15 January 2013

පිට රට විස්තර මෙව්වා (රට ගිය පසු ගම අමතක වීම )



සවස් වරුවේ පා ගමනින්ම විදි සංචාරය කරන විට හදුනන මුහුනක් දැකගත හැකිවිය .. ඒ මෙයිට වසර කිහිපයකට  පෙර යුරෝපිය රටක රැකියාවට ගිය සම වයසේ ග්‍රාමීය වැසියෙකි. ඔහු වසර කිහිපයකට  පෙර සිටි ආකාරයත් සමග සසදන විට භාහිරෙන්  බොහෝ වෙනස් වී ඇත . 

නිවස ඉදියේ සිටියත් විනෝද චාරිකාවක් යෑමට මෙන් ඔහු හැඩ වැඩ වී ඇත. යුරෝපයේ සිට එන බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ගේ විලාසය එය බව දන්නා බැවින් මා ඒ ගැන තැකීමක් කලේ නැත  . එහෙත් හුරු පුරුදු මුහුනක් බැවින් හදුනා ගැනීමට අපහසු වුයේ නැත.

ඔහුද මා දුටුවේය එහෙත් මා දෙස බලාසිටියා පමණි . මා හදුනා ගත් සලකුණක් ඒ මුහුනේ නැත.. සමහර විට හිරු අවරට යෑමට හෝරා දෙකක් පමන තිබුනු මේ අදුරේ පවා ඔහු අව් කන්නාඩියක් පැළද සිටීම ඒයිට හේතුවන්නට ඇත..

එබැවින් ඔහුට මා හදුනා ගන්නට අපහසු වන්නට ඇත . මටද පැනගොස් කථා කිරීමට තරම් උවමනාවක් නොවූ බැවින් මද සිනහවක් පා නැවතත් ගමන් ඇරබීමට සිතුවා පමණි ..  ටියුබ් ලයිට් සංකල්පයට අනුව දෙවරක් ගැස්සී ඔහු පත්තුවිය..

“හේයි මචං හව් ආ යු .!!

“අයිම්  ෆයින්   මචං ..... ඉතිං..

“ඔහ් ..පයින්,  මොකද මචං පයින්ම වෙහිකල් එකක්වත් ගත්තේ නැද්ද තාම..

මම සිනාසුනා පමනි

“ මටනම් මගේ වෙහිකල් එක නැතිව මෙහේ ට්‍රැවල් කරන්න හරි අමාරුයි මචං...  කොහොමද මෙහෙ බස් වල ට්‍රෙන් වල යන්නේ  දහඩිය දාගෙන .. ඒ මදිවට දුවිල්ල .  එකටත් එක්ක බලන්ට එපායෑ එහෙ වාහන..

වෙනස්වී ඇති අයුරුනම් සුළුපටු නොවේ... උපන්දා සිට ගමනාගමනය සදහා යොදාගත් දෑ වසර කිහිපයක්  තුල පිළිකුල් වීම පුදුම සහගතය..

“මේ ඉන්න දවස් ටිකේ මගේ ගමන් වලට මම කැබ් සර්විස් එකෙන් කෑබ් එකක් ගෙන්න ගත්තා... මොනවා කරන්නද මචං මගේ කා (ර්) එක තරම් කන්ඩිෂනර් ඒවා මෙහෙ හොයන්න නැහැනේ..

“එහෙනම් කාර් එකත් අරගෙනම එන්න තිබුනනේ “ මම වැඩිපුර නොහිතා විහිළුවට මෙන් කීවෙමි.

“වැඩක් නැහැ මචං.. කොහොම හරි ගෙන්නුවා කියමුකෝ .. එත් කෝ ඒ වගේ වාහනයක් යන්න තරම් පාරක් මෙහෙ.. මෙහෙ  පාරවල් අන්තිමයිනේ මචං .. එකටත් එක්ක බලන්ට එපායෑ එහෙ ..

මෙතෙක් කාලයක් මා සිතා සිටියේ  දැන් ලංකාවේ පාරවල් සුපිරි බවය . එහෙත් මොහු කියන හැටියට මගේ මතය වැරදිය.. එසේ බලන කල වර්තමාන රජය වෙහෙසවී මහා මාර්ග නඩත්තු කලද එය සාර්ථක නැත.. (ඔහුගේ මතයට අනුව )

“ ඉතින් ආයේ කවදද යන්න ඉන්නේ “

“ නෙක්ස්ට් වික් යනවා මචං ..  කොහොමද මචං මෙහෙ දවාලට ඉන්නේ පුදුම රස්නයක්නේ තියෙන්නේ ..  එකටත් එක්ක බලන්ට එපායෑ එහේ . හරිම කුල් ක්ලයිමෙට් එක .. ඇගට හරිම සනීපයි... මටනම් දැන් ලංකාවේ කාලගුනේ සෙට් වෙන්නෙම නැහැ මචං .. මේ හිටිය සති දෙකට එපා උනා ...

පුදුමයකි උපන් රටේ පරිසරය  වසර කිහිපයක් වෙනත් රටක සිටීමෙන් පසු එපාවී ඇති අයුරු හාස්‍යජනකය.  

සමහරවිට ඔහු කියන අයුරින් එහි සත්‍යක් තිබෙන්නටද පුළුවන . ඒ සම්භන්ධයෙන් මට අත්දැකීම් නැති බැවින් මා නිහඩ උනෙමි..  එහෙත් උපන් දා සිට ජීවත්වූ ගැමි පරිසරය වසර කිහිපයක් වෙනත් රටක සිටි පමණින් ඒපාවුවා යැයි පැවසීම ගැන මගේ සිතේ ඇතිවුයේ හාස්‍යජනක හැගීමකි .

  එහෙත් ම‍ට හැගුනේ ඔහු වසර කිහිපයක් ජීවත්වූ  රට උසස් කොට කථාකිරීමට ඇති කැමැත්තක් නිසා උවමනාවෙන්ම උපන් දේශය පහත දැමු බවයි..

 එය බොහෝ කාලයක් විදේශයන්හී සිට පැමිණෙන සුළුතරයක් ශ්‍රී ලාංකිකයන්ට වැළදෙන සුලභ රෝගයකි..  එවැනි පසුබිමක් තුල  යන්තමින් හෝ මා ගැන මතකයක් තිබීම ගැන මම සතුටු උනෙමි..  එම දෙබසින් පසුව ඔහු රැගෙන විත් තිබු නයි මල්ලේ  සිටි අන්තිම නාගයාගෙ වෙනතුරුම  හැඩවැඩ  බැලූ මා නැවත පිටත් උනෙමි..



63 comments:

  1. තරහ වෙන්න එපා. ඌට නං මොලේ තියෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. //සමහරවිට ඔහු කියන අයුරින් එහි සත්‍යක් තිබෙන්නටද පුළුවන . ඒ සම්භන්ධයෙන් මට අත්දැකීම් නැති බැවින් මා නිහඩ උනෙමි.. //

      එහෙම වෙන්නත් පුළුවන් ඇනෝ

      Delete
  2. ohoma tamai ban mata nam mala paninawa oya wage pora talk aheddi

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත .. එත් සමහර කතන්දර ඇත්ත(ලු ).

      Delete
  3. අනේ චමියෝ ඔයත් නයි පටෝනකං බලං හිටියා එහෙනං

    ReplyDelete
    Replies
    1. හික් මමත් ඕවා බලන්න ආසයි බන්

      Delete
  4. Mamath inne rata oya wage pora talk dennenam mehe awith odd job karana ewun tama lankawe giyama podi hinamanak enawane..
    vipul

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට මේ කථාව ඇත්ත කියලා මමත් අහලා තියෙනවා

      Delete
  5. දවසක උඹ යුරෝපයේ රටකට ගියාම ඇත්ත මොනවද බොරු මොනවද කියල බලන්න ඕක save කරලා තියපන්කෝ මචන්. මමත් එනකන්ම කලේ රට ගිහින් අව එවුන්ට හිනා උන 1යි ඇද කරපු 1යි විතරයි බන්.

    ReplyDelete
    Replies
    1. ඔව්.ඇත්තත් තියෙනවා සමහර උන් මවාපානවා

      Delete
  6. මම නම් ගිහින් නෑ, යන්න ආවා චාන්ස් දෙකම් මිස් කරා, (Australia,India) මට ලංකාව දාලා ගිහින් ඉන්න බෑ,කොච්චර සැප සම්පත් තිබ්බත්,මගේ ගෙදර වගේ නෑනෙ,අනික අපිට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සුන්ට සද්ද දාන්නත් බෑ,(අනික තාත්තා කැමති නෑ පිටරටවලට යන්න)ඊට හොදයි ගිහිල්ලා,බණ්ඩාරවෙල,නුවරඑළි පැත්තෙන් ගෙයක් හදන් ජීවත් වෙනවා

    මේක නම් මගේ පෞද්ගලික අදහස්,අයියණ්ඩියා හිතුවා වගේ එයාලා හරි වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා.. ලෝකේ කොහේ ගියත් උපන් රට තරම් කොහෙවත් අපිට වටින්නේ නැහැ..

      Delete
  7. මැස්සෝ සහ මදුරුවෝ ගැන මොකුත් කීවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආ.. කකාත් ඇවිල්ලා..
      මදුරුවෝ නැහැ කිව්වා නේන්නම් දැනුයි මතක් උනේ.. හැබැටම එහෙ නැද්ද?

      Delete
    2. චමිය කකා එක්කද මන්දා එදා කථා කරල තියෙන්නේ

      Delete
  8. මටත් දැන් සිංහලත් හරියට කථාකරගන්න බෑ වගේ තමා බං.... රට ගිහාම ඕක සාමන්‍යයි

    ReplyDelete
    Replies
    1. හික් ..එහෙමද බං, එහෙනම් ආයේ පලයන් ලංකාවේ හෝඩියේ පංතියට,

      Delete
  9. මගේ යාලුවෙක් UK ඉදලා නිවාඩුවට ඇවිත් ඉන්නවා.අවුරුදු 2කට පස්සේ ලංකාවට ආවේ. UK ගිහින් අවුරුදු 4ක් විතර ඇති. මිනිහට ඔය අමාරුව නෑ. බස් වලින් ගමන් යන්න පුලුවන්. සාමාන්‍ය කෑම කන්න පුලුවන්. හොදට සින්හල කතාව පුලුවන්..
    ඕක නිකන් ඔලුව ඉදිමෙන ලෙඩක්. අවුරුදු 15ක් 20 හිටපු විදිහ අවුරුද්දෙන් දෙකෙන් අමතක වෙනවද?? මුල අමතක වෙන ලෙඩක් ඕක..

    ReplyDelete
    Replies
    1. උවමනාවෙන් මුල අමතක කිරීම.. හොඩක් යට ඔහොම වෙන්නේ නැහැ බං.. බොහොම සුළු පිරිසකට හැදෙන ලෙඩක් ඕක..

      Delete
  10. ඔහොම උන් තාමත් ඉන්නවද බං ........ නොදකිං

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ගොඩක් හිටියේ ඔහොම අයම තමයි.. දැනටත් ඉතුරු වෙච්ච සුළු කොටසක් ඉන්නවා..

      Delete
  11. ඌ කියල තියන ටිකේ පොඩි ඇත්තක් තියනවා, එහෙ හොඳයි තමයි, ඒත් ඔය දාල තියෙන්නෙ නම් හෙන පඩ ටෝක් ටිකක්. හරියට හොඳ ජොබක් කරගෙන ක්ලාස් ලෙවෙල් එකේ හිටපු එකෙක් නෙවෙයි කියල මට පට්ට ශුවර්. අපි දන්න එකෙක් අපිත් එක්ක හිටියා ඌ ජොබ් කරේ මූවින් කොම්පැනි එකක, ට්‍රක් වලට පටවනවා, අපි රටේ එකෙක්නෙ කියල ඌත් සෙට් කර ගන්නවා අපි සෙට් වෙන කොට. දෙසැම්බර් නිවාඩුවට මමත් ආවා, ඌත් මෙහෙ ඇවිත් දවසක් සෙට් උනා, මම ඉතින් පුරුද්දට කිය උනා "අඩෝ තොත් ආවද, හු... උඹ කිව්වෙත් නෑනෙ" කියලා. නොදකින් මූ පාර මැද්දෙ කිව්වනෙ, "වට්ස් අප් මෑන්, ව ඩියූ ටොල්ඩ් කියල"

    ReplyDelete
    Replies
    1. ඔන්න මිනිස්සු ඔය වගේ අමතක වෙන ලෙඩ තියෙන්නේ ලංකාවේ උන්ටම විතරක්ද කියලත් වෙලාවකට හිතෙනවා..

      Delete
  12. හික්ස්....
    රට උණ..

    ReplyDelete
  13. මමත් ඕක පොඩිකාලේ ඉදලම අහල දැකල පුරුදු දෙයක්, මම මේ ගත කරන්නේ පිටරට 10වෙනි අවුරුද්ද, මටනම් දෙයියනේ කියල ඔහොම ලෙඩක් තාමනම් නෑ, එහෙම වෙන්නෙත්නෑ. පොඩි කතාවක් කියන්නම්
    මන් දැන් ඉන්නේ ඉතාලියේ නාපොලි කියන නගරයේ .. මන් දන්නා කියන අයත් අනිත් අයත් මෙහෙ ඇවිල්ල මේ රටේ ප්‍රදාන අහාරයක්වන ''පාස්තා'' කන්න පුරුදුවෙලා
    අපි සතියට දවසක් නැවතිලා ඉන්න ගෙදරට වැඩකරන තැන ඉදල යන්නේ බත් ටිකක් කන්න බලාගෙන, ඒ වුනාට ගොඩක් පරණ අය (මෙහෙ අවු 4 පහකට වැඩිය හිටිය අය) කියන්නේ ''අපෝ බත් කෑවම බඩ උස්සන් ඉන්න බෑ හරි අමාරුයි බත් කෑවම ඇගට හරි බරයි'' වගේ නොයෙකුත් කතන්දර. මුන් මේවා කියන්නේ උපන්දා ඉදල වේලක් හැර වේලක් කකා හිටපු බත්පත ගැන නේද ?
    ඒ එකක් විතරයි, අදින්නේ පලදින්නේ ( මේකනම් එක්තරා මානසික තත්වයක් තියෙන පිරිසක්) ඉතාලි කරයෝවත් නැති විදියට, මේ ගැන අපේ ඉරිසියාවක් හෝ තරහක් නෑ, නමුත් ඔවුන් හැසිරෙන්නේ ලංකාවේ නෙවෙයි වගේ,
    ඔයාලත් දැකල ඇතිනේ ඊට පස්සේ මෙහෙ ඉන්න අය ලංකාවට ආවම දාන ''*සෝ '' එක, එහෙම වැඩි පුරාම රඟන්නේ මෙහෙ බත්රුම් හෝදලා,ජරාව සුද්ද කර කර ආපු උදවිය වීම තමයි ලොකුම විහිළුව, තව මේ ගැන නම් කියන්න බොහොම දේ තියෙනවා මේ අවුරුදු 10ත දැකපු දේ පොතක් ලියන්න පුළුවන් මන් හිතන්නේ,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති අමිල. දීර්ග විස්තරයට.
      ගොඩක් අය වෙනත් රටවලදී උවමනාවෙන්ම මානසික තත්වය ඒ විදියට හදාගන්නවා. ඒකට කමක් නැහැ කියමුකෝ.. පස්සේ තමන්ගේ රටට ඇවිත් ඒ මානසික තත්වය තවත් වැඩි කරලා පෙන්නන්න උත්සහ කරන එකනේ වැඩේ. එකෙන් වෙන්නේ නොදැනිම ජෝකර් කෙනෙක් වෙන එක ,

      අමිල කියලා තියෙන දේවල් හරි.. ස්තුති අත්දැකීම් එකතු කලාට

      Delete
  14. හිටපංකෝ. රට ගිහින් ආ විට නොකිවයුතු දෑ කියලා පෝස්ට් එකක් මමත් ලියන්න හිතාගෙන හිටියේ. දැන් ඒ අදහස අලුත් වුනා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොද අදහසක්..ලියපන් ඩුඩ්,

      Delete
  15. ඌ කිව්ව කතාවෙත් සමහර දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් වැඩිය කරලා තියන්නේ රඟපෑම. වැඩි දෙනෙක් නම් කියන්නේ ඕකේ අනිත් පැත්ත. උපන් රට වගේ හරි යන්නේ නෑ වෙන කොහෙවත් කියල. ඌ ගෙදර අයව අඳුන ගත්තේ අයිඩින්ටි කාඩ් බලලද දන්නෑ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත තියෙනවා.. ඇත්ත කියන විදියයි වැරදි. සුද්දෙක් ඇවිත් ලංකාව අමාරුයි කිව්වොත් එක හරි.. ලංකාවේ එකෙක් ටික කාලයක් ගිහින් ඇවිත් වෙනත් ජාතිකයෙක් වගේ කතාකරනකොට ඒ වෙනස හොදට දැනෙනවා අපිට.. හික් ගොඩක් දේවල් අමතකලු

      Delete
  16. මටනම් දෙයියන්ගෙ පිහිටෙන් තාම ඔය ලෙඩේ හැදුන්නෑ බන්.. ලංකාවට එනකොට ප්‍රීති සාගරයයි.. ආපහු යනකොට මරන්න ගෙනියන හරකා වගේ යන්නෙ..

    ලෝකෙ සමහර රටවල පහසුකම් ලංකාවට වැඩිය හොඳයි තමයි.. ඒත් ඒවා අපේ නෙමේ කියලා උන්ට තේරෙන්නෙ නැති එකයි දුක බන්.. උන් ඔය දැගලුවට ඒ රටවල ඉන්න උන් පඩේකට ඔවුන්ව ගනන් ගන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. යුරෝපිය රටවල් ආසියාතික රටවල් වලට වඩා පහසුකම් වැඩි, එහෙමෙයි කියලා උපන් රට හැල්ලුවට ලක් කරන්න වටින්නේ නැහැ, ඒක හරියට අනුන්ගේ ගෙදරක ඉදගෙන තමන්ගේ ගෙදරට ගැරහුවා වගේ වැඩක් ..

      සෙන්නට ඔය ලෙඩ හැදෙන්නේ නැහැ කියන එක 100% ෂුවර් ..

      Delete
  17. එයාර් පෝට් එකෙන් බැහැපු වෙලාවෙ ඉඳල හුරගෙන කන්න බලාගෙන රටක්,පාරෙ යද්දි කිසිම විනයක් නැතුව,දවසකට හය හතක් මරල දාන රටක්,පුන්චි ලමයෙකුට තියා වැඩිහිටියෙකුටවත් රැ වෙලා පාරෙ යන්න බැරි රටක්,රටේ ඉන්න නුගත් බූරුවො පාර්ලිමේන්තුවට රින්ග ගත්ත රටක්,හොඳය් කියල කවුරු හරි කියනවනම්,උගෙ මොලේ අමාරුවක් තියෙන්න ඔන.අවුරුදු 20 ක් යුරෝපයෙ ඉන්න මට හිතෙන විදියට ලන්කාව කියන්නෙ ලෝක සිතියමෙන් නැතිවෙලා යන රටක්.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත, මටත් ලංකාව එපා වෙලා තියෙන්නෙ ඒ නිසා තමයි... ඒත් ඔය කතා කරල තියෙන්නෙ ඒ දේවල් ගැන නෙවෙයි නෙ... ඔය කියන එකාගෙ පඩ ටෝක්ස් ගැන නෙ...

      Delete
    2. @AnonymousJanuary 16, 2013 at 1:45 AM

      ඇනෝ කියලා තියෙන කතාවේ ඇත්තක් තියෙනවා.
      එත් මම කියලා තියෙන්නේ වෙනත් දෙයක්, සමාජීය ගැටළු තියෙන එක ඇත්ත ඇනෝ හරි,
      එත් ලංකාවේ වැඩි කාලයක් හිටිය කෙනක්ට වෙනත් පරිසරයක කාලයක් හිටිය පමණින්. ලංකාවේ පරිසරයට ආයෙමත් හැඩ ගැහෙන්න බැහැයි කියන එක ගැන සහ පහසුකම් සංසන්දනය කරමනින් කයිවාරු ගැසීම නිසා ලංකාවේ මිනිස්සු අතර ජෝකර් කෙනෙක් විදියට පෙනෙන එක ගැනයි මම කිව්වේ..

      Delete
    3. @AnonymousJanuary 16, 2013 at 3:22 AM

      ස්තුති ඇනෝ මම කියන්න උත්සහ කරපු කරණය හරියටම තේරුම් ගත්තට.

      Delete
  18. europe වල ඉන්න අපේ අයගේ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි ලංකාවේ campus ගිහිල්ල එහෙ ආපු, තව එහෙ ඉගෙන ගෙන නතර වුනු, සිංහල වගේම දෙමල, මුස්ලිම් කට්ටිය. එයාලට ඔය ලෙඩේ නැහැ . අනිත් කට්ටිය තමයි එක එක ටෙක් වලට ගිහිල්ල හෙන ගේමක් දීල PR දාල අපු අපේ ලංකාවේ සෙට් එක. විශේෂයෙන්ම එයාලගේ wife ලට තමයි ඔය අප්සැට් එක තියෙන්නේ. බලන්නේ ඕනේ සමහරු, එයාල තරම් කොටට සුද්දෝ වත් අඳින්නේ නැහැ. ඕකට තියෙනවා පොඩි බේතක්. තැන නොතැන බලන්නේ නැතුව ඇදාල දාන්න කඩ්ඩෙන් ප්‍රශ්නයක් දෙකක්. දුවයි, , , වේ...ගෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අදහස් දැක්වුවාට,

      Delete
  19. මටත් නම් රස්නෙයි, මදුරුවොයි, මිනිස්සු පාරවල්වල පිරිලා ඉන්න එකයි, කරදරේ අනේ...හී හී හී හී...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවානම් ඇත්ත තමයි පොඩ්ඩි එත් අපේ කම රැදිලා තියෙන්නේ අපේ රටේනේ.. ලෝකේ කොහේ ගිහින් ආවත් උපන් පරිසරයේ ජිවත් වෙන එක අමාරු වෙන්න විදියක් නැහැ

      Delete
  20. ඔය ලෙඩේ තියෙන අය දැන් බොහොම අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත සීග්‍රයෙන් වදවෙමින් පවතින සත්ව කොට්ටසෙට් තමයි අයත්වෙන්නේ..:D

      Delete
  21. අපේ උන්ගේ ගොන් කම් ගැන වෙන කුමක් කියන්නද....?

    ReplyDelete
  22. කතාව නං ඇත්ත තමයි. හැබැයි ටෝක අල්ලන්නෙ නෑ. මට මුනගැහුන බ්ලොග්කාරියක් වෙනත් රටක කාලයක් ජීවත්වෙන. අපිට වඩා හොඳට සිංහල කතා කරනව.

    ReplyDelete
    Replies
    1. හමොටම නැහැ සුළු පිරිසක් විතරයි.

      Delete
  23. ඕක අමු බොරුවක් චමි. මගේ මල්ලිත් රට ඉඳල එනවා. මෙහෙ ඇවිත් කිසි ගානක් නැතිව ඉන්නවා. අපිටත් වඩා පහලින් තමයි වැඩ. එක එක්කෙනාගේ හිත තමයි.

    ReplyDelete
    Replies
    1. බොරු මහන්තත්ත කම් පෙන්නන අය කොහෙත් ඉන්නවනේ. ඒ වගේ අයට විතරයි ඔය ලෙඩේ හැදෙන්නේ

      Delete
  24. මොකද ඔයාගේ යාළුවා අම්ම තාත්තා ගැන කිව්වේ..එයාලත් දැන් හැඩ මදි ඇති නේද...අනේ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ එයාට අම්ම තාත්තා අමතකයි. අහසෙන් කඩාගෙන වැටුනු සුද්දෙක්

      Delete
  25. ඔය වගේ පඩ ෂෝ කාරයෝ අපේ පැත්තෙ නම් නෑ.

    ලංකාව සමකාසන්න රටක්, අවුරුද්ද පුරාම පැතිරුණු දැඩි හිරු එළිය (රශ්මිය) තියෙන රටක්...ඒව කාටවත් වෙනස් කරන්න බෑ.
    ඒත් අවශ්‍යනම් ගස්වැල් වවලා මාර්ග පුළුවල් කරලා මේ අයහපත් කියන‍දේත් යහපත් තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒකට රටේ ජන ඝනත්වය අඩු කරන්න ඕන (ලංක‍ාවෙ ජනගහනය ඕස්ට්‍රෙලියාවෙ ජනගහණයට සමානයි). ආගමික විගඩම් වලිනුත් බුලත් කෙළ ගැසීම වැනි කැත පුරුදු වලිනුත් මිනිස්සු ඈත් කරන්න ඕන.(තවත් යෝජනා තියෙනවා)

    ReplyDelete
    Replies
    1. ලංකාවත් කවදා හරි දියුණු රටක් වෙයි නේද සුමිත් අය්යා.. තව අවුරුදු සියකින් හරි එහෙම වෙන්නේ නැතෑ. හික්

      Delete
  26. ඕකට කියන්නෙ හීන මානය බන්...සුද්දන්ගෙ පුක හෝදන ජොබ් එක කලත් එහෙ වාහනයක් ගන්න එක සිම්පල්... ඒත් මට එක දෙයක් ෂුවර්...උගෙ ඔලුවට තදට පාරක් ගැහුවොත් ඌ තවමත් කියන්නෙ අම්මෝ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං , උන් කියෙව්වට අහන උන් අහගෙන ඉන්නකොට දැනෙන්නේ හාස්‍ය රසය.. හික්,

      Delete
  27. අඩේ මගේ වෙහිකල් එකත් මෙහේ පාරවල් වලට ඔරොත්තු දෙන්නෙ නෑ.. මෙහේ පාරවල් වල හරියට වලවල්ස් නේ.. සෝ මගේ වෙහිකල්ස් එකේ චේන්ස් එක පනිනවා :P

    ReplyDelete
    Replies
    1. හිකිස්... හැබැටම , උබට පොඩි අවවාදයක් දෙන්නම් ඔය පනින චේන් එක ගලවලාම දාපන් ..එතකොට පනින්නේ නැහැ..

      Delete
  28. සොම්බීMarch 30, 2013 at 4:47 PM

    ඕක ජාතකේ ප්‍රශ්නයක්. මෙහෙං ජාතකයක් තියං ගිහිං ආයෙ මෙහෙ ඇවිත් ජාතකේ එහෙ වගේ පෙන්නන්න ගිහිං අවජාතක වෙනව. රට ගිහිං ආපු උන්ට සිංහල මතක නැති එක වෙනම කතාවක් කියමු.

    මාර වැඩේ කියන්නෙ ඉන්ග්‍රිසි පොඩ්ඩක් ඉගෙන ගත්තු ගමං ලංකාවෙන් පිට අඩියක්වත් තියල නැති උන්ටත් සිංහල අමතක වෙලා අහුවෙන හැම එකා එක්කම ඉන්ගිරිසියෙන් දොඩවන්න ගන්න එකනෙව.

    ReplyDelete
    Replies
    1. හික් , අනේද කියන්නේ .. ඔන්න සිංහලයන්ගේ හැටි .

      Delete
  29. උටනම් මොලේ අමාරුවක් ෂුවර් එකට...අපෝ මේ වෙදර් එකට ලංකාව ඇර වෙන සේප රටක් නැහැ බන්...සියරට දේ සිරිසැප දේ..එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ඕක නොතේරෙනවා නෙමේ , නොතේරෙන විදියට රගපාන එකනේ වැඩේ කියන්නේ ..

      Delete
  30. මෙය කියවූ මට හොඳටම හිනා ගියා.මම එංගලන්තයේ විශේෂඥ වෛද්‍ය පුහුනුවට ගියා, වසර දෙකකට.හරිම දියුණුයි තමයි.එහෙත් මගේ රටේ ගහක් කොලක් දකින එක,සතෙක් සීපාවෙක් දකින එක,කොයි තරම් වාතයන් වුවත් (හතුරෙකු හරි ) ලංකාවේ එකකු දකින එක කොතරම් හොඳද කියල මට හරියට හිතුනා.ලංකාව ගැන සින්දු ඇහෙන කොට කඳුලු ආවා. හැරෝ පැත්තෙ සිංහල වචන ඇහෙනවා ඉඳහිට.එහෙන් ජොබ් ලැබුනා ඉන්නම.ඒත් මම ආවා.මෙහෙ සල්ලි නැහැ. ඒත් සතුට තියෙනවා. මම හිටපු ගෙදර ලංකාවෙන් ගියපු නර්ස් කෙනෙක් ගේ.එයා අවුරුදු 20ක් එහේ.හොඳට සිංහල කතා කරනවා, එහෙම බැරි වෙන්නෙ නැහැ. ඒක බොරුවක්.එහෙම බැරි වගෙ අඟවපු අපෙ රටෙන් ගිය මැඩම් කෙනෙක්( ඩොක්ට ) හිටියා.මගේ යාලුවෙකුගෙ වය්ෆ් ආර්ට් ෆැකල්ටි එකේ.ඉන්ග්‍රීසි බැහැ.යාලුවා මැඩම් ගෙන් ඇහුවා මැඩම් ට සිංහල පොඩ්ඩක්වත් බැරිද කියලා.එතකොට එයා මෙහෙම කීවා. ''නේ..නේ..මට සිංහ්ල් ප්ප්ලුවාන් '' කියලා.මට හිත යටින් හිනා.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...