේ සිංහලයෝ ශාක්‍යයන් සමග නෑ සබඳ තාවයක් තියෙනවා කියල කියන්න කැමති ජාතියක් බව.(ඒක වෙනම post එකක් දමන්න තරම් දිග මාතෘකාවක් ) ශාක්‍යයෝ සමුහාණ්ඩු වාදීන්. ගන වශයෙන් සැදුනු (cluster ) පාලන ක්‍රමයක් තිබුනේ. ආදී ශාක්‍යයන් (ගල් ගුහා වල සිටි කාලයේ ) ඔවුන්ට වනයේදී හමුවූ බලවත් සතා ලෙස දුටුවේ සිංහයා . ඒ නිසා ඔවුන් සිංහයා තම ලාංචනය ලෙස පිළිගෙන තිබුනා. ශාක්‍යයන් සමග නෑ සබඳ තාවයක් තියෙනවා කියල කියන්න කැමති පුරාන සිංහලයෝ මෙම ශාක්‍ය ලාංචනය (සිංහ) තමන්ගේද ලාංචනය ලෙස පිළිගෙන තියෙනවා. මෙම මතය ඉදිරිපත් කලේ කැලණිය විශ්ව විද්‍යාලයේ මිල්ටන් ජයසේන නම්වූ ජ්‍යෙෂ්ඨ ආචාර්‍ය වරයෙක්.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුති දැනුවත් කිරීම් වලට ..හොඩක් වැදගත් විස්තරයක්

      Delete
  12. ඔබේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි. සිංහ කොඩිය ගැන පොඩි මතයක් ඉදිරිපත් කරන්නම්. කව්රුත් දන්නවානේ සිංහලයෝ ශාක්‍යයන් සමග නෑ සබඳ තාවයක් තියෙනවා කියල කියන්න කැමති ජාතියක් බව.(ඒක වෙනම post එකක් දමන්න තරම් දිග මාතෘකාවක් ) ශාක්‍යයෝ සමුහාණ්ඩු වාදීන්. ගන වශයෙන් සැදුනු (cluster ) පාලන ක්‍රමයක් තිබුනේ. ආදී ශාක්‍යයන් (ගල් ගුහා වල සිටි කාලයේ ) ඔවුන්ට වනයේදී හමුවූ බලවත් සතා ලෙස දුටුවේ සිංහයා . ඒ නිසා ඔවුන් සිංහයා තම ලාංචනය ලෙස පිළිගෙන තිබුනා. ශාක්‍යයන් සමග නෑ සබඳ තාවයක් තියෙනවා කියල කියන්න කැමති පුරාන සිංහලයෝ මෙම ශාක්‍ය ලාංචනය (සිංහ) තමන්ගේද ලාංචනය ලෙස පිළිගෙන තියෙනවා. මෙම මතය ඉදිරිපත් කලේ කැලණිය විශ්ව විද්‍යාලයේ මිල්ටන් ජයසේන නම්වූ ජ්‍යෙෂ්ඨ ආචාර්‍ය වරයෙක්.

    සමරසේකර

    ReplyDelete
  13. චමී උඹ මාව දන්නෙ නෑ, මම තමයි අර නිලියකගෙ කතාව ගන උඹත් එක්ක කොක්ක දාගත්තේ. පහුගිය කාලෙ මම මේකට ආවෙම නෑ, එත් බ්ලොග් කියවනේ උඹේ ටොපික් එක දැක්ක හින්ද නිකමට ආවෙ.

    යකෝ උඹ අද දාල තියන එකට නම් හදවතින්ම් එකඟයි. අපෙ බූරුවෝ ටික රෙදි උස්සගෙන උඹට නෙලන්න එයි. උන් මහ ලොකුවට කියන සමගිය, සර්ව-ආගමික කතා කියන්නෙ අපෙ බූරු හැත්ත විතරයි. අරුන් ලස්සනට ගෙම ගහනවා. උඹ අන්තිමට දාල තියන වචන ටික තමයි හරි දේ (රට දැය ගැන සිතීම යනු ජාතිවාදය නොවේ ...), අපෙ බූරු වහන්සේලට තෙරෙන්නෙ නෑ, උන් හිතන්නෙ අනේ අපි ඔක්කොම අයියයි මල්ලියි වගෙ ඉමු කියල කිව්වම උන්ව මහා වීරයො, හරිම සාදාරණ උන් කියල හිතල අරුන් මුන්ට සම්මාන දෙයි කියල. උන් දන්නෙ නෑ කවද හරි උන්ට තමයි ඉස්සෙල්ල කෙල වෙන්නෙ කියල.

    hats off to you man... well said.

    ReplyDelete
    Replies
    1. අමනාපකමක් තියාගෙන හරි පොස්ට් එක අගය කිරීම ගැන හදවතින්ම සතුටු වෙනවා ... ස්තුති

      Delete
  14. මෙවුවට විරුද්ධ වෙන්න නං ඕනා...
    ඒත් ඒ වෙනුවෙන් අපේ අය දැනට අනුගමනය කරන ක්‍රියා පිලිවෙතනං වැරදියි කියලයි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නටත් බැ හැ තරියෝ වැරදි දේවලුත් තියෙනවා .. ඒත් නිකන්ම බලාගෙන ඉන්නවට වඩා පුලු පුළුවන් විදියට විරෝධය පාන එකත් හොදා ..

      Delete
  15. ජාතිවාදියෙන් නොවෙමි එහෙත් මේ සිංහලයට මේ රටට බොහෝ සෙයින් ඇල්මක් ආදරයක් ඇත්තෙක්මි. සහෝ ඔබට මල් මිටක්.

    ReplyDelete
    Replies
    1. රට ගැන මෙයිට වඩා හිතන්න ඕනේ මචං

      Delete
  16. ජාතිවාදයෙක් නෙවේ මම නම් ඒත් අපිට කරන්න දෙයක් තියෙනවා නම් එකෙන්ම මාත් සප් එක දෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් , පොස්ට් එකකින් හරි ජාතික හැගීමක් ඇති කරන්න පුලුවන්නම් ඒකත් වටිනවා

      Delete
  17. මම නම් ජාතිවාදියෙකි....බොලාගේ ලිපියට පට්ට ලයික්ය... සිංහල බෞද්ධයා මෙරට බහුතරය ලෙස සිටින තාක් කල් අනිකුත් සුළු ජාතීන් ගැටළුවකින් තොරව තමන්ගේ ආගමක් අදහාගෙන සිටිනු ඇත. එහෙත් 1 වෙන්නට වෙර දරන සුළු ජාතිය මෙරට බහුතරය වූ කල... තවත් සෞදි අරාබියක සිරි මෙහිදීම නැරඹිය හැකිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. සිරගෙ කතාව සම්පුර්ණයෙන්ම හරි.

      Delete
    2. එහෙම වෙන්න හේතුවත් සිංහලයාගේ හොදකම සහ තවත් සිංහල කොටස්වල පාවාදීම සිරා , උබ කියන කථාව හරි.

      Delete
  18. අද කාඩ්බෝඩ් වීරයෝ වැහි වැහැලා. නිකන් සිංහල හෝ වෙනයම් ජාතියක නමත් එපා, නමේ මුල් අකුර කීවොත් ඇති,,, අන්තර්ජාලය හරහා මහා නරක විදිහට වචන හරඹ කරනවා. නමුත් විය යුත්තේ එයද?
    මේ දෑස් හැර බලන්න අවශ්‍ය කාලය. නමුත් දෑස් වෙනුවට කටවල් ඇරන් බලන අයයි බහුතරය ඉන්නේ.
    අප විසින් යමක් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ යුතුයි. ඒ අතීත සිංහලයින්ගේ හපන්කම් කිය කිය උදම් අන අන කටින් බතල කොළ හිටවන්නන් ලෙස නොවෙයි... මොකද, අතීතයේ සිංහල දෙමළ වෙනසකින් තොරව මේ අර වෙනුවෙන් මිනිස්සුන්ගේ ලේ හැලිලා ඇති. කොහේවත් කියලා නැහැ ලංකාවේ මුල ඉඳලා හිටියේ නියම සිංහලයෝම පමණයි කියලා. මූලාශ්‍ර ගත්තොත්, සම්භවයම ඉන්දීයයි. ගෝත්‍රික පිරිස් විතරයි මුල් ජනාවාසිකයෝ.
    ඉතිං කට මැත දොඩන එක පුස්සක්.
    බුද්ධියෙන් බලල අපි අපේ ජාතියේ සමගිය හදාගන්නවනම් අපි මෙයිට වඩා ගොඩක් ඉස්සරහට යනවා ලෝක මට්ටමින්.
    විශේෂයෙන්ම හදවතට විතරක්ම නෙවේ බුද්ධියටත් තැන දිලා...

    ReplyDelete
    Replies
    1. ඔව්.. සිත්තරිගේ අදහසත් හරි ,

      //බුද්ධියෙන් බලල අපි අපේ ජාතියේ සමගිය හදාගන්නවනම් අපි මෙයිට වඩා ගොඩක් ඉස්සරහට යනවා ලෝක මට්ටමින්. //

      එත් මේ දේ කරන්න පුළුවන් වෙන්නේ මානුෂිකව හිතන අයත් එක්ක විතරයි සිත්තරි , ගෝත්‍රික අදහස් දරන අයත් එක්ක අමාරුයි , කොහොම උනත් එහෙම කරන්න පුලුවන්නම් හොදයි ..

      Delete
  19. ළමයි හදන කතාව ඇරෙන්න (බල්ලො පැටව් ගහනව වගේ ළමයි හදල උන්ට කන්න බොන්න දෙන්න බැරි නම් ඒ ජාතිය මහ ජාතිය වීමෙන් වැඩක් වෙන්නෙ නැහැ), මෙතන කියල තියෙන සිංහල ජාතියක් විදිහට අපේ තියෙන වැරදි සියල්ල අපි හදා ගන්න ඕනෙ දේවල් තමයි... අපි අපේම උන් පාගගෙන නැගිටින්න බලන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව හරි , අපි සිංහලනේ සිංහල ජාතියේ හැටියක් පාගාගෙන නැගිටින එකත් .. ඒකත් එක හේතුවත් වෙනත් ජාතින් ඉදිරියට ඒන්න .. එයාලා අතර සමගිය වැඩි බලන්න පහත පින්තුරයේත්

      Delete
  20. ජාතියේ ආරම්භය පිළිබදව සදහන්ව ඇති සමහර කරැනු එක්ක මම එකග නොවුනත් ඔබගේ චේතනාව ඉතා උසස් මෙය ජාතිවාදයක් නොව සිංහලය බේරා ගැනීමට වහාම අළු ගසා දමා නැගිටිය යුතුය. සිංහලයාට ඇත්තේ මේ රට පමණයි.

    ReplyDelete
    Replies
    1. මේ පුංචි රට කොල්ල කනකන් ඇස් පියාගෙන ඉන්න පුලුවන්ද සිංහලයන්ට

      Delete
  21. එහෙත් තවමත් සිංහලයන් නිදාගෙන සිටිය යුතු නැත ..... මේ සිතන්නට කාලයයි...
    පට්ට.... ලිපියක් චමී...... මම දැක්කා ඔයාගේ තරහ කාරයොත්, මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්නව... මේ වගේ කාලොචිත මාතෘකා සංවාදයට ගෙනාවට....ඔයාට මල් 7...ආ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සුමි , පක්ෂ වලට බෙදිලා ඉන්න රටේ සිංහලයොත් එකතු වෙනවනම් මේ වගේ ගැටළු ඇතිවෙන්නේ නැහැ ... වෙන කාටවත් සිංහල රටේ මෙහෙම සෙල්ලම් දාන්නත් බැහැ .

      Delete
  22. පරිස්සමෙන් කල්පනාවෙන් හිටියොත් හොදා

    ReplyDelete
  23. පුංචි පවල රත්තරන් කිව්වා උන්ට නෙලන්න ඕන.සිංහලයන් නැතිවෙන එකක් නෑ.සිංහයෝ තාමත් අවදියෙන් ඉන්නවා.

    ReplyDelete
  24. සමහර දේවල් වලට එකගයි. සමහර දෙවල් වලට එකග නෑ. ඒත් එකක් කියන්න ඕන. අද ලංකාවෙ බහුතරය සිංහල නූනනම්, මේ රටේ තත්වෙ මීට වඩා ම්ලේච්ච වෙන්න හුගක් දුරට ඉඩ තියෙනවා. එහෙනම් ලංකාව බහු ආගමිකත් නෑ. බහු ජාතිකත් නෑ.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...