26 May 2013

ඉන්ද්‍ර රතන හිමිගේ ගිනි පූජාව.. ගව ඝාතනය සහ සත්ව ඝාතනය




ගව ඝාතනයට විරුද්ධව  දළදා මාලිගාව ඉදිරි පිටදී  ශරීරයට හිනි තබාගෙන අපවත්වූ ඉන්ද්‍ර රතන  හිමියන්ට ප්‍රථමයෙන්ම නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එම සිදුවීම සැලසුම් ගතව පටිගත කර මාධ්‍යාට ලබාදුන් සුවර්ණවාහිනි නාලිකාවටද එකසේ ස්තුතිය පුදකළ යුතුයි .

බෞද්ධ ආගමිකයන් අන්‍යාගම් වලට හැරවීම නැවැත්විමටත් සව ඝාතනය නැවැත්වීමත් යන කාරණා දෙක මුලික කරගෙන ඒ වෙනුවෙන් ජීවිතය දානය කල ඉන්ද්‍රසාර ගිමියන් මෙයින් බලාපොරොත්තු වන දෙය කොයිතරම් දුරට සාර්ථකද සාධාරණද යන්නෙහි ගැටලුවක් පැනනැගී ඇත .

ඉන්ද්‍ර රතන  හිමියන් පවසන ප්‍රථම කාරණය ගෙන බැලුවහොත් අන්‍යාගම් අවලට හැරවීම කියන කාරණය , එතැනදී මනුෂ්‍යන්ට තමන් කැමති ආගමක් වැලද ගැනීමට හෝ ඇදහීමට නිදහස තිබිය යුතුයි ලංකාව තුල ඒ නිදහස තිබෙන බැවින් ඒ සදහා බලකිරීමක් කරනවායයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ . බෞද්ධ යෙක් හෝ කුමන ආගමිකයෙක් වේවා ඔහු කැමතිනම් වෙනත් ආගමක් වැලද ගැනීම ඔහුගේ කැමැත්තයි එකට විරුද්ධ වෙන එක නිෂ්පලයි.


දෙවැනි මෙන්ම ප්‍රධාන කාරණය වන ගව ඝාතනය, මෙතැනදී දකින ප්‍රධාන වරදනම් ඇයි ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ . විරුද්ධ විය යුතුනම් විරුද්ධ විය යුත්තේ සියලුම සත්ව ඝාතනයන්ටය,  ගව ඝාතනයට පමණක් විරුද්ධවන බෞධ්දයන් දකින විට ඇතිවන්නේ හාස්‍යක්.

සිංහල බොදුනුවන් බොහෝ විට තර්ක කරන්නේ ගව ඝාතනය හෝ සත්ව ඝාතනය සිදු කිරීමට අන්‍ය ආගම් වලින් අනුබල දෙනාවායයි කියන කාරණය. මා දන්නා අන්දමින් කිසිම ආගමකින් සත්ව ඝාතන වලට අනුබල දීම් සිදුකර නැහැ පසුකලකදී ඇතිවූ වෙනස්වීම් හැරෙන්නට . එහෙත් සමහර ආගම් වලින් සත්ව ඝාතන නොකරන්න කියා ද  සදහන් කර නැහැ.  එයටද හේතුවන කරුණු තිබේ.

බෞද්ධ ධර්මය හැරුනුවිට අනෙක් බොහොමයක් ආගම්වල මුලාරම්භය ඇතිවී තිබෙන්නේ යුරෝපය ,පලස්තීනය ,අරාබිය, වැනි රටවලින් අතීතයේ එවැනි බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වුයේ සතුන්, ලෝකයේ සියලුම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සාර්ථක වුයේ නැහැ , එබැවින් ඒ රටවල මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වලට සරිලන අන්දමින් ඵළ බෝග වගාකරගැනීම සාර්ථක නොවන බැවින් සත්ව මාංශ ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබෙනවා . ඒ බැවින් එවැනි පසුබිමක් සහිතව නිර්මාණයවූ ආගම්වලට සත්ව මාංශ අනුභව කිරීම වරදක් විදියට දක්වා නැත . වරද ඇත්තේ නොයෙක් නොයෙක් ආගම් අදහන්නක් එකම රටක් තුල ජීවත්වීමේදී  අනෙකාගේ චර්යාවන් වලට සංවේදී නොවීමයි...

තත්වය එසේ තිබේදී ඉන්ද්‍ර රතන  හිමියන් දිවි පුදකිරීම කොයිතරම් දුරට සාධාරනදැයි නොදනිමි . නියපිට රැදී පස් පිඩක්මෙන් බොහෝ කලාතුරකින් ලබන මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම එයිටත් වඩා පාපයක් බව චීවර දාරීන් නොසැලකීම එයිටත් වඩා කනගාටුවට කරුණකි.

ලංකාව තුල මනුෂ්‍යන්ට ආහාර සදහා ධාන්‍යාගාරය ප්‍රමානවත්නම් ගව ඝාතනය පමණක්ම නොව සියලු සතුන් ඝාතනය ද තහනම් කලාට වරදක් නැත . මක්නිසාදයත් ජීවත්වීමේ අයිතිය ගවයාට පමණක්ම නොව අනෙක් සතුන්ටද ලැබිය යුතුය . පව් සිදුවන්නේ ගව ඝාතනය නිසා පමණක්ම නොව කුමන සත්වයෙකුගේ හෝ   ජීවත්වීමේ අයිතිය උදුරා ගැනිම පාපයකි . එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

53 comments:

  1. බූට් එකක් කාපු බොළඳ කොල්ලෙක් බෙල්ලේ වැල දාගත්තු එකෙයි මේකෙයි වෙනසක් මටනම් පෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. චීවර දාරියෙක් මෙහෙම කරගත්ත එකනේ ප්‍රශ්නේ... අනේ මන්දා ලංකාව ,

      Delete
    2. අපවත්වූ හාමුදුරුවන් ගැන අදහස් පල කරන්නට් පෙර පහත තියෙන vedio එක බලල, උන්වහන්සේගේ අවසන් ලිපියත් කියවල හිටියොත් හොඳයි නේද? එකක් පැහැදිලියි උන්වහන්සේ අපවත්වීමට පෙර කර ඇති කාර්යන්ගෙන් 0.0001% ක් වත් කිරිමර ඔබට බැහැ.

      http://www.youtube.com/watch?feature=player_embedded&v=YLIQ9talPTU

      http://www.youtube.com/watch?feature=player_embedded&v=YLIQ9talPTU#t=0s

      http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/05/bowatthea-indrarathana-himi.png

      Delete
    3. ජීවිතය විනාශ කර ගැනීම බෞද්ධ ධර්මයේ හැටියට කොහොමද සැලකෙන්නේ ...

      Delete
    4. ඇයි ඔයා දන්නෙම නැද්ද , ඔයා බබා මම බේබී

      Delete
    5. dan oya hamuduruwo gini tiya gaththa eken balaporoththu una kisima deyak wei kiyala mata nam wiswasa karanna ba.
      Oka nikanma pus wedillak wage wenna puluwan.
      Matanam hithenne sasaneta tawath hamuduru namak nati una witharai

      Delete
    6. //චීවර දාරියෙක් //

      මේ ප්‍රකාශයේ බරපතලකම දන්නවද චමි?

      Delete
  2. කොළඹ වරායෙ ගුදමක් තුල රුපියල් කෝටි ගාණක අලාභයක් සිදු කරමින් ඇති වූ ගින්න ඒ පිළිබද ඇති වූ කථිකාව මේ සිද්ධිය නිසා සම්පූර්ණයෙන් යට ගිහිල්ලා...සැළසුම් සහගත ගිණි තබාගැනීමක්ද ?

    ReplyDelete
    Replies
    1. බළල්ලු ලවා කොස් ඇට බෑවිමක් වගේ ,
      මුස්ලිම් ජනතාවට විරුද්ධව ගේමක් අදින්නත් මේක හොද තුරුම්පුවක් කරගන පුළුවන්.:)

      Delete
    2. ඇයි කතෝලිකයන්ට විරුද්ධව

      Delete
  3. දෘෂ්ටිවාද වලට වහල් වීමේ ප්‍රතිපල තමයි. තමන් පැවිදි උනේ මොකටද කියන එක මතක තිබුනානම් ඔහොම කරගන්න වෙන්නේ නැහැ කියන එක නම් වගකීමෙන් කියන්න පුළුවන් ...

    ReplyDelete
  4. සියලු සත්ත්වයාට ජීවත් වීමේ අයිතිය තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. manussayata hera

      Delete
    2. මනුස්සයා සත්ත්වයෙක් නොවෙයිද ඇනෝ

      Delete
  5. මේක තවත් තැනක තව හරකෙක්ට කොටපු එකක් එළදෙනකටත් ගැලපෙන්වා.
    අනේ උඹ වගේ මෝඩ ඌරෙක්.. ඌරො අනගාරික ධර්ම පාල තුමාගෙ වචන ටිකක්වත් කියවපිය. උඹල වගේ හරක්වනන් මරුවට කමක් නෑ.

    බ්ලොගේ කොටන්ට දෙයක් නැත්තන් කටයි පුකයි වහන් හිටු.

    තෝ බුද්ධාගමත් නෙවෙයි සින්හලත් නෙවෙයි..
    උඹ පරයෙක්ට ජාත වෙච්චි පරයෙක්..
    සින්හලයො හරක් මස් කෑවෙ නෑ ඌරො.. ඒ බුද්ධාගම නිසා නෙවෙයි. සින්හල නිසා.
    අපේ හෙළ කෘෂිකාර්මක ජීවන රටාවෙ, හරකා, එළදෙන කියන්නේ ගෞරවනීය සතෙක්.

    the next point is...

    මේ ස්වාමීන් වහන්සේ අපවත් උනේ තමන් නසා ගන්න චේතනාව පදනන් කරගෙන නන් අකුසලයක් තමයි.

    ඒකද චේතනාව?????????

    කොන්දක් තියෙනවනන් දාල පිළිතුරු බැදපන්




    ReplyDelete
    Replies
    1. මේක කියවුවද ?

      http://thahanamwachana.blogspot.com/2013/05/monk-who-burnt-himself.html?showComment=1369495552590#c8246705696814896643

      Delete
    2. තව අවුරුදු 10කින් ඔයාලට ඕව ලියන්න පුළුවන් උනොත් හොදයි..
      තමන් ගිනිතියා ගන්න ඕනි නෑ එතකොට ගිනි තියයි..
      ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් තමයි..
      ඒක අපි එක එක විදියට පේන්න පුළුවන් තමයි.
      ඒත් අපි යමක් කියන්න කරන්න ඕනි වගකීමක් සහිතව අපේ මතු පරම්පරාවට..
      ඒකට ලොකෙ ඉතිහාසෙ ගැන හොද අවබෝධයක් සහ දැනීමක් සමග මිනිස් සිතුම් පැතුම් පිළිබදව මනා අවබෝධයක් තියෙන්න ඕනි.

      ඔයාලට පෙනෙන්නෙ හාමුදුරුවෝ ගිනි තියා ගත්ත එක විතරයි.. ඒක බලන්නෙ බොදු ඇසින්.. ඕකට කියන්නෙ ඌරගෙ මාළු උගේම ඇගේ තියල කපනව කියලයි.
      සින්හල කමක් ගෑවිලාවත් නෑ..

      වෙන ආගමක කෙනෙක් ඔහොම කළා නන් බලන්න තිබුණ ඔහෙලට..
      ඒත් ඕනෙම රටක දැනට ගිනිතියා ගන්නෙ බෞද්ධ හාමුදුරුවරු පමණයි..

      වැරදි වැඩක් උණත් නිහඩ විය යුතු තැන් සහ හඩ අවදි කළ යුතු තැන් නොදන්න එක දැන් උන්ගෙ මෝඩ කමක් තමයි..



      Delete
    3. චීවර දාරියා කියන වචනෙ කියන්න තරන් උඹල පහත් උනු හැටිනන්...!!

      වෙන ආගමක නන් ඉන්නෙ සද්ද නැතුව හිටපල්ල.
      මෙහෙම තමා සිංහල ජාතිය මෙතෙක් රැකුනෙ..
      උඹල ජම්මෙන් හරි සින්හලනෙ???

      Delete
    4. චීවර ධාරියා කියන වචනයේ වැරැද්දක් මම දකින්නේ නැහැ ...චීවර දාරියා යනු චීවරයක් දාරගෙන සිටින්නා... බුදුන් වහන්සේ ගේ මාර්ගයේ ගමන් කරමින් ඒ හා සමාන චීවරයක් දාරගෙන සිටින්නෙක් උනාහම ඒ චීවරයේ බර දැනෙන්න ඕනේ මිනිස්සු ගරු කරන්නේ ඒ චීවරයට ..එහෙව් ගරු කරන චීවරයට වෙසක් පෝයා දිනයේ ගිනි තියන ඒක නෙමේ හරි...

      Delete
    5. @ චම 4 යු

      ඕක හරියට තමුසේ කියල කාට හරි කිව්වහම එයාට තරහ ගියාම (දකුණේ නෙමෙයි උඩරට අයෙකුට) තමුසේ කියන්නේ තමුන්නාන්සේ කියන එකේ කොට වචනය යයි කියනවා වාගේ දෙයක් උඩරැටියෙකුට තමුසේ කිව්වොත් ඔහු හිතන්නේ තමන්ට අපහාසයක් කළා කියලයි. ඒ වගේ තමයි චීවර ධාරියා කියන එක අපහාසාත්මක වචනයක්. කොපම දුසිල්වත් උනත් (පාරජිකාවකට නොපත්) භික්ෂුන් වහන්සේ නමක් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උසස්. චීවර ධාරියා කියන්නේ හොරට සිවුරු පොරවා ගත් අයෙක්.

      Delete
  6. kanna ona eka onenam kai... one nathi eka noka indi... short & sweet...

    ReplyDelete
  7. මේක අන්‍ය මතයන් ඉවසීම පිලිබඳ අවුලක්. සත්ව ඝාතනය ගැන කියනව නම් හරකා හෝ ඌරා, කුකුලා... සියලු සතුන් හෝ එක් කාන්ඩයක් ඝාතනය නැවැත්වීම අවුලක් නෑ. ඒත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය තමයි තම තමන් තනි තනිවම ඒ සඳහා ක්‍රියාත්මක වීම. මම යම් සත්වයෙක් මියයාමට අකමැති නම් කලයුත්තේ එම සතාගේ මස්වලින් වැලකීම. අනිත් අයගේ මස්කෑමේ අයිතියට අභියෝග කරන්න මම කවුද?

    රයිට් තව උදාහරණයක් දෙන්නම්.‍ කැලේ ඉන්න මාංස භක්ෂකයන් තවත් සතුන් ගොදුරු කරගන්නව. අපි රෙදි උස්සගෙන යනවද සිංහයො ඉස්සරහට, කොටි ඉස්සරහට,... සීබ්‍රා,හරක්,මුවන්... වගේ සත්තු කන්න එපා කියල? මේකත් ඒ වගේ සිද්ධියක් තමයි.

    ReplyDelete
    Replies
    1. මූ හෙට මිනී මසුත් කාලා එක මුගේ අය්තියක් කිව්වොත්......................

      Delete
  8. http://thahanamwachana.blogspot.com/2013/05/monk-who-burnt-himself.html?showComment=1369495552590#c8246705696814896643

    මේ උන්නැහේ ඔය උඩ තියන එක බලනවා අන්න එහෙමයි ඔවැනි කාරනා ගැන ලියන්නේ

    ReplyDelete
    Replies
    1. තරහ ගන්ට කාරී නැහැ ඉතින් මේක මගේ මතය නෙවැ... මගේ මතයට මටහිතෙන විදියට තමයි ඉදිරිපත් වෙන්නේ ... උඩ තියෙන එක්කෙනාටයි මටයි එකම විදියට හිතුනොත් විතරයි එකම දෙයක් ලියවෙන්නේ එහෙම නේද ..

      Delete
  9. Me..nanasara ahema koheda danne na ratee ginna awuluwala Dan danne na wage innwa.api owata naalu.paw baba.minissu kulappu keruwe oya beebadda thama.miniha kasippu gahala anawa weewal aran anith un hadanna.

    ReplyDelete
  10. Galagoda aththe nanasarata gini thiya ganna thibba ne.ahema una nam aka ratata wadak thiyenawa hama jaathiyakma sahayogayen edi.

    ReplyDelete
  11. IRC NANASARA gini thiyagena kohomada Norway walin gaththa salli walata wagakiyanne kawada?

    ReplyDelete
  12. ඇත්තටම මේ ගිනි තියාගත්තේ සත්තු මරණ එකට විරුද්ධව කියල ෂුවර්ද . මෙතන වෙන සිං එකක් ඇත්තේ

    ReplyDelete
  13. හාමුදුරුවො ගිණි තියාගනිපු හේතුව මොකක් උනත් බේර ගන්න එකෙක්වත් හිටියෙ නැද්ද ? ඕක ලස්සනට කැමර කරපු අවලමාට බැරි උනාද රෙදි කෑල්ලක් ඔතන්න

    ReplyDelete
  14. සියදිවි හානිකර ගනිමින් අන් අයගේ අනුකම්පාව අවදානය දිනා ගැනීමට කරන ක්‍රියාව මානසික රෝගී විලාසිතාවක් මිසක ගැටලු වලට විසඳුම් සෙවීමේ යහ ක්‍රියාවක් නොවන බව කවුරුත් දන්නා කාරණයක්.එදාත් අදත් කවදත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකි මෙවන් මානසික රෝගීන්ගෙන් ලත් පාඩමක් නම් නැත්තේමය.

    ReplyDelete
    Replies
    1. ඔබ පළමුව සස ජාතකය සහ දහම්සොඬ ජාතකය කියවල ඊට පස්සේ "මානසික රෝගය" යන පදය ල්ව්වොත් හොඳයි.

      Delete
    2. +wmk ඒ දෙකටම පිළිතුරු මෙන්න: ගිහිං බලන්න.

      Delete
    3. පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
      මෙහි සිටින බොහෝ දෙනාද එවැන්නන්ම වෙති.

      නුඹ හරක් මස් කන්නේද නොකන්නෙද යන්න අපට ගැටළුවක් නැත.
      අසරණ සතෙක්ව අහාරයට ගැනීම සදහා කොමෙන්ට් කිරීමේ චේතනාව යහපත් වන්නේ කෙසේද යන්නත් අපට අදාල නැත.

      * අපට ඇති ගැටළුව වන්නේ 80% සින්හහල සහ 70% බෞද්ධයන් වෙසෙන මෙම රටෙහි මෙවැනි ගැටළුවක් විසදා ගැනීම සදහා හාමුදුරු නමකට දිවි පුදන්නට සිදු වීමය.

      * අපට ගැටළුව වන්නේ උන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් අනතුරුව අපේ ගොන් තඩි සින්හලයන් එහි හරි වැරැද්ද සෙවීමයි..

      * අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි..

      * අපට ඇති ගැටළුව වන්නේ උඹලා බලන්නේ සින්හල කමක් නොගෑවූ වෙන ජාතියක මනසකින් යුතුව වෙන හෙයිනි.

      * අපට ඇති ගැටළුව වන්නේ නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.

      දිවි පිදීමේ හරි වැරැද්ද සොයනා නුඹට කිව යුත්තේ බෞද්ධ ඉතිහාසයේ දිවි පිදූ උන් නැති නන් හෙළ ඉතිහාසයේ නැද්ද බලපල්ලා කියලයි.

      තමන්ගේ පරමාරථය සදහා නොව අන්‍යන්ගේ පරමාර්ථය උදෙසා දිවිදුන් එම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දිවි පිදීම නුඹලා වැනි කුහක සින්හහල පරයන් ඉදිරියේ නිශ්ඵල බව දැකීම ඉතාමත්ම කණගාටු දායක වේ..

      අපේ රටේ අපේ කියා කිසි දෙයක් නැත. කොටින්ම අපිත් නැත..




      Delete
  15. හරක් මැරීමට එරෙහිව හරකෙක් ගිනි තියා ගත් වගයි.... මුන් බුද්ධාගම වලඳනවා....

    ReplyDelete
  16. දැන් පේන් හැටියට නම් ගිනි තියාගෙන නෑ. කවුරු හරි ගිනි තියලා.. මෙයත් ගියාද දන්නෙ නේ. ෆැෂන් බග් ගිනි තියන්න. එහෙම කේස් නම්.. ආනන්තරීයද මොකක්ද එකකුත් තියෙනවලු නේ..

    ReplyDelete
  17. \\\\๿වත๞໷๧໦ අය๢ත๢ය ගවය๟ට පමණක๞ම ๧න๟ව අ๧නක๞ සත๩න๞ටද ල๠໤ය ය๤ත๩ය . ප໵ ස๢຺වන๞๧න๞ ගව ඝ๟තනය න๢ස๟ පමණක๞ම ๧න๟ව ක๩මන සත๞ව๧යක๩๧ග๞ ๧හ๟๞ ๿වත๞໷๧໦ අය๢ත๢ය උ຺ර๟ ග๠න๢ම ප๟පයක๢ . එ๧හත๞ ඇය๢ තවමත๞ ගවයන๞ට පමණක๞ ໶๧ශ๞ෂයක๞ ????\\\\\\\\

    මම මේ කියන දේ මගේ අදහසක් නෙවෙයි.
    ඒත් මේක දැක්කෙ කොහෙන්ද කියලත් හරියටම මතක් වෙන්නෙ නෑ.
    මෙහෙම කතාවක් ඒකෙ තිබුණෙ.
    හරක් මරනවට විතරක් කෑ ගහන්ව.
    ඒත් එක හරකෙක් මැරුවම ගොඩක් අය ඒ සතාව ආහාරයට ගන්නව. ඒත් හාල්මැස්සො කී දෙනෙක් එක පුද්ගලයෙක් එක වේලකට කනවද?

    මට තේරෙන්නෙ නෑ වැඩියෙන්ම පව් සිද්ධ වෙන්නෙ මොකෙන්ද කියල

    ReplyDelete
    Replies
    1. මටත් ඕක තමයි තේරෙන්නේ නැත්තේ ...
      හරකා කියන සත්වයා ගැන විතරනේ හැමෝම කථා කරන්නේ ..

      Delete
    2. hema sathekma marana eka pawak...
      A- kenek thawa pudgalayek maranawa
      B-kenek thamange amma maranawa

      me dekema siduwenne pranagathaya...namuth e pudgalayata wena akusalaya samana nehe.
      sinhala demala sankruthiye haraka kiyanne dewathyen pidum labana sathek,ithin ehema sathek marana eken sidu wena akusalaya wedi.

      (samahara modayek kiyanna puluwan amma harekekuta samana karanna puluwanda kiyala,,,eth mama e udaharane gathte ape egata denena deyak nisa)
      hamuduruwange chethanawata mama garu karanawa.ath unwahanse siyadivi nasa genima harida nedda kiyanna mage denuma madi.

      Delete
  18. මේක ගැන විවිධ මත පළ කරනවනේ. ඒ අතරේ මගේ මතේ කියන්නං. හාමුදුරුවන්ට ගිනි තියා ගන්න කලින් කරන්න ලොකු වැඩ කොටසක් තිබුණා කියල යි මම හිතන්නෙ. සමාජයට බලපෑමක් කරන්න ඕනේ නං නිකරුනේ ගිනි තියා ගන්න කලින් මාධ්‍ය ඔස්සේ මේ ගැන කතා කරන්න තිබුණා. අහවල් දවසට කලින් මේ දේවල් නතර වුණේ නැත්තං මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්න බව දැනුවත් කරන්න තිබුණා. ඒකටනේ මාධ්‍ය තියෙන්නෙ. අනික වැදගත් ම දේ තමයි මේක මැරෙන්න තරම් කාරණාවක් නෙමෙයි. මැරුනා කියලා ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ජීවත් ව හිටියා නං මීට වඩා ලොකු දෙයක් කරන්න තිබුණා. හැමදේට ම කලින් තව එක වරක් සිහියෙන් හිතුවා නං . . .

    එහෙම නං හැම දෙයක් ම මීට වඩා හොඳින් විස‍දෙන්න තිබුණා නොවෙ ද? මේ දේ නිසා වුණේ බුද්ධ ධර්මය හෑල්ලුවට ලක් වුණා එක. අන්‍යාගමිකයන් ඉදිරියේ වගේ ම, ජාත්‍යන්තරය ඉදිරියේ. බෞද්ධ භික්ෂුවක් මේ විදියට හැසිරීම අනුමත කරන්නේ බැහැ. මේකට ජීවිතය පූජා කිරීමක් කියන්න බැහැ කොහෙත් ම! අනික බුදු හාමුදුරුවෝ වුණත් කියලා නැහැනේ නිර්මාංශ ව ඉන්න කියලා. ඒ නිසා මේ විදියට බොරුවට කලබල වීම අනවශ්‍ය දෙයක්. ඕනෙ ම කෙනෙක්ට තමන් කැමති විදියට ආහාර ගන්න අයිතියක් තියෙනවා. ඒක නතර කරන්න කිසිවෙක්ට බැහැ. එහෙම කරන්න ඕනේ වුණා නං බුදු හාමුදුරුවන්ට ඒ ගැන නීතියක් පනවන්න තිබුණනේ. උන් වහන්සේ එහෙම කළේ නැහැනේ. ඉතින්, ඇයි භික්ෂූන් වහන්සේ නං ඒ දහමට පිටින් යන්න උත්සාහ කරන්නෙ? ඇයි මිනිස්සු ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න යන්නෙ?

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකගයි ඔයාගේ කමෙන්ට් එකට...ගොඩක් ස්තුති අදහස් දැක්වීමට ..

      Delete
    2. ඔයාගෙ කොමෙන්ටුව ඔයාට හුගම ගැලපෙනවා

      Delete
  19. ලංකාවෙ, දේව ඇදහිලි - යක්ෂ ඇදහිලි - යන්‍ත්‍ර මන්ත්‍ර - ජ්‍යෝතිෂය - බෝ ගස්කල අපල පාන්කඩ එල්ලිලි...වගේ දේ නොකරන "බෞද්ධයෝ" ඉන්නෙ ටික දෙනයි.
    බහුතරය "හින්බුඩ්ඩො"
    ඔය හින්බුඩ්ඩන්ගෙ වැඩ තමයි.

    ReplyDelete
  20. ගරුතර අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවනේ

    ඔබ වහන්සේට නිවන් සෑප ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මගෙ බුදු දහම පිලිබද ඈති දෑනීම මදි .සමහරු කියනවා සියදිවි හානි කරගෑනීම ධර්මයට අනුව වරදක් කියලා . තවත් අය කියනවා ඔබවහන්සෙ කලේ ආත්ම පූජාවක් කියලා .මමත් කෑමතියි ඔබවහන්සේට කරන ගෞරවයක් හෑටියට ඒ කරන ලද ක්‍රියාවට ආත්ම පූජාවක් කියලා කියන්න. මොකද කවුරු මොනවා කිව්වත් ඒ අවස්ථාවෙ ඔබ වහන්සේගෙ චේතනාව උනේ ඒකයි කියලා මම විශ්වාස කරනවා . ඒත් අවසර අපේ හාමුදුරුවනේ මටනම් හරක් කෝටියකට වෑඩිය එක මනුස්ස ජීවිතයක් වටිනවා විශේෂයෙන්ම රටට අවශ්‍යකරන ඔබ වහන්සේලා වෑනි එඩ්තර බූද්ධ පුත්‍රයානන් වහන්සේලා මෙවන් කරුනක් වෙනුවෙන් ජීවිතය පූජා කරනකොට තවත් ඔබවහන්සේලා වගෙ අය මේ සිද්ධ්ය ආදර්ශයට ගත්තොත් ශාසනයට මොකද වෙන්නෙ . ජීවිත පූජාවෙන් වෑඩ කලයුතු අවස්ථා නෑතෑයි මම කියන්නෙ නෑහෑ .ක්වාන් ඩක් හාමුදුරුවො ගිනි තියාගත්තෙ බුදු දහම , භික්ශුන් ව්හන්සේලා සහ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් යුද්දෙ තියන කාලෙ අරන්තලාවෙ සිද්ධිය වගෙ ප්‍රභාකරන්ගෙ මිලේච්ච ඝාතන වෙනුවෙන් , රටේ වෑහි වෑහෑලා තියන විශෙෂයෙන් දේශපාලුවන් ඈතුලු සමාජයෙ වගකිවයුතු පුද්ගලයන් කරන ලමා අපචාර ස්ත්‍රි දූශන ඈතුලු සකලවිධ වෑරදි ක්‍රියා වෙනුවෙන්. අදටත් නෑතිවෙමින් පවතින මිනිසාගේ ජීව්ත් වීමේ අයිතිය වෙනුවෙන්වත් ඔබ වහන්සෙ මේ දේ කලානම් ඒකෙ වෑඩි වටිනාකමක් තියනවා කියලා මට හිතෙනවා .ගිය දේ ගියාවෙ ජීවතුන් අතර සිටින අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගෙන් මම දෙපා නෑමද ඉල්ලා සිටිනවා අනේ අපේ හාමුදුරුවනේ මේක ආදර්ශයට ගන්නනම් එපා

    මම මහෙන්ද්‍ර විජේසූරිය.

    ReplyDelete
    Replies
    1. ආදර්ශයට නොගන්න එක තමයි වෙන්න ඕනේ .. ඒත් දැන්මම සමහරක් ස්වාමීන්වහන්සේලා දැන්මම මේක ආදර්ශෙට ගත්තු ලකුණු පෙනෙනවා ...

      ස්තුති අදහස් දැක්වීමට

      Delete
  21. සිංහල බෞද්ධරටේ ඉපදෙන හැම එකාම සිංහල බෞද්ධ නොවීම නිසා චමි,රාජ් වගේ කතෝලික පරයන්ද හම්බයන් මෙන්ම හැසිරීමේ වරදක් නොමැත. නුබලාගෙන් මේ දක්වා නුබලාගේ අතීත මි මුතුන් සිට පවතී සිංහල බෞද්ධයන් පාවාදීම අදටත් විදහාමානවේ
    දැනගවූ තොපලාට මේ සිංහල බෞද්ධයන්ගේ රටේ මෙහෙම අදහස් දක්වන්න වාසනාව ලැබුනට ලොවවෙන තැනක තොපලාට තැනක් නැත. පර කතෝලිකයන් වගේම හම්බයන්ද මේ සිද්ධිය උඩ තියාගෙන දගලන්නේ උන්ගේ කුණු ගොඩ ඇවිස්සි නැගීඑන ගද වලක්වා ගන්නටයි.
    නො එසේනම් මක් නිසාද හාමුදුරුවරුන්ටම පමණක් මේ තරම් ගැරහුම්? අන්‍යාගමික පුජකයන් වැරදි කරන්නෙම නැතිද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕනේ අප ඉපදෙන විට අපගේ දේමා පියන් අදහන ආගම තමයි අපට උප්පත්තියෙන්ම උරුම වෙන්නේ ලංකාවේ මුල් යුගය අරගෙන බැලුවොත් අපි හැමෝගෙම මුල් ආගම ගස් ගල් අදහුවාට පස්සේ බෞද්ධ ධර්මය තමයි.
      අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තවම ලංකාවේ තිබෙන ඒක ගැනනම් සතුටුයි.
      හාමුදුරුවන්ට ගැරහිමක් කලේනම් නැත . එහෙත් පෙනෙන වැරැද්ද නොකියා සිටීමටත් බැරි කමටයි පුංචියට හරි ලිපියක් දැමීමට හිතුවේ මේ ලිපිය මේ තරම් කෙටි කිරීමට හේතු වුයේත් මා අන්යාගමිකයෙක් වීමම තමයි, එහෙම ඉදගෙන විවේචනය කිරීම හිතට මදි කමක් ,
      එහෙත් මා අද දුටුවා ප්‍රසිද්ධ බෞද්ධ හිමිවරුම මෙය විවේචනය කරන ආකාරය.
      රාජ් හෝ මම හෝ අනෙක් කවරුන්හෝ මෙය වැරැද්දක් විදියට දකින්නේ ආගම් භේදයකින් නොවේ , මෙය හිමි නමකට නොගැලපෙන මිලේජ්ජ ක්‍රියාවක් නිසාම පමණි .

      Delete
    2. @ චමී
      එකගයි සහෝ. ඔබ දකින දේ ඔබට සිතෙන දේ හිතට එකගව කියන්න ඔබට නිදහස තිබෙනවා. කාටවත් බැ ඒකට මුකුත් කියන්න.ඔබ අදහන ආගම එයට කිසිලෙසකවත් බලපාන හේතුවක් නොවේ.

      Delete
  22. මෙච්චරකල් මම උබේ බ්ලොග් එක බැලුව,ඒත් අද ඉඳල ඒක නවත්තනවා

    ReplyDelete
  23. @ chami
    hema sathekma marana eka pawak...
    A- kenek thawa pudgalayek maranawa
    B-kenek thamange amma maranawa

    me dekema siduwenne pranagathaya...namuth e pudgalayata wena akusalaya samana nehe.
    sinhala demala sankruthiye haraka kiyanne dewathyen pidum labana sathek,ithin ehema sathek marana eken sidu wena akusalaya wedi.

    (samahara modayek kiyanna puluwan amma harekekuta samana karanna puluwanda kiyala,,,eth mama e udaharane gathte ape egata denena deyak nisa)
    hamuduruwange chethanawata mama garu karanawa.ath unwahanse siyadivi nasa genima harida nedda kiyanna mage denuma madi.

    ReplyDelete
    Replies
    1. ඔබ හොදින් පහැදිලි කරලා තියෙන විදියට මම කැමති..බොහොම ස්තුති ..

      Delete
  24. sinhala welath mu adahanne wenath agamak... ,me post 1 hinda oyata wenne me blog 1ta ena membersla aduwena 1 witrai....

    ReplyDelete
  25. Oya hodata hitala matala blog danna oyage parampara 7 kata kalin oyalath sinhala bauddayo, dan suddanata cross unata..................

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...